case කේස්

By ShiranSuneth

82.9K 13.9K 571

කුතුහලය ත්‍රාශය භීතිය ඇතුලට ෆන් ඇන්ඩ් ලවු මික්ස් උන ජොලි කතාවක්. කියවලම බලන්න. ආදරනීය නීති ශිෂ්‍යන් දෙදෙනෙක්... More

Ep 1
ep 2
Ep 3
ep 4
ep 5
ep 6
ep 7
ep 8
ep 9
ep 10
ep 11
ep 12
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep 29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
Ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
Ep 63
Ep 64
Ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
Final Episode

ep 13

1.3K 226 12
By ShiranSuneth

ශිරාන්ගෙ තරගෙ නම් මට බාගෙට බාගයක් තේරුනේ නෑ

විපක්ෂ නායකගෙ ඉන්ග්‍රීසි ලියුම වගේ

ජීවිතේට අහපු නැති කියන්න යද්දි හක්ක උලුක් වෙලා දිවත් දොට්ට පනින බරපතල කඩු කිනිසි බොහොමයි 

සින්හල කතාවල මැද්දට කතාවෙ බර වැඩි කරන්න පාලි ගාථා ශ්ලොක කෑලි දානව වගේ 

ඉන්ග්‍රීසි කතාවල භාෂා පරිචය පෙන්වන්න ලතින් ප්‍රන්ශ ඉටලි වගේ භාෂාවල ගැබුරු කොටස් දානව එහෙන් මෙහෙන්

ඒක නිසා සාමාන්‍ය ඉන්ග්‍රීසි දැනුමක් තියෙන කෙනෙක්ටනම් මුන්ගෙ කතා ලන්සි කුනුහරුපවගේ

ඒත් වවුලගෙ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනි නේ

මමත් නොදන්න වග නොපෙන්වා ...සභාවෙ අනික් උන් හිනාවෙන වෙලාවට හිනාවෙනව...අනික් උන් සූව දාන වෙලවට සූව දානව...අනික් උනත්පුඩි ගහන වෙලාවට අත්පුඩි ගහනව

මම පන බයේ හියියෙ .......හැක හැක ගාලා හිනා වෙද්දි ලග ඉන්න කවුරු හරි ඇයි හිනාවෙන්නෙ කියල ඇහුවොත් මොනව කියන්නද කියන එක ගැන

ඇමරිකන් චිත්‍රපටි කාටූන් බලද්දිත් හැමදාම කරේ ඒකනෙ...පසු තලයෙන් හිනාවෙන සද්ද ඇහෙද්දි මෙලෝ මලදානයක් නොතේරුනත් උඩ පැන පැන අපි හිනාවෙනවා

මේකප් තට්ටු පිටින් උලාගත්ත පොශ් කෙල්ලො ඇවිත් මැශින් තුවක්කු වලින් වෙඩි තියනව වගේ ඉන්ග්‍රීසි වනාගෙන වනාගෙන ගියා

කලින් එකාට වඩා පස්සෙ ආව එකා හොදයිද නරකයිද කියගන්න බැරි තරම් ඔක්කොම හොදයි ..මට හිතුනා

ඒවගේම මම මෙලෝකයක් තේරෙන්නෙ නැති බොට්ටයෙක් වගෙත් දැනුනා

මේ හැගීමම උබලට දැනිලා ඇති...ඉන්ග්‍රීසි බැරි උනත් හොදට ඉන්ග්‍රීසි පුලුවන් යලුවො එක්ක එකට වාඩි වෙලා ඉන්න උනාම දැනෙන විදිය

ශිරාන් ඇතුලු කතිකයන් වෙදිකාවෙ වාඩිවෙලා හිටපු නිසා මට උඩබිම බල බල ශාලාවෙ වාඩිවෙලා ඉන්න උනා

ශිරාන් එයාගෙ තරගයට තදින්ම ප්‍රවිශ්ඨ්වෙලා

ඉස්සර රැග් කාලෙ එයාගෙ මූනෙදි දැක්ක බැරෑරුම් පෙනුම ආයෙ ආරූඩවෙලා තිබුන

වටේ ඉන්න කිසි කෙනෙක් අදාල නෑ වගෙ ගතියකින් එයා හිටියෙ

සැරින් සැරේ එයාගෙ හකු ඇට තදවෙන හැටි මම බලන් හිටියා

නිකටට තට්ටු දදා ඉදලා ...කතිකයෙක් කතාවෙ වැදගත් දෙයක් කියවුනොත් ශිරාන් ඒක එයාගෙ ස්මාට් පෙන් එකෙන් ටැබ් එකේ ලියාගන්නව පෙනුනා 

ශලාවෙ හිටිය කෙල්ලො වැඩි දෙනෙක් ශිරාන්ගෙ දිහාවටම ඇස් අලවගෙන හිටපු නිසා ශිරාන්ට මුකුත් කරන්න බෑ මාව හිනා ගස්සන්න

ඒත් අපේ ඇස් මුන ගැහුන කීප සැරේකම එයා මට ඇස් ගැහුවා

ඔය අල්ලපනල්ලෙ ඉ න්ග්‍රීසි කපුටියෙක් ඇවිත් මගෙ පුටුවට එහා පැත්තෙ වැහුවා

නිකම්ම වහලා හිටියනම් වශයක් නෑ

සැරෙන් සැරේ ඉන්ග්‍රීසියෙන් මගෙන් ප්‍රශ්න අහනව

අහන ප්‍රශ්නෙ මට හොදට තේරෙනව

දෙන්න ඕනෙ උත්තරෙත් හිතේ පැහැදිලිවම තියෙනව

ඒත් ඒක ඉන්ග්‍රීසියෙන් කියන්න යහ්ඩ්දි දිව පැටලෙනව

යය යය යෙස් නො නො ...ම්ම්ම් ආඅ...වගෙ සද්ද ටිකකුයි ගොතය්qකු විතරයි එලියට එන්නෙ

හොදටම දන්න වචනත් අමතක වෙනව 

ශැක් නොගැලපෙන තැනකට ආවම විදවන්න වෙන හැටි

ශිරානය කතා කරේ නැති නිසා ...ඌ කතාකරන එක බලන්නම එපැයි

හොදවෙලාවට මම ලග හිටපු ඉන්ග්‍රීසි කපුටි ඒක පාර්ශ්වික සාකච්චාවකට කැමති කෙනෙක්

මම කියන උත්තරේ මොකක් උනත් එයා දිගටම කතා කරගෙන යනව 

"පර්ඩන් මී...කුඩ් යූ ශට් අප්....නෙක්ස්ට් මයි ෆ්‍රෙඩ්...අයි වෝන්ට් ලිස්ට්න් ටු හිම්"

විනාඩි ගානක් අමාරුවෙන් හිතේ පෙලගස්ස ගත්ත වචන ටික ගොත ගහගහ ලග ඉන්න එකීගෙ මූනටම කියුව...ඒක ඒතරම් ආචාරශීලී දෙයක් නොවුනත්

"ඕ රියලි ඉස් දිස් හැන්ඩි ගායි බීන් යුර් ෆ්‍රෙන්ඩ්...ටෙල් මී අ ලිට්ල් බිට් අබවුට් හිම්""

අයියෝ ...මේකනම් මල..උ.ට්ට.ක් උනානෙ මම ඉන්ග්‍රීසි කියන කපුටිට බම්බු ගහගන්න කියලා ඒකිත් පෙල්ලගෙන ඉස්සරහ පේලියකට ගියා

ශිරාන් හිතන්න ඇති මම එයාගෙ කතාව හොදට අහගන්න ඕනෙ නිසා ඉදිරි පෙල අසුනකට ආව කියලා 

"හයි...මෑන්...අයි සෝ යූ ඉන් සින්හල මීඩියම් කම්පිටිශන්....යූ ඩිඩි ෆැන්ටෑස්ටික් ජොබ්....වෙයාර් ආ යූ කම් ෆ්‍රොම්"

ආච්චිට හාල් ගරන්න මට කොතෙන්ට ගියත් ගැලවිල්ලක් නෑනෙ

මම වාඩි උන තැනම හිටපු පේරාදෙණියෙ ලෙක්චරර් කෙනෙක් මාත් එක්ක කුටු කුටු ගාන්න ගත්ත

මට තේරුනා 

වරද මේ මිනිස්සුන්ගෙ නෙමෙයි

මගෙ දුර්වල කඩ්ඩෙයි 

අනාගත ලෝකෙදි මට ඉන්ග්‍රීසි වලින් පැනලා යන්න බෑ

ඉන්ග්‍රීසි කියන්නෙ හතුරෙක් කියන එක අමතක කරලා

මමත් මුන් වගේ සටපට ගාල ඉන්ග්‍රීසි විදින්න පුරුදුවෙන්න ඕනෙ

එන්ගලන්තෙ මෝයයි හිගන්නොයිත් ඉන්ග්‍රීසි කතා ලරනවනම් මට ඔය ලමඩම ඉගන ගන්න බැරිවෙන්නෙ නෑනෙ මම තනියෙම හිතුවා

මම හිත හිත ඉන්න එකට බාදා උනේ ශිරාන්ගෙ කතාව පටන් ගත්තු නිසා

මම මොනව කියුවත් ශිරාන්ට පිස්සු හැදෙන පර්සනල්ටියක් තියෙනව

එයා කතා කරන්න ගත්ත වෙලාවෙ ඉදලා ශාලාව පුරා අමුතු කරන්ට් එකක් යනව වගේ

එයා පවර් හවුස් එකක්

කතා කරද්දි මම වගේ දගලන්නෙ නෑ...කෑගහන්නෙ නෑ...මූනෙන් ගොඩක් ඇක්ශන් දාන්නෙ නෑ

එත් හිත වශී කරන ගැබුරු කට හඩින් එයා මිනිස්සුන්ව පිස්සු වට්ටනව

හෙමින් වේදිකාවෙ දෙපැත්තට ඇවිඩ්බින ගමන් 

ලාවට්ට ඔලුව අඩවන් කරලා ඇග සීතලවෙන තරම් ලස්ස්න පොඩි හිනාවක් එක්ක අමුතුම ලුක් එකක් දානව

කතාව ඉවර වෙද්දි විවාදයක් නැතුවම ශිරාන් එයාගෙ නමට ඉස්සරහින් බෙස්ට් ස්පීකර් සම්මනයට සීල් තියලා තිබුනා

ඒ ඇති උන ශොක් එක නිසා ද මන්දා පස්සෙ කතාකරපු උන්ගෙ කතා ඔක්කොම බලු කෙදිරිවගේ දැනුනෙ

එහෙම නැත්තන් අපි පස්සෙ අයගෙ කතා සසදන්නෙ ශිරාන් බෙන්ච් මාක් එකක් වගේ තියාගෙනනේ....ඒක නිසා ඒ අය දක්ශ නෑ වගේ දැනෙනවද මන්දා

තරගෙ ඉවර වෙලා ගොඩක් වෙලා ගියා ශිරාන්ට මගේ ලගට එන්න

මොකද ශාලාවෙ හිටිය හැම දෙනාටම ඕනෙ උනා එයාට සුබ පතන්න එයා එක්ක කත කරන්න...විශේශයෙන් ගැහැනුලමයින්ගෙන් නම් එයාට ගැලවිල්ලක් තිබුනෙම නෑ

අර ටයි එක දාපු කෙල්ලත් ශිරාන්ට සුබ පතල ටයි එක ඇදවෙලා කියලා ඒක හැදුව

ඒකි දන්නෙ නෑ දැන් තියෙනෙ ඒකි දාපු ගැටේ නෙමෙයි...මම දාපු ගැටේ

තව සුලුවෙලාවකින් සම්මන උත්සවේ 

ඉන්ග්‍රීසි මාද්‍ය සම්මානෙ ශිරාන් ගනිද්දි....මම සින්හල මාද්‍ය සම්මානෙ අරගත්තා

අපි දෙන්නම තියලා හැම අතට ෆොටෝ ගත්තා සන්විදායක මන්ඩලේ

ඕව දැන් එෆ් බී පේජ් වල ගියාම අපේ කැම්පස් එකේ උන් ...ඒකෙන් අවුට් උන අයගෙන් එක දිගට වොශ් කරලා මැසේජ් කෝල් එන්න ගනී

ඒත් ශිරාන්ට එ ජයග්‍රහනය ලොකු දෙයක් නෙවෙයි වගේ....එයාගෙ සම්මනෙත් ගෙනත් මගේ බෑග් එකටම දැම්ම

මම් බෑග් එක කරේ දාගෙන යද්දි සම්මන දෙක සිලින් බිලින් ගාලා එකට හැපුනා

"ශිරාන් අයියෙ...දුවල යමන් බස් එකක් අල්ලගමු නැත්තන් කැම්පස් එකට යන්න ලේට් වෙයි"

ශිරාන්ට් යන්න උවමනාවක් නැතුව කැම්පස් එකෙ එහෙ මෙහෙ ලකා ගහ ගහ ඉන්න නිසා මම කියුවා

හරි හරි ඔට්ටෝ හිටපන්කො...හැමදාම පේරෙ එන්නෙ නෑනෙ...යමන් බොට්නිකල් ගාඩ්න්""

මම නම් පේරාදෙනිය මල් වත්තට ගිහින්ම නෑ...ඒක බලන්න ආසයි...ඒත් හවස් වෙද්දි බස් නැති උනොත්

"බැ බෑ...ඔයි බස් නැති උනොත්"

"අඩෝ මේ උබලගෙ ගමට යන පාර නෙමෙයි කලබ නුවර පාර ...ඕනෙ තරම් බස් තියෙනව හවස් වෙනකන් බය වෙන්න එපා"

ශිරාන්ගෙ පෙරැත්ත නිසා අපි මල් වත්තෙ ඇවිදින්න ගත්තා

මීට කලින් දැකපු නැති නිසා උස ගස් මැද්දෙ තියෙන ලොකු තනකොල පිට්ටනි..පොකුනු ...මල් පාත්ති ...පිතූරපොතක ජීවත් වෙනව වගේ දැනුනා මට

"මල්ලි උබෙ ෆොනෙ එක දීපන් ...ෆොටෝ ටිකක් අරන් දෙන්න...එෆ් බී ප්‍රොෆයිල් පික් එකට දාගන්න පුලුවන්නෙ...බල්පන්කො උබ දාලා තියෙන්නෙ මහ පාර අයිනෙ රිටක් වගේ කෙලින් ඉන්න ෆොටෝ එකක් ...හෙන ගොන් පාටයි ඒකෙ උබ"

"මගෙ ෆෝන් එකේ....ෆොටෝ ගන්න"

මේ

මේක මම ගන්නකොටත් අබාදිතයි...උලතින්ම අබ්බගාතෞඅන එකක්ද කොහෙද

කැමරාවෙන් බගයි වැඩ

ෆොටෝ එකක් ගත්තම සිරිසගබෝ ස්ටයිල් එකට වදින්නෙ ඔලුව නෑ බෙල්ලෙන් පහල විතරයි""

"අම්මෝ බන් ඕක දැක්කොත් නොකොයා ෆෝන් එක හදපු එකා එල්ලිලා මැරෙනව උගේ ෆෝන් එකට දීපු දසවදේ දැකලා"

මගෙ ෆෝන් එක පුරාම ප්ලාස්ටර් ගහලා රබර් බෑන්ඩ් දාලා 

ස්ක්‍රීන් එක හත්කඩට පැලිලා ...බැටරිය බඩදරු වෙලා වගෙ බඩ මැද්දෙන් ඉදිමිලා...ආච්චිගෙ හම වගෙ කැමරාව ඉ රිතල 

දෙතිස් වදේ පමුනුවපු චූදිතයෙක් වගේ

ශිරාන් එයාගෙ ඇපල් ෆෝන් එකෙන් ෆොටෝගන්න ගත්තා

ඌන්මාව එක එක පොසිශන් වලට මල් ගස් අස්සෙයි...ලස්ස්නට කප්පාදු කරපු ගස් අස්සෙයි තියලා ෆොටෝගන්නව

මුලදි ඒක මට දිරෙවුවෙ නෑ...මල් වතු අස්සෙ ෆොටෝ ගන්නෙ කෙල්ලොනෙ සාමාන්‍යයෙන් 

ඒත් ශිරාන් වදෙන් පොරෙන් ෆොටෝ දෙක තුනක් අරගෙන මට පෙන්නුවම ආස හිතුනා

කන්නඩියෙන් බැලුවම මට හිපාටුවෙක් වගේ පේන මාව...ෆොටෝ වල පොඩි ලුක් එකක් තියෙන නලුපාටට පේනව

"උබ හෙන ෆොටෝගෙනික් මල්ලි ඉන්නවට වඩා ෆොටෝස් වල ඈන්ගල් වලට ලස්ස්නයි"

ශිරන් උගෙ සන්ග්ලාස් දෙක මගෙ නලලට දාල්..බිම දිගාවෙල් ෆොටෝ එකක් ගන්න ගමන් කියුව

"ඔක්කොම ඇහැ රවට්ටන දේවල් නෙ අයියෙ...ඇත්තට වස කැත මම ෆොටෝ එකක විතරක් ලස්ස්නට පේනව"

" එහෙම කියන්න එපා බූරුවො...උබ හෙන හැන්ඩි..අනෙක් අය උබ දිහා බලනව ..ඒත් උබ ගනන් ගන්නෙ නෑ"

"විකාර කියන්නෙ නැතුව යමුද...? දැන් ගොඩක් වෙලානෙ"

බෑ බෑ ඕකිඩ් මල් පැල බලන්න යමු ඒව මගෙ ආසම මල් ජාතිය""

ශිරාන් කියන්නෙ හැමදෙයක් ම ගැන ලොකු දැනුමක් තියෙන කෙනෙක්...එයා ඕකිඩ් මල් වල නම්..ඒව තියෙන රටවල්...හයිබ්‍රිඩ් කරපුවනම් මොන රටේ ද හැදුවෙ

ඒවයෙ මල් පිපෙන්නෙ කොයි කලෙද...ඒවයෙන් පැල ගන්නෙ කොහොමද කියලා ගොඩක් විස්තර කියුවා

එයා හොබී එකක් විදියට මල් වවනවලු

මම නම් මල් ගැන ලොකු උනන්දුවක් නැතත් ශිරන් කියන විදියට ඒව ගැන අහගෙන ඉන්න ආස හිතුනා

"අහා...මේ ඉන්නෙ පොර....මම ආසාවෙන් ආවෙ මෙයාව බලන්න....ගියපාර එද්දි මෙයා හරි පොඩී....වාසනාව තමයි....අද සම්පූර්නයෙන් පිපිච්ච මල් කිනිත්තක්ම තියෙනව...ස්තූතී යාලුව මම එනකන්ම හිටියට ඔයාගෙ ලස්ස්න පෙන්වන්න"

ශිරාන් ට එක එක හැඩතල වලින් වර්නවත් උන ලයිෆ් ස්ටයිල් එකක් තියෙනව

මෙන්න දැන් මෙයා මල් ගහක් එක්ක කතාකරනව කාලෙකින් මුන ගැහුන යාලුවෙක් වගේ

"මහනුවර වෙදෙක්ට පෙන්වල හිසකුඩිච්චියක් දාගත්තනම් තමයි හොද?"

""ඒ මොකද එහෙම කියන්නෙ...උබට ලෙඩක් හැදිලද

ඕනෙ නම් ඔය පුපේ කැහිල්ලට හොරිවිල වෙදමහත්තයට පෙන්වන්න වෙයි වගේ""

"මගේ වනේ මම මට ඕනෙ වෙදාට පෙන්න ගන්නම්

උබව චෙක් කරන්න ඕනෙ මානසික ලෙඩක් තියෙද කියන එක ...නැත්තන් මේ මල් ගස් එක්ක කතා කරන්නෙ නෑනෙ"

"ඇයි ඇහිලා නැද්ද මල් අපි එක්ක කතා කරනව....මල් ගහකට ආදරෙන් සලකද්දි ඒක අපිට මල් දෙනව විතරක් නෙමෙයි..අපි එක්ක කතා කරනව ...ගොඩක් අය ඒකට ඇහුම්කන් දෙන්න සන්වේදී නෑ"

"ම්ම්ම්ම්...හරි හරි දැන් අපි යන්ද?"

""ඇයි මේ හදිස්සිය....කෝ මෙතැනට ඇවිත් මේ ශැන්සූ පැලේ ලගින් හිටගන්නවකො ....මට ආසයි මලයි උබයි එකට තියලා ෆොටෝ එකක් ගන්න""

"ඔන්න ඔන්න ඔය මගේ මල පන්නගන්න හදන්නෙ...මල් ගස් බදන් ෆොටෝ ගන්නෙ කෙල්ලොනෙ"

"හරි හරි...මෝඩ මගෙ කැමැත්තනෙ...ෆොටෝ එකට එනවකො"

ඒ ෆොටෝ එක ගත්තෙ මම ලාකොල කහ පාට මල් කිනිත්ත ඉබින්න යනවිදියට

තව සෙල්ෆියකුත් ගත්ත මල් කිනිත්ත මැද අපි දෙන්න දෙපැත්තෙ

"උබයි සෙන්ශූ මලයි දෙකම එක වගේ

ලස්සනයි...ආඩ්ස්ම්බරයි""

"මේ මල් සරා යමන්කො දැන්...මට මේ මල් කතා ඇතිවේගෙන එන සීන් එක්ස්ක් තියෙන්නෙ"

"යකූ...පේරාදෙනියට ඇවිත් ...මහවැලිය උඩින් යන වැල් පාලමේ ගියෙ නැතොත් ...මගුල් ගෙදර ගිහින් මනමාලිට කිස් එකක් නොදී ආව වගේ වැඩක් වෙන්නෙ...එනව එනව වැල් පාලමත් බලලාම යන්"

"වැල් පාලම් නම්...මොනාද...හොස්ටල් එකේ වැල පාලම් තියේ මදි නොකියන්න"

"අහා...කොල්ල එහෙනම් වැල සීන් එකෙත් ඉන්නව නේ

මොනාද ලගදි බලපු වීඩියෝස් තියෙන්නෙ"

ලගදි බැලුවෙ උබ ඉන්න වීඩියෝවක්...ජිම් එක ඇතුලෙ..ඒත් වීඩියෝ එක උබට දෙන්න වෙන්නෙ නම් නෑ....ඒක බැලුවෙ හිත ඇතුලෙන්.

ඒ ටික මම් ශිරාන්ට නෑහෙන්න හිතෙන් හිතුවට කියන්න ගියේ නෑ

"" මොකද ඕයි කල්පනාව...හොදම එක මොකද්ද කියන එක මතක් කරනවද""

"නෑ...නෑ...ඕයි දැන්...ගොඩක් දුර පයින් ගෑටුව...ඉස්ම යන්න මාන්සී"

මම වැල කතාව වෙන මාතෘකාවකට හැරෙවුවා....ශිරානය එක්ක ඕව කතා කරන්න ලැජ්ජයි...මොනව උනත් ඌ අයියෙක් නෙ

" අයිස් ක්‍රීම් දෙකක් ගමුද?....මම කන්නෙ චොකලට් උබටත් ඒවම ගේනව"

යකෝ මූ මගෙන් බොරුවට අහලා ඌට ඕනෙ දේ කරනව...හෙනම බොසී

මට මොනව හරි කරන්න බල කරන බොසී ටයිප් යාලුවන්ට මම කැමතිම නෑ

"ශිරාන් මට අයිස් එපා"

"" නැ නෑ උබ කනවා...මේ දෙකක්ම ගත්තෙ""

ලොකූ අයුස්ක්‍රීම් ගුලියක් හයිකරපු කෝන් එක මට ශිරාන් දික්කරා

මම ඒක එපා කියලා...වේගෙන් වේගෙන් ඒ ලගින්ම තිබුන වැල්පාලමට න්෴එගලා ඇවිදගෙන ගියා

නෙස්ටමෝල් කම්පැනිය නාය ගිහින් වගේ කහම කහපාට මහවැලිය දගරවැටුන තැනක උස් ඉවුරු දෙක යාකරලා වැල් පාලම හදලා තිබුනා

මම දුවද්දි පාලම තොටිල්ල වගෙ පැද්දුනා

ශිරානුත් ඒකට නැගලා දුවද්දි පැද්දෙන ගතිය වැඩි උනා

වෙලාවට වෙන කවුරුත් ඒකෙ හිටියෙ නෑ...හිටියනම් අපිට බැනුම් අහන්න වෙනවා

මම පාලම මැදට දුවලා ගියත් හරියටම ගග මැදදි,..යකඩ්෴ ගේට් එකක් දාල් පාලම මැදින් වහලා

"ආඅ...දැන් උබ කොහේ දුවන්නද...අහු උනා නේ මෝඩයා"

දියවෙලා වැක් කෙරෙන අයිස් ක්‍රීම් දෙක දික්කරන් ශිරානය ලන්වෙනව 

මම් කෑගලා ලගට එන්න එපා කියුව

ඒත් ඌ අයිස්ක්‍රීම් දෙක මගෙ කටටම තද කරා...චුරු පැනපු අයිස් ක්‍රීම් මගෙ මූන පුරා ගෑවිලා මගෙ සුදු ශර්ට් එක පුරාවට මඩ තලියක් වගේ වැක්කෙරුනා 

මගෙ ඉවසීම ලෙෆ්ට්

ආව තරහට දකුණු අතින් ශිරස්න්ගෙ සුදු හයිය...කම්මුලට චටාස් ගාල පාරක් ගැහුවා

ඒ පාරට 

අඩි තිස්ගානක් උස පාලමේ ඉදන් කැරකි කැරකි මහවැලි ගගට වැටුනා

අතේ තිබුන අයිස්ක්‍රීම් කෝන් දෙක

හොද වෙලාවට අපි දෙන්න වැටුනෙ නෑ....වැටුනනම් පෙට්ටියක දාන්න තරම් කෑලිවත් හොයාගන්න වෙන්නෙත් නෑ

නොහිතපු රිඇක්ශන් එකට ශිරාන් ගල් ගැහුනා 

මම එයාව පාලමේ ඇන්දට තල්ලු කරලා පටු පාලමේ මැද්දෙන් ආයෙ ආව දිහාවටම ගිහින් ලග තිබුන ටැප් එකකින් ශර්ට් එක හේදුව

"බොගෙ අම්මට...බලපිය ශර්ට් එක ඉවරයි...වල් පරට්ටය"

මගෙ ලගට ශිරාන් එද්දි මම් ශර්ට් එකේ පැල්ලම් වතුර බේරෙන ලේන්සුවෙන් පිහිදනව

"උබ ඔය පරන ශර්ට් එකක් නිසා මට ගැහුව නේ..."

ශිරාන්ගෙ කටහඩ වෙවුලනව අඩන්න ලන්වෙලා වගෙ

"පරන...කොහෙද පරන මේක අරන් අවුරුදු 2ක් වත් නෑ

ශිරාන් දැන ගනින් ,,,උබට සතිය ගානෙ මාරු කරන්න ඇදුම් තිබුනට අපිට එහෙම නෑ

මේ කමීසෙ බන්ඩගෙ....ඌ දෙද්දිම කියුව මෙච්චරයි තියෙන්නෙ පරිස්සම් කරපන් කියල

කලිසම ඩෙවෝන් ගෙ...සපත්තු පවන්ගෙ...බෑග් එකත් උගෙමයි

අපි දුප්පත් මිනිස්සු අරූගෙන් මුගෙන් ඉ ල්ලගෙන යන්තන් මාට්ටුකරන් එන්නෙ....

මේව ඉ ල්ලගත්ත උන්ට තිබුන වගේම පරිස්ස් පරිස්සමට දෙන්න ඕනෙ 

උනුත් මම වගේ ....අමාරුවෙන් ජීවත් වෙන්නෙ

උබල වගේ පෝසත් උන්ට අපිව ජෝක් එකක් විතරයි"

මම තරහ ගිහින් කියාගෙන කියාගෙන ගියා

ශිරාන් ඔලුව පහත් කරන් අහගෙන හිටියා පොඩි දරුවෙක් වැරද්දක් කරලා අහු උනාම වගේ

එක දිගට බැන්නට මොකද පස්ස්ස්

මට ඌ ගැන ගොඩක් දුක හිතුනා

"ශිරාන් සොරි ...මට තරහ ගියා....ඒක ගනන් ගන්න එපා...

ඔය අත හෝදගන්න අතෙත් අයිස්ක්‍රීම් නෙ"

ඒකා මෝඩය වගේ දුබුරු අයිස්ක්‍රීම් පෙරුන අත් දෙක එයාගෙ අලුත්ම අලුත් සුදු කමීසෙ උලාගත්තා

""මොනවද මැට්ටො මේ කරේ...ඒ ශර්ට් එකත් ඉවරයිනෙ""

එයා අහක බලන් ඉද්දි මම එයාගෙ ශර්ට් එකේ තිබුන අයිස් ක්‍රීම් පැල්ලම් පිහිදුවා 

ශිරාන් මගෙ එක්ක තරහම වෙයිද

මම ටිකක් එහයින් තිබුන අයිස්ක්‍රීම් කරත්තෙ ලගට ගිහින් ශිරාන් ගත්ත ජාතියෙම අයිස්ක්‍රීම් දෙකක් ගත්තා 

"ඒයි බකුසා....තරහ ගිහින්ද...එනව අයිස්ක්‍රීම් කමු"

උස උන පදුරු මැද්දෙන් මහවැලිය දිහාවටම අනිමිස ලෝචනේ දාගෙන ඉන්න ශිරාන්ට වැලමිටෙන් අනින ගමන් මම් එයාට අයිස්ක්‍රිම් එක දික්කරා

එයා තරහ වෙලානෙ හොද්ටම

මම අයිස්ක්‍රීම් එක එයාගෙ ලාරතු පාට හීනි තොල් දෙකට ලන්කරා

මුලින් අක මැත්තෙන් කට තද කරන් හිටියත් මම් අයිස් ක්‍රීම් එයාගෙ රැවුල් කොට වලට යටින් තිබුන ලස්ස්න තොලේ ලාවට ගානකොට එයා යාන්තමට කට ඇරියා

මුලින් හෙමින් යාන්තමට දිව දාලා අයිස්ක්‍රීම් කාපු එයා පස්සෙ දිව හොදට එලියට දාලා...වැල ෆිල්ම් වල කෙල්ලො දාර පොලු ලෙවකනව වගේ අයිස්ක්‍රීම් එක ලෙවකන්න ගත්තා

ඒ මදිවට මගෙ පපුව සිදුරු කරන වල් බැල්මත් මගෙ ඇස් ඉස්සරහම

මටත් නොදැනි මගෙ ජොකා අස්සෙ ලොකු පෙරලියක් වෙලා නිදාගෙන ඉන්න නයා ඇහැ ඇරෙනව වගේ දැනුනා

"" හා හා මේක අතට අරගෙන කනව...මට මගෙ අයිස් එක කන්නත් ඕනි""

ක්‍රමයෙන් විකසනය වෙන උනුහුම් ඇගීම නිසා මම අපහසු තාවෙට පත්වෙනව වගෙ දැනුන නිසා මම ශිරාන්ගෙන් ඈත් උනා

ඒත් ඌන් කාන්දමක් වගෙ මාව හිතින් එයාගෙ දිහාවට වේගෙන් ඇදලා ගන්නව

මටත් දැන් ඉක්මනට යන්න ලොකු හදිස්සියක් නෑ වගෙ

අයිස්ක්‍රීම් හතරක් එක පිට එක කනගමන් අපි මල් වැටවල් වලින් ලස්ස්න උනා උන හෙවන වැටුන පාරවල් දිගේ කතා නොකර ඔහේ ඇවිදගෙන ගිය

ඒත් හිත්වල කියාගන්න බැරි හැගීම් ගොඩක් තෙරපුනා 

සිකුරිටි කෙනෙක් ඇවිත් මල් වත්ත වහනව මහත්වරු යන්න කියන කන්ම අපි දුබුරුපාට අයිස්ක්‍රීම් ගෑවුන කමීස ඇදගෙන ඇවිද්දා

ඊට පස්සෙ මොකද කරන්නෙ 

ඒ ප්‍රශ්නෙ මම කටින් අහන්නෙ නැතුව ශිරාන් දිහා බැලුව

"අපි යමු කැන්ඩි සිටි සෙන්ටර් "

"ඒත් යන්න පරක්කු වෙනවනෙ"

"කලින් ගිහින් හොස්ටල් එක පරිස්සම් කරන්න උබ වෝඩ්න් නෙමෙයිනෙ....සිටි සෙන්ටර් එකේ ෆුඩ් කෝට් එකට ගිහින් කාලම යමන් මට බඩගිනී"

ශිරාන් උතතරෙ දීලා ඉවර වෙන්නත් කලින් ඒක ක්‍රියාත්මක කරලත් ඉවරයි

මාව් ඇදගෙන ගිහින් ටවුන් යන බස් එකක එල්ලුනා 

සිටි සෙන්ටර් එක විශාලයි....නවීන පන්නෙ....ආසහිතෙනව

ඒත් මේවගෙ තැන් වලට මම බයයි

මොකද මේවයෙ තියෙන බඩු ...නිකන් බලන්න විතරයි අපිට පුලුවන් කවදාවත් ගන්න ලැබෙන්නෙ නෑ....හිමි නැති ඒවට ආස වෙලා නිකන් දුක හිතෙනව....ඒක නිසා මම පිටකොටුවෙ කඩවල් වල පමුනුවෙ රෙදි ලෑලි ලග ඇවිදින්න මීට වඩා කැමතී...සල්ලි කීයක් හරි තියෙන වෙලාවට අපිට ගන්න පුලුවන් ගනන්වල බඩු ඒවයෙ තියෙනව

"දන්නවද,,.කැන්ඩිසිටි සෙන්ටර් එකේ ෆුඩ් කෝට් එක....එම්සී එකෙයි කොලබ සිටි සෙන්ටර් එකෙයි ෆුඩ් කෝට් වලට වඩා හොදයි...ලොකු පෝශන් දෙනව...අනෙක ෆුඩ් වරයිටීස් වැඩී...ලැටින් ඇමරින් කෑම...ටාකෝස් වියට් නාම් චිලී ප්‍රෝන්ස් කොලබ නෑ...ඒත් මෙහෙ තියෙනව"

ශිරාන් බූත කියනව ...නොදන්න වචන වලට බය මම ඔහේ ඔලුව වන වන හිටියා

ෆූඩ් කෝට් එක ඉස්සරහම ත්‍රීඩී ගේම් සෝන් එක

ඒකෙ සුදු පාට ගැජට් කෑලි ඇගේ එල්ලගෙන පෙට්ටි වගෙ වර්ටුවල් රියැලිටි (වීආර්) පෙට්ටි ඔලුවෙ හයිකරන් කොල්ලො කෙල්ලො මහ හයියෙන් කෑගහ ගහ ගේම් ගහනව

උන්ට මොනව පේනවද මන්දා ඒත් රවුම් කැරකෙන පුටුවල ඉදන් නලියන උන් අපිට නොපෙනන මොනව හරි බියකරු දෙයක් දකිනව ඇති කියලා හිතුනා 

"ආසද ත්‍රී ඩී ගේම් ප්ලේ කරන්න"

ශිරාන් ඇහුවා....මම ඔලුව වැනුවත් සාක්කුවට අත දැම්මම තේරුනා ආයෙ කොලබට යාගන්න විතරයි යන්තමට සල්ලි තියෙන්නෙ

වෙන විකාර වලට වියදම් කරන්න සල්ලි නැතිබව

"එපා...ඕනෙ නෑ....අපි කාල යමු"

"බෑ..බෑ...අපි ප්ලේ කරමු...ඔයා මේකෙ ආතල් එක නොදන්න නිසානෙ බෑ කොයන්නෙ "

උස තිරයක ඩිස්ප්ලේ කරපු දිග ගේම් ලිස්ට් එක කියව කියව ශිරාන් ගේම් තෝරනව

මාවල්ස් ලගෙ කැප්ටන් ඇමරිකා ගේම් එකක් දැකලා මම ඒකට ආස උන නිසා එයා එයින් ටිකට් එක ගත්තා

ගේම් සෝන් එකේ හිටපු කෙල්ලෙක් මාව ප්ලාස්ටික් රවුමක් මැදට ගෙනිහින් මැද්දෙ හිටගන්න කියුවා

අතට එලිය විහිදෙන ප්ලාස්ටික් කඩුවකුයි...පලිකකුයි දුන්නා 

"සර් ....මේ ස්වොඩ් එකෙයි ශීල්ඩ් එකෙයි තියෙන ග්‍රිප් බටන් ප්‍රෙස්කරන්න එතකොට සර්ව උඩට පහලට දකුනට වමට නැවිගේට් කරන්න පුලුවන්

ප්ලේට් එකෙන් වැටෙන්නෙ නැතුව වැඩිම හතුරො ගානක් මරන්න ඕනෙ ගේම් එක දිනන්න"

ඒ කෙල්ල මට උපකරන පාවිචි කරන විදිය කියලා දුන්නා 

වී ආර් බොක්ස් එක ඔලුවට දාගත්තම මම වෙනම ලෝකෙකට ගියාවගෙ දැනුනා

ඇත්තම කාටූන් ලෝකයක්

මම ඒ ලෝකෙ පාවෙනව්ස් වගේ දැනුනා

එක පාරට නොහිතපු වෙලාවක මම නැගලා හිටපු පියාබන පීරිසියවගේ එක උඩයනව වගේ දැනුනා

මම බබ සිය ගානක් උස අහසෙ පාවුනා

කාටූන් ලෝකෙ පොඩියට පහලින් පෙනුනා

මට හොදටම දැනුනා මගෙ ඇගට හුලන් වදිනව

සීතල වතුර බින්දු වැටෙනව

ඒ අස්සෙ මම නැගල හිටපු පීරිසිය එහෙට මෙහෙට වැනෙනව

එක පාරට උඩ ගිහින් බඩ කූල් වෙන විදියට පහලට එනවා

මම අත් වල තිබුන කඩුවයි පලිහයි දෙකෙන් ඉස්ස්‍රහට එන විකාර රුපී සත්තු එක්ක සටන් කරා

ලොකු ලොකු රෙස්ලින් කරාටි ශොට් දන්නෙ නැති උනාට ඉස්සරහට වෙඩි තියාගෙන එන මැරයන්ට වෙලේ කලවිට්ටේ පිදුරු මිටි උඩ ගමේ කොල්ලො එක්ක ගහහත්තු ගම්ගුටි අඩිවලින් ගහ ගත්තා 

කොහොම උනත් මම ජීවිතෙ පලවෙනි වතාවට පියාබින අත් දැකීම ගත්තා

මට හිතාගන්න බැරි කන ලගින් යන හුලන් රැලි මීදුම සීතල ඇගට කොහොම දැනෙනවද කියන එකයි

අනෙක මම නැගල ඉන්න ප්ලේට් එකත් ලතාවට උස් පහත්වෙනව උඩ යනවා

ගොඩක් වෙලාවකට පස්සෙ මගේ පන හතම ඉවර උනාම

කවුරු හරි ඇවිත් මගෙ වීආර් හෙඩ් එක ගැලෙවුවා

මම අමාරුවෙන් බොද උන ඇස් පිහිදලා වට පිට බලද්දි ගේම් ශෝ එකේ ඉන්න හැමෝම කටවල් ඇරන් මම දිහා බලන් ඉන්නව ශිරානය හිනාවෙවී මාව වීඩියෝ කරනව

"මකද ඕයි උනේ....හැම එකාම මොකද මගේ දිහා බලන් ඉන්නෙ"

අන්දුන් කුන්දුන් උන මම ශිරාන්ගෙන් ඇහුවා

එනවා එනවා පෙන්වන්න මහත්තයගෙ හපන්කන්

අපි ගේම් සෝන් එකෙ එලියට ආවම දැක්කෙ

මම නැගල හිටපු ප්ලාස් ටික් තහඩුව පොලොවෙන් අඩියක් විතර ඉස්සිලා හෙලවෙනවා

වටේ තියෙන ෆෑන් වලින් මගෙ මූනට හුලන් එනවා

ප්‍රෝග්‍රෑම් කරපු විදියට සැරින් සරේ වතුර මලකින් මීදුම වගේ වතුරත් ඉහිනව

අතේ කඩුවයි පලිහයි ගත්ත මම

ප්ලාස්ටික් තහඩුව උඩ ඉදගෙන්ස් හතර වටේ වනවන හතුරන්ට පහරදෙනවා

වීර්‍ර හෙඩ් එක මූනට දාගෙන හිටපු මම එක වෙලාවක කැරකිලා උඩ පැනල්ත් ගැහුවා 

"නියම ශොට් නෙ ගැහුවෙ,..අන්ගන් පොර එක්ක රෙස්ලින් හයිබ්‍රිඩ් කරලා වගේ "

ශිරාන් මට මගෙම විකාර පෙනවනවා

"කෝ දීපන් ඕක ඩිලීට් කරන්න"

"පිස්සුද පිස්සුද,..මම මේකට ආසයි

හිතට තරහක් අකම්මැලි කමක් අව වෙලාවට මම මේක බලනව"

"එපා ඕයි ඒක පද්ධතියෙ එකෙක් දැක්කොත් මාව නෝන්ඩි කරයි අම්බානකට""

"කීයටවත් එහෙම වෙන්නෙ නෑ මම මේක පුල් පරිස්සම් කරනව ප්‍රොමිස් "

කෙට්ටුවට හාල් මැසෙක් වගේ ඉන්න මම දස මහ් යෝධයෙක් වගේ ඉන්න ශිරාන් එක්ක ෆයිට් කරන එක මෝඩ වැඩක් 

මම ඒක නිසා වීඩියෝ එක ඩිලීට් කරන්ස් එක හිතින් අමතක කරල දැම්ම

"ඌරො වෙලාව අටටත් කිට්ටුයි...අපි යන්නෙ නැද්ද?"

"හාරි හරි යමන්....ඊට කලින් කමු...වරෙන් "

සිටි සෙන්ටර් එකේ ෆුඩ් කෝට් එක ලෝකෙ තියෙන හැම කෑම වර්ගෙකින්ම පිරුන තැනක්

අපිවගේ දුල්ලත් අයටනම් මේව මැජික්...මෙ දූපතේ මෙහෙම ග්හැනුත් තියෙද කියලා හිතෙනව

යන තැනදිම ඒටීඑම් කාඩ් එකක් වගේ ප්ලස්ටිල් කෑල්ලක් දුන්න

පොඩි කනුවක ඒක ස්විප් කරාම ඇතුල් වෙන දොරටුව ඇරුනා

ශිරාන් මාව ඉන්දියාවෙන් පටන් ගත්තම තායිලන්තෙ ඉන්දුනීසියාව හරහ යුරෝපෙට ගෙනිහින් බ්‍රසීල් වලින් සවුත් ඇෆ්‍රිකා වෙනකන්ම එක්ක ගෙන ගියා

එක එක කෑම කඩවල ඒ ඒ රටවලට අදාල විදියට ඇදල ඒ ඒ රටවල කෑම ජාති හදනව

තැනින් තැනට යද්දි වෙනස්ම සුවදවල් දැනෙනව

හැම තැනටම පොදු දේනම් කෑම එකක් අස්ප ගනන් 

ස්මාහර ඒව පන් දාහක් විතර

මට මාසයක් කන්න යන ස්ල්ලි වලින් එක වේලක් කන එක අපරාදයක් 

ශිරාන් හැම තැනදිම...ඒක ගනින් මේක ගනින් කිය්ල බල කරත්

හැම එකම් බලලා අන්තිමේ මම ගාන ගැන හිතලා නොකා ඉන්න තීරනේ කරා

"කෝ දැන් වටේම ගියා එකක් වත් ගත්තෙ නෑනෙ..තමුසෙවනම් එකකින්වත් සෑහීමකට පත්කරන්න බැරි කෙනෙක් වගේ"

"අම්මෝ පිස්සු කතාකරන්න එපා ඔය කෑම රත්තරන් අවුසයක් දාල උයනවද මන්දා ඔය තරම් ගනන්....මෙන්න මෙහෙ යන් ...ඔය පාරෙ කඩේකින් කොත්තුවක් කමු"

"ගාන ගැන හිතන්න එපා ...කැමති දේ ඕඩර් කරන්න "

ශිරාන් මගෙ අත මිරිකලා කියුවා

"ඔයා ගෙව්වත් මම ගෙවුවත් ...නිකම් සල්ලි නාස්ති කරන්න ඕනෙ නෑනෙ"

"කිවුවනෙ එකපාරක් දැන් සල්ලි ගැන හිතන්න එපා"

"""පෝසත්තුන්ට ස්ල්ලි සෙල්ලමක් උනාට හරියට කන්න අදින්න නැති දුප්පත් අපිට එක රුපියලත් ගොඩක් වටිනවා"

"මොනවද අයිසේ මේ හැම "

හැම වේලම මම දුප්පත් අපි දුප්පත් කිය කියා වැලලෙන්න හදන්නෙ

දුප්පත්න්කම සාපේශයි

තමුසෙට වඩා මට සල්ලි ටිකක් තිබ්බ පලියට මම හැම අතින්ම පෝසත් නැ

මට නොලැබුන ගොඩක් දේවල් උබට ලැබිලා ඇති

සල්ලි නැතත් මට වඩා ගොඩක් සතුටෙන් ඉන්න මිනිස්සු ඕනෙ තරම් ඇති

බිල් ගෙට් එක්ක බලද්දි ලන්කාවෙ ඉන්න ලොකුම සල්ලිකාරයත් හිගන්නෙක්

ඒක නිසා නැති දේ ගැනම වැලලෙන්න එපා ඕයි

තියෙන දේ ගැන පොසිටිවු හිතනවා 

නැති බනේ කියන්න ගන්න එකා නැත්තටම නැතිවෙලා යනව

ඔවූ මට පුලුවන් ...මට තියෙන ප්‍රාමානෙ ඇති

මම දක්ශයෙක් කියලා හිතපන්

උබට දැන් ඉන්නවට වඩා තව දශමයක් හරි 

ආත්ම විශ්වාසෙ උබව අරගෙන යාවි""

ශිරාන්ට මම එක්ක ඉන්නව ද කතික තරගෙක කතා කරමවද කියන් දෙක පැටලිලා මට හෙන දේශනයක් දුන්නා

"අපොයි මම උබෙන් පන්දාහෙ කෑම එකට දහදාහක බැනුම් අහනවනෙ

ඕන උලවුවක් අරන් එනෝ ඕයි....මට බඩගිනී යකෙක්කන්න"

ශිරාන් හිනා වෙවී ගිහින් ඕඩර් එක ප්ලේස් කරා ම්ම ටේබල් එකක වාඩි උනා වීදුරුවෙන් ටවුම පේන තැනක

"කෑම ටික මේ ටේබල් එලට එයි....උබ මෙතන ඉදප...මගේ යාලුවෙක්ගෙ ශොප් එකක් තියෙනව...ඌත් එක්ක චැටක් දාලා එන්නම් ගොයියෝ"

ශිරාන් උගෙ යාලුව බලන්න කැපුන වෙලාවෙ 

අපි ඉන්න තැන දාල තිබුන ටීවී එකේ ගිහිපු අයිස් ඒජ් ෆිල්ම් එක මම බැලුවා

ලොකු බෝල් එකක් තායි ක්‍රමේට හදපු ඉස්සො සුප්

ඩෙවල් කරපු චිකන් වලින් හදපු කෙබාබ් 

මොන්ගෝලියන් රයිස්...තව එක එක මූස් වර්ග පුඩින් මහ ගොඩක් ගෙනත් ටේබල් එක පිරෙවුවා 

"වැරදි ඕඩර් එකක්ද ? මුන් ගේනව ගේනව ඉවරයක් නෑ ඕයි

අන්තිමේ ජොකත් උගස් තියලාමේව ගෙවන්න වෙයිද මන්දා"

ශිරාන් එනව දැකලා මම කියුවා

"අනම් මනම් එපා...ඔක්කොම ගෙනාවෙ උබට ඉවරමකරපන් මගෙ යකා අවුස්සන්නෙ නැතුව"

මොකෙන් පටන්නද කියලා හිතගන්න බැරුව මම් ඔලුව කරකවකව ඉදලා තිබුන හැම එකෙන්ම ටිකෙන් ටික කාගෙන කාගෙන ගියා

"සාෂා උබ පවන්ගෙන් කිසි දෙයක් ඉ ල්ලගන්නෙ නැද්ද?"

"ඉ ල්ලගන්නෙ මොකටද ...උගෙන් මම ගන්නව මට ඕනෙ දේ"

" ඇයි ඒ"

"ඌ මගෙ යාලුව...යාලුවන්ගෙ දේවල් මටත් අයිතී"

"මරු තියරිය...

මම උබේ යාලුවෙක් නෙවෙයිද?"

"'යාලුවෙක් තමයි...දැන්...යාලුවෙක් නෙවෙයිනම් ඔයා දෙන ඒව කන්නෙ නෑනෙ"

" ආ...එහෙනම් මම දෙන මේ තෑග්ගත් ගන්න ඕනෙ බෑ කියන්න බෑ හරිද"

මූ නම් මාර ගොයියෙක් මාව බෙල්ල මුලටම හිරකරානෙ

යාලුව බලන්න ගිහින් එද්දි පාර්සලයක් ගේනව දැක්ක

මම හිතුවෙ යාලුවගෙන් හම්බුන තෑග්ගක් කියලයි

"ඒත්...මේ මට"

"ඒත් මේත් බෑ ...හරිද...යාලුනම් යාලුයි නැත්තම් නෑ...දෙකෙන් එකයි" 

කරන්න දෙයක් නැතිම තැන පාර්සලේ ලිහලා බැලුවා

ඒකෙ පෝන් එකයි කමී...සුදු කමීස දෙකයි තිබුනා 

"කමීස දෙකක් මොකටද?"

" ඔය සුදු ශර්ට් එක කාගෙන්ද ඉ ල්ලගත්ත එකක්නෙ...දැන් ඕකෙ පැල්ලම් නිසා ඒක දෙන්න බෑනෙ...ඔය කමීසවලින් එකක් ඌට දෙන්න

එකක් ඔයාට...."

පෝන් එක ඇර්ලා බලද්දි ඒක සැම්සුන් S22 එකක් චූටි ඩිජිටල් පෙන් එකකුත් එක්ක...ලන්කාවෙ සල්ලිවලින් ලක්ශ 2කටත් වැඩීනෙ දැන් 

"කමීස දෙකනම් මම ගන්නම්...මේ පෝන් එකනම්මට ගන්න බෑ"

"ඇයි ඒ...."

"ඒක මන්කොල්ල කනව වගේ වැඩක් නෙ...යාලුවෙක් උනත් ඔහොම හූරන් කනවනම් ඌ යාලුවෙක් වෙන්න බෑ...ඔය විසිතිස් දාහෙ පෝන් එකක් නම් මට ලග තියන් ඉන්නත් බය නෑ..එත් ලක්ශ ගානක එකක් 

මොනව උනග්හ් ඕව උබ හම්බ කරපුව නෙවෙයි

උබෙ අම්මල තාත්තලගෙ සල්ලිනෙ

ඒක නිසා මේක ගන්න එක මම එයාලටත් කරන වන්චාවක්"

"අනේ මේ...පිස්සු හුට්ටවල් නම් කියන්න එපා ෆකෝ...මේ මගේ සල්ලි

උබ මේක ගන්නව ආයෙ ඒකෙ දෙක නෑ..

පෝන් එක ඔන් කරල බලනවකො"

ඒ ෆෝන් එකේ ස්ක්‍රීන් එකට දාල තිබුනෙ අපි දෙන්න මල් වත්තෙදි මලක් ඉබින ගමන් ගත්ත ෆොටෝ එකක් ඒක බැලුව ගමන් පේන්නෙ අපි දෙන්න කිස් එකක් දෙනව වගේ

"ඕයි පයිත්තියන්ද...මේ දාලා තියෙන එක

කවුරු හරි දැක්කොත් මය හොස්ටල් එකේවත් ඉන්න වෙන්නෙ නෑ

මේක වෙනස් කරනව දැන්ම"

මම ඒ පොටෝ එක දැකලා දෙලොව රත්වෙලා කෑගැහුවා 

"හරි හරි...අපි වෙන එකක් දාගමු

අද ගත්තු ෆොටෝ ඔක්කොම මම මේ ෆෝන් එකට දාල තියෙන්නෙ

ඔයාම හොද එකක් තෝරගන්න"

මම තේරුවෙ...ශිරාන් ආසම ඕකිඩ් මල් පොකුර ලග මම ඉන්න ෆොටෝ එකක්

එයා ඒකට කැමති උනා එයා ආසම දේවල් දෙකක් එක තැන තියෙන ෆොටෝ එකක් ලු ඒක 

Continue Reading

You'll Also Like

929K 49.3K 44
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...
653K 6.9K 96
ထိုနေ့ည က မှားသွားတယ့် အမှားတစ်ခုက ကျွန်မဘဝ တစ်ခုလုံးနဲ့ ပတ်သက်မိသွားလိမ့်မယ်လို့ မထင်ခဲ့မိဘူး....... ပြီးတော့ ပတ်သတ်မိသွားတယ့်သူက ဘာလို့ သူဖြစ်န...
68.9K 13.3K 27
ရိုးရိုးအချစ်ဇာတ်လမ်းလေးတစ်ပုဒ်ပါပဲ
227K 15.7K 72
" ရှင်က ၀န်ကြီးချုပ် ဖြစ်တယ် ဆိုတိုင်း ကျွန်မက ကြောက်ရမှာလား " " ဟင့်အင်း မကြောက်ရပါဘူး။လုံးဝကို ကြောက်စရာမလိုတာ။ထက်သာ ကသာ မကြီးကို သက်ဆုံးတိုင် ချစ...