Dosen't belong love

By Marivok

49.3K 12.3K 5.4K

" මං පැරදුනේ ආකේඩ් එකේ අපි කරපු game නෙමේ,ඔයාට ආදරේ කරපු එකයි මගෙ ජීවීතේ ලොකුම පරාදවීම... " " ඒත් කාලේ වෙනස්... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 06
Chapter 07
Chapter 05
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35 ( END)

Chapter 30

922 293 55
By Marivok


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

Jk-" ඔයා දන්නවද... දන්නවද ඔයා නැතුව මට පිස්සු විතරයි හැදුන් නැත්තේ මගෙ ජැක්...
ඒත්.... ඒත් ඔයා...."

ජන්කුක් ඇස් අග කදුලු පිහදගෙන ෆ්‍රිජ් එකෙන් කූල් වතුර බෝතලයක් අර ගත්තා.

Jk-" ඒත් ඔයා දැං ආවා... ආයෙත් ආවා..."

TH-" මං... දැං..."

Jk-" ඔයාට ඕනේ මොනාද ? ඔරේන්ජ්  , ඇපල් , ලෙමන් ....."

TH-" එපා මට මොකුත් එපා... මට දැං යන්න "

Jk-" ඔහ්.. බොන්න බැරිද.. එහෙනම් යමු .. රෙස්ට් කරන්න යමු... මහන්සී ඇතිනේ "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ට කතා කරන්න ඉඩක් දුන් නෑ. හරියට පොඩි ලමයෙක් වගේ හැසිරෙන්නේ .

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අතින් ඇදගෙනම කාමරේට ගියා. ඒ එයාගේ කාමරේ... ටේහ්‍යුන්ග්ගේ කාමරේ... ජන්කුක් කාමරේ ලොක් එක හෙමින් ඇරියා.

Jk-" ඔයාගේ කාමරේ......"

ටේහ්‍යුන්ග් ඇස් පුදුමෙන් ලොකු උනා.

Jk-" ඒක තවමත් එදා අපි දෙන්නා හිටපු විදියටම තියනවා..  මං කාමරේට කාටවත් එන්න දුන් නෑ. මං දන්නවා ඔයාගේ කාමරේට කවුරුත් එනවට ඔයා අකමැති .... ඉතින් මේක අස් කරන්නෙත් මං "

ටේහ්‍යුන්ග් පුදුමෙන් වටපිට බැලුවා . කාමරේ තවමත් ඒ විදිහමයි.

Jk-" ඒත්... ඒත් ගොඩක් වෙලාවට රෑට මං මේ කාමරේ ඇවිත් නිදා ගන්නවා... ඒ මට.. මට ඔයාව නැතුවම බැරි උන දවසටයි..."

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අතින් ඇල්ලුවා.

Jk-" අදින් පස්සේ මට ආයෙත්... ආයෙත් ඔයාගෙ තුරුලේ නිදා ගන්න දෙනවද ? "

ටේහ්‍යුන්ග්ගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා. ටේහ්‍යුන්ග්ට ඕනේ හැමදාම ජන්කුක්ව තුරුල් කර ගන්න තමා. එයාට ඕනේ මැරෙනකන් ජන්කුක් එක්ක ජීවත් වෙන්න තමා.

ටේහ්‍යුන්ග් ආයෙත් ජන්කුක්ගේ කදුලු පිරුණු ඇස් ඉස්සරහා දුර්වල වෙනවා වගේ දැනුනා . එදා ටේහ්‍යුන්ග්ට උනෙත් මේක.. මේ හේතුව හින්දයි ජන්කුක් සිහිය නැති වෙලා ඉන්න වෙලාවෙම ටේහ්‍යුන්ග් ජන්කුක්ව දාලා යන්න හේතුව.

ජන්කුක්ගේ මේ හැසිරීමට ජන්කුක්ට විරුද්ද වෙන්න බෑ. ජන්කුක් , ආයෙත් අඩලා එයා ලග නවත්තන්න කිව්වොත් ටේහ්‍යුන්ග්ට එයා ලග නවත්තන්න තරම් හිතෙයි. ඒ තරම්ම ටේහ්‍යුන්ග්ගේ හිත ජන්කුක්ගේ කදුලු ලග දුර්වල වෙලා තියෙන්නේ .

ටේහ්‍යුන්ග් , එක අතකින් ජන්කුක්ගේ කම්මුල අත ගෑවා. අනිත් අතින් ජන්කුක්ගේ අතේ ඇගිලි පිරි මැද්දා.

TH-" මගෙ~~~"

ටේහ්‍යුන්ග් අසිහියෙන්ම මොනවා හරි ජන්කුක්ට කියන්න උත්සහ කරත් ටේහ්‍යුන්ග්ගේ අතේ මොකක් හරි දැවටුන හින්දා කියාගන්න බැරි උනා . ටේහ්‍යුන්ග් හරි සිහියට ආවේ ඒ මොකද්ද කියලා තේරුන හින්දා.

ඒ මුද්ද... ජන්කුක්ගේ වෙඩින් ring එක.

ටේහ්‍යුන්ග්ට එක තප්පරේකට අමතක වෙලා තිබ්බේ, ජන්කුක් marry කරලා.. එයාට දැං බබෙක් ඉන්නවා කියලා.

ඒත් ඒ මුද්ද අතේ වදිනකොට ටේහ්‍යුන්ට මතක් උනා. ඒ එයා ආදරේ කරන ජන්කුක් තවදුරටත් 'එයාට අයිති නෑ ' කියලා.

Tg-" පපා........."

දෙන්නටම ඇහුනා, පුංචි ටේගුක් බබාගේ හඩ එයාලගෙ පැත්තට එනවා.

L-" baby... ඉන්න... යන්න එපා..."

ඒ එක්කම ඇහුනා ලුසීගේ හඩත් .

Tg-" පපා....."

එකපාරම , පුංචි ටේගුක් කාමරේ දොර ගාවට ඇවිත් හිටගෙන නතර උනා. කාමරේ ඇතුලට ආවේ නෑ.

Tg-" පපා...  මට ඇතුලට එන්න පුලුවන්ද ? "

ජන්කුක් , ටේගුක් දිහා හැරිලා බැලුවා.

Jk-" පපා මොකද්ද මීට කලින් කියලා තියෙන්නේ ?..."

Tg-" මේ කාමරේට එන්න එපා කියලා.. "

Jk-" එහෙනම් උත්තරේ දන්නවනේ.."

ටේහ්‍යුන්ග්ගේ ඇස් පුදුම උනා. ජන්කුක් ගොඩක් ආදරණීය කෙනෙක්. ඒත් ටේහ්‍යුන්ග්ගේ ප්‍රශ්න වලදි අච්චර පොඩි ලමයටත් නීති දාන්න තරම් ජන්කුක් obsessed .

L-" S-sorry ජන්කුක් .. මං එයා නවත්තන්න හැදුවා ඒත්... ඒත් එයා දුවන් ආවා "

Jk-" ඒකට කමක් නෑ ලුසී.. ඒත් ආයේ බබාව එවන්න එපා "

ජන්කුක් මොනවා සිද්ද උනත් ගොඩක් හොදයි. ලුසී එක්ක රණ්ඩු වෙන් නෑ. ඒ වගේම ආදරේ කරන්නෙත් නෑ.

L-" හ-හරි අපි පහලට යන්නම් "

Jk-" ඒත් ඇයි බබා මාව හොයන් ආවෙ ?... "

Tg-" පපා.... අද හවස යනවද ? අද පාර්ක් යනවද... mamaa, papaa ,මං... ",

එයාලා නිතරම සතියට දවසක් හෝ දෙකක් එලියට යනවා. මොකද ටේගුක් කැමතී ඒකට. ටේගුක් වෙනුවෙන් එයාලා එහෙම කරනවා.

Jk-" අද.....අද බෑ baby..."

Tg-" ඒත් පපා ප්‍රොමිස් උනා අද මාත්  එක්ක එක ටීම් එකකට ඇවිත් mamaaව පරද්දනවා කියලා. "

ටේහ්‍යුන්ග්ගේ හිතට අමුතු හැගීමක් ආවා.. ජන්කුක් එයාගේ පවුල එක්ක සතුටින්. ආදරෙන් ඉන්නවා. එයාලා අතර බැදීමක් තියනවා. ජන්කුක්ට හෙට දවස ගත කරන්න වැඩක් තියනවා. ජන්කුක්ට ලස්සන අනාගතයක් තියනවා... 

ඒත් ටේහ්‍යුන්ග්ට කිසි දෙයක් නෑ. ඊටත් වඩා ටේහ්‍යුන්ග්ගේ අනාගතය පවා අපැහැදිලි .

Jk-" baby... පස්සේ දවසක... ම්ම්... දැං යන්න... ගිහින් mamaa එක්ක සෙල්ලම් කරන්න..."

ජන්කුක්ට ඇත්තටම ඕන උනේ ටේහ්‍යුන්ග් එක්ක වැඩිපුර කාලට ගත කරන්නයි .

ඒ හින්දා බබාවයි ලුසීවයි ඈත් කරන්න උත්සහ කරේ.

TH-" ඉන්න... ජන්කුක් "

ටේහ්‍යුන්ග් ,ජන්කුක් ලගට ගියා.

TH-" බබාට ඇතුලට එන්න දෙන්න "

Jk-" ඒත්... ටේ~~~"

TH-" බබා ටිකක් ඇතුලට ආවට කමක් නෑ "

L-" ම-මං....ම්ම්ම්ම්  "

Jk-" එයා දැනට එලියේ ඉදී... පස්සේ , පස්සේ එයා හම්බෙන්න... දැං ඔයා.. මං එක්ක~~~"

TH-" බබා ඔයා එනකන් පැය ගානක්  බලන් හිටියා...."

Jk-" මං ඔයා එනකන් අවුරුදු ගානක් බලන් හිටියා...."

ජන්කුක් කතා කරේ වේදනාබර හඩකින්. ඒත් ටේහ්‍යුන්ග්ගේ හිතට වේදනාව දුන්න කාරනේ ජන්කුක් දැනුවත්ව හෝ නොදැනුවත්ව එයා ටේහ්‍යුන්ග් ලගට එන්න එයාගේ පවුල ඈත් කරනවා...

ලුසී , පුංචි බබාව වඩා ගත්තා.

Jk-" ම-මං ඔයා එක්ක ඉන්න සුදුසු නැද්ද... ඔයා වෙනුවෙන් අවුරුදු ගානක් බලන් හිටියා. පොඩ්ඩක් හරි මට ඔයා එක්ක ඉන්න දෙන්න ජැක්, මගෙ ඒ  ඔයා වෙනුවෙන් ගත කරපු කාලේ ගෙනවත් හිතලා "

ටේහ්‍යුන්ග් ලුසී දිහා බැලුවා. ලුසී, පුංචි බබාව වඩාගෙන දොරකඩ. ඇස් වල කදුලු නවත්තන්න උත්සහ කරනවා.

Jk-" මං ඔයාට විතරයි ආදරේ ... මං... මං ජීවත් වෙන්න එකම හේතුව ඔයා... ඒ ඔයා දවසක එයි කියලා තිබ්බ විශ්වාසේ..."

ටේහ්‍යුන්ග් දැක්කා ලුසීගේ ඇස් අගින් කදුලු වැටෙනවා. ලුසී බබාවත් වඩාගෙන එතනින් යන්න ගියා.

ඕනම wife කෙනෙක්ට ඒ හැගීම දැනෙනවා. තමන්ගේ හස්බන්ඩ් වෙන කෙනෙක්ට ආදරෙයි , කියලා තමන් ඉස්සරහම කිද්දී...

ලුසීට තවත් දරන් ඉන්න බැරි උනා ලුසී එතනින් යන්න ගියා.

Jk-" මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ මගෙ ජැක්.... මට බෑ...."

ජන්කුක්ගේ ඇස් අගින් කදුලු වැක්කෙරෙන්න ගත්තා.

Jk-" මාත් එක්ක හැමදාටම ඉන්න පුලුවන්ද "

' හැමදාටම ' කියන වචනේ ටේහ්‍යුන්ග්ට වේදනාවක් ගෙනාවා. ටේහ්‍යුන්ග්ගේ ජීවිතේ අද හෙටවත් විශ්වාස නෑ. Jinhun , ටේහ්‍යුන්ග් දැං ඉන්න තැන දැන ගත්තම කොහොම හැසිරෙයිද ටේහ්‍යුන්ග්වත් දන් නෑ.

' හැමදාටම එයා එක්ක ඉන්නම් ' කියලා බොරු පොරොන්දු දීලා  , එයාගේ මේ ලස්සන පොඩි පවුල විනාස කරලා, ජන්කුක්ව එයාගේ ලගට අරගෙන දෙන්නගෙම ජීවිත විනාස කර ගන්න බෑ.

අනිවාරෙන්ම jinhun හොයන් ඇවිත් මරලා දායි.එයාගෙන් ගැලවෙන්න කාටවත් බෑ. සමහරවිට දැනටමත් හොයාගෙනත් ඇති.

ටේහ්‍යුන්ග්ට මැරෙන්න බයක් නෑ... එයා බය එයා ආදරේ කරන අය මැරෙනවා බලන්න.

' මට ඔයා එක්ක ජීවත් වෙන්න කොච්චර උවමනා උනත්... මට ඔයාගේ ජීවිතේ අනතුරේ දාන්න බෑ... ඔයා තව ගොඩක් කල් ඉන්න ඕනේ, ඔයා සතුටින් ඉන්න ඕනේ, ඒත්  මාත් එක්ක ඔයාට ගමනක් නෑ මගෙ  රෝස්...ඔයාට අනාගතයක් නෑ.. අපි දෙන්නට එකතු වෙන්න බෑ'

ජන්කුක් , ටේහ්‍යුන්ග් ආදරෙන් බැදිලා... එයලට කවදාවත් වෙන් වෙන්න බෑ. හදවත එකට බැදිලා.. එකට බැදිලා , එකම දිශාවකට යන රේල් පීලි දෙකක් වගේ... ඒත් කවදාවත් ඒ රේල් පීලී දෙකට එකතු වෙන්න බෑ... මොකද එකතු උනොත් ගමනක් නෑ විනාසයක් විතරයි.

ජන්කුක් , ටේහ්‍යුන්ග්ටත් එහෙමයි හදවතින් බැදිලා ඒත්... එකතු වෙන්න බෑ.

Jk-" ජැ-ජැක් ..."

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ ලගට ඇවිත් ටේහ්‍යුන්ග්ගේ තොල් පෙති වලට ලං උනා. ඒත් ටේහ්‍යුන්ග් ඒ මැදින් අත තිබ්බා.

TH-" බෑ.... මට ඒක කරන්න බෑ "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඇස් මග අරින ගමන් කතා කරේ, දෙගිඩියාවෙන් වගෙ.

Jk-" ඔයා, මට ආදරේ කරන්න එපා..ඒත් මට ඔයාට ආදරේ කරන්න ඉඩ දෙන්න... මගෙ ජීවිතේට... මං ආදරේ කරපු එකම කෙනා ඔයා.. මට ඒක අමතක කරන්න බෑ..."

ජන්කුක්ගේ ඇස් වලින් කදුලු වැක්කෙරෙන්න ගත්තා.

Jk-" අපේ අතීතේ අමතක කරන්න බෑ.. ඔයාගේ උණුසුම් තුරුල, ඔයාගේ වචන , ඔයා මං ගෙන වදඋන විදය අමතක වෙන් නෑ. දවසින් දවස මං ඔයාට බැදුනා.. මගෙ ඇගත් ඔයාට බැදිලා "

ජන්කුක් ඉකි බිදින්න ගත්තා.

Jk-" ඔයා...ඔයා දන්නවද.. දන්නවද ඔයා මාව දාලා ගියාට පස්සේ මං මැරෙන්න පවා උත්සහ කරා...ඒත් ..ඒත් අප්පා විතරයි ඒක දන්නේ. එයා මාව නැවැත්තුවා ... එයා මට කිව්වා,
ජීවත් වෙන්න ඔයා දවසක අනිවාරෙන්ම මාව හම්බෙන්න එයි කියලා..."

ජන්කුක් ඇස් අග කදුලු පිහ දැම්මා.

Jk-" මං එයාගේ වචනේ විශ්වාස කරා. එයා කිව්වා ඔයාගේ අවසන් කැමැත්ත උනේ මං ලුසී මැරි කරන එක කියලා... ඔයාගේ කැමැත්ත වෙනුවෙන් මං මගෙ ජීවිතේම බිල්ලට දුන්නා "

ජන්කුක් කියන්න ගත්තා. ඒත් ජන්කුක්වත්, ටේහ්‍යුන්ග්වත් දන් නෑ දොර පිටපස්සේ කෙනෙක් මේවා අහගෙන ඉන්නවා කියලා. ඒ ලුසී... ලුසීට ඕන නෑ ඒ දෙන්නා කතා වෙන දේවල් හොරෙන් අහන් ඉන්න ඒත්... එයාට ඕන ටේහ්‍යුන්ග්ගේ හැගීම් දැන ගන්න.

ලුසී අතෙන් කට වහගෙන ඉකිබිදුම් නතර කර ගත්තා.

Jk-" ලුසීගෙ මගේ මැරේජ් එක ගණුදෙනුවක්, එතකොට ටේගුක් සැලසුමක්... මට මේ ජීවිතේ ගෙවන්න ගොඩක් අමාරුයි ජැක්...
මාව ඔයා ගාවට ගන්න "

TH-" ජන්කුක් ඒක කරන්න බෑ "

Jk-" ඇ-ඇයි බැරි... මං ඔයාට ආදරෙයි කරුණාකරලා ... කරුණාකරලා මට සතුටින් මැරෙන්නවත් දෙන්න... මං සතුට කියන දේ එක දවසක්වත් විදින්න සුදුසු නැද්ද... මගෙ ජීවිතේ එක දවසක්වත් මට හිනාවෙන්න බැරිද ? "

ටේහ්‍යුන්ග්ගේ පපුව වේදනාවෙන් ගැහෙන්න ගත්තා.හරියට පපුවට පොල්ලකින් ගහනවා වගේ ....

Jk-" ඇ-ඇයි බැරි ... ඇයි මාව ඔයා ලගට ගන්න බැරි... මං අවුරුදු 10ක් බලන් හිටියා...
අවුරුදු 10ක් නොමැරී , මැරුනා ඔයා වෙනුවෙන්.
ඔයා ඇවිත් තව එක දවසක් හරි මට ජීවත් වෙන්න හේතුවක් හදයි කියලා "

ජන්කුක් දණින් වැටිලා ටේහ්‍යුන්ග්ගේ කකුල් බදා ගත්තා.

Jk-" මගෙ ජැක්.... මට ඔයාගෙ වෙන්න දෙන්න.. එදා ඔයා මාව දාලා ගියේ කිසිම හේතුවක් නොකියා..  අදත් ඔයා කිසිම හේතුවක් නැතුව මාව මෙහෙම දාලා යන්න එ~~~"

TH-" ඒත් මට අද හේතුවක් තියනවා..."

ටේහ්‍යුන්ග් ලොකු හුස්මක් අරන් බිම වැටිලා පිස්සුවෙන් වගේ අඩන ජන්කුක් දිහා බැලුවා.

Jk-" ජැ-ජැක්..."

TH-" මං...මං marry කරලා ඉන්නේ... මට.. මට ඔයා එක්ක ඉන්න බෑ ජන්කුක් .. මං මැරි කරලා, මට පවුලක් තියනවා.. මට දරුවෙක් ඉන්නවා.
මට ඕනේ මගෙ ජීවිතේ එයාලා එක්ක ගෙවන්නයි...."

ඇත්තටම ටේහ්‍යුන්ග් මේ කියන්නේ ඇත්තක්ද ? නැත්තන් ජන්කුක්ට එයාගෙන් ඈත් වෙන්න හේතුවක්ද...

ජන්කුක් ආයෙ කවදාවත් ටේහ්‍යුන්ග් වෙනුවෙන් බලන් නොඉදී, ආයේ කවදාවත් ටේහ්‍යුන්ග් ලගට යන්න උත්සහ නොකරයි. ටේහ්‍යුන්ග් සතුටින් නම් ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ සතුටට ඉඩ දෙයි.

TH-" මං සතුටින් මගෙ පවුල එක්ක ඉන්නවා...
මට එයාලා එක්ක ජීවත් වෙන්න ඕනේ..  "

ජන්කුක්ගේ පපුව නතර උනා වගේ. ජන්කුක්ගේ මුලු ඇගම වෙව්ලනවා වගේ. අවුරුදු 10ක් බලන් හිටියේ මේක අහන්නද ?

Jk-" ජැ-ජැක්....."

ටේහ්‍යුන්ග් , ජන්කුක් ගානට නැමිලා ජන්කුක් ලගින් දණ ගැහුවා.

TH-" ජන්කුක් මං gay නෙමේ..  මට කවදාවත් ඔයාට ආදරේ කරන්න බෑ. මං කැමති ගෑනු අයට විතරයි... මට මගෙම දරුවෙක් ඕන උනා.
දැං මං එයාලා එක්ක ඉන්නවා..."

ජන්කුක්ට තවත් දරා ගන්න බෑ. ජන්කුක් අඩන්න ගත්තා. එයා අවුරුදු ගානක් බලන් හිටියේ මේකට නෙමේ.. ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ පපුව මතින් ඔලුව තියන් ඉකි බිද බිද අඩන්න ගත්තා....
ටේහ්‍යුන්ග් ජන්කුක්ට අඩන්න එයාගේ උරහිස් දුන්නා. 

Jk-" මං... මං ඔයාට තවමත් ආදරෙයි ......"

ජන්කුක් අඩලා අඩලා අවසානේ කතා කරන්න ගත්තා.

Jk-" මට එක දවසක්වත් ..  එක විනාඩියක්වත් ආදරේ කරේ නැද්ද ජැක්..."

ජන්කුක්ට අවසන් මොහොතෙවත් කිසිම බලාපොරොත්තුවක් දෙන්න ටේහ්‍යුන්ග්ට ඕන උනේ නෑ.

' මගෙ ඇත්ත ඔයාට කොහොමවත් දරා ගන්න බැරි වෙයි ... මගෙ බොරුව ඔයාට මාව අමතක කරන්න ලේසි වෙයි.....'

TH-" මං ආදරේ ගෑනු..ගෑනු අයට විතරයි... "

Jk-" මං ගෑනු කෙනෙක් උනා නම් මට ආදරේ කරයිද ? මං පිරිමියෙක් නොවී ගෑනු කෙනෙක් උනානම්... එතකොටවත් ඔයාගේ ආදරේට මං සුදුසු නැද්ද... මං එච්චරටම කැතද..  මං එච්චරටම හොද නැද්ද.. මගෙ ආදරේ එච්චරම~~~~"

ජන්කුක්ට එතනින් එහාට මොකුත් කියන්න උනෙ නෑ... ජන්කුක්ට දැනුනා එයාගේ තොල් අවුරුදු 10කට පස්සේ dominant තොල් පෙති දෙකක් අතරට යනවා.

ජන්කුක්ගේ මුලු ඇගම සීතල උනා. ඒ තොල් ආයෙත් එයාගෙ තොල් මත දැනෙනවා. ජන්කුක් මුලින්ම ශොක් වෙලා හිටියේ. විනාඩි ගානක් යනකන් තේරුන් නෑ ටේහ්‍යුන්ග් එයාව සිප ගන්නවා කියලා.

ජන්කුක් සංසුන් උනා.. ජන්කුක්ගේ ඇස් පිය උනා. ජන්කුක්ගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා.
ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ තොල් ලුහු බැන්දා. ඒවට හෙමින් ප්‍රතිචාර දක්වන්න ගත්තා. ජන්කුක්ගේ ඇස් වලින් කදුලු බින්දු වැටුනා.

දැනටමත් ජන්කුක්ගේ කම්මුල් කදුලු වලට තෙත් වෙලා. එකපාරම , ජන්කුක්ගේ කම්මුල් වලට සීතල කදුලු බින්දු වැටුනා. ඒ එයාගේ කදුලු නෙමේ... ඒත් ඒ ටේහ්‍යුන්ග්ගේ කදුලුද ? ඒ කියන්නේ ටේහ්‍යුන්ග් පවා සිපගැනීම අතරතුර අඩනවද ? ජන්කුක් ඒ ගෙන නොහිතා ටේහ්‍යුන්ග්ගේ තොල් වලට අවදානේ දුන්නා.

ජන්කුක්ගේ හිත සංසුන් වෙලා.. එයා ටේහ්‍යුන්ග් කියපු දේවල් ගෙන හිතුවා. ටේහ්‍යුන්ග් මැරි කරලා සතුටින් ? එයා දැං ටේහ්‍යුන්ග්ව ලගට ගන්න හැදුවොත් එයාගේ සතුට නැති වෙයි...

ආදරේ කියන්නේ අනිත් කෙනාගේ සතුට නැති කරන එකද ? අනිත් කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ හිතේ දුක ඉවසන් ඉන්න එකද ?

විනාඩි ගානක්ම දෙන්නගේ තොල් ආදරෙන් එකිනෙක පැටලුනා. අවුරුදු 10කට පස්සේ ඔක්කොම ලැබෙනවා... හරියටම අවුරුදු 10ක්.
ඒත් ඒ දේවල් කාටවත් අයිති නෑ වගේ දැනෙනවා.

ජන්කුක්ට දැනෙනවා ටේහ්‍යුන්ග් එයාට අයිති නෑ වගේ, ඒ වගෙම ටේහ්‍යුන්ග් දන්නවා ජන්කුක් එයාට අයිති නෑ කියලා.
අයිති නැති බව දැන දැනත් දෙන්නම තවම ආදරෙන් සිප ගන්නවා.

ටේහ්‍යුන්ග් එයාගේ තොල් ඈත් කරත් තවමත් නලල ජන්කුක්ගේ නලලේ හේත්තු කරන්.දෙන්නටම තවමත් එකිනෙකාගෙන් ඈත් වෙන්න ඕන් නෑ.විනාඩි ගානක් යනකන් මුලු කාමරේම නිහඩයි.

දෙන්නා එකිනෙකාගේ නලලට හේත්තු වෙලා. හුස්ම ගන්න සද්දෙන් විතරක් කාමරේ පිරිලා.

ජන්කුක් නිහැඩියාව බිදින්න තීරණේ කරා.

Jk-" ඔයා..  ඔයා සතුටින්ද ? "

ටේහ්‍යුන්ග් හෙමින් ඇස් ඇරලා ජන්කුක් දිහා බැලුවා.

Jk-" ඔයා ...ඔයාගේ මැරේජ් ලයිෆ් එක සතුටින්ද ඉන්නේ...."

ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා බැලුවා.

TH-" මට ඕනේ ඔයත් සතුටින් ඉන්නවා දකින්නයි.... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ට උත්තර නොදී ප්‍රශ්නේ මගඇරියා.

Jk-" මට සතුටින් ජීවත් වෙන්න එක හේතුවක් දෙන්න....."

TH-" ජන්කුක් ..."

Jk-" මං... දන්නවා ඔයා මැරි කරලා.. ඒ කියන්නේ ඔයාව මට අයිති නෑ... ඒත් "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අත ඇල්ලුවා.

Jk-" අවුරුදු 10ක්ම මාව ජීවත් කෙරෙව්වේ බලාපොරොත්තු . ඔයා දවසක එයි කියන බලාපොරොත්තුව මාව ජීවත් කෙරෙව්වා...
ඔයා ආවට පස්සේ ඔයා එක්ක මේ ගෙදර හස්බන්ඩ්ලා වගේ ජීවත් වෙන්න හීන මැව්වා..."

ජන්කුක් දුර්වල විදියට හිනා උනා.

Jk-" ඔයා වෙනුවෙන් මගෙ යුතුකම් ඉශ්ට කරන්න... ඔයාට ඕන උන හැමදේම දෙන්න,
ඔයාගේ හස්බන්ඩ් වෙලා ආදරේ කරන්න හීන මැව්වා... ඒත්.....ඒත් ඒ හීන මාව දැං මරවනවා "

ජන්කුක් කදුලු බින්දු අතින් පිහ දැම්මා.

Jk-" මට ජීවත් වෙන්න, සතුටින් හිනා වෙන්න තිබ්බ එකම හේතුව ඒ බලාපොරොත්තු . ඒත් ඒවා ඔක්කොම දැං මැකිලා. ඔක්කොම බොද වෙලා ගිහින්... කවදාවත් මගෙ හීන හැබෑ වෙන් නෑ.. කවදාවත් මට සතුටින් ඉන්න බෑ.
මට ජීවිතේ ගෙන හිතලා සතුටින් මැරිලා යන්නවත් හේතුවක් නෑ... මගෙ ඉශ්ට කර ගන්න බැරි උන හීන ගොඩක් එක්ක විතරක් මං මැරිලා යයි ටේහ්‍යුන්ග් ...."

TH-" ජ-ජන්කුක් ....."

ටේහ්‍යුන්ග්ට තවත් දරන් ඉන්න බෑ. ටේහ්‍යුන්ග් කොහොමද මෙච්චර දේවල් ඉවසන්නේ...

Jk-" මට එකපාරක් මගෙ හීන හැබෑ කර ගන්න දෙන්න... එක දවසකට හරි මගෙ හීන හැබෑ කර ගන්න දෙන්න... එක දවසකට හරි මට ඔයාගේ... ඔයාගේ හස්බන්ඩ් වෙලා මං ජීවිත කාලෙම ඉන්න ඕන උන විදියට ඉන්න දෙන්න..
එක දවසකට හරි...."

ටේහ්‍යුන්ග්ගේ හීනෙත් ඒක.. එක දවසක් හරි එයා හීන දැක්කේ එහෙම ජීවත් වෙන්න. ටේහ්‍යුන්ග්ට ඕන උනෙ ඒක. ටේහ්‍යුන්ග්ට ඕන උනා කෑ ගහලා ඔව් කියන්න...

ඒත් ටේහ්‍යුන්ග් හිට ගත්තා...

TH-" ම-මට ඒක ...."

ඒත් ටේහ්‍යුන්ග්ට ඒක කරන්න අයිතියක් නෑ. හේතුව ලුසී. ලුසීගේ daddy කොහොම කෙනෙක් උනත්, ලුසී හොද කෙනෙක්. අවංක කෙනෙක්.. එයත් ජන්කුක්ට අවංකව ආදරෙයි .
එයාට බෑ ලුසී ඉස්සරහා මෙහෙම දෙයක් කරන්න... මොනා උනත් දැං ටේහ්‍යුන්ග් අයිති ලුසීට.

TH-" මට ඒක කරන්න බෑ ජන්කුක් .."

ජන්කුක්ගේ අවසන් බලාපොරොත්තුවත් බිදිලා ගියා.

TH-" මං මැරි කරලා ... මට බෑ දැං ආයෙත් ඉස්සර කරපු දේවල් කරන්න...."

ටේහ්‍යුන්ග් , කතා කරේ අහක බලාගෙන.

TH-" මං යනවා ජන්කුක් ...."

ටේහ්‍යුන්ග් හිත හයිය කරන් , ජන්කුක්ගේ මූන දිහාවත් ආයෙ නොබලා එලියට යන්න ගියේ ජන්කුක් බිදුනු හිතක් එක්ක කාමරේ තනි වෙද්දී. ජන්කුක්ගේ කදුලු, වේදනාබර ඉකිබිදුම් ටේහ්‍යුන්ග්ගේ හදවත පසාරු කරන් යනවා වගේ දැනුනත් ඉවසන් හිටියා.

ටේහ්‍යුන්ග් කාමරෙන් එලියට ගියේ මුලු ලෝකෙම එයාට නැති වෙද්දී. ජීවිතේ විදින්න පුලුවන් උපරිම වේදනාව විදින්න ලැබුනා.
තවත් එයා ඒක විදිනවා...

L-" ටේහ්‍යුන්ග් ......"

ටේහ්‍යුන්ග් පඩිපෙල බැහැගෙන යද්දී ,ටේහ්‍යුන්ග්ට ඇහුනා ලුසීගේ හඩ. ටේහ්‍යුන්ග් නතර උනේ කදුලු බින්දු අතින් පිහදගෙන.

ලුසී ටේහ්‍යුන්ග් ලගට ඇවිදන් ගියා.

L-" එයාට ජීවිතේ ඉතුරු ටික සතුටින් ඉන්න එක හේතුවක් ඉතුරු කරලා යන්න...
ලස්සන එක මතකයක් ඉතුරු කරලා යන්න "

ලුසී කතා කරේ වේදනාබර හඩකින්. ලුසී සම්පූර්ණ කතාව අහන් ඉදලා, ලුසීගේ ඇස් වල  කදුලු ඒකට සාක්කි කියනවා.

L-" ඔයා ඇත්තටම marry කරාද ? ඔයාට ඇත්තටම දරුවෝ ඉන්නවද ටේහ්‍යුන්ග් ? "

ටේහ්‍යුන්ග් ඇස් පියාගෙන තොල් පෙති එකිනෙකට තද කර ගත්තේ එයාට අඩන්න ඕන් නැති හින්දා.

L-" අවුරුදු 29ක් වෙලත් තනිකඩව ඉන්න එක අමාරු දෙයක් ටේහ්‍යුන්ග් . අවුරුදු 19දි හිතට දැනුන ආදරේ වෙනුවෙන් ජීවිතේ බාගක්ම විනාස කර ගන්න එක අපරාදයක්...
ඔයා ඇයි ඔහොම ජීවත් උනේ ? ඇයි දවස ගානේ මැරි මැරි හිටියේ "

TH-" හුස්ම ගන්න... "

ටේහ්‍යුන්ග් කදුලු බින්දු ඉවසුවේ ගොඩක් අමාරුවෙන්.

TH-" මට ඉතුරු හුස්ම ගන්න එක විතරයි. මට පුලුවන් හුස්ම ගන්න එක විතරයි... "

L-" මං එයාව marry කරලා මාස ගානක් ඇතුලත තීරණේ කරා එයාව ඩිවෝස් කරන්න.
ඔයාව මේ ලෝකේ කොහෙ හිටියත්... ඒ තැනින් හොයාගෙන ඔයාට භාර දෙන්න ඕන උනා.
ඒ එයාගේ සතුට වෙනුවෙන් "

TH-" ඒත්... ඒක කරන්න බෑ..."

L-" මං දන්නවා ඒක කරන්න බෑ... මොකද මගෙ daddy... මං එයාව ඩිවෝස් කරන්න යනවා කියලා දැනගත්තට පස්සේ...
ඊට පස්සේ ..එයාගේ ඊලග මුලින්ම කරන්න ගියේ ජන්කුක්ගේ ජීවිතේ නැති කරන එක. "

මොකද jinhun කීයටවත් ඒ වගේ අපහසයක් විදින්න කැමති නෑ . එයාගේ දුව marry කරලා මාස ගානකින් ඩිවෝස් වෙනවා ? ඒක්ස් මොන තරම් අපහසයක්ද.. එයා මාෆියා කින්ග්.

ඉතින් ඒ අපහසෙ විදිනවට වඩා හොදයි.. එයාගේ දුව marry කරපු මනුස්සයා ඇක්සිඩන්ට් එකකින් මැරුනා කියලා පබ්ලිශ් කරන එක. ඒකයි ලුසී ඩිවෝස් වෙන්න යනවා කියලා ආරංචි උනාම ජන්කුක්ව මරන්න හැදුවේ.

L-" ඉතින්... එයාගේ ජීවිතෙ නිකරුනේ විනාස වෙනවා බලන්න අකමැති හින්දා මං ඉවසන් හිටියා... එයා හැම රෑම ඇඩුවා, හැම දවසක්ම ඔයාගේ මතක එක්ක ජීවත් උනා... ඒත් මට එයාව අත අරින්න බෑ... මොකද ... මොකද මං එහෙම කරා නම්... ඔයාගේ කැපකිරීමේ තේරුමක් නැති වෙනවා..."

TH-" ලු-ලුසී......"

L-" තවත් මගෙන් හැමදේම හංගන්න හදන්න එපා... ඔයා එදා එකපාරම ඇක්සිඩන්ට් එකෙන් පස්සේ බොරු කියලා ජන්කුක්ව අත අරින්න හේතුව මගෙ daddy... අනිවාරෙන්ම එයා ඔයාට warn කරන්න ඇති. මං දන් නෑ ඇත්ත."

L-" ඒත් මට පස්සේ කාලෙක තේරුනා, ඔයා එදා ජන්කුක්ව දාලා යන්න හේතුව මගෙ daddy කියලා.... "

TH-" ලුසී ඒවා හැමදාටම ජන්කුක්ගෙන් හංගන් ඉන්න එකයි හොද "

ටේහ්‍යුන්ග් කතා කරේ බයෙන් වගේ.

ටේහ්‍යුන්ග් දන්නවා ජන්කුක්  ඇත්ත දැනගත්තොත් හැසිරෙන විදිය. ටේහ්‍යුන්ග් ඇත්තටම එයාට ආදරෙයි, එයාව marry කරන්න හීන දැක්කා , ජන්කුව එයාගේ රෝස් කරගන්න ඕන උනා. ඒත් ඇත්තටම jinhun ජන්කුක්ට කරදරයක් කරයි කියන බයටයි මේ සම්බන්දේ නැවැත්තුවේ කියලා දැන ගත්තොත්, අනිවාරෙන්ම ජන්කුක් එයාගේ ජීවිතේ ගෙනවත් නොහිතා ටේහ්‍යුන්ග් ලගට එයි.

ජන්කුක්ට හිත හදාගෙන ටේහ්‍යුන්ග්ගෙන් ඈත් වෙන්න හේතුවක් දෙන්න ටේහ්‍යුන්ග්ට ඕන උනේ.

L-" එයා ඇත්ත දැනගත්තොත් මාව දාලා අනිවාරෙන්ම යයි... ඔයා භාර නොගත්තත් එයා මාව දාලා හරි යයි "

TH-" එයා එහෙම කරොත්... එහෙම උනොත් "

ටේහ්‍යුන්ග්ගේ ඇස් වලින් කදුලු වැටුනා.

TH-" මට ඕනේ එහෙම නොවෙන්නයි. ඒකයි මං එයාගෙන් ඈත් වෙන්න හදන්නේ ලුසී "

L-" මං කලින් ඇත්ත දැනන් හිටියා නම් එයාට ආදරේ නොකරන්න තිබ්බා....."

ලුසී ටේහ්‍යුන්ග්ගේ අතින් ඇල්ලුවා.

L-" මං දිවුරනවා ටේ.. මං දැනන් හිටියේ නෑ එයා gay කියලා. අපි හොදම යාලුවෝ ඉස්සර.. 
ඒත් මං ඒක දැනන් හිටියේ නෑ... මං එයාගේ අහිංසකකමට ආදරේ කරා...."

ඒ වගේම ලුසී තවමත් ආදරෙයි , ජන්කුක්ගේ ඒ ගතිගුනේට.

L-" එයා මං එක්ක engage උනේ , හන්ජිගේ සර්ජරි එකට සල්ලි ඕන කියලා මං දැනන් හිටියේ නෑ...  එයා මාත් එක්ක හොදින් හිටියා. ඒත් මං එයාගේ මූනේ සතුට දැක්කේ නෑ "

ලුසී හිනාවෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

L-" ඔයා එයාගේ ජීවිතේට ආවම එයා වෙනස් උනා. මං දැක්කා එයා සතුටෙන් ඉන්නවා . ජීවිතේ විදිනවා... ඒත් මං හිතුවේ ඔයාලා යාලුවෝ~~"

TH-" ලුසී අපි~~"

L-" ඒත් ඔයාලා ආදරේ කරනවා කියලා දැන ගත්තට පස්සේ මං පුදුම උනා. ඊටත් වඩා දුක් උනා.. ජන්කුක් ඔයා එක්ක මාව දාලා ඉතාලියෙන් ආවා..  මං අවසානේ හිත හදා ගත්තා..
එයාගේ සතුට වෙනුවෙන් ඔක්කොම අත අරින්න marrage එක නවත්තන්න හිතුවා "

ලුසී ලොකු හුස්මක් අරන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

L-" ඒත් මගෙ marrage එක නැවතුනොත් , මං ජන්කුක්ගෙන් ඈත් උනොත් ජන්කුක්ගේ ජීවිතේට් කරදරයක් වෙයි කියලා ආරංචි උනා. මගෙ daddy ඔය දෙන්නවම විනාස කරන්න කොරියාවට යන්න ලෑස්ති උනා....
එවෙලේ තමා... මං ආයෙත් daddyට කිව්වේ මං ජන්කුක්ව මැරි කරන්නම් එයාට කරදරයක් කරන්න එපා කියලා... "

ඊට පස්සේ තමා ලුසී ආයේ කොරියාවට ආවේ... ඇවිත් ජන්කුක්ව ආයෙත් marry කරන්න හැදුවේ.

ඔක්කොම පැහැදිලී... හැමදේම වෙලා තියෙන්නේ එයාලට ඕන උන විදියට නෙමේ දෛවයට ඕන උන විදිය.

L-" මට සමාවෙන්න ටේ... ඔක්කොටම වැරදි මං.. මං ජන්කුක් එක්ක එදා engage නොවුනා නම් කිසි දෙයක් වෙන් නෑ..."

ලුසී ජන්කුක් එක්ක engage උන එකද වරද ?ඇත්තටම එහෙම නොවුනා නම්, engage  නම්..එහෙම නොවුනා නම් seo-joon ,හන්ජී marry කරන්නෙත් නෑ. ටේහ්‍යුන්ග්ට ජන්කුක්ව හම්බෙන්නෙත් නෑ. ඇත්තටම වැරදී ලුසී නෙමේ.

TH-" මමයි වැරදී... මං එයාට ආදරේ නොකරා නම්, මං එයාට ලං නොවුනා නම්, මං එයාගෙන් ආදරේ හෙව්වේ නැත්තම් ඔයාලා අදටත් හොදින්.
ඔය දෙන්නා ඉතාලියේ ඉදන් ආව මුල්ම දවස් වල හොදින් හිටියා... ඒත් මං එයාගේ ජීවිතේට් ආව එකයි.. වරද "

ඇග, වචනේ පාලනේ කරන්න පුලුවන් උනත් හිත පාලනේ කරන්න පුලුවන්ද ? ටේහ්‍යුන්ග් ජීවිතේ ආදරේ ගොඩක් හොයපු කෙනෙක්.. එහෙම කෙනෙක්ට අවංක ආදරයක් දැනුනම ඒ ලග රැදෙනවා, අවංකව ආදරේ කරාම ආපිට ආදරේ කරනවා..  ඒක වරදක්ද ? ටේහ්‍යුන්ග් ආදරේ කරපු එක වරදක්ද ? එයාට එයාගේ හිත පාලනේ කරගන්න බැරි උන එක වරදක්ද ?

නෑ වරදක් නෙමේ..  ටේහ්‍යුන්ග් වැරදී නෑ.

ඇත්තටම මෙතන වැරදි කවුද ?

ඇත්තටම මෙතන වැරදි දෛවය. ලුසී කරේ එයාට හදවත අයිති කර ගන්න බැරි කෙනෙක්ට ආදරේ කරා. ජන්කුක් කරේ එයාට අයිති නැති කෙනෙක්ට ආදරේ කරා.

Both of them ' doesnt belong ' jungkook .

ඒක එක්තරා ජයග්‍රහනයක් නැති තරගයක් වගේ.. ජීවිතේම තරග කරත් අවසානේ ජයග්‍රහනයක් අයිති නෑ.

L-" ටේහ්‍යුන්ග් ..  මට එයාගේ හදවත කවදාවත් අයිති වෙන් නෑ... ඒක අයිති ඔයාට විතරයි "

TH-" ඒත් මට කවදාවත් ජන්කුක්ව අයිති වෙන්නෙත් නෑ. ජන්කුක් දැං අයිති ඔයාට "

ලුසී ටේහ්‍යුන්ග් තදින් බදාගෙන අඩන්න ගත්තා. ලුසී දන් නෑ ඇයි එයා එහෙම කරන්නේ කියලා .
ඒත් එයාට එහෙම කරන්න ඕන උනා.

TH-" ලුසී... පොරොන්දු වෙන්න එයාව පරිස්සම් කරනවා කියලා....."

L-" ටේහ්‍යුන්ග් ...."

TH-" මට මගෙ ජීවිතේ විශ්වාස නෑ.. මං කොරියාවට ආවේ jinhunට විරුද්ධ වෙලා. ඔයා දන්නවා ඉතාලි මාෆියාවේ ලොකුම වරද විශ්වාසේ කඩන එක. දුන්න පොරොන්දු කඩන එක... මං...මං ඉන්නේ ඒ වරද කරලා..."

ටේහ්‍යුන්ග් , ලුසීගේ උරහිස් වලින් අල්ලලා ඈත් කරා. ලුසීගේ මූනේ කදුලු පිහ දැම්මා.

TH-" මට මැරෙන්න බය නෑ ලුසී... මං හෙට උනත් සතුටෙන් මැරෙයි, එක පාරක් හරි එයාව දැක්ක හින්දා... ඒත් මට බය එයා~~"

ලුසී , ටේහ්‍යුන්ග්ගේ ඇස් වල කදුලු පිහ දැම්මා.

L-" එයා ගෙන බය වෙන්න එපා... මට පුලුවන් එයාව ජීවත් කරන්න. එයාව පරිස්සම් කරන්න. ඒත්...... ඒත් මට බැරි වෙයි එයාව සතුටින් තියන්න.. "

TH-" ලුසී..."

L-" එයාට සතුටින් ඉන්න ඒ හේතුව ඉතුරු කරන්න... එයා ඔයාගෙන් බලාපොරොත්තු උන දේ දෙන්න. ටේහ්‍යුන්ග් ... එක දවසකට එයාගේ හීනේ හැබෑ කරන්න. ඔයාගේ හස්බන්ඩ් වෙලා එයාට ඔයා වෙනුවෙන් කරන්න ඕන උන හැමදේම කරන්න දෙන්න..."

ටේහ්‍යුන්ග් ලුසී දිහා බැලුවා.

L-" එයා ඔයාගෙන් ඉල්ලුවා එක දවසක් දෙන්න කියලා. කරුණාකරලා එයාට ඒ දවස දෙන්න. එයා ජීවිත කාලෙම ඔයා වෙනුවෙන් බලන් හිටියේ මැරෙන්න කලින් ඔයා එක්ක එහෙම ජීවත් වෙන්න හීන බල බල..එයාට එක දවසක්වත් ඒ අත්දැකීම විදින්න දෙන්න...
ඒ මතක එයාව ජීවිත කාලෙම සතුටින් ජීවත් කරවයි...."

ටේහ්‍යුන්ග්ට තවත් දරන් ඉන්න බෑ. ටේහ්‍යුන්ග්ට ඕන උනෙත් ඒක. ටේහ්‍යුන්ග් ඒ වෙනුවෙන් මැරෙන්න උනට් ලෑස්ති  .

TH-" මැරෙන මොහොතේ මට සතුටින් මැරෙන්න එක හේතුවත් ඉතුරු වෙයි..."

L-" ඔයාට විතරක් නෙමේ එයාටත්... "

ටේහ්‍යුන්ග් ආයෙත් ලුසීව තදින් බදා ගත්තා.

L-" මට පුලුවන් ඔයාට එක දවසක් දෙන්න විතරයි. මගෙ daddyට හොරෙන් එක දවසක්...
එයාව් සතුටින් තියන්න..."

TH-" ස්...ස්තූතී ලුසී ස්තූතී...."

L-" මං හන්ජී එක්ක ජේජු යනවා ඩොනේශන් කැම්පේන් එකකට... ඔයාට ඒ දවස එයා වෙනුවෙන් ගත කරන්න පුලුවන් ..."

TH-" ජ-ජන්කුක් හරි... ඔයා ගොඩක් හොද යාලුවෙක්... "

ටේහ්‍යුන්ග් , එයාලගෙ තුරුලෙන් ඈත් වෙලා ලුසී දිහා බැලුවා.

L-" ජන්කුක් කිව්වා හරි.. ඔයා පිටතින් පේනවට වඩා ගොඩක් වෙනස් කෙනෙක්..."

ලුසී හිනා උනා. මොකද එයාලා මුල් දවස් වල හැසිරුන විදිය හොදට මතකයි.

TH-" අද අපි කතා උන ඒවා ... ඒවා හැමදා~~~"

L-" හැමදාටම රහසක් වෙයි... මොකද මට ජන්කුක්ගේ හිත රිද්දන්න බෑ "

TH-" ස්තූතී....."

L-" දැ-දැං යන්න... එයා අඩනවා ඇති..."














# To be continue #

______________________________________

ඊලග update එකත් දැම්ම දෙනවා.

================================

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

38.4K 6.8K 40
"කවුරු හරි මගෙන් ඇහෙව්වොත් මන් ඔයාගේ කව්ද කියලා මන් දෙන්න ඕන උත්තරය මොකක්ද ජන්ග්කුක් " "කියන්න ඩෝල් ඔයා තමයි ජන්ග්කුක් ගේ හැමදේයක්ම කියලා "
50.3K 10K 56
වැම්පයර්වරුන්ගේ විනාශය බලාසිටින නරවෘකයන්... නරවෘකයන්ගේ විනාශය බලාසිටින වැම්පයර්වරුන්... සියල්ලන්ගේම සාමය සතුට පතන සුරදූතයන්... අහිංසක සතුටින් දිවි ගෙ...
150K 22.7K 39
(සිංහල)𝐈 𝐬𝐞𝐞 𝐲𝐨𝐮 𝐮𝐧𝐝𝐞𝐫 𝐛𝐥𝐮𝐞 𝐬𝐤𝐢𝐞𝐬,𝐈 𝐧𝐞𝐞𝐝 𝐚 𝐥𝐢𝐭𝐭𝐥𝐞 𝐬𝐮𝐧𝐬𝐡𝐢𝐧𝐞,𝐈 𝐟𝐞𝐥𝐥 𝐢𝐧𝐭𝐨 𝐲𝐨𝐮𝐫 𝐛𝐫𝐨𝐰𝐧 𝐞𝐲𝐞𝐬...
106K 18.2K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...