case කේස්

By ShiranSuneth

82.9K 13.9K 571

කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක්... More

Ep 1
ep 2
Ep 3
ep 4
ep 5
ep 6
ep 7
ep 8
ep 9
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep 29
ep 30
ep 31
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
Ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
Ep 63
Ep 64
Ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
Final Episode

ep 32

822 155 3
By ShiranSuneth

Ep 32

පහුවෙනිදා මම වෙලාවට් රෙඩි වෙලා සම්මන්ත්‍රනය තියෙන තැනට ගියා

ශිරාන් හිටියත් මම පඩ සතේකට ගනන් ගත්තෙ නෑ

එයත් එහෙමයි

ඊයෙ කරපු බලු වැඩේ ගැන සතපහක වගකීමක් නැතුව මාව අදුනනෙ නෑවගේ හිටිය

මූ වගේ මකරෙක්ගෙන් ඈත් උන එකමයි හොද

රැස් වීම පටන් ගන්න කලින් එයා වොශ් රූම් එකට ගියා

මමත් ඒ පිටිලස්සෙන් ගියා

චූ යන ප.යි.ය. බලෙන් මිර්කන්න හිතාගෙන මාත් වොශ් රූ එක ඇතුලට ගියා

එයා එක කියුබිකල් එකක චූ කරනව

කලු කලිසමට බෝල පුප පිරිලා ඉදිමිලා

මමත් ගිහින් එයාට එහා පැත්තෙ තියෙන යුරීනල් එක ලගින් ඉදගෙන මිටි බිත්තියෙන් එබි එබී එයාගෙ එක බලන්න ට්‍රයි කරා

එයා චූ යන බටේ ...අතින් වහන් මම දිහා ඔරවගෙන හිටියා

මගේ කරුමෙට යශවදනයත් ඒ වෙලේම චූ කරන්න ඇවිත් මගෙ අනික් පැත්තෙ යුරීනල් එකට් ලග හිට ගත්තා

දැන් මොන මගුල් ද

මම කලබලේට ජුන්ඩා ඇතුලට දාන්න ගිහින් ජුන්ඩගෙ කොන ශිපර් එකටත් අහු උනා

ඒකෙ වේදනාවට හික් ගෑවුනත් දත් කූරු කාගෙන ඉවසන් ආව තවත් නෝන්ඩි වෙන්න බැරි නිසා

මොන තරහ මරහ තිබුනත් කැම්පස් එකේ නම වෙනුවෙන් අපි දෙන්නම නිවේදන වැඩ ටික හොදට කරා

සර්ලා අපිට ස්තූති කරලා තෑගිත් දුන්නා 

ඒත් ශිරාන් නම් එක වචනයක් කතා කරේ නෑ

මාව අදුනන්නෙ නැති කෙනෙක් වගේ යන්න ගියා

කැම්පස් එක කඩි ගුලක් වගේ ඇවිස්සුනේ පිකට් එක දවසෙ උදේ

බස් පෝලිමක් ගහලා තිබුන ලමයින්ව කැළණියට එක්ක යන්න

එතැනින් තමයි පිකට් එකේ ආරම්බය

රුහුනෙ ඉදලා ජැෆ්නා වෙනකන් රජයේ විශ්ව විද්‍යල ගොඩකින් ලමයින් 50000 ක් 6000ක් විතර එකතුවෙනව ඇති

මමත් ඉ ල්ලන් ටින්කිරි ගාගත්තු නිසා නිසා ලොකු රෝල් එකක් තිබුනා නෙ ප්ලේ කරන්න 

අපේ බැච් එකේ බස් දෙකට කෙල්ලො කොල්ලො එකතු කරලා පටවන්න උනේ මටයි පැන්චිටයි

ඇත්තටම විශ්ව විද්‍යලෙ ඉන්න උන්ගෙන් අරගලවලට කැමති 10% යි ඉතුරු උන් මත බලෙන් අරගලේ පටවන්න ඕනෙ

උබල දන්නවනෙ ඒ ලෙවෙල් ප්න්තිවල ඉන්න හොදම පොත් ගුල්ලො සෙට් එක කැම්පස් එන්නෙ

ඇත්තටම අරගල කරන ලේ කකියන උන් ඒ ලෙවෙල් වලදින හැලිලා ගෙදර

ලකුනු බලන් රේස් එකට දුවපු අශ්වයො ඇතුලෙ

ඉතින් මුන් අරගල කරන්න පොලබවනව කියන්නෙ ඉබ්බන්ට පියාබින්න කියලා දෙනව වගේ අමාරු වැඩක්

ටීවී එකේ අබ ඇට මුන් ඇට ගානට කැමරාවල මහ හොඩක් එනවා වගේ පෙන්නුවට ඔය ටික එකතු කරන්න විදින වේදනාව දන්නෙ සන්විදායක මන්ඩලෙ විතරයි

අහන අහන එකාට මරනීය වැදගත්කමක් තියෙන වැඩ වැටිලා

සමහරුන්ගෙ ආච්චි ලොකු ලමයෙක් වෙලා

තව උන්ගෙ සීයගෙ පලවෙනි දත හැලිලා ඒකට හත් දවසක් දානෙ දෙනවලු

තවත් උන් හෙට ඉ රපෑව්වුවෙ නැතොත් අනිවා එනවලු

ඔය වගේ සීයක් විතර එකකට එකක් නොගැලපෙන හේතු කියුවත් මම වගේ සන්විදායකයන්ගෙන් ගැලවිල්ලක් නැති තරමට පස්සෙන් එන නිසා උන් අකැමැත්තෙන් උනත් එන්න තීරනේ කරනව

මම් ලාහට ගෙම්බො එකතු කර්‍රන්න වගේ කොල්ලො බස් එකට දක්කනව

දෙන්නෙක් ඇතුලට දාද්දි 4 ක් එලියට පැනලා

මටත් වඩ අමාරු වැඩක් තමයි පැන්චි කරේ...කෙල්ල්ක් පටවන එක

පිකට් එකෙත් ඉස්සරහ ඉදන් හනුම වල්ගෙ ගිනිඅරන් වගේ කෑගහන්නෙ 

වල් අලි වගේ ගිහින් යකඩ බැරියර් වල හැප්පිලා පොලීසියෙන් ගේම ඉ ල්ලන්නෙ බොහොම ටික දෙනයි

වැඩි දෙනෙක් බලන්නෙ පිකට් එකේ සේෆ් ම තැන අල්ලගන්න

අත් දැකීම් ඇති අය දන්නව

පික්ට් එකේ මැද පාර අයිනෙන් යන එක තමයි සේෆ්

ඉස්සරහින් ගැහුවත් පිටිපස්සෙන් ගැහුවත් පැනලා යන්න ලේසී

පාර අයිනෙන්ම කෑගහ් ගහ යනවනම් නිතරම් දුවන්න පුලුවන් අතුරු පාරවල් හැන්ගෙන්න පුලුවන් මුවා වෙන්න පුලුවන් බිල්ඩිම් ගැන්෴

සෝදිසියෙන් යන්න ඕනෙ

ඉස්සරහින් හරි පස්සෙන් හරි කලබලයක් එනවනම් වහාම පිකට් එකේ උන් දාලා ආරක්ශිත ස්තානයක්ට පැනලා හැන්ගිලා ඉන්න ඕ නෙ 

ගැහුවොත් පැනල යන්න වීල් එකකවත් නැග ගන්න සල්ලි අතේ තියෙන එකත් හරි වැදගත් 

අතේ ගෙනියන පෝස්ටරේ තියෙන්නෙ ජොනවද කියනනෙකවත් ගෙනියන උන් දන්නෙ නෑ සමහරවෙලාවට

ඒක වැදගත් බස් එකක් යන වෙලාවට සෙනගට මූන පේන එක වලක්වන්න

නැත්තම් අවුවෙන් බේරෙන්න

කැමරා ඇල්ලුවොත් අදුනගන්න බෑරි වෙන්න මූන වහගන්න

බිම වසි වෙද්දි කුනු ගෑවෙනවට එලාගෙන වාසි වෙන්න 

ඉස්සරහම යන තෙලේ වැඩි උන් සටන් පාඨ හයියෙන් කියන නිසා මහ හයියෙන් බෙරිහන් දෙන්න ඕනෙ නෑ මැද හරියෙ සෙට් එක 

ෆොටෝ කොපි ගහපු කොලේ අතේ තිහාගෙන සීනියර් බැච් එකේ යුනියන් මෙම්බර් කෙනෙක් ලගින් යද්දි උත්ගෝශනේට හදවතිනම් සහභාගී වෙනබව පෙනව්න්න විතරක්

පොඩ්ඩක් කොලේ බලන් කෑගහන්න ඕනි

මමත් ඇතුලු ගෙවල් වලට හොරෙන් අරගලවලට යන කොල්ල්ල් කෙල්ලො අනුගමනය කරන්නෙ ඔය සූය්හ්තරේ තමයි

ඒත් ශිරාන් වගේ නහරයක් වැඩි උන් ඉස්සරහටම පැනලා ටිකක් වැඩි පුර කැගහලා කැපී පේන්න හදනව

පොලීසියෙන් හොදට ගුටි බැට කාගෙන ඉස්පිරිතාලෙත් මාසයක් විතර ඉදලා ගෙදර එනවා

" කොල්ලනේ කෙල්ලනේ....අපේ අනාගතය අපිට අහිමි වෙලා ඉවරයි

අපේ හීන හොරු අරන් ඉවරයි 

අමාරුවෙන් ඉදිරියට ආපු අවුරුදු ගානක සන්වර්ධනය පොඩි කාලෙකින් නාය ගිහින් අපේ ඔලුව උඩටම කඩා වැටිලා

අපි නොකරපු අපේ දෙම්වුපියො නොකරපු හොරකම් වලට අපිට වන්දි ගෙවන්න වෙලා "

කැලනියෙ කන්ද නැගලා බන්ඩාරනායක හොස්ටල් ඉස්සරහ බස් එකෙන් බැහලා සයන්ස් ෆැකල්ටිය මැද්දෙන් ග්‍රවුන්ඩ් එකට් යද්දි කොල්ලන්ගෙ මොරාල් අප් කරන කතා පටන් ගෙන

එක එක කැම්පස් වල ශර්ට් ඇදගත්ත කොල්ලො කෙල්ලො ග්‍රස්වුන්ඩ් එකේ එක එක මුල්ල වෙන් කරගෙන නිසොල්මන්ව කතා අහගෙන හිටියා

රුහුනෙන් පේරෙන් ජපුරෙන් කැලනියෙන් අනෙක් කැම්පස් වලට වඩා ගොඩක් සෙනග ඇවිත් හිටියා

ඒ කැම්පස් වල සම්ප්‍රධායෙන්ම අරගලය ලමයින්ට බද්ද වෙලා තියෙන නිසා වෙන්න ඇති

අපි ලමයි ටිකක් හිටපු මොටුවට එහායි...කදවුරු බැදගත්තා

වයබ ඉදලත් අපි මෙච්චර උදෙන් ආව...කොලබ තොපි දැන්ද එන්නෙ වගේ නෝක්කඩු බැල්මක් අපිට එහා හිටපු වයබ උන්ගෙ මූනුවල සටහන් වෙලා තිබුනා 

"සහෝදර වරුනි අපි හැමෝම දේශපාලන ගේම් වල නොදන්න ඉත්තො වෙලා

පහුගිය දවස් වල ගෑස් පිපිරුව නේද...පස්සෙ ගෑස් පෝලිම් ආව නේද...අපිම නොදැන කීය උනත් ගෑස් ගෙනත් දෙන්න කියුව නේද....උන් සූක්ෂමවම අපිටම කියලා ගෑස් වැඩි කෙරෙවුවා ...කෙලිනම් ගෑස් මිල වැඩි උනානම් කලු පැල්ලම උන්ට...දැන් මාසයක් නැතුව තිබිලා ගෑස් වැඩිමුදලට ගෙනාවම උන් වීරයො ...අපි මෝඩයො

"පෝට් සිටිය හොද නෑ අහිතකරයි...විනාශකාරී කියුවනේද...ඒ විනශය නවත්වන්න අපේ උදවු ඉ ල්ලුව නේද....ඒක නවත්තන්න ආපු අය...ආයෙ චීනෙ එක්ක සාකච්චා කරලා අලුත් කොමිස් කුට්ටියක් සාක්කුවට වැටුනම

බයානක චීන මකරා...අපිව ආරක්ශා කරන්න ආපු චීන මහා ප්‍රාකාරය්ක් උනා නේද....එහෙමයි අපි ඇන්දෙන්නෙ...උන් හම්බකරන්නෙ

පරිසරයට හානි කරයි...වකුගඩු ලෙඩ නිසා රසායනික පෝර වස බෙහෙත් නැවැත්තුවනෙ...ආයෙමත් ඒව නැතුව අපි ආහාර අර්බුදයකට යනව කියලා වස බෙහෙග්හ් පෝර නැතුව බෑ කියලා අධි රන්ගනයක් දැම්මනේ

එහෙමයි උන් තරගකාරී පෝර වසබෙහෙත් සමාගම් වෙලද පොලෙන් අයින් කරලා එයලට වැඩි කුට්ටියක් දෙන සමාගම් වලට වෙලදපොල බාරදුනෙ

එයාල එද්දි තිබ්බ වද කොත්තු...පන්සල් බලෙන් අල්ලගන්න තම්බි...බෝම්බ පුපුරන සහරාන්ල දැන් කෝ ...ඒ දවස් වල බුද්දාගම රැකගන්න සිවුරට ගිනිතියාගන්න කෑ ගහපු සන්ඝ බුල් ඩෝග්ස්ලා අද කෝ

...ඔක්කොම රන්ගන...උන් රගනව..අපි අදිනව...බලය දෙනව...හොරාකනව

මේ විශම චක්‍රය නවත්වන්න දැන්වත් කාලය හරි නැද්ද 

නිදහ්ස් අධ්‍යපනයට විතරක් නෙමෙයි නිදහස් රටක් වෙනුවෙන්

අපේ දාඩිය කදුල ලේ හලන්න මේක තමයි මොහොත

තවත් පමා උනොත් අපිට දැකලා වැලපෙන්නවත් රටක් නැති තැනටම උන් මේක කාල දානව සත්තයි

කපා කපා කෑලි කපා

අප වලකනු සිතනු එපා

ලේ හැලුනත් පාර දිගේ 

අපේ ගමන අපි යනවා

කැලනියෙන් පටන් ගත්තු ඝෝශාව මහ මුහුදෙ රල නගනව වගේ ක්‍රීඩාන්ගනය පුරාම පැතිරිලා ගියා 

අකැමතෙන් මෙතැනට ආපු උන්ගෙත් බැටර්‍රි චාජ් වෙලා අරගලේට පනදෙන්න පොලබවන්න ඒ කවියට පුදුම බලයක් තිබුනා

හමුදා සෙබලු මැරෙන බව දැන දැන හතුරා ඉදිරියට යුද්ධන්කරන්න යන්න කලින් මේ විදියටම මොරාල් අප් කරනවලු

සේම් තියරියම මෙතැනටත් ඇප්ලයි කරලා තිබ්බා 

නුවර පාර දිගේ සැලලිහිනියා සන්දේශය අරන් පිටත් උන කැලනියෙ ඉදකා කොලොම් තොටට (ගෝල් ෆේස් එකට) යන්න පේලි හැදුන තරුන බලකාය අහසෙ ඉදන් බලන්න තිබ්බනම් හරි ලස්ස්නට තියෙන්න ඇති

හැමෝගෙම අත් වලට රතු පටී ඔලුවෙ බදින්න කලුපටි ලැබුනා

හැම කොල්ලෙක්ටම බලාගන්න කෙල්ලෙක් ලැබිලා තිබුනා

මොනදේ උනත් තමන්ට ආරක්ශා කරන්න ලැබුන කෙල්ලව දාල යන්න එපා...ජැකා බස් වලට නගින්න කලින්ම තදින් අවවාද කරලා තිබුනෙ

මට වෙනින් කෙල්ලෙක් එක්ක එන්න ඕනෙ උනත් 

මගේ නම එක්ක සෙට් කරපු කෙල්ලො ඔක්කොම එහෙම මෙහෙ කරලා අන්තිමේ මගෙ දකුනු අත පැත්තෙ හිටියේ පැන්චී

මුලදි කැම්පස් ...ඒ ඒ කැම්පස් එකේ ෆැකල්ටි...ඒ ඒ ෆැකල්ටි එකේ වසර අනුව පිලිවලට හැදුන පෝලිම් ටික ටික ඉස්සරහට යද්දි ඒ අනුපිලිවල වෙනස් වෙනවා

මුලින් එකම කැම්පස් එකේ ෆැකල්ටි මික්ස් වෙනව

ගනිත විද්‍ය කලා නීති විශයන් මිශ්‍ර වෙනව

තිබහට වතුර එකක් මාරු කරගත්තම

අතේ තියෙන මාරි බිස්කට් එක දෙකට කඩලා ලග ඉන්න කෙනා එක්ක බෙදාගත්තම

නොදන්න විශ්ව විද්‍යලෙක නොදන්න ෆැකල්ටියක නොදන්න කෙනෙක් යාලුවෙක් වෙනවා

අරගලේට ආදරේ අරන් එන්න

වයිරය පැත්තකට දාලා යාලු කමෙන් අරගලේ දිනමු

පටන් ගන්නකොටම අපිට වයලන්ස් ඇග්‍රසවි වෙන්න එපා කියන අවවාදය දීලා තිබුනා

සමහර විට සබරෙ ඇග්‍රි කෙල්ලෙක් ජපුරෙ කොමස් කොල්ලෙක් ගෙන් ගොඩයන්නත් පුලුවන් අරගලේ මැද්දෙදි

කැලනි පාලමට ලන්වෙද්දි පෙලපාලියෙ අගමුල හොදටම පැටලිලා

මනසී දූවිලී අවුරස්නෙ වාහන දුම් නිසා 

මොරාල් අඩු වීක් අය ටික ටික පහු බහිනව

සටන් පාට කියන්න තියා ස්මහරුන්ට කෙදිරි ගානත් අමාරුයි

අඩි දහයක් ඇවිදලා පුරුදු නැති

නෙලුම් මලින් උපන් කෙල්ලො

ඉහෙන් කටින් දාඩිය පෙර පෙර හෙවනක් වාඩිවෙන්න තැනක් හොයන

පෙලපාලියෙ පිටිපස්ස්ටම තල්ලු වෙලා යද්දි

කටේ හයියට උගුර ලේ රහ වෙන්න කෑගහන කොල්ලො ඉස්සරහට එක් රොක් වෙනව

මම්ත් නොදැනිම ටිකින් ටික ඉස්සරහට යන සෙට් එකට එකතු වෙලා පෙලපාලිය දිග නයෙක් නම් ම්මයි පැන්චී නයාගෙ වල්ගෙ හරියෙ ඉදලා බඩ මැද හරියට රෝල් වෙවී ඇවිත් 

තව ටිකකින් බෙල්ල හරහා ඔලු ගෙඩියටම යනවා

"ඕයී...කෙලගෙන යන්නෙ කොහෙද"

අපි යන්නෙ ...කොයි පාරේ...නිශ්මි බාලෙ ගිය පාරේ

කියාගෙන ඉස්සරහට යන මගෙ අත ශක්තිමත් අතකින් මිරිකලා කැරකැවුවා

ශිරාන් කලු සුදු චෙක් ශර්ට් එකයි ඔලුවෙ බැදපු කලු පටියයි නිසා හින්දි ෆිල්ම් වල ඉන්න මුරන්ඩු චන්ඩි වීරයෙක් වගේ 

"කොන්ඩම් එකක් ගන්න පොලට යනවා..පේන්නෙ නැද්ද"

මම ලගින් කෑගහ ගහ යන උන්ගෙ හඩ පරයන්න කෑගහලා කියුවා

"තමුසෙට මේ පිකට් වල ඉස්සරහින් යන්න එපා කියුවනේ""

"කවුරුන් විසින් කවදා කාහට කියපු දෙයක් ගැනද ඔය කියන්නෙ""

"මට කියලා මැරුම් නොකා පිටිපස්සෙන් වරෙන් උබේ කෙල්ලගෙ අතත් අල්ලන්"

"තමුසෙ දීපුව කාල මට ඉස්මුරුත්තාව් වගේ...දෙනව බලන්න මැරුම් ටිකක් කාල බලන්න...ඊට හොදයි වහ ටිකක්ම දෙනවා"

" පිකට් එක මැද්දෙ දත් ටික හලාගන්න තමයි ඔය හදන්නෙ 

තවත් ඉස්සරහට යන්න එපා

මම උබේ අම්මට පොරොන්දු උනා උබව මේවට එක්ක යන්න නෑ කියලා"

ශිරාන් මගෙ අත තදට අල්ලගෙන මූන දිහා බලන් ඉන්නව යකෙක් වගේ හොම්බට ගහන්න අතත් මිටි කරගෙන

පිකට් එකේ කෑගහ ගහ යන උන් අපි ලග ස්ලෝවෙලා ටිකක් බලලා යන්න ගියා

ගගක් මැද නැවතුන ගල් කැට දෙකක් වගේ අපි මූන ට මූන බලන් ඔරවගෙන ඉද්දි අනෙක් උද්ඝෝශකයො ඉදිරියටම ඇදුනා 

" අයියෙ ...මොකද මේ...ඇයි...අනේ සාශා මේ"

වතුර එකක් බොන්න පොඩ්ඩකට ස්ලෝ උන පැන්චිවත් දාලයි මම ඉස්සරහට ආවෙ

දැන් එයා ආයෙ මාව හොයාගෙන ඇවිත්

"නන්ගි ඔයාවත් මූව පරිස්සම් කරලා බලාගන්න...මූ විහින් ගින්දර්ට පනින්න යනවා...මෙයාව තියාගෙන පස්සෙන් ඉදලා කරදරය්ක් උනොත් පැනගන්න..මූට ඉස්සරහට එන්න දෙන්න එපා"

ශිරාන් ගිරිය පුප්න් කෑගහපු විදියට

එයාගෙ නයෙක් වගේ දගර ගැහුන බෙල්ලෙ නහර ඉ ලිප්පිලා පෙනුනා

මගේ අත රිදෙන්නම කරකවලා...

මිටි චූටි කෙට්ටු දරපතුරු වගේ කොල්ලො මැද්දෙන් එයා ඉක්මනින් ඉස්සරහට ගියේ ධ්වල යෝධයෙක් වගේ

"මොකද ඒ උනේ"

පැන්චි මගෙ අත අරගෙන ශිරාන් මිරිකලා රතු උන තැන අතගාන ගමන් ඇහුවා

අපි හිටියෙ ඔරුගොඩ වත්තෙ බලාගාරෙ ඉස්සරහා

"මම දන්නෙ කොහොමද ඌට් පිස්සු" මම් අත ඇදලා ගන්න ගමන් කියුවා

"අනේ මේ...මොනව හරි ප්‍රශ්නයක් ද?...ඔයා කරදරේක වැටෙන්න යනව කියුවෙ"

"මම දන්නෙ නෑ ...අයිසෙ...උගෙන්ම ගිහින් අහගන්නව ඕව"

මම පැන්චිව දාලා ඉස්සරහට යන්න හැදුවේ

" එපා...සාෂා...අනේ ප්ලීස් අපි පිටිපසෙන් යමුකෝ...නිකන් කරදර වල වැටෙන්න ඕනෙ නෑනෙ"

පැන්චි මගේ ඉන දෙපැත්තෙන් අත දාල අල්ලගන්න ගමන් කියුවා

අයියෝ.....ම්ම නම් ..ලාෆින් ස්ටොක් එකක් වෙලා 

පිකට් එකේ ගියත් කැම්පස් වල ඕප දූප හොයන උන් නේ

සටන් පාට කියාගෙන ඉස්සරහට යන එක නවත්තලා සමහරු

අපි දෙන්න අතරෙ තිබුන සටන බලන් හිටියා

තවත් නෝන්ඩි වෙන්න බැරි නිසා දෙමටගොඩ රේල්වේ ස්ටේශන් එක ලග ෆ්ලයි ඕවර් (ගුවන් පාලම යටදි) පැන්චිගෙ අතින් ඇදන් පෙලපාලිගෙන් වෙන් උනා

"පෙලපාලිය මැද කෑගහන්න බෑ හැමෝම බලන් ඉන්නව දැන්,..මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ"

අතේ තිබ්බ ප්ලාස්ටික් බොක්තලෙන් වතුර බොන ගමන් ඇහුවෙ කෑගලා මගෙ උගුර බැරන්ඩි වෙලා තිබ්බ නිසා 

"නෑ ප්‍රශ්නයක් නෑ...ඒත් අපි ටිකක් පහුවෙලා යමුකෝ...ඉස්සරහට යනවා වැඩී වගේ..අපේ ගෑනුලමයි ඉන්නෙ ගොඩක් පස්ස්ස්නෙ"

" ඇයි මටත් කියන්නෙ කෙල්ලෙක් වගේ පිටිපස්සෙන් හැන්ගිලා එන්නද...මම ආවෙ අරගල්ට මිස ලවූ කරන්න නෙවෙයි

ඔයා පහුවෙලා එන්න අනෙක් ගැනු ලමයි එක්ක මම යනවා ඉස්සරහට"

මට ඕනෙ උනේ ශිරාන් යන හරියෙන්ම යන්න

එකක් එයාට පෙන්වන්න මම එයා කියාන් දේ අහනෙන් නෑ...කියන එක

අනෙක මටත් එයාවගේ අනෙක් කොල්ලො වගේ ඕන අභියෝගයකට මූන දෙන්න පුලුවන් පිරිමියෙක් කියන එක පෙන්වන්න 

" බෑ මමත් එනවා ඔයා එක්ක....කොහොමත් ජැකා කියුවෙ බාරදීපු ගෑනුන්ලමයව අතාරින්න එපා කියකනෙ...ඔයාට මාවදාල යන්න බෑ"

" පැන්වි....මේක හොදටම වැඩී දැන්නම්....ඔයා මගෙ කවුරුත් නෙමෙයිනෙ මට මෙහෙම බලපෑම් කරන්න"

" ඇයි මම කවුරුත් නෙමෙයිද....සති ගානක් තිස්සෙ අපි එකට හිටියෙ ...මම ඔයාගෙ කවුරුත් නෙමෙයි නිසාද?"

"නෑ ...නෑ ඔයා මගෙ හොද යාලුවෙක්...."

"නිකම්ම යාලුවෙක් විතරද...ඊට වඩා මුකුත්ම සම්බන්දයක් තිබුනෙ නැද්ද?"

අයියෝ....මේකිත් නැට්ට ගිනි අර ගත්තු වෙලාවෙම ...බම්බුවක් කතා කරන්න ගත්තනේ

ඒ මදිවට හෝ ගාලා අඩන්නත් ගත්තා

මට ගෑනු නලවල ලොකු පුරුද්දකුත් නෑ....මේ අරගලේ වෙලවෙ අඩන කෙල්ලෙක් දෙමටගොඩ ගුවන් පාලම යට තනියෙම දාල යන එක හරි නෑ කියලා විතරයි මට හිතුනෙ

" කෝ මට කියන්නකො අපි අතරෙ ලොකු සම්බන්දයක් ඇත්තෙම නැද්ද...ඔයාට මාව දැනෙන්නෙ නැද්ද?

නැත්තන් මාව තේරුම් ගන්න බෑ වගේ ඉන්නවද

ඔයාට කවුරුම හරි ඉන්නවනම් කියන්න"

ඒක දිග ප්‍රශ්නපත්තරයක් ....කැන්ටිම හිස් වෙලාවක කාටවත් නෑහෙන්න වඩේ එකක් කාලා තේ එකක් බොනගමන් කතාකරන්න වටින

ඒත් මේ වෙලවෙ මගේ ඔලුවෙනම් කැරකෙන්නෙ ශිරාන් ඉන්න හරියෙන්ම පෙලපාලියෙ කෑගහ ගහ යන්න ඕනෙ එකයි

"පැන්චී...ඔයා එක්ක මේ හැමදේම මම හෙමින් කතා කරන්නම්...දැනට ඔයා අපේ ගෑනුලමයි එක්ක හෙමින් එන්න

බය වෙන්න එපා මට පුලුවන් මගේ ගැන බලාගන්න...මම මෝඩ වැඩ කරන්නෙ නෑ"

එයා තව මොන මොනව හරි කියන්න උත්සහ කරා

වෙලවට අපේ කැම්පස් සෙට් එක අපිව පහුකරන් යන්න ආපු නිසා එත්qඑන හිටපු කෙල්ලො ගොඩට පැන්චිව මාට්ටෞ කරලා

මම වේගෙන් පිකට් එකේ ඔලුගෙඩිය පැත්තට ගියා

පිකට් එක නයෙක් නම් උගෙ බඩේ ඇති උන ගෑස් බුබුලක් බඩ දිගේ උඩට යනව වගේ

Continue Reading

You'll Also Like

176K 30.3K 83
I am the father of villain Author Lin Ang Si ရဲ့ novel လေးပါ ???? All credit to Original author and E-Translators .
205K 5.3K 56
ငယ်ငယ်ထဲက အရိပ်တကြည့်ကြည့်နဲ့စောင့်ရှောက်လာတဲ့ပန်းလေးက သူများခူးဖို့အတွက်မဟုတ်ဘူးကွ။ ကိုယ်တိုင်ခူးဖို့အလှဆုံးပျိုးထားတာ ဒီကောင်ခွန်းစစ်မဟာအတွက် ခမ်း...
1M 44.1K 56
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...
295K 21K 52
ချစ်လွန်းလို့ ရူးရကြေးဆို ဒီအမျိုးသမီးကို သံသရာအဆက်ဆက် မိုက်မိုက်ကန်းကန်းကို ရူးသွပ်ချင်သေးတယ် ခ်စ္လြန္းလို႔ ႐ူးရေၾကးဆို ဒီအမ်ိဳးသမီးကို သံသရာအဆက္ဆက္...