💫Baby, u're My ANGEL⭐🌠

由 Ru_Ki_Shanaya

2.6K 619 76

ජීවිතේට බඳින ඉණිමං හීන වලින් සරසන්න පුළුවන් වුණාට.. හීන මැකිලා ගිය දාට පාර වරද්දගෙන බෑ.. අපි අලුතින් ලියමු අ... 更多

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
මතක

14

47 11 0
由 Ru_Ki_Shanaya

💙"ඔප්පා.. හල්මොනිට ගොඩක් අමාරුද? ඔම්මටයි අප්පටයි දැන්ම එන්න බැරිවෙයිද? මට මෙහෙම තනියම ඉන්න ගියාම එපා වෙනවනෙ"

රිය තුළ තිබුණ නිශ්ශබ්දතාවය බිඳ දමමින් නාබි කියද්දි අයියා  නංගිගෙ කතාවට බාධා වෙන එක වලක්වන්න ගාඩ් චෙං හෙඩ් සෙට් එක දාගත්තා. තේහ්යොං රෙකෝඩින් වල ඉන්න අතරෙ චෙං ව ගෙදරට එව්වෙ නාබිගෙ ආරක්ෂාව වෙනුවෙන් මේ දෙන්නව යන්න ඕනම තැනකට එක්ක යන්න කියල උපදෙස් මාලාවකුත් දීලයි.

🤎"ඔම්මලට එන්න බැරි වෙයි බබා. මම ඉන්නවනෙ ඉතින් මේ දවස් ටිකට. ඊ ළඟට ඔයා බූසාන් ගියාම කොහොමත් තනියෙන් නෙ. දැන් ඔයාම නේද කිව්වෙ ඕනම දේකට මුහුණ දෙන්න හිත හදාගන්න ඕන කියලා"

💙"හරි ඉතින්... ඒ උනාට... "

නාබිට කොලේජ් එකට වගේම අනිත් අවශ්‍ය හැමදේමත් හොයල බලලා මින් සූ අරන් දුන්නා. ඒ දේවල් ඉවර කරගෙන අයියයි නංගියි ගියෙ එයාලගෙ ගෙදරට. චෙං එයාලත් එක්ක යන්න ආවත් මින් සූ කිව්වෙ එයා ඉන්න නිසා චෙං ඉන්න එක අවශ්‍ය වෙන්නෙ නැහැ කියලා.  ඒ නිසා චෙං ඩ්‍රයිවර් කෙනෙක් ට කියලා මින් සෝ ගෙ කාර් එක ගෙදරට ගෙන්නවලා දීලා ටේගෙ වාහනෙත් අරගෙන යන්න ගියා.

හවස ටේ ගෙදර ආපු ගමන් කෙලින්ම ගියෙ නාබිගෙ රූම් එකට. ඒත් කාමරයේ තිබුණ පාළුව ටේ ගෙ හිතටත් මොකක්දෝ හිස් බවක් දැනෙව්වා. කතාවක් නැතුවම වොෂ් එකක් දාගෙන සැහැල්ලු ඇඳුමකට මාරු වෙලා ගාඩ්න් එකේ පැද්දෙන පුටුවට ගියේ චෙං ගෙ නම්බර් එක ඩයල් කරන ගමන්.

❤"චෙං හ්යුන්ග්.. කොහෙද ඉන්නෙ?"

😎"මම ඉන්නෙ පාරෙ, මිස්ගෙ ගෙදර පේන තැනක"

❤"ඇයි එයා කෝ"

😎"අයියත් එක්ක ගෙදර. මං හිතන්නෙ අද එන එකක් නෑ. මටත් යන්න කිව්වා. ඒත් සර් කිව්වනෙ මිස් ව පේන දුරක ඉන්න - එයා එනකන් ගෙදර එන්න එපා කියලා, ඒ නිසා මම මේ පාර අයිනෙ වාහනේ දාගෙන ඉන්නෙ. මොකක්ද සර් මම කරන්න ඕන?"

❤"කවුද අර පණ්ඩිතයද කිව්වෙ ඔයාට යන්න කියලා"

😎"ස්- සර් ?"

❤"හරි කමක් නෑ. ඔතන ඉන්න.. මොනව හරි වුනොත් ඊට පස්සෙ මොනව කිව්වත් වැඩක් නෑනෙ"

😎"හරි සර්"

අසරණ චෙං පහුවදා උදේ වෙනකලුත් වාහනේ ඇතුලට වෙලා නාබිලගෙ ගෙවල් පැත්තට අවධානය දීගෙන හිටියෙ බොස්ගෙ අණට අකීකරු වෙන්න බැරි කමට. ටේගෙ කැඳවීමක් ලැබෙනකන් බලාගෙන හිටපු චෙං ගෙදර යද්දි ටේ කොහේ හරි යන්න රෙඩි වෙලා හිටියෙ ජිමිනුත් එක්ක .

ශෙවාන් නාබිට කෝල් කරද්දි නාබි හිටියෙ වොෂ් රූම් එකේ නිසා මින් සෝ තමයි ඇමතුමට සම්බන්ධ වුණේ. නාබිට තමන්ගෙ ෆෝන් එක රින්ග් වෙනවත්, ඊට පස්සෙ ඔප්පගෙ කටහඬත් ඇහෙද්දි එයා answer කරපු බව තේරුනත් කතා කලේ කවුද කියල හිතාගන්න බැරි වුණේ කතාව දිගින් දිගටම යන නිසා..

💙"ඔප්පා.. කාගෙන්ද කෝල් එක"

නාබි වොෂ් රූම් එකේ ඉඳන්ම මහ හයියෙන් කෑ ගැහුවා.

🤎"කවුරු වුනහම මොකද.. තමුසෙ ගියපු වැඩේ කරගෙන එනවකො"

💙"කියන්නකො අනේ... කවුද කතා කරන්නෙ?"

🤎"ඇයි මොකද? මගෙ යාලුවෙක්.. තමුසෙ පණ්ඩිත තම නැතුව නාගෙන එනවා.. මේක අපේ කතාවක්"

......

නාගෙන ආපු නාබි මින් සූ  ළඟින් හිටගෙට තෙත කොණ්ඩෙ ගසල දානකොට විසිරුණ ෂැම්පු සුවඳ මුසුවුණ දිය බිඳිති වලින් මින් සූ වත් තෙමුණා. ඒත් ඒ දිහා නොබලම එයා කතා කලා.

🤎" කොණ්ඩෙ ඩ්‍රයි කරගන්නවා.. ඒවත් කියන්න ඕනද තමුසෙට, සිහිය නෑ දැන් "

💙"ඩ්‍රයි කරන්න ඕන්නෑ අනේ.. වෙනදටත් මම කරන්නෙ නෑ.."

🤎"අපි නැති දවස් ටිකට තමුසෙ හරියට ලොකු වෙලානෙ.. වෙනදට ඔම්මා කෑ ගහනවා  නේද නෑවම කොණ්ඩෙ ඩ්‍රයි කරන්න, නැත්නම් අසනීප වෙයි කියල."

💙"ඔයානම් කියයි.. මං එපෑ ඔක්කොම කරගන්න"

නාබි නහයෙන් අඬ අඬා කියද්දි මින් සූ රවාගෙන නැගිටලා නාබිගෙ බෙල්ලෙන් අල්ලලා තල්ලු කරගෙන රූම් එකට අරගෙන ගියා. එයාම හෙයා ඩ්‍රයර් එක අරගෙන කෙල්ලගෙ කොණ්ඩෙ වේලුවා.

🤎"අපි ඉන්නකන් හොඳයි උඹට"
ඇහෙන නෑහෙන ගානට කුටුකුටු ගාලා කියද්දි නාබි මෝඩ හිනාවක් දැම්මා

🤎"හ්ම්... හරි.. රෙඩි වෙලා එනව ගමනක් යන්න."

💙"කොහෙද?"

නාබිගෙ ෆෝන් එක තවමත් තියෙන්නෙ මින් සූ ගෙ ළඟ .

🤎"ඔයාගෙ ඔෆීෂියල් වැඩකට.  ඉක්මන් කරනවා. තව පැය බාගෙකින් එතන ඉන්න ඕන.. ආ.. අර ඊයෙ ගත්ත බ්ලැක් කිට් එක අඳිනවා.."

💙" යා...... මොකක්ද ඔප්පා.. කොහෙද යන්නෙ, මොකටද මොනවත් කියන්නෑ.. මං රොබෝ කෙනෙක් ද... කවුද කතා කලේ කියනවා. මම අහගන්නම් කොහෙද යන්නෙ කියලා. ඔයා හරි නරකයි අනේ.. "

🤎"ඔව් ඔව්.. මටත් තේරෙනවා. දැන් අපිනෙ නරක. හොඳ හොඳ ඔප්පලා ඉන්නවනෙ මෙයාට "

💙" එහෙම එකක් නෙමේ මෝඩයො කිව්වෙ. මෝඩයා වුනත් ඉතින් ඔයානෙ මගෙ ඔප්පා.."

දිවත් දික් කරලා කම්මුලක් කොනිත්තලා නාබි කිව්වෙ මින්සූ ඒක කියපු විදිහට ඇත්තටම දුක හිතුන නිසා.

යන්න ආපු හිනාව වළක්වන්න තොල හපාගෙන නාබිගෙ පස්සට පයින් ගහපු මින්සූ එළියට යන්න යනකොට නාබි කටත් ඇද කරගෙන කෑ ගැහුවා.

💙"ඉරිසියා කාරයා.."

අයියයි නංගියි රෙඩි වෙලා කාර් එකට නගින ගමන්  නාබි ඇස් යටින් මින් සූ දිහා බලන හැටී මින් සූ දැක්කා..

🤎"මොකද.."

💙"ඔප්පා.. මගෙ අත... අතට බෙහෙත් දාගන්න ඕන.. හොස්පිට්ල් එකට ගිහින් යමුද?"

ශෙවාන් ගැන කියනවට ඔප්පා අකමැති බව දන්න නිසා නාබි ඇහුවා.

🤎"ඇයි තමුසෙගෙ මහලොකු හොප්පා බෙහෙත් දානකොට නේද රිදෙන්නෙ නැත්තෙ ?"

ඊයෙ හවස බෙහෙත් දාන්න යන්න කතා කලාම නාබි කියපු දේ මතක් කරල මින් සූ කිව්වට නාබි දැන් දන්නව ඒ කිසි කෙනෙකුට අනවශ්‍ය විදිහට ළං වෙනවට එයාගෙ ඔප්පා කැමති නෑ කියල. ඒ නිසා නාබිට ඕන වුණේ නෑ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න.

💙"නෑ.. දැන් ගොඩක් සනීපයිනේ. ඒ නිසා කමක් නෑ. යන ගමන් දාගෙන යමු"

💙"ඔප්පා... අර තියෙන්නෙ තේහ්යොං ෂී ගෙ වෙහිකල් එක නේද?"

ගෙදරට හැරෙන පාරෙන් ප්‍රධාන පාරට වාහනේ හරවද්දිම නාබි කියනකොට මින් සූ ත් ඒ දිහා බැලුවෙ අවධානයෙන්. ටික දුරක් යද්දි ටේගෙ වාහනය තමන්ව ෆලෝ කරනව කියල තේරුණාම මින් සූ මොනවත් නොකියම පාර අයිනට කරලා කාර් එක නැවැත්තුවා.  ඒ එක්කම ටේගෙ වාහනෙත් අයින් කරලා නවතිනවා දැකපු මින් සූ කාර් එකෙන් බහිද්දි නාබිගෙ පපුව හයියෙන් ගැහෙන්න ගත්තෙ මින්සූ ටේ එක්ක ප්‍රශ්නයක්ඇති කරගනී කියල බයට.

💙"ඔප්පා.. අපි යන්.. අනේ එන්නකෝ "

නාබි දිහා ඇස් කොනෙන් බලපු මින් සූ ඒ පැත්තට  ඇවිදගෙන  යද්දි කලබලෙන් කාර් එකෙන් බැහැපු නාබිත් මින් සූ පස්සෙන් දුවගෙන ගිහින් අතේ එල්ලුනා. නාබිව ගණන් නොගෙනම නවත්තපු වාහනේ ළඟට මින්සූ යදදි ඩ්‍රයිවින් සීට් එකේ හිටපු චෙං ෂටර් එක ඇරියා. වාහනේ හිටේයෙ චෙං විතරයි.

🤎"ඔයා අපිව ෆලෝ කරනවද.. නැත්නම් කොහෙ හරි යන ගමන්ද?"

😎"සොරි සර්.. මේ අපේ බොස් මට දීපු ඩියුටි එක. ඒකට මට බෑ කියන්න බෑනෙ"

🤎"ඒ කිව්වෙ?"

😎"බොස් තමයි කිව්වෙ මිස්ලා යන තැනක පේන දුරින් ඉඳන් ගාඩ් එක දෙන්න කියලා. මම දන්නවා නංගි කෙනෙකුට තමන්ගෙ අයියා ඉන්නකොට වෙන ගාඩ් එකක් ඕන නෑ කියලා. ඒත්.. එදා මිස්ට වෙච්ච දේ ඇස් දෙකටම දැකපු නිසා බොස් බයයි. ඒ නිසයි මටත් එන්න කිව්වෙ"

🤎"අහ්! ඉතින් ඔයා කිව්වෙ නැත්තෙ? අපිට කතා කලේ නැත්තෙ?"

😎"බොස්! මමත් ඔයාගෙ වයස පහු කරලා වැඩි කාලයක් නෑ. මම දන්නවා ඔයාට ඕක කලින්ම කිව්වනම් ඔයා කියනවා අපි අපේ දේවල් බලාගන්නම් කියලා."

හයියෙන් හිනාවුණ මින් සූ ඒ තේරුම් ගැනීම ගැන චෙං ගෙ පිටට තටටුවක් දාලා හයියෙන් හිනා වෙනකොට තමයි නාබිගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ.

😎"බොස් ඩ්‍රයිව් කරන්න කම්මැලියි කිව්වනෙ, අවුලක් නැත්තම් මේකෙම යමු.. මම කොහොමත් එපා කිව්වත් පස්සෙන් එන එකනෙ."

හිනාවෙලා චෙං කිව්වම,

🤎"ඕකේ දෙන්. මම කාර් එක මෙතන පාකින් එකට දාන්න දීලා එන්නම්. චූටි නගින්න එහෙනම් "

නාබි සැනසුම් හුස්මක් හෙළලා වාහනේට නැගලා ශාඩි වුණා.

🔹️🔹️🔹️🔹️🔹️🔹️🔹️🔹️🔹️🔹️🔹️🔹️🔹️🔹️

වාහනේ නැවතුනේ හන් ගං ඉවුරේ ලස්සන උද්‍යානයක. මින් සූ චෙං එක්ක තවම ලොකු කතාවක.  නාබි බැහැලා හෙමින් හං ගඟ දිහාට ඇවිදගෙන යද්දි කහ පාට මල් පිරුනු ලොකු ගහක් යට ටේබල් එකක් ළඟ ඉඳන් ඉන්න කීප දෙනෙක් නාබිගෙ බැල්මට අහුවුණා. නාබි හැරිලා බැලුවෙ ඔප්පා දිහා.  එයාගෙ මූණෙ තිබුණ හිනාව නාබිට තේරුම් කලා මේක එයාල එකතු වෙලා ගහපු ප්ලෑන් එකක් කියලා. එතකොට එහෙනම් ලීහී වෙන්න ඇති ඔප්ප එක්ක කතා කලේ කියල නාබි හිතුවා.

ටේබල් එක ළඟ ලීහී, ශෙවාන්, එමී තුන් දෙනාම හිටියා. නාබි මින්සූ දෙන්නත් ගිහින් ඒ ටේබල් එකේම වාඩි වෙද්දි චෙං එහා තිබ්බ බෙන්ච් එකකට වෙලා හිටියා.

🤎"ශෙවාන්, බෙහෙත් ටික දාල ඉමුද?"

නාබි මින් සූ දිහා බැලුවෙ පුදුමෙන් ඇස් ලොකු කරගෙන.

💚"ආහ් හරි, .."

🧡"දෙන්න ඔප්පා මං ගේන්නම්.."

ශෙවාන්ට කලින් ලීහි පුටුවෙන් නැගිටලා ශෙවාන්ගෙන් යතුර ඉල්ලගත්තෙ බෙහෙත් ටික අරගෙන එන්න. ලීහිට තේරිලයි තිබුණෙ නාබිගෙ අයියා ශෙවාන්ට වැඩි කැමැත්තක් නෑ කියන එක. ඒත් මේ වෙලාවෙ දෙන්නා හරි සහයෝගයෙන් ඉන්නව දැක්කම ලීහිට ඇති වුණේ සතුටක්. එයාලට කතා කරන්න ඉඩ දීල ශෙවාන් ගෙ වැඩේ බලෙන්ම බාරගන්න හිතුවෙත් ඒ නිසාමයි.

💚"ලීහී.. ඔයාට තනියම.."

💙"මාත් එන්නම්.."

🧡"අනේ මේ .. ඔන්න ඔහෙන් හිටපන්.. මං අරන් එන්නම්.. "

🔹️"නාබි ඉන්න, මම එන්නම් ලීහි"

එමී කියද්දි ලීහි,

🧡"ඕන්නැ.. ඕන්නෑ.. උඹලා දිලිසි දිලිසි මාත් එක්ක එනකොට ජීවිතේට මට මොකුත් කරගන්න හම්බ වෙන්නෙ නෑ. මම තනියම යන්නම්.."

නාබි බුම්මගෙන ඉද්දි ලීහි පොඩි එකෙක් වගේ යතුරත් අරගෙන උඩ පැන පැන යනහැටි මින්සූ, ශෙවාන්, ඒමි තුන්දෙනාම බලාගෙන හිටියෙ හිනා වෙවී.

🤎"මොන්ටිසෝරි ළමයි වගේ"

💚"කතා කරල වැඩක් නෑ මින්සුයා. දෙකම එකයි. ඔෆිස් එකේ මුන් දෙන්නගෙ වැඩ නිසා මමත් බැණුම් අහනවා"

🤎"මෙයා එහෙම නැද්ද?"

මින්සූ ඒමි දිහා බලලා ශෙවාන් ගෙන් ඇහුවා.

💙"මේ මේ... ඒ කෙල්ල ට ඉන්න දෙනව පාඩුවේ. ආව මෙතන"
නාබි මින්සූට එරෙව්වා

💚"මෙයත් එහෙම නැත්තෙම නෑ. ඒත් මේ දෙක තරම් නෑ.  අනික එයා අකවුන්ට්ස් ඩිවිෂන්. මගේ යුනිට් එකේ නෙමේ. ඒ නිසා මට කරදර නෑ"

නාබිගෙ අතට ශෙවාන් බෙහෙත් දානකන් මින්සූ විමසිල්ලෙන් බලාගෙන හිටියෙ ශෙවාන් දිහා. ඒත් ඒ උකුසු ඇස් වලට කිසිම විශේෂත්වයක් හොයාගන්නනම් බැරි වුණා. තුවාල සුද්ද කරන්න එහෙම ලීහිත් ගොඩක් උදව් කලා.

💚"ලීහී.. නර්සින් කරමුද? මට එතකොට ඇසිස්ටන් කෙනෙකුත් ඉන්නවා"

ලීහිගෙ අත ගැස්සුනා. ඒත් ඒ බව නොපෙන්වන්න මද හිනාවකින් පිළිතුරු දුන්නා මිසක් ඔලුවවත් ඉස්සුවෙ නෑ.

💙"ඇත්තටම ඒක මරු. ඔප්පා ඩොක්ටර් වුණාම ලීහියා නර්ස්.. අපිට තියෙන්නෙ ලෙඩ හදාගෙන එන්න විතරයි."

💚"විකාර කියවන්නෙපා නාබි.. ලීහී මම විහිලුවට නෙමේ කිව්වෙ.. මට හීතෙනව ඔයා ඒකට ගැලපෙනව කියලා"

🧡"ආහ්? මොකටද?"

ලීහි ඇහුවෙ කලබලෙන්.

💚"නර්සින් වලට"

ලීහි ගොඩක් වෙලාවට කරනව වගේ අර්ථයක් හොයාගන්න අමාරු හිනාවකින් ඒ කතාව මග ඇරියා.

බෙහෙත් දාලා ඉවර වෙලා කට්ටිය කතා කර කර ඉන්න අතරෙ එතනට තවත් තුන් දෙනෙක් එකතු වෙනකොට නාබි ආයෙත් පුදුම වුණා.

🧡"හායි... ඔප්පා.. ඔයාල පරක්කුයි.."

🤘"කොහෙද මේ ටේ මනමාලි  ට රෙඩි වෙන්නම මාර වෙලාවක් ගත්තනේ. නැද්ද ජොන්හන්ඊ.. අපි කොච්චර වෙලා බලන් හිටියද?"

ජිමින් කියද්දි,

💙"මේ.. අර අනිත් නසරානිය නේද බන්.. අර සුමු ඉන්ටනැෂනල් එකේ මාකටින් මැනේජර්.. මෙයත් මොකද මෙහෙ.."

නාබි ලීහිගෙ කනට ළංවෙලා ඇහුවෙ යූන් ජොන්හන් දිහා ඇස් කොනින් බලන ගමන්.

🧡"දැට්ස් රයිට්. මේ ඉන්නෙ ඒ නසරාණියා තමයි. උඹට ටේ ඔප්පට විතරනෙ රිටන් එක දෙන්න හම්බ වුණේ.. ඔන්න එයාවත් ගෙන්නුවා. පනිෂ් කරනවනම් ඔන්න චාන්ස් එක"

ලීහිගෙ බ්‍රේක් නැති කට බකස් ගාලා ඇතෑරියා.

🖤"අනේ අනේ.. මේ.. අපෙ අම්මට ඉන්නෙ මං විතරයි. මං අම්මගෙ රත්තරන් පුතා. මාව බේරලා ඕන දෙයක්. එදා ඒවට මම නෑ. මේ ටේයා තමයි ඔක්කොම කලේ"

💙"දැක්ක නේ ඔප්පා.. ඔන්න ඔහොම යාලුවො තමා ඔයාට ඉන්නෙ. දැනගෙන ආශ්‍රය කරන්න ."

ජොන්හන් වුනත් ෆුල් කිට් එකෙන් ඉන්නවට වඩා මෙහෙම casual ඉද්දි හරි අමුතු කඩවසම් කියුට් පෙනුමක් තියෙනව නේද කියල හිතන ගමන් නාබි කිව්වා.

නාබි පලවෙනි වතාවට ටේ ට ඔප්පා කියද්දි ලීහී මැදට පැන්නා.

🧡"ඇයි ඇයි.. ඔයා ටේ ඔප්පට ඔප්පා කියන්නෙ? අර මට කිව්වෙ එයා ඔප්පා නෙමෙයි හප්පා කියලා. ඒ වගේ ඔයත් හප්පා කියාන්කො"

නාබි ලීහි දිහා බැලුවෙ බේක් කරල කන්න හිතාගෙන වගේ.

🤘"පොඩ්ඩක් මරාගන්නැතුව ඉන්නවද අපි අඳුරගන්නකන්.. හරි ඔයාගෙන් පටන්ගමු. ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්මන්, මේ ඉන්නෙ ලීහී.. එහෙමත් නැත්නම් මෙයාව  පහසුවෙන් හඳුන්වනව නම් "දුටුතැන බ්ලාස්ට්.." ඒත් නැත්නම්   "කච කච සිමෝනා" කියන්නත් පුළුවන්. එතකොට මේ ඉන්නෙ නාබි හෙවත් බාබි. එයා ඔලු පලන්න දක්ෂයි චණ්ඩි එක්ක හැප්පෙන්න දක්ෂයි... ඒ අන්ඩර්වර්ල්ඩ් ක්වීන් අනිද්දට බූසාන් වල මොඩ්ලින් ස්කූල් එකට යනවා. එතකොට මේ.... ලස්සන නෝනා.. ඔයාගෙ නම මොකක්ද?"

ජිමින් නාට්‍යයක රඟදක්වනවා වගේ ඒමි ඉස්සරහට ඇවිත් හිස පාත් කරලා  කියනකොට ඒමිට හොඳටම හිනා.

💙"ඒ ඉන්නෙ ඒමි. අපේ ඔෆිස් එකේ අකවුන්ට්ස් ඩිවිෂන් එකේ වැඩ කරන්නෙ"

🤘"එතකොට මේ නාබිගෙ බ්‍රෝ.. ?"

🤎"ඔව් මම මින් සූ" ජිමින්ට වගේම ටේට ජොන්හන්ට අතට අත දෙන ගමන් කිව්වා. ඔහොම එකිනෙකා හඳුනගෙන ඉවර වුණාට පස්සෙ ශෙවාන් කතා කරන්න පටන් ගත්තා.

🤘"රයිට්.. මේ "වෙන්ඩ ඩොක්ටර් ශෙවාන් - දැනට වනිතා සංගමයේ සභාපති, ඊ ලඟට මේ.. යූන් ජොන්හන්- අපේ බාබි නෑනව මොඩල් කෙනෙක් කිරීමේ පූර්ණ ගෞරවය හිමිවෙන්නෙ එයාට, එතකොට මේ කිම් තේහ්යොං  - ක්‍රයින් කිං...  ඉස්සර පූර්ණ කාලීන ගායකයෙක් සහ නළුවෙක් ඒ වගේම දැන් මොඩල් කෙනෙක්.. මින්සූ මතක තියාගන්න මූ කුකුළෙක්.. එතකොට මේ ඉන්නෙ අහිංසක කමේ ප්‍රතිමූර්තිය වුණ ඒන්ජල් ජිමින්..."

පපුවට අතක් තියල ඉදිරියට නැමිලා ආචාර කරලා කියන අතරෙත් එයාගෙ හඳුන්වාදීම් ගැන කුපිත වුණ අනිත් සෙට් එක නොනවත්වා ජිමින්ට බනිනවා.

🧡"හරී... ළමයි නිශ්ෂබ්ද වෙන්න.. මේ මොකද මාකට් එකක් වගේ.. මේක තමයි මම දැකපු ජරාම පන්තිය"

ටීච කෙනෙක් වගේ ලීහි කට්ටියව නිශ්ෂබ්ද කලා.

💚"ම්.. හරි.. නාබි ඔයා දන්නෙ නෑනෙ අද ඇයි අපි මෙතනට එන්න හේතුව කියලා.  මුලින්ම ඔෆීෂියල් එක කියන්නම්කො.. ඔයයි ටේයි කරපු ඇඩ් එක හෙට දවස ඇතුලත අපි සුමූ එකට බාර දෙන්න ඕන නේ. ඒ නිසා ඒක ඩබ් කරන්න ඕන.. ඒක අපි ජිමින් ගෙ ස්ටුඩියෝ එකේ කරලා එඩිට් වලට යවමු.. ඊ ලඟට ඔයාට අනිද්දා බූසාන් යන්න තියෙනවනෙ. එතකොට අපි ආයෙ කාලෙකට හමුවෙන එකක් නැති වෙයි. මට මගේ ප්‍රැක්ටිස් වලට යන්න වෙනවා. හැබැයි ඒ ගියත් මම පොරොන්දු වෙනවා ඔයාට මේ දේවල් කලේ කවුද කියල අනිවාර්යයෙන්ම හොයාගන්නවා. එතකොට ලීහී.. එයා ඔෆිස් එකේ ගොඩක් බිසී වේවි. ඇත්තටම එයා ඒ වගකීම් බාරගත්ත නිසා තමයි ඔයාටයි මටයි දෙන්නටම අපේ දේවල් වලට යන්න පුළුවන් වුණේ. තැන්ක්යූ ලීහියා.."

එහෙම කියන ගමන් ශෙවාන් ලීහිගෙ කරවටේ අතක් දාලා ළඟට අරගෙන උරහිසට තට්ටුවක් දාලා හග් කරනකොට ලීහිගෙ මූණෙ තිබුනෙ නිරාමිස සැනසීමක පාටක් .

🤘"හා හා.. ඔය ඇති.. අපිත් ඉන්නව මෙතන. අපිටත් හිතක් පපුවක් තියෙනවා.. මේ පපුවට දරාගන්න පුළුවන් සීමාවක් තියෙනවා දෙයියනේ"

ජිමින් අඬන්න වගේ ඇක්ට් කරද්දි ඔක්කොම හිනාවුණා.

💚"ඊ ළඟට මේ ජොන්හන් ෂී,  තේහ්යොං ෂී අපේ මේ ඇඩ් එකෙන් පස්සෙ අපිට මුණගැහෙයිද නැද්ද දන්නෙත් නෑ නෙ. තේ හ්යොංග් ෂී ගොඩක් ජනප්‍රියයි, කාර්යබහුලයි.. ඉතින්.. කියන්න බෑනෙ නේද.. ජිමින් ෂී ත් ඒ වගේමනෙ. ඊ ළඟ  වතාවෙ එයාලව බලන්න අපිට ටිකට් ආරගෙන මහ සෙනගක් මැද්දෙ ඉන්න වේවි."

🤘"ඒයි ඒයි ශෙවාන්.. මොනවද බන් මේ කියන්නෙ? අපි යාලුවොනෙ. ඔහොම කියල අපිව ඈත් කරන්න හදන්න එපා..."

❤"දේ..  බාබි ඩෝල් නම් මට කොහොමත් හම්බ වෙනවනෙ.. අපි ඉතින් ඒ අතරෙ සෙට් වෙමු.. අපිට පුළුවන් බූසාන් යන්න වීක්එන්ඩ්ස් වලට හරි ඔය වැකේෂන් වලට වගේ.. නේද.. එහෙම හොඳයි නේද  මින් සූයා"

💚"හ්ම්.. අනාගතය ගැන කියන්න බෑනෙ. ඒ නිසා කොහොම වුනත් මට හිතුණා යන්න කලින් ඔක්කොම එකතු වෙලා පොඩි ෆන් එකක් ගත්තනම් හොඳයි කියලා. ඒ නිසයි මම මින්සූ එක්ක එකතු වෙලා මේක ලෑස්ති කලේ"

💙"එතකොට ශෙවාන් ඔප්පා ඔයාද මේ අපේ ඔප්පා එක්ක එච්චර වෙලා කතා කලේ"

නාබි ඇහුවෙ අදහන්න බැරි දෙයක් ඇහුණ ගානට..

💙❤💙❤💙❤💙❤💙❤💙❤💙❤💙❤💙❤💙❤💙❤

继续阅读

You'll Also Like

8.1K 915 29
ලේ නෑකමක් හෝ නොමැති බැදීමක් නිසා ආදර දෙකක් සමග ගැටෙන දරුණු හදවතක්... පිය සෙනෙහසට අකීකරු මවගෙ අහිමි උන ආදරේ සොයා යන කුඩා සිඟිත්තෙක්.. ????කියවල බලන්න...
30.8K 5.8K 32
මේ මම ආදරේ කරපු කෙල්ලමද ? එත් මම වෛර කරන්නෙත් මේ කෙල්ලටම නේද ? 🥺 මම පව්කාරයෙක්..... ඔව් මම මහම මහ පව් කාරයෙක්........ 🚫 Only fanfiction 🚫
1.5K 54 5
Your name is lost, it lost everything, but it gained a new life in a new world. Will it find true happiness this time?
36.4K 4.7K 23
දුප්පත් කෙල්ලෙක් එක්ක දෙවය කරන සෙල්ලමක්...💔 සල්ලිවලට යට වුනු දරුනු හිතකට හිමිකම් කියන අහිංසකාවියක්....🍃 දගකාර ආඩම්බරකාරියකට වහල් වුනු සල්ලිකාරයෙක්...