49

34 7 2
                                    

_____________________  ශෙවාන් හිටිතැනම ගල් ගැහිලා ඉද්දි තේහ්යොං වීදුරු දොර ඇරගෙන ඇතුළට ආවා.

දොර ඇරපු පාරට ආපු හුළං රැල්ලක් නාබිගෙ පොරවනය ඇස්දෙක ළඟට ඔසවලා එයාගෙ මූණ ආවරණය කලේ දෛවයේ හාස්කමකින් වගේ.

💚"ත්..තේහ්යොනා!?"

ශෙවාන් හිටියෙ කලබල වෙලා.

❤"ඕහ්, ශෙවාන්..! එළියට යන්නද හැදුවෙ?"

💚"ඔ.. ඔව්.. මේ ස්..සර්ජරි එකක්"

❤"අහ්! එහෙනම් අපි පස්සෙ කතා කරමු,  වෙන වෙලාවක එන්නම්"

💚"අම්.. ආ.. නෑ.. ප්‍රශ්නයක් නෑ තේහ්යොංගා. කියන්න. තව ටික වෙලාවක් තියෙනවා තියටර් ගන්න"

❤"ඔයා ටිකක් ෂොක් වගේ.  මේ පේෂන්ට්ට මොනව වෙලාද? මොකක්ද සර්ජරි එක.."

තේහ්යොං නිකමට වගේ අහගෙන ළඟට එනකොට නාබි ඇස් දෙක තදකරල පියාගත්තා.  අතක්වත් හොල්ලගන්න බැරුව තමන්ගෙ මූණවත් හරියකට වහගන්න බැරි වෙද්දි තමයි නාබිට වැඩිම අසරණ කමක් දැනුනෙ. ඊට අමතරව  නාබිට බය හිතුණා තමන්ගෙ හදවත ගැලවිලා එළියට විසිවෙයි කියලා. ඒ තරම් වේගෙකින් පපුව ගැහෙන්න ගත්තා. තමන්ට ඉතුරු වෙලා තිබුණ එකම ආශාව ටේව දකින එක, ඒ හඬ අහන එක විතරයි.. ඒත්...  වැරදිලාවත් ටේ තමන්ව දැක්කොත්.... මොනවයින් මොනවා වෙයිද? මේ කරපු කිසිම දේක ප්‍රයෝජනයක් නැති වෙයි කියන ලොකු බයක් නාබිට තිබුණා. ඒ ගැන හිතද්දි දැනුණ බයටම තිගැස්මට නාබිගෙ ඇස් වලින් නොනවත්වා කඳුළු ගලන්න ගත්තා.

💚"cerebral neoplasms එකක්. මස්තිෂ්කය ආසන්නයේ ඇතිවුණ ටියුමර් එකක්."

එහෙම කියාගෙන ටේට කලින් බෙඩ් එකේ එහාපැත්තෙන් හිටගත්ත ශෙවාන් නාබිට මුහුණු ආවරණය යොදලා තියටර් කැප් එකත් පහතට ඇදලා මුහුණ හොඳින් ආවරණය කලා.  නාබිගෙ ඇස්වල ආයෙත් වතාවක් ස්තුතිපූර්වක  බැල්මක් ශෙවාන් වෙනුවෙන් සටහන් වුණා.

❤"ටියුමර් එකක්!"

ටේට ඒ වචනෙත් එක්ක මතක් වුණා නාබිට තිබුණ අසනීපය.. ඒ නිසාම එයාගෙ අවධානය බිඳුණා.

❤"ඔයාගෙ වයිෆ්ට කොහොමද දැන්?"

නාබිව ඇතුලාන්තයෙන්ම වෙව්ලලා ගියා.

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now