𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)

By Dul_Shi

51K 8.1K 3.3K

ඩැඩී ... ඩැඩී ...??? ජස්ට් ෆලෝ මී ... ආෂ් මොන කරදරයක්ද මේක ... ______________________________________________... More

INTRO
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 22
Chapter 23
👀
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34

Chapter 21

1.3K 234 184
By Dul_Shi

Comment goal 50

"ම්...මට මට බයයි ජ..න්කුක්..."

ටේහ්‍යුන්ග් වචන පටලවමින් කියද්දි ජන්කුක් ටේහ්‍යුන්ග් ගැන වද වුනේ එයාගේ මූණෙන්ම පෙනුණ බය දැකලා.

"බය වෙන්න එපා සර්...මම ඉන්නවනේ......සර්ට මුකුත් වෙන්නේ නෑ..."

ජන්කුක් එහෙම කියද්දි තොල් හපාගත්තු ටේහ්‍යුන්ග් බිම බලාගෙන ඔලුව වැනුවා.පස්සේ ටේහ්‍යුන්ග් මෙච්චර වෙලා අල්ලගෙන හිටපු ජන්කුක්ගේ අත අතෑරියේ මෙච්චර වෙලා ජන්කුක්ගේ බඩ ඇතුලේ පියාඹපු සමනල්ලු ටික එළියට යද්දි.

පාර්ක් එකකට ඇවිල්ලා හිටපු ටේකුක් දෙන්නගෙන් ටේහ්‍යුන්ග් කැප් එකක් දාගෙන සිටි අතර ඔහුත් එක්කම හිටපු ජන්කුක් මාස්ක් එකක් දාගෙන කාටවත් අදුරගන්න බැරිවෙන විදිහට හිටියා.

එතන ලව් පාර්ක් එකක් නිසා එහෙන් මෙහෙන් කපල්ස් එහෙමත් ගොඩක් හිටියා.ජන්කුක්ට තිබුන එකම ප්‍රශ්නෙ වුනේ බ්ලැක්මේල් කරපු එකා ටේහ්‍යුන්ග්ට මේ වගේ තැනකට එන්න කිව්වේ මොකද කියන එක.

"එයා ඇවිත්ද?..."

"තාම නෑ වගේ...."

ජන්කුක් වටපිට බලන ගමන් කිව්වා.

"කවුරුත් දකින්න ඉස්සෙල්ලා මම මෙතනින් යන්නම් සර්...බය වෙන්න එපා..මම ළගම ඉන්නවා හරිද?..."

"ජන්කුකී......"

ජන්කුක් එතනින් යන්න හදද්දිම ජන්කුක්ගේ අත අල්ලන් ටේහ්‍යුන්ග් එහෙම කියද්දි ජන්කුක්ගේ බඩ ඇතුලේ ආපහු සමනල්ලු පියාඹන්න ගත්තා.කෙල ගුලියක් ගිලපු ජන්කුක් ආපහු ටේහ්‍යුන්ග් දිහා බලද්දී ටේහ්‍යුන්ගේ ඇස්වල පිරිලා තිබුන කදුළු දැකලා ජන්කුක් බය වුණා.

"ටේහ්‍යුන්ග් සර්? ඇයි මේ...මම කිව්වනේ බය වෙන්න එපා..."

ජන්කුක් ආපහු ගොඩක් සන්සුන් විදිහට එහෙම කියද්දි නහය උඩට ඇදලා මූණත් බෙරි කරගෙන කතා කරපු ටේහ්‍යුන්ග්....

"ජන්කුකී මට තාම උත්තරයක් දුන්නේ නෑ...."

"මොන?..."

ජන්කුක් එහෙම අහනකොට ටේහ්‍යුන්ගේ ලැජ්ජාව වැඩි වුණා.එයා හිටියේ කියාගන්න බැරුව ලත වෙවී වගේ.

"ම්..මම අර එ...එදා...."

"කවද්ද?...."

"එදා ඔයාට......."

"ඔව් මට....."

"මම කි...කිව්වේ...."

"ඔව් ඔයා කිව්වේ මොකක්ද?....."

"අර...අර මේ...."

ටේහ්‍යුන්ග් ආපහු තොලුත් හප හප කියද්දි කුතුහලේ උපරිමේටම ඇවිල්ලා හිටපු ජන්කුක් හිටියේ ටේහ්‍යුන්ගේ මූණටම එබිලා.

"අ...අර මන් ක්..කිව්වේ........මම ඔයාට ආදරෙයි කියලා...."

"ඔව් ඉතින්?..."

ටේහ්‍යුන්ග් ඇද ඇද ඉදලා එකපාරටම කියලා දාද්දි එකපාරටම කියපු දේ මීටර් වෙන්න ටික වෙලාවක් ගියත් පස්සේ හරි මීටර් කරගත්තු ජන්කුක් ඇස් දෙක පොල්ගෙඩි සයිස් කරගෙන ටේහ්‍යුන්ග් දිහා බලාගෙන හිටියා.

ආපහු ලැජ්ජාවෙන් මූණ බිමට හරවගත්තු ටේහ්‍යුන්ග්....

"මම දන්නෙ නෑ මම අසාමාන්‍ය කෙනෙක් නිසා ඔයාට මන් ගැන කොහොම හිතෙනවා ඇතිද කියලා? අනික මම දන්නේ නෑ ටේටේ ඔයා එක්ක මොන මොන සෙල්ලම් දානවද කියලා...ඒ...ඒත් ඔම්මගෙන් පස්සේ මට ආරක්ෂාවක් දැනුන එකම තැන ඔයා.ටේටේත් ඔයාට ගොඩක් කැමතියි කියලා හියුන් මට කිව්වා.මම තේරුම් ගත්තා ඒක තමයි ආදරය කියලා.මම ඔයාට මුකුත් කියන්නේ නෑ.මොකද මට තියෙන ලෙඩේත් එක්ක ඔයා මන් ගැන කොහොම හිතනවද කියලා මම දන්නේ නෑනේ...ඔයා හිතලා බලලා උත්තරයක් දෙන්න.මම ඕනම උත්තරයක් බාරගන්නවා.මට ඕනේ උත්තරයක් විතරයි..."

ටේහ්‍යුන්ග් බිම බලාගෙන හරිම බයෙන් එහෙම කියද්දි ජන්කුක්ට දැනුනේ ඒ වචන හීනයක් වගේ.කිව්ව වචනයක් ගානේ මොලේට ප්‍රොසෙස් කරගන්න ටික වෙලාවක් ගත්තු ජන්කුක්ට හිතුනේ එයාව පාවෙනවා වගේ.නැහැ.ඒක හිතාගන්නම බැරි ෆීලින් එකක් වුණා.එයා ඒකට ආසයි ඒත් එයා දන්නේ නෑ ඒකට රිඇක්ට් කරන්නේ කොහොමද කියලා වගේ.

ලත වෙවී ඉන්න ජන්කුක්ව දැකලා ලාවට හිනාවුණු ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ අත අතෑරියා.කියන්න මොනවහරිම කල්පනා කරපු ජන්කුක් මොනවහරි කියන්න කට අරිද්දිම.....

"දැන් එයා ඇවිල්ලා ඇති ජන්කුකී...ඔයා හැංගෙන්න...."

ටේහ්‍යුන්ග් ජන්කුක්ව තල්ලු කරන ගමන් එහෙම කියද්දි රොබෝ කෙනෙක් වගේ ඔලුව වැනුව ජන්කුක් එතනින් වේගයෙන් ගිහින් ගහක් පිටිපස්සේ හැංගිලා හයියෙන් හුස්ම ගන්න ගත්තා.

තමන්ගේ පපුවට අත තියාගත්තු ජන්කුක් ටික වෙලාවක් හුස්මගන්න ගමන්ම ඒ රිද්මයට සවන් දුන්නා.හෙමිහිට ජන්කුක්ගේ මූණෙ හිනාවක් ඇදෙන්න ගනිද්දි ආපහු බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙන්න ගත්තු ජන්කුක් ගහ බදාගෙන මූණ කදේ හංගගන්න ගත්තේ උද්‍යෝගයකින් වගේම ලැජ්ජාවෙන් හිනා වෙලා.

"ආහ් අනේ දෙයියනේ මට මේ මොකක්ද වෙන්නේ?..."

එකපාරටම සන්සුන් වුන ජන්කුක් එහෙම හිතුවා.

"ඔහ් ගෝඩ්...කියුට්ට්ට්...."

ඒත් වැඩිවෙලා යන්න ඉස්සෙල්ලා ආපහු ගහ බදාගත්තු ජන්කුක් වෙන ලෝකෙකට ගිහිල්ලා වගේ එතන පිස්සු නටන්න ගත්තේ පාර්ක් එකේ හිටපු සමහරු මේ මොන පිස්සෙක්ද කියන්න වගේ ජන්කුක් දිහා බලාගෙන යද්දි.





ඒ අතර ඒ පාර්ක් එකේම තවත් පැත්තක ලස්සනට ඇද පැළදගෙන හිටපු එක තරුණියක් වටපිට බල බල ඉදලා එයා හොයන කෙනා නැති තැන අනිත් පැත්ත හැරිලා යන්න හදද්දිම.....

"හායි මයි ලව්......"

"ආ!!!...භූතයෙක්...."

එයා ඉස්සරහට රෝස මල් පොකුරක් දික් කරගෙන ලොකු සන්ග්ලාස් දෙකක් දාලා කළු පාට මාස්ක් එකක් දාගෙන ආපු තරුණයව දැක්ක ගමන් බය වුණ තරුණිය එයා දුන්න මල් පොකුර උදුරගෙන එයාටම ගහගෙන ගහගෙන ගියා.

"ය්...යූනා...මේ...මේ මම අයියෝ....."

"මින්හෝ???..."

තඩිබාන එක නතර කරපු යූනා නම් තරුණිය ඇස් රෝල් කරලා ඇයගේ පෙම්වතා නැත්තන් චෝයි මින්හෝ දිහා බැලුවා.

"අනේ සොරි ලව්...ඇයි මේ හොරෙක් වගේ තඩි මාස්ක් එකක් දාගෙන ඇවිල්ලා තියෙන්නේ?...."

"ඒ....ඒක..ඇත්තටම මේ...."

මින්හෝ වචන පටලවන ගමන් කියද්දි එයා කියන්න යන දේ තේරුන යූනා හොද හුස්මක් අරගෙන දුකෙන් වගේ.....

"හ්ම්ම්....අපි මේ සම්බන්ධෙ නවත්තමු මින්හෝ...ඔයාට කොහොමත් මාව ගැලපෙන්නේ නෑනේ...ඔයාට මට වඩා හොද කෙනෙක්ව හම්බවෙයි..."

"යූනා...."

යූනා එහෙම කියලා යන්න හදද්දිම එකපාරටම මින්හෝ එයාගේ අතින් අල්ලලා නවත්තගත්තා.ඒත් එකපාරටම දුකෙන් හිටපු මූණ අතුරුදහන් වෙලා යක්ෂාවේශ මූණක් හදාගත්තු යූනා.....

"මොකක්ද මොකක්ද දැන් කියන්න හදන්නේ? ආ? අනේ යූනා තාමත් මට මගේ අප්පට ඔයා ගැන කියන්න බැරිවුනා...හෙට නම් අනිවාර්යයෙන්ම කියනවා...එහෙමද? ආ...එහෙමද?...."

යූනා කියාගෙන කියාගෙන යද්දි කාලෙක ඉදන්ම නිවසට හොර රහසේ යූනා එක්ක සම්බන්ධයක් පවත්වගෙන යන මින්හෝට තමන්ගේ පියාට යූනා ගැන කියාගන්න බැරුව පත්වෙලා ඉන්න අසරණ තත්වය මතක්වෙලා ඇඩෙන්න ආවා.

චෝයි මින්හෝ කියන්නේ කොරියාවේ තිබුන හොදම කම්පැනි එක නැත්නම් චෝයි කම්පැනි එකේ ඕනර්ගේ එකම පුතා.එයාට පෙම්වතියක් හිටියත් තමන්ගේ පියා ඔහුව ඉස්සෙල්ලා ඉදන්ම වෙන කෙනෙක්ට යෝජනා කරලා තිබුන නිසා පියාට තියන බය නිසාම මින්හෝ මේ වෙනකන් ඒ ගැන වචනයක් පියාට කියලා තිබුනේ නෑ.

"අනේ බබා ප්ලීස් මම කියන දේ අහන්නකෝ...."

"නැහැ...ඕනේ නැහැ මින්හෝ...ඔයා එයා එක්ක සතුටින් ඉන්න...මගේ කිසිම බලකිරීමක් නෑ...මාත් කවුරුහරි කොල්ලෙක්ව දැලේ දාගන්නම්...බය වෙන්න එපා..."

දුකෙන් එහෙම කිව්ව යූනා එතනින් යද්දි මින්හෝ....

"වට්???...."

එයා කියපු දේ මොකක්ද කියලා තමන්ගෙන්ම අහන්න ගත්තා.

"ආහ්...අනේ බේබි...මම අද අප්පට කියනවා ඔයා ගැන...ඇත්තමයි..."

තමන්ට ගහලා සුන්නද්දූලි වෙලා බිම වැටිලා තිබුන  රෝස මල් පොකුර ආපහු අතට ගත්ත මින්හෝ ඒක දික් කර කර යූනාගේ පස්සෙන්ම යන්න ගත්තත් යූනා නෙවෙයි පිටිපස්සවත් හැරිලා බැලුවේ.


ඒ අතර පාර්ක් එකේ බංකුවක් උඩ හිටපු තරුණයින් දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් ෆයිල් එකක් අතේ තියාගෙන....

"අනේ තැන්ක් යූ සෝ මච් ජූන්...ඔයා ආපහු ඒ ඩොකියුමන්ට්ස් ටික හදලා...මේ ටික නම් ඔම්මට නොපෙනෙන්න තියන්න ඕන කොහොමහරි...."

තමන්ගේ අතේ තියන ෆයිල්ස් ටික බලාගෙන ජින් හරි ආසාවෙන් එහෙම කියලා නැම්ජූන්ගේ කම්මුලට කිස් එකක් දුන්නා.

"ඔයා වෙනුවෙන් ඕනම දෙයක් ලව්...."

එහෙම කිව්ව නැම්ජූන් ජින්ගේ නළලින් කිස් එකක් තිබ්බේ මුලින්ම හදපු ඩොකියුමන්ට්ස් ටික ඔම්මා ගත්තට පස්සේ මෙච්චර ඉක්මනින්ම ඕක හදාගන්න ලෝයර් කෙනෙක් හයර් කරලා එහෙට මෙහෙට දුව දුව වුන මහන්සිය ගැන ඇස් ඉදිරියේ මැවි මැවි පෙනෙද්දි.

"දැන් නම් අනිවාර්යයෙන්ම කිම් කම්පැනි එක ආපහු අපේ අතට ගන්න පුලුවන්...එක දෙයයි ඕනේ..මිස්ටර් කිම්ගේ එක සයින් එකක් විතරයි...."

"ඒත් ඒක ලේසි නෑ ජිනී...දන්නවනේ මිස්ටර් කිම් කොච්චර නම් කපටි මිනිහෙක්ද කියලා?...."

"ඒත් කොහොමහරි අපි මේක කරගන්න ඕනේ ජූන්...ඔම්මා මේ දේවල්වලට අකමැති වුණත් අපෙන් උදුරගත්තු සේරම අපි එයාගෙන් ආපහු ගන්න ඕනේ...."

"හ්ම්ම්...ජිනී මන් ඔයාට අයිස්ක්‍රීම් ගේන්නද?...."

"හා...ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකෙන් ගේන්න..."

ජින් එහෙම කියද්දි ලාවට හිනාවුණ නැම්ජූන් එතනින් ගියා.


ඒ අතර තවත් පැත්තකින් පාර්ක් එකට ඇතුල් වුන දෙන්නෙක් හිටියෙත් කළු මාස්ක් දාලා කාටවත් අදුරගන්න බැරිවෙන විදිහට වගේ.

"ආෂ්...මොන විකාරයක්ද අද මේ කරන්න යන්නේ?..."

"කරන්න දෙයක් නෑ....බොස්ගේ තීරණ පිටින් අපිට යන්න බෑනේ...එනවා මේක අස්සට මාර්ක්...."

ඔව් ඒ එරික් මාර්ක් දෙන්නා.එරික් එහෙම කියද්දි මූණ කරත්තෙට අහුවෙච්ච ලොවි ලෙල්ල වගේ කරගෙන හිටපු මාර්ක් එරික් වාඩිවෙලා හිටපු බංකුවෙන්ම වාඩි වුණේ වටපිට බලන ගමන්.ඒත් එක්කම earbuds දෙකක් දාගෙන හිටපු එරික්....

"සේරම ක්ලියර් සර්...මෙතන ඉන්න හැමෝගෙන්ම සින්ගල් එකම එක්කෙනෙක් ඉන්නවා...මන් හිතන්නේ එයා තමයි සර් ටේහ්‍යුන්ග් වෙන්න ඕනේ....වෙන කවුරුත් එයා එක්ක ඇවිල්ලා නෑ...ආ?...ආ අපිද?...."

කියවන එක නතර කරගත්තු එරික් තමාට එහා පැත්තෙන් ගෑවි නොගෑවි ඉන්න මාර්ක් දිහා බලලා ලැජ්ජාවෙන් වගේ....

"අපි ටේහ්‍යුන්ග්ට වම් පැත්තේ තියෙන තුන්වෙනි බංකුවේ කුඩයක් යට ඉන්නේ සර්...."

එරික් එහෙම කියන ගමන් තමන් අල්ලගෙන ඉන්න රතු පාට මල් මල් කුඩේ දිහා බැලුවා.මාර්ක් හිටියේ කරගන්න දෙයක් නැති නිසාම ඒ කුඩේ අස්සේ එරික් එක්ක ඉන්නවා වගේ මූණ කුණුවෙච්ච බිත්තරයක් කරගෙන.


"ඔයා ඉන්නවා නේද ජන්කුකී...ජන්කුකී....කුකී...කුකී!!!.."

තමන් දාගෙන ඉන්න earbudඑක එක අතකින් අල්ලන් වටපිට බලන ගමන් ටේහ්‍යුන්ග් ඇහුවා.කීප සැරයක්ම කතා කරලත් උත්තරයක් නැති තැන ටේහ්‍යුන්ගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා.

"ඔ...ඔයා ගියාද?...."

"මම්..මම්...මම් මම ඉන්නවා ට්...ටේට් ටෙට් ටේහ්‍යුන්ග් ස්..සර්...."

ජන්කුක්ගේ ගොත ගහන සද්දෙ ඇහිලා ටේහ්‍යුන්ග්ට ඉබේම හිනාගියා.

"මිස්ටර් ජන්කුක්...මම කැමති නෑ ඔය සර් කියන කෑල්ලට..."

"එ...එහෙනම්?...."

"ටේ කියලා කතා කරන්න.මම ඒකට ආසයි."

ටේහ්‍යුන්ග් එහෙම කියපු ගමන් ආපහු earbud එකෙන් කිසිම සද්දයක් නැතිවුනා.මොකද ගහ පිටිපස්සේ හැංහිලා හිටපු ජන්කුක් ෆෝන් එක පැත්තකින් තියලා එතන ඉදන් ඩිස්කෝ නටන්න ගත්තු හින්දා.

එයාලා ලව් පාර්ක් ආවේ ආදරය කරන්න නොවුණත් දෙපැත්තකට වෙලා ඉන්න දෙන්නා ඉබේම ආදරය කරන්න ගත්තා.

"හෙලෝ...හෙලෝ කුකී...."

"හෙලෝ...ටෙට්...ටෙට්...ටේ....."

"නෝප් කුකී...ටේ...."

"හ්ම්ම්...ටේ....."

"මිස්ටර් කිම් ටේහ්‍යුන්ග්...."

එකපාරම ඉස්සරහෙන් ඇහුණ කටහඬට ගැස්සිලා ගිය ටේහ්‍යුන්ග් බය වෙලා ඉස්සරහ බැලුවා.ලයින් එක කට් නොකරපු නිසා මෙච්චර වෙලා ලස්සන ලෝකයක් ඇතුළේ අතරමං වෙලා හිටපු ජන්කුකුත් ඒකට අවධානය දුන්නා.

තමන් ඉදිරියේ හිටපු පුද්ගලයගෙ කකුල් දෙකේ ඉදන් මාස්ක් එකක් දාගෙන හිටපු මූණට වෙනකන්ම බලාගෙන ආපු ටේහ්‍යුන්ග් ඉදගෙන හිටපු බංකුවෙන් එකපාරටම නැගිට්ටේ වෙවුලන ගමන්.

"කො...කොහෙද ජිමින්..."

"එයා ඉන්නවා...එයාව ඕන්නම් මාත් එක්ක එනවා..."

ඔහුගේ ගැඹුරු කටහඬ ඇහෙද්දි ටේහ්‍යුන්ග්ව ආපහු වෙවුලන්න ගත්තේ ගහ පිටිපස්සේ හිටපු ජන්කුක් තමන්ගේ ගන් එක ලෝඩ් කරගෙන එයාලා දිහා බලන් ඉදිද්දි.

"ආ කිම් ටේහ්‍යුන්ග් සර්...අපිට ඔයාව හොයාගන්න ගොඩක් මහන්සි වෙන්න වුනා..."

එකපාරටම පිටිපස්සෙන් ඇහුන කටහඬට ගැස්සිලා ගියපු ටේහ්‍යුන්ග් පිටිපස්ස බැලුවත් මල් මල් කුඩයක් අතේ තියන්  බලන් ඉන්න කෙනෙක්වයි එයාට අඩි දෙක තුනක් විතර එහායින් ඉන්න තවත් පුදගලයෙක්වයි දැක්කත් එයාලව ටේහ්‍යුන්ග් දන්න අය නොවුනා.

මේ සේරම දිහා බලාගෙන හිටපු ජන්කුක් pistol එකත් ලෝඩ් කරගෙන එතනට යන්න හදද්දිම.....

"ඩැඩී!!!......"

එකපාරටම ඇහුන වචනෙත් එක්ක රෑ අහසේ හත්දින්නත් තරු පෙවුන ජන්කුක්ගේ දෙපා ඉස්සරහට යන්නේ නැතුව ආපහු ගහ පිටිපස්සට ගියේ ඉබේටම වගේ.ඒ ජන්කුක් ඒ වචනෙට බය නිසාද මොකක් නිසාද කියලා ජන්කුක්වත් දැනගෙන හිටියේ නෑ.ටේහ්‍යුන්ග් කොහොමත් අනතුරේ නිසා ආපහු ජන්කුක් ඔලුව දාලා බැලුවේ එකසැරේම ටේහ්‍යුන්ග්ට ලිට්ල්ස් ස්පේස් වැහුනද කියලා.

බට්......

ටේහ්‍යුන්ග් ඒ විදිහටම බයෙන් තුන් දෙනෙක්ට මැදිවෙලා ඉන්නවා.හැබැයි ඒ කටහඬත් එක්ක ටේහ්‍යුන්ග් ඉදිරියේ හිටපු පුද්ගලයා නැත්තන් යුන්ගි පිටිපස්ස හැරිලා බැලුවා.

"ඩැඩී බේබි ආවා..."

එකපාරටම එතනට දුවගෙන ආපු හුරුබුහුටි තරුණයෙක් යුන්ගිගේ අතේ එල්ලිලා එහෙම කියද්දි ටේහ්‍යුන්ගේ විතරක් නෙවෙයි ගහ පිටිපස්සේ ඉදන් ෆෝන් එකෙන් සේරම අහගෙන හිටපු ජන්කුක්ගේ පවා ඇස් දොට්ට පනින්න ආවා.

"ආශ්...මම කිව්වනේ ඔයාට වෑන් එකේ ඉන්න කියලා..."

යුන්ගි කරදරකාරි බැල්මක් දාලා එහෙම කියද්දි ඒ තරුණයා යුන්ගිගේ අත අංශක තුන්සිය හැටටම වටේට කැරකෙව්වා.යුන්ගිගේ කනට ළං වුණ තරුණයා රහසින් වගේ....

"එයාව අල්ලගන්න නම් මගේ උදව් ඕන වෙනවා ඔයාට..බලන් ඉන්නකෝ...."

තරුණයා එහෙම කියලා හැරුණේ එරික් හා මාර්ක් දෙන්නා දිහාට.මාර්ක් ළගට ගිහින් එයාගේ උරහිසට පාරක් ගහපු තරුණයා.....

"ආ...කොහොමද ගෝල බාලයෝ දෙන්නා...එහෙනම් වැඩේ මාට්ටු වෙන්නේ නැතුව හරියටම කරානේ..."

"ඔයාලා කිව්වට මට නම් තාමත් මේ ගම්මිරිස් ඇටේ ඇල්ලුවේ නෑ හරිද?...."

"කටවහගෙන ඉන්නවා..සැක නම් ටේහ්‍යුන්ග්ව මෙතනට ගේන්න මෙයා අපේ වැඩේට සප් කරයිද?ආ...."

මාර්ක් හා එරික් අතර රහසින් කතා බහක් යද්දි කාටවත් හොර රහසේ ඒ තරුණයා මාර්ක්ගේ සාක්කුවට අත දැම්මා. හොර වැඩ හොදට පුරුදු ඒ තරුණයා මාර්ක්ට නොදැනිම මොකක්හරි දෙයක් එයාගේ සාක්කුවෙන් ගත්තේ යුන්ගි ටේහ්‍යුන්ග් දිහා බලාගෙන ඉදිද්දි වගේම මාර්ක් හා එරික් දෙන්නට දෙන්නා කතා බහක ඉදිද්දි.

"ජි....ජිමින්..."

ජිමින්...ඔව් ඒ ජිමින් කියලා දැක්ක ජන්කුක් ලාවට මිමිණුවේ මොකක්හරි අතට අරන් ගුලිකරගත්තු ජිමින් ටේහ්‍යුන්ග් ළගට යද්දි.ටික වෙලාවක් ජිමින් දිහා පුදුමයෙන් බලාගෙන හිටිය ටේහ්‍යුන්ග්ට දැන් සිටුවේශන් එක මොකක් වුණත් එයාගේ හොදම යාලුවව හොදින් දකින්න ලැබුන එකට එයා ගොඩක් සතුටු වුණා.ජිමින්ව දැකලා පුදුමයෙන් සතුටු වුන ටේහ්‍යුන්ග් ජිමින්ව බදාගෙන......

"ඔයා...ඔයා හොදින් නේද ජිමිනි....මම ඔයා ගැන ගොඩක් බය වුණා..."

"ආෂ්...එහාට යනවා..."

තල්ලු කරා.ඔව්.ජිමින් එහෙම කියලා ටේහ්‍යුන්ග්ව තල්ලු කළා.ඒක වෙන්න පුලුවන් දෙයක්ද?

"ජ්...ජිමිනි...."

"ආම් නොට් ජිමිනි ටේහ්‍යුන්ග්... ආම් ජිමින්.."

"ආහ්?..."

ටේහ්‍යුන්ගේ කටින් පිට වුනේ ඉබේටමයි.

"දෙකම එකයිනේ..."

"නෑ ඒ දෙක දෙකක් ටේහ්‍යුන්ග්...."

ජිමින් ආපහු එහෙම කියද්දි ටේහ්‍යුන්ගේ ඇස්වල කදුළු පිරුණා.ජිමින් එයාට මෙහෙම කතා කරන පළවෙනි වතාව මේක වුන නිසා ටේහ්‍යුන්ග් හිටියේ කිසි දෙයක් හිතාගන්න බැරුව.

"මො...මොකක්ද ජිමිනි ඔයාට වුනේ?...."

"මට මුකුත් වෙලා නෑ..."

ජිමින් වැඩි කෙයා එකක් නැතුව කිව්වා.

"එහෙනම්?...."

"එහෙනම් අහගන්න...හී ඊස් මයි ශුගර් ඩැඩී ඇන්ඩ් අයිම් හිස් ශුගර් බේබි....අන්ඩර්ස්ටුඩ්?...."

ජිමින් යුන්ගිව පෙන්න පෙන්න කියද්දි ටේහ්‍යුන්ග්ට කෙල ගුලියක් ගිලුනේ එරික්ට ඉස්මොල්ලේ හැදිලා කැස්සත් එද්දි.

"මගෙ ශුගර් ඩැඩීට ලොකු අත්වැරදීමක් වෙලා...එයා කිඩ්නැප් කරන්න ඕන කෙනා වෙනුවට මාව එයා කිඩ්නැප් කරගෙන ආවේ...ඒකත්...ඒකත් තමුන් නිසයි ටේහ්‍යුන්ග්...එදා තමුන්ගේ මැන්ශන් එකේ මාව තනියම දාලා ගියපු දවසේ ටේහ්‍යුන්ග් කියලා හිතන් මාවයි එයා කිඩ්නැප් කරේ...."

ඒ වචන අහලා ටේහ්‍යුන්ග්ට ජිමින් ගැන අනුකම්පාවකුත් තමන් ගැන තරහකුත් ආවා.ඒ නිසාම ටේහ්‍යුන්ගේ ඇස්වලින් එකදිගට කදුළු කැට කඩාගෙන ආවා.

"ම...මට සමාවෙන්න ජිමිනි...ඔයා බය වෙන්න එපා...ම...මම එයාට බාරවෙන්නම්...."

ටේහ්‍යුන්ග් එහෙම කියද්දි එරික් මාර්ක් දෙන්නගෙ විතරක් නෙවෙයි යුන්ගිගේ පවා ඇස් දිලිසුනේ පොඩි බට්ටගේ වැඩවලට.

"කමක් නෑ...මේ කිඩ්නැප් එකෙන් මට ලොකු හොදක් වුනා කිම් ටේහ්‍යුන්ග්...."

ජිමින් එහෙම කියද්දි ටේහ්‍යුන්ග් ආපහු කුතුහලයෙන් බැලුවා.

"ඔයා දන්නවනේ මගෙ ඩ්‍රීම් එක?....."

"ඔව්...ඩාන්සින් ටීචර් කෙනෙක් වෙන එකනේ..."

"ඉතින් මට කොරියාවේ තියෙන හොදම ඩාන්සින් ඇකඩමි එකේ ඩාන්සින් උගන්නන්න අවස්ථාවක් ලැබුනා...."

"වාව් ජිමිනි...ඒක ගොඩක් හොද ආරංචියක්නේ..."

"සේරම අහගන්න...එයා උස්සන් ඇවිල්ලා තියෙන්නේ හරි කෙනාව නෙවෙයි කියලා ඩැඩී දැනගත්තට පස්සේ මම කිව්වා කිම් ටේහ්‍යුන්ග්ව අල්ලගන්න උදව් කරන්නම්...මට ඔයාගේ ඩාන්සින් ඇකඩමි එකේ ජොබ් එකක් ඕනේ කියලා...."

"ජ්...ජිමි...ජිමිනි..."

"සෝ ඊසි ලේසි...එයා ඒකට කැමති වුණා..හැබැයි කොන්දේසියක් පිට...මාව තාම හරියට විශ්වාස නැති නිසා එයා ළග මම ඉන්න ඕනේ කිව්වා...මමත් ඒකට කැමති වුණා...නව් අයිම් හිස් ශුගර් බේබි..."

ටේහ්‍යුන්ග්ට ජිමින්ගේ වචන හීනයක් වගේ.පොඩි කාලේ ඉදන්ම එකට හිටපු යාලුවා හීනයක් වෙනුවෙන් තමන්ගේ යාලුවව බිල්ලට දෙනවද? ඔව්.ටේහ්‍යුන්ග් දැනගෙන හිටියා ජිමින්ට එයාගේ ඩ්‍රීම් එක ගොඩක් වටිනවා කියලා.ඒකමයි ගෙදර කැමැත්තක් නැතුව ඩාන්සින් සයිඩ් එකෙන් ජිමින් ගොඩක් ඉස්සරහට ආවේ.එයා එයාගේ හීනෙ වෙනුවෙන් ඕනම දෙයක් කැප කරන්න දෙපාරක් හිතන්නේ නෑ කියලා ටේහ්‍යුන්ග් දැනගෙන හිටියත් ඒක මේ තරම් බරපතල වෙයි කියලා ටේහ්‍යුන්ග් හීනෙකින්වත් හිතුවේ නෑ.

"අහෙම්...ශුගර් බේබි වෙන්න අවශ්‍ය නෑ මිස්ටර් ජිමින්... මන් කිව්වේ ඔයා මේ වැඩේ හරියට කරන කල් ඔයාව මන් තියාගන්නවා කියලා මිසක් ඔයා මන් ළග ඉන්න ඕනේ කියලා නෙවෙයි..."

යුන්ගි උගුර පාදලා එහෙම කියද්දි ආපහු තරහෙන් හිටපු මුහුණ වෙනස් කරගත්තු ජිමින් මල් මල් හිනාවක් දාලා යුන්ගි දිහා බැලුවා.

"බට් යූ නෝ ඩැඩී..අයි ලව් යූ...."

යුන්ගිගේ අතේ එල්ලිලා ජිමින් කියද්දි යුන්ගි අනෙක් අතින් නළල පිරිමදින්න ගත්තා.හීනයක් වෙනුවෙන් මේ තරම් වංචාවක්! නැහැ..ටේහ්‍යුන්ග් ඒක කොහොමටවත් විශ්වාස කරේ නෑ.

"ක...කන්ග්‍රැජියුලේෂන් ජිමිනි! අන්තිමේ ඔයා එහෙනම් ඔයාගේ හීනෙට ගියා..."

තමන්ගේ කම්මුල්වලින් ගලාගෙන ආපු කදුළු කැට පිහදාලා ලාවට හිනාවුණු ටේහ්‍යුන්ග් ජිමින්ව බදාගෙන එහෙම කියද්දි ජිමින් ටේහ්‍යුන්ග්ව බදාගන්නේ නැතුව රිටක් වගේ ඔහේ හිටියා.මේ සේරම පුදුම වීමේ උපරිමයටම ගිහිල්ලා ජන්කුක් අහගෙන හිටපු නිසා කරන්න ඕනේ මොකක්ද කියලා එයාට තේරුමක් තිබුනේ නෑ.

"ටේ ඔයා හොදින්ද?...."

ජන්කුක් ෆෝන් එකෙන් කතා කරද්දි earbud එක ගහගෙන හිටපු ටේහ්‍යුන්ග්ට සේරම ඇහුණත් දැන් හොදම දේ තමන් ඒ කිඩ්නැපර්ට භාරවෙන එක විතරයි කියලා තේරුම් අරගෙන earbud එක ඕෆ් කරේ ඇස්වලින් ආපහු කදුළු ගලාගෙන එද්දි.

"ට්...ටේ...ටේ මාව ඇහෙනවද? ආයිෂ්..කට් කරලා..."

ජන්කුක් ෆෝන් එක ගහේ කදේ ගැහුවේ තරහටමයි.මේ සිදුවීම නිසා සංවේදී වුන එරික් අඩන්න ගත්තේ හොටු හූර හූර.මොකද ටේහ්‍යුන්ගේ ඒ මූණ දැක්කමයි එයාගේ තිබුන අහිංසකකමයි දැක්කම ජිමින්ට නැතත් එතන හිටපු හැමෝටම වගේ ලොකු දුකක් දැනුනා.ඔව් යුන්ගිටත් දැනුනා.

"යාහ්....මේ මොන සෙවලයෙක්ද? එහාට්ට යනවා..."

"එයා පව්...."

එහෙම කියන ගමන් එරික්ව තල්ලු කරේ මාර්ක්.මොකද මාර්ක්ට වඩා ටිකක් කොට එරික් මේ තරම් වෙලා හොටු හූරලා තියෙන්නේ මාර්ක්ගේ පපුවට තුරුල් වෙලා මාර්ක්ගේ ශර්ට් එකෙන් කියලා දැනගත්තේ මාර්ක් එහෙම කෑ ගැහුවට පස්සේ.



"අනේ බේබි...මම කියන දේ අහන්නකෝ..."

"තව මොනවද මින්හෝ අහන්න තියෙන්නේ?...."

තාමත් යූනයි මින්හෝයි පාර්ක් එක වටේ කැරකෙනවා.යූනා මින්හෝව ගණන් ගන්නේ නැතුව පාර්ක් එක වටේ යනවා.මින්හෝත් මල් පොකුර දික් කරගෙන යූනා පස්සෙන් යනවා.

"ඔයා අද මාත් එක්ක අපේ ගෙදර යමුකෝ...ඇත්තමයි මම අද කියනවා...."

"යනවා යන්න මින්හෝ...මන් දන්නැද්ද ඔ......"

යූනා කිය කිය හිටපු දේ එකපාරටම නැවැත්තුවේ ටිකක් ළගින් උරහිසක් උඩින් පෙනුන මූණ දැකලා.

"ජිමින්?...."

කවුද කියලා හොදටම අදුනගත්තු යූනා හීයක වේගයෙන් ඒ පැත්තට ගියේ මින්හෝගේ පාරත් ඒ පැත්තට වෙනස් වෙද්දි.

ටේහ්‍යුන්ග් ජිමින්ව අතාරින්නේ නැතුවම බදාගෙන ඉදිද්දි එකපාරටම ජිමින් ලාවට ටේහ්‍යුන්ගේ කනට කෙදිරුවේ.....

"බය වෙන්න එපා ටේ...මම ඔයාව බේරගන්නවා..."

ජිමින් ටේහ්‍යුන්ග්ට ඒ විදිහට කිව්වා.ඔව් ටේහ්‍යුන්ග් දැනගෙන හිටියා ජිමින් කවදාවත් තමන්ට ද්‍රෝහි වෙන්නේ නෑ කියලා.ඒත්........

නිකමට ඔලුව උස්සලා බලපු ජිමින් ඊළගට දැක්කේ එයා කොහොමටවත් බලාපොරොත්තු වුනු දෙයක් නෙවෙයි. ටේහ්‍යුන්ග්ට පිටිපස්සෙන් මරාගෙන මැරෙන්න වගේ එයාලා පැත්තට එන කෙනාව දැකලා ටිකක් වෙලාවක් ඇස් හීනි කරගෙන එන කෙනා දිහා බලාගෙන හිටපු ජිමින්......

"හත්තිලව්වයි....."

ඇස් පොල්ගෙඩි සයිස් කරගෙන එකපාරටම ටේහ්‍යුන්ග්ව බදාගෙන ටේහ්‍යුන්ගේ බෙල්ල අස්සේ මූණ හංගගත්තේ ටේහ්‍යුන්ග්ට සතුටු හිතෙද්දි වගේම යුන්ගිව ශොක් වෙද්දි.

"කපටි කෛරාටික වෙට්ට පිත්තල කොට තාරාවා ජිමින්!!!....."

ඔවුන් අසළට ආපු යූනා එහෙම කෑ ගහද්දි හැමෝවම ගැස්සිලා ගියත් ජිමින් නෙවෙයි ඔලුවවත් උස්සලා බැලුවේ.

"තමුසේ...ඒ තමුසේ තමයි... ඔලුව උස්සනවා මිනිහෝ..."

ටේහ්‍යුනුත් ජිමින්ව අතෑරලා යූනා දිහා බලන්න හැදුවත් ජිමින් හිටියේ ටේහ්‍යුන්ග්ට හෙල්ලෙන්නවත් බැරි තරමට තදින් බදාගෙන.

ඒත් එක්කම එතනට ආපු මින්හෝ....

"අනේ බබා...."

"කටවහනවා!!!...."

මේ තරම් කාලෙකට කෑ ගහලා නැති තරම් ලොකු සද්දෙකින් යූනා මින්හෝට කෑ ගහද්දි එයාගේ අතින් මල්පොකුර බිම වැටුණේ ඉබේමයි.

"තමුසෙට මාව මතකද ආ? කවදාවත් දාලා යන්නේ නෑ...අරක මේක බොරු පොරොන්දු දීලා...ඒ මදිවට මාත් එක්ක එක රැයකුත් ගත කරලා...හහ්...අන්තිමට මිනිහා ආගිය අතක් නෑ...මතකද...ජිමින්! මතකද ආ!!!...."

මෙතන ඉන්න හැමෝම දැන් ෆුල් කම්පියුස්.මේ පොඩි එකා මෙච්චර වැඩ්ඩෙක්ද කියලා හිතුව එරික් සහ මාර්ක් මූණට මූණ බලාගත්තේ යුන්ගි කට අතින් වහගනිද්දි.මේ කිසි දෙයක් නොදැන හිටපු අසරණ මින්හෝට හිතුනේ එතනම පොළොව පලාගෙන යන්න.ඒ අතර මෙතන වෙන කිසි දෙයක් ඇහෙන්නේ නැතුව ජන්කුක් ගහ දිගේ පහුරු ගානවා.

හැබැයි ජිමින් ගැන හොදටම දන්න ටේහ්‍යුන්ග් නම් හිටියේ එතන වෙන දේ තේරුම් අරගෙන.

"අනේ ප්ලීස් ටේ...ම්..මාව බේරගන්න...."

ටේහ්‍යුන්ගේ කනට කරලා ජිමින් එහෙම මුමුණවා.මුලින් බේරගන්නම් කිව්ව මිනිහා කියනවා බේරගන්න කියලා. ජිමින්ව බදාගෙනම යුනා දිහා බැලුව ටේහ්‍යුන්ග්....

"මම හිතන්නේ යූනා සේරම දැනගෙන කතා කරා නම් හොදයි..."

"තව....තව මොනවද දැනගන්න තියෙන්නේ ආ???...."

"මොනවද?.....මෙම්....මේකයි දැනගන්න තියෙන්නේ...මොකද....මොකද එයා දැන් අන්ධයි!!!!....."

ටේහ්‍යුන්ග් ටිකක් සැරෙන් කිව්වා.

ටේහ්‍යුන්ගේ බෙල්ල අස්සේ මූණ හංගගෙන හිටපු ජිමින්ගේ ඇස් ජිල්බෝල සයිස් වුණා.ශොක් වුන පාර එරික් ඔලුවට අත ගහගෙන එහෙම්මම බිම ඉදගත්තා.යුන්ගිට අමතක වෙලා තිබුනේ එයා ආවේ කිඩ්නැප් එකකට කියලා.

"ව්...වට්???...."

"ඔව්...එයා ඔයාව දාලා ගියේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි...එයාට නොහිතපු වෙලාවක ලොකු ඇක්සිඩන්ට් එකකට මුහුණ දෙන්න වුණා යූනා...ඒකේ අන්තිම ප්‍රථිපලේ වුනේ  ජිමින්ගේ ඇස් දෙක නැතිවුන එක විතරයි...."

ටේහ්‍යුන්ග් එහෙම කියද්දි යූනගෙ ඇස්වල කදුළු පිරුණා.ලාවට ඔලුව උස්සපු ජිමින් ඇස් දෙක ලොකුවට ඇරගෙන එරික් දිහා බලාගෙන....

"යූනා නේද? මම කටහඩින් ඔයාව අදුරගත්තා...අනික මට සමාවෙන්න..."

එහෙම කියලා එරික් දිහා බලාගෙන හිනාවුණා.ඇත්තවශයෙන්ම එරික්ගේ තත්වය ගැන පැහැදිලි කරන්න අමාරුයි.

"නෑ ජිමින්.....ඔයා සමාව ඉල්ල්න්න ඕනේ නෑ...මට...මට සමාවෙන්න ජිමින්...."

ජිමින්ගේ අත අල්ලගත්තු යූනා එහෙම කියද්දි ජිමින් යූනගේ අත් අත ඇරියා.

"ඒකට කමක් නෑ යුනා...මාව දැන් බලාගන්න මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නවා..."

එහෙම කිව්ව ජිමින් අත් දෙක එහෙ මෙහෙ ගෙනියන ගමන් එකවරම ටේහ්‍යුන්ග්ව අල්ලගනිද්දි අනිත් අය කුතුහලයෙන් බලන් හිටියා.

"ටේහ්‍යුන්ග්...ටේහ්‍යුන්ග් තමයි මගේ බෝයිෆ්‍රෙන්ඩ් යූනා..."

ඒක අහලා ටේහ්‍යුන්ගේත් ඇස් ලොකු වුනේ එයා ඒ වගේ දෙයක් කොහොමටවත් බලාපොරොත්තු නොවුනු දෙයක් නිසා.එතන හැමෝගෙම කටවල් දිහා ඔලුව එහෙට මෙහෙට හරව හරව බලන් හිටිය යුන්ගි එරික් මාර්ක් තුන්දෙනා බලන් හිටියේ හරියට ෆිල්ම් එක ඉවරවෙනකන් වගේ.ඇස්වලින් වැටෙන කදුළු පිහදගත්තු යූනා ටේහ්‍යුන්ගේ අත් දෙකෙන්ම අල්ලගෙන ජිමින් දිහා බැලුවා.

"ම්...මට සමාවෙන්න ටේහ්‍යුන්ග්...ජිමින්ට මම වෛර කරා ගොඩක්...මම හිතුවේ මට බොරු බලාපොරොත්තු දීලා එයා මාව දාලා ගියා කියලා...ප්ලීස් ටේහ්‍යුන්ග්...එයාව හොදට බලාගන්න...මොකද එයා ගොඩක් අහිංසකයි..."

"ඔව් ඔව් ගොඩා....ක් අහිංසකයි...."

යූනා එහෙම කිව්ව ගමන්ම පැත්තක හිටපු එරික් අහක බලාගෙන එහෙම කියද්දි ජිමින් යූනටයි මින්හෝටයි නොපෙනෙන්න දවා අලුකරන බැල්මක් එරික් වෙතට දැම්මම ඒ බැල්මට ගැස්සිලා ගියපු එරික් එක ඇගිල්ලකින් තමන්ගේ කටවහගෙන නිශ්ශබ්ද වුණා.

"ඔයාලා කවුද?...."

එරික්වයි මාර්ක්වයි යුන්ගිවයි දැකලා යූනා ඇහුවේ යුන්ගිගෙන්.හරි වැඩේ මාට්ටු.එයා කියන්නද අපි මෙතනට ආවේ ජිමින්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ව කිඩ්නැප් කරන්න කියලද?

"ම්..මම? මම මේ..."

"ආ....එයාද? එයා තමයි මගේ බොඩිගාඩ්..."

යුන්ගි වෙනුවෙන් ජිමින් කටහඬ අවදි කළා.කිඩ්නැප් එකකට ආපු කිඩ්නැපර් බොඩිගාඩ් කෙනෙක් වෙද්දි යුන්ගි මේ සේරම ඉවසගෙන හිටියේ මෙතන පොඩි දෙයක් හරි මාට්ටු වුනොත් එයාලගේ සේරම වැඩ ගැස්සිලා යන නිසා.

"එතකොට ඔයාලා?...."

එරික් මාර්ක් දෙන්නා දිහාට හැරුණ යූනා නහයත් උඩට ඇද ඇද ඉකි ගගා එහෙම අහද්දි මූණට මූණ බලාගත්තු එරික් හා මාර්ක් අතරින් එරික් එකපාරටම තමන් අතේ තිබුන කුඩේ ආපහු ඉහළගෙන දෙන්නත් එක්ක එකට තුරුල් වෙලා ඒක අස්සට ගිහින් පාර්ක් එකේ වෙන පැත්තකට ගියා.

"අ...අපි අදුරන කට්ටියක් නෙවෙයි..."

ටේහ්‍යුන්ග් එහෙම කිව්වා.

"ම...මට සමාවෙන්න ජිමින්...."

"බබා...."

එහෙම කිව්ව යූනා තමන්ගේ ඉකිය නවත්තගන්න තමන්ගේ අත හපාගෙන එතනින් දිව්වේ මේ තරම් වෙලා පැත්තක ඉදන් එතන සිද්ධ වුන දේ දිහා බලාගෙන හිටපු මින්හෝත් එයා පස්සෙන් දුවද්දි.

"මෙතන පෙන්නන සේරම ඩ්‍රාමා ඉවර නම් මේ වැඩේ ඉවරයක් කරලා අපි මෙතනින් යමුද? ආ?....."

මෙතරම් වෙලා සේරම ඉවසගෙන හිටපු යුන්ගි අවසානයේ ජයග්‍රාහි ලෙස කටහඬ අවදි කරා.

"ඕකේ ඩැඩී...අපි යමු...."

යූනා යන පාර දිහා බලාගෙන හිටපු ජිමින් ආපහු සුපුරුදු තත්වයට ඇවිල්ලා කියද්දි.....

"හැමවෙලේම කුඩයක් අස්සට යන්නේ? මොන කෙහෙල් මලක්ද?..."

"වෙන මොනවා කරන්නද? මේ වැඩේ මාට්ටු වෙන්නද ඔයාට ඕනා? අනික තමුසෙ හිතුවද මම හරි ආසාවෙන් උඩ පැනගෙන තමුසෙත් එක්ක මේ කුඩයක් යට ඉන්න එනවා කියලා?...."

එතනට එරික් මාර්ක් දෙන්නත් දෙන්නට දෙන්නා බැන බැන ආවා.

"යමු මිස්ටර් කිම් ටේහ්‍යුන්ග්...බය වෙන්න එපා ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නෑ..."

ජිමින් ටේහ්‍යුන්ගේ අතකින් අල්ලන් එහෙම කිව්වා.

"බය වෙන්න එපා ටේ...මට ප්ලෑන් එකක් තියෙනවා..."

ඉස්සරහෙන්ම යුන්ගිත් ඊට පිටිපස්සෙන් ටේහ්‍යුන්ග් හා ජිමිනුත් ඊටත් පිටිපස්සෙන් එරික් හා මාර්ක් යන අතරේ ජිමින් හෙමිහිට තොල්වලින් මිමිණුවා.ඒත් එකපාරටම ජන්කුක්ව මතක් වුණ ටේහ්‍යුන්ග් ආපහු තමන්ගේ earbud එක ඔන් කරද්දි ඔබ ඇමතූ අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත කියලා ඇහුන නිසා ටේහ්‍යුන්ග් කලබලයෙන් වටපිට බැලුවා.කොහොම ප්‍රතිචාරයක් එන්නද ෆෝන් එක  ගහේ ගැහුවම.

"ජ්..ජිමිනි..."

ටේහ්‍යුන්ග් රහසින් කිව්වා.

"ක්...කුකී ඉන්නවා..."

"කුකී? ඒ කවුද?...."

"ජන්කුක්..."

"ජන්කුක්? ආ ඔයාගේ බොඩිගාඩ්...එයා කුකී වුනේ  කොහොමද?...."

"මොකද මම එයාට ආදරෙයි...."

"මොකාක්!!!....."

එකපාරටම නතර වුන ජිමින් හයියෙන් එහෙම කියද්දි යුන්ගිත් නතර වෙලා පිටිපස්ස බැලුවා.

"හීහී ඩැඩී..... ටේහ්‍යුන්ග්ට වොශ්රූම් යන්න ඕනෙලු..."

හරිම අමාරුවෙන් හිනාවෙලා ජිමින් එහෙම කිව්වේ ටේහ්‍යුන්ග්ට ඔලුව කොහේහරි හප්පගන්න හිතෙද්දි.ජිමින් එහෙම කියනකොට ටිකක් කලබල වුන යුන්ගි....

"හ්..හරි හරි ඉක්මනින් එනවා දැන්...."

එහෙම කිව්ව යුන්ගි එයාලට වඩා අඩි ඉක්මන් කරේ එරික් මාර්ක් දෙන්නා පිටිපස්සෙන් එන නිසා.

"මොකක්ද ජිමිනි ඒ කිව්වේ?...."

"ඒක වැඩක් නෑ...ඇ.....ඇත්තටම ඔයා ජේකේට ආදරෙයිද?...."

"ආශ්...ඒ දේවල් මන් පස්සේ කියන්නම්...මොකක්ද ඔයාගේ ප්ලෑන් එක..."

ටේහ්‍යුන්ග් කිව්ව දේත් එක්ක ටිකක් පුදුමයෙන් හිටපු හිමින් ආපහු සාමාන්‍ය අතට පත් වුනා.

"ප්ලෑන් එකද?......"

ජිමින් එහෙම අහන ගමන් ටිකක් අත පය හිරි ඇරගෙන රෙඩි වෙලා අතේ තිබුන කාර් එකක යතුරක් පෙන්නුවේ ටේහ්‍යුන්ග් පුදුමයෙන් ජිමින් දිහා බලාගෙන ඉදිද්දි.

"ප්ලෑන් එක තමයි...දුවන්න!!!!......"

එකපාරටම කෑ ගහපු ජිමින් ටේහ්‍යුන්ග්වත් ඇදගෙන කඩාගෙන පෙරලගෙන එතනින් පුලුවන් උපරිම වේගයෙන් දිව්වේ එරික් හා මාර්ක් මූණට මූණ බලාගනිද්දි.

"යාශ්...මම කිව්වා...මම කිව්වා...මේ ගම්මිරිස් ඇටේ විශ්වාස කරන්න බෑ කියලා...කොහෙද මම කියන දේවල් ඇහුවද? ඇහුවද ආ? ගියපු දෙන්...බොස්ටත් පාඩමක් උගන්නන්න ඕනේ...."

ජිමින් හා ටේහ්‍යුන්ග් දුවන දිහා බලාගෙන එරික් එහෙම කිව්වේ ඉස්සරහෙන් යන යුන්ගි මේ කිසි දෙයක් දන්නේ නැතුව වෑන් එක ළගට යද්දි.ඒත් එක්කම එරික්ගේ ඔලුවට අත දිග ඇරලා හොද පාරක් ගහපු මාර්ක්....

"ආව්ච්!!!..."

"පොල් බූරුවෙක් වෙන්න එපා...ගිහින් අල්ලගන්නවා..."

එහෙම කිව්ව මාර්ක් එයාලා පස්සෙන් දිව්වේ මාර්ක්ට ඇද කරපු එරිකුත් අකමැත්තෙන් හරි එයාලා පස්සෙන් දුවද්දි.

මේ සේරම අතරේ ජන්කුක් කොහෙද? එයා ඉන්නවා ඒ සිද්ධිය නම් එයා දැක්කේ නැත්තේ එතන වෙන දේවල් අහගන්න එයාම කඩාගත්තු ෆෝන් එක සෙට් කරන්න ට්‍රයි කරපු නිසා.

"ආ ජිනී...මෙන්න ඔයාගේ ආසම ස්ට්‍රොබෙරි ෆ්ලේවර් අයිස්ක්‍රීම් එක...."

නැම්ජූන් අයිස්ක්‍රීම් තට්ටු තට්ටු දාපු අයිස්ක්‍රීම් එකක් ජින්ට දික් කරද්දි ජින්ගේ ඇස් බෝල වෙලා දිලිසුනා.

"ඕහ් ගෝඩ්...ඒක ගොඩක් ලස්සනයි..."

"ලස්සන වගේම තමයි රහත් බේබි..."

නැම්ජූන් එහෙම කියද්දි හරි ආසාවෙන් අයිස්ක්‍රීම් එක අතට ගත්තු ජින් දිව ගාලා ඒක කන්න හැදුවා.

"තැන්ක් යූ සෝ මච් ජූ........ආ!...."

එකපාරටම කඩාගෙන බිදගෙන දුවගෙන ආපු දෙන්නෙක් ජින්වත් තල්ලු කරගෙන එතනින් දිව්වේ ජින්ගේ අතේ තිබුන ස්ට්‍රෝබෙරි දාලා අයිස්ක්‍රීම්වලින් පුරවලා තිබුන ලොකු කෝන් එක ඩොග් ගාලා මුනින් අතට වැටෙද්දි.

"යාහ්!!!!!!!!!!!!!!!!!........................."

බිම වැටුණ අයිස්ක්‍රීම් කෝන් එක දිහා බලපු ජින්ගේ ඇස් රතු වෙලා නලියන්න ගත්තා.අත් දෙක තරහෙන් වෙවුලද්දි ඈතට දුවන දෙන්නා දිහා බලාගෙන මුලු පාර්ක් එකටම ඇහෙන්න හයියෙන් කෑ ගහපු ජින්......

"යාහ්!!! තමුන්ලා දෙන්නා නවතිනවා!!!......."

"ආ...ඒකට කමක් නෑ ජිනී...ඔයා මේ අයිස්ක්‍රීම් එක කන්න..."

ජින්ගේ දෙයක් නැතිවුනොත් කොයි වගේද කියලා දන්න නැම්ජූන් එයා අතේ තිබුන අයිස්ක්‍රීම් එක ජින්ට දික් කරා.ඒත්.....

"එහාට්ට යනවලා......"

ඒ පාර පිටිපස්සෙන් ආපු තවත් දෙන්නෙක් නැම්ජූන්වත් පෙරලගෙන එතනින් ගියා.හරි ඒ අයිස්ක්‍රීම් එකත් චකබ්ලාස්ට් වුනේ එතන ලොකු ගින්නක් අවුලවලා.

"ආයිශ්...මේ මොන යක්කු රැලක්ද? යා!!!...."

"ජිනී ඒ...ඒ ටේහ්‍යුන්ග් නේද?..."

ඈතින්ම යන දෙන්නගෙන් එක්කෙනෙක් දිහා බලාගෙන නැම්ජූන් කියද්දි ජින්.....

"ඒ...ඔව්මයි එතකොට අර අනිත් පැත්තෙන් යන්නේ කවුද? මොකක්ද මෙතන වෙන්නේ? කෝ එයාව බලාගන්න කෙනා ජේකේ?....."

"බලන් ඉදලා හරියන්නේ නෑ...අර තව දෙන්නෙක් එයාලගේ පස්සෙන් ගියා...ඉක්මනින් එයාලා පස්සෙන් යමු..."



ඒත් එක්කම පාරට දුවගෙන ආපු ජිමින් කාර් එකකට නැග්ගේ එරික් මාර්ක් දෙන්නගෙ ඇස් පොල්ගෙඩි සයිස් වෙද්දි.ඒත් එක්කම මාර්ක් දිහාට හැරුණු එරික්....

"මාර්ක්...කා' කී කෝ?....."

"ඈ....."

එරික් කිව්ව දේ තේරුම් ගන්න බැරුව මාර්ක් ඇස් දෙකක් එළියට දාගෙන එහෙම ඇහුවා.

"කා' කී කෝ අනේ......"

"කාකි? මොන කාකියෙක්ද?..."

"කාර් එකේ කී එක කොහෙද මනුස්සයෝ...අරූ අපේ කා' එකට නැග්ගේ යතුරක් නැතුව එලවගෙන යන්නද?"

එරික් එහෙම කියනකොට තමන්ගේ සාක්කු අත ගාලා බැලුව මාර්ක්........

"ඒක නෑ...."

"වට්???........"

ඒ අතර වෑන් එක ළගට ගියපු යුන්ගි පිටිපස්ස බලලා කවුරුත් නොහිටිය නිසා එයා හිටියේ කට්ටියම එතනට එනකන්.ඒත් කිසිම කෙනෙක් නැති තැන බලන් ඉදලා ඉදලා යුන්ගි ආපහු ගියේ ඒකටත් වැඩේ හරිද කියලා හිතන ගමන්මයි.

"ආශ්...මුන් එක්ක මොන කිඩ්නැප්ද?...."

හිටපු තැනටම ආපු යුන්ගි වටපිට බලලා එහෙම කියද්දි එකපාරටම කවුරුහරි එයාගේ ඔලුවට pistol එකක් තිබ්බේ යුන්ගිව පුදුම වෙද්දි.

අත් දෙක ලාවට උස්සලා යුන්ගි හැරෙද්දි දැක්කේ කඩවසම් තරුණයෙක්ව.ඔව් ඒ ජන්කුක්.

"හොද හිතින් කියනවා ටේහ්‍යුන්ග් කොහෙද?...."

ජන්කුක් දත්මිටි කන ගමන් අහද්දි යුන්ගි එයාගේ උඩ ඉදන් පහළටම බැලුවා.

"තමුන් කවුද?...."

"ඒක තමුන්ට වැඩක් නෑ...මන් කොක්ක ගස්සන්න ඉස්සෙල්ලා ටේහ්‍යුන්ග් කොහෙද කියනවා..."

"එයාව තමයි මාත් හොයන්නේ..."

"මොකක්!!!.."

ජන්කුක්ව ආපහු ශොක් වුණා.කිඩ්නැප් කරන්න ආපු කෙනත් එහෙම කියද්දි ඉතින් තව මොනවද? මෙතන කිඩ්නැපර්ලත් හරිම කෙයාලස්.


"ඔහොම නවතිනවා!!!....."

එකපාරටම පාර්ක් එකේ පැත්තකින් ලොකු සද්දයක් ඇහෙද්දි ජන්කුක් යුන්ගිව තල්ලු කරලා දාලා ඒ පැත්තට දිව්වේ යුන්ගිත් ඒ පැත්තටම දුවද්දි.

ඈතට යන කාර් එක දිහා ගල් ගිලලා වගේ බලාගෙන ඉන්න එරික් හා මාර්ක්ව දැකපු යුන්ගි මුලු අතම ඔලුවේ ගහගත්තා.

"ආශ්...ඒ සැරේ කවුද මගෙ ටේව කිඩ්නැප් කරේ? ආයිශ්... මෙයාව කාමරේ අස්සට දාලා දොර ලොක් කරන්න ඕනේ..."

තරහෙන් එහෙම කිව්ව ජන්කුක් එයාලා ආපු බයික් එකේ නැගලා කාර් එක පිටිපස්සෙන් ගියේ එතන ස්ටාට් වුණ තවත් කාර් එකක් එයාලා පස්සෙන්ම යද්දි.ඒ නැම්ජින් ඩබලගේ කාර් එක.

මේ තරම් වෙලා සේරම ඉවසගෙන දරාගෙන හිටියත් ඒකත් හේදිලම ගිය පාර ඉවසීමේ උපරිමයටම ගිහිල්ලා තිබුන යුන්ගි....

"අද මන් උබලා දෙන්නව මරනවා..."

එහෙම කියලා පිස්තෝලයත් අරන් මාර්ක් හා එරික් පැත්ත්ට ගියේ එරික් කෑ ගහලා මාර්ක්ව බදාගනිද්දි.



"ජිමිනි...අපි කොහෙද යන්නේ?..."

සැරින් සැරේ කාර් එක ගැස්සෙන  නිසා හයියෙන් අල්ලගත්තු ටේහ්‍යුන්ග් කලබලයෙන් එහෙම ඇහුවා.

"මන් දන්නේ නෑ ටේ...කොහේ හරි යමු..."

ජිමින් පාරට එබිලා වාහනේ එලවන ගමන් එහෙම කියද්දි ටේහ්‍යුන්ග් ආපහු නිශ්ශබ්ද වෙලා ඉදිරිය බලාගත්තා.ඒත් අමුතු විදිහට කාර් එක ඉදිරියට යන නිසා එකපාරටම ඇස් දෙක ජිල් බෝල සයිස් වුණ ටේහ්‍යුන්ග් ජිමින් දිහා බලලා....

"ඔයාට ලයිසන් තියෙනවද?......"

"නෑ!!!...."

"ඩ්‍රයිව් කරන්න පුලුවන්ද?...."

"බෑ!!!....."

ජිමින් කෑ ගහලා එහෙම කියද්දි ඉස්සරහ බලලා හොද හුස්මක් ගත්තු ටේහ්‍යුන්ග් කාර් එක දෙදරන්න තරම් හයියෙන්......

"ඔම්මා!!!...."



"මොකද අර කර් එක ඉගිලෙන්න හදන්නේ?..."

පිටිපස්සෙන් එන කාර් එකේ හිටපු ජින් කාර් එක එලවන ගමන් ඇහුවහම ටික වෙලාවක් කාර් එක  දිහා බලාගෙන හිටපු නැම්ජූන්....

"පේන විදිහට නම් ඩ්‍රයිව් කරන්නේ ඩ්‍රයිවින් පුලුවන් කෙනෙක් නෙවෙයි...."

"මොකක්!!! මගෙ ටේ බබූ...."

කෑ ගහපු ජින් අඩ අඩම කාර් එකේ වේගය වැඩි කරා.

"හෝව් හෝව් ජිනී ඔයා ස්ට්‍රෙස් වෙන්න එපා...වේගය අඩු කරන්න ජිනී..."

වාහනය ගැස්සුන පාර හයියෙන් අල්ලගත්තු නැම්ජූන් එහෙම කිව්වේ වාහනයේ වේගය එන්න එන්න වැඩි වෙද්දි.



ඒ අතර ඊටත්පස්සේ ආපු ජන්කුක් එහෙන් මෙහෙන් දාලා ජිමින්ගේ කාර් එක ළගටම ආවේ පිටිපස්සෙන් ආපු ජින් ජන්කුක්ව අදුරගනිද්දි.

"අන්න වීරයා ආවා...කොහෙද මූ මෙච්චර වෙලා හිටියේ?..."

අමුතු ගැම්මක් ආව ජින් එහෙම කියද්දි පිටිපස්සෙන් එන මොකක්හරි වාහනයක් එක දිගට හෝන් ගහන්න ගත්තේ ජින්ගේ ඉවසීමේ සීමාව ආපහු පනිද්දි.

"මොකාද ඒ හෝන් එක උඩ නැගගෙන ඉන්නේ?..."

"ම්ම්ම්...වෑන් එකක්..."

පිටිපස්ස බලපු නැම්ජූන් එහෙම කියද්දි හොද හුස්මක් ගත්තු ජින් කාර් එක පාර මැද්දටම ගත්තේ පිටිපස්සෙන් එන එකාට පාඩමක් උගන්න වගේ.ඒ වගේ කරදරකාරි දේවල් ජින්ට පේන්න බෑ.

"ඉක්මනින් යනවා!!!...."

"බ්..බැහැ බොස්....ඉස්...ඉස්සරහින් යන කාර් එකක් හරස් කරනවා බ්..බොස්..."

ඒත් එක්කම ඉස්සරහෙන් විශාල ශබ්දයක් ඇහුනේ මුලු වටපිටාවම නොසන්සුන් කරලා.

"බොස්....මන් හිතන්නේ මොකක්හරි හැප්පුනා..."

සේරගෙම අවසන් ප්‍රථිපලය විදිහට මොකක්හරි කාර් එකක් හැප්පෙන සද්දයක් ඇහුනේ වෑන් එකට ඉස්සරහෙන් ගියපු නැම්ජින් ඩබලගේ කාර් එකත් නතර වෙද්දි.

එකේක වාහනවල හිටපු හැමෝම වාහනවලින් බැහැලා පාරට බැස්සේ කුතුහලයෙන් ඉදිරියට යන ගමන්.


"ටේ!!!........"

බයික් එකෙන් බැස්ස ජන්කුක් දුවගෙන ගිහිල්ලා තවත් කාර් එකක හැප්පුන ටේහ්‍යුන්ග් ගියපු කාර් එක ළගට ගියේ එයාගේ අත් වෙවුලන්න ගනිද්දි. ජන්කුක් කාර් එක ඇරලා බලද්දි සීට් එකක් උඩ ඉදගෙන ඔලුව ඉස්සරහෙන් ගහගෙන ඉන්න ටේහ්‍යුන්ග්ව දැකලා බය වුණා.

"ටේ... නැගිටින්න ටේ...."

ටේහ්‍යුන්ගේ කම්මුල්වලට තට්ටු කර කර ජන්කුක්  බයෙන් කෑ ගහද්දි ලාවට ඇස් ඇරපු ටේහ්‍යුන්ග්....

"මාව හොස්පිට්ල් ගිහින් දාන්න අයියෝ..."

ටේහ්‍යුන්ග් කිසි ගානක් නැතුව එහෙම කියනකොට ජන්කුක් පුදුම වුණා.ඒත් එක්කම ඩ්‍රයිවින් සීට් එකේ මලා වගේ හිටපු ජිමිනුත් ඇහැරිලා...

"කාර් එක හැප්පුවේ ඕනකමින්...අපිව හොස්පිට්ල් ගෙනියන්න දැන්...එතකොට කිඩ්නැප‍ර්ස්ලට අපිව මගෑරෙනවා..."

"ඒත්?....."

"ඒත් මේත් නෙවෙයි...ඉක්මනින්...."

"ඒත් ඉස්සරහ කාර් එක?...."

ජන්කුක් හෙමිහිට එහෙම කියද්දි ජිමින්ගේ මූණ ඉබේම ඒ දිහාවට හැරුණේ ටේහ්‍යුනුත් කුතුහලයෙන් තමන්ගේ කාර් එකේ ඉස්සරහ හැප්පිලා තිබුන අනිත් කාර් එක දිහා බලද්දි.

ජන්කුක් කාර් එකෙන්ම අදුරගත්තා ඒ ඉස්සරහ කාර් එකේ අයිතිකාරයා කවුද කියලා.ඒත් ටේගේ සිහියෙන් ආපු ජන්කුක් ඒ ගැන වැඩි තැකීමක් කරේ නැතිවුණත් දැන් සිටුවේශන්වල තත්වය හොද අතට හැරුණ නිසා ටිකක් දෙගිඩියාවෙන් එහෙම කිව්වා.

ඒත් එක්කම ඉස්සරහ කාර් එකෙන් ටයි කෝට් දාලා සන්ග්ලාස් දාගෙන හිටපු පුද්ගලයෙන් බැස්සේ ටේහ්‍යුන්ග් හා ජිමින් ඇස් හීනි කරගෙන එයාව අදුරගන්න ට්‍රයි කරද්දි.ඒත් එක්කම එතන හිටපු කෙනාව අදුරගත්ත දෙන්නම ඉබේටම වගේ පුදුමයෙන් මූණට මූණ බලාගත්තා.

"මිස්ටර් කිම්!!!!..........."















________________________________________________________________________________


JK saves his Tae boo😌👀🔥


4561 words මෙච්චර දිග චැපියක් ලිව්ව ෆස්ට් ටයිම්.කියවන්න ගියාම එපා වුනාද?

මම පුලුවන් පුලුවන් වෙලාවට අප්ඩේට් දෙන්නම්.දෙද්දි මේ වගේ දිග චැප් දෙන්නම්.හාද?

අද ලිට්ල් ස්පේස් නෑ.මෙච්චර දිග චැපියටත් මුකුත් නොකියා යන්න එපා ඉතින්.මේකේ වෙන පිස්සු වැඩවලට පිස්සු අදහසක්වත් දීලා යන්න.

අලුත් දෙන්නෙකුත් ආවනේ.අමතක කරන්න එපා හොදේ.ඉස්සරහට නිකන් Housefull වගේ වෙයි කියලා හිතනවා.🙂බලමුකෝ.

හැමෝම පරිස්සමින් ඉන්න💜️
ලාවියූ❤️💜

Continue Reading

You'll Also Like

159K 5.7K 42
❝ if I knew that i'd end up with you then I would've been pretended we were together. ❞ She stares at me, all the air in my lungs stuck in my throat...
1.1M 20K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
104K 9.2K 111
"You think I'm golden?" "Brighter than the sun, but don't tell Apollo" Dante hates Rome's golden boy. Jason doesn't even remember him. Right person w...
304K 9.1K 100
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...