35

42 10 2
                                    

නාබි ගොඩක් සතුටින් හිටියේ. තේහ්යොංගෙ අඩුවක් නැති ආදරේ ළඟ නාබිට කිසිම දුකක් අඩුවක් දැනුණෙ නෑ. කොටින්ම නාබිගෙ සහෝදරයා ළඟ නැති අඩුව පවා මකන්න තේහ්යොං ට පුළුවන් වෙලා තිබුණා. නාබි කොලේජ් එකෙන් අවුට් වුනත් ආපහු සෝල් වල පදිංචියට යනවට ටේ කැමති නොවුණේ කලින් තිබුණ ප්‍රශ්න ආයෙත් ඇතිවෙයි කියන බය නිසා. නාබිට පුංචි හරි කරදරයක් වෙන්න තියෙන හැම අවස්ථාවක් ගැනම ටේ හිටියෙ හරිම අවධානයෙන්.

BTS හැමෝගෙම අනිවාර්ය හමුදා සේවය ඉවර වෙලා තිබුණ නිසා ආයෙත් කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට එකතු වෙන්න සිද්ධ වුණා. මේ නිසාම ආයෙත් අනිත් මෙම්බර්ස්ලත් නිතර තේහ්යොංගෙ බූසාන් ගෙදරට එන්න යන්න පටන්ගත්තා.

නාබි මේ වෙද්දි සීනියර් මේක්අප් ආටිස්ට් කෙනෙක් විදිහට දක්ෂතා දක්වලා හොඳ නමක් හදාගෙන තිබුණ නිසා වගේම කලමණාකරණ අංශයෙන් ලබාගෙන තිබුණ සුදුසුකම් එක්ක BTS බෑන්ඩ් එකේ සම්පූර්ණ මේක්අප් යුනිට් එක බාරවුණේ නාබිට.

ඉතින් නාබිට සාමාන්‍ය ජීවිතේ වගේම රැකියාවත් බොහොම සුහදව සතුටින් කරගෙන යන්න අවශ්‍ය පසුබිම නිරායාසයෙන්ම නිර්මාණය වෙලා තිබුණා.
________________________________

ලීහිනම් මේ වෙද්දි ඒජන්සි එකේ වැඩත් එක්ක සෑහෙන්න කාර්යබහුල වෙලා හිටියෙ. උනන්දුව කැපවීම මොනතරම්ද කියනවනම් ලීහි දැන් මැනේජර් තනතුර දක්වා ඉහළ ගිහින් තිබුණා. ලැබුණ විවේකය අඩු වුණත් ඒ ලැබෙන විවේකයේදී පරණ මිතුරුකම් අලුත් කරගන්න බූසාන් යන්න අමතක කලේ නෑ.

අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත වෙලා තිබුණත් අදටත් ලීහි කුක් මිත්‍රත්වය කලින් වගේම තිබුණා. පුංචි පුංචි රණ්ඩු දබර ඇති නොවුණාම කියන්නත් බැහැ. හැබැයි ඒ ගොඩක් රණ්ඩු පිටිපස්සෙ ජිමින්ගෙ මොකක්හරි උප්පරවැට්ටියක් තිබුණා.

තවමත් ඉස්සර වගේම ජිමින් ලීහි කියන්නෙ නයි මුගටි වගේ මරාගන්න ඒත් දෙන්නගෙන් කාටහරි කරදරයක් වුණ වෙලාවට කිරිපැණි වගේ වෙන පිස්සු යාලුකමක අයිතිකාරයො දෙන්නෙක්. නමුත් ජිමින් තවමත් තනිකඩයි.

ප්‍රසිද්ධ කරල නොතිබුණත් කණ්ඩායමේ වැඩිමලා ජින් වගේම නම්ජූනුත් විවාහ වෙලයි හිටියෙ. හැම වෙලාවෙම හිනාවෙලා ඉන්න අහිංසක ජින්ගෙ හිනාව හොරකම් කරගෙන, අත් අඩංගුවට ගන්න එයාගෙ සංසාරගත ප්‍රේමය කච කච මාෂි සමත් වෙලා තිබුණා. කොච්චර ආදරේ වුණත් දවස් දෙකක් ගෙදර හිටියොත් සතියකට ඇඟපතේ අමාරු ඇතිවෙන බව අත්දැකීමෙන්ම දන්න නිසා ජින් ගෙදර ගියෙ මාසෙකට වගේ දවසක් විතරයි.

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now