💙ඔබ අභියස🖤 (Complete)

By breath_21

35.3K 5.2K 1.4K

මතකය සුන්දරයි.. එක දිගට සිහි වෙන... ආදරය විඩාබරයි... නුඹ මගෙ නොවුන කොට... වේදනාව විතරයි... වර්තමානයේ එක පිට... More

01.
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
39
40

38

665 103 30
By breath_21

දිගු කාලයක් වසා ඇති
මෙම සීතල හා හිස් කාමරයේ
මෘදු ලෙස හමා ගිය ඔබේ සුවඳ සමඟ
මම නොදැනුවත්වම උද්යෝගිමත් විය.

අවසානයක් දකින්නට නොහැකි වූ දිගු රාත්‍රිය
දැනටමත් දීප්තිමත් වී ඇතැයි සිතමි ඈත් වූ මගේ හදවත ඉක්මනින්ම ආයෙත්

ඔබ නොදන්න මගේ වෙව්ලන හදවත
මම දිගටම ඔබ දෙස බලා
සිටිමි මම බලා සිටිමි, ආපසු හැරී බලන්න
ඔබ මේ වගේ මගේ හදවත දන්නේ නැහැ

සීතලට ගුලි වෙච්ච මගෙ හිතම දැන් පාලුවට ගිහින් එයා එක නොදන්නවා වගෙ මගෙන් දුරට ඇදෙනකොට මම බලන් හිටියා... කල්පයක් හරි මම වෙනුවෙන් බලන් ඉන්නම් කියපු නිසා... මම හිතුවා එකම එක පාරක් ආයෙ මගෙ දිහා එයා බලලා මා ගාවට එයි කියලා.... එත් මොකක්ද වුනේ දැන් සති දෙකක් වෙනවා මගෙන් සස් දුරට ගිහින් මොන කරුමයක්ද මමම මට වෛර කරනකොට අපේ කාමරේ පුරාම එයාව මැවිලා පෙනවා මට කදුලු එනවා... රත්නපුරේ ගිහිනුත් හෙව්වේ නැති තැනක් නෑ... නංගිගෙ අසනීපෙන් පස්සෙ මගෙන් යන්නම යන්න ගිහින් තිබ්බෙ මගෙන් අවසරවත් නොගෙන... වනීශ් කියන දඩබ්බර හිත දැන් වීදුරුවක් වගෙ... නිතරම කැඩිලා යනවා. කලුවර මේ කාමරේ ඇතුලෙම සස්ගෙ සුවදින් මගෙ හිත වැහෙද්දී අමු පිස්සෙක් වගෙ නොකා නොබි අඩනවා ඇරෙන්න මට මුකුත්ම කරගන්න බැරි වුනා.......

මේ තරම් රිදෙන එකද ආදරේ... මාව එයාට ඇබ්බැහි කර ගෙන එයාගෙ නංගි වෙනුවෙන් මාව පැත්තකට විසි කරන එකද සස් ගෙ ආදරේ... ඒ ආදරේ එච්චර ලේසි නම් ඇයි මේ මගෙ හිතම ගිනි ගන්නෙ ඇදට ගියත් පිස්සුවෙන් එයාගෙ සුවද හොයන්නෙ ඇයි.... ඇයි ඇයි මමම විතරක් මේ අප ආදරේන් දුක් විදින්නෙ..........

මම දන්නවා කාටවත් මාව ගානක් නෑ... ඉපදුන දවසෙ ඉදන්ම මම තනි වුන මිනිහෙක්. වැඩි කාලයක් මොකෙක්වත් මන් ලග රැදුනේ නෑ. එකට හේතුව අදටත් මොකක්ද කියන්න මම දන්නෙ නැති වුනත් මේ ලෝකෙ මට අයින් කරන්න බැරි එකම දේ වුනේ ඔමෙත් සස්වීක වයි. බලෙන් හරි මගෙ කරගන්න ඕනෙ වුන එක මගෙ වැරැද්දක් වුනත් මේ පපුව පැලෙන තරමටම මම එයාට ආදරේ කරා. මගෙ ආදරේ, ඉරිසියාව පිරුණෙ එයා වෙනුවෙන් විතරක් වුන කොට මම අද විදවන්නෙ මේ හිතේ මට ඕනේ එකම කෙනා එයා නිසාමයි.

පැය ගානක් වදින ෆෝන් එක වත් අන්සවර් නොකර ඉන්න මට අන්තිමේට   එකත් වදයක් වගෙ නිසා අන්සවර් කරේ කාටවත් ප්‍රයෝජනයක් නැත්තම් මේ වනීශ්ව ඕනේ මැති නිසා.

"අයියෙ... අයියෙ අම්මා...." නංගිගෙ හඩේ තිබ්බෙ දුකකුයි බයකුයි කියලා තේරෙද්දී මම ඇහුවේ මොකක්ද වුනේ කියලා කවදාවත් නැතුව හිත අස්සට බය ගුලි වෙද්දී මම බේර ගන්න ඕනේ කෙනා මාව දරාගෙන හිටපු අම්මා වෙද්දී මම අම්මව බේරගන්න විරුද්ධ වෙන්න ඕනේ මාව ජාතක කරපු එකා වුනා...

මගෙ නම වනීශ්... කතාවේ බාගයක්ම මම දුෂ්ඨයා වගෙ වුනා... එත් හැමෝම මට බැන්නට ඒ එක්කෙනෙක් මගෙ පැත්තෙන් මන් විදපු දුක දැනගෙන හිටියෙ නෑ... ඉතින් මම හිතනවා දැන් ඒ කතාව කියන්න ඕනේ කියලා..... හැංගිච්ච රහසක් කාටවත් මේ වගෙ ජිවිතයක් ලැබෙන්න එපා කියන ප්‍රාර්ථනාවක් හිතේ ගුලි කරගෙන මම කියන්නම්

මම ඩොක්ටර්ලා දෙන්නෙක්ගෙ පුතෙක් ලංකා හොස්පිටල් එකෙ තමයි මගෙ අම්මයි තාත්තයි දෙන්නම වැඩ කරලා යාලු වුනේ. එත් මගෙ තාත්තා ඩොක්ට කෙනෙක් කියලා කියන්නවත් බැරි තරම් නරුමයෙක් කියලා දැන ගත්තෙ සස්වීක කියන මගෙ එකම ආදරේ මගෙන් ඈතට යන දවසෙ. ඔව්.... ඒ දවස මට සස්වීක පෙන්නුවා මගෙ තාත්තා කවුද කියලා... හොස්පිටල් එකට එන ප්‍රේශන් ලගෙ බොඩි පාර්ට් පිටට ඩීල් කරන එක තමයි මගෙ තාත්තා කරේ... එත් ඩිරෙක්ටර් බෝඩ් එකෙ හිටිය මගෙ අම්මාගෙ නමින් තමයි ඒවා ට්‍රාන්සර් වෙන්නෙ.... ලගදි ඉදලා මුස්ලිම් කල්ලියකට එකතු වෙලා මගෙ තාත්තා කියන එකා ඉස්ලාම් වෙලා තියෙනවා. එතනින් පස්සෙ ඌ ආගමට අනුව කල්ලිගෙ එකෙක්ගෙ නංගිව කර ගහගන්නෙ ආදරේ උතුරලා වෙන්න ඕනේ...

හාර්ට් ප්‍රේශන් කෙනෙක් වෙච්ච මගෙ අම්මා මේ ගැන තාම දන්නෙ නෑ... එයාට ඕනේ එයා යාලුවට වෙච්ච පොරොන්දුව අනුව සස් ටයි නිසා ටයි හොද ජිවිතයක් දෙන්න... එත් හැමදාම හිතුවා වගෙ වුනෙ නෑ... එයා හිතුවට මගෙ සතුට තියෙන්නෙ නිසා ගාව කියලා නිසා ගෙ සතුට තියෙන්නෙ මන් ගාව කියලා එත් මට ඕනේ වුනේ සස්ව..........

මම පණ යන්න ආදරේ කරපු එකාව බේරගන්න තාත්තාගෙ කල්ලියෙ බලු වැඩ නොදැක්ක ගානට හිටියට ඌන්ට ඕනේ වුනේ අම්මාගෙ ප්‍රෝපටි අර ගෑනිට හම්බෙන්න තාත්තාට ගන්න... සස් මාව අයින් කරලා යන දවසෙ නංගිට හොදටම අමාරු නිසයි මම එයා ගාවට ගියෙ. එත් සස් දැනගත්තා මේ හැමදේම කරන්නෙ අපෙ තාත්තා කියලා එදා රෑ... එයා එවා ඔක්කොගෙම සාක්ෂි මගෙ ගාව ඉතුරු කරලා මගෙ ජිවිතෙන් ගිහින් තිබ්බා විරාජ් එක්ක.

"මම එන්නම්..." මම එහෙම කියලා ඇහෙන් වැටුන හැම කදුලු බිංදුවම පිහද ගත්තා. කා එකත් මඩ ගොඩාක් වගෙ වුනත් මට කිසි ගානක් නෑ. මේ මම ආදරේ කරපු තව කෙනෙක්. එත් දැන් මෙයාව මට එපා... එයා නැතුව මොකක් තිබ්බත් මට මොකටද?

"සස්... සස්...." මම බැලුවා සස්ගෙ විදියෙම කෙනෙක් ලංකා එක ඇතුලට යනවා දැක්කාම කා එකත් ඔහෙ දාලා සස් ගාවට දිව්වා... මම පිස්සෙක් වගෙ දිව්වා මිනිස්සු මගෙ දිහා බලපු විදිය වැඩක් නැතුවම... අම්මාගෙ වෝඩ් එක ගාවම නැවතුන මම දැක්කෙ සස්ව මම කිව්වේ කොතන කොහොම හිටියත් මට සස්ව අදුරගන්න අමාරු නෑ...

"සස්... තමුසෙ තමුසෙ කොහෙද හිටියෙ මෙච්චර කල්... දැන් සති කීයක්ද කියනවා..." සස්ගෙ කොලර් එකෙන් අල්ලන් මම හොලවන ගමන් ඇහුවෙ එතන ඉන්නෙ කවුද කියලාවත් නොබලා...

"වනීශ් සස්ව අත්තරින්න..." සකුන් මගෙ ලගට ඇවිත් සස්ව එයා ගාවට ගත්තාම ඌගෙ මූණ පොඩි කරලා දාන්න මම හැදුවේ.

"වනීශ් මොකක්ද ඔය වෙලා තියෙන්නෙ ඕක නවත්තනවා..." අම්මාගෙ කෑ ගැහිල්ලට මේ ලෝකෙට මම ආවාම ආයෙත් ගැස්සුනා. නිසාංකාත් එතන හිටියා.

"බලන්නකො මගෙ අයියා එක්ක මෙයාගෙ යාලු කම." දැන් ඇති හොදටම මම කට ඇරියෙ අපි කවුද කියලා කියන්න..

"සස් මගෙ යාලුවෙක් නෙවේ එයා මගෙ..."

"මම එයාගෙ හතුරානෙ නංගෝ... දන්නෙ නැද්ද එයාට මාව පෙන්නන්න බෑ වේලාවකට...."
"සස්...."

"වනීශ් හොද නැද්ද අපේ ප්‍රශ්න පස්සෙ බලාගත්තොත්... මොකද දැන් අම්මා අසනීප වෙලා ඉන්නෙ..." සස් කියනකොට මම අම්මා දිහා බැලුවා. පේන තරම් අසනීපයක් එයාගෙ නෑ...

"අම්මා මේ හොදට ඉන්නෙ..."
"මැඩම්ට ආයෙ හාර්ට් ඇටැක් එකක් ආවා වනීශ්. ඒ නිසා තුන් වෙනි එක ආවෝත් වෙන දේ මම කියන්න ඕනේ නෑනේ..." සස්ගෙ අත අල්ලන ගමන් සකුන් කියනකොට මගෙ අත් නලියනවා... මට ඌගෙ මූණ කුඩු කරන්න ඕනේ අත කඩන්න ඕනේ... ඔය අත අයිති මට...

"වනීශ් අපිට තව කල් ඉන්න බෑ... මම මැරෙන්න කලින් මේ කෙල්ලගෙ ජිවිතෙ හරිගස්සන්න ඕනේ..."
"අම්මා මොකක් ගැනද කියන්නෙ..."
"ඔයා නිසාව ඉක්මනින් බදින්න ඕනේ..."
"විහිලු කරනවද මාත් එක්ක... ඔයාගෙ ස්ථාවරෙ ගන්න මගෙ ජිවිතෙ බිලි ගන්න එපා..."
"වනීශ්..." අම්මා පපුවත් අල්ලන් කෑ ගහනකොට සස් අම්මා ලගට දුවලා ගියා.

"ඔයාට මගෙ නංගිව ගත්තාම ජිවිතේ බිලි වුනා වගෙ වෙනවද මිස්ට වනීශ්..." එයාගෙ අනුකම්පා විරහිත හඩට මම ගැස්සුනා... ඉන්න මගෙ සස්ට ඔහොම කතා කරන්න බෑ... එක මම දන්නවා...

"න්..න්... නෑ මම කිව්වේ..."
"අනික එකක් වනීශ් ඔයාට මගෙ නංගිව ටෝයිස් ඩෝල් කෙනෙක් වගෙ පෙන්නෙ නෑනේ... නේද? ඉතින් පිලිස් මගෙ කෙල්ලගෙ හිත එක්ක සෙල්ලම් කරන්න එපා..."
"මම කවදා කාගෙ හිතක් එක්කද සස් සෙල්ලම් කරේ..'

"ඔයා වගෙ playboy කෙනෙක් මගෙන් ඔහොම අහද්දී අවුල් වගෙ නැද්ද මිස්ට වනීශ්..."

කට කොනෙන් නෝන්ඩි හිනාවක් දාලා සස් මට ඇනුම් පද කිව්වේ අම්මාගෙ පපුව අත ගාන ගමන්මයි. 'කැඩෙන්නෙ මගෙ හිත සස් මා ගාවට එන්න දැන්... අනේ සස් ඔයා මගෙ...' මට කෑ ගහලා එයාට කතා කරන්න ඕනේ වුනා... අඩා ගෙන ගිහින් එයාට තුරුල් වෙන්න ඕනේ වුනා... ඔක්කොටම කලින් මට මගෙ ජිවිතේ නැති කරගන්න දුකක් ආවා...

"අම්මේ මම කෙනෙක්ට ආදරේ කරනවා..." මම හෙමින් කියද්දී මම දැක්කා කෙනෙක් ගැස්සෙනවා. ඉතින් එයා දන්නවා මේ playboy පණට පණ ලව් කරේ එයාට කියලා.

"වනීශ් ඔයා පරක්කුයි. එක දෙයක් මේ මගෙ නංගි.... එයාට රිද්දන්න ඔයාට ඉඩ දෙන්න බෑ..."
"නෑ මට ඉඩක් ඕනේ නෑ... මම නිසාට තමයි ආදරේ... මම එයාව බලාගන්නම්... මේ අවුරුදු ගානටම කරා වගෙ" මම මේ දැන් මොනවද කියන්නෙ කියලා මම නොදන්නවා වුනාට මට ඕනේ වුනා සස්ව රිද්දන්න... එයාට බෑ මාව බෙදා ගන්න... මම දන්නවා... මම නිසාගෙ අත අල්ලලා මගෙ ලගට කරගද්දී මම දැක්කා සස්ගෙ කන් රතු වෙනවා. එයාට දරාගන්න බැරි වේදනාවක් එන හැම වේලාවකටම කන් රතු වෙනවා.

"හරි... එහෙනම් සස් ඔයා මෙයාලාගෙ වෙඩින් එක ගැන වගකීම ගන්න... පස්සෙ පුලුවන්නෙ සකුන් එක්ක ඇමරිකා ගිහින් බදින්න..." මගෙ කන් වලට දැන් ඇහුන දේ මොකක්ද කියලා අහන්න මම සස්ගෙ මූණ බැලුවා... එයාගෙ කරට අතක් දාගෙන එයාව සකුන් ලං කරගන්නකොට මට තේරුනා මෙච්චර කල් එයා එයාගෙ ලයිෆ් එකෙන් මාව එලෙව්වේ සකුන් නිසා කියලා...

"තැන්කිව් මෑම්... අපි ගැන පිලිගත්තට..."
"මට ඔයාව පිලිනොගන්න ඔයාගෙ වැරැද්දක් නෑ සකුන්..." අම්මා එහෙම කියලා සස්ගෙ නලල ඉඹිනකොට මගෙ කකුල් පණ නැති වෙලා ගියා.

"මම දැන් මෙතනට ඕනේ නෑ නේද මම දැන් යන්නම්..." නිසාගෙ අත පැත්තකට දාලා මම ඇවිදන් යද්දී එක තැනක් ආවා මගෙ කකුල් පණ නැති වුන............ එතනදි මම නැවතුනා බිම ඉදගත්තා... හිනෙන්වත් වෙන කෙනෙක් එක්ක බෙදාගන්න අකමැති වුන කෙනාව වෙන කෙනෙක් අර ගෙන යනකල් අන්ධෙක් බීරෙක් ගොළුවෙක් වගෙ හිටපු මටම මම ශාප කරා...

මට තිබ්බා එදා සස්ට ආදරේ නොකරන්න... එයා ගාවට දුවලා නොයන්න... පොඩි එකෙක් වගෙ එයාගෙ උණුහුමෙ ගුලි නොවි ඉන්න... මට තිබුනා නිසාංකාව නංගි වගෙ ආදරේන් බලා නොගන්න... එයාව ඈත් කරන්න සස් වෙනුවෙන් වත් එයාව ලගට නොගන්න....

අන්තිම පාරට මට තිබුනා මේ ලෝකෙන් යන්නම යන්න.....................................

❤❤❤❤❤❤❤❤❤❤❤

කතාව පරක්කු වුනාට සොරි වෙන්න ඕනේ බිසි ටිකක්...

Continue Reading

You'll Also Like

35.7K 5.1K 40
අහස දෙදෙරා වැහි වැටෙද්දෙන් පොලව දෙදෙරා ගිනි පිබිද්දෙන් මලක් නටුවෙන් ගිලිහුනාදෙන් නුබ මගෙන් වෙන් නොවෙනතෙක් මට නුඹ පමණක් වේ නම් ඒ ඇති අසම්මතේ ගොළු වුන ...
3.6K 761 12
"දේවා....හිතකට ආදරේ කියන එක දැනෙන්නෙ එකපාරයි....මට ඒක දැනුනා...මම පුරවල ආදරේ දුන්නා....තවමත් දෙනවා....ඒ ආදරේ මට තව කෙනෙක්ට බෙදන්න ඕනි නෑ ...." ______...
21.1K 3.2K 56
කිරුළ නොපලන් රජෙකුගෙ කතාව
97.3K 13K 100
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...