Dosen't belong love

By Marivok

49.4K 12.3K 5.4K

" මං පැරදුනේ ආකේඩ් එකේ අපි කරපු game නෙමේ,ඔයාට ආදරේ කරපු එකයි මගෙ ජීවීතේ ලොකුම පරාදවීම... " " ඒත් කාලේ වෙනස්... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 06
Chapter 07
Chapter 05
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35 ( END)

Chapter 31

901 274 51
By Marivok


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================
TH-" අද අපි කතා උන ඒවා ... ඒවා හැමදා~~~"

L-" හැමදාටම රහසක් වෙයි... මොකද මට ජන්කුක්ගේ හිත රිද්දන්න බෑ "

TH-" ස්තූතී....."

L-" දැ-දැං යන්න... එයා අඩනවා ඇති..."

ටේහ්‍යුන්ග් තව තප්පරයක්වත් එතන හිටියේ නෑ, හිනාවෙලා කදුලු පිහදගෙන කාමරේට දුවන් ගියා.

ජන්කුක් තවමත් බිම වැටිලා... වාඩි වෙලා දණිස් බදාගෙන අඩනවා.

TH-" ජ-ජන්කුක් ...."

ටේහ්‍යුන්ග් , කාමරේ මැද හිටගෙන . ජන්කුක් ඔලුව උස්සලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" ම-මට ඕනේ..."

ජන්කුක්ට තවම තේරෙන් නෑ ටේහ්‍යුන්ග් මොකද්ද ඕනේ කිව්වේ කියලා.

TH-" මං කැමතී..."

ජන්කුක් පණ නැති ඇගට ශක්තිය අරන් නැගිට්ටා. එයා කීයටවත් ටේහ්‍යුන්ග් එයි කියලා බලාපොරොත්තු උනේ නෑ.

Jk-" ටේ ... ? "

TH-" මට ඔයා එක්ක එක දවසක් ඉන්න ඕනේ... "

Jk-" ඒ..ඒ කිව්වේ ? "

TH-" මං කිව්වේ.. මං ඔයා කියපු යෝජනාවට එකගයි. එක දවසකට හරි ඔයාගේ හස්බන්ඩ් වෙන්න...  "

ජන්කුක්ගේ කකුල් ලොක් උනා.

Jk-" ජැක්... ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක් ඉස්සරහා දණ ගැහුවා. හරියට propose කරන්න වගේ.

TH-" will you be my husband ... For.. for oneday "

ජන්කුක්ගේ කකුල් පණ නැති උනා..ජන්කුක් කවදාවත් හිතුවේ නෑ ටේහ්‍යුන්ග් එයාට ප්‍රොපෝස් කරයි කියලා. එක දවසකට හරි ...

ජන්කුක් වෙව්ලන කකුල් වලින් අඩි එක එක ඉස්සරහට තිබ්බා.

Jk-" ජැ-ජැක් ..."

TH-" මගෙ හස්බන්ඩ් වෙනවද ? "

ජන්කුක් අඩාගෙන දණින් වැඩිලා , ටේහ්‍යුන්ව බදා ගත්තා.. 

Jk-" ඔ-ඔව්..  ඔව් දෙයියනේ ඔව්..  මාව.. මාව ඊලග තප්පරේ මැරුනත්.. මට එක විනාඩියකට හරි ඔයාගේ... ඔයාගේ හස්බන්ඩ් වෙන්න තියනවා නම්... ඒ හොදටම ඇති. මැරෙනකන් ඒ ඇති.. මගෙ ජැක්..."

ජන්කුක් අඩන්න ගත්තා.

' ස්තූතී මට ඒ අවස්තාව දෙනවට '

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ උරහිස් වලින් ඈත් කරලා ජන්කුක්ගේ ඇස් වල කදුලු පිහ දැම්මා.

TH-" ඔයා තවමත් ලස්සනයි....."

ටේහ්‍යුන්ග් , ජන්කුක් නහය peck කරා.

Jk-" මං ඔයාට ආදරෙයි ජැක්...."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තොල් වලට ලං වෙලා එයාගේ තොල් ජන්කුක්ගේ තොල් වලට සම්බන්ද කරා.
.

.

.

.

ගිම්හානය උණුසුම් උනාට , උණුසුම දැනෙන්නේ ගිම්හානයෙන් විතරක් නෙමේ. සිසිර කාලය සීතල උනාට සීතල දැනෙන්නේ සීත සෘතුවේ විතරක් නෙමේ... ඒ වගේ අපි වෙන අය එක්ක ජීවිතෙන් බැදිලා හිටියට , හදවතින්ම බැදෙන්නේ ඒ අය එක්ක විතරක් නෙමේ .

අපේ ජීවිතේ අපිට බලාපොරොත්තු නොවෙන අය බැදෙන්න පුලුවන් , ඒත් අපි ඒ අය එක්කම ආදරෙන් බැදෙන්නේ නැති වෙන්න පුලුවන් . ඒ වෙනුවට අපි කවදාවත් නොහිතන අය ගෙන ආදරයක් දැනෙන්න පුලුවන් .. ඒ බැදීම් මැරෙනකන් අමතක නොවෙයි.

ඒ ආදර කතා ' අයිතියක් නැති ආදර ' කතා විදියට ඉතිහාස ගත වෙයි.

Doesnt belong love. .....

කවදාවත් විනාස කරන්න බැරි හැගීම් ගොඩක් එක්ක අපිට ජීවිතේ ගෙවන්න වෙයි.

ජන්කුක්ගේ , ජීවිතෙත් එහෙමයි. ටේහ්‍යුන්ග්ගේ ආදරෙත් එහෙමයි. ඒත් එයාලට දැං එයාලා නවත්තන්න බෑ.

L-" mamaa ඉක්මනින් එන්නම් ම්ම්ම්ම්... අදට පපා එක්ක ඉන්න "

ලුසී, ටේගුක් බබාගේ නලල අවසන් වතාවටත් සිපගෙන වාහනේට නැග්ගා. ලුසී, හන්ජී අද ජේජු යනවා . ජන්කුක් ,ටේහ්‍යුන්ග් පුංචි බබා ගෙදර ඉන්නේ. ජන්කුක් බබාව වඩා ගත්තා.

Tg-" Mamaa..... ඉක්මනින් එන්න "

ටේගුක් වාහනේට කෑ ගැහුවා.

Jk-" mamaa ඕන් නෑ... බේබි.. ඔයාට දැං dada ඉන්නවා...."

ඈතට යන වාහනේ දිහා බලාගෙන ටේගුක්ගේ කනට කරලා මිමිණුවා . ටේහ්‍යුන්ග් එතනම හිටගෙන හිටියත් ටේහ්‍යුන්ග්ට ඒක ඇහුන් නෑ.

Tg-" dada ? "

ටේගුක් , ඇහිබැම අකුලලා ජන්කුක් දිහා බැලුවා.

Jk-" හ්ම්ම්ම්.... "

ජන්කුක් , බබාට ටේහ්‍යුන්ග්ව පෙන්නුවා.

Jk-" ඒ ඉන්නේ ඔයාගේ dada..."

Tg-" d-dadaa.....? "

Jk-" ඔව්..."

ජන්කුක් බබාගේ කම්මුල් කිස් කරලා ටේහ්‍යුන්ග් ලගට ගියා.

TH-" Baby.... අපි එලියට යමුද ? "

Jk-" හරි..."

Tg-" හරි .."

ජන්කුක් , ටේගුක් දෙන්නම එකට උත්තර දුන්නේ.

Jk-" ටේගුක් ? "

Tg-" පපා මමයි baby "

Jk-" ඒත් එයා baby කිව්වේ මට..."

Tg-" ඒත් පපා මමයි baby "

Jk-" ඒත් අවුරුදු ගානක් තිස්සේ මං එයාගේ bab~~~"

TH-" God....."

ටේහ්‍යුන්ග් හිනා උනා. අවුරුදු 35ක් උනත් ජන්කුක් තවම ටේහ්‍යුන්ග් ඉස්සරහා අවුරුදු 5 ලමයෙක් වගේ.

ටේහ්‍යුන්ග් පොඩි බබාව අතට ගත්තා. ජන්කුක්ගේ අතින් අල්ලගෙන ගේ ඇතුලට ඇවිදන් ගියා.

TH-" මං කිව්වේ දෙන්නටම.... මාත් එක්ක යන්න එනවද...? "

Jk-" අනිවාරෙන්ම ..."

Tg-" okey dada....."

'Dada '...................? ටේහ්‍යුන්ග් එකපාරම නතරවෙලා ජන්කුක් දිහා බැලුවා. ටේහ්‍යුන්ග්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.

TH-" ජ-ජන්කුක් ? "

ජන්කුක් , හිනාවෙලා ටේහ්‍යුන්ග්ගේ අත හෙමින් අත ගෑවා.

Jk-" ඒක නෙමේද ඔයාට ඕන උනේ ...මං කිව්වේ dadaa වෙන්න ? "

ජන්කුක් දන්නවා ටේහ්‍යුන්ග් dada කෙනෙක් වෙන්න ආසාවෙන් හිටියේ කියලා. ඒත් ජන්කුක් දන්න විදියට ටේහ්‍යුන්ග් දැනටමත් dada කෙනෙක්. ඒත් එයාලා කතා උනෙ එහෙම නෙමේ.

Jk-" මතකද අපි කතා උනා.. අපි දවසක එකට ඉද්දී පොඩි දරුවෙක් හදාගමු. එයාට taeguk කියලා නම දාමු.... ඒ වගේම මං පපා.. ඔයා dada... ජැක් ...."

ජන්කුක්ගේ හඩ ගොඩක් මෘදු උනා.

Jk-" ඒක මගෙ හීනයක්.. මගෙ දරුවෙක් ඔයාට dada කියන එක... ඒක.... ඒක ඔයාට~~"

TH-" දෙවියනේ ....."

ටේහ්‍යුන්ග්ගේ ඇස් වල කදුලු පිරුනා.

TH-" ම-මං dadaa ? දෙවියනේ මං dadaa කෙනෙක්.. මේ... මේ අපේ දරුවා... ඔව්.. මං... මං අවසානෙට dadaa කෙනෙක් උනා "

ටේහ්‍යුන්ග්ගේ ඇස් වල කදුලු බින්දු වැටුනා. තොල් වල හිනාව පිරිලා.

Jk-" ජැක් ? ඔයා හරියට හැසිරෙන්නේ කවුරු හරි පලවෙනි පාරට ඔයාට dada කිව්වා වගේනේ..
මං.. මං කියන්නේ ඔයා දැනටමත් marry කරලා.. dada කෙනෙක්නේ...? "

ජන්කුක් පුදුමෙන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" ස්තූතී.... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තොල් මත එයාගේ තොල් තිබ්බා...ඒක ටිකක් දිහ peck එකක්.

Tg-" රසයිද ? "

ටේගුක්.. ජන්කුක් ,ටේහ්‍යුන්ග් දෙන්නා දිහා බලාගෙන කතා කරේ.

ටේහ්‍යුන්ග් ගැස්සිලා තොල් වලින් ඈත් උනා.

TH-" අහ් ? "

Tg-" පපාගෙ lips රසද ? "

ටේහ්‍යුන්ග් හිනා උනා.

Jk-" baby .... ඒක kiss එකක්... ම්ම්ම්... husband & wife kiss කරන එක.. අම්ම්ම්ම්... එක නෝමල්..."

Tg-" ඒත් papaa, mamaaව kiss කරලා නෑනේ "

ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා බලන්න උත්සහ කරේ නෑ ...

TH-" මං ඔයා marry කරා විතරක් නෙමේ, අපිට බබෙකුත් ඉන්නවා කියන එක අමතක කරන්න හොද නෑ..."

ටේහ්‍යුන්ග් හිනාවෙලා  , කතාව වෙන පැත්තකට හැරෙව්වා.

Jk-" ඒ වගේම අපේ බබා අපි දෙන්නා දිහා බලන් ඉන්නේ.... "

TH-" ඒකේ තේරුම මට මගෙ හස්බන්ට කිස් එකක්වත් දෙන්න බැරි වෙයිද ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක් හරියට හැසිරුනේ ඇත්තම හස්බන්ඩ්ලා වගේ. ඒත් තවමත් එයාලගේ හිතේ වේදනාව තියනවා.

දෙන්නම දෙන්නට පොරොන්දු උනා වේදනාව අමතක කරලා, අද දවස ඇත්තම හස්බන්ඩ්ලා විදියට ඉන්නවා කියලා.

Jk-" ම්ම්ම්.... බැරි වෙයි... "

ජන්කුක් , විහිලුවට වගේ හිනා වෙලා කතා කරෙ කුස්සිය පැත්තට ඇවිදන් යන ගමන්. ටේහ්‍යුන්ග් ගෙදර දොර ලොක් කරලා ජන්කුක් පස්සෙන් ඇවිදන් ගියේ තවමත් බබා වඩාගෙනමයි.

TH-" මොකක් ? මං ඔයාගේ හස්බන්ඩ්... "

Jk-" ඒත් දරුවො ඉස්සරහා දෙමව්පියෝ හැසිරෙන්න ඕනේ හොදට "

TH-" අපි fu~~~ම්ම්ම්ම්... මං කිව්වේ ඒක... 'ඒක' කරනවා නෙමේ..  කිස් කරනවා විතරයිනේ baby"

Jk-" ජැක්......."

ජන්කුක්ගේ කම්මුල් රතු උනා.

Tg-" dadaa...."

පුංචි බබා ටේහ්‍යුන්ග්ගේ කම්මුල අතගෑවා. ටේහ්‍යුන්ග්ගේ පපුව සතුටට පුපුරන්න තරම් සතුටුයි. ටේහ්‍යුන්ග් හිනාවෙලා , ජන්කුක් දිහා බැලුවා.

TH-" yeah prince ? "

Tg-" dadaa ... ම්ම්ම් papaaට වගේ.. ඒ වගේ මටත් ඔයාගේ හස්බන්ඩ් වෙන්න බැරිද ? "

ජන්කුක් ගැස්සිලා බැලුවා.

Jk-" අහ් ? "

Tg-" පපා , dadaa ගොඩක් handsome .. මට ඕනේ handsome husband කෙනෙක්... හරියට පපාට වගේ...."

ටේහ්‍යුන්ග් හිනා වෙලා, ටේගුක්ගේ කම්මුල කිස් කරා. ඒත් ජන්කුක්ගේ මූනේ හිනාවක් තිබ්බේ නෑ.

TH-" cute...."

Jk-" මං හැමදාම handsome කිව්වා... ඒත් කවදාවත් මාව ඔහොම කිස් කරලා cute කිව්වේ නෑ ඔයා..."

ටේහ්‍යුන්ග් ආයෙත් හිනා උනා. දෙන්නම එක වයසේ වගේ හැසිරෙන්නේ..

TH-" අර්හ්... ඕකේ... දෙන්නම cute.. "

ඇත්තටම දෙන්නම cute.

Tg-" ගොඩක්ම cute කවුද ? "

ටේගුක් හුරතල් විදියට ටේහ්‍යුන්ග් දිහා බැලුවා.
ටේහ්‍යුන්ග්ට ඔක්කොම අමතක වෙලා,
එයාලා දැං ඇත්තටම හැසිරෙන්නේ marry කරපු කපල් එකක් විදියට.

එක අතකින් cute හස්බන්ඩ් අනිත් අතින් cute බබා.....

ටේහ්‍යුන්ග්ට කෙලත් ගිලුනා.

TH-" අහ්ම්ම්.... baby... මට..  ම්ම්ම්.. බඩගිනී "

ටේහ්‍යුන්ග් , කතාව මගඇරියේ ජන්කුක් දිහා බලලා.

Jk-" god..  සොරි ජැක්... ඉන්න මං අපිට දවල්ට කන්න මොනා හරි හදන්නම්..."

Tg-" මං..  ? "

TH-" baby යමු dadaa එක්ක ගේම් එකක් play කරන්න.... "

Tg-" game ? "

TH-" dadaගේ පෝන් එකේ මොබයිල් ගේම් තියනවා... , dadaa කියලා දෙන්නම් "

ටේහ්‍යුන්ග් , බබාව උකුලෙන් තියාගෙන සෝෆා එකෙන් වාඩි උනා.

ජන්කුක් කුස්සිය පැත්තට ඇවිදන් ගියා.

ටේහ්‍යුන්ග් , පෝන් එක අරන් බබාට ගේම් එකක් අරන් දුන්නා.

TH-" ඔයා දන්නවද prince ... ගොඩක්ම cute ඔයා... ම්ම්ම්... ඒ හින්දා dadaa එනකන් මේ ගේම් එක play කරන්න ..  ok ? "

Tg-" ok dadaa "

ටේහ්‍යුන්ග් , බබාට කිස් එකක් දීලා යන්න ගියේ කුස්සිය පැත්තට ඇවිදන්.

ජන්කුක්ට දැනුනා එයාගේ ඉන වටේ අතක් පැටලෙනවා. අවුරුදු 10ක් ගියත් එයාට ඒ ස්පර්ශේ කාගෙද කියන්න පුලුවන් .

Jk-" ජැක්.........."

ජන්කුක් , ලැජ්ජාවෙන් වගේ හිනාවෙලා මිමිණුවා.

දැං පැය ගානකට කලින් මොකද්ද උනේ.. මොනාද එයාලා කතා උනේ ... එයාලා ඒ ඔක්කොම අමතක කරලා. දෙන්නා දෙන්නට පොරොන්දු දුන්නා ඒවා ගෙන හිට්ජන් නෑ. මතක් කරන් නෑ කියලා.

ඒ වගේම ඔක්කොම අමතක කරලා ඇත්තම හස්බන්ඩ්ලා වගේ ගත කරන්න පොරොන්දු උනා.ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ ඇත්ත හස්බන්ඩ් උනා නම් ටේහ්‍යුන්ග් ඇත්තටම හැසිරෙන්නේ මෙහෙමයි. ඒ හින්දා එයාලට ඕනේ රියල් දවසක් ගත කරන්න.ඇත්තම හැගීම් එක්ක...

TH-" baby...... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ බෙල්ල මත තොල් තිබ්බා. ටේහ්‍යුන්ග් ආසයි ජන්කුක්ගේ සුවදට ඒක ගොඩක් ස්වීට්.

TH-" ගොඩක්ම cute ඔයා...ඒ හින්දා ම්ම්ම්... *kiss* මූන නරක් කර ගන්න එපා... "

ජන්කුක් හිනා වෙලා දිගටම එයා කරපු වැඩේ කරන්න ගත්තා.

Jk-" මට අවුරුදු 35ක් ජැක්..."

TH-" මට තවමත් ඔයා අවුරුදු 25දී දැක්ක තරම්ම ලස්සනයි..."

ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. ජන්කුක් දන් නෑ ටේහ්‍යුන්ග් මේවා කියන්නේ ඇත්තමද, නැත්තන් එයාලා එක දවසක් හස්බන්ඩ්ලා වෙලා එකට ඉන්න ඕන හින්දාද කියලා  . ඒ මොනා උනත් ජන්කුක්ගේ හිත සතුටින් පිරිලා.

TH-" ඉතින් මට මගෙ cute හස්බන්ඩ්ගෙන් කිස් එකක් ගන්න පුලුවන්ද ? "

ටේහ්‍යුන්ග් flirt කරන්න මෙච්චර දක්ශයි කියලා ජන්කුක් දැනන් හිටියේ නෑ.

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කම්මුලට කිස් එකක් දුන්නා .

Jk-" ජැක්... මං කෑම හදනවා..."

TH-" ඉතින් ? "

Jk-" ඔයා ඔහොම ඉද්දී කොහොමද හදන්නේ ? "

TH-" ඒක මගෙ බිස්නස් එකක් නෙමේ බේබි . මගෙ බිස්නස් එක මං කරනවා..  ඉතින් ඔයාටත් ඔයාගෙ එක කොහොම හරි කරන්නම වෙනවා... "

ටේහ්‍යුන්ග් , ස්වීට් වෙලා. අවුරුදු 19 තිබ්බ කලහකාරී ගතියට වඩා දැං තියෙන්නේ ආදරණීය ගතියක්.

Jk-" මං ඉක්මනින් එන්නම් "

TH-" මට බලන් ඉන්න බෑ..."

ටේහ්‍යුන්ග් , තවත් ජන්කුක්ගේ ඉනෙන් මිරිකලා බදා ගන්න ගමන් කිව්වා.
අවසානෙට ජන්කුක් තීරනේ කරා ටේහ්‍යුන්ග් එහෙම ඉද්දිම කෑම හදන්න.

කෑම හදලා ඉවර වෙලා තුන්දෙනාම කෑම කෑවා. කෑම කාමරේ පුරාම හිනාවෙන් පිරිලා ගිහින්. ජන්කුක් මෙච්චර කතා කරනවා කියලා කවුරුත් විශ්වාස කරන් නෑ දැක්කා නම්. ඒ වගේම ටේහ්‍යුන්ග්ට මෙච්චර හොදින් හිනා වෙන්න පුලුවන් කියලා කිසි කෙනෙක් විශ්වාස නොකරයි දකිනකන්....

කෑම කාලා අවසානේ එලියට යන්න තීරනේ කරා. එයාලට එලියට යන්න වාහනයක් නෑ. ටේහ්‍යුන්ග්ගේ බයිසිකලේ ....ඒක අවුරුදු 10කින් ටේහ්‍යුන්ග් පැද්දේ නෑ...

ඒත් ජන්කුක් ඒක අවුරුදු 10ම වගේ බයිසිකල සර්විස් කරා. ඒක පරිස්සම් කරා. කාටවත් පාවිච්චි කරන්න දුන් නැති උනත්, රෙපයාර් ඔක්කොම කර කර බලා ගත්තා.

ඒ හින්දා බයික් එක තවමත් හොදින්. ජන්කුක් ටේහ්‍යුන්ග්ට බයික් එකේ යතුර ගෙනත් දුන්නා.

ඒත් බයික් එක ටිකක් දූවිලි....

TH-" baby........."

ටේහ්‍යුන්ග් , බයික් එක මිදුලට තල්ලු කරන් ඇවිත් කෑ ගැහුවා.

Jk-" ම්ම්ම්... එනවා......."

ජන්කුක් , හිටියේ කෑම පැක් කරන ගමන්.මොකද එයාලා පාර්ක් යන්නයි හදන්නේ.

TH-" හෝස් එක අරන් එන්න..  බයික් එක පොඩ්ඩක් හෝදන්න ඕනේ "

Jk-" ටිකක් ඉන්න......"

ජන්කුක් ගේ ඇතුලේ ඉදන් කෑ ගැහුවා.

Tg-" dadaa... මං brush එකක් ගෙනාවා.. ම්ම්ම් soap ඕනෙද ? "

පුංචි ටේගුක් , ටේහ්‍යුන්ග්ගේ අතට බ්‍රශ් එකක් දුන්නා

TH-" ඔහ්.. නෑ baby soap එපා.. ඔහ් දෙවියනේ prince බ්‍රශ් එකක් ගෙනත්.. ඉන්න පපා හෝස් එක ගෙනාවට පස්සේ මේක හෝදමු "

Tg-" නියමයි..."

ටේගුක් සතුටින් කෑ ගැහුවා. ටිකකින් ජන්කුක් හෝස් එක අරන් ආවා.ටේහ්‍යුන්ග් බයික් එක හෝදන්න ගත්තා.

ටේගුක් , ටේහ්‍යුන්ග්ට උදව් කරා. ජන්කුක් වතුර අල්ලන්න එපා කියලා සැර කරත් ඇහුවේ නෑ. ටේහ්‍යුන්ග් එක්ක බයික් එක හෝදන්න ගත්තා.

ඒත් , බයික් එක හෝදන්න ගියත් ඒක අවසන් උනේ කට්ටියම වතුර ගහගෙනයි. ටේහ්‍යුන්ග් , ජන්කුක් , ටේගුක් දෙන්නටම හෝස් එක ඇල්ලුවා . ඒත් අනිත් අතට ලේසි උන් නෑ, ජන්කුක් ,ටේගුක් දෙන්නා එකතු වෙලා ටේහ්‍යුන්ග්ටත් හෝස් එක ඇල්ලුවා.

තුන්දෙනාම වතුරෙන් තෙත් උනා. තවත් කෑ ගගහා මිදුල පුරාම දුවනවා.. මුලු ගෙදරම හිනාවෙන් පිරිලා... තුන්දෙනාගේ කෑ ගැහිල්ල අහල පහලටත් ඇහෙන්න තරම් ..  එයාලා ගොඩක් විනෝද වෙනවා.

ඒත් ටිකකින් වතුර ගහගෙන අවසන් උන් නෑ. ටේහ්‍යුන්ග් නිතරම හොර කරනවා... ඒ හින්දා ජන්කුක්, ටේගුක් දෙන්නම ටේහ්‍යුන්ග්ව බිම පෙරලන් කිති කවන්න ගත්තා  . තුන් දෙනාම මඩ පොලවේ බදාගෙන පොර බැදුවේ ...

ආදරේ විතරක් නෙමේ, සතුටිනුත් මුලු ගෙදරම පිරිලා  .. මලමිනියක් වගේ අවුරුදු 10ක් ජීවත් උන ජන්කුක්ගේ අද හිනාවෙනවා.

Jk-" අහ්ම්ම්.... ජැක්...."

Tg-" dadaa....... තවත් වතුර එපා..."

TH-" නෑ.... ඔය දෙන්නා මාව මඩේ පෙරලුවා..  දැං මගෙ වාරේ..."

ටේහ්‍යුන්ග් හෝස් එක අරන් ජන්කුක් , ටේගුක්ව නෑව්වේ දෙන්නා එපා කියලා කෑ ගහද්දී.

Jk-" ok....*laugh* අපිට සමාව දෙන්න..*laugh* ප්ලීස්..... "

TH-" නෑ....එච්චර ලේසියෙන් දෙන් නෑ "

ටේගුක් , ටේහ්‍යුන්ගේ හෝස් එකේ එල්ලුනා. ජන්කුක් දුවලා ගිහින් ටේහ්‍යුන්ග්ගේ අතින් හෝස් එක ඇදලා, ටේහ්‍යුන්ග්ව ආයෙත් බිම පෙරල ගත්තා.

Tg-" පපා , dadaව තදින් අල්ල ගන්න මේ සැරේ.."

ටේගුක් හෝස් එක අතට ගත්තා. ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ ඇගට නැග්ගා. ජන්කුක් ඉන්නේ ටේහ්‍යුන්ග්ගේ බඩ උඩ වාඩි වෙලා. ටේහ්‍යුන්ග් මඩ ගොඩේ..

Jk-" ටේගුක් බේබී.... dadaව මං අල්ලන් ඉන්නේ එයාටත් හොදට treat කරන්න "

TH-" God my evil babies ...."

ජන්කුක් , හිනා උනා.ටේගුක් හිනා වෙලා හෝස් එක අරගෙන ආවා.

.

.

.

Jk-" baby..... මඩ හැමතැනම ගාන්න එපා "

මඩ වලින් නෑවුනු , ටේගුක් සාලේ මැද නට නට උඩට දුවන ගමන් හිටියෙ. ඔව් තුන්දෙනාගෙම ඇගේ මඩ.

TH-" කෝ එන්න dadaa වඩා ගන්න "

ටේගුක් දුවන් ඇවිත් ටේහ්‍යුන්ග්ගේ අතට පැන්නා... ටේහ්‍යුන්ග් හුරතල් ටේගුක් බබාගේ කම්මුලට කිස් එකක් දුන්නා.

Jk-" ජැක්.... මඩ ගෑවෙනවා.... ටේගුක්ගේ මූන්ත් මඩ "

Tg-" papaa..... "

ටේගුක් රවලා ජන්කුක් දිහා බැලුවා.

Tg-" dadaaගේ ඇග උඩ ඉද්දී  , dadaa ඔයාටත් ඉස්සිලා කිස් එකක් දුන්නා. එතකොටත් පපාගේ මඩ තිබ්බා... මං මොකුත් කිව්වේ නෑනේ...
ඇයි dadaa මට කිස් කරාම විතරක් මඩ කියන්නේ.... "

ටේගුක් , වචන පටල පටල කතා කරේ ජන්කුක්ට රවන ගමන්. ටේහ්‍යුන්ග්ට මතකයි , ඉස්සර ජන්කුක් ආකේඩ් එකේ ගේම් පැරදුනාම ඔය වගේ රව රව ටේහ්‍යුන්ග්ට එක එක ඒවා කියනවා.

ටේහ්‍යුන්ග් හයියෙන් හිනා උනා.

TH-" babies ... අපිට පරක්කු වෙනවා.. ඉක්මනින් යමු bathroom එකට. ගිහින් නාමු..."

ටේහ්‍යුන්ග් , බබාව වඩාගෙනම එයාගේ කාමරේට ඇවිදන් ගියා.ජන්කුක් ඒ පස්සෙන්ම කියව කියව ඇවිදන් ආවා.

ටේගුක් මේ කාමරේට ආව පලවෙනි දවස අද. ඒ වගේම මේ bathroom එක.. ඒක දකින පලවෙනි දවස අද...

Tg-" woow ..... පපාගේ bathroom එක ගොඩක් ලොකුයි..."

ටේහ්‍යුන්ග් හිනා උනා.මොකද ටේගුක් හිතන් ඉන්නේ මේක ජන්කුක්ගේ කාමරේ කියලා.
ඒත් ඇත්ත...

Jk-" baby මේක පපාගේ නෙමේ... මේක dadaaගේ කාමරේ... dadaaගේ bathroom එක..."

Tg-" අහ්... ? "

Jk-" dadaa, කලින් පපා එක්ක මෙහෙ හිටියේ. මේ කාමරේ... "

Tg-" ඇයි ගියේ ? "

ටේහ්‍යුන්ග්ට ඒකට උත්තර දෙන්න බෑ. ඒ වගේම ජන්කුක් ඒකට උත්තරේ තවම දන් නෑ. ඇයි ගියේ කියලා එයාවත් දන් නෑ.

TH-" ඒත් දැං මේ bathroom එක අපේ පවුලෙම එකක්... ම්ම්ම්.... "

ටේහ්‍යුන්ග් කතාව මග ඇරියා.

' අපේ පවුල ' ... ටේහ්‍යුන්ග්ගේ කටින් ඒ වගේ වචන පිට වෙද්දී ජන්කුක්ගේ ඇස් වලට කදුලු උනන්නේ සතුටට. එයා හීන මැව්වා. ටේහ්‍යුන්ග්ගේ පවුල වෙන්න එයා හීන මැව්වා.
අද ඒ හීන හැබෑ වෙලා...

Tg-" Mamaaගෙයි , මගෙයි bathroom එක මීට වඩා පොඩී... ඒත් මේක.... අර්හ්.. පපා අපිට කවදාවත් පෙන්නලා නෑ... "

Jk-" මාත් ඒ bathroom එක කවදාවත් දැකලා නෑ.... "

Tg-" මොකද පපා කවදාවත් අපේ room එකට ඇවිත් නෑනේ... "

ටේගුක්, ජන්කුක් කතා කරන දේවල් ඇතුලේ ටේහ්‍යුන්ග්ට පොඩි අපහසුවක් දැනුනා. මොකද මේ , දේවල් වලින් තේරෙනවා පුංචි බබාට එයාගේ පපාව කොච්චර උවමනා වෙලා තිබ්බද... ඒත් ජන්කුක් ටේහ්‍යුන්ග් හින්දා එයාලගෙන් කොච්චර ඈත් වෙලා හිටියද කියලා.

ලුසී කිව්ව විදියට මේ දරුවා පවා එයාලගෙ සැලසුමක් විතරයි. ඒ කියන්නේ එයාලා sex life එකවත් active නෑ.

ලුසී ජන්කුක් වෙනුවෙන් මේ කරන කැපවීම් හොදටම ඇති ලුසීගේ ආදරේ ඔප්පු කරන්න.

ඒත් ජන්කුක්ගේ ජීවිතේ බලාහිදීම හොදටම ඇති , ජන්කුක් ටේහ්‍යුන්ග් වෙනුවෙන් තියන ආදරේ ඔප්පු කරන්න.

Jk-" අර්හ්...ඔකෙ ඔකේ... ම්ම්ම්.. එහෙනම් දැංවත් නානවද... මඩ....."

ජන්කුක් , එයාගේ ඇගේ මඩ පිහදාන ගමන් කතා කරා.

ටේහ්‍යුන්ග් , ටේගුක්ව බිමින් තිබ්බා.

Tg-" අපි ඔක්කොම එකට නාමු..."













# To be continue #

______________________________________

ඊලග chapter එකත් දෙනවා...

================================

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

68.2K 12.5K 52
"මට තිබුනා එයාට ලං නොවී ඉන්න..ඇයි මම එයාව විශ්වාස කලේ..." . . . . . "මාම්..මගේ ඩැඩා කෝ???" "Baby ඔයාගෙ මාම්,ඩෑඩ් දෙන්නම මම!!" . . . "Please baby don'...
38.5K 6.8K 40
"කවුරු හරි මගෙන් ඇහෙව්වොත් මන් ඔයාගේ කව්ද කියලා මන් දෙන්න ඕන උත්තරය මොකක්ද ජන්ග්කුක් " "කියන්න ඩෝල් ඔයා තමයි ජන්ග්කුක් ගේ හැමදේයක්ම කියලා "
60.4K 4.6K 62
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
177K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."