26

30 11 0
                                    

❤"ස්මයිලී... ආ යූ ඕකේ?"

තුන් වෙනි දවසටත් රෙකෝඩින් ඉවර කරපු ගමන්ම කිසිකෙනෙක් එක්ක වෙනදවගේ හිනාවක්වත් කතාබහක් නැතිව හදිස්සියෙම යන්න හදන ස්මයිලිගෙන් ටේ ඇහුවෙ  ඉවසලා බැරිමතැන.

කොයි වෙලාවෙත් චුවින්ගම් එක වගේ ඇඟේම ඇලෙන ස්මයිලි මේ කීපදවසෙ ටිකක් ඈත්වෙලා ඉන්න එකත් එකතකින් ලොකූ සහනයක් වුණා තමයි.  ඒත්..  අනේ මන්දා, ටේටත් ඒක තේරුම් ගන්න අමාරුයි.

ස්මයිලි ඇඟේ වෙලෙන හැම වෙලාවකම ටේගෙ ඇස් දෙක නැවතුනේ නාබි ළඟ. ඒක හිතල කලා නෙමේ, ඉබේම සිද්ධ වුණ දෙයක්.  තමන් එක්ක ස්මයිලි ඒ තරම් ළඟින් ඉද්දි, ඒක නාබිට දැනෙන්නෙ කොහොමද කියල දැනගන්නත් ටේට ඕනවුණා කිව්වත් වැරදිම නෑ.

ඒත් ස්මයිලි එක්ක ඉන්නකොට නාබි ඒක ඒ තරම් ලොකුවට තැකීමක් කරන බවක් නොපෙනුනේ තමන්ගැන කිසිම  හැඟීමක් නැතුවද, එහෙම නැත්නම් අනිත්අතට තමන්ගෙ හිතේ ස්මයිලි ගැන විශේෂයක් නෑ කියල නාබි තේරුම් අරන් නිසාද කියලත් පැහැදිලි අදහසක් ටේට තිබුණෙත් නෑ.

කොහොම වුනත් ස්මයිලි තමන්ගෙන් ඈත් වෙනව වගේ දැනෙනකොට ඒකෙත් හරි අමුත්තක් අඩුවක් දැනෙන බව තේහ්යොං ට තේරුණා . ඒක... නිකන්... පාළුවක් වගේ දෙයක්ද.... නැත්නම් ඇත්තටම එයා ගැන යම් උණුසුම් හැඟීමක් තමන්ගේ හිතේ ඇති වෙලාද.. ටේට පැහැදිලි නැහැ.

ස්මයිලි ගැන හිතන හැම වෙලාවකම බාබි ඩෝල් හිත අස්සට රිංගන්නෙ ඇයි.. එතකොට මම බාබිට ආදරේ කරනවද.. ම්.. එයාව මට ගොඩක් විශේෂයෙන් දැනුණා. ඒක ඇත්ත.. මම ඒ නිසාමද එයාට උදව් කරන්න හිතුවෙ.  නෑ.. එහෙම ම කියන්නත් බෑ. එයාගෙ අතේ වැරැද්දක් නැතුව එයාට කරදර වෙද්දි එයා ගැන ඇති වුණේ අනුකම්පාවක්.  ඔව් , එහෙම වෙන්න ඇති.  ඊට පස්සෙත් මට එයාට දිගින් දිගටම ළඟින් තියාගන්න ඕන වුණේ ඇයි..  සමහරවිට එයාගෙ කියුට් දඟ වැඩ නිසා ටැලන්ටඩ් නිසා නැත්නම් එයා එක්ක ඉඳලා පුරුදු වුණ නිසා.. එයාව ඕනවුණාද.. එහෙම වෙන්න ඇති. අනේ මන්දා.. මට තේරෙන්නෑ..

වැඩ කරද්දි වැඩේට මුල්තැන දෙන්න ඕන. නම්ජූන් හ්යුන්ග්ගෙ පලවෙනි රූල් එක. ඒ නිසා වැඩ කරද්දි හැමෝම එක්ක හොඳින් ඉන්නඑක අංක එක.

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now