🧡"යා..හ්.... ඉවරයි. අද ඔක්කොම ප්ලෑන් වතුරෙ.. අපරාදෙ අද දවස.."
වෑන් එකෙන් බැහැලා ඔෆිස් එකට එන ගමන් නාබිගෙ දිහා බලලා ලීහි මහ සද්දෙන් කිව්ව.
💙"ඇයි... මොකක්ද වෙලා තියෙන්නෙ"
🧡"වෙලා තියෙන්නේ..? වෙලා නෑ තාම. ඒක තමා වෙන්න යන්නෙ. අනිවාර්යයෙන්ම වෙයි."
💚"මොකක්ද ලීහී කියවන්නෙ? මොකක්ද ප්‍රශ්නෙ?"
🧡"අපරාදෙ එමී, අද අර Sumu commercial එක ෂූට් කරන්න දාගත්තට කරන්න වෙන්නෑ කියල කිව්වෙ "
💙"මෝ.... ඇහ්.. ඇ... ඇයි ඒ.. අනේහ්.. කවුද කිව්වෙ?"
ලස්සනට පිපුණු මලක් වගේ තිබ්බ මූණ ඇදවෙලා බෙරි වෙලා යද්දි නාබි ඇහුවෙ අඬන්න වගේ.
🧡"කවුරුවත් කිව්වෙ නෑ. ඒක අවුට් ඩෝ ෂූටින් එකක්නෙ. වහිනකොට කොහොමද කරන්නෙ"
💚 "කෝ.. වහින පාටක් නෑනේ. අද වෙදර් ෆෝකාස්ට් එකටවත් කිව්වෙ නෑ එහෙම එකක්"
🧡"එමියා.. පොඩ්ඩක් ඇස් ඇරල බලනවකො, කවදාවත් වෙලාවට එන්නෙ නැති, වැරදිලා හරි පෝඩ්ඩක් කලින් ආවත් junior school යන කාලෙ වගේ ඔය මොකක් හරි අතට අහුවුණ බේබි ටයිප් කිට් එකක් ඇඳගෙන bagpack එකත් දාගෙන පික්නික් යන්න වගේ එන බාබි අද මෙහෙම නීට් එකට ඇඳලා මෙච්චර කලින් ඔෆිස් එකට ඇවිල්ල ඉන්නකොට වහින්නැති වේවි කියල හිතනවද?"
එහෙම කිව්වට තවත් තත්පරයක් වත් එතන නොරැඳි ලීහි කැබින් එක ඇතුලට ගිහින් දොරත් වහගත්තෙ නාබිට අහු වුනොත් වෙන්නෙ මොකක්ද කියල දන්න නිසා.
දොර ළඟට වෙලා ඉනට අත් දෙකත් තියාගෙන නාබි කියවන්න පටන් ගත්තෙ එමී ඇස් දෙකත් ලොකු කරගෙන නාබි දිහයි, ලීහි දිහායි මාරුවෙන් මාරුවට බලාගෙන ඉන්න අතරෙ.
💙"යා..... මෝඩ හීලි.. වල් ඊරි.. අහුවෙයන්කො මට. මටනම් මොනව කිව්වත් ඉවසන්න පුළුවන්, ඒ උනාට ආයෙ ඔහොම මූසල කතාවක් කියල තිබ්බොත් හොට් ඩෝග්.... නෙමේ හොට් පෝක් කරනවා තමුන්ව."
තරහ ගියපු හැම වෙලාවකම නාබි කලේ මොකක් හරි කටට එන නමක් කියල අදාල කෙනාට බනින එක. ඒත් ලීහි නිතරම නාබි ව අවුස්සන නිසා ලීහිට ස්ථිරවම නාබි රෙජිස්ටර් කරල තිබුණෙ හීලි, නැත්නම් ඊරි කියන නම තමයි.
YOU ARE READING
💫Baby, u're My ANGEL⭐🌠
Fanfictionජීවිතේට බඳින ඉණිමං හීන වලින් සරසන්න පුළුවන් වුණාට.. හීන මැකිලා ගිය දාට පාර වරද්දගෙන බෑ.. අපි අලුතින් ලියමු අලුතින් අඳිමු සරසමු අලුත් විදිහකට කවුරුවත් කියනවට පිලිගන්නවට වඩා තමන් තේරුම් අරන් තීරණයකට එන එක වඩා නිවැරදියි. ඒ නිසා.. එන්න.. අපි කියවලම බල...