17

48 10 0
                                    

ඊ ලඟ මොහොතේ මින් සූ ගෙ මූණ දිහා කල්පනාවෙන් බැලුවනම්, එයාගෙ ඇස් වල පුදුමයට පත් වුණ සළකුණුත් ඒත් එක්කම ඇස් වල පෙරළී කරන ලොකු සතුටකුත් දැකගන්න තිබුණා.

🤎"ලීහියා..."

තමන්ටම මුමුණගන්නව වගේ මින් සූ කියද්දි ලීහී හරිම සාමාන්‍ය විදිහට හිනා වුණා.

🧡"සොරි මින් සූ ඔප්පා.  මම හෙඩ් සෙට් දාගෙන හිටපු නිසා ඔයා එනව ඇහුණෙ නෑ"

හෙඩ් සෙට් එක ගලවලා පැත්තකින් තියන ගමන් ලීහි කිව්වා.

🤎"ඔයා... ?මෙහෙ...? කාත් එක්කද ආවෙ? අනික මේ වෙලාවෙ? ඒත්...?"

ලීහි උත්තරයක් නොදී බාගෙට කටත් ඇරගෙන බලාගෙන හිටියෙ තමන් ආපු එක වැරදිද කියලා හීතන ගමන්.

🤎" නෑ.. මං කිව්වෙ..."

🧡"අනී ඔප්පා... ඒව හිතන්න එපා. නාබි හිටියනම් කෙරෙන දේවල් ඔන්න ඔක්කොම කරල තියෙන්නෙ. ඔයාගෙ බැගේජස්... ඒවත් රෙඩි. ඔයාට තියෙන්නේ එක සැරයක් චෙක් කරල ලොක් කරගන්න විතරයි. මේ ඇඳුම් ටික චුට්ටක් බලන්න පුළුවන්ද?"

🤎"මේ .... මම... මට... ඒත් ඔයා.."

මින් සූ ගෙ කැළඹීම කොච්චරද කියනවනම් එයා කියන අහන දේවල් පවා තරමක් පැටලිලි සහගත වුණා.

🧡"මම දවල් බාබි ට කතා කලා. එයා ටිකක් කලබලෙන් වගේ කතාකලේ. එතකොට එයා කිව්වා ඔප්පා යන නිසා එයා ලෙක්චර්ස් කට් කරගෙන හරි එනවා කියලා. ඉතින් මම බැන්නා එයාට.. ඇයි ඔප්පා.. මෙච්චර දෙයක් වුණාට පස්සෙවත් ටිකක් පරිස්සම් වෙන්න ඕන නේද.. මම කිව්වා එයා එන්න ඕන නෑ, මම ඒ ටික කරන්නම් කියලා. එතකොටයි එයා කිව්වෙ ඔයාට ඇඳුම් ගන්නවත් වෙලාවක් හම්බුනේ නෑ කියලා. ඒ නිසා මම ඔෆිස් එකෙන් ටිකක් කලින් ආවා... "

"මේ.... මම ඔයා ආස කලර්ස් දන්නෙ නෑනෙ, ඒත් ඔයාට මැච් වෙයි කියල හිතුන ඒව වලින් ගත්තා. "

මිනිස්සුන්ට සමහර වෙලාවට සිතුවිලි සහ හැඟීම් වචන වලට පෙරලන්න අමාරු අවස්ථා එනවා. ඒ වෙලාවට පපුවම දෙදරවන මොකක්දෝ හැඟීමක් දැනෙනවා මිසක් ඒක තව නෙනෙකුට තේරුම් කරන්න අමාරුයි. ඒ මොහොතේ මින්සූට වුනෙත්  ඒ වගේ දෙයක්.

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now