vote goal : 100
comment goal : 70
────────────────────
ජන්කුක් බලන් හිටියෙ තමන් දිහා බලාපොරොත්තු සහගත බැල්මකින් බලාගෙන ඉන්න ඒ කඩවසම් රූපෙ දිහා. වෙනදටත් වඩා අද ඒ රූපෙ සන්සුන් කියලයි ජන්කුක්ට හිතුනෙ. කිසිම කලබලයක් නෑ ඒ මූණෙ. තමන්ගෙ වේගෙන් ජන්කුක්ගෙ මේසෙ ගාවට ආපු ටේ ජන්කුක්ගෙ අනවසරයෙන්ම පුටුව පිටුපසට ඇදලා වාඩි උනෙ තමන් දිහා ගිලින්න වගේ බලන් ඉන්න ජන්කුක්ට සමච්චල් සහගත සිනහවකින් සංග්‍රහ කරමින්. උණ දේ සැනෙකින් තේරුම් ගත්ත ජන්කුක් ලැජ්ජාශීලීව හිනා වෙලා ගක බලා ගත්තෙ ටේට ඉබේම හිනාවක් යද්දි. ජන්කුක් කොච්චර දරදඩු වෙන්න ප්‍රයත්න දැරුවත් ඔහුගෙ ආදරණීය බව ජන්කුක්ටත් නොදැනිම ඉස්මතු වෙනවා. සිගරැට් පෙට්ටියෙන් සිගරැට්ටුවක් එලියට ගත්තු ජන්කුක් එයින් එකක් ටේට දුන්නෙ තියුණු බැල්මකින්. කවදාවත් නැතුව ටේ ඒක ප්‍රතික්ෂේප කරද්දි ජන්කුක්ට පුදුම නොහිතුනාමත් නෙවෙයි. කල්පනාකාරීව ඔලුව වනපු ජන්කුක් ටේ දිහා බැලුවෙ හරි කෙලින්.
" මොකෝ දඩබ්බරයට අද වෙලා තියෙන්නෙ .. මහන්සිද... "
ටේට සිනා ගියෙ ජන්කුක් ඒක අහපු විදිහට.. " දඩබ්බරයා" . ටේට හරි ආසා හිතුනා ඒ වචනෙට.
" මහන්සිය කියන්නෙ මට අලුත් දෙයක් නෙවෙයිනෙ. කේස් එක ගැන මොනවා හරි දැනගත්තද.. "
ටේගෙ හඩේ තැවරිලා තිබ්බෙ බලාපොරොත්තු සහගත බවක්.
" ඔව් මන් හිතන්නෙ..ටිකක් නෙවෙයි ගොඩක් දැනගත්තා. මන් දන්නවා තමුන්ට දැනගන්න ඕන කියකා. මට වෙන වෙනම මේ ගැන කියන්න බෑ.. හෙට උදේ තියෙන මීටින් එකේදි හැමෝටම මන් පැහැදිලි කරන්නම්. තව පැය තුන හතරක් ඉවසන් ඉන්න බැරිකමක් නෑනේ.... ?"
ජන්කුක් ඇහුවෙ ඇහිබැමක් උස්සලා.. ටේ ඉවසීමෙන් ඔලුවෙ වැනුවෙ ඇස් පිහාටු පාත් කරලා " හරි " කියලා කියන ගමන්.
" මටයි ඊදර් සර්ටයි අඩි සලකුණු වගයක් හම්බුනා. මන් හිතන්නෙ ඒක වැදගත් වේවි... "
ටේ කියද්දි ජන්කුක් සීරුවෙන් කෙලින් උනෙ ඇස් දෙකත් ලොකු කරගෙන.
" ඒ කොහෙදිද... ඒවා වටිනවා හුගක්..වෝහ්.. ඇත්තටම නියමයි.. "
ටේගෙ මූණෙ තිබ්බෙ හරි ආඩම්බරකාර හිනාවක්. මොකද ජන්කුක්ගෙන් ප්‍රශංසනාවක් ලබනවා කියන්නෙම අටවෙනි ලෝක පුදුමෙ වගේ හින්දා.
" අර වතුර පයිප්පෙ ගාව. ඒ පයිප්පෙ තිබ්බ ලීක් එක හින්දා එතන පස් තෙතයි.. ඒකෙන් හොයාගන්න ලේසි උනා. ඊදර් සර් ගාව ඒ ඩීටේල්ස් සේරම ටික ඇති."
" හාහ්.. ඒකත් මේ වෙලාවෙ හැටියට ලොකු උදව්වක්.. මැරෙන්න ඉන්න මිනිහට පිදුරු ගහත් හයියක් කියනවනේ.."
ජන්කුක් ඒක වැඩිය නොහිතා කිව්වත් ඒක ඇහිලා ටේ ජන්කුක් දිහා බැලුවෙ ඇස් කරකවලා.
" මො.. මොකක්.. මොන පිදුරු ගහක් ගැනද කියන්නෙ.. මොකාද මැරෙන්න ගියේ.. "
ටේ කියන්නෙ සාමාන්‍යයෙන් භාෂාව ගැන මහලොකු විද්වතෙක් නෙවෙයි. ටේ උපමා , ප්‍රස්තා පිරුලු කියන දේවල් දන්නවා අඩුයි. මොකද ටේට වටෙන් ගොඩින් කියලා පුරුද්දක් නෑ.. පිහියෙන් අනින්න වගේ කෙලින් කතා කරන පුරුද්දක් ඔහු ලග තිබුනෙ. ටේ අහපු විදිහට මැරෙනකන් තමන්ට මෙතන හිනා වෙන්න පුලුවන් උනත් තොල හපාගෙන හිනාව ගිලගත්තු ජන්කුක්,
" ඒක තේරුම් ගන්න මොලයක් නැති එකට මට කරන්න දෙයක් නෑ. ප්‍රයිමරි ස්කූල් යන පොඩි එකෙක්ගෙන් ඇහුවනම් යස අගේට කියලා දේවි.. "
" ඔව් කොහොමත් දැන් ඉන්න පොඩි උන් නොදන්න ඉටිගෙඩියක් නෑ තමයි. සයිස් එකට නෙවේ කතාව. අවුරුදු දහය පිරිච්ච ගමන් උන් කෙල්ලො පස්සෙ දුවනවා.. "
මූනත් සත පහ වගේ හදාගෙන කුටු කුටු ගගා ටේ බනින දිහා ජන්කුක් බලාගෙන හිටියෙ හිනාව බොහොම අමාරුවෙන් පාලනය කරගෙන. වෙලාවකට ටේ කියන්නෙත් මුරණ්ඩු පොඩි එකෙක්.
" ලමයි ගැන හොද අවබෝධයක් තියෙන්නෙ ඔය.. දැන් ලමයි කීයක් වගේ ඉන්නවද දන්නෑ.. "
හීනෙන්වත් බලාපොරොත්තු නොවුණ ගොංතාලෙ ප්‍රශ්නයක් ජ කුක් අහද්දි ටේ හිනා උනේ කට කොනින්.
" දහවෙනි පාරට මේ ලගදි බැන්ද වයිෆ්ට ඉන්නෙ මාස දෙකක් වයස පොඩි එකෙක්.. ඒකා මගෙ හත්වෙනියට බැදපු වයිෆ්ගෙ දෙවෙනි කෙල්ලට මේ ලගදි ඇහැක් ගහලා.. බොහොම අමාරුවෙන් රණ්ඩුව විසදුවෙ.. ඉතින් හිතාගන්න පුලුවන්නේ.."
කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලාවත් බලන්නෙ නැති ටේ මේ කියන කතාවට ටේගෙ හිතත් ටේට මහ හයියෙන් හිනා වෙනවා. මෙච්චර වෙලා තද කරගෙන හිටපු හිනාව පුපුරලා යද්දි ජන්කුක් එයාගෙ බනී සමයිල් එකෙන් මේසෙට ගගහ පුලුවන්තරම් හිනාවෙනවා. ටේට තනියම හිනා ජන්කුක් හිනාවෙනවා දැකලා.. ටේ පලවෙනි වතාවට ජන්කුක් මෙහෙම හිනා වෙලා ඉන්නවා දැක්කෙ.. ඒ හිතටත් නොකිව්වට දැනුනෙ හරි අහිංසක සතුටක්. මෙච්චර ලස්සන හිනාවක් වඩන් කරගෙන ජන්කුක් මේ තරම් විදවන්නෙ ඇයි කියන එක ටේට තේරෙන්න නැහැ. ඒ හිනාවට බලන් ඉන්න ඕනම කෙනෙක් වශී වෙනවා.. ආදරේ හිතෙනවා.. ඒක හරි අවංක හිනාවක්.. ටේට හිතුනෙ එහෙම.
ටේ තමන් දිහා ඕනෑකමින් බලන් ඉන්නවා කියලා දැනුන පලවෙනි තප්පරේම ජන්කුක් කලේ හිනාවෙන එක නතර කරපු එක. නැවතත් පෙර පරිදි ඇහිබැම තීව්‍ර කරගත්තු ජන්කුක් සාමාන්‍ය විදිහට ටේ දිහා බැලුවෙ ටේ නොවෙනස්වන බැල්මකින් ජන්කුක් දිහා බලාගෙන ඉදිද්දි. සමගර දේවල් කොච්චර අපි හංගන්න ප්‍රයත්න දැරුවත් ඒ දේවල් හංගගන්න අපිට පුලුවන්කමක් නෑ.. හැගීම් කියන්නෙත් එක්තරා අන්දමේ හරි අපූරු දෙයක්. හැගීම් හංගන්න ලේසි නැ . ඒක ජන්කුක් වගේම ටේත් ඕනවටත් වඩා දන්නවා. ඒත් සමහර වෙලාවට ඒ දෙන්නම හැගීම් හංගන්න අපොහොසත්.
" මන් හිතුවෙ ඔයා හිනාවෙන්න දන්නෑ කියලා.. "
ටේ කිව්වෙ හැගීම් වලින් පිරිලා ඉතිරිලා ගියපු ඇස් වලින් ජන්කුක් දිහා බලන ගමන්. මද වෙලාවක් ටේ දිහා බලමින් ජන්කුක් කල්පනා කලේ බැරෑරුම්ව. ඒ මුහුණෙ ඉරියව් වෙනස් වෙන අකාරය බලන් ඉන්නත් හරි ආසා හිතෙනවා.
" හහ්.. හිනාවෙන්න මන් මන් දන්නවා. හිනාව තමයි මාව දන්නැත්තෙ.. ඒකනෙ මාව දැක්කත් නොදැක්කා වගේ මගහැරලා යන්නෙ. "
ජන්කුක් කිව්ව අපබ්‍රංස කතාව තේරුම් ගන්න ටේට විනාඩි කිහිපයක් යන්නැති.
" ඔය තියෙන ලොකුකමයි , උද්දච්චකමයි හින්දා තමයි මේ සේරම.. "
පලවෙනි පාරට ජන්කුක්ට ඇහුණෙ ටේගෙ නෝක්කාඩුකාර කටහඩ . ඒ හඩේ තැවරිලා තිබ්බ නොසන්සුන්කම වගේම අමනාපකමත් ජන්කුක්ට අදුර ගන්න අපහසු උනේ නෑ.
" ඒක ඉතින් මගේ විදිහනේ.. මන් සුහදශීලී නෑ.. ආදරණීය විදිහට කතා කරන්න දන්නෑ.. තව කෙනෙක්ගෙ හිතක් හදන්න දන්නෑ.. තව මොනාද.. ? "
ජන්කුක් පලවෙනි වතාවට මනුස්සයෙම් එක්ක විවෘත්ග්ව කතා කරනවා. මෙච්චර විවෘතව ජන්කුක් කා එක්කවත් කතා නොකර ඇති. අපි සීමාවක් නැතුව කා එක්ක හරි කියවනව නම් , හින වෙනවා නම් ඒ කියන්නෙ තමන්ට ඒ කෙනාව විශේෂයි කියන එක. ඒත් ගොඩක් අය දකින්නෙ ඒක කරදරයක් විදිහට.. ඉතින් ආදරණීයන් මගහැරෙනවා... තනිවෙනවා..
" ඔයා ආදරය කියන විෂය ගැන වැලි ඇටයක තරම්වත් දෙයක් දන්නෑ මිස්ටර් ජන්කුක්.. ඔයා ඒ විෂයෙදි ෆේල්.. උඩින්ම ෆේල්.... "
ටේ කිව්වෙ බැරෑරුම් ස්වරූපයෙන්. පුටුව පිටුපසට ඇදලා නැගිට්ට ජන්කුක් කොණ්ඩෙ හද හද ඇවිත් ටේ ගාවින් හිටගෙන මේසෙට හේත්තු උනේ කටකොනින් හිනා වී ගෙන. ජන්කුක්ට දැන් ටේගෙ කලු ආගාධයක් වගේ ඇස් දෙක පේන්නෙ ගොඩක් සමීපව. නොකිව්වට ජන්කුක් වැඩියෙන්ම ආසා ටේගෙ ඒ කතා කරන ඇස් වලට. එක තප්පරේකට ඒ ඇස්වලින් කතා කරන තරමක්..
" තමුන් මොනාද දන්නෙ ආදරේ ගැන..කියනෝ බලන්න... "
" ආදරේ කියන්නෙ හැගීමක්. ඕනම කෙනෙක්ට ඇතිවෙන. ඒ හැගිම ඇතුලෙ ආරක්ෂාව, විශ්වාසය , රැකවරණය , සෙනෙහස වගේ ගොඩක් දේවල් තියෙනවා. සරලවම කිව්වොත් ආදරේ කියන්නෙ විශේෂ කරලා සලකන එකට මට අනුවනම්.. ඒ කියන්නෙ අපි අනිත් අය ඉස්සරහ හැසිරෙන විදිහට නැතුව ටිකක් විශේෂව කාගාඑඅ හරි හැසිරෙන්නෙ ආදරේ හින්දා.. "
ටේ කියවගෙන කියවගෙන ගියෙ ජන්කුක් ටේ දිහා ඇස් බෝල කරගෙන බලාගෙන ඉදිද්දි.. ටේ මෙච්චර කියවනවා ජන්කුක් මීට කලින් කවදාවත් දැකලා නෑ. දඩබ්බර , මුරණ්ඩු කොල්ලෙක් මේ විදිහට ලාමකව තමන්ගෙ අදහස් ප්‍රකාශ කරනවා ජන්කුක් දැක්කමයි.. ජන්කුක්ට ඒකෙන් එක දෙයක් පැහැදිලියි. හැම දඩබ්බරයෙක්ගෙම ඇතුලෙ ලාමක පොඩි එකෙක් ඉන්නවා. ඒ ඕඩි ලමයා කොයිවෙලාවෙ මතු වෙයිද කියන එක කාටවත් කියන්න බෑ..
" මේ සපත්තු දෙකේ මඩ හේදුවම යනවද.. ?"
මෙතනට අදාලම නැති වම්බටුයි ක්‍රීම් කැකරුයි වගේ ප්‍රශ්නයක් ජන්කුක් ටේගෙන් අහද්දි ටේ ජන්කුක් දිහා බැලුවෙ ඇස් රෝල් කරලා.. ආදරෙයි සපත්තුවයි අතරෙ තියෙන සම්බන්ධෙ ටේට පොඩ්ඩක්වත් තේරුම් ගන්න බෑ. එක්කො ජන්කුක් ආදරේ කියලා හිතාගෙන ඉන්නෙ සපත්තුවක් ගැන. එහෙම නැත්තම් තමන් මෙච්චර වෙලා අසිහියෙන් කියවලා තියෙන්නෙ අහවල් සපත්තුවක් ගැන කියලයි ටේට හිතුණෙ. ඕන කෙහෙල්මලක් කියලා ටේ ජන්කුක්ගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න හිතා ගත්තා.
" ඔව් ඉතින්.. හේදුවොත් යනවා.. "
ටේ නොසැලකිල්ලෙන් උත්තර දෙනවත් එක්කම ජන්කුක් තමන්ගෙ සපත්තුවෙ තිබ්බ මඩ ටික ටේගෙ සපත්තුවෙ ගෑවෙ ටේ කෑගහගෙන පුටුවත් පිටුපසට කරගෙන නැගිටිද්දි. ජන්කුක් හිනා උනේ කට කොනින්... " සපත්තුව හේදුවම මඩ යනවනෙ ඉතින්.. ' වගේ බැල්මකින් තමයි ජන්කුක් ටේ දිහා බලාගෙන ඉදියෙ..
" ඉතින් කිම් ටේහයුන්ග්.. ඔයා දැකලා තියෙනවා ද මන් වෙන කාගෙහරු සපත්තුවක් ඒ විදිහට පාගනවා.. ඔයා දැකලා තියෙනවද මන් වෙන කාගෙහරි ඉස්සරහා මේ විදිහට හැසිරෙනවා.. ?"
ජන්කුක් ඇහිබැමක් උස්සලා ටික ටික ටේට ලං වෙද්දි කවදාවත් නැතුව ටේ අඩියෙන් අඩිය පස්සට ගියා. සාමාන්‍යයෙන් ටේ කියන්නෙ කා ඉදිරියෙවත් පිටුපසට යන කෙනෙක් නෙවෙයි. එහෙව් ටේ ජන්කුක්ගෙ බැල්ම ඉස්සරහ මෙල්ලවන අපූරුව .
" නෑ " කියලා ඔලුව වනපු ටේ කෙලින්ම බැලුවෙ ජන්කුක්ගෙ ඇස් දිහා. ඒ ඇස් හරි වේගෙන් වේගෙන් ම්ඔන මොනවදෝ කියවනවා.. ටේට ඒක හොදටම දැනුනා. ටේගෙ මුලු හිතම පිරුනෙ අමුතු හැගීමකින්.
" ඒ කියන්නෙ මන් ඔයා ගාව විතරක් විශේෂ විදිහට හැසිරෙනවා කියන එකද... එතකොට ඔයා කියන විදිහට මන් ඔයාට ආදරෙයි.. ?? "
ජන්කුක්ගෙ ඒ වචන ඇහෙද්දි ටේට දැනුනෙ අකුණු හත අටක් ඔලුව උඩ එක පාර පුපුරනවා වගේ හැගීමක්. හීනෙකින් වත් බලාපොරොත්තු නොවුණු කතාවක් ජන්කුක් කියද්දි දෙන්න ඕන පිලිතුර ටේට හිතාගන්න බැරි උනා. සමහර වෙලාවට අපි හැමෝම ඔය වගේ ප්‍රශ්න ඉස්සරහා හරි අසරණයි. මොකද හිත ඇතුලෙ තෙරපෙන දේවල් කියාගන්න ඒ වෙලාවෙ අපිට හැකියාවක් නෑ.. ආදරය කියන්නෙ හරි අමුතු විෂයක්. ඒකෙදි හුවමාරු වෙන්නෙ හැගීම්.. හරියටම කිව්වොත් ආදරය කියන්නෙ විශ්ව භාෂාවක්...
හැගීම් තෝරා බේරා ගන්න හැමෝටම හැකියාවක් නෑ.. ගොඩක් දෙනෙක් හැගීම් දැනීම් නැති විදිහට ඉන්නෙ ආදරය නොදැනෙන නිසා නෙවෙයි . ආදරය කියන දේ දැනෙනවා කියලා පෙන්නනන බැරි කමට.. ඇයි කියලා කියන්න නොතේරුනත් මොනයම්ම හෝ හේතුවකට ගොඩක් අය හැසිරෙන්නෙ ඒ විදිහට.. තමන්ගෙ හීන , බලාපොරොත්තු වෙනුවෙන් ආදරය කැප කරන්න එයාලා හිතනවා ඇති.. ආදරේ කරද්දි කැපකිරීම් කරන්න වෙනවා.. හැමදේම පහසුවෙන් ලගා කරගන්න පුලුවන් උනා නම් මේ ලෝකෙ මීට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න තිබුනා.
ටේගෙ සිත හරි වේගෙන් වේගෙන් එහා මෙහා යන්න ගත්තෙ ටේ නොවෙනස්ව ජන්කුක් දිහා බලාගෙන ඉදිද්දි. ටේහෙ උරහිස් දෙක දෙපැත්තෙන් බිත්තියට තම දෑත් තිබ්බ ජන්කුක්ගෙයි ටේගෙයි අතර පරතරය තිබ්බෙ අගල් තුන හතරකටවත් වඩා අඩුවෙන්. ටේට වුවමනා උනේ මෙතනින් යන්න.. කොහේ හරි දුවන්න.. ඒ තරමටම කවදාවත් නැතුව ටේ කලබල වෙලා..
" මගෙන් ඕවා අහන්න එපා.."
ජන්කුක් දෙස නොබලා කිව්ව ටේ ජන්කුක්ව පසෙකට තල්ලු කරගෙන දොර දිහාවට වේගෙන් පියවර තිබ්බෙ ජන්කුක් නොවෙනස්වන සුලු බැල්මකින් ටේ දිහා බලාගෙන ඉදිද්දි..ව්ජන්කුක්ට දැනුනෙ පුදුම නිදහසක්. හරියට කාලයක් තිස්සෙ ඔලුව උඩ තියාගෙන හිටපු විශාල බරකින් නිදහස් උනා වගේ හැගීමක්. තමන් දිහා හැරිලාවත් නොබල දොර ඇරගෙන යන හිතුවක්කාරයව දැක්කම ජන්කුක්ට හිනාවක් ගියෙ නිරායාසයෙන් . ජන්කුක්ගෙ ජීවිතේ මේ ගත කරඔඋ කාලසීමාව ඇතුලෙ කවදාවත් අමතක කරන්න බැරි චරිතරයක් තමයි ටේ කියන්නෙ. ජන්කුක් ඒක දන්නවා. ඒ වගේම ජන්කුක් හිත යටින් බයයි මේ බැදීමට.. මොකද ඔහු ලං වෙන කවුරුවය්හ් වැඩි කාලයක් ඔහු එක්ක ඉන්නෙ නැති හින්දා. ඒ නිසාම ජන්කුක් වඩාත් ප්‍රිය කලේ තනිකඩ ජීවිතයකට. තමන්ට අවදානමක් තුයෙන එක ජන්කුක්ට ගැටලුවක් නෙවෙයි. ඒත් ජන්කුක් පොඩ්ඩක්වත් අකමැතියි තමන් නිසා වෙන කාගෙවත් ජීවිතයක් අවදානමකට ලක් වෙනවට. මොකද එහෙම වුනාම දැනෙන වේදනාව ජන්කුක් ඕනවටත් වඩා දන්නවා. ඒ හේතුවම ජන්කුක්ව " ආදරය " කියන විශයෙන් ඈත් කර තබන්න හේතුවක්..
ජන්කුක් බයයි ටේට ලං වෙන්න.. ජන්කුක් බයයු ටේගෙ ඒ ඇස් වලින් කියවෙන අමුතු කතාවට.. . ජන්කුක් බයයි දවසක ටේගෙ මේ හැගීම වෛරයකට පෙරලෙනවට.. ජන්කුක් බයයි ලෝකෙ අසම්මත බැදීමක් කොහොම පිලීගනීද කියන එක ගැන.. ජන්කුක් බයයි ටේගෙ ජීවිතේ තමන් නිසා අපායක් වෙනවට.. ඒ හින්දම ජන්කුක්ට පුලුවන් තමන්ගෙ ආදරේ උපන් ගෙයිම මරා දමන්න. මොකද ඔහුර වෙන කරන්නයි කියලා දේකුත් ඉතුරු වෙලා නෑ..
පුටුවට බරදීලා වාඩි උනු ජන්කුක් බැලුවෙ වෙලාව දිහා.. වෙලාව පාන්දර තුනත් පහුවෙලා ගිහින්. තමන් ඉස්සරහා තියෙන ෆයිල් එකට ඇස් යොමු කරපු ජන්කුක් කල්පනා කරේ කොහෙන්ද මේක පටන් ගන්නෙ කියලා.. ෆයිල් එකේ තිබ්බ A4 කොලයක් අරගෙන ජන්කුක් මුලින්ම කලේ මැරුණු අයගෙ නම් ටික පිලිවෙලට ලියා ගත්තු එක. මේවගෙන් සමහර නම් තමන්ට අහලා පුරුදුයි කියකා ජන්කුක්ට දැනුනත් ඒ කොහෙදිද කියලා කියන්න තරම් පැහැදිලි මතකයක් ජන්කුක්ට නෑ.. ජිමින්ගෙ වැඩ හරි පිලිවෙලයි.. ෆයිල් ටික චෙක් කරද්දි ජන්කුක්ට මුලින්ම දැනුනෙ ඒක. තමන්ට හරි ගස්සන්නයි කියලා කිසිම දෙයක් ඒකෙ තිබ්බෙ නෑ.. ෆයිල් ටික එල පෙළට තියා ගත්තු ජන්කුක් තුන්වෙනි පාරටත් ඒවා එකින් එක චෙක් කරගෙන ගියෙ කොහෙන් හරි පුන්චි හරි සමානකමක් මතුවෙයි කියන විශ්වාසයෙන්...
නම් , ගම් , රැකියා , වයස් හැම එකක්ම එඔඉ නෙකට පරස්පර විරෝධී වෙද්දි ජන්කුක්ට දැනුනෙ කියාගන්න බැරි කේන්තියක්. ෆයිල් ටික වහලා මේසෙ කොනට තල්ලු කරපු ජන්කුක් අත් දෙක අතර ඔලුව රදවගත්තෙ දෑස් පියා ගනිමින්. දෑස් ඔඉයාගෙන ජන්කුක් කල්පනා කලේ තමන්ට මොනවද මගහැරුනෙ කියලා.. ඒත් එන්කම ජන්කුක්ගෙ අවධානය යොමු උනෙ කහපාට ෆයිල් එකකට.. විගසින් ඒක ඇදලා ගත්තු ජන්කුක් ඔලුවෙ අත ගහගත්තෙ තමන්ට කොහොමද මේක මගහැරුනෙ කියකා කල්පනා කරන ගමන්.
ඒකෙ තිබ්බෙ මැරුණු අයගෙ පවුලෙ අය දුන්නු කට උත්තරවල සටහන්. ජන්කුක්ගෙ හිතට දැනුනෙ අමුතු සතුටක්. පුටුව පිටුපසට කරලා නැගිට්ට ජන්කුක් දොර ඇරගෙන එලියට ගියෙ වැඩ කරන්න කලින් ඇග උණුසුම් කරගන්න ඕන නිස. මේ දින කිහිසයෙම එක දිගට නිදිමරලා ජන්කුක්ට දැනුනෙ තෙහෙට්ටුවක්. ඔහුට ඕන උනේ සුවදායී නින්දක් උනත් තව මාස ගනනකට ඔහුට සුවදායී නින්දක් නොලැබෙන බව නම් ජන්කුක්ට සහතිකයි. මේ විඩාබව දුරලන්න ඕන මොනවද කියකා ජන්කුක් හොදටම දන්නවා. එක්තරා විදිහකට ඒකත් ජන්කුක්ගෙ තවත් එක් ඇබ්බැහියක්..
ජන්කුක්ගෙ මුහුණට හිනාවක් ආවෙ හැමෝම එහෙ මෙහෙ දුවමින් කාර්‍යබහුලව තමන්ගෙ රාජකාරිය ඉටු කරනවා දැකලා. ඒ අයටත් මහන්සි ඇති. ඉතින් ජන්කුක් කොහිමද නිදා ගන්නෙ ? අනිත් අය මේ විදිහට මහන්සි වෙලා තමන්ගෙ රාජකාරිය අකුරටම ඉටු කරද්දි. ජන්කුක්ගෙ නෙත ගැටුනෙ පඩිපෙල උඩ වාඩි වෙලා ෆයිල් එකක මොන මොනවදෝ සටහන් කරන විකීව. ඒ අසලම තවත් පෙට්ටියක තිබුණු දේවල් එකින් එක පරීක්ෂා කරමින් හිටියෙ ජිමින්. දෙන්නම තමන්ගෙ වැඩේට කොච්චර අවධානෙකින් හිටයද කිවහොත් ජන්කුක් ඔවුන් අසලට යනතුරුම ජිමින්වත් විකීවත් ජන්කුක්ව දැක්කෙ නෑ..
"යාලුවො දෙන්නා වැඩ වගේ... "
ජන්කුක් කවදාවත් නැතුව හිනා වෙලා සුහදශීලීව කතා කරද්දි විකීයි ජිමිනුයි පුදුම උනත් ඒක සගවාගත්තු ඔවුන් නැගිටින්නයි උත්සහ කලේ..
" එපා.. නැගිටින්න ඕන නැ... වැඩේ කරගෙන යන්න.. මන් ආවේ පොඩි දෙයක් ඉල්ලගන්න... "
ජන්කුක් කිව්වෙ කලබලෙන්. ජන්කුක්ට ඕන උනේ නෑ ඔවුන්ගෙ කාර්‍යට බාධාවක් වෙන්න.. ඔලුව වනලා හිනා උනු ජිමින්..
" කියන්න සර්.. මොනවද ඕන..කෝපි එකක්ද.. ?"
ජිමින් හිනාවෙලා අහද්දි ජන්කුක් හිනා උනේ හරි තෘප්තිමත් විදිහට..ජිමින් හරියටම දන්නවා ජන්කුක්ට ඕන මොනවද එපා මොනවද කියලා. ජන්කුක් එක්ක වැඩ කලේ අවුරුද්දක් වගේ කෙටි කාලයක් උනත් ඒ කාලය ඇතුලත් ජිමින් හොදින් ජන්කුක්ව තේරුම් ගත්තා. ඒ තේරුම් ගැනීම කොච්චර තීව්‍රද කිවහොත් ජන්කුක් හැරෙන්නෙ මොකටද කියලා එක බැල්මකින් කියන්න ජිමින්ට පුලුවන්. ජන්කුක් නොපිලිගත්තත් ජීවිතේ දැනට තමන්ට හම්බුණු හොදම යාලුවා ජිමින්. නොකිව්වට ජිමින් කියන්නෙ ජන්කුක්ට තමන්ගෙ සහෝදරයා වගේ. ඒ හුරතල් පෙනුම , විකාර වැඩවලට.... ජන්කුක්ට ජිමින්ව පෙනුනෙ තමන්ගෙ පුංචි මල්ලි වගේ . ඉතින් මල්ලි කෙනෙක්ට තමන්ගෙ ලොකු අයියගෙ ඕනෑ එපාකම් නොදැනෙන්න හේතුවක් නැහැනෙ.
" ඔව් ජිමින්.. හොදට කෝපි, සීනි දාපු උණු කෝපි කෝප්පයක් මගෙ කාමරේට එවන්න. ඉඩ තියෙන විදිහට පහල රූම්ස් ටික අරගෙන කට්ටියට නිදාගන්න කියන්න. දැන් ඇති වැඩ කලා.. පාන්දර තුනත් පහු වෙලා.මහන්සිත් ඇති හැමෝටම. පොලිස් ඔෆිසර්ලටත් කියන්න ඩියුටි බෙදාගෙන ටිකක් රෙස්ට් කරන්න කියලා.. හෙට උදේම අපි යන්න ඕන.. ගිහින් මීටින් එකක් තියන්නත් ඕන.. ඒ හින්දා ඔයාලත් ටිකක් රෙස්ට් කරන්න.. "
ජන්කුක් කිව්වෙ හීනියට හිනා වෙලා.. ඒ මූනෙන් නොකිව්වට ජන්කුක්ටත් මහන්සියි කියලා ඕනම කෙනෙක්ට තේරෙනවා.. ජන්කුක් කාමරය දෙසට ඇවිද්දෙ විකී කටපුරා ඈනුමක් අරිද්දි...
────────────────
හායිම්.. කොහොමද ඔයාලට.. මන් හිතන්නෙ අන්තිම අප්ඩේට් එක දීලා දැන් මාසෙකටත් වඩා වැඩී.. එක්සෑම් තිබුනනේ.. ඒකයි.. ගෘප් එකේ අය නම් දන්නවා... මන් සනීප නැතුවත් හිටියා සතියකටත් වඩා.. ඒකයි අප්ඩේට් පරක්කු උනේ...
ටිකක් අවුලෙන් හිටිය හින්දා ඔයාලගෙ මැසේජ් වලට රිප්ලයි කලෙත් නෑ.. ඉක්මනටම රිප්ලයි කරන්නම් හාද...
ඉතින්.. ඔයාලා හොදින් නේද.. ඒකත් කියාගෙන යන්න..
කමෙන්ට් , වෝට් කරන්න.. අඩුපාඩු තියේ නම් ඒවත් කියන්න..
පරිස්සමින් ඉන්න..❤️
ලාවියූ ❤️