𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)

By Dul_Shi

51K 8.1K 3.3K

ඩැඩී ... ඩැඩී ...??? ජස්ට් ෆලෝ මී ... ආෂ් මොන කරදරයක්ද මේක ... ______________________________________________... More

INTRO
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
👀
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34

Chapter 19

1.2K 266 111
By Dul_Shi

"සමාවෙන්න..."

"සමාවක් දෙන්න හිතෙන්නේ නෑ...ඒත් ඔයාගේ වැරැද්දක් නෑ...මොකද ඔයා මාව ගෙනියන්නේ වෙන කෙනෙක්ගේ කීමට වගේම ඒක ඔයාගේ රස්සාව කියලා මම දන්නවා..."

ටේහ්‍යුන්ග් එහෙම කියද්දි ජන්කුක් ගැඹුරු සුසුමක් හෙලුවේ ඉදිරියට යන ගමන්මයි.

"මට එක ප්‍රශ්නයක් තියෙනවා...."

"ඔව් මොකක්ද?..."

"ඔයාලගේ පවුලම මිස්ටර් කිම්ට කැමති නැතිවෙන්න හේතුව මොකක්ද?...."

"මම හිතන්නේ ඒක බොඩිගාඩ් කෙනෙක්ට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි ජන්කුක්...."

"ඕහ් සමාවෙන්න......"

හිතේ කලකිරීමකින්ම නිහඬ වූ ජන්කුක් ටේහ්‍යුන්ග් සමග තවත් ඉදිරියට ඇවිද ගියා.ජන්කුක්ගේ ඒ සන්සුන් හැසිරීම ලොකු වෙනසක් කියලා ටේහ්‍යුන්ග් හොදින්ම තේරුම් ගත්තා.දෙදෙනාම නගරය මැදින් පයින්ම ආපහු මැන්ශන් එකට යන අතරේ එලෙස කතා කරද්දි මද වේලාවක් එහි තිබූ නිහඬතාවය ටේහ්‍යුන්ග් බිද දැමුවා...

"මොකද ඒ මගේ අප්පා නෙවෙයි..."

ටේහ්‍යුන්ග් බිම බලාගෙනම  එහෙම කියද්දි පුදුම වූ ජන්කුක් ටේහ්‍යුන්ග් දෙස බැලුවා.

"ඔව් ජන්කුක්...ඒ මගෙ අප්පා නෙවෙයි...මගේ අප්පා අපි පොඩිකාලෙදිම නැතිවෙලා...මහලොකු වැදගත් පවුලක නොවුනත් ජන්හ්‍යුන්ගේ තිබුන කරුණාවන්තකමටමයි ඊටපස්සෙ ඔම්මා එයාව  මැරි කරේ...එයත් කිම් කෙනෙක් වුන එක අහම්බයක්...කාලයක් එයා අපි එක්ක ගොඩක් සතුටින් හිටියා...හැමෝටම හිතුනේ ආපහු අපේ පවුල සම්පූර්ණයි කියලා...එයා මම පුංචි කාලේ ඉදන්ම මාත් එක්ක කාලය ගත කරන හොදම අප්පා කෙනෙක් වුනා...ඒත් ඒක තාවකාලික දෙයක් විතරක් වුණා...මොකද අපේ පවුලට ඇතුල් වෙන්න එයාගේ ලොකුම අරමුණ වෙලා තිබුනේ මගෙ අප්පා කරගෙන ගියපු බිස්නස් සේරම එයාගේ නමට හරවගන්න එක...ඔම්මත් ඒ කාලේ එයාට ගොඩක් රැවටිලා තිබුන නිසා එයා අන්තිමේ ඒකත් කරගත්තා...හිතුවෙවත් නැති විදිහට පස්සේ එයා අපිව දාලා ගියා...ඒක කාටත් වඩා දැනුනේ මට...එයත් එක්ක ගත කරපු මගෙ පුංචි කාලේ මතක් වෙද්දි...අනේ මන්දා එයා තාමත් ගොඩක් මන් ගැන විතරක් හොයලා බලනවා...ගොඩක් ආරක්ෂා කරනවා...කිසිම අඩුපාඩුවක් කරන්නේ නෑ...මට හිතාගන්න බෑ...ඔම්මට අඩුම ගානේ ඩිවෝස් එකවත් නොදෙන නිසා ඔම්මා අපි හැමෝම එක්ක පැත්තකට වුනා..."

ටේහ්‍යුන්ගේ දුක්මුසු කතා විලාසයත් අදුරු වුන මුහුණ දිහාත් බලාගෙන හිටපු ජන්කුක් නැවතත් හිමීට කටහඬ අවදි කරා.

"එතකොට ඔයාට ලිට්ල් ස්පේස් කියලා ලෙඩක් තියෙන්නේ ඒ හේතුව නිසාද?....."

"මම හිතන්නේ එහෙමයි...මම ගොඩක්ම ආස ටේටේ වෙලා ඉන්න...මොකද එයාගේ ලෝකේ කිසිම දෙයක් ගැඹුරින් හිතන්නේ නෑ...ඒත් මම වෛර කරන්නෙත් එයාට......"

"එහෙනම් ටේටේට හැරෙන්න...."

"ආ?......"

"දැන් ඔම්මගේ ගෙදර ඉදන් එක්කගෙන එද්දි ගොඩක් දුක ඇතිනේ...දුක නැති කරගන්න ලිට්ල් ස්පේස්වලට මාරු වෙන්න...."

"ඔයා ආස එයාටද?...."

එකවරම ටේහ්‍යුන්ග් එහෙම අහද්දි පුදුම වුණ ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බැලුවේ ඇස් දෙක ලොකු කරගෙන.

"මොකක්!....."

"මගෙ ලිට්ල් ස්පේස්වලට හැරෙන්න කියලා කෙනෙක් කිව්වමද කොහෙද?....."

"න්...නෑ මේ...එහෙම දෙයක් නෑ....ම..මම ආස වෙන්නේ මොන එහෙකටද? මම එකෙක්ටවත් ආස නෑ...."

ජන්කුක් වචන පටලව පටලව ඈත බලාගෙන කියද්දි ලාවට හිනාවෙලා එයා දිහා බලාගෙන හිටපු ටේහ්‍යුන්ග් ආපහු ඉස්සරහ බලාගත්තා.

"එහෙනම් මාරු කරන්න..."

එකපාරටම ජන්කුක්ගේ ඉස්සරහට ආපු ටේහ්‍යුන්ග් එහෙම  කියද්දි ජන්කුක් ඇස් දෙකත් ලොකු කරගෙන පුදුමයෙන් ටේහ්‍යුන්ග් දිහා බලන් හිටියා.

"ඔයා මාව මුලිනුත් වෙනස් කරානේ...ඔම්මා ඇරෙන්න ඒක වෙන කවුරුත් කරලා නෑ...ඒත් ඔයා කරා..."

ටේහ්‍යුන්ග් එහෙම කියද්දි ජන්කුක් මදක් පුදුම වුණා.

"කොහොමද එහෙම මට විතරක් පුලුවන් වෙන්නේ..."

ජන්කුක් අහද්දි ටිකක් ලැජ්ජාවෙන් වගේ බිම බලාගත්තු ටේහ්‍යුන්ග් ආපහු ඔලුව ඉස්සුවා.

"මොකද මම ඔයාට ආදරෙයි...."

තත්පර දෙකක්
තත්පර දහයක්

නෑ... තත්පර විස්සවක් විතර

ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා ඇස්පිල්ලමක්වත් ගහන්නේ නැතුව බලාගෙන හිටියේ ටේහ්‍යුන්ග් සාමාන්‍ය විදිහට ජන්කුක් දිහා බලාගෙන හිටිද්දි.එකපාරටම ටේහ්‍යුන්ග්වත් ගැස්සිලා ගියේ ජන්කුක් පපුවට ගගහා කහින්න ගත්තු නිසා.

'ආශ්..මොනාද මේ ඇහෙන්නේ ජේකේ...තමුන් මේ පොඩි එකා ගැන හිතනවා වැඩියි..ආආආආහ්..'

ජන්කුක් අහක බලාගෙන තමන්ටම මොකක්හරි කියනවා වගේ තේරුන ටේහ්‍යුන්ග් කතා කරන්න හදද්දිම ජන්කුක් කලබලයෙන් ආපහු ටේහ්‍යුන්ග් දිහාවට හැරුණා.

"පොඩ්ඩක් සමාවෙන්න සර්...දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්ව එක මට හරියට ඇහුනේ නෑ...ආපහු කියන්න පුලුවන්ද?...."

ජන්කුක් එහෙම කියද්දි ටේහ්‍යුන්ග් හොද හුස්මක් හෙලුවා.

"මම ඔයාට ආදරෙයි කියලා මෝඩයෝ...."

ඒ සැරේ විනාඩියක්ම විතර ජන්කුක් තුෂ්නිම්භූත වෙලා තමන් දිහා බලන් ඉන්නවා දැකපු ටේහ්‍යුන්ග් මෙහෙම ගියොත් දවසෙම බලන් ඉදියි කියලා හිතලා ජන්කුක්ගේ අතත් ඇදගෙන එතනින් ගියේ ජන්කුක් තමන්ගේ අල්ල ගත්තු අත දිහා බලලා ආපහු ටේහ්‍යුන්ග් දිහා ඇස් දෙකත් ජිල් බෝල කරගෙන බලාගෙනම ඉස්සරහට යද්දි.










"ආශ්....තමුසේ හොර කරා...."

"ඒකට කියන්නේ හොර කරනවා නෙවෙයි එරික්...මොලෙන් ගහනවා කියලා..."

"ශිට්...මේ සැරේ විතරයි කියල මතක තියාගන්නවා......"

"හැමදාම කියන එකම කතාව..."

ටේබල් එකක් දෙපැත්තට වෙලා කාඩ් ගගහා ඉන්න එරික් හා මාර්ක් අතර කතාව එහෙම යද්දි එකපාරටම එ ළග තිබුන මේසෙන්......

"ස්ස්ස්......ස්ස්ස්....අනේ මගෙ ඔලුවේ කැක්කුම වැඩි වෙලා අයියෝ...ආහ්....රිදෙනවා....."

"ආපහු කෑ ගහනවා බන්...දැන් කීයේ ඉදන්ද?...මම ටිකක් ගිහින් බලලා එන්නද?...."

"ගිහිල්ලා ආපහු කෑවා කෑවා කියාගෙන එනෝකෝ...."

මාර්ක් අහක බලාගෙන එහෙම කියද්දි ඔහුට රවපු එරික් ඔවුන් අසළම තිබූ කාමරයේ වහලා තිබුන දොර ඇරියා.ඔලුව මුලින් දාලා ටිකක් වටපිට බැලුව එරික් ඔහු සොයන කෙනා ළග නැති බව වැටහී සම්පූර්ණයෙන්ම ඇතුළට ආ පසු එකවරම හෙන හයියෙන් යකඩ බටේකින් වගේ පොල්ලකින් ඔලුවට පාරක් වැදුනේ ඔලුව කැරකැවිලා ගිය එරික් එතනම සිහිය නැතුව ඇද වැටෙද්දි.

"මන් වගේ අයව කිඩ්නැප් කරන්නෙත් මැන්ටල් පොරවල්මයි...ශිට්...ලොකුම පිස්සව මුලින් හම්බවෙන්න ඕනේ......"

අත් දෙක එකට ගසලා පිහදාපු ජිමින් බිම වැටුණ එරික්ට පයින් එකක් ගහලා එතනින් හිමීට එළියට ගියා.එතන ඉදගෙන නිදිමතේ වගේ හිටපු මාර්ක්ව දැක්ක ජිමින්  බිත්තියට හේත්තු වෙලා එයාට පේන්නේ නැති විදිහට ඉක්මනින් එතනින් පැන ගත්තත් වැඩි දුරක් ඔහුට යන්න බැරිවුනේ දරදඩු අතක් නැවතත් ඔහුව මග නතර කරපු නිසා.එකපාරටම පැත්තකට ඇදිලා ගියපු ජිමින්ව බිත්තියට තල්ලු වුනේ කවුරුන් හෝ ඒ බිත්තියට වේගයෙන් අතක් තියද්දි.

"තමුන් එහෙනම් ආපහු පැනගන්න හැදුවා...."

"නෑ....නෑ....මම ඔයා එක්ක කතා කරන්න ආවේ....මිස්ටර් ටිකක් තේරුම් ගන්න...මේ වයසේ ඔයා මෙහෙම ඉන්න ඕන කෙනෙක් නෙවෙයි....අපි ඇත්ත පිලිගන්න ඕනේ...වෙන්න තිබුන දේවල් ඒ සිද්ධවුණේ....."

ජිමින් එහෙම කියද්දි ආවේගය වැඩිවුණ යුන්ගි කෑ ගැහුවා.

"තමුන් කියන්නේ මගේ පවුල විනාස වුන එක වෙන්න තිබ්බ දෙයක් කියලද...ආ...."

යුන්ගි එලෙස කියද්දි හොද හුස්මක් ගත්තු ජිමින් ආපහු කතා කරන්න ගත්තා.

"ඔව් මිස්ටර්...මේ සේරම ස්වභාවධර්මයේ මැවීම....අපිට ඇත්තට මුහුණ දෙන්න වෙනවා....අනේ මන්දා මේක ඔයාට කොහොම තේරුම් කරන්නද කියලා...මාව බොරුවට හිරකරන්නේ නැතුව පොඩ්ඩක් මන් කියන දේ අහන්නකෝ...මට ඔයාට උදව් කරන්න පුලුවන්....ඔයාට මේ දේවල් තේරුම් ගන්න එක කරන්න අමාරු දෙයක් නම් අපි හොස්පිට්ල් යමු....මගෙ අප්පා අදුරන ගොඩක් හොද ඩොක්ටර්ස්ලා ඉන්නවා..."

ජිමින් කියද්දි ඉවසීම රතු කට්ටෙනුත් එහාට පැන්න යුන්ගි ලොකු හුස්මක් අරගෙන ජිමින්ට ගහන්න බැරි කමට අතින් බිත්තියට ගැහුවේ ජිමින්ව ගැස්සිලා යද්දි.

"තමුසේ ආපහු නොකියා කියන්නේ මට පිස්සු කියලද?...."

යුන්ගි එහෙම කියද්දි ජිමින් යටි තොල හපාගෙන යුන්ගි දිහා බලන් හිටියේ කියනවද නැද්ද කියලා හිතනවා වගේ.

"සමාවෙන්න මෙහෙම කියනවට....තේරුම් ගත්ත එක ගැන ඇත්තටම සතුටුයි මිස්ටර්..."

ජිමින් දෙගිඩියාවෙන් වගේ එහෙම කියද්දි සන්සුන් වෙන්න වගේ ඇස් දෙක පියාගත්තු යුන්ගි මොනා හරි හිත හිත වගේ එතන වටයක් කැරකිලා ආපහු එකපාරටම වේගයෙන් බිත්තියට අත තියලා ජිමින්ගේ මූණට එබුනේ ජිමින්ට කෙල ගුලියක් ගිලෙද්දි.

"තමුසෙ මගෙ ඉවසීම පරීක්ෂා කරනවද...."

"එ...එහෙම දෙයක් නෑ මිස්ටර්....මේක ඇත්තටම නිකන් කාලේ කන වැඩක්නේ...බලන්න මම තාම යුනි යන ළමයෙක්...මේ මගේ පාඩම් කරන්න තියෙන කාලෙනේ...."

"තමුසෙට මම........"

"ආආආආ......."

"හෝව් හෝව් බොස් බොස් බොස්...."

එකවරම යුන්ගි අතක් උස්සලා ජිමින්ට ගහන්න හදද්දිම ජිමින් කෑ ගහගෙන ඇස් පියාගත්තත් මාර්ක් ඉක්මනින් ඇවිල්ලා යුන්ගිව නතර කරගත්තේ යුන්ගි තරහ පාලනය කරගන්න වේගයෙන් හුස්ම ගන්න ගමන් ජිමින් දිහා බලාගෙන ඉදිද්දි.

"බොස්ම නේද කිව්වේ කිසිම කරදරයක් කරන්න එපා කියලා..."

"මූ මගෙ ඉවසීම පරීක්ෂා කරනවා...."

"නෑ නෑ සර්...අපි හොයාගත්තු තොරතුරුවල තිබ්බා නේද මෙයාට මොකක්ද මානසික ලෙඩක් තියෙනවා කියලා..."

යුන්ගි එහෙම කියද්දි ඇස් නළලටත් වඩා උඩට ගත්තු ජිමින් යුන්ගි දිහායි එරික් දිහායි බැලුවේ පුදුමයෙන් වගේ.මේ තරම් වෙලා තිබුන ජිමින්ගේ සන්සුන්කමට තිත තියන්න එයා තීරණය ගත්තේ ඒ වෙලාවේ.

"මට ඇති මානසික ලෙඩක් නෑ මනුස්සයෝ...තමුසෙලයි පිස්සො වෙලා ඉන්නේ..."

"ආශ්...අද මම මේකව මරනවා...."

"කාම්ඩවුන් බොස්..."

"පිස්සා කවද්ද පිළිගත්තේ පිස්සා පිස්සෙක් කියලා...තමුසෙලගෙ පිස්සු වැඩ නිසා මගේ කාලෙයි නාස්ති වෙන්නේ..."

"දෙයියන්නේ පිහිටෙන් ඔය කටවහගෙන ඉන්නවද?..."

"බැහැ...මම තමුසෙලගේ පිස්සු බොස්ට බය නැහැ...අනික මානසික ලෙඩක් නම් බෙහෙත් ගන්න ඕනේ....කොහෙවත් ඉන්න අපිට වද දෙහ්ශ්ව්ග්ඩ්ස්ශ්ජ්කෝව්හ්‍......."

‍යුන්ගි ගිනි පිටවෙන ඇස්වලින් ජිමින් දිහා බලන් ඉදිද්දි බ්‍රේක් නැති ජිමින්ගේ කට ඉක්මනට අල්ල ගත්තු මාර්ක් එයාව එතනින් ඇදගෙන ගියේ තව හිටියොත් මෙතන මිනීමැරුමක් වෙනවා කියලා දන්න නිසා.

"තමුසෙට මැරෙන්න ඕන වෙලාද? කිඩ්නැප් එකක් කියලවත් බය නැද්ද පොඩි එකෝ..."

"යාආආආහ්...මාව අතාරිනවා!!!.....තමුන්ලා සේරටම පිස්සු කියලා මම පලි නෑ...අතාරිනවා!!!....."

ජිමින් දගලන අස්සෙම එරික් එයාව කර උඩින් තියාගෙන ජිමින්ගේ පා ප්‍රහාර කීපයකුත් කාගෙනම කාමරේ ඇතුළට එක්කගෙන ගිහින් ඇදට විසික් කරේ බිම හිටපු එරික්වත් ඇදගෙනම එළියට එක්කගෙන ඇවිත් කාමරේ අගුලු දාද්දි.

"ආආආආහ්හ්හ් මේ දොර අරිනවා...මට ගෙදර යන්න ඕනේ...ආශ්....පිස්සෙක් කියලා බලන්නේ නෑ දැන් නම්.... මම නඩු දානවා...."

ජිමින් ඇතුළේ ඉදන් ඉවරයක් නැතුව කඩන්න හදන දොර දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු මාර්ක් හැරුණේ තාමත් සන්සුන් වෙන ගමන් හිටපු යුන්ගි දිහාවට.

"සර්...බලාගෙන ඉදලා හරියන්නේ නෑ...කිම් කාරයට කෝල් කරලා මේක ඉවරයක් කරමු..."

මාර්ක් එහෙම කියද්දි කාමරේ දොර දිහා බලාගෙන හිටපු යුන්ගි ෆෝන් එක අතට ගත්තේ ඇමතුමක් ගන්න ගමන්.








එදා රෑ ජන්කුක් මැන්ශන් එකේ එක කාමරයක් ඇතුලේ නින්ද යන්නේ නැතුව ඇදේ එහෙට මෙහෙට පෙරලි පෙරලි හිටියා.මධ්‍යම රාත්‍රියේ ජන්කුක් කොට්ටේ බදාගෙන ඇදේ එහෙට මෙහෙට පෙරලෙන්න ගත්තේ එයාගේ නින්ද අහලකවත් තිබුනේ නැති නිසා.ටේහ්‍යුන්ග් වැඩි ගානක් නැතුව අද කියපු දේවල් ජන්කුක්ගේ කන්වල දෝංකාර දෙන්න ගත්තා.වෙලාවකට ලාවට හිනා ගියා.එකපාරටම ආපහු පියවි සිහියට ඇවිල්ලා වගේ හිනාව අතුරුදහන් කරගෙන ආපහු නිදාගන්න හැදුවා.ඒත් නින්ද යන්නේ නැති නිසා ආපහු ඇදේ පෙරලෙන්න ගත්තා.තමන්ගේ වෙනස් හැසිරීම ගැන ජන්කුක්ට හොදින්ම තේරිලා තිබුනත් එයා කොච්චර උත්සහ කළත් තමන් ඉස්සෙල්ලා හිටියා වගේ අයි ඩෝන්ට් කෙයා මූඩ් එකට වැටෙන්න අමාරු වුනා.

"ආශ්...ඔම්මා....."

ඉදලා ඉදලා බැරිම තැන ජන්කුක් කොණ්ඩෙත් හොදටම අවුල් කරගෙන නැගිටලා නිදිමතේ හීනී ඇස්වලින් ඔහේ ඉස්සරහ බලාගෙන හිටියා.

"ඩැඩීටත් නිදිමත නැද්ද......."

"ආ!!!....."

එකපාරටම මූණක් ඇස් ඉස්සරහට එබෙද්දි ගැස්සිලා ගියපු  ජන්කුක්ව කෑ ගහගෙනම ඇද විට්ටමට තල්ලු වුනා.අත පත ගාලා බෙඩ්සයිඩ් ටේබල් එකේ ලෑම්ප් එක ඔන් කරපු ජන්කුක්ට සැනසුම් සුසුමක් පිටවුනේ ඩයිනෝසර් ඇදුමකුත් ඇදන් එක කනක් පැත්තකට හරවගෙන ටෙඩියෙකුත් අතේ  තියාගෙන තමන් දිහා බලන් ඇද උඩගෙන ඉදගෙන ඉන්න ලිට්ල් ටේටේව දැකලා.

"ආයිශ්...මම බයවුනා...මොනවද මේ කාමරේ අස්සේ කරන්නේ......"

"නින්ද යන්නේ නෑ ඩැඩී......."

ටේ තොලුත් පෙරලන් පපී අයිසුත් දාගෙන එහෙම කියද්දි ජන්කුක් එයා කලින් හිටපු විදිහට එයාව ගනන් ගන්නේ නැතුව ඉන්න බැලුවා.

"දැන් ටිකකට ඉස්සෙල්ලා ඔයාම නේද කිව්වේ නිදිමතයි කියලා...."

"ටේටේ කිව්වේ නෑනේ...ටේහ්‍යුන්ග් වෙන්නැති...එයා නිදාගෙන ඉවලයි....."

ටික වෙලාවක් ටේ දිහා හැගීම් විරහිත විදිහට බැලුව ජන්කුක් ඇදේ හාන්සි දුනේ ලයිට් එකත් ඕෆ් කරන ගමන්.

"කාමරේට ගිහින් දැන් නිදාගන්නවා...මට දැන් නිදිමතයි...."

මෙහෙම කිව්වට ටේ යන්නේ නෑ කියල දැන දැනම ජන්කුක් එහෙම කියලා ඇස් පියාගත්තා.විනාඩි පහක් විතර කාමරේ කිසිම සද්දයක් නැතුව තිබ්බේ බොරුවට ඇස් පියාගෙන හිටපු ජන්කුක් ලාවට ඇස් අරිද්දි.මොකද ටේ  මෙහෙම නිහඬව ගියා කියන එක කොහොමටවත් වෙන්න බැරි දෙයක් නිසා.ජන්කුක් හෙමිහිට අනිත් පැත්ත හැරුණේ දොරට එබිලා බලන්න වුණත් එකපාරටම එයාගේ ඇස් කළු රෙදිපටියකින් ආවරණය වුනේ ජන්කුක්ව පුදුමයෙන් පුදුමයට පත් කරලා.

"මේ....මේ මොකක්ද කරන්නේ.....ඈ?.....මට මුකුත් පේන්නේ නෑ..."

"චුත්තක් ඉල්ලකෝ ඩැඩී....."

"මගෙ ඇස් වහලා තමුන් මොකක්ද කරන්න හදන්නේ ටේ?....."

"හලි දැන් එන්නකූ....."

ජන්කුක්ගේ අතින් අල්ලගත්තු ටේ ජන්කුක්ව ඇදෙන් බස්සවගෙන කාමරෙන් එළියට ගියේ තමන්ව කොහේ එක්කන් ගිහින් හප්පයිද දන්නෑ කියලා හිත හිත ජන්කුක් පරිස්සමින් අඩි තියද්දි.ටේ මහ රෑ ජන්කුක්ව ඇදගෙන සාලෙට ආවේ ජන්කුක් වැනි වැනි ටේගේ පස්සෙන් එද්දි.

"මොකක්ද දැන් කරන්න ඕනේ?........... "

ජන්කුක් කම්මැලිකමෙන් වගේ එහෙම අහද්දි ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ අත අතෑරියා.

"හලි දැන් මාව අල්ලන්න...."

"අල්ලන්න?...."

"ඔව්...ටේටේ හොලා...ඩැඩී පොලිස්...ටේටේ හැංගෙනවා...ඩැඩී ටේටේව හොයන්ඩෝ..."

ටේගේ කටහඬ ටික ටික දුරකට යද්දි හොද හුස්මක් ගත්තු ජන්කුක් ලොකු වෙලාවක් හිතලා අඩියක් ඉස්සරහට තිබ්බා.

"පොලීසිය ඇස් බැදගෙනද හොරු අල්ලන්නේ?...."

කළුවරේ ඉන්න ජන්කුක් තමන්ටම මුමුණගෙන ඉස්සරහට අත දික් කර කර පරිස්සමින් අඩි තියන්න ගත්තේ කාලෙකට පස්සේ එහෙනම් අල්ලන සෙල්ලම්නුත් කරා කියලා හිතින් හිතන ගමන්.

බීප් බීප්

එකවරම ජන්කුක්ගේ ෆෝන් එක නාද වෙන හඩ ඇසුණු ජන්කුක් ඇස් වහන්නේ නැතුවම ස්ටූල් එක ළගට ඇවිදගෙන ගිහින් ෆෝන් එක අතට ගත්තේ කෝලර් අයි ඩී එකවත් බලන්නේ නැතුව ආන්සර් කරන ගමන්.



"ටේහ්‍යුන්ග්ව හොයාගත්තද?......"

එකපාරටම මිස්ටර් කිම්ගේ කටහඩින් එහෙම ඇහෙද්දි රෙදි පටිය ලිහාගත්තු ජන්කුක් කම්ෆියුස් වුනේ මෙතන අල්ලන් සෙල්ලම් කරන එක එච්චර ඉක්මනට මුහුදු ගානකින් එහා තියෙන එංගලන්තයටත් ගියේ කොහොමද කියලා හිතලා.ටේම කියන්නැති කියලා හිතාගත්තු ජන්කුක් ෆෝන් එකට කතා කරා.

"මේ හොයන ගමන් සර්....."

"මොකක්!!!......"

එකවරම මිස්ටර් කිම් භීතියෙන් වගේ කෑ ගැහුවේ  ජන්කුක්ව ගැස්සිලා යද්දි.

"තමුසෙ තමුසෙගෙ රාජකාරිය කරන්නේ ඔහොමද ජේකේ...මන් තමුන්න්ගෙන් කවදාවත් මේ වගේ දෙයක් බලාපොරොත්තු වුනේ නෑ....."

"ඇයි සර්...."

"ඇයි? ඉක්මනට මගෙ බෙයාව හොයාගන්නවා මනුස්සයෝ..."

මිස්ටර් කිම් කෑ ගහලා එහෙම කියද්දි ෆෝන් එක කනෙන් අහකට ගත්තු ජන්කුක් ෆෝන් එක දිහා බලන් හිටියේ මුට පිස්සුද නැත්තන් මට පිස්සුද කියලා හිතන ගමන්.

"හරි සර්...මේක සෙල්ලමක්නේ...."

"තමුසෙට මේවා සෙල්ලම් වගේද?...."

"නැතුව වෙන මොනවද?....."













"ටේහ්‍යුන්ග්ව කිඩ්නැප් කරපු එක තමුන් සෙල්ලමක් කියලද කියන්නේ?........."


______________________________________________________________________________

සමාවෙන්න පරක්කු වුනා..හී...

වෙන කතාවක් ඉවර කරගන්නකන් හිටියේ...

මට මේක ලියන්න මූඩ් එන්නේ නෑ....හුවෑ මොනා ලියනවද මන්දා....අද චැපිය අවුල් වගේ නම් සොරීඊඊඊ......

බිග් ස්පේස් ටේහ්‍යුන්ග් ගැන මොකද හිතෙන්නේ?

පරිස්සමින් ඉන්න💜️
ලාවියූ❤️💜

Continue Reading

You'll Also Like

96.5K 3.2K 52
"𝐓𝐫𝐮𝐭𝐡, 𝐝𝐚𝐫𝐞, 𝐬𝐩𝐢𝐧 𝐛𝐨𝐭𝐭𝐥𝐞𝐬 𝐘𝐨𝐮 𝐤𝐧𝐨𝐰 𝐡𝐨𝐰 𝐭𝐨 𝐛𝐚𝐥𝐥, 𝐈 𝐤𝐧𝐨𝐰 𝐀𝐫𝐢𝐬𝐭𝐨𝐭𝐥𝐞" 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 Caitlin Clark fa...
214K 4.5K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
237K 10.9K 32
Desperate for money to pay off your debts, you sign up for a program that allows you to sell your blood to vampires. At first, everything is fine, an...
805K 29.9K 105
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...