" උඹට මොකද මේ වෙලා තියෙන්නේ "
ලූකස් ඇස් කටේ තියාගෙන අහනවා... මිනිහට පුදුම ඇති..... කොහොම මොනව කිව්වත් මං හැම වෙලාවෙම ටේහ්‍යොන් සුද්ද කරා... එයා ගැනම හීන දැක්කා....ඒත්..මූණට මුණ ගැහිලා මග හැරියා
" මුකුත් නෑ බං..... මගේ සීමාව රැක ගත්තා"
" මොකක්"
මී හරකා.... තේරීම් ගත්තෙ නෑ...මොකට මං යාලුවෙක් කරගත්ත ද මංදා.... ඉතින් මං තේරුම් කරා.... නැත්තං ඕක ගැන මැරෙන මොහොතෙත් අහනව.... මං කතා කරද්දි මුකුත් නොකියා එයා ඒක අහගෙන හිටියා... මං ලූකස් ගෙ ආසම ගතිගුණවලින් එකක්.... අහගෙන ඉන්නව.
" උඹ පුදුම මනුස්සයෙක් බං..... සාමාන්‍ය මිනිස්සු වගේ නොවී පිරිමියෙක් ට ආදරේ කර කර ඒක ලබා ගන්න උවමනාවකුත් නැතිව ඒ ආදරේ මත්තෙම නැහෙනවා..... ඉස්සර හිටපු සරල ජන්කුක් නෙවෙයි උඹ"
" ඌම තමා බං.... ඇයි මං මැරිලා ඉපදුනා යැ.... මං පරිණත උනා.....ඒ වගේ ආදර කතා ලස්සනයි.... ආරම්භයක් තිබ්බත් අවසානයක් නෑ...... මං මැරෙන දවසක මාත් එක්කම නැති වෙලා යයි"
" එතකොට උඹ බදින්න හිතන්නෙ නැද්ද? "
මේ මනුස්සයා පව් අප්ප...... මෙච්චර කියලත් තේරුම් ගන්නෙ නෑ නෙ
" මං මෙච්චර කියද්දි මට ආකර්ෂණය ගෑනුන් ට නෑ කියලා උඹ මගුලක් ගැන කතා කරනවා....."
" හරි හරි ඉතින්.... දැන් කොහොමද උඹට??? "
" දැන් ඒකත් අහන්නෙ.... දැන් ගානක් නෑ.....ඕක මං දන්න කාලෙක ඉඳන් වෙනවනෙ... අද ටිකක් වැඩිපුර මහන්සි උන එක විතරයි.... ඒක නෙවෙයි උඹට මාව මරන්න උවමනාවක් තීද?? "
" මරන්න....විකාර ද"
" එහෙනම් අර වතුර පොවල මරන්න ගියේ?? "
" ආආහ්..... මං බය වෙලා හිටියෙ බං... කරන්න ඕන දේ තේරුනේ නෑ...,.."
මං මුකුත් කිව්වෙ නෑ....ඌ මගේ සහෝදරයා වගේ......බය වෙනව තමයි.... මං වෙනුවෙන් ඉන්න එකම එකා.... මං පුස්තකාලෙ පොත් රාක්ක අතරෙ ගියා..... මං හිත හදාගත්ත ප්‍රධාන හේතුව පොත්....ඒව මට ඉගැන්නුවා... මං කරන්න ඕන දේ මට කිව්වා.... මගේ පන නැති යාලුවා..
හිමින් හිමින් දවස ගෙවිල ගියා..... තෝරාගැනීම් නිසා අද මුකුත් ඉගැන්නුවේ නෑ....මහ අපරාධයක් ඒක නං.... මං ඉතින් පුස්තකාලෙ තමයි ජීවත් උනේ.... ලූකස් මගේ පිටින් දාලා පුස්තකාලෙට වෙලා හොඳට නිදාගත්තා....හවස දෙක විතර වෙද්දි තවත් ඉන්න බෑ කියලා දැනෙද්දි මං ලූකස් වත් කතා කරගෙන ගෙදර යන්න පාරට ආවා...... උදේ පාන්දරම අසනීප උන නිසා මං හිමින් සයිකල් එක පැද්දෙ... ලූකස් නං කිව්ව එක්කන් යන්නං කියල... ඒත් කොහොමද එහෙම දෙවෙනි වෙන්නෙ....
හිමින් හිමින් නගරෙන් ඇතුලට යද්දි පරිසරය වෙනස් වෙද්දි ඒක බලාගෙන ඉන්න ආස හිතෙනවා..... ඒක දැනෙන්නෙ ඇස් දෙකට වත්, ස්පර්ශයට වත් නෙවෙයි...හදවතට..... හදවතින් පරිසරය විදිනකොට ඒක ගොඩක් දැනෙනවා... අපි කොච්චර ලස්සන පරිසරයක හිටියත් අපි ඒක හදවතින් විදින්නෙ නැත්තං කවදාවත් ඒකෙ ලස්සන බලාගන්න අපිට ලැබෙන්නේ නෑ.....
තව පොඩ්ඩෙන් අමතක වෙනවනෙ.....අද කදු මුදුන් බලන්න යන්න නෙ හිටියෙ....ශිට් මේ විකාර නිසා අමතක උනා
" ජන්කුක් මොකද නැවැත්තුවෙ ?? "
මං හදිස්සියෙම අමතක උන ගමන මතක් උන නිසා සයිකල් එක නැවැත්තුවා... මගේ පිටිපස්සෙන් ආපු ලූකසුත් මගේ ගාව නැවතිලා... මගේ සිහිය කොහෙද මංදා
" අද අපේ ගමන අමතක උනා නෙ"
" මොන ගමනක් ද? "
ඔය ඔය මූ වගේ එකෙක් යාලුව කරගත්තාට මට ගහන්න ඕන
" ඇයි බං අද කදු මුදුන් වල මල් පිපුණු එක බලන්න යනව කිව්වෙ"
" අපොයි....අමතක උනා නෙ...... මොකද කරන්නෙ ඉතින් යනවද? "
" නැත්තං.... අක්ක මාව ඇදගෙන යයි ගෙදර හිටියොත්.... මං ඉක්මනට මොනව හරි කටේ දාගෙන චිත්‍රයක් අදින්න බඩු ටිකත් උස්සන් එන්නං"
" මං එන්න පරක්කු වෙයි නෙ"
" හරි ඉතින් මං යන්නම්.....උඹ වරෙන්...හා නෙ?? මං ගියා එහෙනම්... පරක්කු වෙන්න බෑ"
1356,1357,1358,1359.............වාහ්...තව ටික දුරයි.... බිම් මට්ටමේ ඉදන් ටික ටික උස වැඩිවෙන පොඩි පොඩි කදු උඩට නගින එක හරි විනෝදයි.... ලොකු මහන්සියක් නැතුවම පැයකින් විතර කදු මුදුනට නගින්න පුලුවන්..... ලොකු ආනතියක් නැති නිසා මහන්සියක් නෑ.... මං දැන් පැයකට ලං වෙන්න කන්ද නැග්ග.. මං නගින්නෙ ටිකක් ලොකු කන්දක් නිසා ටිකක් වෙලා යනවා.... ලූකස් එනකං බලාගෙන හිටියොත් මට චිත්‍රෙ අදින්න බැරි වෙන නිසා ඌට ඕන වෙලාවක එන්න කියලා මං ඉක්මනට නැග්ගා.... දැන් නං මුදුන පේන මානෙ..
මනෝ ලෝකෙ හිරවෙන්න කම්මැලි නිසා මං ඉස්සරහට තියන අඩිය අඩිය ගානෙ ගනන් කරා....මට හිතන්න බයයි.... කොච්චර කිව්වත් ටේහ්‍යොන් අද මගේ හිත කලබල කරලයි තියෙන්නේ..... කොච්චර නොහිත ඉන්න හැදුවත් ආයෙ ආයෙ එයාවම මතක් වෙද්දි මට ඒක නතර කරගන්න හොයාගන්න පුළුවන් වුන ඉක්මන් ම චිත්‍ර අදින එක... හිත එක තැන තියාගන්න ඒක ලොකු උදව්වක්.... හිතන්නකෝ එහෙනම් මං කොච්චර විතර චිත්‍ර ඇදල ඇතිද කියලා.....
කදු මුදුන් දැකලා තීද?? පැතලි නැති උල් කදු මුදුන්?? හිතන්න සම්පූර්ණයෙන්ම කෙටි උසක් තීන තණකොළ වලින් වැහිලා ගියපු...ඒ තණකොළ අතරින් මතුවුන කාසියක ප්‍රමානෙ දම්පාට මල් වලින් පිරුණු නිල් පාට අහස පසුබිම් උන උණුසුම් සුළගින් වටවුණු කදු මුදුනක් ගැන...... පිස්සු හැදෙනවා නෙ.... මං දැන් ඉන්නෙ එහෙම තැනක.....චිත්‍ර අදින එක පැත්තක දාලා බලාගෙන ඉන්න හිතෙනවා.... ඒකයි මං ඉස්සෙල්ලා කිව්වෙ බෙල්ජියම කියන්නෙ හරි ලස්සන රටක් කියල
කෑලි කෑලි අටවගත්තු මං ලී රාමුව උඩ කොලේ අමුනලා චිත්‍රෙ අදින්න පටන් ගත්තා.....මට ඉස්සර තීන්නෙ මීටත් වඩා උස කන්දක්....ඒක තමයි මං අදින්නෙ..... කාගෙන්වත් කරදරයක් නැතිව නිදහසේ මෙහෙම ජීවිතේ විදින්න ලැබෙනවා කියන එක ආශ්වාදයක්.. එක්කො අර ටකරම පරක්කු වෙන එකත් හොඳයි....ඕක ආවම කියවනවා කියවනවා ඉවරයක් නෑ... එතකොට මාත් වැඩේ පැත්තක තියලා ඌ එක්ක කියවනවා....
මගුල හුලග නිසා තොප්පිය ගහගෙන යන්න හදනවා... ලොකු හුළගක් නැතත් බාධක නැති නිසා කෙලින්ම මූනට එන්නෙ... මං තොප්පිය ගලවල බිමට දැම්මා...පිට කබාය ත් ඒ ගමන්ම ගලවල ශර්ට් එකේ අත් නංවාගෙන කටු සටහනක් විදියට ඇදපු චිත්‍රෙ සම්පූර්ණ කරන්න ගත්තා..... දැන්නම් මං චිත්‍රෙ ට සම වැදිලා..... මොකෙක් හරි අවදානෙ කැඩුවොත් මේක ඔලුවෙ ගහනවා.... ඇයි අප්පා..... කේන්ති යනවනෙ....
හෝව් හෝව්..... ඇයි මට දැනෙන්නෙ කවුරු හරි මං දිහා බලාගෙන ඉන්නවා කියලා....මේ මිනිස් පුළුටක් නැති කදු මුදුනක එහෙම දැනෙන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි ජන්කුක්....කන්දට අරක් ගත්ත යක්ෂයෙක් වත් ද??.... ලූකස් එනවන්නං තව කදු දෙක තුනකට ඇහෙන්න කෑ ගහගෙන එන්නෙ.... මගේ තරුණ ජීවිතේ... බයයි දෙයියනේ..... ඕන දෙයක් වෙද්දෙන් කියල හැරිලා බලන්නද??
හුළග නිසා නෙවෙයි බයටම ඇගේ හිරිගඩු පිපිලා.... මං චිත්‍රෙ අදින එක නවත්තලා දැනීමට පිටිපස්ස හැරිලා බැලුවා.... දැන්නම් කලන්තේ වගේ..... ඇයි මටම මෙහෙම වෙන්නෙ...... මොන.... මොන මගුල ක් ද......
ඒ ටේහ්ය්‍යොන්.................................. මං ආසම ඇදුමෙන්.... නිල් පාට ජර්සි එක ඇදගෙන.....එයා මට වඩා අඩි කීපයයි පිටිපස්සේ හිටියෙ.... එයා මගේ චිත්‍රෙ දිහා බලාගෙන ඉන්නව.... පුරුදු විදිහටම කිසිම සද්දයක් නැතිව.....
අනේ ඇයි ආවෙ.... ඇයි මෙතනම..... මං අද දවසම මග ඇරියෙ මෙහෙම දකින්න නෙවෙයි.... මං මොකෙක්ද
...... ඇයි ඇයි ඇයි මෙහෙම කරන්නේ???
" චිත්‍රෙ ලස්සනයි...."
ටේහ්ය්‍යොන් දිහා බලාගෙන අසරණ වෙලා හිටපු මම පියවි ලෝකෙට ආවෙ හැමදාම මං අහන්න ආස පපුව හිල් කරන් යන එයාගෙ කට හඩින්
" අ....අ...මො..."
" මං දන්නෙ නෑ නෙ ජන්කුක් ට මෙච්චර ලස්සනට චිත්‍ර අදින්න පුළුවන් කියලා....ඒකට කොච්චර අවදානෙ දීල තිබ්බද කියනවනම් මං එනවා වත් ඇහුනෙ නෑ.... ඒක හා කියමු... මං දැන් මෙතන විනාඩි දහයක් විතර ඉදන් ඉන්නව ඒකවත් දැනුනෙ නෑ"
මේ මනුස්සයට මොකක් වෙලාද?? මං හිතන්නේ මගේ ජීවිතේ ටේහ්‍යොන් මාත් එක්ක කතා කරපු වැඩිම වචන ගාන..... ඒත් ඒ ඇයි??
" අ....ම..... මං දැක්කෙ නෑ"
" දකින්නෙ කොහොමද.....චිත්‍රෙ ඇතුලෙ නෙ හිටියෙ"
මගෙන් ඈතට ගියපු ටේහ්‍යොන් මට පිට හරවලා හිටගන්න ගමන් කතා කරා
ඔච්චර හයියෙන් ගැහෙන්න එපා යකෝව්....ඇහෙයි.... මොන මගුල ක් ද.... ලූකස් අනේ වරෙන්කො ...... මං දැන් මොකද කරන්නේ??? ආආආආආහ් මාව මෙහෙම අසරණ කරන්න එපා
පොඩ්ඩක් ඉන්න....කවදද මං බොලඳ ප්‍රේමවන්තයෙක් උනේ...පුරුස සක්තිය ගන්න ජන්කුක්.....
ලොකු හුස්මක් ගන්න....එයාව ගනන් ගන්නේ නැතුව වැඩේ කරන්න.... හරි හරි ඔයාට පුළුවන්....
ඉතින් මං ආයෙ චිත්‍රෙ අදින්න පටන් ගත්තා.... ආයෙ එයා මුකුත් කිව්වෙ නෑ..... සද්ද නෑ...මට පිටුපාලා අත් දෙකත් පිටිපස්සට කරන් ඈත බලාගෙන ඉන්නවා...මට මොකෝ.... ඉස්සර හිටපු මෝඩ ජන්කුක් නෙවෙයි පුතේ දැන් ඉන්නෙ.... හහ්
______________________________________
රහසක් කියන්නද ??
මේ කතාව මට ගොඩක් විශේශයි. ඔයාලට හිතාගන්න බැරි තරම් . Sara i'm totally crying right now 🙂