ROGUE | Taekook [ COMPLETED ]

By Venuka_Raveesha

7.9K 1.1K 235

ROGUE - රෝග් - මැරයා Taekook Completed Categories - Romantic Thriller , Comedy , Mystery & Crime උපතේ සිට... More

ROGUE INTRODUCTION - හැදින්වීම
CHAPTER 01 - The Beginning Of All
CHAPTER 02 - Nice To Meet You Stranger
CHAPTER 03 - Date With His Stranger
CHAPTER 04 - Tae Need Some Time Jk
CHAPTER 05 - What A Lustful Night 🔞
CHAPTER 06 - He Got Family Issues
CHAPTER 07 - Best People In Tae's Life
CHAPTER 08 - Betrayed By Love
CHAPTER 09 - Kidnapped By Love
CHAPTER 10 - Does he still love him?
CHAPTER 12 - Back to the seoul
CHAPTER 13 - His Saddest Secret
CHAPTER 14 - Let Us Run Away
CHAPTER 15 - The New Wonderland
CHAPTER 16 - Bad Luck For Love
CHAPTER 17 - THE END - The True Love

CHAPTER 11 - Did he really love him?

271 50 6
By Venuka_Raveesha

ආදරය යැයි සිතූ හැගුමන් අද තමන්ව සිරගතකර තබාගෙන සිටින බව වැටහුනු ටේහ්‍යන් හට එහි ශෝකය ඔහුගේ හදවත අධික වේදනාවක් ගෙන දෙන්නට විය ඔහුට එම සෑම මොහොතකම සිහි වූයේ තම මවවයි.

"අම්මා මාව හොයනව ඇති එයා කොහොම දරාගනීද මම එයා එක්ක නෑ කියලා දැනගත්තම" ටේහ්‍යන් එසේ සිතූ දෙය සත්‍යක් වී අවසන්ය කිම් චාවෝ මැතිණිය විසින් උදෑසන අවදි වූ සැනින් සිය නිවසේ සේවය කරනා සියලුම සේවකයන්ගෙන් ටේහ්‍යන් පිළිබදව අසන්නට වූ අතර ඔවුන් ඔහු යලි පැමිණෙන බව නොදුටු නිසා ඇය ඒන්ජල් හටද මේ පිළිබද දන්වා තනිවම සෝල් නගරයේ ප්‍රධාන පොලිස් ස්ථානය වෙත යන්නට විය.

"ඔෆිසර් මගෙ පුතා ගෙදර ආවෙ නෑ" ඇය ටේහ්‍යන්ට දැක්වූ ආදරය නිසාම ඔහුගේ එම අතුරුදහන් වීම නිසා ඇය හඩමින් එසේ පවසන්නට විය.

"ලිස්ට්න් මෑම් අපිට පැහැදිලිව විස්තරය කියනවද ? " එහි සිටි පොලිස් නිළධාරියෙකු විසින් ඇයගේ තත්වය තේරුම්ගෙන එසේ කාරුණිකවිය.

"මගෙ පුතා කිම් ටේහ්‍යන් එයා ඊයේ ඉදන් අතුරුදහන් එයා කවදාවත්ම එහෙම කරලා නැහැ"

"හරි අපිට තව විස්තර කියන්න"

"එයාට ඉන්නෙත් එක යාලුවයි ඒත් එයා එක්කවත් නෙමේ ගිහින් තියෙන්නෙ වෙන කෙනෙක් එක්ක"

"හරි ඔයා කියන විදිහට ඔයාගෙ පුතා සාමාන්‍යෙයෙන් රෑ වෙලා එලියට යන කෙනෙක් නෙමේද ? "

"නෑ ඔෆිසර් එයා එහෙම යන්නෙ නෑ"

"සමහරවිට එයා ඔයාලා එක්ක ඇතිවෙච්ච ප්‍රශ්නෙකට එහෙම ගෙදර ගිහින් ඉන්නවද දන්නෑ " පොලිස් නිළධාරියා තවත් මතයක් ගොඩනගන්නට වූයේ කිම් චාවෝ මැතිණියගේ හෘද ස්පන්ධනය ඉහත යවමින්ය.

"නෑ එහෙම දෙයක් වෙන්න බෑ මොකද එයා එහෙම දරුවෙක් නෙමේ එයාට ඊට කලින් ඕනතරම් ප්‍රශ්න වෙලා තියෙනවා ඒත් එයා මන් හින්දා ඉවසන ළමයෙක්"

"හරි අපි ඇන්ට්‍රි එකක් දාමු ඊට පස්සෙ අපි පරීක්ෂා කරලා බලන්නම්" කිම් චාවෝ විසින් ඇය දන්නා සියල්ල පවසා එසේ පොලිස් පැමිණිල්ලක් ගොනු කරන්නට විය අනුතුරුව ඇය සිය නිවසට නොගොස් තම දෙමාපියන් අසලට යන්නට වූයේ ඇය ඇයට දැනෙනා ඕනෑම ශෝකයකදී ඔවුන් අසලට යෑම තෝරාගෙන තිබූ නිසාය.

"ජංකුක් බොස් කියන විදිහට මූව දවස් දාහතරක් තියාගන්න වෙනවා අපිට " සුගා තවකෙකු සමග එසේ පවසන්නට වූයේ සිගරැට්ටුවක් පානය කරන අතරතුරය.

"ඔව් ඔව් අපි ඔය ඔච්චර කාලෙකට ගේමක් ගහන්න යනවමයි"

"මොකක්ද බන් උබෙ නම මම මේ නිකන් කතා කරනවා "

"මම ජේහ්‍යුන් එතකොට මූ කායි අරූ වොන්හෝ" සුගා හට එහි සිටි පිරිස පිළිබද තවත් පුළුල් අවබෝධයක් ලබාගත හැකි විය එහි ජේහ්‍යුන් නම් පුද්ගලයා මෙන්ම අනෙක් දෙදෙනාද කඩවසම් සරාගී පුද්ගලයන් වූ අතර ඔවුන් දෙස බලනා ඕනෑම පුද්ගලයෙකු ඔවුන් පාතාල කල්ලි සාමාජිකයන් යන වග කිසිසේත්ම සිතන්නෙ නැත.

වසා දමා තිබූ ටේහ්‍යන්ගේ කාමරය දෙස බලාන ජංකුක් සුසුම් හෙලන්නට වූයේ ඔහු විසින් ටේහ්‍යන්ට අත්කර දුන් ඉරණම පිළිබද යම් දුකක් හදවතේ රදවාගෙනය.

"ජංකුක් ඔයාට ඇහෙනවනම් මාව මට පොඩ්ඩක් කතා කරන්න එන්න මෙතැනට" ජංකුක් ඔහුගේ කාමරය දෙස බලා සිටිනවාදැයි වැටහී මෙන් ටේහ්‍යන් එසේ ජංකුක් හට පවසන්නට විය එහෙත් ජංකුක් සැකයෙන් වටපිට විපරම් කළේ ටේහ්‍යන් හට ඔහුව පෙනෙනවාදැයි කියාය.

"ජංකුක් ප්ලීස් එන්න මට කතාකරන්න ඕනේ"

"ඇයි මොනා කතා කරන්නද ?" ජංකුක් අවසානයේ ටේහ්‍යන් හට ප්‍රතිචාර දක්වන්නට විය.

"හරි ඔහොම ඉදන් හරි මාත් එක්ක කතා කරන්න ටිකක්"

"කියනවා ඉතින් මට හුරතල් වෙන්න වෙලාවක් නෑ"

"මට අවංකව උත්තරයක් ඕනේ ජංකුක් ඇයි ඔයා මෙහෙම දෙයක් කරේ කියන එක ගැන එතකොට අවුරුදු දහයකට කලින් සමර් කෑම්ප් එකක හම්බ වුන කතා බොරුද ? "

"හහ් ඔව් උබෙ විස්තර මට හම්බවුනාම මම උබව දැලේ දාගන්න ලස්සන ප්ලෑන් එකක් ගැහුවා ඉතින් අද උබ ඒ ප්ලෑන් එකට අහුවෙලා" ජංකුක්ගෙ එම කතාකරනා වචන ටේහ්‍යන්ගෙ සිතට තියුණි පිහි පහරවල් ගසනා තරම් වේදනාවක් ගෙන දෙන්නට විය.

"ඒත් කාගෙ කීමටද ඔයා මට මෙහම දෙයක් කරන්න හිතුවේ අනික ඔයා කොහොමද මට ආදරෙයි කියලා එහෙම රැවැට්ටුවේ"

"ටේහ්‍යන් උබට තේරෙන්නෑ උබ දන්නැ මම කවුද කියලා "

"ජංකුක් ඇත්තටම ඔයා කවුද ඔයාට මොනවා ඕන වෙලාද මාව මෙහෙම කිඩ්නැප් කරේ"

"සල්ලි මට ඕනෙ සල්ලි උබව උස්සන්න ඕඩර් එක ආව වෙලාවෙ ඉදන් මම ඉවසිල්ලක් නැතුව ඉන්නෙ සල්ලි ලැබෙනකන් වොන් කෝටි දෙකක් ලේසි නැහැ නේද ?"

"කෝටි දෙකක් මන් වෙනුවෙන් ඒත් කාටද එච්චර තරහක් තියෙන්නෙ මාත් එක්ක"

"මම ඒවා දන්නෑ දැනගත්තත් කියන්නෙත් නෑ උබ පාඩුවෙ ඉදපම් දවස් දාහතරක්"

"ජංකුක් වට් හැපන්ඩ් ටු අවර් ල්ව්" ජංකුක්ගේ හදවත කීරි ගස්සමින් ටේහ්‍යන් එසේ අසන්නට විය එහෙත් ඒ පිළිබද කිසිවක් නොපවසා ඔහු එතැනින් නික්ම ගියේ ඔහුවම පාලනය කරගනිමින්ය.

"ජංකුක් ඔයා ඉන්නවද මෙතන කෝ ඉන්නවනම් කතා කරන්න ප්ලීස් මගෙන් ඈතට යන්න එපා " ටේහ්‍යන් කෑගසමින් ජංකුක්ව සොයන්නට විය එහෙත් ජංකුක් එතැනින් නික්ම යන්නට වූ නිසා ඔහු වේදනාවෙන් හඩන්නට වූයේ ජංකුක් පැවසූ දේවලින් ශෝකයට පත්වීය.

"ඇත්තටම බොස් ඔය කොල්ලට දවස් දාහතරකින් පස්සෙ අපි මොකද කරන්නෙ" ජේහ්‍යුන් පහත මාලයට පැමිණි ජංකුක්ගෙන් එසේ අසන්නට වූයේ ඔහුගේ අතටද සිගරැට්ටුවක් ලබා දෙමින්ය.

"උන් ඒ වෙද්දි ඒවා කියයි අපිට තියෙන්න කටවහන් ඉන්න"

"ඊට කලින් උන් වැඩේ ක්ලෝස් කරොත් බොස් දන්නවද ඕඩර් එක දාපු එකාවවත්"

"ඒවා ගැන මම ගානට හිතලා තියෙන්නෙ උන් බලු වැඩක් කරන්න හිතන එකක්වත් නෑ ඒවා ආරංචි වුනොත්"

"බොස් එතකොට දවස් දාහතරම මෙහෙට වෙලාද ඉන්නෙ "

"පිස්සුද බන් මම අද රෑම යන්න ඕනේ අරහෙ මොන මොන රෙද්දවල් වෙලාද දන්නෙ නෑනේ කෝකටත් ඔලුව දාලා එන්න යන්න ඕනේ" සුගාගෙ ආධාරයෙන් පත්තු කරගත් සිගරැට්ටුව උරා බොමින් දුම් පිටකරමින් ජංකුක් එසේ පවසන්නට විය.

"බොස් මාත් එනවද යන්න " සුගාහට සෝල් නගරය සිහිවී එසේ පවසන්නට විය.

"නෑ නෑ උබ මෙහෙ ඉදපන් මුන් එක්ක උබත් ඉගෙනගන්න එපෑ මේවා හරියටම මුන් තුන්දෙනානම් කලින් මේ වගේ වැස වලට ඇවිත් තියෙනව උබත් දැන් එක්ස්පීරියන්ස් එක ගනින්" ජංකුක් එසේ සුගාගෙ නැවත සෝල් නගරයට යෑමේ සිහිනය ව්‍යර්ථ කරදමන ලදී.

"අයියෝ බොස්"

"කටවහපන් " සුගා එයට විරුද්ධ වීමට උත්සහයක් ගත්තද ජංකුක් දැඩිබවින් ඔහුව මෙල්ල කරන්නට විය.

ජංකුක්ගෙ සැලසුම වූයේ එදින රාත්‍රියේ නැවතත් සෝල් නගරයට ගොස් ටේහ්‍යන්ගෙ පැහැරගැනීම සම්බන්ධව එහි යම්කිසි ව්‍යවසන තත්වයක් ඇතිවී නම් එයට ඔහුවද ඔවුන් සැක කරාවි යන බව පෙර තියාම දන්නා නිසාය එහෙත් ජංකුක් විසින් එවැනි සියලුම දේ සදහා සූදානම් වී සිටියේ ඔහු ටේහ්‍යන්ව ඔහුගේ සැලසුමට හසුකරවාගන්නා කාලයේ පටන්මය.

"උබ මොකෝ ඔච්චර සෝල් යන්න හදන්නෙ ආයෙත්" වොන්හෝ සුගාහට සමච්චල් කරන්නට විය.

"එක හේතුවක් නෑ විශේෂයක් කියලා"

"එහෙම නැති වෙන්න බෑ කෙල්ලෙක්වත් ඉන්නව නේද ? "

"ඔව් ඔව් අලුතෙන් සෙට් උන එකක් ඉන්නවා "

"ආ ආ දැක්කනෙ මොකක්ද නම කෙල්ලගෙ"

"පීචස් " සුගා එසේ පැවසූ සැනින්ම කායි ඔහු අසලට ආවේගයෙන් මෙන් පැමිණෙන්නට විය.

"මොකද බන් කායි උබ මෙහෙම" සුගා පුදුමයෙන් මෙන් අසන්නට විය.

"උබ ඔය කියන්නෙ ජංකුක් බොස්ගෙ ස්පොට් එකේ පීචස් ගැනද ? " කායි ඉතා කලබලයෙන් අසන්නට විය.

"ඔව් ඔව් අර සුදු කෙල්ල"

"යකෝ ඒ මගේ ගෑනි"

"ඈ " එය ඇසූ සුගා හට ඔහු සිටින්නෙ කොහේදැයි අමතක විය.

"ඒ මගෙ ගෑනි අපි බැදලා අවුරුදු තුනක් "කායි එසේ සත්‍ය පවසන්නට විය සුගා විසින් එහි ගොස් ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත්තේ පාතාල කල්ලි සාමාජිකා පීචස් නැමැති කාන්තාව සමගයි.

"කාපිය පීචස් දැන් " සුගා හට තම අත ඔලුවට තියන අතරතුර එලැස කියවුනේ පීචස් එසේ කිසිවක් ඔහුට නොකියා තිබූ නිසාය.

"අඩෝ සමාවෙයන් බන් මම නොදැන අනික උබෙ ගෑනිත් එහෙම දෙයක් කිව්වෙ නෑ බන්"
සුගා බයාදු ලෙස සමාව ඉල්ලමින් කායි අසලට යන්නට විය.

"උබ ආයෙ මගෙ ගෑනිගෙන ඈත් වෙලා ඉන්න ඕනෙ හරිද ? " කායි සුගාගෙ මුහුණ තදකර අල්ලාගෙන එසේ අනතූ අගවන්නට වූ නිසා සුගා බියට පත් වී ඒ මොහොතේම සිය පෙම්වතිය වූ පීචස් පිළිබද අමතක කරන්නට විය.

"ඔහොම තමා බන් ගෑනු වෙනස් වෙනවා අපි ළග නැති වෙද්දි" ජේහ්‍යුන් එසේ පවසන්නට වූයේ ඔහුගේ ජීවන අත්දැකීමෙන්ය.

"කවුද බන් හිතුවේ පීචස් ඔහොම වෙනස් වෙයි කියලා ඒකත් මූ වගේ පාන් කෑල්ලක් එක්ක" කායි සුගා හට අපහාස කරන්නර වූ නිසා ඔහු එතැනින් ගොස් උඩුමහල වෙත යන්නට වූයේ හිතේ කනස්සල්ලෙනි මෙම සියලුම සිදුවීම් දෙස ජංකුක් බලා සිටියේ කිසිවක් නොපවසාය ඒ ඔහු ඒවා පිළිබද වද නොවෙනා නිසා නොවේ ඔහුට ඒ පිළිබද සිතීමට අමතක වී ඔහු ටේහ්‍යන් පිළිබද සිතන්නට වූ නිසාය.

"බොස් මාත් එනව සෝල් යන්න මට ගෑනිගෙන් එක්ක බේරගන්න දේවල් ටිකක් තියෙනවා" කායි වරක් එසේ පැවසුවත් ජංකුක් ටේහ්‍යන් පිළිබද සිතමින් සිටි නිසා එය නෑසුනි.

"බොස් ඇහුන්නැද්ද " කායි ජංකුක්ගෙ උරහිසට තට්ටුවක් දමමින් ඔහුව පියවි සිහියට ගන්නට විය.

"ඕ මොකක්ද සීන් එක කෝ"

" නෑ මම කිව්වෙ මාත් එනව සෝල් යන්න ගෑනිව හම්බ වෙන්න ඕනෙ"

"හරි යමන් යමන් හැබැයි උබ ගිහින් එන්න ඕනේ"

"හරි හරි ඔක්කොම කේස් ටික ස්ලෝව් කරලා මම ආයෙ එනවා බොස්"

"මොන කේස්ද ? "

"ඇයි සුගා මගෙ ගෑනි එක්ක මගුල් නටලා"

"ඈ යකෝ මම දන්නෙත් දැන් "ජංකුක් සිනාසෙන්නට වූයේ අනෙක් පිරිසවත් සිනාගස්සමින්ය.

"සුගා තාම බයයි බන් ඌ එක්ක මරාගන්න එපා අනික උබෙ ගෑනිත් අහිංක නෑනෙ ඔය කීවෙනි කොල්ලද අල්ලගෙන ඉන්නෙ"

"බොස් මොනා උනත් ඒ මගෙ ගෑනි"

"හරි හරි රෑට මාත් එක්ක යමන්"

එසේ පහත මාලයේ ජේහ්‍යුන් , වොන්හෝ සහ කායිව තබා ජංකුක් නැවතත් ඉහල මාලයට යන්නට වූයේ සුගාව පරීක්ෂා කිරීම සදහායි ජංකුක් එහි යන විට ඔහු එහි කවුළුවකින් පිටත බලාගෙන ගැඹුරු කල්පනාවක ගිලී සිටිය අතර එය නිසාම ජංකුක් ඔහු අසලටම පැමිණෙන තෙක්ම ඔහුට වැටහුනේ නැත.

"සුගා මොකො මූඩ් ගහලා"

"ආහ් බොස් මම දැක්කෙත් නෑ එනවා"

"මොකෝ කායිගෙ ගෑනිගෙ සීන් එකටද ඔහොම ඉන්නෙ උබ"

"මම හිතුවේ පීචස් මට ඇත්තටම ආදරේ කරා කියලා බොස්" සුගා සංවේදි වෙමින් එසේ පැවසීය.

"උබටනම් පිස්සු සුගා අපේ සමාජෙ කොහෙද බන් ඇත්ත ආදර අවංක ආදර අපේ තියෙන්නෙම බොරුවනෙ බන්"

"ඒත් ඇත්තට ආදරේ කරල රැවටුනාම දැනෙන දුක කියාගන්න බෑ"

"උබ ඔය ෆිල්ම් වල වගෙ ඩයලොඩ් කියන්න ගත්තද ඒපාර බොළද වෙවී"

"ආදරේ බොළදයි තමයි බොස් "

"හරි හරි සුගා මම උබ තරම් ආදරේ දන්නෙ නැතුව ඇති ඒත් මම උබ තරම් මෝඩ නම් නෑ කියලා දන්නවා "

"බොස්ටත් කවදහරි තේරෙයි ඇත්තටම ආදරේ කරලා රැවටුනාම තියෙන දුක කොච්චරක්ද කියලා" සුගා එලෙස කියූ දෙයින් ජංකුක් එක්වරම වික්ෂිප්තවී ටේහ්‍යන් සිටි කාමරය දෙස බලන්නට වූයේ ඔහුත් ටේහ්‍යන් හට එලෙසම සිදු කරබව සිහිවීය ඔහු එම නිසාම ටේහ්‍යන් සිටි කාමරයේ අගුළු දැමූ දොර එහි අගුළු හැර විවෘත කර ඔහුව බැලීමට යන්නට විය ජංකුක් කාමරයට ඇතුල්වන අයුරු දැක ටේහ්‍යන් බිම දිගාවී සිටි අයුරින්ම ජංකුක්ගෙ මුහුණ දෙස බැලුවේ කදුලු පුරවාගත් දෑස් වලිනි.

"ජංකුක් අනේ මට යන්න දෙන්න මගෙ අම්මා ඔයාලට ඕනෑම ගාණක් දේවී"

"උබ මට ඇත්තටම ආදරේ කරාද ? " ජංකුක් විසින් ටේහ්‍යන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පැනයක් විමසන්නට විය.

"මම ඇත්තටමයි ඔයාට ආදරේ කරේ එතකොට අදටත් මම ඔයාට ආදරේ කරනවා ජංකුක්"

"බලපන් ටේහ්‍යන් උබට ඔය කෙහෙල්මල් ආදරයකින් ලැබුනු දේවල් උබ අද හිර වෙලා"

"ඔව් ඒත් මම ආදරේ කරන කෙනාගෙ හදවතෙත් මම හිරවෙලා ඉන්නෙ කියලා මම දන්න නිසා මම දුක් වෙන්නෑ" ටේහ්‍යන් ජංකුක් හට ගැඹුරින් සිතීමට එසේ පවසන්නට වූ අතර ඒවිට ජංකුක් නැවතත් ටේහ්‍යන්ගෙ කාමරය වසා ඉන් පිටවූයේ ඔහුගේ ස්ව්‍යං පාලනය ගිලිහෙමින් තිබූ නිසාය.
_______________________________________________

Hi My Beautiful Readers,

Thank you මේ පරිච්ඡේදය කියෙව්වට ඉතින් ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න ඒවගේම වෝට් කරලා අනිත් අය අතර ශෙයාර් කරන්න ❤

Continue Reading

You'll Also Like

42.2K 670 34
A new book- and new adventure! "I'll defend my Pokemon myself. I'm not making them fight!"
119K 3.1K 13
Danny's parents wants to test out a new invention they made specially for Phantom. They captured him in front of all of Amity. They used the new inve...
2.4K 627 31
Riley Jane Snow is anything but normal. Ethen Jones has skeletons in his closet that no one could possibly understand. Jackson Austen is laced with d...
19.8K 4.5K 28
𝙹𝚞𝚜𝚝 𝚞𝚜 𝚒𝚗 𝚘𝚞𝚛 '𝙲𝚁𝙰𝚉𝚈 𝙳𝙰𝚃𝙴' Short chp✔️ Taekook✔️ Top Tae✔️ Bottom Kook✔️ Cover - @ChoiJaehi