Dosen't belong love

De Marivok

49.4K 12.3K 5.4K

" මං පැරදුනේ ආකේඩ් එකේ අපි කරපු game නෙමේ,ඔයාට ආදරේ කරපු එකයි මගෙ ජීවීතේ ලොකුම පරාදවීම... " " ඒත් කාලේ වෙනස්... Mai multe

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 06
Chapter 07
Chapter 05
Chapter 08
Chapter 09
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35 ( END)

Chapter 10

1.4K 354 305
De Marivok


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

ඇත්තටම ජන්කුක්ට ඕන උනේ එයාට නැති උන ජීවිතේ ගෙවන්න. එයාගෙ මැරුන ආත්මෙට පණ දෙන්න. එයා කිසිම දවසක එයාගේ ඇත්ත කාටවත් කියලා නෑ.

ජන්කුක් අවුරුදු 15දි එයා දැනගත්තේ එයා gay කියලා.එයා දන්න හැම පිරිමි ලමයෙක්ම ගෑනු ලමයි එක්ක සම්බන්දකම් තියද්දී එයාට ගෑනු ලමයි ගෙන ආසාවක් තිබ්බේ නෑ. එයා ඒ වෙනුවට male actorsලා, male singersලාට crush කරන්න ගත්තා.

කඩවසම් actorsලගෙ පොටෝ, පිංතූර හොරෙන් එකතු කරා. එයාගේ කාමරේ ඒ පිංතූර තිබ්බේ, ඒත් හන්ජී ජන්කුක්ගේ ඒ පුරුද්දට කැමති උන් නෑ. ජන්කුක් අදින පලදින විදිය උනත් හන්ජිගේ කැමැත්තට උනේ. කාමරේ බිත්තියේ තිබ්බ actorsලගෙ පිංතූර , එයා එකතු කරපු පිංතූර ඔක්කොම උදුනේ ගිනි ගත්තා.

හන්ජී , ජන්කුක්ට සමාජේ ගෙන ගොඩක් දේවල් කියලා දුන්නා. සමාජෙන් bully නොවී ජීවත් වෙන්න කියලා දුන්නා. ජන්කුක් පොඩි කාලේ ඉදන් හැදුනේ හන්ජී එයාට කියපු විදියට. ඊට පස්සේ ලුසී හම්බුනාම බොරු ජීවිතයක් ගෙවන්න උනේ.

ජන්කුක් ඇත්තටම කරපු කිසි දෙයක් කරේ කිසිම කැමැත්තකින් නෙමේ. ඒ කරපු හැමදේම බොරු රගපෑම් . එයා එයාව මරලා දාලා, බොරු ජීවිතයක් ගෙවන්න ගත්තා.එයාට ඕනේ මොනාද, එයා කවුද කියන එකවත් අමතක වෙන තරම් එයා බොරු ජීවිතයක් ගෙව්වේ.

ඒත් එකපාරම ටේහ්‍යුන්ග් එයාගේ ජීවිතේට ආවා, ඒ ස්පර්ශය , ඒ උණුසුම අස්සේ එයාට තේරුනා එයාට ඇත්තටම මොනාද ඕනේ කියලා. එයාට තේරුනා එයා කවුද කියලා. එයාට ඕන උනා ලෝකෙට හොරෙන් හරි එයා වෙන්න.

අනිත් අයට ඕන විදියට ජීවත් උනා. දැං ඇති, එයාටත් ජීවිතයක් තියනවා. අර පොඩි කාලෙම මරලා දැම්ම ජන්කුක්ට, ඇත්ත ජන්කුක්ට පණ දෙන්න ඕන උනා. එයාට එයා වෙලා බලන්න හිතුනා. මැරෙන්න කලින් එයාගේ ආත්මේ satisfy කරගන්න ඕන උනා.

මොකද එයාට දැනටමත් මේ බොරු රගපෑම් එපා වෙලා තිබ්බේ.

Jk-" මට ඔයාට කියන්න ඕනේ... ම්ම්ම්.. ම-මගෙ ජැක් වෙන්න "

ටේහ්‍යුන්ග්ගේ ඇහිබැම ඇකිලුනා.

TH-" ඔයා කොහොමත් මට ඒ නමින් කතා කරනවා... මං කියන්නේ මොකද්ද ඒකේ වෙනස "

Jk-" ඒක වෙනස්.. මං ඔයාට ඒ නමින් කතා කරාට ඔයා තවමත් ටේහ්‍යුන්ග් විදියට ඉන්නේ. ඒත් මට ඕනේ ඔයා ඇත්තටම මගෙ ජැක් වෙනවා දකින්න... "

ජන්කුක්ට ඒක කෙලින්ම කියන්න තරම් හයියක් තිබ්බේ නෑ. ඒත් එයා මේක ටේහ්‍යුන්ග්ට කිව්වේ නැත්තන් තවත් වෙන්නේ එයාට එයාව නැති වෙන එක විතරයි. ඉතින් එයා උත්සහයක් ගත්තා.

TH-" ඔයාගේ boyfriend වෙන්න ? "

Jk-" මං දන්නවා ඔයා කීයටවත් ඒකට එකග වෙන් නෑ.ඔයාට මගෙ boyfriend නොවී ඉන්න පුලුවන් ...."

TH-" මොකක් ? "

Jk-" මං කවදාවත් ජීවිතේ satisfy වෙලා නෑ. ඔයා දන්නවා මං..මං g-gay කියලා. ඒත් මං මෙච්චරකල් ජීවත් උනේ මගෙ ඇත්ත ලෝකෙන් හංගලා. ජීවත් උනේ අනිත් අය සතුටු කරන්න. ඒත් කවදාවත් මං මට ඕන දේවල් ගෙන හිතලා තිබ්බේ නෑ. මගෙ ඇගට, මගෙ ආත්මෙට , මට සැනසීමක් ලැබෙන දෙයක් කරේ නෑ. ඒත් ඊයේ... ඊයේ රෑ..... "

TH-" ඇයි ? ඇයි ඊයේ රෑ මොකද උනේ .. ඔයා කිව්වා.. මං..මං මොකුත් කරේ නෑ කියලා. එහෙමනේ ? "

Jk-" ඔ-ඔව් ඒත්.. අපි.. අපි "

ජන්කුක්ගේ උගුරකට වේලෙනවා වගේ තේරුනා. ඒත් එයාට දැං කතාව අතරමැද නවත්තන්න ඕන් නෑ. එයා දිගටම කතා කරා .

Jk-" අපි ඊයේ රෑ kiss කරා.. "

ජන්කුක් , එයාගෙම උකුල දිහා බලාගත්තේ ටේහ්‍යුන්ග්ට මූන දෙන්න බෑ වගේ දැනුන හින්දා.

Jk-" මට සමාවෙන්න .. මං දන්නවා ඔයා ඒකට සමහරවිට අකමැති ඇති "

TH-" මට ඒක මතකවත් නෑ "

Jk-" ඒත් ඒක මට මැරෙනකන් අමතක වෙන් නැති වෙයි. මට දැනුනා.. මට දැනුනා මං ජීවත් වෙනවා, හුස්ම ගන්නවා, මාව ආයේ ඉපදුනා වගේ . හරියට මගෙ ජීවිත කාලෙටම මට ඕන උනේ එහෙම ඉන්න වගේ. මට දැනුනා මේ ඉන්නේ ඇත්ත මං.. මම ඒක වින්දා.. මට මං වෙන්න ලැබුනා. ඒ ඔයා හින්දා, මට එකපාරක් හරි මං වෙන්න ලැබුනා. මට මෙච්චරකල් රගපාලා එපා වෙලා හිටියේ. ඒත් අවසානෙට මට මං වෙන්න ලැබුනා , හරියට මට ඕන උනා වගේ "

TH-" ජන්කුක් ඔයා කියන්නේ ඔයාට ඒක .. මං කියන්නේ ම්ම්ම්... ඕනෙද ? මං කියන්නේ gay... ම්ම්ම් මාත් එක්ක~~~"

Jk-" මං කියන්නේ මට ඒ උණුසුම දෙන්න. මාව ඔයාගේ boyfriend කරගන්න කියන් නෑ. ඒත් ඔයාට පුලුවන්ද මට ඒ උණුසුම දෙන්න,
ඔයා ලගින් තියා ගන්න පුලුවන්ද ? "

ටේහ්‍යුන්ග් ලොකු හුස්මක් අරන් දිවෙන් යටිතොල තෙත් කරන ගමන් තප්පර ගානක් කල්පනාවට වැටුනා. මොකද ටේහ්‍යුන්ග් දැං ඉන්නේ හොද සිහියෙන්, ඊයේ වගේ බීලා නෙමේ .

TH-" ජන්කුක් ඒක ලොකු deal එකක්. මං කියන්නේ ඔව් අපි යාලුවෝ නෙමේ, ඒ වගෙම blood related නෑ , අපි ලගින් ඉන්නවා ඒ වගේම අහම්බෙන් අපි කිස් කරා. ඒත් අපි boyfriendලා නෙමේ, ඒ වගේ දෙයක් කීයටවත් වෙන් නෑ.
ඔයා engaged .. ඉතින් මට ඒක ගෙන හිතන්න ඕනේ.... "

ටේහ්‍යුන්ග්ට ඒක ගෙන හිතන්න දෙයක් නෑ. එයාට ඒකට උත්තරේ දැං උනත් දෙන්න පුලුවන් . ඒත් එයාට ඕන උනා ජන්කුක්ගෙන් ඈත් වෙන්න, මොකද එයා විශ්වාස කරා එයා කැමති ගෑනු ලමයින්ට විතරයි කියලා. ඒ වගේම ඊයේ රෑ උන දේ ගෙන එයාට බයක් දැනුනා.

ඒක ගොඩක් අමාරු දෙයක්. ජන්කුක්ගේ රවුම් ලස්සන ඇස් මග අරින එක, ඒ ඇස් වල අසරණකම දකින එක, ඒ යටහත් පහත් ඉල්ලීම් ප්‍රතික්ශේප කරන එක ටේහ්‍යුන්ග්ට දවසින් දවස අමාරු දෙයක් වෙලා තිබ්බේ. ඉතින් එයා ඒකට ටිකක් බය උනා. ඒ හින්දා ජන්කුක්ගේ මේ ඉල්ලීමට එකග වෙන්න කලින් හිතන්න ඕන උනා.

ජන්කුක්ගේ request එකේ කිසිමතැනක කිව්වේ නෑ ජන්කුක්ට sex කරන්න ඕනේ කියලා. එයා කිව්වේ එයාගේ ජැක් වෙන්න, boyfriend වෙන්න ඕන් නෑ, ඒත් boyfriend කෙනෙක්ගේ උණුසුම දෙන්න කියලා.

Dating යන්න, එකට හිනාවෙන්න ,කතාකරන්න ,අඩන්න ලගින් ඉන්න කෙනෙක් ජන්කුක්ට ඕන උනේ. එහෙම උණුසුමක් ලැබෙන්න ආසාවෙන් හිටියේ. එයාගේ ජැක්ගෙන් එයා ඒ දේවල් බලාපොරොත්තු උනා.

Officially boyfriend නොවුනත්, ජන්කුක්ට ඕන උනේ ඒ වගේ දැනෙන කෙනෙක් වෙන්න.

ඒත් ටේහ්‍යුන්ග්ට තේරුනා ඒක හිතන තරම් ලේසි නැති වෙයි කියලා. ජන්කුක් බොලදයි, ඒත් ටේහ්‍යුන්ග් හැමදේම ගෙන ගොඩක් හිතනවා.

Jk-" ඔයා ඒකට අකමැති උනත් .. අර්හ් මට කවදාවත් ඒ දේ විදින්න ලැබෙන් නැති වෙයිද ටේ. මට කවදාවත් හදවතින් හිනාවෙන්න බැරි වෙයිද ? "

TH-" මට ඒ ගෙන තව හිතන්න ඕනේ , මං.. මං ඔයාට ඒකට උත්තරයක් දෙන්නම් "

ටේහ්‍යුන්ග් ඇදෙන් නැගිට්ටා.

TH-" anyway .. ඔයාට අද එලියට යන්න ඕනෙද ? අද දවසම අපි දෙන්නට free. "

Jk-" ඔයා එක්ක ඕන දෙයක් "

ජන්කුක් හිනාවෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" දැංවත් දොරේ යතුර දෙන්න "

Jk-" ඔයා බයික් එකේ යතුර දෙනවා නම් "

මොකද , තවමත් ටේහ්‍යුන්ග් පැනලා යයි කියන බය ජන්කුක්ට තිබ්බා. ඊයේ දවස ජන්කුක්ට කවදාවත් අමතක වෙන් නෑ. ඒ තරම් වේදනා දැනුන දවසක්. ආයේ එහෙම නොවෙන්න ජන්කුක් බයික් එකේ යතුර ඉල්ලුවා.

TH-" නෑ... මගෙ බයික් එකේ යතුර.. කීයටවත් නෑ..."

Jk-" එහෙනම් ඇතුලට වෙලාම ඉමු "

TH-" දවසම ? මොකුත් නොකා "

Jk-" සමහරවිට . හැබැයි ඔයා බයික් එකේ යතුර දුන්නොත් එහෙම වෙන් නෑ... "

TH-" Are you serious ? "

ටේහ්‍යුන්ග් ඇදට නැග්ගා.

TH-" ඔයා හිතන් ඉන්නේ මට ඔය යතුර ගන්න බෑ කියලද ? "

ටේහ්‍යුන්ග් , කට කොනින් හිනාවෙන ගමන් ජන්කුක්ට ලං උනා. ජන්කුක් යතුර සාක්කුවෙන් අතට අරන් මිටමොලව ගත්තා.

Jk-" බෑ.... "

ජන්කුක් හිනාවෙලා , ඇදේ ටික ටික පස්සට උනා.

TH-" අහ්.. එච්චර හයියක් "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ලගට තව තවත් ලං උනා.

TH-" අපි බලමු "

ටේහ්‍යුන්ග් , එවෙලෙම ජන්කුක්ට ඇටෑක් කරා. ජන්කුක්ට ඕන උනේ නෑ ඒ යතුර අත අරින්න, ඒ වගේම ටේහ්‍යුන්ග්ට ඕන් උන් නෑ ජන්කුක්ට පරාද වෙන්න. ටේහ්‍යුන්ග් , ජන්කුක් අතින් යතුර ගන්න උත්සහ කරා.

දෙන්නටම අමතකයි ඊයේ උන සිදුවීම, ඊයේ රෑ උන ප්‍රශ්නේ ඒ වගේම දැං ටිකකට කලින් උන ප්‍රශ්න. එයාලා වෙලාවකට හැසිරෙන්නේ පොඩි ලමයි වගේ.

ටේහ්‍යුන්ග් , ජන්කුක් එක්ක පොරබදලා යතුර ගන්න උත්සහ කරත්, ජන්කුක් යතුර දෙන්න සූදානමක් තිබ්බේ නෑ . ටේහ්‍යුන්ග් , ජන්කුක් අතින් යතුර උදුරන්න හැදුවත්, දෙන්නම අවසානෙට පොරබැදිල්ල නතර කරේ ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ ඇග උඩට වැටුන හින්දා.

ටේහ්‍යුන්ග් unbalance වෙලා ජන්කුක්ගේ ඇග උඩට වැටුනා. එයාලට තප්පර ගානක් ගියාට පස්සේ තේරුනේ එයාලා ඉන්න විදිය. එයාලගේ මූනු ඒ තරම් ලගින් තිබ්බේ, එයාලගේ ඇග එකිනෙකට ස්පර්ශ වෙලා . ඒ වගේම ටේහ්‍යුන්ග්ට දැනුනා ජන්කුක්ගේ සීතල තොල් එයාගේ කම්මුලේ ස්පර්ශ වෙනවා.

ටේහ්‍යුන්ග් දන් නෑ ජන්කුක්ගේ තොල් හිතාමතාම මූනේ ගෑවුනාද, නැත්තන් අහම්බෙන් තිබ්බද කියලා. ඒත් එයා දන්නේ එයාගේ ඇගට අමුත්තක් දැනුනා, කම්මුල සීතල උනා කියලා විතරයි.

ටේහ්‍යුන්ග් ඒ ඉන්න විදියටම ජන්කුක් දිහා බැලුවා. ජන්කුක්ගේ තොල් වල ලාවට ආදරණීය හිනාවක් තිබ්බා, ඒ ඇස් වල සතුට පිරිලා තිබ්බා.

ටේහ්‍යුන්ග් කියන්නම ඕනේ ජන්කුක්ට තිබ්බේ ගෑනු කෙනෙක්ටවත් නැති අමුතු ලස්සන පෙනුමක්. අවුරුදු 25ක් කියලා කීයටවත් කියන්න බෑ.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තොල්පෙති අගින් මහපට ඇගිල්ල තියලා හෙමින් පිරිමැද්දා . ජන්කුක්ගේ හීනි තොල්පෙති ටේහ්‍යුන්ග්ගේ ස්පර්ශයට ඕන විදියට පාලනේ වෙන්න දුන්නා.

TH-" smooth "

ටේහ්‍යුන්ග් කතා කරේ ගැඹුරු , හඩකින්. ටේහ්‍යුන්ග්ගේ උණුසුම් හුස්ම , ගැඹුරු හඩ හින්දා ජන්කුක්ගේ ඇග ඇතුලෙන් හිරිවැටිලා ගියා වගේ දැනුනා . ජන්කුක්ගේ ඇස් පියවුනේ ඉබේටමයි .

ජන්කුක්ගේ හුස්ම එන්න එන්න බරයි වගේ දැනුනා. ටේහ්‍යුන්ග්ට පිලිගන්නම වෙනවා ඒ ජන්කුක්ගේ පෙනුම සරාගී කියලා. ජන්කුක් , ඇස් පියාගෙන හුස්ම ගන්න විදිය ගොඩක් සරාගී.
ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ රූපේ විනාඩි ගානකට අතරමං උනත් එකපාරම හරි මනසට අවා.

TH-" අහ්ම්... මං.. ම්ම්ම්... "

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ ඇග උඩින් නැගිට්ටා. ජන්කුක්ට ප්‍රතිරෝධ වෙන එක ටිකක් අමාරුයි.
ටේහ්‍යුන්ග් ඇදේ වාඩි වෙලා ජන්කුක් දිහා බැලුවා.

TH-" unbalance උනා "

ජන්කුක් ඇස් ඇරලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.
' මාව කිස් කරයි කියලා හිතන්න තරම් මං මෝඩ වෙලා '
ජන්කුක් ඇදෙන් වාඩි උනා.

TH-" මං කෑම හදන් එන්නම් "

Jk-" ඇයි ඔයා හැදුවේ. සැන්ඩ්විච් .. තවම තියනවනේ ".

TH-" ඔව් ..මං කිව්වේ. ආ බයික් එකේ යතුර "

ටේහ්‍යුන්ග් , බයික් එකේ යතුර ජන්කුක්ට දුන්නා. මොකද ටේහ්‍යුන්ග් කලබල වෙලා හිටියේ අහන දේට උත්තර දෙන්න බැරුව.

TH-" දොරේ යතුර ? "

ජන්කුක් , එයා අතේ තිබ්බ දොරේ යතුර ටේහ්‍යුන්ග්ට දුන්නා.

Jk-" ඇත්තටම ඔයා යන්නේ කෑම හදන්නද ? "

TH-" මං වැඩිය කෑම හදන්න දන්නේ නෑ "

Jk-" මං කියලා දෙන්නම් "

TH-" එපා..."

ටේහ්‍යුන්ග් ඇදෙන් නැගිට්ටා. ටේහ්‍යුන්ග් එක්කම ජන්කුකිත් ඇදෙන් නැගිට්ටා.

Jk-" ජැක්.. ඔයත් මේවා පුරුදු වෙන්න ඕනේ. "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අතින් ඇදගෙන ගියා.

TH-" ජන්කුක් මට ඒවා ඉගෙනගන්න ඕන් නෑ. "

ජන්කුක් , ටේහ්‍යුන්ග් අතින් යතුර අරගෙන දොර ඇරලා ටේහ්‍යුන්ගේ අතින් අල්ලගෙන පහලට ඇවිදන් ගියා.

Jk-" මං අවුරුදු 13 ඉදලා කෑම හදනවා. ඉස්සර හන්ජී වැඩට යනවා "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අතින් ඇදගෙන ඇවිදගෙන යන ගමන් කතා කරා. ටේහ්‍යුන්ග් බලේට වගේ ආවේ, ජන්කුක් තමා අතින් ඇදගෙන ඉස්සරහින් ඇවිදන් ගියේ.

Jk-" එතකොට හන්ජිට රෑට ඇවිත් කෑම හදන්න වෙලාවක් නෑ . ඉතින් මං හැමදාම හන්ජී එන්න කලින් කෑම හදලා තියනවා. "

ජන්කුක් දිගටම කියව කියව කුස්සිය පැත්තට ඇවිදන් ගියේ තවමත් ටේහ්‍යුන්ග්ගේ අතින් ඇදගෙනමයි.

Jk-" ඊට පස්සේ මං අවුරුදු 16 ඉදන් පොඩි පොඩි පාර්ට් ටයිම් වැඩ කරා . ඒ කාලෙත් මං හන්ජී එක්ක එකට කෑම හ~~~~"

ජන්කුක් එකපාරම නැවතුනා. මොකද ජන්කුක් දැක්කා කුස්සියේ ඉදන් ලුසී එලියට එනවා.

L-" hey good morning both of you "

ලුසී ඒ දෙන්නා ලගට ඇවිදගෙන ආවා, ජන්කුක් හෙමින් අඩියෙන් අඩිය පස්සට ගියා. ජන්කුක් දන් නෑ ඇයි එයා ලුසීගේ හුස්මක්වත් වැදෙනවට මෙච්චර අකමැති කියලා.

L-" දෙන්නාටම තියෙන්නේ එකම නරක පුරුද්ද "

ලුසී, ඉස්සටහට එන්න එන්න ජන්කුක් අඩිය අඩිය පස්සට තිබ්බා. අවසානේ ජන්කුක්ගේ කොන්ද ටේහ්‍යුන්ග්ගේ පපුවේ වැදිලා නැවතුනේ. ඒත් තවමත් ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ අතින් අල්ලන්.

L-" Good morning කිව්වම සද්ද නැතුව ඉන්නවා "

ටේහ්‍යුන්ග්ට දැනුනා, ජන්කුක් එයාගේ අත තදින් මිරිකනවා වගේ. ඒ කියන්නේ ජන්කුක්ට ලුසී ඉස්සරහා ලොකු අපහසුතාවක් දැනෙනවා.
ජන්කුක් කිව්වා ඇත්ත , එයා මේ කරලා තියෙන්නේ එයා එයාවම පණ පිටින් වල දාලා.

L-" Anyway ..ම්ම්ම් ඔයාලා කෑම කෑ~~ ඔහ් දෙවියනේ honey ඔයාගේ කම්මුලේ මේ තියෙන්නේ ඇගිලි පාරක්ද ? "

ලුසී, ජන්කුක්ගේ මූන අල්ලන්න හැදුවත් ජන්කුක් මූන පස්සට කරා. හරියටම කිව්වොත් දැං ජන්කුක් ඉන්නේ සම්පුර්ණයෙන් ටේහ්‍යුන්ග්ට හේත්තු වෙලා, එයාගේ ඔලුව ටේහ්‍යුන්ග්ගේ උරහිස් වල හේත්තු කරන්. බලන කෙනෙක්ට පේන්නේ ටේහ්‍යුන්ග් backhug කරනවා වගේ.

Jk-" අර්හ්.. එපා ලුසී.. ඒක.. ඒක මං කියන්නේ මගෙ අතින් උන එකක් . මගෙ එකක්.. කරදර වෙන්න එපා ... ස්තූතී "

L-" මං කොහො~~ What the.... අර්හ් hickey ? "

ලුසීගේ ඇහිබැම ඇකිලුනා.ජන්කුක් ඉක්මනින් කමිසේ කර හදාගෙන hickey එක වහගන්න try කරා.

L-" ජන්කුක් ! මේ hickey එක කොහෙන්ද කියනවා.. "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඉන වටේ අත දැම්මා .

L-" තමුන්ට අමතකද තමුන් මාත් එක්ක enga~~"

TH-" ලුසී , ඔයාට අමතකද මේ කාගෙ ගෙදරද කියලා . ඔය කටේ සද්දේ පොඩ්ඩක් අඩු කර ගත්තොත් හොද නැද්ද....."

ටේහ්‍යුන්ග් ලුසී දිහා බැලුවා.

TH-" මට ඔය දෙන්නගෙ ප්‍රශ්න වැඩක් නෑ. ඒත් මං මේක කියන්න ඕනේ, ජන්කුක්ගේ බෙල්ලේ marks තවත් ඉස්සරහට දකින්න ඕන් නැත්තන්........"

ඇත්තටම ටේහ්‍යුන්ග් කියන්න ඕනේ ' මං ඉස්සරහා kiss නොකර ඉන්න ' කියලා. ඒත් ටේහ්‍යුන්ග්ට එහෙම කියන්න බෑ.

TH-" permethrin spray එකක් ගෙනත් දෙන්න "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඉනෙන් අල්ලගෙන ලුසීව පහු කරන් ඇවිදන් ගියා.

L-" permethrin ? ඇයි ? "

TH-" ඒවා පාවිච්චි කරන්නේ මොකටද කියලා දන්නවනේ "

( permethrin spray එක නිකක් Insecticide එකක් වගේ. මදුරු දැල් වලටත් spray කරනවා. කෘමියන්ට, පොඩි පොඩි සත්තුන්ටත් spray කරනවා.. )

L-" ඔයා කියන්නේ ජන්කුක්ගේ බෙල්ලේ තියෙන්නේ මදුරුවෙක් කාපු පැල්ලමක් කියලද ? "

TH-" මං එහෙම කියන් නෑ. ඒත් මොකෙක් හරි සතෙක් හපලා... "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඉනෙන් අල්ලන් කුස්සියටම ආවා.

L-" insect ? "

ලුසීත් එයාලා පස්සෙන්ම කුස්සියට ආවා.

TH-" සමහරවිට ඔයාගේ fianceම දන්නවා ඇති හොදට මොකෙද්ද හැපුවේ කියලා "

ටේහ්‍යුන්ග් , කිසිම දෙයක් ගනන් ගන් නැති මූනක් හදාගෙන කතා කරේ.

L-" honey ... මොකෙද්ද ඔයාව හැපුවේ "

ලුසී ජන්කුක් දිහා බැලුවා.එවෙලෙම ජන්කුක් බැලුවේ ටේහ්‍යුන්ග් දිහා. සමහරවිට උදව්වක් බලාපොරොත්තුවෙන් වෙන්න ඇති. ඒත් ටේහ්‍යුන්ගෙන් උදව්වක් නෑ වගේ දැනුන හින්දා ජන්කුක් කතා කරන්න තීරණේ කරා.

Jk-" ටි..ටිකක් ලොකු ස-තෙක් "

L-" දෙවියනේ.. ඔයා ක්‍රීම් මොනා හරි~~~"

TH-" මට මතක විදියට ඔයා kitchen එකට ආව වැඩේ ඉවර වෙලා යන්න ගියේ. ඒත් ඔයා තවම kitchen එකේ... ඔයා දන්නවා මං ජන්කුක් වගේ නෙමේ... "

ටේහ්‍යුන්ග් ලුසී ලගට ඇවිදන් ආවේ කටකොනින් හිනාවීගෙන .

TH-" sexy ගෑනු ලමයි දැක්කම මගෙ හෝමෝන පාලනේ කර ගන්න අමතක වෙනවා.. ඒත් ඔයාට ප්‍රශ්නේ තවමත් ජන්කුක් බෙල්ල හපපු සතා ගෙන නම්..... "

ටේහ්‍යුන්ග් තවත් ලුසීට ලං උනා.

TH-" අද රෑට මගෙ කාමරේට එන්න babygirl .. අපි දෙන්නම ඒ සතාව හොයමු "

ටේහ්‍යුන්ග් කතා කරේ ගොඩක් ගැඹුරු seduce හඩකින්.අනිවාරෙන්ම ලුසීගේ විතරක් නෙමේ ජන්කුක්ගේ ඇගත් හිරිවැටෙන්න ඇති.

ලුසීගේ උගුරකට වේලුනා. ලුසී ඉක්මනින් ජන්කුක් දිහා බැලුවා.

L-" ම-මං.. මං .. ජන්කුක් මං රෙදි ටික හෝදලා එන්නම් "

ලුසී වෙව්ලන හඩින් කතාකරලා එතනින් යන්න ගියේ ආයේ ටේහ්‍යුන්ග් දිහාවත් නොබලා.

ටේහ්‍යුන්ග් , ජයග්‍රාහී විදියට හිනාවෙලා ආයෙත් ජන්කුක් ඉන්න පැත්තට ගියා. ඒත් ජන්කුක්ගේ මූනේ කලින් තිබ්බ හිනාව දැං නෑ. ජන්කුක් කිසිම හැගීමක් නැති මූනකින් ෆ්‍රිජ් එකේ තිබ්බ එලවලු ටිකක් අරන් භාජනේකට දැම්මා.

TH-" ඇයි එකපාරම silent උනේ "

Jk-" ඔයා ලුසීට කැමතිද ? "

ජන්කුක් එලවලු හෝදන ගමන් ඇහුවේ ටේහ්‍යුන්ග් දිහා නොබලා.

TH-" ඔහ්.. ඔයාගේ fianceeට crush කරනවා කියලද මේ ප්‍රශ්නේ "

Jk-" Crush.... ඇත්තටම මට කාටවත් කියන්න බෑ ලුසීට crush කරන්න එපා කියලා. මොකද ඒක නිකන්ම හැගීමක්. ඒත් ඒ ඔයා කරද්දි මට දුකයි.
I'm sorry .. මං දන්නවා මං ඕනවට වැඩී කියලා "

ජන්කුක් , එලවලු හෝදලා වෙන භාජනේකින් දැම්මා.

Jk-" මං ඔයාගේ boyfriend නෙමේ. ඔයාට කාටවත් crush කරන්න එපා කියන්න මට බෑ. ඒත් මං.. මට ජෙලස් එකක් හිතෙනවා. මට ඒක control කරන්න බෑ ජැක් "

TH-" දෙන්න මං කැරට් කපන්නම් "

ටේහ්‍යුන්ග් මාතෘකාව වෙනස් කරා.

Jk-" එපා.. මං කපන්නම්. ඔයා බලන් හිටියම ඇති. මං කියන්නේ පරිස්සමෙන් කරන්න ඕනේ ඔයාගේ ඇගිලි කැපෙන්නත් පුලුවන් "

TH-" මට අවුරුදු 9ක් නෙමේ.. අවුරුදු 19ක් "

ටේහ්‍යුන්ග් , ජන්කුක් අතින් පිහිය අරගෙන cutting board එක උඩින් කැරට් ගෙඩියක් අරන් තියන් කපන්න ගත්තා.

Jk-" පරිස්සමෙන් කපන්න.. "

ටේහ්‍යුන්ග් , කැරට් හෙමින් හෙමින් කපන්න ගත්තා.

ජන්කුක් ලූනු ගෙඩියක් අරන් කපන්න ගත්තා.

Jk-" ඔයා කාට හරි crush කරනවද ? මං කියන්නේ ඔයාට පුලුවන් .. ඕන කෙනෙක්ට crush කරන්න, ඔයාට affair එකක් උනත්.. උනත් පටන් ගන්න පුලුවන් . ඒත් මං නිකන් දැනගන්න අහන්නේ "

TH-" ම්ම්ම්.. දැනට නෑ "

Jk-" කාට හරි කරාද ? "

TH-" නෑ.. ඒ කියන්නේ මට කිසිම සීරියස් affair එකක් තිබ්බෙත් නෑ. හොදම යාලුවා sumi .. එච්චරයි "

Jk-" ඔහ්.. ඔයා ගෑනු ලමයි එක්ක flirt කරන්න දන්නවා. ඒකයි මං එහෙම ඇහුවේ "

TH-" ම්ම්ම්.. සමහරවිට ඒක උපතින් ආව හැකියාවක් "

ටේහ්‍යුන්ග් කැරට් කෑල්ලක් කටේ දාගන්න ගමන් කිව්වා.

Jk-" ඔයා ගොඩක් handsome . ඉතින් ඔයා flirt නොකරත් , ගෑනු ලමයි ඔයා පස්සෙන් එනවා විශ්වාසයි ..."

TH-" ඔයාට crush එකක් හිටියද ? "

ටේහ්‍යුන්ග් ආයෙත් කැරට් කපන ගමන් ඇහුවා.

Jk-" ම්ම්... මං අවුරුදු 15දි actorsලා, singersලාට කැමැත්තෙන් හිටියා. මගෙ wall එකෙත් එයාලගේ පොටෝ අලවලා තිබ්බා.. ම්ම්ම් crush කරා කිව්වොත් මං.......ඒකේ තේරුම දන් නෑ,
ඒත් මං ඒ කාලේ ඒ male artistලාට කැමැත්තෙන් හිටියා. "

TH-" ඒ කියන්නේ විශේෂයෙන් එක්කෙනෙක් කියලා කවුරුත් හිටියේ නෑ ? එහෙමනේ ? "

Jk-" singer කෙනෙක්.. මට මතක මගෙ wall එකේ වැඩිපුරම පොටෝ අලවලා තිබ්බේ එයාගේ "

TH-" ඒකෙන් අදහස් වෙන්නේ නෑනෙ ඔයා එයාට කැමැත්තෙන් හිටියා කියලා "

Jk-" සමහරවිට .. මං දන් නෑ. ඒත් ඒ කාලේ හැටියට මං ගොඩක් කැමැත්තෙන් හිටියේ එයාට. Charlie puth "

*thud*

එකපාරම cutting board එක බිම වැටුනා.

Jk-" දෙවියනේ ඔයාගේ ඇගිල්ල කැපුනා නේද ? "

ජන්කුක් , ටේහ්‍යුන්ග් ලගට එන්න හැදුවත් ටේහ්‍යුන්ග් කේන්තියෙන් පස්සට ගියා.

TH-" FUCKING SHIT ! "

ටේහ්‍යුන්ග් අතේ තිබ්බ පිහිය පොලේ ගැහුවා. ජන්කුක් ගැස්සිලා , ටේහ්‍යුන්ග්ගේ හැසිරීම දිහා පුදුමෙන් බලන් හිටියේ.

Jk-" ටේ.. මං ඒකයි කිව්වේ ඔයාට.. ඔයාට කපන්න එපා කියලා.. මං කැරට් ක~~~"

TH-" මට තමුන්ගේ advices ඕන් නෑ ජන්කුක් . මං තව පොඩි ලමයෙක් කියලා හිතන එක නතර කර ගන්නවා... "

Jk-" I... I'm sorry ... ඒත්. මං "

ටේහ්‍යුන්ග් අතේ තිබ්බ කැරට් අලෙත් පැත්තකට විසික් කරා.

Jk-" ටේ.. please කලබල වෙන්න එපා.මං කියන්නේ ඔයාගේ ඇගිල්ල..."

ජන්කුක් , ටේහ්‍යුන්ග් ලගට හෙමින් ඇවිදන් ගියා.
ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අතින් ඇල්ලුවා.

TH-" ඒක කරන්න බෑ.... "

ටේහ්‍යුන්ග් ලොකු හුස්මක් අරන් ජන්කුක් දිහා බැලුවා.

TH-" මං කියන්නේ මට කැරට් කපන්න බෑ "

ජන්කුක්ගේ ඇස් තිබ්බේ ටේහ්‍යුන්ග්ගේ ඇගිල්ල දිහාවට හැරිලා.

Jk-" ම-මං කිව්වා ඔයාට පරිස්සමෙන් කියලා "

ජන්කුක් කතාකරේ වේදනා පිරිනු හඩකින්. ජන්කුක්ගේ ඇස් වල කදුලු පිරිලා. ජන්කුක්ට තේරෙන් නෑ එයාගේ පපුවට ඇයි මෙච්චර වේදනාවක්. ටේහ්‍යුන්ග්ගේ ඇගිල්ල කැපුන එකට ඇයි එයාගෙ ඇස් වලින් කදුලු එන්නේ කියල .

TH-" හේ... ඔයා අඩනවද ? ම්ම්ම්.. මං මං කෑ ගැහුවේ ඔයාට නෙමේ.. "

Jk-" මේ ඔයා කෑ ගැහුව හින්දා එන කදුලු නෙමේ ජැක්. මේ කදුලු එන්නේ මට රිදුන හින්දා "

ටේහ්‍යුන්ග්ගේ ජීවිතේ දෙවනි වතාවට එයා වෙනුවෙන් අඩන්න කෙනෙක් හම්බුනා . එයා ගෙන ඕනවටත් වඩා වද වෙන කෙනෙක්. හරියට එයාගේ ඔම්මා වගේ. ටේහ්‍යුන්ග්ගේ පොඩි සීරීමක්වත් දරාගන්න බැරි කෙනෙක්.

TH-" මං හොදින්...."

ටේහ්‍යුන්ග් කාරුණික ගැඹුරු හඩකින් කතා කරේ. ඒ එක්කම ජන්කුක් ටේහ්‍යුන්ග්ව බදා ගත්තා.

Jk-" ම-මං කැමති නෑ කවදාවත් ඔයාගේ ලේ දකින්න..."

TH-" ජන්කුක් ..."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ උරහිසින් අල්ලලා පස්සට තල්ලු කරා.

TH-" ඇයි ඔයා මෙච්චර මං ගෙන හිතන්නේ ? ඇයි ඔයා මෙච්චර මට ලංවෙන්න හදන්නේ ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ නිකටෙන් උස්සලා ඇස් දිහා බලන ගමන් ඇහුවා.

Jk-" මං කලිනුත් කිව්වා මං ඔයාට කැමතී.. ඒත් ඔයා වැරදියට තේරුම් ගත්තේ මාව. මං ඔයාට කැමති , හැබැයි ඔයා හිතන විදියේ කැමැත්තක් නෙමේ... ඒක ඊට වඩා කැමැත්තක් . ඔයාට හිතන්න පුලුවන් මං ඔයාට crush කරනවා කියලා.. ඒත් මගෙ පැත්තෙන් ඒක ඊට වඩා දෙයක් උනත් වෙන්න පුලුවන් ... "

TH-" ඔයා වැරැද්දක් කරන්නේ..."

Jk-" මං දන්නවා . ඒත් මට සැනසීමක් ලැබෙන්නේ ඒකෙන් විතරයි . මං ඇත්තටම ඔයා ගෙන ගොඩක් වද වෙනවා මගෙ ජැක්. ඔයා හිතනවටත් වඩා "

ඇයි ටේහ්‍යුන්ග්ට මේ ගෙන දුර්වල හැගීම් එන්නේ ? හරියට ' එයා මං ගෙන ගොඩක් වදවෙනවා,ඇයි මං එයාගේ එකම කැමැත්ත ඉශ්ට කරන් නැත්තේ ' වගේ.

TH-" එකගයි .... "

Jk-" අහ් ? මොකටද ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව පස්සෙන් පස්සට තල්ලු කරගෙන ගිහින් කුස්සියේ දොර වහලා දොරට හේත්තු කරා.

TH-" ඔයාගේ deal එකට. ඔයාට ඒකෙන් සැනසීමක් ලැබෙනවා නම් ඔයාට ඕන විදියට මං ඉන්නම්. මං කිව්වේ boyfriend .. ම්ම්ම් fake boyfriend "

Jk-" ටේ......"

TH-" මං ඔයාගේ ජැක් වෙන්නම්. ඔයා marry කරනන් , නැත්තන් ඔයා මෙහෙන් යනකන් "

Jk-" මට මැරි කරන්නවත්, මෙහෙන් යන්නවත් ඕන් නැති වෙයි "

TH-" ඔයා කියනකන් මං එහෙම ඉන්නම්.. ඒත් , ඒත් අපි fake boyfriendලා "

ජන්කුක් හිනාවෙලා , ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" ස්තූතී... "

ජන්කුක් එයාගේ සිනිදු තොල් ටේහ්‍යුන්ග්ගේ කම්මුලෙන් තිබ්බා.

TH-" මගෙන් reply එකත් ඕනෙද "

Jk-" ඔ-ඔව්... "

ටේත් ජන්කුක් කරා වගේම, එයාගේ තොල් ජන්කුක්ගේ කම්මුලෙන් තියලා කිස් එකක් දුන්නා.

ජන්කුක් නැවතුනේ නැ. එයා අනිත් කම්මුලටත් kiss එකක් දුන්නා.

TH-" reply ඕනෙද ? "

Jk-" ඔ-ඔව් "

ටේත් ජන්කුක්ගේ අනිත් කම්මුලට කිස් එකක් දුන්නා.

ජන්කුක් ආයෙත් ටේහ්‍යුන්ග්ගේ නලලට kiss එකක් දුන්නා.

TH-" reply ඕනෙද ? "

Jk-" ඔව්..."

ටේත් ජන්කුක්ගේ නලලට kiss එකක් දුන්නා.

ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ නහයට kiss එකක් දුන්නා.

TH-" reply ඕනෙද ? "

ටේහ්‍යුන්ග් මේ සැරේ හිනාවෙලා ඇහුවා.

Jk-" ඔව්.. "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ නහයට kiss එකක් දුන්නා.

එතනින් ඉවරයි. ජන්කුක් එතනින් එහාට මොකුත් කරේ නෑ. හැබැයි එයා ටේහ්‍යුන්ග්ගේ තොල් දිහා බලලා ආයෙත් ටේහ්‍යුන්ග්ගේ ඇස් දිහා බැලුවා.

ටේහ්‍යුන්ග් ලාවට හිනාවෙලා ජන්කුක්ට ලං උනා.

TH-" reply ඕනෙද ? "

ටේහ්‍යුන්ග් කෙදිරුවා.

ඒත් මේ සැරේ ජන්කුක්ට reply කරන්න ජන්කුක් මොකුත් ටේහ්‍යුන්ග්ට කරේ නෑ.
එයා ටේහ්‍යුන්ග්ගේ තොල් දිහා බැලුවා විතරයි.

Jk-" අහ් ? "

ඒ එක්කම ජන්කුක්ට දැනුනා ටේහ්‍යුන්ග්ගේ තොල් එයාගේ තොල් වටේ එතෙනවා. ජන්කුක් මුලින් ශොක් උනා. ජන්කුක්ගේ ඇස් ලොකු උනා..
ඒත් වෙන්නේ මොකද්ද කියලා තේරුනාම , ජන්කුක්ගේ ඇස් ඉබේටම පිය උනා.

ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ තොල් වලට ප්‍රතිචාර දැක්කුවා. මේ පලවෙනි පාර නෙමේ, ඊයේ රෑත් මේක කරා. ඒත් මේක ඊට වඩා වෙනස්. ටේහ්‍යුන්ග් බීලා නෑ. ටේහ්‍යුන්ග් හොද සිහියෙන්.

ඒ වගේම ටේහ්‍යුන්ග් දැං එයාගේ boyfriend . ඔව් ඒ fake boyfriend . ඒත් එයාට දැනෙනවා ටේහ්‍යුන්ග් එයාගේ boyfriend වගෙ.

ජන්කුක් එයාගේ අත් ටේහ්‍යුන්ග්ගේ බෙල්ල වටේ ඔතා ගත්තා. ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ ඉනෙන් අල්ලලා ලගට ගත්තා. ටේහ්‍යුන්ග්ගේ ඇගිල්ල කැපිලා ලේ, ජන්කුක්ගේ ඇදුමේ ගෑවිලා.

ජන්කුක්ගේ ඇග දිගේ කරන්ට් එකක් යනවා වගේ, පපුවේ ස්පාක් එකක් වෙනවා වගේ. ඒක වචන වලින් විස්තර කරන්න අමාරු හැගීමක්.

ඒත් ටේහ්‍යුන්ග්ගේ dominant තොල්, එයාගේ තොල් පාලනේ කරන විදියට ජන්කුක් ගොඩක් කැමතී. එයාගේ තොල් , සම්පුර්ණයෙන් ජන්කුක්ව යටත් කරගෙන. ඒ විතරක් නෙමේ ඒකේ කියා ගන්න බැරි හැගීම් ගොඩක් තියනවා.

ජන්කුක්ගේ ආත්මේ ආයේ නැගිට්ටා වගේ. එයාට පණ ආවා වගේ, එයාගේ ආත්මෙම නිදහස් උනා වගේ දැනුනා. මේ හැගීම් විදින්න එයාට ඕනේ, මේ ඉන්නේ එයා සම්පුර්ණයෙන් එයා.

' ඔයාට ආදරේ නොකර ඉන්න එක අමාරු දෙයක් වෙයි ජැක් '












# To be continue #

______________________________________

මට පොඩි වැඩක් තිබ්බා. සොරී පෝ ලේට්...👀

================================

🍁Marivok🍁

Continuă lectura

O să-ți placă și

4.4K 1K 19
Fictional bl story "taehyung!! මේ අහන්න ප්‍රශ්ණ විසඳන ක්‍රම තියෙනවා..ඒත් මේක එහෙම ක්‍රමයක් නෙමෙයි..." "මේක තමයි මගේ ක්‍රමය...😏" ආදරයේ නාමයෙන් වියරු...
60.5K 8K 34
🐰 " ම..ට ඔයාට කි..යන්න දෙය..ක් තියෙනවා " ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බයෙන් බල බල එයාගෙ අත් එකට ගුලි කරන් කතා කරා 🐯 " මොකක්ද ? " ටේහ්‍යුන්ග් ජන්කුක්...
68.2K 12.5K 52
"මට තිබුනා එයාට ලං නොවී ඉන්න..ඇයි මම එයාව විශ්වාස කලේ..." . . . . . "මාම්..මගේ ඩැඩා කෝ???" "Baby ඔයාගෙ මාම්,ඩෑඩ් දෙන්නම මම!!" . . . "Please baby don'...
40K 9.9K 24
"ඔයාට ආදරය කරන්න මට ඔයත් එක්ක නිදා ගන්නම ඕනෙ නෑ ටේහ්‍යුන් , අතින්වත් අල්ලන්නෙ නැතිව, දකින්නෙවත් නැතිව ලියවෙන ආදර කතා කතා හරිම ලස්සනයි" -ජන්කුක්- •tae...