case කේස්

By ShiranSuneth

85.9K 14K 572

කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක්... More

Ep 1
ep 2
Ep 3
ep 4
ep 5
ep 6
ep 7
ep 8
ep 9
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep 29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
Ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
Ep 63
Ep 64
Ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
Final Episode

ep 23

1K 175 6
By ShiranSuneth

Ep 23

සටන සාර්තකයි

වීසී  (VC) ගැලවිලා විසි උනා

ඒත් රජය සිදු උන දේ ගැන බය උනා

මේක නරක පූර්වාශර්ශයක් විදියට අනෙක් කැම්පස් වලටත් පැතිරේවි 

එහෙම උනොය්හ් හැම තැනම උද්ගෝසන පැනනගීවි

කෙටි කාලීන විසදුමක් විදියට ලන්කාව පුරා විශ්ව විද්‍යල ඔක්කොටම 

මාසෙක නිවාඩුවක් ප්‍රකාශ කර

වෙනදනම් නිවාඩුවක් ලියන්නෙ උඩ පැනලා නටන්න හිතෙන ප්‍රවෘතියක්

ආයෙ ඉස්කෝලෙ ගිහින් විවාද කන්ඩායම පුරුදු කරන්න පුලුවන්

ස්වේච්චා ගුරු විදියට උගන්වන්නත් පුලුවන්

දේශපාලන විද්‍යව සර්ගෙ ප්‍රයිවට් ක්ලාස් එකේ පේපර් බලලා ගානක් හොයාගන්න පුලුවන්

අම්මගෙ මැටි වැඩවලට උදවු වෙන්නත් පුලුවන්

අපේ අම්ම කරේ මැටි වලින් විසිතුරු භාන්ඩ හදලා අම්පාරෙ කඩවල් වලට දාපු එක

ඒවා අම්පාරෙන් කොලබ ලොකු කඩවල් වලට

මීගමුවෙ ටුවරිස්ලා බඩු ගන්න කඩවලට මාරුවෙනව

ඒ කඩ වලදි ලොකු ගනන් වලට විකිනුනාට අපිට ලැබුනෙ සොච්චම් මුදලක්

අම්මට උදවු වෙනවට අමතරව

දහම්පාසලේ උගන්වන්න...භක්තිගීත කන්ඩායමේ පුහුනු කිරීම් බලන්න යන්න පුලුවන්

මට ගමේ යාලුවො ගොඩක් හිටියෙ නෑ

වොශේශයෙ ක්‍රීඩා සම්බන්ද විසේකාර යාලුවොනම් හිටියෙම නෑ 

වැඩි හරියක් ඉගනීමට කතික නිවේදන වලට සම්බන්ද අය තමයි

මම ආශ්‍රය කලේ 

මේ සැරේ කැම්පස් වහනව කියන නිවේදනේ නම් මට මහ තිත්ත තොරතුරක් උනා

එයා එක්ක සම්බන්දෙ පටන් ගත්තා විතරනෙ

දාල යන්න දුකයි

එක දවසක් නොදැක ඉන්නෙ කොහොමද කියන එක හිතාගන්නත් බෑ 

"දනවද කැම්පස් වහනවලු""

" ම්ම්ම් හොදයි නේ ....මට ගෙදර ගිහින් මගේ යාලුවො එක්ක ෆට්ට ෆන් එකක් ගන්න පුලුවන්

එක දිගට වැඩ කරලා හෙන බෝරින් වෙලා හිටියෙ""

"මම නැතුව ඉන්න පුලුවන්ද?"

"මෙච්චර කල් හිටියෙ උබ නැතුවනේ....අපි එකට ඉන්න අරන් තාම මාස තුනයි ඒක නිසා ලොකු අවුලක් නැතිවෙයි

කොහොමත් මාසෙකින් අපි ආයෙ මුන ගැහෙනවනෙ"

"ම්ම්ම්...ඔවූ නේ

හැමදාම මට කෝල් කරනවද?"

"මේ ඔන්න හැමිනෙන්නනම් තියාගන්න එපා ගෑනියෙක් වගේ 

මම ගෙදර යන්නෙ නිදහසේ ඉන්න...මගෙ පරන යාලුවො ඔක්කොම එයි 

උන් ඉන්න වෙලවටතමුසෙ කෝල් කරොත් මට උන්ට දෙන්න උත්තරත් නෑ"

"ම්ම්ම්...හරි හරි"

"මොනවද හරි"

"නෑ නෑ තමුසෙගෙ හැටි දැනගත්ත....කැම්පස් එකේ හිටපු දවස් ටිකට පාලු මකන්න ටෙම්පරියක් නෙ මම...කැම්පස් ඉවර උනදාට තමුසෙ වාශ්පම වෙලා යයි

මගේ පනටත් වඩා උබ වගේ ආත්මාර්තකාමියෙක්ට ආදරේ කරපු මම තමයි මෝඩයා

උබ ඕනෙ ලබ්බක් කර ගනින්

ආයෙ මාව හම්බුවෙන්න එන්න එපා පරයා"

තවත් ශිරාන් එක්ක කය්හා නොකර උගෙ පපුවටත් ගහලා මම එන්න ආවා

මග දිගටම මට ඇඩුනා

පුදුම අසරන කමක් දැනුනෙ

හොස්ටල් ඇදේ දිගාවෙලා කොට්ටෙන් මූන වහන් මම දිගටම ඇඩුවා

"ඕයි...සාෂා...ගෙදර යන්න බඩු ටික දාගනින්...අපේ තාත්ත එනවා මාව එක්කයන්න මම උබව කොටුවෙ බස් ස්ටෑන්ඩ් එකෙන් දාන්නම්

එතැනින් වඩිවෙලා යන්න පුලුවන්නෙ බස් එකේ"

"උබ පලයන්..මගෙ ඔලුව කකියනව ...දැන් නිදාගෙන හවස යන්නම්"

අඩෝ...මොකද බන් හිටපු ගමන්... කෝ බලන්න උබට උනද..අසුත් රතුවෙල නාහෙත් බරවෙලා...හෙම්බා ශොට් එක (හෙම්බිරිස්සාව) හම්බෙන්නද දන්නෙ නෑ යන්නෙ ""

" එපා එපා බන්...මට හිටපු ගමන් මෙහෙම වෙනවා....ටිකකින් ඇරිලා යයි...මම නිදාගන්නව උබ පලයන්"

පවන් කතා කලේ මගේ හොදට

ඒත් මම හිටියෙ හිතේ කැකෑරෙන දුකෙන්

ඌ කතා කරන එකත් මට හෙන වදයක්...ඒක නිසා මම බැනලා ඌව පන්නගත්තා 

පව්න් යන වෙලාවෙම මුලු හොස්ටල් එකේම කොල්ලො බඩු පොදි ගහගෙන හොස්ටල් එකෙන් ගියා

ලොකූ කලබලයකට පස්සෙ හොස්ටල් එක නිස්කලන්ක උනා

මම හිතේ හැටියට මම ගැන හිත හිතා දුක් උනා

මාස කීපයක් උනත් අපේ සම්බන්දෙ ...මට දැනුනෙම කල්පයක් තර්ම් කල් එයාව දැනගෙන හිටියා වගේ

ඒත් එයාගෙ ඇත්ත පාට මට හිතාගන්න බැරි උනා

මිනිහා වෙලාවෙන් වෙලාවෙන් වෙලාවට උගෙ පාට වෙනස් කරනවා කටුස්සෙක් වගේ

ඔහොම මිනිහෙක් එක්ක ඉන්නෙ කොහොමද

දැන්ම මිනිහගෙ හැටි දැනගත්ත එක හොදයි

ආයෙනම් ඕක වගෙ උන්ට රැවටෙන්නෙ නෑ

ශික් මම වගේ මෝඩයෙක් කාටවත් ආදරේ නොකර මෙච්චර කල් ඉදලා කොහෙවත් යන තක්කඩියෙක්ට අහු උනා

තව ටික කලක් ඉවසගෙන ඉන්නතිබුනා

ඒත් කොහොමද දෙයියනේ යාගැන වැරදියට හිතන්නෙත්

,ආත් එක්ක ඉන්න හැම වෙලාවෙම මට ගොඩක් ආදරෙන් හියියනෙ

මම නොදැකපු අමුතු ලෝකයක් එයා පෙන්නුවනෙ

පෙනුම ලස්ස්න සල්ලි දක්ශතාවෙ ඔක්කොමම් තිබුනත් කිසි ආඩම්බරයක් නෑ

මම ගැන මේ තරම්ම හිතපු එයා එක පාරටම වෙනස් උනේ මම මොන පාපයක් කරාටද දෙයියනේ

ශිරාන් ගැන මිශ්‍ර හැගීම් මගෙ හිතේ දෝන්කාර දෙනවා 

එක වෙලාවක එයාගෙ වැරදි ගැන හිත හිතා අඩපු මම

තව වෙලාවක එයාගෙ හොද ගැන හිත හිතා වැලපුනා

දවල් වෙද්දි හොස්ටල් එක මහම මහ පාලුයි 

අමු සොහොනක් වගේ

එයාට කතා නොකර ඉවසන් හිටියෙ අමාරුවෙන්

අන්තිමේ මගේ මුරන්ඩු හැගීම් මටම එපා උනා

එයා කෝල් එකක් ගන්නෙ නැත්තම් මම වත් ගන්නව

සියපාරක් කෝල් කරත් එයා උත්තර දුන්නෙ නෑ

බෑරිම තැන එයාගෙ හොස්ටල් කාමරේට ගියා

ඒකෙත් වැඩි දෙනෙක් යන්න ගිහින්

ශිරාන්ගෙ රූම් එක ලගම රූම් එකේ ඉදපු ඩියර් අයියා කියුව

"මල්ලි සිරා උදේම ගියානෙ ගෙදර යන්න"

ඒ වචන මගෙ පපුවට ඇන ගැහුවා වගේ උනා

මේ තරම් වෙලා හිත ඇතුලෙන් හිතාගෙන හියියෙ මේක එයා කරන ගිහිලුවක් 

යන්න කලින් එක සැරයක් හරි මාව බලලා යයි

අන්තිම බලාපොරොත්තුවත් එයා මට නැති කරා

ආයෙනම් අපි අතර කිසිම සම්බන්දයක් නෑ

මම බඩු මලුත් උස්ස්ගෙන ගෙදරයන්න පිටත් උනා

බස් එකේදිත් දිගටම කරේ ඔලුව ගහගෙන අඩපු එකයි එයාට දිගටම කෝල් ගත්ත එකයි

අන්තිමට ෆෝන් එකේ බැට්‍රිත් බැහැලා ගියා

අම්ම මට කීප සැරයක් කෝල් ගත්තත් මම ගෙදර එනවා කියලා තිබ්බ

අම්මගෙ කොල් එකටවත් වැඩි වෙලා උත්තර දුන්නෙ නැත්තෙ ඒවෙලාවෙ ශිරාන් කතා කරොත් මග හැරෙන නිසා 

ගොම්මන් කලුවර අම්පාර වහගන්න හදද්දි

අම්ම්පාර වැවට රෝසපාට ඉ එලිය වැටිලා

සුදු පාට නිපෝන් සාම චෛත්‍යත් රෝස පාටයි 

වැවට උඩින් කරවැල් කොක්කු බිල් හෝන්ස් කුරුල්ලො සියක්කාරයො රන්චු පිටින් පියාබිනව

වෙනදනම් මේව දකිද්දි මගෙ හිත මගේ ගම ගැන ආදරෙන් පිබිදෙනව

ඒත් අදනම් ඒ සතුට තිබුනෙ නෑ

පටන ඩකු ඩුකු පාන් බාගෙ සීටීබී බස් එකෙන් ජන සවිය ගමට එන්න පිටත් උනා

මේ බස් එක මට ගෙදර වගේ

ගමට තිබ්බෙ බස් දෙකයි තුනයි

ගමේ හැමෝම කොන්දොස්තර ඩ්‍රයිවර් අදුරනව

මම ඉස්කෝලෙ ගියේ පන්ති ගියේ මේ බස් ලදරන් වල

ඒව මොන තරම් පරන උනත් අපි ඒ බස් වලට ආදරේ කරා

බස් එකේ යන හැමෝම අනෙක් අය අදුනන නිසා 

කවුරු කවුරුත් ආගිය තොරතුරු කතා කරනව

ගෙදරට ගෙනියන්න ගෙනාපු බූන්දි ලොම්ත පතුරු බෙදාගන්නව

කාලෙකින් දැකපු අයට විහිලු තහලු කරනවා

හිතේ දුකෙන් ගියත් මේ චාරිත්‍ර ඒ විදියටම කරන්න එපැයි

මොකද අපි පොඩි කාලෙත් මේ බස් එකේ ලොට ලොට යද්දි වැඩට ගිහින් එන නැන්දලා මාමලා පොඩි අපිට කන්න මොනව හරි දෙනවා

ම්මත් කොටුවෙන් බස් එකට නගිද්දි ලාබ ඇපල් දොඩම් මල්ලක් ගත්තෙ පොඩි ලමයි බස් එකේ හිටියොත් දෙන්න

අම්මට නම් ,උකුත් ගත්තෙ නෑ...එකක් මගේ අතේ සල්ලි නෑ දෙක...අපෙ අම්මට කිසිම දෙයක් අරන් ගිහින් සෑහීමක් නෑ

අයියො ඇයි මේවා ගත්තෙ ...මට මෙයින් එකක් තියෙනව...මේක මට පොඩී නැත්තන් ලොකුයි...සල්ලි වැසිනම් නිකන් වියදම් නොකර පොතක දාගන්න...දැම්ම නෙමෙයි ඔයා සල්ලි හම්බුකරන කාලෙක මට මොනව හරි ගේන්න....මට තෑගි නෙමෙයි ඕනෙ උබ ඉගනගෙන ලොකු මිනිහෙක් වෙනව දකින්න...මාව සතුටු කරන්න ඕනෙනම් සල්ලි දෙන්න එපා..හොදට ඉගනගනින් ...මට ඒ ඇති

ඔය වචන ටික අහගන්නෙ මොකටද ඒකයි මුකුත්ම ගත්තෙ නැත්තෙ

බස් එකේදි දැක්ක දන්න අදුනන මූනු එක්ක මූනිච්චාවට හිනාවෙලා කතා කරේ ඇත්තටම හිතේ සතුටක් තිබ්බ නිසා නෙමෙයි

නිකන් මූන එල්ලගෙන ගියොත් එක්කො මිනිස්සු හිතයි මට ලොකු කරදරයක් වෙලා කියලා...නැත්තන් හිතයි ම්ම කැම්පස් ගියාට පස්සෙ අඩම්බර වෙලා කියලා 

බස් එකේ වෙනදට වැඩිය මට ගරු සරුවක් තිබුනා

වාඩිවෙලා හිටපු කීප දෙනෙක්ම මට ශීට් එකත් දුන්නා ...මම එපා කියලා නැගිගිටලම ආවා

මට ඒ බස් ගමන එදානම් එපාම උනා ...මොකද මට ඕනෙ විදියට තනිවෙලා යන්න නෑනෙ

හොදටම කරුවල වෙලා ගුරුපාර දිගේ ඇවිත් දිග ගල් පොත්ත නගින්න උනා

මේ ගල් පොත්තෙන් එහා අපේ ගෙදර

මේ ක මග ඇරලා යනවනම් ගොඩක් දුර යන්න ඕනෙ ගෙදරට යන්න

දවල්ට මේ ගල් තලාව ගිනි කබල වගේ කකුල් රොටිවගේ පිච්චෙනව

මට මතක ඇති කාලෙ වෙනකන් අපෙ අම්මා ඔය ගල් පොත්ත ලගින් යහ්ද්දි මාව වඩන් යනව මගෙ පොඩි කකුල් පිච්චෙන නිසා

අපේ පොඩි ගෙදර ඉස්තෝප්පුවෙ වොට් 12 බාල ලයිට් එක දාලා

වෙනදනම් අම්මා මිටි තාප්පෙ උඩ වාඩිවෙලා මම එනකන් මග බලන් ඉන්නව

අද මම අම්මා එක්ක බස් එකෙදි නෝක්ක්කාඩුවෙන් කතාකරපු නිසාද මන්දා අද මන් එද්දි එයා ඉස්තෝප්පුවෙ නෑ

"අම්මේ...මන් ආවෝ"

මම කඩුල්ල ලග ඉදලම කෑ ගහගෙන ගෙදරට ආවෙ

හිතේ දුක අඩුවෙලා ගියා ගෙදර දැක්කම 

පරන පුරුදු විදියට ගෙදර කඩුල්ල ලග ඉදලම මම ඇදුම් ගැලෙවුවා

ශර්ට් එකයි බැනියමයි වැලේ

කලිසම් මිටි තාප්පෙ උඩ 

"කෝ අම්මෙ ඔයා මගෙ තුවායයි සරමයි ගේන්නා කෝ"

මම බෙරිහන් දුන්නා

අම්මා කුස්සියෙ උය උයා ඉදලා...උයන කොට ඇදුමෙ දැලි ගෑවෙනවට අදින පරන චීත්තෙ අත් පිහිද පිහිද අම්ම ආවෙ

"" අයියෝ ලමයො...පොඩි එකාවගෙ ඇදුම් ඔක්කොන ගලෝහෙනද ආවෙ""

""පොඩි ද ලොකු ද නෑනෙ හැමදාම මම් මෙහෙමනෙ ඇදුම් ගැලෙවුවෙ""

"ආආ....මේ සරම ඇදගන්නවා ...අනේ මන්දා ඉතින් කවද හැදෙයිද මෙයා""

"දාඩිය පිටින් හොද සරම අදින්නෙ මොකටද...සබන් කෑල්ලයි තුවායයි ගේන්න මම නාගෙනම එන්නම්"

"අපෝ...දරුවො ඔය යට ඇදුම් පිටින් ඇවිදින්න එපා ගේ ඇතුලෙ මේ තුවායවත් ඇදගනින්කො"

"ඇයි අම්මෙ මේ...ගෙදරට කවුරු හරි ඇවිල්ලද"

"ම්ම්ම්...උබම ගිහින් බලපන්කො අර මැටි වැඩ කෑල්ලෙ සකපෝරුව කරකවන්නෙ කවුද කියලා"

මැටි වැඩ කෑල්ල...ගේ පිටිපස්සෙ පොඩි මඩුවක්...ඒකෙ තමයි අපෙ අම්මා මල් පොච්චි ...වලන් පහන් හදන්නෙ 

"වෙලේ ගෙදර නැන්දා ආවද අම්මගෙ උදවුවට

අද රෑ වෙනකන් වැඩ කරන්නෙ ලොකු ඕඩරයක් හම්බුනාද?"

"ආඅ...උබම ගිහින් බලපන්...මේ තුවාය ඇදගනින්"

මම අදුරු මැටි වැඩ මඩුවය යද්දි ඒකෙ ඩිම් ලයිට් එකෙන්දැක්කෙ

අම්මගෙ සක පුවරුව කරකව කව උස තඩි මිනිහෙක් කලයක් හදනව

ඉන්න කෙනා හරියට පෙනුනෙ නැති නිසා මම ටෝච් එක මූනට ගැහුවා 

" ශිරාන්...තමුසෙ...

තමුසෙ කොවෙලේද ආවෙ""

මට පුදුමෙ වැඩි කමට වචන හොයාගන්නත් බැරි උනා 

ශිරාන් මාව ගනන් නොගෙන කැරකෙන සකපුවරුව උඩ තියාපු වලද ගැනම හිත යොමුකරන් මැටි ගොඩට හැඩයක් දෙන්න හදනව

"අම්මෙ මෙයා කොයිවෙලේද ආවෙ...ඔය හරි කෙනෙක් නෙ මට නිකමටවත් කියුවෙ නෑනෙ..මෙයා ගෙදර ඇවිත් ඉන්න බව"

" කීපාරක් කියන්න හැදුවද...උබලගෙ ඔය ෆෝ න් කොට වැඩ කරන්නෙ නෑ නොවැ...මේ ලමය උබ අදුනනවනෙ...

හවස ආවෙ ගෙදර ...උබේ යාලුවෙක් කියුවා...උබ එක්ක එකට කතික තරගෙකට ගිහින් ගත්තු ෆොටෝ වගේකුත් පෙන්නුවා...කැම්පස් එකේ අභ්‍යසෙකට මැටි වැඩ ඉදන ගන්න ඕ නෙ නිසා ආව කියුවා...උබ විශ්ව විද්‍යලෙ වැඩ වහයක් කරන් රෑ වෙලා එයි කියුවා"

"අම්මත් හරි වැඩ කරන්නෙ

මගෙන් නාහ මෙහෙම මිනිස්සු ගෙට ගන්නවද"

"උබෙන් අහන්න නෙ කීප සැරයක්ම කෝල් කරේ

උබ එනකන් මට මේ ළමයව එලියෙන් තියන්නත් බෑ

ඒක නිසා මැටි වැඩ පලට එක්කගෙන ගියා

මම් හදන හැරි බලන් ඔය වලද හදන්න ගත්තෙ

...උබ ඔය තරම්දගලන්නෙ මේ ළමය උබේ යාලුවෙක් නෙමෙයිද?"

"නෑ නෑ..අම්මෙ ...මේ මගේ හොදම යාලුව

මට නොකියම ම්හේ ඇවිත් ඒකයි මම පුදුම උනේ"

"'එහ්ස්නම් උබ ඒ ලමයත් එක්ක කතා කර කර ඉදපන් 

මම තේ ඩින්ගක් වක්කරන්නම් 

රෑට කන්නත් උයන්න එපැයි"

අම්මා කුස්සියට යද්දි මම ශිරාන් ලගට ගියා 

"ඉවරද අම්මගෙයි පුතාගෙයි හතරකන් මන්ත්‍රනය"

"ඉවරයි...ඉවරයි

මොනව්ද ඕයි තමුසෙ කරන මේ වැඩ ..මගෙ පන්ත් ය්නව තා ඩින්ගෙන්"

"මොකද්ද ඕකෙ ඔය තරම් නැහෙන්න තියෙන්නෙ"

"නිකමට කියන්න තිබ්බ එනව කියන එක...මම කොයිතරම් දුක් උනාද...තමුසෙලගෙ හොස්ටල් එකටත් ගියා ""

මට ඇඩෙන්න වගේ කියවුනා...මට එයාව අල්ලගෙන බදාගන්න හිතුනා

"හෝවූ හෝවූ...මේ අල්ලගෙන බදාගෙන දගලලා මගෙ නැන්දම්මගෙ ටිකට් එක කුඩුකරන්න එපා..ගෙදර ආවගමන් ...පැත්තකට වෙලා ඩීසන් පිට කතා කරනව...අඩලා දොඩලා...නිකන් සැක සන්කා ඇති කරන්න එපා

එනි වේ...ඔය තුවායට තමුසෙ හරිම ලස්ස්නයි

කැම්පස් එකේ උනානම් බිම දාගෙන උක් ..කනවා"

" පිස්සෙක් ඕයි තමුසෙ...මාටත් පිස්සු හදවනවා

දැන් කොහොමද යන්නෙ....අද ඉදල හෙට යනවා"

"යන්න...කොහෙ යන්නද...මේ මගෙ හස්බන්ඩ්ගෙ ගෙදරනෙ....

නිවාඩුව ඉවරවෙනකන්ම මෙහෙ තමයි ඉන්නෙ"

"මෙහෙ ඉන්න...මාසයක්..."

"ඇයි තියාගන්න බැරිද...බැරිනම් කෙලින් කියනව"

""නෑ නෑ...එහෙම දෙයක් නෙමෙයි....ඒත් ඔයාලගෙ අම්මලා කැමතිවෙයිද මෙහෙම පිට ඉන්නවට""

"අයි ඇම් නොට් අ මමස් බෝයි...අයි ඇම් ෆුලි ග්‍රෝන් මෑන්

අයි හැවු ෆ්‍රීඩම් ටු ටේක් එනි ඩිසිශන් රිගාඩින් මී""

'ආආ...එහෙනම් අවුලක් නෑ....මම අපේ අම්මට කියන්නම්

දැන් ඔය කලේ කැරකැවුව ඇති වැඩිය කැර කැවුවම කලේ තුනී වෙලා හිල් හැදෙනව

ඕක හීන් සැරේ අතට අරන් ඔය පැතලි පත්තෙන් ගහලා පහල හරිය ලෙවල් කරනවා""

"ආඅ....ඔයාටත් පුලුවන්ද මැටි වැඩ"

"'ඔවූ මම් මැට්ටෙන් හැදුන කොල්ලෙක් ....අදටත් කාල ඇදලා ඉන්නෙ සකපෝරුවෙ කැරකෙන මැටි ගුලි නිසා"

"සොරි ...මම් අපහාස කරන්න කියුවෙ නෑ

මේක ..ලස්සන කලාවක්"

"ආඅ..මට ඒක අපහාසයක් නෙමෙයි ගෞරවයක්

මැටි ඇමති කෙනෙක් ඉන්න රටේ මැටි කොල්ලෙක් වෙන එකත් නම්බුයි

ආන්ඩුවෙන් වෙනමම මැටි ඇමති කෙනෙක් දැම්ම එකෙන්ම පේනව මැටි ලන්කාවට මොනතරම් වැදගත්ද කියන එක"

"සාෂා.....තේ ලෑස්තී...අරන් යන්න..ඔය ලමයටත් එක්ක"

"ගෙදරට කියන්නෙත් සාෂා කියලද?"

"ඔවූ ඒක තාත්තා මට දාපු නික් නේම් එක

ඇනා කැරනිනා පොතේ තියෙන රශියන් නමක්"

අම්මා කෑගහපු නිසා මම කුස්සියට ගියේ ශිරාන්ට ඇහැක් ගහගෙන

එයා අතේ තිබ්බ පදම් කල මැටි ගුලියක් මගේ පිටේ ඇලෙන්න ගැහුවා

මම ඒකෙන් ආයෙම එයාට ගහලා ගෙට දිවුවා

"උබ ඒ ලමය මෙහෙ එන බව දැනගෙන හිටියෙ නැද්ද?"

""නෑ නෙ අම්මෙ...මෙහෙ එන්න ඕනෙ කියුවට අද හෙටම් එයි කියලා හිතුවෙ නෑ""

"දැන් ඒ ලමයා කොහේ කෙනෙක්ද..අම්ම තාත්තා මොකද කරන්නෙ...ඒ ගෙහරින් දන්නවද මෙහෙ ආව බව"

අම්මා මේ ගැන ඇහුවමයි මටත් හිතුනෙ මම ශිරාන්ගෙ පවුල ගැන කිසි දෙයක් දන්නෙ නෑනෙ

" එයාලකොලබමයි....එයාගෙ අම්මලා මෙහෙ එනබව දන්නවා"

මම කට්ට ආපු බොරුවක් කියුව...අම්මට මගේ නොදන්න කම පෙන්වන්න ගියේ නෑ

"අම්මෙ....ශිරාන් ඇවිත් ඉන්නෙ ටික කලක් ඉන්න

එයා ප්‍රොජෙක්ට් එකක් කරනව ලන්කාවෙ කුබල් කර්මාන්තය

ඒකට ප්‍රැක්ටිකල් පුහුනුවක් ගන්න ඕනෙලු

අපිට කරදරයක් වෙන එකක් නැද්ද එයා ඉන්න එක"

"මාසයක් ඉදීවිද....ඒ ලමයගෙ දෙමවුපියො වත් අපිට කතා කලේ නෑනෙ

මම නම් කැමති නෑ ගෙවල් වල මහ මිනිස්සු නොදැන අනුන්ගෙ ලමයි ගෙදර තියාගන්න"

" අම්මෙ එයාට සල්ලි තියෙනව...කෑම වලට එහෙම් වියදන් දෙයි"

"ආආ...සල්ලි දෙනවනම් කොහොමත් තියාගන්න බෑ

මේ ගෙදර බෝඩින් දෙන්නෙ නෑනෙ

අපි කන විදියට කාල ඉන්නවනම් තව හාල් හුන්ඩුවක් වැඩිපුර බත් තියන එකනෙ තියෙන්නෙ

මම කියන්නෙ වියදම් ගැන නෙමෙයි ...මේ ලමයගෙ දෙමවුපියො නොදැන මෙහෙ තියන් ඉදලා මොනව හරි උනොත් අපි එපැයි වග කියන්න"

" අයියෝ අම්මෙ...ශිරාන් පොඩි එකෙක් නෙමෙයිනේ....අම්මලගෙ අවසර අරන් එන්න"

" නෑ නෑ...මේකෙ දෙකක් නෑ...ඒ ලමයගෙ දෙමවුපියන්ට කියන්න කතා කරන්න කියලා ....නැත්තම් හෙටම ගෙදර යවමු"

අම්මා මුරන්ඩුය ...ස්තිර ස්වරයෙන් කියුවොත් ඒක වෙනස් නොකරයි. 

ඒක නිසා මම කර බාගෙන තේ දෙකත් අරගෙන ආවා

"මේ...මම මෙහෙ ආව එකට සතුටු නැද්ද?"

"නැ නෑ එහම එකක් නෑ

දැන් ඔය අබ්බගාත කලේ පැත්තකට විසි කරලා මේ තේ එක බොන්න

ඔය හොද ඇදුම් වල මැටි ගෑවිලානෙ"

"මම මෙහෙ ආව එක ට අම්ම මුකුත් කියුවද...ඔයා අවුලෙන් ඉන්නෙ"

""නෑ ඒක නෙමෙයි....

කොහොමත් අපේ ගෙදර අමුත්තො එන තැනක් නෙමෙයි

අම්මට මැටි ට්‍රැක්ටරයක් ගේන විජේ මාමයි ...ඒ මාමගෙ නැන්දයි

අම්මට ලොකු ඕඩරයක් ආවම උදවුවට එන නැන්දලා දෙන්නෙක් විතරයි අවුරුද්දට උනත් අපේ ගෙදර එන්නෙ

ආආ...තව අපෙන් මැටි බඩු ගන්න මුදලාලිලා කීපදෙනෙක් ඉන්නව එයාලට බඩු පොලට හරි ටවුමට හරි ගෙනිහින් දෙනවා ඒක නිසා ඒ අය එක්කත් අපෙ හිතවත් කමක් නෑ""

"එතකොට අම්මගෙ තාත්තගෙ නෑදෑයො"

" එහෙම අය අපිට නෑ...මම ඒ විස්තර පස්සෙ කියන්නම්

දැන් ඕක නිවෙන්න කලින් බීල යමන් වොශ් එකක් දාගන්න"

මගේ ඇත්තටම කියුවොත් මගේ කාමරේ හරිම දුප්පත්

යාන්තමට මට නිදියන්න විතරක් ඇතිවෙන තරමෙ පරන ඇදකට කොහු ගල් උන මෙට්ටයක් දාලා තිබුනෙ

අපේ අම්මා කැලෙන් වල් පුලුන් එකතු කරලා හදපු කොට්ටෙනම් හරි සනීපයි

ඒත් ඒකට ලස්ස්න ලස්ස්න කවර දාලා නෑ අම්ම අතින් මහපු තනිපාට කොට්ට කවර දාලා තිබුනෙ

මගේ කාමරේ පොඩී දුප්පත් උනාට මට ඒකට කෙනෙක් එක්ක යන්නනම් ලැජ්ජා නෑ

මොකද තියෙන සීමිත සම්පත් වලින් මම උපරිම ප්‍රයෝජන අරගත්තා

බැලු බැල්මට ඒක හරිම් පිලිවලයි

මම නැති උනත් අපේ අම්ම ඒ තරමටම පිලිවලට කාමරේ තියාගෙන ඉන්නව

පොඩි ඇදු කබඩ් එකේ ඇදුම් ඔක්කොම පොල් කටු ස්තිරික්කෙන් මැදලා නවලා දාලා තිබුනෙ...ශර්ට් කලිසම් කමීස වෙන වෙනම

ඒ කට අම්ම සැවැන්න මුල් කපුරු බෝල වේලපු සම්න් පිච්ච් ගොටු කොල දාලා පොට්ටනි හදලා කබඩ් එකට දාල තිබුනෙ...ඒ නිසා ඇදුම් සුවදයි...ඇදුම් කබඩ් එකට සත්තු වහන්නෙත් නෑ

කතික තරග නාට්‍ය තරග වලින් දිනපු සම්මාන රාක්ක කීපයක් තිබුනා

ඒ ජයග්‍රහන සිහිවෙන්න ඉස්කෝලෙන් හදලා දීපු ලොකු ෆොටෝ ටික බිත්තියෙ එල්ලලා

එක මුල්ලක මම පොඩි කාලෙ ඉදලා එකතු කරපු පොත් තිබුන රාක්කයක් තිබ්බා

ඒක දැකපු ඕනෙ කෙනෙක් හිතනව මම හොදට කියවන කෙනෙක් කියල

ඔවූ එහෙම තමයි...කෑමක් දැක්කම ආස හිතෙනවට වඩා මට පොතක් දැක්කම කට්ට කෙල උනනවා

විශය මොකද්ද අදාල නෑ මම කියවනව

ඒ දවස් වල මට ලමයි කියුවෙ පොත් ගුල්ලා කියලා

මොකද මම සෙනග පිරුන බස් එකේ තනි අතින් එල්ලීගෙන පොත් කියවනව

ඉන්ටර්වල් එකේ ඔලුව ගහගෙන කෑම එක කාල ඉවර වෙනකන් පොත් කියවනව

මේ පොත් ගොඩක් තියෙන්නෙ මමගනිපුව නෙමෙයි

ඕව ගන්න අපිට සල්ලි තිබ්බෙත් නෑ

මේවයෙන් වැඩි හරියක් ගුරුවරු යාලුවො පන්සලේ හාමුදුරුවො තව දන්න අදුනන අය අරන් දීපුව

ආඅ...ටිකක් තියෙනව මම හොරකන් කරපුවත්

වෙන දේවල් නම් කවදාවත් හොරකන් කරලා නෑ...එත් පොත් නම් හොරකන් කරල තියෙනව

පොත් ප්‍රදර්ශන ඉස්කෝලෙට එද්දි මම පොඩි පොඩි වෙඩ කරල හරි අම්මට උඩව් වෙලා කේය කේය හරි එකතු කරගන්නව

ඒත් එ සල්ලි මදි මම ආස පොත් ඔක්කොම ගන්න

වානේ පන්නරේ ලබපු හෙටි ප්ත කීප සෙරයක් අතට අරන් හොරෙන් බල බල ඉදලා පොත් ප්‍රදර්ශනේ මිනිස්සුන්ගෙ අවදානය ගිලිහුන වෙලාවක අතේ තිබුන බෑග් එකට පොත ඔබාගෙන ඩිවුවා

එක අතකින් පොත ගත්ත එක ගෙන සතුටුයි අනික් අතින් එ පොත දකින  හෙම දාම මට මම ගෙන ලෙජ්ජයි....මම හොර කමකුත් කරපු මිනිහෙක් 

ශිරානයට ඉන්න දෙන්නෙ කොහෙද....

මගේ ඇදේනම් එයාගෙ ඇගෙන් බාගයක් විතර පටවන්න පුලුවන් ඉතිරිය එලියෙ

කරන්න දෙයක් නෑ ඒකට ...මේක විතරනෙ දෙන්න තියෙන්නෙ

එයා ඇදුම් ගෙනල්ලනම් හොදයි...මගේ ඇදුම් අදින්න බෑනෙ ...සරොන් නම් දෙන්න පුලුවන් 

බෑග් එක තියන්න පොත් මේසෙ ලග තිබ්බ වැල් කැඩුන පුටුවට ලෑල්ලක් දාලා දෙන්න පුලුවන්

ශිරානට පිස්සුද මන්ද උන්ගෙ ගෙදර ගිහින් සැපට ඉන්නෙ නැතුව මෙතැන දුක්විදින්න ආවෙ 

මම ඔලුව කහ කහ මගේ පරන තුවාය හොයන ගමන් කල්පනා කරා ශිරාන්ට දෙන්න 

"සාෂා ...මෙන්න ...අපේ අම්ම ඉන්නව ලයින් එකේ කතා කරපන්"

ශිරාන් මට ෆෝන් එක දික්කරන් ඇවිත් දුන්නා 

"ඇයි ඕයි මම මොනව කියන්නද" ෆෝන් එක අතින් වහන් මම ශිරාන්ට රවලා ඇහුවා

"ඇයි උබලගෙ අම්මට ඕනෙ කියුවෙ අපෙ අම්මගෙන් මම පර්මිශන් අරන්ද ආවෙ කියන එක දැනගන්න"

"බූරුවො ඒක මට දැනගන්න ඕනෙ එකක් නෙමෙයි..අපෙ අම්මට දැනගන්න ඕනෙ දෙයක් නේ"

"එහෙනම් ෆෝන් එක ගෙනිහින් උබලගෙ අම්මට දීපන් "

මම කුස්සියට දුවලා ගිහින් 

"මේන් මේන් ශිරාන්ගෙ අම්මා කතා කර්නාව අයියෝ මොනව හරි කියන්නකො"

මම ෆෝන් එක අම්මගෙ අතට දුන්නා

" මම් මොනව කියන්නද,...උබම කතා කරපන්"

අපේ අම්මා කුලෑටියි...විශේශයෙන් අමුත්තන් ඉදිරියේ බයාදුයි

""අනේ මේ ඔයානෙ..දැන් ශිර්සනයගෙ පැටිකිරිය හොයලා මිස ගේ ඇතුලට වද්දගන්නෙ නෑ කියුවෙ දැන් ඔයාම කතා කරගන්න""

අපෙ අම්ම බයෙන් බයෙන් හාහා...හලෝ කියුවා

"හෙලෝඕවූ...ඉස් දිස් සරෝෂ් පුතා"

"ආආ...ඕඕඔ..හාආස්" අම්මගෙ ඇස් උඩ ගිහින් 

"ඇම් අයි ටෝකින් ටො රෝන්ග් නුම්බර්"

""ආඅස්...ඕපෝ...මේ සරෝෂ්ගෙ අම්ම කතා කරන්නෙ...ඔය ශිරාන් පුතාගෙ අම්ම වෙන්න ඇති නේද?"

"ඕඔ...යෙස්....මිසිස්...අප් ශිරාන් ...ඔයාගෙ ප්ලේස් එකට ආව කීවානේ...ඇක්ටුවලී මයි සින්හල...දැට් මච් හොද නෑ...සොරි ෆොර් දැට්

ෆොර්ගෙට් ඉට්...අයි වොන තෑන්ක් ටු ටේක් කෙයා ශිරාන්..."

" ආආඅ....ඕඔ...හරි හරි...යාස් යාස්" (පොඩි පුතේ මේක ගන්නවා...) අම්මා බැරිම තැන ෆෝන් එක අතින් වහගෙන කෑගැහුවා

මම ෆෝන් එක අරගෙන ශිරාන්ගෙ අම්ම එක්ක කතා කරා

එයා ගෙ අම්ම ටිකක් විතර ලන්සි වගේ වෙන්න ඇති ...හරිම අමාරුවෙන් සින්හල කතා කලේ ...ඉන්ග්‍රීසි වැඩි පුර කියපු නිසා මමත් යර්ස් නෝ වලින් ම උත්තර දුන්නා

ඇන්ටි ෆෝන් එක තියපු ගමන් අපේඅම්ම මම දිහා බලලා බක බක ගාලා 

හිනා උනා

"මොකද්ද බන් ඒ අපි දෙන්න අහුවෙන්න ගිය අශ්ව කෝච්චිය"

"මුකුත් නෑනෙ ...අපිට ඉන්ග්‍රීසි බෑ වගේ ඒ ඇන්ටිට සින්හල බෑ ...ඔයා මේ අවතාරයක් දැකලා වගෙ බය උනානෙ අම්මෙ ...මටත් ලැජ්ජයි"

"අනේ මේ උබේ ලැජ්ජාව...ඔය තරම් ඉන්ග්‍රීසි ඉගන ගන්න උබ...තාරාව වගේ යා යා...බබාබබ...ගගා කෙකර ගැවා විතරනෙ...මම හිතුව උබ ඉන්ග්‍රීසියෙන් අලි ඩෝන් පත්තු කරලා...අකාසත් ගහල මල් වෙඩිත් පත්තු කරයි කියලා "

"මේ හරි හරි ...ශිරාන්ට මෙහෙ ඉන්න පුලුවන්ද?"

"ඕවු ඉතිම් ඒ ලමයගෙ ලොකු වරදකුත් නෑ...අනෙක ඒ ලමය හොද පවුලක හැදිච්ච දරුවෙක්නේ"

"පුහූ...ඉන්ග්‍රීසියෙන් කතා කරාම මෙයා ....ශිරාන්ව හොද පවුලක හැදිච්ච දරුවෙක් විදියට බෞතීසිම කරලා....ඉන්ග්‍රීසි කියවන ලොකු පවුල්වල උන් තමයි වැඩිපුරම බලු වැඩ කරන්නෙ""

"අනේ සාෂො....උබ මට උගන්වන්න එපා...මට ඉහ නිකට බැලුවම මිනිහෙක්ගෙ හොද නරක කියන්න පුලුවන්

ශිරාන් දරුවා ඒ තරම් නරක ලමයෙක් නෙමෙයි"

(ආආ...දැන් නැද්දම්ටත් බෑන පොඩ්ඩ හොද වෙලානේ) මම එහෙම හිතුවට කියුවෙ නෑ

මොනව උනත් අපේ අම්මා ශිරාන්ට කැමති උන එක ලොකු දෙයක්

ඒත් අපි දෙන්න ගේ කපල් එකක් කියන එක දැන ගත්තට පස්සෙ අපේ අම්මගෙ ප්‍රතිචාර මොන වගේ වෙයිද .... 

මට ඒ ගැන හරි බයයි 

Continue Reading

You'll Also Like

401K 52K 133
စာရေးသူ : ချင်းဟွားရန် အမျိုးအစား : Adventure, comedy, romance ,xuanhuan, psychological I own nothing.Just translating. Both unicode and zawgyi. #Not...
859K 54K 26
မြို့အုပ်မင်းကိုမှ ချစ်မိသွားတဲ့ ဓားပြခေါင်းဆောင်ကြီး🤓 ၿမိဳ႔အုပ္မင္းကိုမွ ခ်စ္မိသြားတဲ့ ဓားျပေခါင္းေဆာင္ႀကီး🤓 1950 BL (Time travel) Unicode an...
625K 60K 88
ရုန်းမထွက်ချင်မိတဲ့ မျက်ဝန်းသေတွေ၊ လှုပ်ရုံမျှပြောသည့် နီဆွေးဆွေးနှုတ်ခမ်းလေးနှင့်အတူ ထွက်ပေါ်လာသော နွေးထွေးနူးညံ့သံ။ မမလွမ်းကို တွယ်တာမိတဲ့ခဏတာမှာ ဖ...
203K 34.4K 93
I am the father of villain Author Lin Ang Si ရဲ့ novel လေးပါ ???? All credit to Original author and E-Translators .