39

36 9 0
                                    

නාබි ඇහැරුණේ නුපුරුදු හඬවල් එක්ක, නුහුරු පරිසරයක.. නාබි බර ඇසිපිය අමාරුවෙන් උස්සලා බලන ගමන් තේරුම් ගන්න උත්සාහ කලා මේ කොහෙද ඉන්නෙ කියලා.

කුරුල්ලන්ගෙ ගී හඬ අරගෙන මනාදාලෝකයක් කාමරයට ඇවිත් තිබුණෙ කාමරයේ තුනී ජනෙල් තිර අතරින්. පරිසරය පුරා පැතිරිලා තිබුණ ගීතවත් බව නාබිට ගෙනත් තිබුණෙ ප්‍රබෝධයක්. රෑ දැකපු හීනයක් මතක් වෙලා නාබිගෙ තොල් අග ඇඳුන හිනාව දෙතොලේ එහෙමම තියෙද්දි නාබි ඇඳෙන් බහින්න හැදුවෙ ජනේලෙ ළඟට යන්න වුනත් දැකපු හීනෙ මතක් වෙද්දි කම්මුල් දෙක රෝස පාට හැරුනා.

රත් වෙච්ච කම්මුල් දෙක අතින් තද කරන් හිනාවෙන නාබිගෙ කන අද්දරින්ම ඇහුන බර හඬට මුළු සිරුරෙම හිරිගඩු මතුවුණා.

❤"ගුඩ් මෝනින් මයි ප්‍රින්සස්..!"

නාබි තිගැස්සුන තරමට ඉද්ද ගැහුව වගේ නැගිටින්න හැදුවත් බඳ වටා එතිලා ළැම අතරෙ සැඟවුන ටේගෙ අතත් ඇඟට උඩින් වැටිලා තිබුණ කකුලත් නිසා නැගිටින්න පුළුවන් කමක් ලැබුණෙ නෑ.

💙"ට්.. ටේ...බී....?"

❤"හ්ම්..? ඇයි මේ ගැහෙන්නෙ?"

නාබි මොකුත් නොකියම ටේගෙ අත හෙමින් අයින් කලා. පොරවනය මෑත් වෙද්දි ගත වෙලාගත්ත සීතල ටේ අත ගත්තම දෙගුණ වුණ නිසා නාබි හැදුවේ ඇඳුම හදාගන්න වුනත් ඇඳුම අතට අහු නොවෙනකොට නාබිගෙ හිත ටිකක් කලබල වුණා. කලබලෙන්ම, තමන්ගේ සිරුර හරහා වැටිල තියෙන ටේගෙ කකුල එහාට කරද්දි දෙන්නගෙ සිරුරු අතරෙ නූල්පටක හෝ දුරස් බවක් නැති බව දැනෙනකොට නාබිගෙ ඇස් වලට කඳුළු පිරුණා.

❤"ප්‍රින්සස්! ඇයි මේ?"

💙"ටේබී..... එ.. එත..කොට... ම... මම දැක්කෙ ඒ හීනයක් නෙමෙයිද?"

නාබිට ඉකි ගැහුණා.

❤"බාබි ඩෝල්! ඇයි ඉතින් අඬන්නෙ? ඔයා මගේ නේද? ම්..?  කවද වුනත් මේ දේවල් සිද්ධ වෙන්න තිබුණ දේවල්. මම ඔයා වෙනුවෙන් හැම දේම අතෑරල ආවෙ මේ දවස් ටික සතුටින් ගත කරන්න. මට ඕන ඔයාගෙ සතුට විතරයි. අපි අපේනම් මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නෙ? මට ඕන ඔයාගෙ කඳුළු නෙමේ. මේ ලස්සන හිනාව විතරයි. මොනදේ උනත් හැමදාමත් මම ඔයාට ආදරෙයි බාබි,  ඒකෙ වෙනසක් නෑ. "

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now