"මෙතනින් යමු... සස් ඉක්මනින්..." වනිශ් හිටි පිළිමයක් වගෙ හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්නකොට අරුන් ටික එහෙට මෙහෙට යනකොට විරාජ් මාව ඇදගෙන එළියටම ගියා. අපිව දැක්ක සකුනුත් එනකොට අපි කා එකට නැග්ගා.
"සකුන් අපි යමු."
"මොකක්ද වුනේ..." සකුන් විරාජ්ගෙන් ඇහුවා.
"පස්සෙ කියන්නම්..." කා එක ස්ටාර්ට් කරගෙන ඉක්මනින් අපි එතනින් අයින් වෙද්දී මට දාඩිය දානවා වගෙම අමුතු දුකක් වනීශ් ගැන ආවා. ඔක්කොම වෙලා තියෙන්නෙ මම නිසා කියන හැගීම මාව වෙව්ලන්නම රිදුනා. මගෙ ඇග පණ නැති කරා.
අපි සකුන්ගෙ ගෙදර ආවාට පස්සෙයි විරාජ් මට කතා කරා.
"සුදු..."
"ම්ම්ම්ම්...."
"වනීශ් පව්... ඌ ට මම කොච්චර කරත් බැන්නා. එත් අද ඒ අසරණකම මගෙ ඇස් ඉස්සරහා නොදකින්න මම ඌව තවත් වට්ටනවා."
"මට තේරෙනවා." මම කිව්වේ එච්චරයි
"අපි ත්‍රින්කෝ යමු. මේ ඔක්කොටම විසදුමක් හොයමු ගිහින්. හාද හොද කොල්ලා නෙ මගෙ..."
"බෑ..."
"ඇයි..."
"මම කොහොමද වනීශ්ව දාලා යන්නෙ. මට බැරිද අයියෙ එක පාරක් අත්මාර්ථකාමී වෙන්න.."
"සුදු..."
"ඇයි අයියෙ මට වනීශ්ව මගෙ කරගන්න බැරි."
"ඔයාගෙ මොනම තීරනේකට වුනත් මම ඔයත් එක්ක ඉන්නවා"
"ආදරෙයි..." මම විරාජ්ව බදාගත්තා. හැමෝම මාව වැරදි මිනිහෙක් කරයි. මට කමක් නෑ. එත් මම වනීශ්ව අත්තරින්නෙ නෑ... ඒ අදිටනින්ම මම වනිශ්ගෙ නම්බර් එක ඩයල් කරා.
"සුදූ... ඔයා කොහෙද? සුදූ... මට සමාවදෙන්න... මගෙ වැරැද්ද. සමාවදෙන්න..." වනීශ්ගෙ කටහඩ බිදිලා. මගෙ පපුවම ඇවිලුනා. මෙච්චර දුකක් මේ මිනිහා මම වෙනුවෙන් විදිද්දි මම දාලා ආවා. මගෙ ඇස් බොද වෙන තප්පරෙත් මම හිත හදාගත්තා.
"ඔයා කොහෙද ඉන්නෙ මම එන්නම්."
"අපේ ගෙදර. එන්නකො මට සීතලයි. මට බඩගිනි."
"මම එන්නම්..." මම ෆෝන් එක තියලා අයියා දිහා බැලුවාම එයා ඔව් කියන්න ඔලුව වැනුවා.
"මමත් යනවා අපෙ බෝඩිමට. මෙහෙ ඉන්න බෑනෙ..." මම සකුන් දිහා බැලුවෙ එවෙලේ. මෙච්චර වෙලා වුන දේවල් සකුන් බලන් ඉදලා තියෙන්නෙ...
"නෑ විරාජ් ඔයාට කැමති කාලයක් මෙහෙ ඉන්න. සස්වීක ඔයාව මම ගිහින් දාන්නද?"
"නෑ... මම කැබ් එකක යන්නම්.." මම සකුන් දිහා බලන්න හයියක් නෑ වගෙ එළියට එද්දී විරාජ් මගෙත් එක්කම ආවා.
"එහෙ ඉඩ ඇතිද?"
"මම පුංචාච්චිට කතා කරලා ආවේ."
"හරි යමුකො..."
මමයි අයියයි කැබ් එක පුරාම කිසිම වචනයක් කතා කරේ නෑ. අයියා කොට්ටාවෙන් බහිද්දී මම පොල්ගස්ඕවිටට කැබ් එක ගෙනිච්චා.
ගෙදරට ඇවිත් බලද්දී මිදුල අතු ගාලාවත් නෑ. ගොඩාක් හැඩි වෙලා. මම දොර අරිනවත් එක්කම අපේ කාමරෙන් දුමක් එනවා. දුවලා ගිහින් බලද්දී මම දැක්කේ බෝතල් වට කරගෙන සිකරට් එක්කම බීඩි වගෙ ඔතලා තිබ්බ ජොයින්ට්.
"මොනවද බල්ලෝ මේ කරන්නෙ..." ගියපු ගමන් කන හරහා ගැහුවේ මට කේන්තිය වැඩිම නිසා. එත් අමතක වුනා ඒ කම්මුලට දැන් කී පාරක් පාර වැදුනද කියලා
"මාව අසරණ කරලා ඔයා ගියාම මම මොනවා කරන්නද? මට ඔයාව ඕනේ.. මට ඔයාව ඕනේ..."
"වනීශ් පිලිස් ඕවා අයින් කරන්න..."
"ඔයා එපා කිව්වට පස්සෙ ඔයා එක්කම බීපු සිකරට් එක ඇරෙන්න මේ ආයෙ පටන් ගත්තා. ඔයා නිසාම..."
"අපි පැනලා යමු..." මම කිව්වා එක පාරටම
"මොකක්..."
"අපි යමු. මේ ඔක්කොගෙන්ම දුරකට යමු... ඔයා කිව්වා වගෙ යමු..."
"නංගි... එයාට මොකද කරන්නෙ..." වනීශ් කියද්දී ආයෙත් මම අඩියක් පස්සට ගියා.
"ම්ම්ම්ම්ම් මම දන්නෙ නෑ..."
"සුදූ මන් ගාව ඉන්න... මම මේ ඔක්කොම හරිගස්සන්නම්..."
"ඔයාට මෙච්චර කල් බැරි වුන දේ කොහොමද ඔයා ආයෙත් හදන්නෙ..."
"මම හිර වෙලා සුදූ මම හිර වෙලා..."
වනීශ් අඩනකොට මම ගිහින් කම්මුල් අත ගෑවා. එවා ඉදිමිලා...
"ගිහින් නාගෙන එන්න. මම මේ ටික අස් කරන්නම්..."
"ඔයා මට ඔච්චර හොද වෙනකොට මට රිදෙනවා. ඔයා ඉක්මනින් මාව දාලා යයි කියලා...
"දාලා යන්න ඕනේ නම් මෙලාහකට මම ගිහින්.."
"සස්..." වනීශ් ඇවිත් මාව බදාගත්තා. මූණම ඉඹලා ඉඹලා බෙල්ලට තොල් තිබ්බා..
"වනීශ් දැන් යන්න.. ඔයාට කන්ට්‍රෝල් එකක් නෑ..."
"බෑ... මට කන්ට්‍රෝල් වෙන්න ඕනේ නෑ.."
"වනීශ් යන්න පිලිස් මට රිලැක්ස් වෙන්න ඕනේ.."
"ඔයත් එන්න... අපි දෙන්නම නාමු එතකොට ඔයාට බෑ මාව දාලා යන්න.."
"ඔයා බබෙක්ද?"
"පිලිස් සස් පිලිස්..." වනීශ් හිටියෙ මත් වෙලා කොහොම කිව්වත් එයා දැන් පිළිගන්නෙ නෑ එකයි ඇත්ත කතාව. එයා මුරණ්ඩුයි. මම ආදරේ කරේ එකටමයි.
"යමු..." මමත් ටවල් දෙකත් අරගත්තා...
"යමු..." මාව උස්සගෙන වනීශ් හිනාවෙවී බාතෲම් එකට යනවා...
"බිමින් තියන්න.. වනීශ්..."
"මට ඕනේ නෑ..."
"වනීශ්..."
"ඔයා මගෙ මගෙ මගේ.... සකුන්ට දෙන්න බෑ..."
"සකුන්ට ඕනේත් නෑ..."
"ඔයාව ගන්න දාහක් බලන් ඉන්නවා සස්.... එත් ඔයා මගෙ... මට කෑ ගහලා කියන්න ඕනේ එකෙක්ට ඔයාට ලං වෙන්න එපා කියලා."
"ඔයා එක්ක බලද්දී මම කවුද වනීශ්..." ඇත්තටම මගෙ හඩ බිදුනා...
"මම එක්ක බලද්දී කියන්නෙ."
"ඔයාට කැමති එකම එක්කෙනා මම මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන කෙනා.. මට දාහක් ආදරේ කරත් ඒවා එතනදී සතේට බහිනවා."
"ඔයා දිගටම මට මෙහෙම කරන්නද සස් හදන්නෙ..."
"කොහොමද?"
"මට ඔයා එක්ක ෆ්‍රී වෙන්න ඕනේ වුනත් ඔයාට ඕනේම මගෙ වැරැද්ද පෙන්නන්න... ඇත්ත මම වැරදි. එත් මෙතන ඔයා වෙනුවෙන් ආදරේ පිරිලා තියෙනවා සස්... වෙන කවුරුත් නෙවේ මට ඔයාව ඕනේ..."
"අපි හැමදේම අමතක කරමු. කොහොමත් වෙඩින් එක දැන්ම නෙවෙනේ... එතකල් අපිට උත්තරයක් හොයන්න පුලුවන්." මම එහෙම කියලා වනිශ්ගෙ බෙල්ලට කිස් එකක් තිබ්බා. ඇත්තටම මම එහෙම බෙල්ල කිස් කරන්නෙ ගොඩාක් කලාතුරකින් මට එයාව ඕනෙම වුන වේලාවකට. අපි දෙන්නා අපේ ලෝකෙ තනි වුනා... ඇදුම් ගැලවෙද්දී අපිට අපිවම අමතක වුනා. අනික වනීශ් හිටියෙ මත් වෙලා තේත බරිත ෂෝට් දෙක පිටින් අපි කාමරේ තනි වෙද්දී....
"ආයෙ යන්න එපා මගෙන් ඈතට..." මගෙ ඇග උඩ ඉදගෙන වනීශ් කියන්නෙ මගෙ නලලට කිස් එකක් දීලා.
"ටිකක් නිදාගමු වනීශ් මට හරි මහන්සි."
"ම්ම්ම් පැනලා යන්න බෑ.."
"ඔයා නිතරම ඔහොම කියන්නෙ මට පැනලා යන්න කියලද?"
"ඔයාව යවන්න මට ඕනේ නෑ...."
මම දවස් ගානකින් නිදාගන්න බැරි වුන එකෙක් වගෙ වනීශ්ට තුරුල් වෙලා නිදා ගත්තා. හෙට මොකක් වුනත් අද මම සතුටින් ඉන්න ඕනේ කියන දේ හිතට කා වද්දගෙනමයි.
දවල් වෙන්න මට ඇහැරුනාම මම නැගිට්ටෙ ගේ ටිකක් අස් කරලා දාන්න. මට මුකුත් හිතාගන්න බැරි වේලාවට මම කරන්නෙ එක...
"සුදු... සුදු කෝ ඔයා සුදූ...." මම වොශ් රූම් එකෙ ඉද්දී වනීශ් කෑ ගහනවා නිකන් මාව මොකෙක් හරි කිප්නැප් කරලා වගෙ.
"මම නානවා වනීශ්..." මම කෑ ගහලා කියද්දී ආයෙත් දොරට තට්ටු දානවා.
"මේ විකාර කරන්න එපා මම කිව්වා මම කොහෙවත් යන්නෙ නෑ..."
මම කිව්වට පස්සෙ මිනිහා ටිකක් සයිලන්ට් එකෙ හිටියා. වේලාවකට පොඩි එකෙක් වගෙ.
අද තමා දවස මම ඔෆිස් යනවා. මොන ආකාරයකින් මාව පිලිගනීද කියන්න දන්නෙ නැතත් මම ගියා.
"සර් ඔයා ආවා"
හිටිය අර වයසක උන්දෑලා එනවා සාරිත් උස්සගෙන. නිසා පෙන්න හිටියෙ නෑ. එයා හිටියත් මම කොහොමද නිසාට මූණ දෙන්නෙ මගෙ හිත මට කියන දේ නෙවේ වෙන්න ඕනේ... අන්න ඒ නිසාම මම ඉවසුවා. මම නිතරම බලන් හිටියා මොකක්ද වෙන්නෙ කියලා
"ඕහෝ අපේ අලුත් ඔනර් ඇවිත්නෙ..." එනිවේ කියද්දී ඔක්කොම අත්පුඩි ගහනවා.
"ඒ කියන්නෙ සර්.."
"ඒ කියන්නෙ එක පාරටම උඩටම ප්‍රෝමෝශන් එකක් ආවා ඔයාට..."
මාව උඩින්ම තියලා මුන් මගෙ ඊරි මාන්සෙත් කයිද කියලා මට සැකයි. මම එහෙම හිතලා වැඩ පටන් ගත්තා. දැන් හොර බොරු බෑ. එකවුන්ට් සයිඩ් එකෙ ඉදන් හැම තැනකම තියෙන හොර බොරු ටික මම දන්න නිසාම එකෙක්ට හොරකම් කරන්න ඉඩක් දෙන්නෙ නෑ...
නිසා ආවේ නෑ වැඩට. වනිශ්ගෙන් අහන්නත් බෑ...එත් මම කරන දේ මොකක්ද කියලා මම දන්නෙ නෑ...
"සස්... සස්...." මනුජ කෑ ගහගෙන මන් ලගට එනකොට මට හිනාවක් ගියා... මගෙ එකා..
"මොකො යකෝ..."
"නිසා... නිසා..."
කැඩි කැඩි හුස්ම ගනිද්දී මනුජ ආයෙ කතා කරා.
"මොකක්ද වුනේ..."
"සකුන් කිව්වා වනීශ්ට කියන්න කියලා නිසාට අසනීපයි කියලා..." මම ගැස්සුනා... මම හොයන්නෙ බලන්නෙ නැතුව සකුන් ගාවට දුවලා ගියා. මට ලැජ්ජාවක් නෑ වගෙ... හිතක් පපුවක් නෑ වගෙ.
"සකුන්..." මාවදැක්ක ගමන් ගැස්සුන සකුන් ආයෙ මගෙ දිහා බැලුවා.
"මේ අහන්න... කෝ නංගි මොකද වුනේ.." මම සකුන් ගාවට ඇවිත් කැ ගැහුවා
"එයාට වෙනදා වගෙම පොඩි කලන්තයක් දාලා ගෙනාවා."
"ම්ම්ම්... කෝ කොහෙද?"
"සස් ඔයාට බැරිද blood test එකක් කරන්න. නිසාට ලේ ඕනේ වෙනවා නිතරම.."
"හරි දැන් නංගිව පෙන්නන්න..." මම කෑ ගහනකොට එයා මාව කාමරේකට එක්ක ගියා. දෙයියනේ සේලයින් ගහන්න කටු ගහලා කෙල්ලට... ඉදිමිලා වගෙ. මම ගිහින් ඔලුව අත ගාද්දී...
"අයියා... ඔයා ආවා... වනීශ් අයියා..."
නංගි මුලු ආත්මෙන්ම වනීශ්ට ආදරේ කරනකොට මගෙ හදවත නතර වුනා. මම ආයෙ ඉස්සරහට ගත්ත අඩිය පස්සට අරගත්තාම වනීශ් දුවගෙන ආවා මගෙ නංගි ගාවට...
❤❤❤❤❤❤❤❤❤❤❤
ලමායි ඔන්න දවස් 4කට පස්සෙ මම ඔයාලට කතාව ගෙනාවා. මේ ටිකෙ හෙන බිසි...