Dosen't belong love

Oleh Marivok

49.4K 12.3K 5.4K

" මං පැරදුනේ ආකේඩ් එකේ අපි කරපු game නෙමේ,ඔයාට ආදරේ කරපු එකයි මගෙ ජීවීතේ ලොකුම පරාදවීම... " " ඒත් කාලේ වෙනස්... Lebih Banyak

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 06
Chapter 05
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35 ( END)

Chapter 07

1.3K 353 167
Oleh Marivok


÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

සති කිහිපයක් ගත උනත් , හන්ජීගේ මනසින් එදා රෑ ටේහ්‍යුන්ග් කියපු කිසි දෙයක් අමතක කරන්න බැරි උනා තවම.

'Seo-joon, හන්ජීව marry කරේ ආදරේ හින්දා නෙමේ, ඒ ජන්කුක් හින්දා ? '

හන්ජිට ඒක විශ්වාස කරන්න ඕන උනේ නෑ. මොකද හන්ජී seo-joonට ආදරේ කරා. විශ්වාස කරා. ඒකයි අවුරුද්දක් ඇතුලත marry කරන්නත් එකග උනේ.
වයසින් වැඩි උනත්, දරුවෙක් හිටියත්...

හන්ජී, ටේහ්‍යුන්ග්ගේ වචන අමතක කරන්න තීරණේ කරා. තරහට ටේහ්‍යුන්ග් කියන වචන කියලා හිතුවා.

හන්ජී ඔක්කොම හිතේ විතරක් තියන් ඉන්න හිතුවා. හන්ජී ටික ටික ගෙදර කෙනෙක්ම උනා.. ගෙදර උයන වැඩ සහ අනිත් වැඩ ලුසී එක්ක එකතු වෙලා කරා.

ඒ වගේම seo-joon සුපුරුදු විදියට වැඩට යනවා. ඒ වගේම ටේහ්‍යුන්ග් , ජන්කුක් දවසින් දවස එන්න එන්නම් එකිනෙකාට ගොඩක් ලං වෙලා.

H-" ජන්කුකී ! "

හන්ජී, එක පාරම කෑ ගැහුවේ එතන කුස්සිය පහු කරන් යන ජන්කුක් දැකලා.
ජන්කුක් එකපාරම නතර උනා.

H-" කොහෙද යන්නේ ? "

Jk-" එලියට "

H-" අද ඔයාට නිවාඩු .. අද පාර්ට් ටයිම් නෑ. ඉතින් ඇයි එලියට ? "

Jk-" ඉක්මනින් ආකේඩ් එකට ගිහින් එන්නම් "

H-" අද වැඩ නැත්තන් ඇයි ආකේඩ් එකට යන්නේ මොකටද "

Jk-" ආකේඩ් එකට යන්නේ කෑම හදන්න නෙමේනේ හන්ජී.. ඒකට යන්නේ ගේම් play කරන්න "

හන්ජීගේ ඇස් පුදුමෙන් ලොකු උනා. ජන්කුක් සාමාන්‍යයෙන් අහිංසක ලමයෙක්. ඒත් මේ ඊයේ පෙරේදා ඉදලා ටිකක් දගලන්න අරන්.

හන්ජී හිතන විදියට ජන්කුක්ගේ මේ හැසිරීමට හේතුව නරක ආශ්‍රේ.. ටේහ්‍යුන්ග් එක්ක නිතරම එලියේ රවුම් ගහන්න පුරුදු වෙලා, රෑට ගොඩක් දවස් වලට එලියෙන් කනවා, ගෙදර එන්නේ රෑ වෙලා  ..

H-" ආකේඩ් එකේ කරන්නේ game කියලා දන්නවා. ඒත්, ඔයාට ඔහොම රවුම් ගහන්න බෑ. මොකද ඔයා දැනටමත් engage වෙලා ඉන්නෙ, ඔයාට වගකීමක් තියනවා. කොහොමද ඔයා ලුසීට මෙහෙම කරන්නේ ? ලුසී එක්ක දවස් කීයකින් හරියට කතා කරාද ? එයාටත් එයාගෙම හැගීම් තියනවා, එක දවසකටවත් ලුසී ගෙන හිතන්න බැරිද ?"

හන්ජී කතා කරේ කේන්තියෙන් .

Jk-" හ-හන්ජී මට පරක්කු වෙනවා.. ටේ-ටේහ්‍යුන්ග් බලන් ඇති "

H-" ටේහ්‍යුන්ග් ? ඔයා ඕනවට වඩා ටේහ්‍යුන්ග් එක්ක රවුම් ගහනවා. ජන්කුක් දැං ඔයාගේ හැසිරීම නරක් වෙලා "

ජන්කුක් මොකුත් නොකියා බිම බලා ගත්තා. ජන්කුක්ට හන්ජී එක්ක argue කරන්න ඕන් නෑ.

H-" ම්ම්ම්.. හරි අදට යන්නකෝ "

ජන්කුක් එතනින් එහාට මොකුත් අහන්න ගියේ නෑ, දුවලා යන්න ගියා. ජන්කුක් දුවලා එලියට යද්දී ටේහ්‍යුන්ග් බයික් එකට වෙලා වාඩි වෙලා.

Jk-" i..im sorry "

TH-" ඔච්චර වෙලා යනවද ලෑස්ති වෙන්න ... අහ් දැං නගින්න "

ජන්කුක් , දුවගෙන ඇවිත් ටේහ්‍යුන්ග්ගේ කරට අත තියලා බයික් එකට නැග්ගා.

Jk-" හ-හරි..."

TH-" අල්ල ගන්න "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ ඉන වටේ අත දැම්මා.

TH-" ටිකක් හයියෙන් "

Jk-" ඔයා බයයිද මං වැටෙයි කියලා "

ජන්කුක් හිනාවෙලා ටේහ්‍යුන්ග්ගේ ඉනෙන් තදින් බදාගෙන කෙදිරුවා.

TH-" ඔයා වැටෙන් නැති වෙයි.. ඒත් මං කැමතී ඔයා මාව බදාගෙන ඉන්න විදියට "

ටේහ්‍යුන්ග් ඒක කිව්වේ වැඩිය හිතන් නැතුව උනත්, ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ වචන ගෙන ගොඩක් හිතනවා. ටේහ්‍යුන්ග් කැමතී ජන්කුක් එයාව බදාගෙන ඉන්නවට ?

Jk-" මාත් කැමති ඔයාව බදා ගන්න "

ටේහ්‍යුන්ග් හිනා උනා. ටේහ්‍යුන්ග් ටිකෙන් ටික ජන්කුක් ලග comfortable වෙන්න අරන්. එයා කීයටවත් හිතුවේ ජන්කුක් එක්ක මේ වගේ බැදීමක් ඇති වෙයි කියලා.

ජන්කුක් එයා ගෙන care කරන විදිය, ලගින් ඉන්න විදියට එයා ගොඩක් කැමතී. ජන්කුක් ලග එයාට ගොඩක් පහසුයි. ඒක වෙනස් හැගීමක්.. එයාට කියන්න තේරෙන් නැති හැගීමක්.

ජන්කුක් , හිනාවෙලා ටේහ්‍යුන්ග්ගේ ඇගට හේත්තු උනා.

බයිසිකලේ මෙහෙම යනකොට සීතල හුලන් වදින විදිය, ටේහ්‍යුන්ග් හිනා වෙවී එක එක කතා කියන විදිය , ආකේඩ් එක අයිනේ බයිසිකලේ නවත්තලා එයාගේ අතින් අල්ලන් ආකේඩ් එක ඇතුලට යන විදිය.

ආකේඩ් එකේ කරන ගේම්, ඒ වගේම එතන ඉස්සරහා කලර් ලයිට් එක ලගින් අතින් අල්ලන් පාර මාරු වෙන විදිය, ඉස්සරහා කොෆී ශොප් එකේ හිනා වෙවී කාලේ ගතකරන විදිය.

මේ හැමදේකටම ජන්කුක් ආස කරා, ඒ විතරක් නෙමේ දවසින් දවස මේවට බැදුනා. මේ ජීවිතේට ආදරේ කරා. ටේහ්‍යුන්ග් ලගින් දැනෙන උණුසුම , ටේහ්‍යුන්ග් ලග දැනෙන ආරක්ශාවට ආස කරා.

ජන්කුක් පිරිමියෙක් උනත්, එයා තව කෙනෙක් මත යැපෙන්න කැමතී, කාට හරි යටත් වෙන්න කැමති . ඒ කෙනා ටේහ්‍යුන්ග් .. එයා කැමති ටේහ්‍යුන්ග් එයාව පාලනේ කරන විදියට. ලුසීගෙන් එයාට එහෙම දෙයක් ලැබෙන් නෑ.

ඒත් ටේහ්‍යුන්ග් එක්ක එයාට ඕන හැම හැගීමක්ම ලබා ගන්න පුලුවන් .

.

.

.

Jk-" අපි කොහෙද යන්නේ..."

TH-" ප්‍රශ්න ඇහුවා ඇති. එන්න අද අපි යන්නෙ ඔයා කවදාවත් ගිහින් නැති පැත්තකට  "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් අල්ලන් ආකේඩ් එක අයිනෙන් ඇවිදන් ගියා. ජන්කුක් කවදාවත් ආකේඩ් එක පිටපස්සේ area එකට ගිහින් තිබ්බෙ නෑ. එතන තියන ගේම් මොනාද, එතන තියෙන්නේ මොකද්ද කියලවත් දන් නෑ.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් අල්ලන් අවසානේ ආකේඩ් එක පිටපස්සට ආවා.

Jk-" මොකක් ? "

TH-" ඔව්.. මේක පිටිපස්සේ තියෙන්නේ මේවා , මං sumi එක්ක ඇවිත් තියනවා. Outdoor games... "

Jk-" මං හිතුවේ මේක ආකේඩ් එකක් කියලා "

TH-" මං පොඩි කාලේ මෙතන තිබ්බේ outdoor game සෙන්ටර් එකක්, ඒත්.ම්ම්ම් ලොකු කානිවල් එකක්.. කාලයක් යද්දී ලමයි computer games, online දේවල් ට්‍රෙන්ඩ් එකට කරන්න ගත්තා. අනික අවදානම අඩුයි ඒ හින්දා outdoor games  පිටපස්සේ තියෙද්දී , කම්පුයුටර් ගේමස් , ඔන්ලයින් ගේම් කරන්න පුලුවන් බිල්ඩින් එක ඉස්සරහින් හැදුවා..."

Jk-" ඒත් පේන්නේ ගොඩක් මිනිස්සු තවමත් outdoor games වලට කැමති වගේ "

TH-" ඔව්, මාත් ගොඩක් කැමතී.. මං පොඩිකාලේ ඔම්මා එක්ක මෙතනට ඇවිත් තියනවා, එතකොට මට ඇති අවුරුදු ම්ම්ම් 7ක් විතර .
ඊට පස්සේ ආවේ sumi එක්ක "

Jk-" දැං මාත් එක්ක "

TH-" දවසක මගෙ දරුවෝ එක්ක මෙතනට එන්න ආසයි. එයාලට පෙන්නනවා එයාගේ dada පොඩි කාලේ සෙල්ලම් කරපු තැන "

ජන්කුක්ගේ මූනේ හිනාව නැති උනා. මූන අදුරු උනා. ජන්කුක්ගේ හිතට අමුතු වේදනාවක් දැනෙන්නේ ඇයි. එයා දන් නෑ ඇයි එයා තවමත් මෝඩ සුරංගනා ලෝක වල ඉන්නේ ඇයි කියලා.
එයා ඇයි හිතන්නේ ටේහ්‍යුන්ග් එයාට ඕනේ කියලා, එයා ඇයි ටේහ්‍යුන්ග් වෙන පවුලක් එක්ක ඉන්නවට වෛර කරන්නේ.

ජන්කුක් දන් නෑ එයා කවදා ඉදන් මෙච්චර ආත්මාර්ථකාමී වෙන්න ගත්තද කියලා. ඒත් එයා දැං ගොඩක් ආත්මාර්ථකාමී වෙලා. ටේහ්‍යුන්ග්ගේ නොපෙනෙන අනාගතේ, ඒ දරුවන්ට පවා අකමැතී.

Jk-" ඔ-ඔයාට ඇත්තටම marry කරන්නම ඕනෙද ටේහ්‍යුන්ග් ? "

TH-" මට dadaa කෙනෙක් වෙන්න ඕනේ "

Jk-" ඒකේ තේරුම ඔයාට වයිෆ් කෙනෙක් ඕනේ කියන එක නෙමේනේ... ඔයාට dadaa කෙනෙක් වෙන්න පුලුවන් , adopt කර ගන්න පුලුවන් ..
ඔයාට... ඔයාට වයිෆ් කෙනෙක් නැතුව උන~~"

එකපාරම ජන්කුක්ට තේරුනා එයා කියන්නේ මොකද්ද කියලා. එයා මේ අසිහියෙන් වගේ කියන්නේ ටේහ්‍යුන්ග්ට marry කරන්න එපා කියලා.

එයාට ඒක තේරුනේ පස්සේ,

Jk-" ම..මං කිව්වේ... ම්ම්ම් .. කැමති නම් ma-marry කරන්නත් පුලුවන් "

TH-" ඒත් මං කැමති dada කෙනෙක් වෙන්න හැබැයි ඔයා කිව්වා වගේම husband කෙනෙක් වෙන්න කිසි ආසාවක් නෑ. හස්බන්ඩ්, වයිෆ් දේවල් බොරු වැඩ. පේනවනේ මගේ අප්පා.. දවසින් දවස අලුත් වයිෆ්ලා... "

Jk-" ටේහ්‍යුන්~~~"

TH-"  ferris wheel  "

ටේහ්‍යුන්ග් ඇගිල්ල දික් කරලා පෙන්නුවා.


TH-" යමු...."

ටේහ්‍යුන්ග් තොල් වල හිනාව පුරවන් ඒ පැත්තට ඇවිදන් ගියේ හරියට එයා ferris wheel පදින්නම බලාපොරොත්තුවෙන් හිටියා වගේ.

Jk-" ටේ... ම්ම්ම්... ඒත් "

TH-" ඇයි ? "

Jk-" මං.. මං කවදාවත් ferris wheel එකක ගිහින් නෑ... "

TH-" අර්හ්... අපි try කරමු "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් අල්ලන් ඒ පැත්තට ඇවිදන් ගියා. ටේහ්‍යුන්ග්ගේ අත් එයාගේ අත් තදින් අල්ලන් ඉන්න විදිය, එයාව මේ ඇදගෙන දුවන විදිය ඇරුනම වෙන කිසිදෙයක් හිතන්න ජන්කුක්ට හිතුන් නෑ.

ජන්කුක්ගේ ඇස් , ටේහ්‍යුන්ග්ගේ කඩවසම් මූනේ අතරමං වෙලා. එයා යන්නේ කොහෙදවත් දන් නැතුව, ටේහ්‍යුන්ග් එයාව ඇදන් යන පැත්තකට යනවා. ටේහ්‍යුන්ග්ගේ ඇස් සැරෙන් සැරේ එයා දිහා හැරි හැරී බලනවා.

ජන්කුක්ගේ පපුව වේගෙන් නුහුරු රටාවකට ගැහෙනවා. එකම වෙලාවේ එයා ඒ හැගීමට ආදරේ කරනවා වගේම වෛර කරනවා.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව එක තැනකට අරන් ඇවිත් නැවතුනා.

TH-" අපි එතනට ආවා..."

ජන්කුක් එවෙලේ තමා හරි මනසට ආවේ.

TH-" අපිට ferris wheel , ටිකට් දෙකක් දෙන්න "

ටේහ්‍යුන්ග් එතන ඉන්න මනුස්සයට සල්ලි ගෙව්වා.ටේහ්‍යුන්ග් ටිකට් අරගෙන ජන්කුක් ලගට ගියා.

Jk-" ටේ-ටේහ්‍යුන්ග් මට බයයි. මං කියන්නේ බැරිවෙලාවත් ඕක කඩන් වැටුනොත් "

TH-" අපි දෙන්නා නැග්ග හින්දා ? ඔයා හිතනවද අපි දෙන්නා එච්චර බරයි කියලා.. මං හිතන් නෑ "

ටේහ්‍යුන්ග් විහිලුවට වගේ කිව්වා.

Jk-" මං ඒක නෙමේ අදහස් කරේ.. මං කියන්නේ නිකන්, කඩන් ව~~~"

TH-" ඒක ආවා. නගිමු , "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් ඇදන් ගිහින් එක කූඩයක් ඇතුලෙන් වාඩි උනා.

TH-" ලොක් එක දා ගන්න "

Jk-" හ-හරි "

ජන්කුක් , සීට් ලොක් එක දා ගත්තා. එකපාරම ferris wheel එක ටිකක් උඩට කැරකුනා.

Jk-" ටේ-ටේහ්‍යුන්ග් මට.. මට ඔයා අල්ලන්න පුලුවන්ද ? "

TH-" මැරෙන්න බයද ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඇස් දිහා බැලුවා. ටේහ්‍යුන්ග්ගේ තොල් වල තිබ්බේ වියලි හිනාවක්.

Jk-" මැරෙන්න බය නෑ... ඒත් , එක දවසක් හරි මට මං වෙලා ජීවත් වෙන්න ඕනේ.. එහෙම හිටියට පස්සෙ මැරෙන්න බය නෑ "

ටේහ්‍යුන්ග්ගේ තොල් වල තිබ්බේ වියලි හිනාවක්. ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ අතින් තදින් ඇල්ලුවා. ජන්කුක්ගේ අත් සීතල වෙලා.

TH-" මං මැරෙන්න බය නෑ... ඒත් මං මැරෙනවට වඩා බයයි මං ආදරේ කරන අය මට කලින් මැරෙනවා බලන්න "

හරියට ටේහ්‍යුන්ග්ගේ ඔම්මා වගේ. එයා මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා. ඔම්මා එයාට නැති උනා. එයා ලෝකේ බයම දේ ආදරේ කරන අය නැති වෙන එක බලන්න.

Ferris wheel එක කැරකෙන්න පටන් ගත්තා. ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ අත තදින් අල්ල ගත්තා.

TH-" බය වෙන්න එපා... මං ඔයා ලගින් ඉන්නවා "

ජන්කුක් එයාගේ ඇස් ටේහ්‍යුන්ග් දිහාවට හරව ගත්තා. එයාට දැනුනා wheel එක කැරකෙනවා. ඒ සීතල හුලග වදිනවා. ඒ එක්කම ටේහ්‍යුන්ග්ගේ ලස්සන හිනාව. ඒක හැමදේටම වඩා ලස්සනයි.

ටේහ්‍යුන්ග්ට තිබ්බේ, එයාගේ කඩවසම් මූනටම ගැලපෙන ලස්සන boxy හිනාවක් .

අහස අදුරු වීගෙන ඇවිත්, ඒත් හද තවමත් අහසට එන්න අරන් විතරයි. හුලග වෙනදටත් වඩා සීතලයි.ඒත් ටේහ්‍යුන්ග්ගේ අත් උණුසුමට එයාගේ අත් එක්ක බැදිලා.හැමදේම හිමින් වෙනවා වගේ. හරියට මුලු ලෝකෙම එක තැන නතර වෙලා ඒ දෙන්නා විතරක් මේ ferris wheel එකේ කැරකෙනවා වගේ.

ජන්කුක්ට එක තප්පරේකට එයාගේ තැන අමතක උනා. එයාගේ තත්වේ අමතක උනා, එයාගේ හදවත මොකක් හරි කියනවා. මෙ ටික කාලෙට එයා ගොඩක් මේ උනුසුමට බැදිලා.

එයාට ඒකෙන් මිදෙන්න බෑ. ඒ වගේම එයාට එයාගේ ඇත්ත ජීවිතේ අමතක කරන්න බෑ.

' මගෙ ජීවිතෙත් හරියට මේ ferris wheel එක වගේ. ඔයා එක්ක ඉන්න වෙලාවට මට මගෙ ජීවිතේ උඩ තැන ඉන්නවා වගේ දැනෙනවා. මං සතුටින් ඉන්නවා වගේ දැනෙනවා.ජීවිතේ උපරිම හැහීම් විදිනවා. ඒත් මගෙ ඇත්ත මතක් උනාම මාව ආයෙත් පහලට වැටෙනවා. මගෙ බලාපොරොත්තු , ආසාවන් ඔක්කොම පහලට වැටෙනවා. මගෙ හිත මේ ferris wheel එක වගේ රවුමට කැරකෙනවා.
මට හැමදේම අමතක කරලා, ලෝකෙන් ඈත් වෙලා මේකේ උඩට වෙලා ඉන්න ඕන උනත් මං දන්නවා මාව ඊලග තප්පරේ ආයෙත් පහලට වැටෙනවා කියලා. ඒත් මට පහලට යන්න ඕන් නෑ... එතනින් බැහැලා ගිහින් මගෙ ජීවිතේ ගෙවන්න ඕන් නෑ. මට ඕනේ ඔයා එක්ක මෙතනට වෙලාම ඉන්න.. ඔයාගේ අත අල්ලගෙන... '

ජන්කුක්ට වචන වලින් කියාගන්න බැරි එයාගේ ජීවිතේ එයා හිතෙන් කිව්වා. ඒත් එයා දන්නවා ඒක ටේහ්‍යුන්ග්ට ඇහෙන් නෑ කියලා. මොනා කරන්නද එයාට ඒවා වචන වලින් කියන්න අයිතියක් නෑ.

ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා බැලුවා.

TH-" තවමත් මැරෙයි කියලා බයෙන්ද ඉන්නේ "

ටේහ්‍යුන්ග් , විහිලුවට වගේ ජන්කුක්ගෙන් ඇහුවා. ජන්කුක්ගේ ඇස් දිලිසෙනවා, ටේහ්‍යුන්ග්ට උනත් ජන්කුක්ගේ ඇස් වල අමුතු දෙයක් පේනවා.

ජන්කුක් දෙපැත්තට ඔලුව වැනුවේ 'නෑ' කියන්නයි.

Jk-" දන්නවද , එදා ටයිටැනික් නැව බාගෙට ගිලිලා, තිබ්බ පොඩි බෝට්ටු ඔක්කොගෙම වංසාදිපතිවරු පැනලා ගිහින්, මැරුන මිනී ගොඩක් වටේ පාවෙද්දිත් රෝස්, කැඩුන ලී කෑල්ලක් උඩ නිදාගෙන ජීවිතේ ගෙන හීන දැක්කා. ඒ කියන්නේ එයා විස්වාස කරා එදා එයා මැරෙන් නැති වෙයි කියලා. ජීවිතේ අවසන් බලාපොරොත්තුවත් නැති වෙලා ලී කෑල්ලක් විතරක් උඩ ඉදන් උනත් එයා විශ්වාස කරා එයා ආරක්ශිතයි, දැම්ම මැරෙන් නෑ කියලා "

ජන්කුක් ,ටේහ්‍යුන්ග්ගේ අත දිහා බැලුවා.

Jk-" දන්නවද ඒ ඇයි කියලා ? "

ටේහ්‍යුන්ග් දෙපැත්තට ඔලුව වැනුවා.

TH-" ඇ-ඇයි ? ඇයි රෝස් විශ්වාස කරේ කරේ එයා දැම්ම මැරෙන් නෑ කියලා , ඇයි එයා බය නැතුව ඒ ලීය උඩ හිටියේ "

Jk-" මොකද එදා ජැක් එයාගේ අතින් අල්ලන් හිටියේ . මහ මුහුද මැද ජීවිතේ බේරෙන්න කිසිම අවස්තාවක් නෑ කියලා දැන ගත්තත්, එදා ජැක් එයාගේ අතින් අත ඇරියේ නෑ. රෝස් ජැක්ව විශ්වාස කරා. රෝස් විශ්වාස කරා එයා දැම්ම මැරෙන් නෑ, මොකද එයාගේ ජැක් එයා ලග, එයාගේ අතින් අල්ලන් "

ජන්කුක් , හිනාවෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" එයා ජැක්ව විශ්වාස කරා. හරියට මං ඔයා විශ්වාස කරනවා වගේ. ඔයා මගෙ අතින් අල්ලන් ඉන්නකන් බයක් දැනෙන් නෑ. මොකද මං දන්නවා මං මැරෙන් නෑ කියලා... ඒ ඔයා මගෙ අතින් අල්ලන් හින්දා "

ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා බලලා හිනා උනා.

TH-" ඒ කියන්නේ මමයි ඔයාගේ ජැක් ? "

Jk-" මට ඔයාගේ රෝස් වෙන්න දෙනවා නම් "

ටේහ්‍යුන්ග් හිනාවෙලා , ජන්කුක්ගේ මූන මිරිකුවා.

TH-" එහෙනම් රෝස් දැං බහින්න. අපි පහලට ආවා.... "

ජන්කුක් දන්නෙත් නෑ, පහලට එනකන්ම. හේතුව එයා එයාගේ ජැක්ගේ, ඒ කියන්නේ ටේහ්‍යුන්ග්ගේ ලෝකේ අතරමං වෙලා හිටියේ.

ඒත් එයාට තේරුනා එයා ඒකට ගොඩක් කැමතී කියලා. ටේහ්‍යුන්ග්ගේ අතින් අල්ලන් ferris wheel එකේ යන එක ගොඩක් ආදරණීයයි.

ජන්කුක් , ටේහ්‍යුන්ග් බැහැලා ආයෙත් ඇවිදන් යන්න ගියා.

TH-" ඔයා ඒකට කැමතිද ? "

Jk-" ගොඩක් "

TH-" මාත්... පොඩි කාලෙ ඉදන් ආසයි "

Jk-" ඊලගට , ඊලගට කොහෙද යන්නෙ ? "

TH-" ඊලගට ගේමින් "

Jk-" අද අපිට free play කරන්න බැරි වෙයි "

TH-" ම්ම්ම්.. ඔව්.. ඉන්න මගෙ ලග සල්ලි ..."

ටේහ්‍යුන්ග් එයාගේ සාක්කුව ඇද්දා.

Jk-" මං ගාවත් ටිකක් ඇති "

ජන්කුක් , එයාගේ සාක්කුව ඇද්දා.

TH-" කොෆී ශොප් එකට යන්න සල්ලි ඉතුරු කරගෙන , ඉතුරු ඒවට ගේම් play කරමු "

Jk-" හරී...."

TH-" අදත් පරදින්න ලෑස්ති වෙන්න "

.

.

.

.

Jk-" මට දැම්ම ගෙදර යන්න බෑ..."

දැං වෙලාව 8ත් පහු වෙලා. එයාලා අදත් game play කරා. ඒත් හැමදාම සුපුරුදු පරිදි game ඔක්කොම දිනුවේ ටේහ්‍යුන්ග් . ජන්කුක් අදත් ටේහ්‍යුන්ග්ට පරාදයි.

ඉතින් කෝපි වලට ගෙවන්න උනේ ජන්කුක්ට . ජන්කුක් , ටේහ්‍යුන්ග් කොෆී ශොප් එකෙන් එලියට ආවා. දැං එයාලට ගෙදර යන්න තිබ්බේ. ඒත් ජන්කුක්ට දැම්ම ගෙදර යන්න ඕන් නෑ.

TH-" ඔයා හරි.. මටත් දැම්ම ගෙදර යන්න බෑ.. ම්ම්ම්.. මට අප්පා , එයාගේ වයිෆ් එක මේසේ ඉදන් කෑම කන එක බලන් ඉන්න ඕන් නෑ "

Jk-" ආකේඩ් එකේ ගේම් play කරන්නත් දැං සල්ලි නෑ..."

TH-" ම්ම්ම්... ඉන්න කල්පනා කරන්න "

Jk-" අනික අපිට රෑට කන්න. අද එලියෙන් කන්න අතේ සල්ලිත් නෑ. බැංකුවෙන් ගන්න කාඩ් එක ගෙනාවෙත් නෑ... "

TH-" හරි ... රෑට කෑමත් හම්බෙන, ඉන්න තැනකුත් තියනවා "

Jk-" කොහෙද ? "

TH-" අපි යමු "

ටේහ්‍යුන්ග් , ඇවිදන් ගියා.. ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ අතින් ඇල්ලුවා.

TH-" ඇයි..."

Jk-" ම-මං අතින් අල්ලන් ගියාට කමක් නැද්ද ? "

TH-" පාරෙ ඇවිදින්නෙත් මැරෙයි කියලා බයෙන්ද? "

නෑ.. ඇත්තටම මේ සැරේ ජන්කුක්ට ටේහ්‍යුන්ග්ගේ අතින් අල්ලන්න උවමනා උනේ ඒ හින්දා නෙමේ. එයා කැමතී ටේහ්‍යුන්ග්ගේ අතින් අල්ලන් යන්න ඒකයි.

Jk-" ඔව්...."

TH-" හරි..එහෙනම් යමු "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අතින් අල්ලන් ලයිට් වැටුන පාර දිගේ ඇවිදන් ගියා.

Jk-" ඇත්තටම අපි කොහෙද යන්නේ "

කලර් ලයිට් එක ලග crosswalk එකෙන් පාර එහා පැත්තට ඇවිදින ගමන් හිටියේ.

TH-" sumiගේ ගෙදර "

Jk-" මාත් ? "

TH-" ඔව් ඔයත් යනවා.. ඔයත් ගොඩක් කැමති වෙයි එයාට. එයා මගෙ best friend . "

Jk-" එයා best friend .. එතකොට මං ඔයාගේ කවුද ? "

TH-" හැමදාම එකම ප්‍රශ්නෙට උත්තරේ හොයනවා... ම්ම්ම්.. ඔයා කියන්න මං කවුද ඔයාගේ ? "

ජන්කුක් උණුසුම් හුස්මක් අරන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" ඔයා මගෙ ජැක් ..."

TH-" ඔයා හිතන්නේ මට දිගටම ජැක් කියන්නද ? "

Jk-" ම..මං දන් නෑ ඔයා මාව ඔයාගේ රෝස් කියලා පිලිගනීද , නැද්ද කියලා... ඒත් ඔයා මගෙ ජැක් "

අවසානේ එයාලා බයික් එක ලගටම ඇවිදගෙන ආවා.

TH-" එහෙනම් අපි යමු...."

ටේහ්‍යුන්ග් බයික් එකට නැග්ගා.ජන්කුක් හෙල්මට් එකේ ලොක් එක දා ගන්න ගමන් බයි එකට නැගලා ටේහ්‍යුන්ග්ව අල්ල ගත්තා. ටේහ්‍යුන්ග් බයික් එක start කරා..

TH-" හරි බලමු ඔයා ජැක්ව කොච්චර විශ්වාස කරනවද කියලා "

ටේහ්‍යුන්ග් බයික් එකේ ඇස්ලේටර් එක හයියෙන් අල්ලන් වේගෙන් බයික් එක පැද්දා.

Jk-" ඔයා විශ්වාසයි .. ඒත් ඔයාට මේක මෙච්චර වේගෙන් ගිහින් නවත්ත ගන්නවත් පුලුවන් වෙයි කියලා විශ්වාද ජැක් ? "

TH-" මට මගෙ බයික් එක විශ්වාසයි "

ටේහ්‍යුන්ග් තවත් වේගෙන් ගියා.

.

.

.

.

හන්ජීට ඇහුනා බයික් එකක් වේගෙන් ඇවිත් ගෙදර මිදුලේ නවත්තන්න සද්දයක්. හන්ජී වෙලාව බැලුවා. දැං වෙලාව 12.55යි. ජන්කුක් කවදාවත් මෙච්චර රෑ වෙලා ගෙදර එන් නෑ.

අනික අද පාර්ට්ටයිම් කිසිම දෙයක් නෑ. ඒ මදිවට ජන්කුක් අද පෝන් එකත් ගෙදර දාලා ගිහින් තිබ්බේ. ලුසීත් හොදටම බය වෙලා.

ලුසී, හන්ජී අද ජන්කුක් , ටේහ්‍යුන්ග් එනකන්ම සාලෙට වෙලා බලන් හිටියේ.

එක පාරම ගෙදර දොර ඇරගෙන ජන්කුක් , ටේහ්‍යුන්ග් ගෙදරට ආවා.

H-" ජන්කුක් ? දැන්ද ගෙදර එන්නේ ? මායි, ලුසී කොච්චර බය උනාද.. "

Jk-" මං.. මං ත-තනියෙන් නෙමේනේ හිටියේ ඇයි බය වෙන්නේ "

ලුසී එකපාරම දුවගෙන ලගට ආවා. ඇත්තටම ලුසී ලගට එන එක පවා ජන්කුක්ට ලොකු අපහඩුවක්.

L-" ඇයි පරක්කු උනේ ? "

ටේහ්‍යුන්ග් , කිසි දෙයක් දැක්කේ නෑ වගේ එතනින් ඇවිදන් යන්න ගියා.

Jk-"  මං එනකන් ඉන්න .. අර්හ්.. ටේ "

ජන්කුක් , ටේහ්‍යුන්ග් පස්සෙන් යන්න හැදුවත් එකපාරම ලුසී ජන්කුක්ව බදා ගත්තා. ජන්කුක් කීයටවත් හිතුවේ නෑ එවෙලේ ලුසී එයාව බදා ගනී කියලා.

එයාට ඕන උනා, ලුසීව තල්ලු කරලා දාලා ටේහ්‍යුන්ග් පස්සෙන් කාමරේට යන්න. ඒත් එයාට ලුසීට එහෙම කරන්න බෑ, මොකද ඔක්කොටම කලින් ලුසී එයාගේ හොදම යාලුවා.

L-" මං ගොඩක් බය උනා "

Jk-" s-sorry ලුසී... "

ජන්කුක් , ලුසීගේ උරහිස් වලින් අල්ලලා තුරුලෙන් ඈත් කරා.

L-" කොහෙද හිටියේ "

Jk-" ම..මං.. මං ටේ..ටේහ්‍යුන්ග් එක්ක යාලුවෙක් හම්බෙන්න ගියා... අ-අපි movie එකක් බැලුවා. පස්සේ වෙලාව දැක්කේ "

H-" පරක්කු වෙනවා නම් call කරලවත් කියන්න තිබ්බනේ "

Jk-" සොරී.. මං අනිත් සැරේ පෝන් එක අරන් යන්නම්. "

ජන්කුක් , ටිකක් පස්සට ගියා.

Jk-" මට මහන්සී. මං ගිහින් නිදා ගන්නම්.. ම්ම්ම්.. good night "

ජන්කුක් , ලුසීවත්, හන්ජිවත් මොනවත් කියනකන්වත් ඉන් නැතුව දුවලා යන්න ගියා.

එයා කාමරේට යනකොටත්, ටේහ්‍යුන්ග් bathroom එකේ. ජන්කුක් ගිහින් පිජාමා එකක් අතට ගත්තා.

TH-" ඔයාගේ අක්කයි, fianceeයි ගොඩක් වෙලා බලන් ඉදලා වගේ "

ටේහ්‍යුන්ග් , bathroom එකෙන් එලියට ඇවිදන් එන ගමන් කිව්වා.

Jk-" ම-මං රෑ වෙලා ගෙදර ආව පලවෙනි සැරේ ඒකයි... "

ජන්කුක් , bathroom එක ඇතුලට ඇවිදන් ගියා.

Jk-" ජැක්..."

ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා බැලුවා.

Jk-" අද දවසට ස්තූතී... අද මගෙ ජීවිතේ ගොඩක්ම enjoy කරපු දවස, හිනා උන දවස, ඒ වගේම sumi... එයා ගොඩක් හොදයි.
මං හිතුවටත් වඩා එයා ගොඩක් හොදයි , අද දවසට ස්තූතී..."

TH-" ස්තුති ඇයි ? මේ මගෙ සාමාන්‍ය දවස් ගෙවෙන සාමාන්‍ය විදිය ජන්කුක් "

Jk-" ගොඩක් funny "

TH-" අහ්.. දැං ගිහින් ඇග හෝදන් එන්න.. "

ජන්කුක් , bathroom එකේ දොර වහගත්තා.

අද ජන්කුක්ට මුලින් sumi හම්බුන දවස. ජන්කුක් හිතුවේ එයාට sumi ගෙන ඉරිසියාවක් ඇතිවෙයි කියලා. ඒත් ඇත්තටම sumiකියන්නේ එයාට ඉරිසියා කරන්නවත් බැරි තරම් හොද කෙනෙක්.

එයා ටේහ්‍යුන්ග්ට ගොඩක් ආදරෙයි , ඒත් ඒ යාලුවෙක් විදියට. ටේහ්‍යුන්ග් පවා එහෙමයි. අද එයාලා මුන ගැහුන පලවෙනි දවස උනට් ,sumi ජන්කුක්ට සැලකුවෙ හොදම යාලුවෙක්ට වගේ.

ජන්කුක් ඇග හෝදන් bathroom එකෙන් එලියට ආවා.

ඒ එනකොට ටේහ්‍යුන්ග් ඇදේ පෝන් එක ඔබ ඔබ ඉන්නවා.

TH-" ඔයාට call ආවා..  "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ මූන දිහාවත් නොබලා කිව්වා.

Jk-" මට ? කාගෙන්ද ? "

TH-" ම්ම්ම්.. දන් නෑ..."

ජන්කුක් පෝන් එක ලගට ගිහින් පෝන් එක බැලුවා.

' ලුසී ? ඇයි ලුසී කෝල් ගන්නේ ? එහා කාමරේනේ ඉන්නේ.. '

ඒ කෝල් ඇවිත් තිබ්බේ ලුසීගෙන්. ජන්කුක් දැක්කා මැසේජ් notification . ඒවත් ලුසීගෙන්

ජන්කුක් මැසේජ් එක ඕපන් කරලා බැලුවා.

Lusi
කුකී... please විනාඩියකට මගෙ කාමරේට එන්න.

Lusi
ඔයා හරි නරකයි කුකී. මං ඔයාගේ wife. ඒත් අපි කාමර දෙකක. අනික ඔයා මාව කොච්චර කාලෙකින් ඇල්කුවෙවත් නැද්ද, අද ඇවිත් මාව kiss කරන්න ,please . I want a kiss.















# To be continue #

______________________________________


කවුරු හරි ටයිටැනික් බලලා නැත්තන් , මෙන්න මේ අවස්තාව තමා ජන්කුක් කිව්වේ. හැමදේම නැති වෙලා රෝස් ලීයක් උඩ හිටපු වෙලාව. ජැක් වතුරේ ඉදලා රෝස්ගේ අතින් අල්ලන් හිටපු වෙලාව. ජැක්, සීතලට ගල් වෙලා මැරිලා යනකන් , රෝස් ලගින් අතින් අල්ලන් හිටපු වෙලාව.

================================

🍁Marivok🍁

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

70.9K 14.2K 53
මෝ රාජධානිය නම් පෘථිවි ස්ථරයෙන් එපිට තිබූ වෙනම සමාන්තර ලොවක පවතින බලගතු මාණික්‍යන් දෙකක්. නීල මාණික්‍ය හා රක්ත මාණික්‍ය ලෙස හඳුන්වන මෙම මාණික්‍යන් දෙ...
60.6K 8K 34
🐰 " ම..ට ඔයාට කි..යන්න දෙය..ක් තියෙනවා " ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බයෙන් බල බල එයාගෙ අත් එකට ගුලි කරන් කතා කරා 🐯 " මොකක්ද ? " ටේහ්‍යුන්ග් ජන්කුක්...
110K 18.7K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
62.8K 4.8K 64
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...