Dosen't belong love

By Marivok

49.4K 12.3K 5.4K

" මං පැරදුනේ ආකේඩ් එකේ අපි කරපු game නෙමේ,ඔයාට ආදරේ කරපු එකයි මගෙ ජීවීතේ ලොකුම පරාදවීම... " " ඒත් කාලේ වෙනස්... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 06
Chapter 07
Chapter 05
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35 ( END)

Chapter 26

1K 325 112
By Marivok


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

Sj-" මං එයාගේ මාෆියා වලට සම්බන්ද උනා..."

Seo-joon ලොකු හුස්මක් අරන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Sj-" කොච්චර අකමැති උනත්, කොච්චර අමාරු උනත් මට ඒක කරන්න උනා..මට jinhun එක්ක වැඩ කරන්න උනා. ඒත් මට තවමත් ඒ මිනිහා ගෙන බයයි.. මොකද ඔයාගේ ඔම්මට තවමත් එදා සිද්දිය මතක තිබ්බා.
එතකොට ඔය මනුස්සයට, ලුසී කියලා පොඩි දුවෙක් හිටියා. ඉතාලි ගෑනු කෙනෙක් ලුසීගේ mommy... "

Seo-joon එයාගේ කතාව කියන්න ගත්තා.

Sj-" කාලෙ ටිකෙන් ටික ගෙවිලා ගියා. ඔයා ලොකු උනා...ඔයාට අවුරුදු 14ක් වෙද්දි ඔයාගෙ ඔම්මා ආයෙ pregnant උනා. මගෙ පොඩි පැටියෙක් එක්ක. "

Seo-joon ඇස් වල කදුලු පුරවන් හිනා උනා.

Sj-" මං නිතරම ඔයාගේ ඔම්මට ලං වෙලා හිටියේ ඒ ටිකේ.මට jinhun warn කරා ගෙදරින් ඈත් වෙලා ආයෙත් මාෆියා වැඩ වලට එන්න කියලා. ඒත් ඔයාගෙ ඔම්මට මාව එ කාලේ ලගින්ම ඕන උනා... එයා pregnant .එයාට බයයි ආයෙත්..ආයෙත් කලින් උනා වගේම වෙයි කියලා.එයා jinhunට ගොඩක් බයයි.."

Seo-joon ලොකු හුස්මක් ගත්තා.

Sj-" මං ඒ හින්දා jinhunට විරුද්ද වෙලා ඔයාගේ ඔම්මා එක්ක පැනලා ගිහින් ජීවත් වෙන්න තීරණේ කරා.. මොකද හැමදේකටම පස්සේ මට මේ ලෝකේ වැදගත්ම දේ උනේ ඔයාගෙ ඔම්මා... මගෙ පලවෙනි ආදරේ , ඒ වගේම අවසන් ආදරේ... මං මගෙ හැගීම් වලට වහල් වෙලා jinhunට විරුද්ද වෙන්න තීරණේ කරා..."

Seo-joon , ටේහ්‍යුන්ග්ගේ දිලිසෙන ඇස් දිහා බැලුවා.

Sj-" හරියට අද ඔයා වගේ..ඔයා එයාට විරුද්ධ වෙන්න හදනවා වගේ මාත් එදා එයාගේ power එක හරියට දන් නැතුව විරුද්ධ උනා..."

Seo-joonගේ ඇස් වලින් කදුලු නවතින් නැතුවම ගලන් ගියා.

Sj-" මං මාෆියා වලින් අයින් වෙලා අපේ පවුල එක්ක ජීවත් වෙන්න. අලුතෙන් ජීවිතයක් ගෙවන්න, ලස්සන ලෝකෙකට යන්න හීන මවාගෙන මාෆියා වලින් අයින් වෙලා ඔයාගේ ඔම්මා එක්ක වෙන තැනකට ගිහින් හැංගුනා...
ඊට සතියකට පස්සේ අපි රටෙන් පිටවෙන්න හිටියේ.. වෙන රටකට යන්න.. "

TH-" අප්පා...? "

Sj-" එදා ඔයාගේ කොන්සර්ට් එක.. මමයි, ඔම්මයි එදා එන්න හිටියේ. ඒත් මට හදිස්සියෙම කෝල් එකක් ආවා...jinhun මං හිටපු ඒ තැනත් හොයන්
. ඒ මිනිහගෙන් පැනලා යන්න බෑ ටේ.. ඒ මිනිහා ගොඩක් powerful... අපි..  අපිට කිසි දෙයක් කරන්න බෑ.... එදා මං ආයෙත් ගියා ඒ මිනිහා හම්බෙන්න ...ඒත්... ඒත්.. මං පරක්කුයි..."

Seo-joon ටේහ්‍යුන්ග්ගේ උරහිස් මතින් ඔලුව තියාගෙන ඉකි බිදින්න ගත්තා.

Sj-" උ මගෙ දරුවයි, මගෙ සුරංගනාවියි අරගෙන.. වෙඩි ති-යලා මරලා.. ඇක්සිඩන්ට් එකක් උනා වගේ සාක්ශී ඉතුරු කරලා..
හැමෝම හිතුවේ අනිත් කල්-ලියේ උන් කරා කියලා.. ඒත් ..ඒත් මං විතරයි දන්නේ මගෙම බො-ස් කරේ කියලා  ... fucking jinhun..."

ටේහ්‍යුන්ග් එයාගේ අත් seo-joonගේ ඇග වටේ ඔතා ගත්තා.

Sj-" ඒ මිනිහාට මාව මාෆියා වලට සම්බන්ද කර ගන්න තිබ්බ එකම බාදාව මගෙ පවුල .. මගෙ වයිෆ්..ඌ ඒක විනාස කරා..., ඌ.. උට ඕන දේවල් කර ගන්න ඌ ඕන දෙයක් කරනවා..."

TH-" එතකොට ඌයි මගෙ ඔම්මවත් මැරුවේ... ඇයි..ඇයි එහෙනම් ඔයා ආයෙත් marry කරේ.."

Sj-" ඌ ඔයාගේ ඔම්මා මැරුවට පස්සේ මට ඉතුරු උන එකම දේ ඔයා.. ඔයා දකින වාරයක් ගානේ ඒ හිනාව, ඒ ඇස් හැමදේම මට මතක් වෙනවා ටේහ්‍යුන්ග් .. මං..මං ඒකයි ඔයාගෙන් ඈත් උනේ.. ඒ වගේම උගේ ඊලග ටාගට් එක ඔයා නොවෙන්න ඕන හින්දා මං ඔයාගෙන් ඈත් උනා... මං ඒ අතර උගෙන් පලි ගන්න ක්‍රමයක් හෙව්වා..."

Seo-joon ඇස් වල කදුලු පිහදාගෙන ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Sj-" මට ඕන උනේ මට දැනුන වේදනාව උට දෙන්න.. මට ඕන උනේ උගෙ දුව, ඒ කියන්නේ ලුසීට මගෙ වයිෆ්ට උන දේ වෙනවා දකින්න.. ඒ මිනිහට මේ ..මේ ලෝකේ වටිනම දේ නැති කරන්න... මං හන්ජිව මැරි කරේ ඒකට...
මට උන්ගේ පවුලට ලං වෙන්න තිබ්බ එකම ක්‍රමේ ඒක.. මං.. මං ඒක කරා..."

Seo-joon ලොකු හුස්මක් ගත්තා.

Sj-" ඒත්.. මං වැරදී.. මට ඒක කරන්න බෑ.. මැරි කරලා මාසයක් යද්දි තේරුනා මං වැරදී කියලා.  මං මගෙ පලිය ගන්න අන්ධ වෙලා හිටියේ..
ඒත් එයාගේ power එකත් එකත් මට හැප්පෙන්න බෑ ටේ.. දැං ඔක්කොම වෙලා... මට ආපස්සට යන්න බෑ... මට jinhunට විරුද්ධව කිසි දෙයක් කරන්න හයියක් නෑ...ඒක තේරුම් යද්දී මං පරක්කු වැඩී..."

Seo-joon ටේහ්‍යුන්ග්ගේ ඇස් දිහා බැලුවා.

Sj-" උන හැමදේටම .. හැමදේටම මට ස-සමාවෙන්න මගෙ පුතේ..."

ටේහ්‍යුන්ග්ගේ , පපුව උණු වෙනවා වගේ දැනුනා. මෙච්චරකල් එයා අප්පා ගෙන හිතපු දේවල් වැරදි . එ ආකල්ප වැරදී.. ඇත්තටම , මේ හැමදේම වෙලා තියෙන්නේ seo-joon ආදරෙන් අන්ධ වෙලා හිටපු හින්දයි.

ටේහ්‍යුන්ග් , seo-joon බදා ගත්තා. ටේහ්‍යුන්ග්ට අවුරුදු ගානකට පස්සේ ඒ උණුසුම දැනුනා.එයාගේ අප්පගේ උණුසුම දැනුනා.

ඒත් ඇයි මේ වැලදගැනීම ගොඩක් අමුතුවට දැනෙන්නේ.. බැරි වෙලාවත් මේ අවසන් වැලද ගැනීමද ?

විනාඩි කිහිපයකට පස්සේ ආයෙත් seo-joon නිහැඩියාව බිදින්න තීරණේ කරා.

Sj-" එයා.. එයා ආයෙත් ඒක කරන්න අරන් ටේ "

Seo-joon , ටේහ්‍යුන්ග්ගේ තුරුලෙන් ඈත් වෙලා ටේහ්‍යුන්ග්ගේ ඇස් දිහා බැලුවා.

Sj-" ඊයේ එයා කිව්වා.... එයා , අද ඔයාට අනතුරු ඇගෙව්වා , හරියට එදා මට කරා වගේ... එයාට ඕන උනේ ජන්කුක්ව ඇක්සිඩන්ට් කරල අනතුරු අගවන්නයි.... "

TH-" මං එයාට විරුද්ධ උනා.. හරියට , ඔයා එදා එයාට විරුද්ධ උනා වගෙ..."

ටේහ්‍යුන්ග්ට තවත් කදුලු හිර කරගෙන ඉන්න හයියක් තිබ්බේ නෑ.

Sj-" අපි දෙන්නම අද එකම තැන පුතෙ... එදා මං ආදරේ ගෙන විතරක් හිතලා ආත්මාර්ථකාමී උනා.... "

TH-" අද මටත් එහෙම වෙන්න ඕනේ අප්පා.. මටත්.. මටත්, එයා අරන් මේ ලෝකේ කොහෙට හරි යන්න ඕනේ... කාටවත් පේන් නැති දුර ඈතකට ගිහින් හැංගිලා ඉන්න ඕනෙ අප්පා..."

Sj-" අපි දෙන්නම ආදරේදී ආත්මාර්ථකාමී ... "

Seo-joon දුර්වල විදියට හිනා වෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" ඇයි අප්පා මට එයා අයිති නැත්තේ.. ඇයි මට එයා මගෙ කර ගන්න බැරි. ඇයි මං මෙච්චර දුර්වල ... ඇයි ලුසීට කලින් මට එයාව හම්බ නොවුනේ.... "

Sj-" ජීවිතේ අපිට ඕන දේවල් අපිට අයිති වෙන් නෑ ටේහ්‍යුන්ග් .. සමහර දේවල් තියනවා 'අපිට අයිති නැති ' .... අපි සමහර වෙලාවට අපිට 'අයිති නැති දේවල් වලට ආදරේ ' කරන්න ගන්නවා.. "

Seo-joon ,ටේහ්‍යුන්ග්ගේ කම්මුලෙන් අත තිබ්බා.

Sj-" අපි ආදරේ කරත්.. දෙයක් අපිට අයිති නැත්තන්, ඒක අපිට අයිති වෙන් නෑ...
ජන්කුක් ඉන්නේ උමතුවෙන්.. එයා ඔයාට ආදරෙයි ... මං ඒක දන්නවා..."

TH-" මාත් එයාට ආ~~~"

Seo-joon , ටේහ්‍යුන්ග්ගේ තොල් වලින් ඇගිල්ල තිබ්බා.

Sj-" ඒක එයාට කියන්න... ඒක එයාට ඇහෙන්නම ඕනේ .. මුලින්ම ඔයා ඒක එයාටයි කියන්න ඕනේ.. "

ටේහ්‍යුන්ග්ගේ , හදවත දුර්වල වෙලා. එයාට දැම්ම මේ කිසි දේකින් ඈත් වෙන්න ඕන් නෑ. ඒත් එයාට දෛවය වෙනස් කරන්න බෑ.

ඊයේ දවසේ උන දේ ගෙන දන්නේ sumi,seo-joon ,ටේහ්‍යුන්ග් විතරයි . ඊයේ ටේහ්‍යුන්ග් ගෙදරින් ගියෙ කොහෙටද ,කාගෙන්ද ඒ කෝල් ආවේ මොකද උනේ කියන එක හැමෝටම රහසක් වෙලා.

TH-" සමහරවිට මං මේක එයාට කියන අවසන් වතාව වෙයි...."

Sj-" ජන්කුක් කියන්නේ ගොඩක් හොද ලමයෙක්... ඔයාගේ තේරීම ගොඩක් හොදයි..
මං ඒක භාර ගන්නවා "

Seo-joon හිනාවෙලා , ටේහ්‍යුන්ග්ගේ පිටට තට්ටුවක් දැම්මා.

TH-" ඔම්මත් එයාට කැමති වෙයිද ? Son-in-law ? "

ටේහ්‍යුන්ග් , හිනාවෙලා seo-joon දිහා බැලුවා.

Sj-" අනිවාරෙන්ම ... අනිවාරෙන්ම එයා ගොඩක් කැමති වෙයි. "

Seo-joon ඇස් පියාගෙන ලොකු හුස්මක් ගත්තා.

Sj-" මගෙ සුරංගනාවී....අපේ පුතා අපිට ගැලපෙන අහිංසක කෙනෙක් තෝරගෙන ..."

Seo-joon හරියට හැසිරුනේ , ටේහ්‍යුන්ග්ගේ ඔම්මා එක්ක කතා කරනවා වගේ.හිතින් කතා කරනවා වගේ...

TH-" ඒ වගේම ඔම්මට කියන්න ලස්සන කෙනෙක් කියලා..."

Seo-joon ඇස් ඇරලා හිනා වෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Sj-" එයා දැනටමත් දැකලා...ඔයාගේ ඔම්මා එයාට කැමතී... "

ටේහ්‍යුන්ග්ගේ ඇස් ආයෙත් පිය උනා.

TH-" ජන්කුක් , මට ගොඩක් ආදරෙයි කියන්න.. එයාගේ son-in-law , එයාගේ පුතාට ගොඩක් ආදරෙයි කියන්න... ඔම්මට කියන්න son-in-law ,එයාගේ පුතා වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති .. ඒ තරම් මෝඩයි... නෑ... මෝඩයි නෙමේ, මෝඩයෙක් වගේ මට ආදරේ කරනවා "

ටේහ්‍යුන්ග්ගේ පියවුන ඇස් අගින් කදුලු බින්දු වැටෙන්න ගත්තා.

Sj-" ටේහ්‍යුන්ග් ..."

TH-" මට තියන එකම බය ඒකයි අප්පා.. මං.. මං බයයි.. එයා ඇත්ත දැන ගන්නවට,
මං බයයි එයා මං ලගට එන්න හදයි කියලා,
මං බයයි........."

ටේහ්‍යුන්ග්ගේ කදුලු පිරුණු ඇස් හෙමින් ඇරුනා.

TH-" මං බයයි... ඔම්මට උන දේ එයාටත් වෙයි කියලා..."

Sj-" ටේ-ටේහ්‍යුන්ග් .."

TH-" එයා මගෙ ආදරේ වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති .. එයා අනිවාරෙන්ම මාව රවට්ට ගනී... එයාගේ රවුම් ඇස් වල කදුලු පුරවන් මගෙන් ඉල්ලයි... මගෙන් ඉල්ලයි එයාව මගෙ ලගට ගන්න කියලා...  මට එයාට විරුද්ධ වෙන්න බෑ අප්පා.. මං ගොඩක් දුර්වල කෙනෙක්...
මං එයාට එකග වෙයි.. එයාව මගෙ ලගට ගන්න හදයි... හරියට ඔයා කරා වගේ..
Jinhunට හොරෙන් ජීවත් වෙන්න උත්සහ කරයි "

ටේහ්‍යුන්ග් , වේදනාවෙන් හිනා උනා.

TH-" ඒත් මං තේරුම් ගත්තා... එහෙම තැනක් නෑ... අපිට එයාගෙන් හැංගිලා ජීවත් වෙන්න පුලුවන් තැනක් නෑ... අපි එහෙම ජීවත් වෙන්න උත්සහ කරත්... දවසක... දවසක අපිව අහු උනොත්... එයාට මගෙ ඔම්මට උන දේ වෙයි.."

ටේහ්‍යුන්ග්ගේ කම්මුල් තෙත් කරමින් උණුසුම් කදුලු බින්දුවක් ගලන් ගියා.

TH-" මට ඔයාට තරම් හයියක් නෑ අප්පා.. ඒ වගේ දෙයක් දරාගෙන ජීවත් වෙන්න තරම් මට හයියක් නෑ අප්පා... එයා මගෙ ලග නැති උනත්, කොහෙ හරි එයා ජීවත් වෙනවා කියලා දැනෙන හේතුවම ඇති මට ජීවිත කාලෙම ' හුස්ම ගන්න '...."

ජන්කුක් කොහෙ හරි ජීවත් වෙනවා කියලා දැනෙන හේතුවම ඇති මට ' ජීවත් වෙන්න ' කියලා කියනවා වෙනුවට ටේහ්‍යුන්ග් කිව්වේ 'හුස්ම ගන්න ' කියලා.

' ජීවත් වෙනවා ' සහ ' හුස්ම ගන්නවා ' කියන්නේ දෙකක්.

ජීවත් වෙද්දී දුක, සතුට හැගීම් දැනෙනවා.. අපිට ජීවිතේ විදින්න පුලුවන් . ඒත් හුස්ම ගන්නවා විතරක් කියන්නේ වෙනම දෙයක්. අපි ජීවත් උනාට හැගීම් මැරිලා, ශරීරෙට විතරක් පණ තියනවා..

ඒත් හැගීම් මැරුන කෙනෙක් විදියට ඉන්නවා. ටේහ්‍යුන්ග් ඒ කියපු එකේ තේරුම, ජන්කුක් නැති උනොත් මල මිනියක් වගේ , හැගීම් මැරුන කෙනෙක් වගේ ඉන්නවා කියන එක නෙමේද ?

TH-" අප්පා.. මට ඕනේ එයා මට වෛර කරන්න, එයා මාව අමතක කරන්න.. එහෙම උනොත් එයාට කරදරයක් නැති වෙයි... "

Sj-" ටේහ්‍යුන්ග් ..එයා ඔයාට වෛර නොකරයි.. කවදාවත් එයා ඔයාට වෛර නොකරයි "

TH-" අප්පා.. මං ගොඩක් වාසනාවන්තයි ..., මට එච්චර ආදරේ කරන අය මේ ලෝකේ ඉන්නවා කියලා දැනෙන එකම ඇති , "

ඇත්තටම ටේහ්‍යුන්ග් අවාසනාවන්තයි. එයාට එච්චර ආදරේ කරන අය හිටියත් ඒ කිසි දෙයක් ටේහ්‍යුන්ග්ට අයිති නෑ. ඒ හැමදේම ටේහ්‍යුන්ග්ට අයිති නැති දේවල් වෙලා. ඒ හැගීම් අයිති කර ගන්නවත් අයිතියක් නෑ .

Sj-" එයා ඔයාට එච්චරටම ගැලපෙන්නේ ඒකයි "

ටේහ්‍යුන්ග් හිනාවෙලා seo-joon දිහා බැලුවා.

Sj-" ටේ... මං.. මං හන්ජිට ඇත්තම කියනවා.. මං හිතන් ඉන්නේ එයාව ඩිවෝස් කර~~~"

TH-" මට තව කොච්චර වෙලාවක් ඔයාලා එක්ක ඉන්න පුලුවන් වෙයිද දන් නෑ... සමහරවිට ...සමහරවිට මේ අපි දෙන්නා මුන ගැහෙන අන්තිම වතාව වෙන්න පුලුවන් ..."

ටේහ්‍යුන්ග් , seo-joonට කතා කරන්න ඉඩ නොදී කතා කරන්න ගත්තා.

TH-" ඒ හින්දා මට ඕනේ අවසන් වතාවට අප්පාගෙන් එක දෙයක් ඉල්ලන්න..."

ටේහ්‍යුන්ග් , seo-joonගේ අතින් ඇල්ලුවා.

TH-" අප්පා....."

ටේහ්‍යුන්ග් , ලොකු හුස්මක් අරන් කදුලු පිරුණු ඇස් වලින් බැලුවා.

TH-" අ-අප්පා..  ඔයාට පුලුවන්ද ... ඔයාට පුලුවන්ද මගෙ ජන්කුක් .. ඔයාගෙ එකම son-in-law මං වෙනුවෙන් බලා ගන්න. ඔයාට පුලුවන්ද  , මං කොරියාවේ දාලා යන එකම වස්තුව පරිස්සමෙන් බලා ගන්න.."

Sj-" ඒ...ඒ කියන්නේ... ඒ කියන්නේ..."

TH-" ඒ කියන්නේ, හන්ජිව ඩිවෝස් කරන්න එපා. ඔම්මා ඔයා එක්ක තවදුරටත් තරහා වෙන එකක් නෑ..."

ටේහ්‍යුන්ග් , හිනාවෙලා seo-joon දිහා බැලුවා.

TH-" මං...මං තවදුරටත් ඔයාටවත්, හන්ජිටවත් වෛර කරන් නෑ... ඔම්මා ගොඩක් දුර ඉන්නේ.. එයා ඈත ඉදන් අපි දිහා බලන් ඉන්නේ...
අප්පා ඔයා මං නැතුව තනියෙන් ජීවත් වෙන්න ඕන් නෑ.... ආයෙත්..  ආයෙ පාරක් ආදරේ කරන්න උත්සහ කරන්න.. සමහරවිට හන්ජි හොද කෙනෙක් වෙන්න ඇති... එයා එක්ක සතුටින් ඉන්න බලන්න...."

Sj-" ටේ...."

TH-" අප්පා.. ඔයා සතුටින් ඉන්න ඕනේ.. ඒ වගේම මට ඒ උදව්ව කරන්න. මගෙ ජන්කුක්ව සතුටින් තියන්න මට මට විශ්වාස කරන්න පුලුවන් එකම කෙනා ඔයා.එයාව මං ඔයාට භාර දීලා යනවා අප්පා... එයාට හිනාවෙන්න හේතු මවන්න.
එයාට මාව අමතක කරවන්න..."

Sj-" ටේහ්‍යුන්ග් ~~~~"

TH-" එයාට.. එයාට සිහිය එන්න කලින් එක පාරක් මට බලන්න ඕනේ....
මට එයාගෙන් සමුගන්න යන්න ඕනේ..."

ටේහ්‍යුන්ග් seo-joonගේ අත අතඇරියා.

Sj-" මට.. මට කියන්න ඕනේ.. මං ඔයාගෙන ආඩම්බරයි පුතා. එදා මට බැරි උන දේ ඔයා අද කරනවා... "

' එදා මං වගේ ආදරේට අන්ධ වෙලා තීරණ ගන් නැතුව, එයා වෙනුවෙන් .. එයාගෙ සතුට වෙනුවෙන් ඔයා අද එයාගෙන් ඈත් වෙනවා.. ඒක හැමෝටම කරන්න බෑ ටේහ්‍යුන්ග් .. ඔයා ශ්‍රේෂ්ටයි. '

TH-" ම-මං කියන්න ඕනේ.. මටත් .. මටත් ඔයා ගෙන ආඩම්බරයි අප්පා.. අවුරුදු ගානක් ගිහින් තවමත් ඔයාගේ හදවත එකම කාන්තාවක් වෙනුවෙන් ගැහෙනවා..."

Seo-joon   , ටේහ්‍යුන්ග්ව බදා ගත්තා.

Sj-" මං ඔයාට ආදරෙයි මගෙ ටේ ටේ..."

TH-" මාත් ඔයාට ආදරෙයි අප්පා..."

දෙන්නම තදින් එකිනෙකාව බදා ගත්තා.

ජීවිතේ ඉක්මනින් වෙනස් වෙන දෙයක්. කතාව කොහොම පටන් ගත්තත් ඒක අවසානය මොන වගේ වෙයිද කියලා කාටවත් තේරුම් ගන්න බෑ.

ටේහ්‍යුන්ග් , එදා එයාගේ අප්පට වෛර කරා. ඒ වෙන ගෑනු කෙනෙක් ගෙදරට ගෙනාවට, ටේහ්‍යුන්ග් එදා සෙල්ලක්කාර ජීවිතයක් ගෙව්වා, ටේහ්‍යුන්ග් එදා හැගීම් නැති කෙනෙක් විදියට ජීවත් උනා.

ඒත් ජන්කුක් එයාගේ ජීවිතේට ආවට පස්සේ හැමදේම වෙනස් උනා. සෙල්ලක්කාර ජීවිතෙන් ඈත් උනා  , හැගීම් තියන වගකීමක් තියන කෙනෙක් වගේ ජීවත් වෙන්න අරන්. ටේහ්‍යුන්ග්ගේ ජීවිතේට හිනාව ආවා, සතුට ආවා
ඒ හැමදේම ජන්කුක් හින්දා.

ජන්කුක් හින්දා එයාගෙ අප්පගේ ඇත්ත කතාව දැන ගත්තා. එයා ආයෙත් අප්පට ආදරේ කරන්න ගත්තා. ඒ හැමදේම දුන්න ජන්කුක් , එයාට ලෝකේ ලොකුම දුකට හේතුව වෙලා.

ජන්කුක් කිය්න්නේ දැනටමත් වෙන කෙනෙක් engage උන කෙනෙක්, . ජන්කුක් වෙන කෙනෙක්ට, වෙන ජීවිතේකට අයිති කෙනෙක්. එයාලට ඒක තේරුම් යද්දී ගොඩක් දුර ගිහින් ඉවරයි. හැමදේම වෙනස් කරන්න බැරි තරම් දුර ගිහින්.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව එක වතාවක් ලෝකෙටම විරුද්ධ වෙලා අරන් ආවා. ඒත් ඒ වෙලාවේ ටේහ්‍යුන්ග්ට නොදන්න ඇමතුමක් ආවේ sumiව එයාලා ලග ඉන්නේ, බේර ගන්න ඕන් නම් දැම්ම එන්න කියලා.

ටේහ්‍යුන්ග් එතනට ගියාම තිබ්බේ වෙනම දෙයක්. ඒ jinhun ...... එයා ටේහ්‍යුන්ග් එයා ලගට ගෙන්නගෙන බලපෑම් කරා. ජන්කුක්ගෙන් ඈත් වෙලා, ලුසීට ජන්කුක් එක්ක ඉන්න දෙන්න කිව්වා. එහෙම නොවුනොත් ජන්කුක්ට කරදරයක් වෙයි කිව්වා.

ජන්කුක්ට කරදරයක් වෙයි කියන බයට, එයා එක මොහොතක තීරණේ කරා ජන්කුක්ගෙන් ඈත් වෙන්න. ජන්කුක්ගෙන් එක්ක එක වතාවක් එයාලා දෙන්නා ආදරෙන් ගත කරපු තැන් වලට ගිහින් ඉදලා සම්බන්දේ නවත්තන්න .

ඒත් ටේහ්‍යුන්ග් ෆේල් උනා. ජන්කුක්ගේ කදුලු වලට එයාට ඒක කරන්න අමාරු උනා. එයාට ජන්කුක්ගෙන් මෙහෙම ඈත් වෙන්න අමාරුයි වගේ දැනුනා. එයා ආයෙත් තීරණේ කරා jinhunට විරුද්ධ වෙලා ජන්කුක් එක්ක හොරෙන් පැනලා යන්න.

ඒත් ඒකේ අවසන් ප්‍රතිඵලේ උනේ  , ජන්කුක්ව ඇක්සිඩන්ට් වෙලා. ඒක ටේහ්‍යුන්ග්ට කරපු දෙවනි අනතුරු ඇගවීම. Jinhunගේ තුන්වෙනි අනතුරු ඇගවීම ජන්කුක්ගේ ජීවිතේ වෙන්න පුලුවන් කියන බය ටේහ්‍යුන්ග්ට තිබ්බා.

ටේහ්‍යුන්ග් , seo-joonගේ තුරුලෙන් ඈත් වෙලා හොස්පිටල් room එකට ඇවිදගෙන ගියා. ටේහ්‍යුන්ග්ගේ අඩි ගොඩක් බරයි වගේ.. කාලේ ගොඩක් ඉක්මනට යනවා වගේ.

ටේහ්‍යුන්ග් සිහිය නැතුව ඉන්න ජන්කුක්ගේ ඇද ලගට ගිහින් වාඩි උනා. එතන කවුරුත් නෑ... ටේහ්‍යුන්ග් , ජන්කුක් තනි උන කාමරයක්..

TH-" ඔයාගේ ඇස් ඇරිලා තිබුනා නම්... ඔය රවුම් ඇස් වලින් මං දිහා බලලා 'මගෙ ජැක්.. ඔයා ආවද ' කියලා අහයි..."

ටේහ්‍යුන්ග් , සිහිසුන්ව ඉන්න ජන්කුක්ගේ මූන හෙමින් අත ගෑවා.

TH-" ඔයාගේ ජැක් ආවා baby... හැමදාම ඔයාගේ ජැක්ට ඕන උනා ඔයාගේ ලගට එන්න. ඇවිත් මේ වගේ ඉන්න.. "

ටේහ්‍යුන්ග් හිනා උනා.

TH-" ඒත් ඔයා ගොඩක් තදින් මාෆියාවට බැදිලා. ඔයා නොදැනුවත්වම ඔයා ඒ පවුලක කෙනෙක් වෙලා... මට ලගට එන්න බැරි තරම් බලයක් තියන තැනක ඔයා ඉන්නේ...."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් ඇල්ලුවා.

TH-" ඉතින් මං කොහොමද එතනට ඇවිත් ඔයාව අරන් යන්නේ... මං එහෙම කරොත්, මාව විතරක් නෙමේ... ඔයාවත් විනාස වෙලා යයි.. අපි දෙන්නම ඒ බලේට යටත් "

ටේහ්‍යුන්ග් , එයාගේ බෙල්ලේ තියන මාලේ ගලවලා අතට අරන් ඒකේ තිබ්බ 'My.....love' මුද්ද  ගත්තා.

TH-" මේක මගෙ propose ring එක, මං ඔයාට මේක දීලා propose කරන්න හිටියේ... ඔයාට මං propose කරොත් ඒක පිලි ගන්නවද ? "

ටේහ්‍යුන්ග් හිනාවෙලා, ජන්කුක් සිහිසුන්ව ඉන්න ඇද ලග දණ ගැහුවා.දණ ගහලා ජන්කුක්ගේ අතක් ඇල්ලුවා.

TH-" Will you be my fiance .... Will you marry me..."

ටේහ්‍යුන්ග් , එයාගේ ring එක ජන්කුක්ගේ අත මතින් තිබ්බා.

TH-" මං දන්නවා ඔයා ඒක පිලි ගන්නවා..."

ටේහ්‍යුන්ග් , ආයෙත් නැගිටලා එතන ඇද අයිනෙන් වාඩි උනා .

TH-" මට ඔයා එක්ක engage වෙන්න ඕන උනා , මේක මගෙ engagement ring එක "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඇගිල්ලට මුද්ද දැම්මා.

TH-" will you be my husband .. f-forever... till die "

ටේහ්‍යුන්ග් , තවමත් සිහිය නැතුව ඉන්න ජන්කුක් දිහා බලාගෙන මිමිණුවා.

TH-"  ඔයාට පුලුවන්ද , හැම උදේකම මං ඇස් ඇරලා බලනකොට මගෙ ඇද එහා පැත්තට වෙලා ඉන්න.. මාව උදේට නැගිට්ටවන්න... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ මුද්ද දාලා තියන ඇගිල්ල අත ගෑවා.

TH-"  මට..කෑම හදන්න දැනෙන් නෑ..සැන්ඩ්විච් කන්න බෑ හැමදාම .. ඔයාට පුලුවන්ද උදේම නැගිටලා මං කැමතිම කෑම හදලා දෙන්න.."

ටේහ්‍යුන්ග් , දන්නවා ජන්කුක් ඇහැරිලා හිටියා නම් මේ හැමදේකටම දෙන උත්තරේ මොකද්ද කියලා. ඒත් එයා උත්තරේ දැන දැනම ප්‍රශ්න කරා.......

TH-" ඔයාට පුලුවන්ද මං වැඩට ගියාම.. අපි දෙන්නගෙ පුංචි taeguk බබාව හොදට බලා ගන්න.. ඉස්කෝලේ අරන් යන්න, එයාට හොද පපා කෙනෙක් වෙන්න.. එයාව ආකේඩ් එකට එක්කන් යන්න... ආදරෙන් බලා ගන්න "

ටේහ්‍යුන්ග්ගේ ඇස් බර වෙනවා වගේ දැනුනා. එයාගේ ජීවිතේ ලස්සන හීනයක් ඒක.

TH-" මං වැඩට ගිහින් එද්දී අපි දෙන්නගේ ලස්සන පොඩි ගෙදර අස් කරලා, වත්තේ ලස්සන මල් පැල වලලා තියන්න... හරියට ඔයා වගේ ලස්සන මල් පැල..."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කම්මුල් අත ගෑවා...

TH-" මං හවසට ගෙදර ආවම අපේ ගෙදර ඔයාගේ සුවදින් පිරිලා තියෙයි... ගෙදර ආවම දවස පුරාම මග ඇරුන ඔයාගේ තොල් වල රස බලන්න මට ඉඩදෙයි . ඔයා මගෙ බෑග් එක මගෙ අතින් අරන් මාව පුටුවෙන් වාඩි කරවලා අපේ බබාව මගෙ ඔඩොක්කුවෙන් තියලා කුස්සියට යයි මට තේ එකක් හදලා දෙන්න... "

ටේහ්‍යුන්ග් එයා හිතෙන් මවා ගත්ත  , එයාට හැමදාම ඕන හීන සිහිසුන්ව ඉන්න ජන්කුක් ඉස්සරහා මිමිණුවා .

TH-" හැම රෑකම මගෙ ඇදේ තනිය නැති කරන්න පුලුවන්ද ? ඔ-ඔයාට පුලුවන්ද ... මගෙ ඇද ඔයාගේ උණුසුමින් පුරවන්න.. මාව තුරුල් කරන් නිදා ගන්න පුලුවන්ද ? "

ටේහ්‍යුන්ග්ට හැමදාම ඕන උනේ ඒ වගේ ජීවිතයක්.. එයා ඒ ගෙන හීන දැක්කා.. ඒත් දැං ඒ හැමදේම හීනයක් විතරක් වෙලා.

ටේහ්‍යුන්ග්ගේ ඇස් වලින් කදුලු වැක්කෙරෙන්න ගත්තා.

TH-" ඔයාට පුලුවන්ද ... පුලුවන්ද මට ආදරේ කරන්න... මං ලගින් ඉදලා මට හැමදාම ආදරේ කරන්න පුලුවන්ද ....."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගෙන් ඉල්ලුවා.ටේහ්‍යුන්ග්ගේ ඇස් අගින් කදුලු බින්දු වැටෙන්න ගත්තා.

ටේහ්‍යුන්ග්ගේ හදවත වේගෙන් ගැහෙනවා.. මේ ජන්කුක් දකින අන්තිම වතාව නම්, මේ එයාගේ ලග රැදෙන අන්තිම වතාව නම්...

ටේහ්‍යුන්ග්ට මේ වෙනකොටත් එයාගේ හැගීම් දරා ගන්න බැරි තරම් ගැඹුරට ගිහින්. ජීවිතේ ආදරේට එක එක නිර්වචන ලැබෙනවා... මේ කතාවේ ටේහ්‍යුන්ග්ගේ ජීවිතේ ආදරේට දෙන නිර්වචනය අත් හැරීමයි...

මොකද ජන්කුක් කියන්නේ ටේහ්‍යුන්ග්ගේ ජීවිතේට ආව 'අයිති නැති ආදරේ ' හින්දා. එයාට කවදාවත් අයිති කර ගන්න බැරි උනත්, එයාගේ ජීවිතේටත් වඩා එයාට වටින ආදරේ හින්දා.

මේ වෙනකොට ජන්කුක්ට, ටේහ්‍යුන්ග්ව ඕන උනාටත් වඩා, ටේහ්‍යුන්ග්ට ජන්කුක්ව ඕනේ.
අතඇරලා දාලා යන්න බැරි තරම් ටේහ්‍යුන්ග්ට ජන්කුක්ව ඕනේ...

ඒත්... ඒත් දෛවය එයාට විරුද්ධ වෙලා. එයාගේ හීන, බලාපොරොත්තු ඔක්කොම දැනටමත් විනාස වෙලා. ලස්සනට මතකයන් ගොඩක් විතරක් එයාට ඉතුරු වෙලා.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ සිනිදු තොල් මතින් එයාගේ සීතල තොල් තිබ්බා.

.

.

.

.

හැමදේම අදුරුවෙලා.. කිසිම දෙයක් ඇහෙන් නෑ, කිසිම දෙයක් පේන් නෑ. ජන්කුක් ඇස් අරින්න උත්සහ කරත් එයාට ඇස් අරින්න අමාරුයි...
ඒ එක්කම ජන්කුක්ට කවුරු හරි මොනා හරි මුමුණනවා වගේ ඇහුනා .

ඒත් මොනාද කියන්නේ , කවුද ඒවා කියන්නේ කියලවත් එයාට ඇහුන් නෑ .

" ඔයාට පුලුවන්ද ... පුලුවන්ද මට ආදරේ කරන්න... මං ලගින් ඉදලා මට හැමදාම ආදරේ කරන්න පුලුවන්ද ....."

ජන්කුක්ට ඇහුනා ගැඹුරු හඩක්... ඒත් කවුද කියලා හරියට එයාට තේරුම් ගන්න බෑ.

එයාගේ තොල් මත සීතල යමක් ස්පර්ශ උනා. කාගේ හරි තොල් පෙති දෙකක් වගේ. ඒ උණුසුම එයාට පුරුදුයි.. ඒක එයාට හුරු දෙයක් වගේ..ඒ තොල් එයා මීට කලින් ඇබ්බැහියෙන් සිපගත්ත තොල් දෙකක් වගේ ...

ඒ එක්කම සීතල වතුර බින්දු දෙකක් එයාගේ මූනට වැටුනා.. වතුර බින්දු ? හොස්පිටල් රූම් එක ඇතුලේ වතුර බින්දු ? නැත්තම් ඒ කදුලු බින්දුද ... එයාව සිපගන්න කෙනාගේ කදුලුද...
මොනා උනත් ජන්කුක්ට ඒ වෙලාවේ අඩන්න ඕන වගේ හැගීමක් දැනුනා...

එකපාරම , ඒ උණුසුම් හුස්ම ඒ තොල් පෙති එයාගෙන් ඈත් උනා.
එයා ලග ඉන්න කෙනා, එයාගේ අතින් අල්ලලා ඇගිල්ලේ තියන මොකක් හරි ආපහු ගලවනවා වගේ දැනුනා. අතේ තිබ්බ මුද්දක් ගලවනවා වගේ දැනුනා...එයාගේ ඇගිල්ලේ මුද්දක් කොහෙන්ද ? අනික කවුද මේ මුද්ද ගලවන කෙනා.ඇයි එයා ජන්කුක්ව සිප ගත්තේ.

ජන්කුක් තවමත් ඇස් අරින්න බැරුව, හරි සිහියට එන්න බැරුව ලොකු බැටල් එකක.

ජන්කුක් එයාගේ ඇගිලි නැමුවා, එයාට එයාගේ ඇගිල්ලට දාලා තියන මුද්ද ගලවන්න දෙන්න උවමනා උනේ නෑ.. ඒත් එයාට ඇගිලි නමන් ඉන්න ලොකු හයියක් නෑ. අනිත් පුද්ගලයා, එයාගේ ඇගිලි දිග ඇරලා මුද්ද ගලවලා අයින් කරා..

" මට සමාවෙන්න ......."

ජන්කුක්ට දැං ඒ හඩ හොදටම ඇහුනා.ඒ වෙන කාගෙවත් හඩක් නෙමේ, ඒක එයාගේ ජැක්ගේ හඩ... ඒ හඩමයි...ඒත් මේ ටේහ්‍යුන්ග් නම් ඇයි සමාව ගන්නේ...

" මේ අපි එකට ඉන්න අවසන් තප්පරේ, මේ මං ඔයාව දකින අවසන් වතාව වෙන්න පුලුවන් ....මට කියන්න ඕනේ.... මං ගොඩක් කාලයක් හිතේ තියන් හිටපු දෙයක්..මං...මං....."

" මං ගොඩක් ආදරෙයි ...මගෙ රෝස්......"

ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. ජන්කුක් ඇස් අරින්න හැදුවා.ඒත් ඇස් අරින්න අමාරුයි... මේ ඇත්තටම වෙන දෙයක්ද ? මේ ඇත්තටම ටේහ්‍යුන්ග්ගේ හඩද ? නැත්තන් මේ හීනයක්ද ?

' මාත් ආදරෙයි ජැක්.. මගෙ ජැක්... මේක හීනයක්ද... ඇත්තක්ද... ඇයි මට ඇස් අරින්න බැරි .... මේක ඇත්තක්ද ? '

ජන්කුක් මෙච්චරකල් බලාපොරොත්තුවෙන් හිටපු වචන.. ඒත් ඒවා හීනෙන්ද ,ඇත්තටම ඇහෙන ඒවද කියලවත් දැන ගන්න එයාට ඇස් අරින්නවත් බෑ.

ජන්කුක්ගේ පපුව පුපුරන්න තරම් වේගෙන් ගැහෙනවා. ජන්කුක්ට ඇස් අරින්න ඕන උනත්, ජන්කුක්ට ඇස් අරින්න බෑ.

ඒ එක්කම ජන්කුක්ට ඇහුනා අඩි සද්දයක්...ඒ අඩි සද්දේ එන්න එන්නම ඈතට ගියා. හරියට එයා ලග හිටපු කෙනා ඈතට යනවා වගේ.
ජන්කුක්ගේ ඇස් වලින් කදුලු නොදැනිම ගලන් ගියා... හේතුවක් නොදැනිම ඇස් අගින් කදුලු ගලන් ගියේ, අමුතු වේදනාවකින් හිත පිරෙද්දී.













# To be continue #

______________________________________

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

178K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
55.8K 7.9K 65
❝ මට බෑ ජන්කුක්, මට තවත් බෑ.. මම කොහොමද මගේ දරුවගේ මිණීමරුවා එක්ක එකට ජීවත් වෙන්නේ.. සමාවෙන්න, පරවුණු මලකට ජීවය දෙන්න උත්සාහා කරන්න එපා ජන්කුක්.. ඒක...
91.3K 12.1K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
4.4K 1K 19
Fictional bl story "taehyung!! මේ අහන්න ප්‍රශ්ණ විසඳන ක්‍රම තියෙනවා..ඒත් මේක එහෙම ක්‍රමයක් නෙමෙයි..." "මේක තමයි මගේ ක්‍රමය...😏" ආදරයේ නාමයෙන් වියරු...