එම ගත වූ දින මුළු රැයම එකිනෙකා හා ආදරයෙන් ගෙවා දැමූ ජංකුක් සහ ටේහ්‍යන් උදෑසන හතට පමණ අවදි වූයේ හොදින් හිරු එළිය ටේහ්‍යන්ගෙ විවර කර ඇති ජනේලය හරහා ඔවුන්ගේ මුහුණ මතට වැටුනු නිසාය.
"ගුඩ් මෝනිං ජංකුක්"
"ගුඩ් මෝනිං ටේහ්‍යන්"
"දැන් නම් උදේ වෙලා උදේට බ්‍රෙක්ෆර්ස්ට් අරගෙනම යන්න ජංකුක්"
"තැන්ක්ස් ඒත් මම යන්න එපැයිනේ ටේහ්‍යන් ඊයේ රෑ ඉදන්ම මම මෙහෙ නෙ ඉන්නෙ "
"ඉතින් තව ඉන්න "
"ඒක හරි නැහැනෙ ටේ අනික අපේ ගෙදර අය මාව හොයනවා ඇති දැනටමත්"
"එයාලා හොයනවනම් ඇයි තාම ඔයාට කෝල් එකක්වත් නැත්තේ" ටේහ්‍යන් එසේ ඇසූ පැනයෙන් ජංකුක් මදක් කලබලයට පත්විය.
"ම්ම්...මේ එහෙම නෑ මම...මේ මේ නම්බර් එක දීලා නෑ එයාලට" ජංකුක් ගොතගසමින් ටේහ්‍යන් දෙස බලමින් සහ නොබලමින් එසේ පවසන්නට විය එහෙත් ඒ පිළිබද කිසිදු සැකයක් නොසිතා ඔහු පැවසූවේ සත්‍යක් යැයි සිතා ටේහ්‍යන් යලිත් සුපුරුදු ලෙස කතාබහ කරන්නට විය.
"හරි ඒකට කමක් නෑ ඔයා මොනාද අද කරන්න හිතන් ඉන්නෙ ජංකුක්"
"තාම හිතුවෙ නෑ මම දැන් ගෙදර යන්න ඕනේ ටේහ්‍යන් "
"හම් ඕකෙ එහෙනම් අපි පස්සෙ හම්බ වෙමු"
"ටේහ්‍යන් අයි ලව් යූ " ජංකුක් එසේ නැවතත් තම ආදරය ප්‍රකාශ කර පෙර දිනයේදී ගලවා දැමූ සිය ඇදුම් නැවත ඇද ඔහු පැමිණි අයුරින්ම ජනේලයෙන් පිටත් වන්නට විය.
"අනේ මේ පිස්සු ජංකුක් ජනේල් වලින් පනින්න ගනීද දන්නෑ ආයෙත්" ටේහ්‍යන් ජංකුක් ඔහුගේ නිවසින් පිටවන අයුරු බලා සිටිමින් එසේ තනිවම මුමුණන්නට විය.
"ටේහ්‍යන් ඔයා කාමරේ ඉන්නවද ? " ඒ මොහොතේම ටේහ්‍යන්ගෙ කාමරයේ දොරට තට්ටු කරමින් ඔහුගේ දෙවෙනි සොහොයුරා වන කිම් හෝ ජූන් ටේහ්‍යන් හට අමතන්නට විය.
"ඕහ් පොඩ්ඩක් ඉන්න" නිරුවතින් සිටි ටේහ්‍යන් හදිස්සියේම සිය සොහොයුරා පැමිණි නිසාවෙන් ඔහුගේ ඇදුම් ඇදගන්නට වූ අතර ටේහ්‍යන් පසුව ඔහුගේ කාමරයේ දොර විවර කරන්නට විය.
"ඔයා කවුරුහරි එක්ක කතා කර කර හිටියද මේ කාමරේ" කිම් හෝ ජූන් ටේහ්‍යන්ව බියට පත් කරමින් අසන්නට විය.
"ඈ...නෑ මොකක්ද අයියේ එහෙම අහන්නේ "
"මට ඇහුනා තව කෙනෙක් කතා කරනවා වගේ ඒකයි"
"මම ඊයේ ෆිල්ම් එකක් බැලුවා" ටේහ්‍යන් මුසාවක් පවසා බේරෙන්නට උත්සහයක් ගත්තේ ඔහුගේ සොහොයුරාට කිසිදාක හොරයක් බොරුවක් කිරීමට ඔහුට හැකිවී නොමැති නිසයි.
"ආ ඒ ෆිල්ම් එකේ හිටියෙ නලුවො දෙන්නමද කොහෙද නේ" කිම් හෝ ජූන් එසේ ටේහ්‍යන්ව තවත් බියට පත් කර නැවතත් යන්නට විය ඔහු පිටවූ සැනින්ම තම කාමරයේ දොර වසාගත් ටේහ්‍යන් දිගු සුසුමන් හදිස්සියේ යවමින් ඔහුගේ බිය පාලනය කරගන්නට විය.
"අපේ අයියාට කවදාවත් බොරුවක් කරන්න බැහැ එයා දැනගන්නවා " ටේහ්‍යන් කුඩා කළ සිටම ඉතා හොදින් තම සොහොයුරන් පිළිබද අවබෝධයක සිටි අතර ඔවුන් සමග වඩා කිට්ටු සබදතාවයක් නොතිබුණද ඔහුගේ මව සෑම මොහොතකම ඔවුන්ව ශක්තිමත් සබදතාවයක තබා ගැනීමට උත්සහයක් දැක්වීය.
"ජංකුක් කරන වැඩ නිසා මට වෙන්නෙ මෙහෙන් යන්න ඒත් ඒකත් හොදයි මෙහෙන් යන්න වෙන එක අනික ඊයේ ජංකුක් ඇවිත් මාත් එක්ක ගතකරපු වෙලාව මට කවදාවත්ම අමතක නොවේවී" ටේහ්‍යන් තමන්ගේ සිතින් එසේ සිතමින් ජංකුක්ගේ ජායාරූපයක් ඔහුගේ ජංගම දුරකථනයෙන් බලමින් සිටියේ ඔහුද ජංකුක් හට ප්‍රේම කරනා නිසාවෙනි.
ජංකුක් ආ ලෙසටම ප්‍රවේශමෙන් ඔහුගේ නිවස බලා යමින් සිටි අතර ඔහුගේ අරමුණ වූයේ නිවසට ගිය මොහොතේම ටේහ්‍යන් හට දුරකථන ඇමතුමක් ලබාදීමටයි.
ටේහ්‍යන්ගෙ ජීවිතයට ආදරයක් ලැබී තිබෙනා සුන්දර කාලයක ඔහුට ඔහුගේ අනාගතය පිළිබද වෙනදාට වඩා සුබවාදී අයුරකින් සිතන්නට පටන්ගෙන තිබුණි ඔහුට ජංකුක් සමග ජීවිතයේ ඉදිරිය ගත කිරීමේ අරමුණින් ඔහු විදේශගත වීමටද තොරතුරු සොයා බැලූ අතර එවැනි තීරණකට විරුද්ධ වීමට කිසිවෙකුත් නොමැති බව ටේහ්‍යන් දන්නා කරුණකි.
"මොකක් තමුසෙ වර්ජින් නෑ ඕහ් ඔය කරගත්තේ එහෙනම්" ඒන්ජල් හට පෙරදා සිදුවූ දේවල් පැවසූ ටේහ්‍යන්හට ඇය එවැනි පිළිතුරක් ලබා දෙන්නට වූයේ ඇය සැබැවින්ම පුදුම වී සිටි නිසාය.
"කෑගහන්න එපා ඔයාගෙ ගෙදර කාට හරි ඇහෙයි"
"මේ ඒක නෙමේ තමුසෙ මහා ලොකු ලොරි ටෝක්ස් දිදී හිටිය නේද මම ආදරේ කරන එක්කෙනා එක්ක විතරයි ඕවා කරන්නෙ ගගා දැන් මොකද මේ "
"ඉතින් එහෙම තමා මම කරේ"
"මොකක්ද එහෙම තමා කියන්නේ ඒ ජංකුක්නේ"
"ඉතින් ජංකුක් තමා මම ආදරය කරන කෙනා"
"මෝ...මෝ...මොකක් ඒක එහෙම උනේ කොහොමද තමුසෙට ඌව හම්බ වෙලා දවස් දෙකනෙ යකෝ"
"ඔව් ඒ නිසා මම එයාගෙන් ටික කාලයක් ඉල්ලුවා මට තීරණයක් ගන්න ඕනේ කියලා"
"අම්මෝ සිනමාවේ පෙම්වතා ටේහ්‍යන්"
"ශ් ශටප් මේ මම ඔයාව පස්සෙ හම්බ වෙන්නම් බායි"
"හරි හරි බායි මෝඩයා"
හොදම යහලුවන් දෙදෙනා එසේ ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂී ඕනෑම මොහොතක් පිළිබද තොරතුරු හුවමාරුකරගන්නා තරම් ඉතා හොද බැදීමක් ඔවුන් අතර තිබුණි.
උදෑසන ආහාර වේල ලබා ගැනීම සදහා ඊට පෙර පිරිසිදු වීමට නානකාමරය වෙත යන්නට වූ ටේහ්‍යන් ඉන් නොබෝ වේලාවකින් පිරිසිදු වී කෑම කාමරය වෙත යන්නට විය ඔහු එහි යන විටත් ඔහුගේ පියා , සොහොයුරන් දෙදෙනා සහ මවද ආහාර ගනිමින් සිටී.
"මොකද පරක්කු නින්ද ගියාද ? " ටේහ්‍යන්ගෙ පියා එසේ ඔහුගෙන් ඇසීය.
"ඔව් ටිකක් " ටේහ්‍යන් තම මවත් තම දෙවන සොහොයුරා දෙසත් බලා පිළිතුරු දෙන්නට විය එහෙත් කිම් හෝ ජූන් සොහොයුරා ටේහ්‍යන් මුසාවක් පැවසූ බව ඉතා හොදින් දැනගෙන සිටී.
"ඔව් ඉතින් තමුන්ට වෙන වැඩක් නෑනේ කනවා රෝන්දෙ ගහනවා බුදියනවා එච්චරයි" ටේහ්‍යන්ගෙ පියාගෙ සුපුරුදු දෝෂාරෝපණය ටේහ්‍යන් හට වෙන වතාවන්වලදී මෙන්ම එසේ අසන්නට විය.
"මම හිතන් ඉන්නෙ බිස්නස් එකේ මගේ ශෙයාර්ස් ටික ටේහ්‍යන්ගෙ නමට භාර දෙන්න" ටේහ්‍යන්හෙ මව සැවොම මොහොතකට නිහඩ කරවන ලෙස පුදුමයට පත් කරන්නර විය.
"ඔයාගෙ ශෙයාර්ස් සියයට හතලිහක් විතර තියෙනවා ඔයා ඇයි ඒ වගේ රිස්ක් එකක් ගන්නෙ" ටේහ්‍යන්ගෙ පියා එසේ ඇයව වළක්වන්නට මෙන් එසේ පවසන්නට විය.
"අනික අම්මා ඇයි මල්ලිට විතරක් ස්පෙශල් එකක් මේ හෝජුන් ඇන්ඩ් මමත් ඉන්නෙ අපිටත් දෙන්න එපෑ" ජින් ඔහුගේ සුපුරුදු ඊර්ෂ්‍යාව පෙරදැරි කරගෙන එසේ කියන්නට විය.
"ඔයාලට ඔයාලගෙ තාත්තා යම්කිසි දෙයක් දෙයි නේ එයා දැනටමත් ප්ලෑන් කරගෙන ඇති නේ"
"මම එහෙම ප්ලෑන් එකක් ගැන හිතලා නෑ චාවෝ මම අනික ඔයා ඇයි හදිස්සියේම ටේහ්‍යන්ට මෙහෙම දෙයක් පවරලා දෙන්නෙ"
"මට හිතුනා එහෙම දෙයක් කරන්න ඕනෙ කියලා මොකද හැමෝම මගෙ ටේහ්‍යන්ට අපහාස කරනවා විතරනෙ ඉතින් මමවත් එයාගෙ අනාගතය ගැන හිතන්න ඕනෙ ඒකයි"
"මමත් එයාගෙ අනාගතය ගැන හිතනවා ඒක තමා මම එයාට බනින්නෙ මොනවහරි දෙයක් කෙරෙන්න ඕන නිසා"
"ඔයා ඔය බනින විදිහට කාටවත් මෝටිවේෂන් එකක් වෙනුවෙනට සුයිසයිඩ් තෝට්ස්නම් එනවා ඇති"
"කැමති එකෙක්ට මැරෙන්න පුළුවන් ඒත් මේ ගෙදරින් පිට අපේ වාසගම නමෙන් අයින් කරගෙන"
"තමුන් බලන් ඉන්නෙ මගෙ ළමයි මැරෙනකන් නම් ඒක හීනයක්"
"ඇති ඔයාලා මම නිසා ඔහොම රණ්ඩු වෙන්න එපා" සිදුවූ සිදුවීමට කලබල වූ ටේහ්‍යන් ශෝකයෙන් හඩමින් එතැනින් නැගිට නිවසින් පිටව කොහේ හෝ යෑමට සූදානම් විය ඔහු තම මෝටර් රථයට නැග ඔහුගේ දෙනෙතින් ගලනා කදුලැලි පිසදමින් කොහේ හෝ යන්නට වූයේ නිවසින් ඈත්ව ගෙවනා එක් තත්පරයක් හෝ ඔහුට මානසික සුවයක් ලබා දුන් නිසාය.
"තමුන්ගෙ ළමයා ගැන බලාගන්න එක තමුන්ගෙ වැඩක් තමයි ඒත් තමුන්ට ළමයි තුන් දෙනෙක් ඉන්නවා කියන එක අමතක කරන්න එපා චාවෝ "
"අතීතයේ තුවාල පාරන්න එපා" කිම් චාවෝ එසේ පවස ඇයද නිවසින් පිටවී තම දෙමාපියන් හමුවීම සදහා පිටත්වූ අතර ඇයගේ සැමියා සහ කිම් ජින් සිය නාලිකාව වෙත යන්නට විය.
"හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් මේ ගෙදර" අවසානයේ නිවසේ ඉතිරි වූයේ කිම් හෝ ජුන් පමණකි ඒ ඔහුට එදින සවස් යාමයේ දේශන පැවත්වීමට තිබුණු නිසාය.
කිසිදු අරමුණකින් තොරව තම හිත පවසනා තැනකට මෝටර් රථය ධාවනය කරමින් යන්නට වූ ටේහ්‍යන් අවසානයේ යන්නට වූයේ ඔහුත් ජංකුක් සමග පෙර දිනයදී පැමිණි වෙරළ තීරයට යන්නට විය ඔහු එහි ගිය වහාම ජංකුක් හට දුරකථන ඇමතුමක් ලබාගත්තද ජංකුක් එයට ප්‍රතිචාර නොදැක්වූ නිසාවෙන් ඔහු වට්සැප් පණිවිඩයක් යවන්නට විය.
"මටනම් ජීවිතේ එපා වෙලා තියෙන්නෙ මට මොනවහරි කරගන්න ඕනේ ඒත් ජංකුක් දැන් මගෙ ජීවිතයේ ඉන්නවා අනික අම්මත් ගොඩක් දුක් වෙයි මට මොනවහරි මමම කරගත්තොත්" ටේහ්‍යන් මුහුදු වෙරළේ හිදගෙන මුහුද දෙස බලාන එසේ සිතන්නට වූයේ ඔහුගේ ජීවිතය පිළිබද සම්පුර්ණයෙන්ම කලකිරීමකින්ය.
ටේහ්‍යන් විසින් යැවූ පණිවිඩය දුටු ජංකුක් ඒ මොහොතේම ඔහුට දුරකථන ඇමතුමක් ලබාගන්නට විය.
"හෙලෝව් ටේහ්‍යන් ඔයා කෝල් කරලා තිබ්බා මොකක් හරි හදිස්සියක්ද ? "
"ඔව් ඒත් එහෙමමත් නෙමෙයි"
"මොකක්ද කියන්න ඔයා අඩලා නේද ඔය මම ඔහෙ ආපු එක ගෙදර කවුරුහරි දැනගෙනද ? "
"නෑ එහෙම දෙයක් නෙමේ අපේ ගෙදර පොඩි ආර්ගියුමන්ට් එකක් ගියා සුපුරුදු ලෙසම ඒත් ජංකුක් මට ඒ ජීවිතය එපා වෙලා තියෙන්නෙ"
"ලිස්ට්න් ටේහ්‍යන් ඔයාට මම ඉන්නවා ඕනෑම දෙයකට අනික අපිට පුළුවන් ජීවිතය ලස්සනට ඉස්සරහට ගෙනියන්න"
"තැන්ක්ස් ජංකුක් ඔයා මට ලොකු ශක්තියක්"
"ඔයා කොහෙද ඉන්නෙ මම එන්නම් දැන්ම ඔයා ඉන්න තැනකට"
"මම ඉන්නෙ බීච් එකේ"
"හරි මම එන්නම් ඔතනම ඉන්න දුක් නොවී"
ටේහ්‍යන් හය කිසිදු තනිකමක් දැනෙන්නට ඉඩ නොදී ජංකුක් එසේ ඔහු අසලට පැමිණෙන ලෙස පොරොන්දු විය.
_______________________________________________
Hi My Beautiful Readers,
Thank you මේ පරිච්ඡේදය කියෙව්වට ඉතින් ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න ඒවගේම වෝට් කරලා අනිත් අය අතර ශෙයාර් කරන්න ❤