case කේස්

By ShiranSuneth

85.7K 14K 572

කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක්... More

Ep 1
ep 2
Ep 3
ep 4
ep 5
ep 6
ep 7
ep 8
ep 9
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep 29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
Ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
Ep 63
Ep 64
Ep 65
ep 66
ep 67
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
Final Episode

ep 68

775 133 1
By ShiranSuneth

Ep 68

අම්පාරෙ ඉපදුන මට අලි කියන්නෙ අමුතු මැජික් එකක් නෙමෙයි

කොලබ අය උදේ හවස බල්ලො බලල්ලු පාර දිගේ දකිනව වගේ 

අපේ ගමේ රෑට අලි හක්කලන් කරනවා

අලිත් මිනිස්සු වගේ තමයි හැම එකාම හොදත් නෑ හැම එකාම නරකත් නෑ

අපේ ගෙට වන්ගු දෙකක් පහලින් හැම දාම කොට ඇලට වතුර බොන්න යන අලි රන්චුවක් ඉන්නව

කිසිම දවසක මනුස්සයෙක්ටවත් බෝග වගාවකටවත් හානියක් උන්ගෙන් නෑ

ගොඩක් විට මේ අලි ර්‍රන්චුවල ඉන්නෙ ගෑනු සත්තුයි පැටවුනුයි විතරයි

පැටවූ ලොකු වෙලා නාබර වෙද්දි උන් රැලෙන් පන්නනවා

ගෑනු සත්තු විතරයි ඉතුරු වෙන්නෙ

අලි පට්ටි වැටෙන කාලෙට කඩවසම් ඇත්තු අලි රැලට එකතුවෙලා

ගෑනු සෙට් එකට වැඩේ දීල හෝමෝන ක්‍රියාකාරීත්වය අව්සන් වෙන කාලෙදි රැලෙන් අයින් වෙලා යනව

එහෙම එන නාබර පිරිමි අලි එකිනෙකා ගහගන්නව

එහෙම ගහගෙන ගුටිකෙලගෙන ඉතුරුවෙන අලින්ට විතරයි ඩිස්ටි ඩිඩින් කරන්න චන්ස් එක ලැබෙන්නෙ

අනික් මද කිපුනු අලි හිතේ හෙන තරහක් තියාගෙන තනියෙම කැලේ එහෙ මෙහෙ යනව

අන්න එහෙම අලියෙක්ට තමයි තනි අලියා කියන්නෙ

තනියෙම යන මේ අලි සෙක්ස් නැති නිසා පිස්සු වැටිලා ඉන්නෙ

ඉස්සරහට අහුවෙන ඕනෙ සතෙක්ට එලවගෙන ගිහින් උන් පහර දෙනව

ඒකයි මිනිස්සු තනියට අලි රන්චුවකට වඩා බය

විශාල හල් මිල්ල ගහක් අස්සෙන් ඔලුව දාපු දඩාර අලියා දැක්ක ගමන් මම දැන ගත්තා ඌ නම් තනි අලියා තමයි

ඇස් රතුයි...පනු දල බාගෙට කැඩිලා...වල්ගෙ කෙදි සටනින් පැරදිලා දිනපු අලියා ගලවලා

මූ පරාජිතයෙක් කියල අනික් අලින්ට පේන්න කන් පෙති දෙකම ඉ රලා

ඌට සිද්ද උන අවමානෙට අලිය ඉන්නෙ තරහෙන්

ඒ අස්සෙ කොහෙවත් නැති මෝඩ මිනිස්සු හතර දෙනෙක් උගේ වැයික්කියට ඇවිත් 

උගේ නිදස උල්ලන්ගනය කරල

මල පනින්නෙ නෙද්ද ඉතිම් 

"ඕයි දුවපල්ලා....තනියා එනෝ....

එක දිගට දුවන්න එපා...සිග් සැග් හැඩේට දුවන්ඩෝ"

ගිරිය යටින් කෑගහපු මම ශිරාන්ටත් දුවන්න කියලා තල්ලු කරා

මගෙ සද්දෙට පැන්චී පවනුයිත් දුවන්න ගත්තා

ඔෆීශියලිම රෑවෙලා තිබුන නිසා ඉ රෙන් අපිට කිසින සපෝට් එකක් නෑ හැම තැනම කලුවරයි

වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරේ කටු පදුරුවල පැටලි පැටලි අපි හතර අතේ දිවුවා

අලියත් කපටී ඌ හතර පැත්තට දුවන අයගෙන් දුර්වලයා තෝරගෙන එයාගෙ පස්සෙන් එලවන්න ගත්තා

ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ පවනා

මිනිහා බකල් ගහ ගහ දුවන නිසා අලියට තේරෙන්න ඇති මූනම් ලේසි ටාගට් එකක් කියලා

පවන්ට වැඩි දුර දුවන්න බැරි උනේ වල් ඌරෙක් නිදා ගන්න හාරපු වලක කකුල ගිහින් මිනිහා ඩොන්ගපතාන් උනා 

අලියත් අමුතු ඇක්ශන් එකක් දාල චට්ස් චටස් ගාල උගේ සුදු කබර හැදුන හොඩ වැලෙන් උගේ බඩ දෙපැත්තට ගහ ගත්තෙ බිම වැටුන හොදුර තවත් බය කරන්න

මේ වෙලාවෙ ශිරාන් එයාගෙ පිස්තෝලෙන් වෙඩි තියන්න හැදුවත් ඒකෙ උන්ඩ ඉවරයි

එයා මැරයගෙන් උදුර ගත්තු දෙපැත්ත කැපෙන පිහිය අරන් ගිහින් පවන්ට පහර දෙන්න ඔන්න මෙන්න තිබුන අලියගෙ පස්ස ගාතෙට ඇන්න

අලින්ගෙ හම මිනිසුන්ගෙ හම වගේ නෙමෙයි හරි හයියයි

ඒක නිසා පිහිය ගොඩක් දුරට උගෙ කකුලට ගිලා බැස්සෙ නෑ

ඒ වෙනුවය පොඩි තුවාලයක් උනා

අලිය තමන්ට රිදවපු කෙනා දිහා යක්ශ බැල්මක් දාල ඒ පස්සෙ එලවන්න ගත්තා

ශිරාන් සැවානා වනාන්තරයක දුවන චීට සතෙක් වගේ පදුරු උඩින් පැන පැන වේගෙන් දිවුවා

අලියා අපි ඔක්කොම අමතක කරලා තමන්ට රිදවපු කෙනා පස්සෙම පන්නන්න ගත්තා 

මට ශිරන් ගැන ගොඩක් බය හිතුනා 

එයා මොන තරම් හයියෙන් දිවුවත් නැට්ට කරකව කව දුවන අලියා එයාට වඩා වේගෙන් දුවනව...ඌ තව අඩි කීපයක් දියුවම උගේ බයානක හොඩෙන් ශිරාන් ගෙ කකුලක් ඩැහැගෙන උස්සලා පොලොවෙ ගහයි චප්ප වෙන්නම

මම දන්න ඔක්කොම් දෙවිවරුන්ට වැන්ද ශිරාන්ව බේරල දෙන්න කියලා

එක පාරට කැලේ දෙදරවන් මහා හෙන හඩක් පිපිරුවා

ඒ එක්කම කන් බීරි කරවන කුන්ච නාදයක් කරපු අලියා ශිරාන්ගෙ පස්සෙ පන්නන එක අමතක කරල කැලේ වෙනත් පැත්තකට දිවුවා

වෙඩි බෙහෙත් ගදක් හැම තැනම පැතිරුන නිසා වට පිටේ බැලුවෙ අලියට වෙඩි තියපු වෙඩික්කාරය කවුද කියල හොයන්න

ඒත් වෙඩි තියපු කෙනෙක් නෑ

ශිරාන් හති ඇර ඇර මම ඉන්න තැනට ආවෙ දාඩිය නාගෙන

ඌරෙක්ට බැදපු වෙඩි කදක් පත්තු උනා නෙ අලියට

එයා පනයනකන් හති දැම්ම මගෙ ඇගට වාරු වෙලා

හොද වෙලාවට කවුරු හරි කෙනෙක් ඌරන්ට බැදපු වෙඩිල්ලම් අලියට වැදිලා

"හොද වෙලාවට බැදපු තුවක්කුව මම දැක්කෙ

හද එලියට තුවක්කුවට බැදපු හීන් කම්බිය දිලිසෙනව දැකපු නිසා ඒ පැත්තට දුවලා තුවක්කුවට උඩින් පැන්නා

අලියා කලබලෙන් දුවපු නිසා තුවක්කුවට බැදපු ක්ම්බිය කකුල පැටලිලා තුවක්කුව පත්තු උනා""

මම ශිරාන්ගෙ පිටට තට්ටු කරද්දි එයා උන දේ පැහැදිලි කරා

"අම්මෝ මාර බේරිල්ලක් නෙ බේරුනේ" ආයෙමත් තඩි පවනා වාරු කරගෙන අපි දිහාවට එන පැන්චි කියුවා

""පවන් උබ ඇවිද ගන්න බැරුව හිටියට අලිය දැක්කම මරු දිවිල්ලක් දිවුවනෙ""

මූන හෙන ගහපු වැල ගෙඩිය වඩේ කරගෙන හිටපු පවන්ගෙ දාඩිය පෙගුන පිටට තට්ටු කරන ගමන් මම කියුවා

"විහිලු නෙමෙයි ඕයි මේ බඩකඩිත්තු කැලෑවෙන් තොලොන්චිවෙලා යන්න ක්‍රමයක් හොයනව....මම හිතන්නෙ අපි දැන් කැලේ පුරා දුවල ඉන්නෙ පාර වරද්දගෙන"

"ඉන්නව මම බලන්න්ස් ෆෝන් එකේ ලොකේශන් එකෙන් ඉන්න තැන"

අපි හැමෝම අපේ ෆෝන් චෙක් කරා

"හුටා මේ හරියට සිග්නල් නෑ මල කෙලියයි" අපි ඔක්කොම ගෙම බලාපොරොත්තු කඩ උනා 

"මේ රෑනම් කැලෙන් එලියට යන්න විදියක් හොයන එක මෝඩ වැඩක්

අලියට පත්තු උනා වගෙ තුවක්කු කදක් අපිටත් පත්තු වෙන්න පුලුවන්

කොහේ හරි සේෆ් තැනක රෑ එලිවෙනකන් ඉදල යන්"

ශිරාන් තීරනාත්මක හඩකින් කියුව්

"අපෝ මේ කැලේ ඉන්න බෑ දන ගාගෙන හරි මේකෙන් එලියට යන් 

මේ කැලේ වවුල්ලුන්ට වඩා ලොකු මදුරුවො ඉන්නව අපේ ලේ බීලම අපිව හප කරයි

අනෙක මට ඇදුම් මාරු කරගන්නත් ඕනෙ

බඩත් ගිනී හොදටම""

දැනටමත් චූවලින් හෝදල වේලපු කලිසමක් ඇදන් ඉන්න කොලබ හතේ පවන් චුරු චුරු ගෑවා

" එලියට යන එක කොහොම වෙතත් පන බේරගන්න තැනක් හොයාගනිමු"

පැන්චිත් ශිරාන් එක්ක එකගවෙලා කියුවා

"මට පේන විදිය හරිනම් එහායින් ගිනි මැලේක දුමක් එක්ක බොද උන එලියක් පේනව කිලෝමීටරයක් විතර දුරෙන් ...අපි යන්ද ඒ පැත්තට ඇවිද ගෙන ..ගින්නක් කියන්නෙ ඒ හරියෙ මි ඉස්සු ඉන්න එපැයි""

අපි ෆෝන් වල ලයිට් ගහගෙන කටු පදුරුවල පැටලි පැටලි අලි බෙටි පාග පාග ගිනි ගොඩකින් දුම් රොටු නැගුන දිහාවට ඇවිදගෙන ගියා

උලම්මු අප්පෝ හඩින් විලාප තියද්දි බස්සො බූඌම් හඩින් අපට ඉහලින් ඉගිලිලා ගියා

කැලෑවෙන් මතු උන ෆෝන් එලියට දිලිසෙන ටික් බෝල ඇස් එක්කෝ නරියන්ගෙ නැත්තම් මුවන්ගෙ 

මම බයේ හිටියෙ ඔය දිලිසෙන ඇස් අතරෙ කොටින්ගෙ හරි වලස්සුන්ගෙ හරි ඇස් ඇති කියලයි

අන්තිමේ අපි දඩු වැටකින් වට කරපු බඩ ඉ රිගු කුරක්කන් හේනකට ඇවිත් තිබුනේ හේනෙ මැද පැල් කොට දෙකක් තිබුනා කටුමැටියෙන් හදලා පන් වලින් වහලක් දාල

වයසක සීය කෙනෙක් හේනෙ මැද ඉදලා මුලින් බය උනා පස්සෙ අපි එක්ක කතා කරා

අපි කැලේ බලන්න ඇවිල්ල අතරමන් උන කැම්පස් ලමයි සෙට් එකක් වගේ රගපෑව

අලිගහපු නිසා දුවන්න ගිහින් තුවාල උනා කියල ලොකු කතාවක් හදල ශිරාන් සීයට කියුවා

"මේ ළමයි ආව එක මොනතරම් දෙයක්ද?....අද නාකි මන් තට්ට තනියෙන් මේ කැලේ මැද්දෙ හිටියෙ හරිම පාලුවෙන්...."

"සීයෙ ....මෙතැන ඉදල ගමකට යන්න ගොඩක් දුරද?" පවන් ඇහුවෙ ඌට දැම්ම කැලෙන් එලියට යන්න ඕනෙ උන නිසා

"ම්ම්ම් වැඩිය නෑ ....ඌරො බිදපු පාරෙ ගියොත් හැතැම්ම 5ක් විතර ඇති

ඒත් මේ වෙලේනම් යන්න හිතන්නවත් එපා...තනියයි...ඌරුහොටයි (වලස්සු) කොටිහපුවයි ඔක්කොම එලියෙ හක්කලන් කරන වෙලාව

හොදම දේ එලිවෙනකන් ඉදල යන එක....අනෙක කලුවරේ ගිහින් නුපුරුදු පාර වැරදිලා තව තව මහ කැලේ ඇතුලට ගිහින් අතරමන් වෙන්නත් පුලුවන්"

වයසක මනුස්සයගෙ පැහැදිලි කිරීම නිසා අපිට තේරුම් ගියේ අද මේ හේනෙ නවතිනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ කියන එකයි

යන්න බෑ නොවැ හේන දාල 

මේ වල් ඌරුවසන්ගතේයි ඉතෑවො හැත්තයි මොන දඩු වැට ගැහුවත් හේනට වදිනව නෙවැ..මේ ගිනිමැලේ නොගැහුවොත්

ඉදල හිටලා හූවක් කියලා හේනෙ වටේට පන්දන් එලි අල්ලන්නත් ඕනෙ මහ රෑට

මේ දවස් වල කොහෙවත් ඉන්න තනි අලියෙක් මේ පැත්තෙ හක්කලන් කරනව 

ඊයෙත් මුනුබුරා අර පේන ගහේ බැදපු පැලේ ඉදන් අලියට අලි වෙඩි දාපු නිසා යන්තන් හේන බේරගත්තා

අද ආවොත් මට තමයි අලිඩෝන් දාන්න වෙන්නෙ "

අපිට මගදි ගහපු අලියා මේ ඒරියා එකටම මල වදයක් වෙලා වගෙයි පෙනෙන්නෙ 

"සීයෙ අපි දාව්සෙම කැලේ ඇවිද්ද පාර වැරදිලා...මුකුත් කාලත් නෑ...අදින්න ඇදුමක්වත් නෑ...අපිට මූන ටිකක් හෝදල ඇලවෙන්න තැනක් තියෙද?"

පවන් මහන්සිය වැඩිම හින්ද නිසා වෙන්න ඇති ඇහුව

"ආඅ...මගෙ මුනුබුරාගෙ සරොන් ඇති මේ පැල් කොටේ

කොහු මෙට්ට කෑලි දෙකකුත් තියෙනව

මේ ගෑනු දැරිවිට නම් අපේ මිනිබිරීගෙ ගවුමක් හෙම හරියයි ඒවත් ඔය පෙට්ටියක ඇති මයෙ හිතේ 

නාන්න නම් අර ගහයට අපේ වගා ලිද තියෙනව වතුර ඇත්තෙ ගැබුරෙ ඇදගන්න වෙයි බාල්දියෙන් මහන්සිවෙලා

ඔය ලමයි ඇගපත හෝදගෙන එන්න මම මයියොකු අලයක් බතල අල හත අටක් එක්ක බඩඉ රුගු කරල් පුච්චල තියන්නම්....දවල් මම තම්බපු රටකජු ටිකකුත් ඇති

අපේ මායියා...මට තියාගෙන කන්න කියලා සම්බෝල බැදුම් ටිකක් වැඩිපුර හදලා ඇති ඒවත් එක්ක කතහැකි

මදිනම් කව්පි හොද්දකුත් හදාගමු"

ඒක ගැබුරු ලිදක් අපි හුලු අතු දෙකක් පත්තු කරන් ලෙදෙන් වතුර ඇදාල නෑව

ගැබුරු ලිදකින් තියා පොඩි වලකින්වත් වතුර ඇදල පුරුදු නැති පවන්ටයි පැන්චිටයි වතුර ඇදල දෙන්න මටයි ශිරාන්ටයි සිද්ද උනා

ගෑනු පිරිමි බල බල ඉන්න බැරි නිසා ඔක්කොම අන්ඩවෙයාර්ස් පිටින්ම නාගෙන ජොක්කු පෑන්ටි ඔක්කොම වේලෙන්න ලගම තිබුන පදුර උඩ වැනුවා. 

සරොන් කෑලි වැරහැලි උන සාය හැට්ට ඇදගෙන අපි ඔක්කොම සීයගෙ පැල ඉස්සරහ වාඩිවෙලා කැඩිච්ච තැලිච්ච බෙලෙක් පිගන් වලට කවුපි බඩ ඉ රිගු රටකජු කාගෙන කාගෙන ගියා

බඩ ගින්නෙ ඉදපු නිසාද මන්දා හැම කෑමක්ම පට්ට රසට දැනුනා

සමහර විට අපි කොලබදි කන හැම කෑමක් ම වේලලා ගෝනිවල දාල ගබඩා කාමරවල කඩවල ලොරිවල අවුරුදු ගනන් පරන උන කෑමනේ

මේව ඔක්කොම ගහෙන් කඩා ගත්තු ගමන්ම උයාපු දේවල් 

ඒක නිසා හැම දේකම අලුත් රහක් තිබුනා

අපි කනකන් සීය වේලුන අලිබෙටි මදුරුතලා කොලයි පොල්ලෙලී එකට දාල ගිනිතිබ්බ

ඒකෙන් අපේ කන වටේ කුනු කුනු ගාපු මදුරු පිලාව අපිව අත ඇරලා ඈතට පැනලා ගියා

"මේ ගෑනු දැරිවිට අපේ මුනුබුරාගෙ පැල් කොටේ නිදියන්න පුලුවන්

කොලු ගැටවූ ටිකට මගේ පැල් කොටෙයි මේ පැලේ පිලෙයි නිදියන්න

හීතලනම් ගෝනි කඩමාලු වලින් මහපු පෙරෝන රෙදි ඇති"

අපිට අද දවසෙ සිද්ද උන දේවල් ...ඉස්සරහට උන දේවල් කතා කරන්න හොදටම ඕනෙ උනත් මේ රෑ එහෙම කරන්න තරම් ඇගට පතට හයියක් තිබුනෙ නෑ

"සීයෙ අර ගහ උඩ තියෙන පැල කාගෙද?"

උස බූ හොර ගහක හදපු පැල පෙන්නල ශිරාන් ඇහුවා

ඒ පැල සැලකිය යුතු තරම් හොදට හදලා තිබුන

පොල්තු ඉටි කොල වලින් වටේම ආවරනය කරල තිබුනා 

"ආඅ ඒක අපේ මුනු බුරා හැදුවෙ මෙ තනි අලිය එන නිසා

වෙනදනම් කොල්ල රෑට ඕක උඩ එලිවෙනකන් ඉන්නෙ

උදේ උනාම ඕනෙනම් ගිහින් බලන්න කොල්ල ඒක හොදට හදලා තියෙනව

කරදරයක් නැතුව දෙන්නෙක්ට නිදාගන්නත් පුලුවන්

ඒකට නගින්නත් ගහටම බැදපු උස ඉනිමගකුත් තියෙනව"

"සීයෙ අපි අද ගහ උඩ පැලේ ඉන්නද?"

"ආඅ...මේ ගෑනු දැරිවි නම් යන්න එපා...ඒකෙ කීප දෙනෙක්ට ඉඩ නෑ

මේ මහත පුතාටත් ඔය බඩ උස්සන් ඔච්චර උඩක් නැග ගන්න බැරිවෙයි

මේ රෑ ගහෙන් වැටුනොත් අපිට බේත්න්ගන්න යන්නවත් විදියක් නෑනෙ"

අම්මො ඇති යන්තන් සීය අපි ඉස්සර වෙන්නත් කලින් පැන්චිවයි පවනවයි ගහ උඩට නගින්න එන එක වැලැක්කුවා

සීය අපිට තුන් හුලස් අලිවෙඩී....ගිනි පෙට්ටි, වේලපු ලබු කැටේක දාපු වතුර, වේලල බැදපු රටකජු මල්ලකුත් දුන්නා

"පුතේ මුත්‍ර බරක් එහෙම හැදුනොත් ගහේ ඉදන්ම පහලට දාන්න

සැරින් සැරේට ගහෙන් බහින්න එපා...දඩු වැටෙන් එහා ගහ තියෙන නිසා සතා සර්පයො හරියට ගැවසෙනව...."

"නැවතියන් පර භ.ල්ලා...තොගෙ පැණි හිනාවෙන් පේනව තෝ ඔය යන්නෙ පැල් රකින්න නෙමෙයි වෙන ගේමකට...ඒකනෙ මාවයි පැන්චී ඕකෙන් කැපුවෙ"

"අනේ මේ විකාර කියන්න එපා...මේ පැලේ ඉඩ නැති නිසා අපි ගහ උඩට යන්නෙ "

"ආඅ...ඕක උඩට යන්න ඕනෙද මේ ඕනෙතරම් ඉඩ තියෙන්නෙ"

"හරි ...එහෙනම් මම ඉන්නම් පැන්චි එක්ක පහල උබ පලයන් උඩට

පරිස්සමෙන් උබෙ නොන්ඩි කක්කුල උස්සන් ඕකෙ නගින්න ගිහින් අනික් අන්ඩත් කඩා ගන්න එපා"

"ආඅ...ඒක මම බලාගන්නම්....මට පුලුවන් මේ ගහට නගින්න"

"හැබැයි පුතෝ උබ ගහ උඩට ගියොත් මම පැන්චි එක්ක පැල ඇතුලෙ නිදියනව

ගහ උඩදි ශිරානය උබේ පු.ප පැලුවත් මම වග කියන්නෙ නෑ

පැල ඇතුලෙදි පැන්චිට මම මොනව හරි කරත් මම වග කියන්නෙ නෑ

සම්පූර්න වගකීම උබම බාර ගනින් ඈ"

"අපෝ....මට බෑ එහෙනම්

උබල මහ ජරා ගල් කොල්ලො...ශික් මෙච්චර කල් උදවු කරපු එකත් මෝඩ කමක්"

"ආඅ...හරි හරි..දැන් මන් ගල්කොල්ලෙක් නෙ....එහෙනම් මාව ආශ්‍රය කරන්න එපා හරිද...ආයෙ උබ එක්ක මමවත් ශිරාන්වත් කතා කරන්නෙ නෑ"

"ඕයි...ඔයී...මේ ඕව ශිරාන් අයියට කියන්න එපා මට ලැජ්ජයි

කොහොමත් තෝ ගල් කාරයෙක් උනත් පු.ප් කාරයෙක් උනත් කරන්න දෙයක් නෑ මට වෙන යාලුවොත් නෑනෙ උබ ඇර"

මට පවන් ගැන පවූ කියලත් හිතුනා....ඌ මගෙ සන්සාරගත සහෝදරයෙක් වෙන්න ඇති...මේ තරම් කට්ටක් කාල උනත් මගෙයි උගෙයි යාලු කම නැති උනේ නෑනෙ...ඉදල හිටල හද්ද බලු කට කැඩිච්ච කතා කියනව තමයි ජෝක් එකට...ඒත් ඒව උගෙ හිතේ නෑ...ඒක මට කෙලවෙන වෙලාවට සපෝට් කරන්නෙ බොක්කෙන්මයි

අපි දෙන්න ලැබුන දේවල් ඔක්කොම පෙරවන්න දුන්න ගෝනි පඩන්ගුවෙ ඔතාගෙන බෙල්ලෙ එල්ලන් උස ගහට නැග්ග කලුවරේම

ඒක පට්ට උස ගහක් කැලෙන් වැඩි හරියක් ඒ ගහට පේනව

කලුපාට වල ගොඩැලි පිරුන බිමක් වගේ ගස් වල අතුවලින් හැදුන කැලෑවෙ කැනොපි එක පෙනුනා

මේ ගස් යට මොනතරම් සත්තු එහෙ මෙහෙ යනව ඇතිද මට පුදුම හිතුනා

අපිට තිබුන ලොකුම ප්‍රශ්නෙ හයියෙන් හමන හුලග නිසා ඇග කිරී ගැස්සිලා යනව

හූ හඩත් එක්ක ගහේ අතු සිරි සිරි ගාල වැනෙනවා

පැල ඇතුලෙනම් හරිම සැප පහසුයි....කොට්ට පුලුන් පොල් කොහු ගෝනි අසට දාල මේ පැල හදපු කොල්ල ඒකට සැප පහසු බිමක් හදලා තිබුනා

හුලගට වැනෙන අතුත් එක්ක මේ පැලේ ඉද්දි දැනුනේ තොටිල්ලෙ නැලවෙනව වගේ

"මේක මගෙ හීනයක්....තනිවෙලා ඉන්නකාලෙ ආයෙ ආයෙ දැකපු හීනයක්"

ශිරාන් එයා ඇදාල් හිටපු සරම කැසපොට ගහලා ගල් දෙක සම්පූර්නයෙන් පේන විදියට හදාගෙන මාව එයාගෙ උකුල උඩට ගත්තා

"අපි දෙන්න කැම්පස් එකේ පෝස්ටර් ගහන්න ගිහින් ...අර පාලු ගෙදර මේ වගේ හිටිය මතකද?"

"ම්ම්ම් ඔවූ ඒත් අපිට එදා වගුරුබිමෙන් එහා වාහන සද්ද ඇහුනා

අද අපිත් ස්භාව ධර්මයටම මිශ්‍රවෙලා

මේ කැලෑවෙ ගස් අතරෙ සත්තු කීයක් උන්ගෙ පරම්පරාව අලුත් කරන්න මේ වගේ ගස් උඩ වෙලිලා ඉන්නව ඇතිද?"

"අම්මෝ විකාර කියන්න එපා මට මේ ගහේ අතුවල දාර පිබුරො එකට වෙලිලා බඩු ගහනව ඇති කියල හිතෙනව "

"මොට්ටය...විකාර නොහිත මේ සිටුවේශන් එක එන්ජෝයි කරනව"

"ඔයා මේ විකාරයක් කියනව..අද දවසට මිනිස්සු කීයක් මැරුනද...තුවාල උනාද...අපි අර කැලෑවෙ දාල ආපු මිනිස්සු සත්තු කාලද දන්නෙ නෑ

උන් මැරයො උනත් දරු පවුල් කාරයො වෙන්න ඇති

කරන්න දෙයක් නැති කමටනෙ සල්ලිවලට මිනිස්සු මරණව ඇත්තෙ

ඒ ඔක්කොටම වඩා මට බය කොහොමද ඕව උසාවිගානෙ ගිහින් ඔප්පු කරන්නෙ

දැන් ටීවී එකේ බ්‍රේකින් නිවුස් කිය කිය පවන්ගෙ චප්ප වෙච්ච කාර් එකයි

හැප්පුන ලොරි පෙරලුන ඩිෆෙන්ඩර් පෙන්නනව ඇති

පවන්ගෙ කාර් එක හදවල දෙන්න ඕනෙ

උන්ගෙ ගෙදර මිනිස්සු බය වෙලා ඇති...අපෙ අම්මත් මේව දැනගත්තොත් හොදටම බයවෙයි

කිසි කෙනෙක්ට කෝල් එකක් ගන්න වෙන්නෙ නෑ"

"හරි...හරී ඕව ගැන හෙට හිතමූ...අද මේ වෙලාව අපි අපේ කරගනිමු"

Continue Reading

You'll Also Like

3.5M 218K 52
ခတ္တာ ဆိုတဲ့တောရိုင်းပန်းလေးရဲ့အကြောင်း ခတ္တာက မိန်းမမဟုတ်ဘူး ဒါပေမဲ့အလှ ကြိုက်တယ် ခတ္တာက စာမတတ်ပါဘူး ဒါပေမဲ့ အကိုလေးကိုတော့အရမ်းချစ်တယ်
770K 24.8K 31
" ခင်ဗျားကို ကျွန်တော် မယူရင် ဘယ်သူက ယူမှာလဲ " " မင်း မိုက်ရိုင်းလှချည်လား " ပါးပေါ်သို့စပ်ဖျင်းဖျင်းနဲ့ ကျရောက်လာတဲ့ သူမ လက်ဝါးနဲ့က မစိမ်းသက်တော့ပါဘ...
238K 23.2K 73
ဇာတ်လိုက်က အရင်ဘဝတုန်းက အပယ်ခံလေးဖြစ်ပြီးတော့ ရုပ်သေးဘုရင် အဖြစ် ဖိအားပေးခံခဲ့ရတယ်။ ပြီးတော့ တော်ဝင်နန်းတော်ကနေ ဝိုင်းပြီးတော့ အနိုင်ကျင့်ခဲ့တဲ့ စစ်သ...
143K 18.8K 31
ရိုးရိုးအချစ်ဇာတ်လမ်းလေးတစ်ပုဒ်ပါပဲ