case කේස්

By ShiranSuneth

83.2K 13.9K 571

කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක්... More

Ep 1
ep 2
Ep 3
ep 4
ep 5
ep 6
ep 7
ep 8
ep 9
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep 29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
Ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
Ep 63
Ep 64
Ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
Final Episode

ep 76

666 139 2
By ShiranSuneth

Ep 76

නඩුව සුලු වේලාවකට කල් තිබ්බා....නඩු අහන එකත් එපා වෙන ජොබ් එකක් අනුනුගෙ ලට්ට ලොට්ට ඕප දූප වලින්

පවූ අසරන නඩු කාරයගෙ කන්දෙක පිරිලා ඇති

"මොනව උනත් මම හිටියෙ තරහෙන්

ශිරාන් අන්ක එකෙන්ම කරේ ෆට්ට බලු වැඩක් නේ 

මම අමාරුවෙන් ගොඩ නගපු නඩුව මැද්ද ට ඌ පැනල රගල ලකුනුදාගත්තා"

පැන්චී පවනුයි දෙන්න දුවල ගිහින් ශිරාන්ව බදාගෙන විශ් කරනව

පුදුම වෙනව එයා නඩුව හසුරුවපු විදියට

මට එහෙම ලොකු සතුටක් තිබුනෙ නැති නිසා මම පැත්තකට වෙලා හිටියා

ශිරාන් මම ලගට ආවා

"සාෂා ඇයි මේ අවුලෙන් වගේ...මම නඩුව කතා කරනව හරි මදිද?"

"ම්ම්ම්...නෑ හොදයි....හොදට කරගෙන යන්න ඉතුරු ටිකත් ""

"නෑ නෑ මට දැනෙනව ඔයා ඉන්නෙ ලොකු අවුලකින්නෙ "

"එහෙම එකක් නෑ හලෝ...ඉතිරි ටිකත් කරනව ඔය විදියටම...කැන්ටිමෙන් තේ එකක් බොන්න ඕනෙ මගෙ ඔලුව කකියනව එච්චරයි"

මම ශිරාන්ගෙ මූන නොබල අහක බලන් ආව

මේ නඩුවට මම උන මහන්සිය දන්නෙ මම විතරනෙ ...ඒව නිකන් ගගට කපපු ඉනි වගේ 

"ම්ම්ම් අලුත් ලෝයර්...පලවෙනි නඩුවෙන්ම නඩුව අත ඇරල දැම්ම නේ"

මල කෙලියයි ජයබාහු මූනටම මුන ගැහුනා

සාමාන්‍යන් ලෝයර්ස්ලා දේශපාලකයො වගේ තමයි...ඇතුලෙදි මිනිස්සුන්ට පේන්න මොන තරම් මරාගත්තත් එලියෙදි හරි යාලුයි

සමහර වෙලාවට හොදම යාලුවො එහෙම නැත්තම් සහෝදරයො ...අබු සැමියො දෙන්නම ලෝයර්ලනම් දෙපැත්තට බෙදිලා යක්කු වගේ බැන අඩගහ ගන්නව උසාවිය ඇතුලෙ

එලියට ඇවිත් එකම කාර් එකේ යනව...එකම බත් එක බෙදන් කනව

හොර කනෙක්ශන් තියෙනවනම් රෑට එක ඇදේ බුදිය ගන්නවත් එක්ක 

ඒක ඉතින් වෘත්තීය ස්භාවය

ඇතුලෙදි කියන කිසිම දෙයක් පර්සනල් ගනන් ගන්නෙ නෑ

ඒත් සමහරු ඒව සීරියස් අරන් තරහ ගන්නව

ජයබාහුත් එහෙම කෙනෙක්

අද එයාගෙ වෘතීය ජීවිතේ දරුනුම පරාජය අත් විදිනවා

ඒකත් පොඩි කොල්ලො දෙන්නෙක්ගෙන් 

ඒනිසා මිනිහා ඉන්නෙ හොදටම තරහෙන්

මමත් ඒවගේමයි

මට මේ නඩුව තවත් එක නඩුවක් නෙමෙයි...මේක මගේ ජීවිතේට සම්බන්ද කේස් එකක්

ඒක නිසා මමත් මේක තදටම හිතට අරන් ඉන්නෙ 

"ම්ම්ම් නෑ සර්...එහෙම නෙමෙයි"

මට ජයබාහු අහපු ප්‍රශ්නෙට උත්තර දීගන්න ඕනෙ කොහොමද කියනනෙක හිතාගන්න බැරුව වචන පැටලුනා

"කොහොම උනත් ඒක හොද පුරුද්දක් නෙමෙයි

තමන්ගෙ නඩුව පරදිද්දි වෙන කෙනෙක්ට දාල දුවන එක

මම මේ ලියන්නෙ ඔය ලමයි තාම මේ වෘත්තියට අලුත් නිසා

ඔය ළමය අද කරපු වැඩේ නිසා ...ආයෙ කෙනෙක් ඔයාට නඩුවක් ගෙනත් දෙන්නෙ නෑනෙ...ඒවයෙත් ඉතුරුබාගෙ කතා කරන්න වෙන ලෝයර් කෙනෙක් අල්ලගන්න වෙයි කියල මිනිස්සු බය වෙනව"

"සර්...සර්ගෙ අවවාද වලට ගොඩක් ස්තූතී...නඩුව එහෙම මැදින් දාල දිවුවෙ නෑ.....අපි ඒක මුල ඉදලම ප්ලෑන් කරේ එහෙම

ප්ලෑන් එක වැරදිලා නැතිවග දැන් පේනවනෙ"

මම ගොලු වෙලා ඉද්දි මට පිටිපස්සෙන් උනු උනු තේ දෙකක් දුම් දදා උස්සගෙන ආපු ශිරාන් ඒ දෙක ඉහිරෙන්නෙ නැතුව අත උඩ බැලන්ස් කරගන්න ගමන් ජයබාහුට කියුවා

"ම්ම්ම්...ඔහේටත් මේ වෘත්තීය වැඩි යාදීමක් නැතිවෙයි

සීනියර්ලට ගරු කරන්නෙ නැති ජූනියර්ලගෙන් වැඩක් නෑ

තරුනයො උනාම වැඩිහිටියො කියන දේවල් අහන්න ඕනෙ 

වැඩිහිටියන්ට ගරු කරන්න ඕනෙ"

"ඒක මිස්ටර් ජයබාහුගෙ මතයනේ....මට නම් තිහෙන්නෙ ඊට වඩා වෙනස් මතයක්

හැම වැඩිහිටියෙක්ටම ගරු කරන්න ඕනෙ නෑ

මොකද මෝඩයො තක්කඩියොත් වයසට යනව...උන් කියන ඒව ඇහුවොත් අපිට කෙලවෙනව

නවන්න ඕනෙ තැනදි නවන්න පුරුදු කරපු කොන්දම

කෙලින් තියාගන්න ඕනෙ තැන හරි කෙලින් තියාගෙන ඉදල අපිට හොදට පුරුදුයි"

"උද්දච්ච නැහැදිච්ච පොල්කිච්චෙක්....මගෙ කාලෙත් නාස්තිවෙනව මේ බක පන්ඩිතයො එක්ක කතා කර කර ඉදල"

"ඔවූ සර් ගිහින් හොදට ලෑස්ති වෙන්න ඊලග කොටස තවත් රසවත් "

"සාෂ් වස්තුව....ඔයා මේ නඩුවෙ ඉතුරුටික ඇදගෙන යන්න ඕනෙ"

"මට බෑ...ඔය කරපු විදියටම ඉතුරු ටිකත් කරන්න"

"මම මුල ටික එහෙම කරගෙන ගියේ හේතුවක් ඇතුව ...මම ඒක පස්සෙ කියන්නම් ඒත් අන්තිම ටික කරගෙන යන්න මම ලග සාක්ශි නෑ

ඒක කරන්න පුලුවන් ඔයාට විතරයි"

"අනික් කෑලි කතා කරන්න ඕනෙ නෑ,..මේ කොටස ඔයා හොදට කරානෙ ...මේකෙන්ම බලවර්ධනව කොටුකරගන්න පුලුවන්""

""එහෙම හරියන්නෙ නෑ සාෂා අන්තිම ටික තමයි මටනම් වැදගත්ම ඔයාගෙ තාත්ත මගේ තාත්ත...මගේ අරන් හදාගත්තු අම්මයි තාත්තයි මේ ඔක්කොටම සිද්ද උන ආසාධාරනේට විරුද්ද්ධව අපි කතා කරන්න ඕනෙ අපිට පුතාල දෙන්නෙක් විදියට කරන්න පුලුවන් ඒක විතරයි දැන් 

අනෙක ජයබාහු කියපු දේවල් වලටත් ඔයා උත්තර දෙන්න ඕනෙ 

ඔයා හොද ලෝයර් කෙනෙක් කියල ඔප්පු කරන්න ප්ලීස් මගෙ වස්තුව""

ශිරාන් උස්සවි කැන්ටිමේ මම ලග දන ගහගෙන ආයාචනා කරනව

"ඔයා කතා කරන්නෙ නැත්තම් මම යනව යන්න

මේ තරම් දුර ඇදගෙන ආපු නඩුවට ඕනෙ මගුලක් වෙද්දෙන් "

ශිරාන් මම ලගින් නැගිටල බර අඩි තියල යන්න ගියා

නඩුව අහන්න ආයෙ අපි හරි බරි ගැහිලා උසාවියෙ වාඩි උනා

මගෙ ඇස් කැරකි කැරකි ශිරාන් හොයනව

"පැමිණිල්ලේ නීතීක්නය පැමිනෙන්න ..නඩු වාරය ආරම්බ කරන්න" උසාවි තෝල්කය කෑගහනව ඒත් ශිරාන් නෑ

"ඉක්මනින් පැමිනිළි පාර්ශවයට නීතීක්නයෙක් ඉදිරිපත් වෙන්න නැතිනම් මේ නඩුව කල් දමනව""

සුදු ඇදුම ඇද ගත් ඒ මිනිහ ආයෙ කෑගැහුවා

ශිරානය යන්නම ගිහින්...පැන්චී පවනුයි මගෙ මූන බල බල ඔරවනව

නැගිටපන් නැගිපන් කියන්න 

කරන්න දෙයක් නැති කමට මම නැගිටල පෙනීසිටිනව ස්වාමීනි ගාගෙන ඉස්සරහට ගියා 

"ස්වාමීනි මේක මහ පට ලැවිල්ලක්...එක එක වෙලාවට එක එක්කෙනා පෙනී සිටිනව...මේක රිලේ දුවන තරගයක් නෙමෙයිනෙ"

ජයබාහු මම එද්දිම උදැල්ලක් දැම්ම

"ජයබාහු මහත්මය මොන නීතියෙද තියෙන්නෙ එකම පැමිනිල්ල නීතීක්නයො දෙන්නෙක්ට හසුරුවන්න බෑ කියල...අපි එක ටීම් එකක් ඒක නිසා ශිරාන්ගෙ කොටසින් පස්සෙ මමයි කතා කරන්නෙ""

මම හිතේ තිබුන ඇරියස් එක්කම කතාව පටන් ගත්තා

"ස්වාමීනී මම ඔබ තුමා ඇතුලු ජූරියෙ අවදානය ...කැමතී ගෙනියන්න මීට අවුරුදු 25කට වඩා ඈතට

එතකොට ඔබ තුමන්ට තේරුම් යයි යක්ශයා අද ඊයෙ අවදි උන එකෙක් නෙමෙයි

වසර ගානක් ඉදල රැදුනු ලේ පැල්ලම් බලවර්ධනගෙ ජීවිත කතාව පුරාම තියෙනව"

"එයට මම විරුද්දයි ස්වාමීනි...අපේ අපරාධ නීතියේ තියෙනව...පැමිනිලි 100ක් තියෙන කෙනෙක් ..පැමිනිලි 99කට වරදකාරය උනත් අවසන් එකට නිවැරදි කරු වෙන්න පුලුවන්...අර අනූනවයට වැරදිකරු නිසා අන්තිම වැරද්දට ඔහු නිර්දෝශී පුද්ගලයෙක් නම් ඔහුට දඩුවම් කල නොහැකී

ඒක අපරාධකරුගේ මානව හිමිකම් කඩ කිරීමක්"

"ජය බාහු මහත්තය අපි මේ නිකන් කට තියෙන නිසා පැමිනිලි කරනව නෙමෙයි සාක්ශි ඇතුව කතා කරන්නෙ

1989 පෙබරවාරි 13

මහමැතිවරනෙට තිබුනෙ දවස් දෙකයි...එක්සත් සමාජවාදී සන්දානයෙ පොඩි මීටින් එකක් තිබුනා අම්පාර බස් නැවතුම්පල ලග 

ඒ රැස්වීමෙ කතාවක් පවත්වපු අමරසිරි බමුනුසින්හ නොහොත් අමරෙ යන අය රැස් වීම ඉවරවෙලා පාගන බයිසිකලෙන් නැවත නිවසට පැමිනෙමින් සිටියදී නාදුනන වෙඩික් කරුවකුගේ වෙඩි පහරට ලක්වෙලා මියයනව

අම්පාර පොලීසියෙ අපරාධ විමර්ශන ඒකකය විසින් මේ පිලිබදව විමර්ශනයක් කරත් නාදුනන තුවක්කු කරු හදුනාගන්න බැරි බෙනව

අවසානයේ මේක දේශපාලන පලිගැනීමකට සිදු කෙරුන මනුශ්‍ය ඝාතනයක් විදියට සලකල විමර්ශන කරගෙන ගිහින් ඒවයෙ ප්‍රතිපල නෑ කියල කේස් එකේ ඉන්වෙස්ටිගේශන් අතර මගදි නවතා දමනව

නඩු බාන්ඩ එෆ් තුන ලෙස නම් කර ...ඒ සිද්දිය සම්බන්ද පොලිස් විමර්ශ්න වාර්තාවේ පිටපතක් මේ අධිකරනයට යොමු කරනව 

මේ පොලිස් විමර්ශන වාර්තාව අරුම පුදුම තොරතුරක් හෙලිකරන එහි වින්දිතයගෙ හිසෙන් එලියට ගත්තු උන්ඩය කෝල්ට් පිස්තෝලයකින් නිකුත් ඌවක් ""

නන්නාදුනන මිනිහෙක්ගෙ ඔලුවෙන් ගත්තු උන්ඩයක් ගැන නෙමෙයි මේ මම කතා කරන්නෙ මගේ තාත්තගෙම ඔලුව හිල් කරපු උන්ඩයක් ගැන ඒක නිසා මට අන්තිම ටික කියද්දි ඇඩෙන්න ආවා

සාක්ශි කූඩුවෙ ඉන්න වික්‍රම බලවර්ධනව මරන්න තරම් කේන්තියක් ආවා

"ඕඔ...මේක පුදුම කතාවක් තමයි....අසූව දශකයෙ අන්තිමේ කෝල්ට් පිස්තෝල හරිම ප්‍රසිද්දයි ලන්කාවෙ ඒ ජාතියෙ ගිනි අවි ලක්ශ තුනක් පමන තිබුනා....අපේ පැමිනිල්ලේ නීතීක්නය කොහෙවත් යන උන්ඩයක් මගෙ සේවාදායකයගෙ තුවක්කුව අස්සට දාන්න හදනව වගේ මට පේන්නෙ 

ඒත් ස්වාමීනි මම මුලින්ම මතක් කරන්න කැමතී සාක්ශි අක්නාපනතෙ 5 වෙනි වගන්තිය සාක්ශියක අනුකූලතාවය හා ආවේශතාවය ගැන සැලකිලිමත් වෙන්න වෙනව....මේ අවුරුදු ගානක් පරන සාක්ශි දැනට වලන්ගුද ?""

"ජය්බාහු නීතීක්නතුමා ...සාක්ශි මෙහෙයවීම පිලිබද නීතිය හොදට කටපාඩම් කරපු බව මම දන්නව...ඒත් සාක්ශියේ ආවේක්ශනතාව අපි නඩුකාරතුමා ටම තීරනය කරන්න දෙමු...මොකද ඔය පොතේ ඒක පැහැදිලිව සටහන් වෙනව""

"භාදාව ඉවත් කරනව සාක්ශි මෙහෙයව්න්න ඉදිරියට" නඩුකාරය කන්නාඩි දෙක දාගෙන මම දීපු පොලිස් වාර්තා කියවනගමන් කියුවා 

"ස්වාමීනි මම නැවතත් ඔබ තුමන්ගෙන් ඉ ල්ලා සිටිනව...සෑම විටම චෝදනා ඔප්පුවන තුරු චූදිතයා අහින්සකය කියන මූලික නියමය තුල මේ සාක්ශි දෙස බලන්න

අපිට කියන්න බෑ කෝල්ට් ගිනි අවියක් තිබුන පලියට 

මේ කියන අමරෙට වෙඩි තිබ්බෙ බලවර්ධන කියල"

"ඔවූ ඔවූ ජයබාහු මහත්මය මම් තාම සාක්ශිවල සන්ගතබව මේ අධිකරනයට ඉදිරිපත් කරේ නෑ

මේ සාක්ශි එක එක ඇමිනුවම ලස්ස්න මුතුමාලයක් වගේ පෑහේවි

හැබැයි ඒක මුතුමාලයක් නම් වෙන එකක් නෑ ඔබේ සේවාදායකයට

ඒක මරන දන්ඩනේට ගෙනියන වදමල් මාලයක් වෙයි"

"මේ නවක නීතීක්නය මෙතන සින්හල සාහිත්‍ය පාඩම් දිග අරින්නෙ නැතුව ඔබේ සාක්ශි ටික අධිලරනයට ඉදිරිපත් කරන්න"

මම ජයබාහුගෙ මජරි මූන මග හැරලා විකී බලවර්ධන ලගට ගියා

"බලවර්ධන බලනව...මේ පරන ෆොටෝ එක අදුරගන්න පුලුවන්ද?"

"මට බෑ...මට ඕව මතක නෑ"

බලවර්ධන නම් හොදටම මානසිකව වැටිලා මගෙ මූන දිහා කෙලින් බලන්නෙත් නෑ

"අයියෝ ඔබ පරන යලුවො සම්පූර්නයෙන්ම අමතක කරලනෙ...මේ ෆොටෝ එකේ මිටියට ඉන්නෙ ඔබනෙ...මේ ඉන්න උස කෙනා සෝමෙ...ඔබට දකුනෙන් ඉන්නෙ අම්මරෙ...ඒ දෙන්න ඔයාගෙ හොදම යාලුවො...ආඅ...මේ බටහිර පන්නෙට ඇදෙගන සෝමෙ දිහා මුකුලු හිනාවක් දාගෙන බලාගෙනෙ ඉන්නෙ සිල්වියා ඔබේ බිරිද

මේ අයව අදුනගන්න බැරි තරමටම ඔබේ මොලේ අවුල් වෙලාද?"

"මම ඔය එකෙක්වත් අදුනන්නෙ නෑ ....මට මතක නෑ ...මට වද දෙන්න එපා ඕව අහලා"

"හරි...ඔබ පිලිතුරු නොදුන්නොත් අවාසිය ඔබටමයි"

"ස්වාමීනි සිවිල් දේශපාලන පිලිබද අන්තර්ජාතික ස්ම්මුතියට එකගව නිර්මානය කල අපරාධ නඩු විධාන සන්ග්‍රහය 127....අනුව අවශ්‍යනම් සාක්ශිකරුවෙක්ට නීතීක්නයෙක් අසන ප්‍රශ්න වලට පිලිතුරු නොදී සිටීමේ අයිතිය තිබෙනව" ජය බාහු මට ඇගිල්ල දික්කර කර කියුවා

"ඔහු නිවැරදී ස්වාමීනි....අවශ්‍යනම් ඔහුගේ සේවාදායකයට නිශ්ශබ්ධව සිටිය හැකී

හැබැයි මම ඉදිර්පත්කරන සාක්ශි පිලිබද ඒක පාශ්වික විචාරයක් පමනක් කිරීම නිසා අවාසිසහගත තත්වයක් උදාවෙන්නෙ ඔබේ සේවා දායකටමයි

ස්මහර විට ඔබේ සේවාදායකයම ඔබට දොස් තබාවි නිදහසට කරුනු කියන්න බෑරි උන නිසා නඩුව අපේ දිශාවට ඇදීයාම ගැන

ස්වාමීනි බලවර්ධන ....මම ඔබට විස්තර කරමින් සිටි මිනීමැරුමේ වින්දිතයා උන අමරෙව හොදට අදුනනව...ඔවුන් පාසල් කාලයෙ සිටම හොද මිතුරන්"

"හරි ....සරෝශ් ...බලවර්ධන ඔය කියන පුද්ගලයා ඇදිනුව පමනින් අපිට කියන්න බෑ නෙ බලවර්ධනම ඒ පුද්ගලය මැරුව කියන එක""

"ඒකට හේතුවක් තියෙනව....මිත්‍ර නීතීක්නතුමා

හැම උමතුවකටම වඩා බලවත් නෙ ප්‍රේම උමතුව

ගැටවර විකී ඒකියන්නෙ වික්‍රම බලවර්ධන අමරෙගෙ බිරිදට කැමැත්තෙන් හිටියා

ඒත් ඇය විවාහ කරගත්තෙ අමරෙව....ඒ ආදර විරාගය වෛරයක් වෙලා

ඒ ඊර්‍යශියාව අවසන් උනේ බලවර්ධන අමරෙව මරා දැමීමෙන්"

"අයියෝ....මොනවද මේ හිතලු....මට පේන්නෙ මේ තරුනයන් ඕනවට වඩා කොලිවුඩ් චිත්‍රපටි බලනව...ඒව ඇවිත් මේ උසාවියෙ කියවනව....කොහොමද කියන්නෙ බලවර්ධනගෙ හිතේ මේ ගැන තඩහවක් තිබුන එක....පලමු ප්‍රේමය අසාර්ථක උනාම බලවර්ධන සිල්වියව විවාහ කරගෙන බොහෝකාලයක් සාමකාමීව හිටියා"

"ස්වාමීනි මේ....තියෙන්නෙ බලවර්ධනගෙ අත් අකුරෙන් අමරෙගෙ බිරිදට ලියපු පෙම් හසුනක්...මම ඒක වචනයක් ගානෙ කියවන්න යන්නෙ නෑ

ඒත් ඒක සොදුරු තර්ජනයක් ....ඒ කාන්තාවට කරපු

ඔහු ඒකෙදි කියනව අමරෙ සමග විවාහ උනොත් ඇගේ ජීවිතය අපායක් වේවි. 

ඒකමයි ඔහු කලේ පස්සෙ ඇගේ සැමියට වෙඩි තබා ගාතනය කරල පුතෙක් සමග ඒ කාන්තාව මේ ලෝකෙ අතරමන් කරලා "

මම හිතා මතාම ඒ ලියුමෙ තියෙන ආදරේ වෑහෙන වැකි කියවන එක වලක්ව ගත්තා

එහෙම ලියුමක් පුතෙක්ට කියවන්න බෑ...අම්මට වෙන මිනිහෙක් ලියපු ලවු ලෙටර් එකක් සෙනග ගොඩක් මැද්දෙ කියවන්න ලියුවොත් ඔබටම දැනෙන ආතතිය කොහොමද?

"ස්වාමීනි..ස්වාමීනි මටනම් තේරෙන්නෙ නෑ....මේ ලියුමෙන් කොහොමද අපි බලවර්ධනට වරදපටවන්නෙ 

මේ නීතීක්නය  A කියන ගැහැනිය කිය කියා නමක් ගමක් නැති ගෑනියෙක් ගැන කියවනව

මට A ස්ත්‍රියව ප්‍රශ්න කරන්න ඕනෙ ....මම ඉ ල්ලා සිටිනව මේ ගරු අදිකරනයට ගෙන්වන්න ඒ කියන ස්ත්‍රිය"

"සමාවෙන්න ස්වාමිනි ඇය මේ අධිකරනයට ඉදිරිපත් කල නොහැකී

මේ වන විට ඇය අතිශයින් රෝගාතුරව රෝහල් නේවාසිකව ප්‍රතිකාර ලබනව...ඇයගෙ ලගට ගිහින් කට උත්තරයක් ගැනීමට තරම්වත් ඇගෙ සෞඛ්‍ය තත්වය යහපත් නෑ....සාක්ශි කරුවන්ගේ මානව අයිතිවාසිකම් යටතේ මේ ගරු අධිකරනයට හැකියාවක් නෑ ඇයට අනිවාර්‍යයෙන් කටෞත්තර ලබා දෙන්න ඇගේ සෞඛ්‍යතත්වය අනුව. මම ඇගේ සෞඛ්‍ය වාර්තා හා වෛද්‍ය නියමය මෙහි නඩු ලියැවිල්ලක් ලෙස ඉදිරිපත් කරනව.""

මම මේ ලියුම අම්මගෙන් ඉ ල්ලගත්තෙ හරිම අමාරුවෙන්.තාත්තගෙන් ලැබුන ආදර ලියුම් අපෙ අම්ම පවුඩර් දාල බිස්කට් පෙට්ටියක පුලුන් අතුරල තියල තිබුන අවුරුදු ගානක්. ඒ ලියුම් දැන් කාලෙ අපේ මැසෙන්ජර් වට්ස් ඇප් මැසේජ් වලට වඩා හරිම නිර්මාන ශීලී ලස්ස්නයි. සින්දු කෑලි, පත්තරවලින් කපාගත්තු පින්තූර අලවල අපෙ තාත්ත බොහොම විනීතව ආදරේ වෑහෙන්න ලියපු ලියුම්. මට ඒව බලද්දි හිතුන දේ අපෙ තාත්ත හොද ප්‍රේමවන්තයෙක් මට නෑනෙ ඒවගෙ ලස්ස්න පෙම් සිතුවිලි එන්නෙ එකෙන්ම මම නම් පට්ට බෝරිම්....ශිරාන් මාත් එක්ක ඉන්න එකත් පුදුමයි. ඒ ලියුම් අස්සෙම වික්‍රම අම්මට දීපු මේ ලියුමත් තිබුනා.

හරි නම් මම මේ ලියුමත් එක්කම අම්මවත් අධිකරනයට ගේන්න ඕනෙ සාක්ශිකාරියක් විදියට

ඒත් මමයි ශිරානුයි පුලුවන්තරම් උත්සහ කරේ අපෙ අම්මව උසාවි ගේන්නෙ නැතුව ඉන්න

එකක් අම්ම ඇත්තටම ඉන්නෙ ලෙඩින්. මේ නඩුව යද්දි අම්මට තාත්ත ගැන පැරන සිද්දි මතක් උනාම අම්මගෙ දුක වැඩිවෙලා ලෙඩත් වැඩි වෙනව. අනෙක ජයබාහු වගේ නීතීක්නයෙක් අම්මව අධිකරනයට ගෙනාපු වෙලාවෙ ඉදල අපහාසකරයි ලැජ්ජ කරයි. අම්මව හොදටම කම්පනයකට ලක්කරයි මට අම්මට එහෙම වද දෙනව බලන් ඉන්න බෑ වචිකව උනත්.

"අනේ මන්ද ස්වාමීනි ...මේකනම් මහ විකාරයක් අවුරුදු ගානක් පරන ලියැවිල්ලක් ගෙනත් මේ උසාවිය නොමග යවන්න හදනව""

අපිට ලියුමෙ සැකමුසු තැන් පැහැදිලි කරගන්න මේ ලියුම ලැබුන කෙනාව ප්‍රශ්න කරන්න විදියකුත් නෑ

අනෙක මට නම් මේ ලියුමෙ කිසිම තර්ජනයක් අඩන්ගුවෙන බවක් පේන්නෙත් නෑ""

"ඇයි එහෙම නොවෙන්නෙ ...ජයබාහු මහත්තය මේකෙ තියෙනව...ඔබ අමරෙව විවාහ කරගත්තොත් ඔබේ ජීවිතය අපායක් වේවි.....ඒකම තර්ජනයක් තමයි"

"අයියෝ....මගේ මේ තරුන මිත්‍රයව අපිට සිද්ද වෙනව නවය වසරෙ සින්හල පාඩමට නැවත යවන්න....මෙතැන තියෙන්නෙ අනියමාර්තේ අසම්භාව්‍යක් ක්‍රියාවක්....ඇත්තටම කියුවොත් ඒක කාලාර්තයේ අසම්භාව්‍යක් නෙමෙයි අනියමාර්තයේ අසම්භාව්‍යක්....ඒක උනොත් මේක වේවි

නැත්තම් උපකල්පනයක්

උලකල්පනයක් ඉදිරිපත් කිරීම තර්ජනයක් වෙන්නෙ නෑ ""

"ඒක උපකල්පනයක්ද තර්ජනයක්ද කියන එක රදාපවතින්නෙ ලියපු කෙනා මොන චේතනාව මුල්කරගෙන ඒක ලියුවද කියන එක මතයි

මේ ලියුම ලැබුන කෙනාට අනුවනම් ඒක තර්ජනය කරල ආපු ලියුමක්"

"පිලිගත නොහැකී 

එක...සාක්ශිය ගැන තවත් පාර්ශවයක් හිතෙන දෙයක් තුන්වන පාර්ශවයක් කරන ප්‍රකාශ අපට පිලිගන්න බෑ...ඔබ ඒ ගැහැනියව මේ උසාවියට ඉදිරිපත් කරන්න

දෙවැනි එක මේ ලියුම ගැන A කියන ගැහැනිය හිතන දේවල් මේ අධිකරනයට වැදගත් නෑ...අපි හිතලු එක්ක වැඩ කරන්නෙ නෑ

මගෙ සේවාදායකය මට පවසන විදියට නම් ඔහු තමන්ගෙ මිතුරුයගේ යහපත තකා අනාගතයේ සිදුවිය හැකි අවදානම්ක් ගැන අනතුරු ඇගවුවට තර්ජනය කරල නෑ

මෙහි එන අමරෙ නැමැත්තා සිවිල් කලබල කාලෙ රාජ්‍ය විරෝධී දේශපාලන ක්‍රියාකාරම් වල යෙදීම නිසා රජයේ අත් අඩන්ගුවට ගැනීමය සෙවූ කෙනෙක්

ඔහු විසින් සමාජවාදී නමුත් පැසිසිට් ප්‍රකාශ කිහිපයක් අයුතු ජන රාශිවලදි සිදුකරල ජනය රජයට එරෙහිව කැරලි ගැසීමට පොලබවල

රාජ්‍ය ආරක්ශාවට තර්ජනයක් වෙලා තියෙනව

එවැනි ව්‍යථා විරෝධී ක්‍රියාකාරම වල් නියුක්ත කැරලිකාරයෙක් විවාහ කරගන්න යද්දි තමන්ගෙ හොදම මිතුරුයට අනතුරු ඇගවීමේ සත්භාවයෙන් යුතුව බලවර්ධන මේ ලියුම ලියූ බව අපිට දැන් පැහැදිලී.

මගේ මේ මිත්‍රයා අපිට මේ ලියුම දෙස නරකම විදියට බලන්නනේ පොලබවන්නෙ ස්වාමීනි

දැන් සරෝෂ් නීතීක්න තුමා කියයි...මේ ලියුමෙ එක තැනක තියෙනව බලවර්ධන ලියලා

....ඔබ සිහිකර කර සුසුම් හෙලන එක මට ඇති එක සැපතයි කියල....

ඒකෙ සුසුම් හෙලීම යනු ඔහු විසින් A කියන කාන්තාව මතක් කර කර ස්වයන් වින්දනයෙ යෙදීම අදහස් කරනව

දන්ඩනීති සන්ග්‍රහයෙ 365 නීතිය අනුව විශම ලින්ගික ක්‍රියාවල යෙදීම වරදක් කියයි. 

ඒත් ස්වාමීනි 365 වගන්තිය අනුව සමලින්ගික ක්‍රියා බාලවයස්කාර අඩත්තේට්ටම් , බලහත්කාර ලින්ගික ක්‍රියා හා සතුන් සමග රමනයේ යෙදීම වරදක් ලෙස පෙන්නුවත් ...ස්වයන් වින්දනයේ යෙදීම (අතේ ගහන එක) වරදක් කියල නෑ කොහේවත්. ""

ම්ට තේරෙන විදියට ජයබාහු මගේ සාක්ශි ටිකට හාල ඉවරයි...තවත් මේ ටික අල්ලගෙන හිටියොත් මූ මේකෙන්ම අපේ මුලු කේස් එකම අනික්පැත්ත ගහනව ඒක නිසා හොදම වැඩේ මේ සිද්දිය ඔහොම ලිස්සල යන්න දීල අනෙක් සිද්දියට පනින එක

මට මම පරාද උනා වගෙ හැගීමක් දැනුනා 

ජයබාහු උගේ කෙලසුන ගරුත්වය නැවත ලබාගෙන ලොක්ක වගේ අධිකරනය පුරා ඇවිදිනව

මම අසරන උන ලුක් එකකින් අධිකරනය පුරා බැලුවා

නඩු කාරය ...පරිසරයට විනාඩියක් කරල එන්නද මන්දා පොඩි විවේකයක් දීල නැගිටල යන්න ගියා

ඒ තප්පරේට කලින් මාව දාල තරහවෙලා ගිය ශිරාන් මගේ ලගට ආව

"ශිරාන් මම පරාද උනා...ඉතුරු ටික ඔයා කරගෙන යන්න"

"පිස්සුද වස්තුව කවුද එහෙම කියන්නෙ....ඔයා මේ පොඩි සාක්ශි ටිකෙන් නඩුව ගොඩක් දුර ඇදගෙන ආව එකම ලොකු දෙයක්

මම කතා කරත් මීට වඩා ලොකු දෙයක් කරන්න බෑ "

"මට මගේ තාත්තට සාධාරනයක් කරන්න බැරි උනා

ඊලග කෑල්ලත් මම කතා කරල මට ඔයාගෙ තාත්තටත් අසාධාරනයක් කරන්න බෑ ...ප්ලිස් ඔයා ඊලග කොටස මෙහෙයවන්න"

"බෑ බෑ ...මගෙ කොල්ලො...කවුරු විශ්වාස නොකරත් මම ඔයාගෙ හැකියාව විශ්වාසකරනව ඔයාට ඒක කරන්න පුලුවන්

එකම දේ ඔයා ටිකක් වෙනස් විදියකට හිතල සාක්ශි මෙහෙයවන්න

විත්ති වාචිකය වෙනස් කරන්න

මිනීමැරුමටම මූලිකත්වය දෙනවට වඩා වෙනස් මගකින් ගියොත් ඔයාට ජයබාහුව කොටු කරල බලවර්ධනට ඇටෑක් කරන්න පුලුවන් ""

ශිරාන් මගෙ දිහා ආදරෙන් බලලා කාටවත් නොපෙනෙන්න ෆයිල් කවර අස්සෙන් මගෙ ඇගිලිත් මිරිකලා ඇහැකුත් ගැහුවා

මානසිකව වැටිල ඉද්දි ආදරේ කරන කෙනාගෙ මේ වගේ පොඩි ටච් එකකින් එන කික් එක රෙඩ් බුල් දුසිමක් ගහලවත් ගන්න බෑ 

Continue Reading

You'll Also Like

3.3M 212K 52
ခတ္တာ ဆိုတဲ့တောရိုင်းပန်းလေးရဲ့အကြောင်း ခတ္တာက မိန်းမမဟုတ်ဘူး ဒါပေမဲ့အလှ ကြိုက်တယ် ခတ္တာက စာမတတ်ပါဘူး ဒါပေမဲ့ အကိုလေးကိုတော့အရမ်းချစ်တယ်
536K 55.2K 85
ရုန်းမထွက်ချင်မိတဲ့ မျက်ဝန်းသေတွေ၊ လှုပ်ရုံမျှပြောသည့် နီဆွေးဆွေးနှုတ်ခမ်းလေးနှင့်အတူ ထွက်ပေါ်လာသော နွေးထွေးနူးညံ့သံ။ မမလွမ်းကို တွယ်တာမိတဲ့ခဏတာမှာ ဖ...
1.1M 45.4K 58
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...
984K 35.5K 42
🚨 ဒီ Fic မှာ Adult Scences တွေပါဝင်တာကြောင့် မကြိုက်တဲ့လူများရှောင်ဖို့ ကြိုတင်အသိပေးပါတယ်နော် 🚨 🚨 ဒီ Fic မွာ Adult Scences ေတြပါဝင္တာေၾကာင့္ မႀက...