💙ඔබ අභියස🖤 (Complete)

By breath_21

34.7K 5.1K 1.4K

මතකය සුන්දරයි.. එක දිගට සිහි වෙන... ආදරය විඩාබරයි... නුඹ මගෙ නොවුන කොට... වේදනාව විතරයි... වර්තමානයේ එක පිට... More

01.
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
34
35
36
37
38
39
40

33

638 108 50
By breath_21

"මැණික.. දැන් වත් මට නැවතුන තැන ඉදන් කියන්න... වෙච්ච ඔක්කොම." මම මහා රෑ වනීශ්ගෙ පපුවට නිකට තියලා ඇහුවේ ඇත්තටම මට වඩා ලොකුවට දෙයක් වනීශ් දන්නවා කියලා හිතලා.

"සස්... පිලිස් දැන් නිදාගමු"
"හරි ඒ කියන්නෙ ඔයාට මගෙ ප්‍රශ්න කරදරයක් ද?"
"නෑ නෑ හරි ඔයාට කියන්නම්..."
"ඔව් ඔයා කියන්න ඕනේ" මම වනීශ්ගෙ තොල් එක්ක සෙල්ලම් කරන ගමන් කිව්වා.

"කිස් එකක් දෙන්න එනම්"
"අනේ මේ පස්සෙ කිව්වට පස්සෙ"
"ඉතින් දැන් දෙන්න ඕක ඔච්චර දෙයක් නෙවේනෙ..."
"මම ඔයාගෙ හැටි දන්නවා. ඔයාට බෑ කිස් එකකින් සැහෙන්න"
"ම්ම්ම් හරි..."

"ඔයා දැන් මට කියන්න ඕනේ..."

"ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මාර්තා අම්මා කලින්‍ යාලු වෙලා හිටියෙ ඔයාගෙ තාත්තා එක්ක. ඔයා දන්නවා නේද එයා සිංහල කෙනෙක් එක්ක යාලු වෙලා හිටියෙ කියලා."
"ඔව්..."
"ඉතින් මාර්තා අම්මාව ඔයාගෙ තාත්තා අයින් කරේ නෑ.. ඇත්තටම ඔයාගෙ තාත්තාව මාර්තා අම්මාගෙ අයියා ශිරාට් මුලින්ම ඇක්සිඩන්ට් කෙරෙව්වා. එතනදි ඔයාගෙ තාත්තා i.c.u හිටියා ගොඩාක් කාලයක්. එතනදි තමයි ඔයාගෙ අම්මා මීට් වුනෙ... ඔයා අම්මා මගෙ අම්මාගෙ පොඩිම කාලෙ ඉදලා යාලුවෝ. ඉතින් ඒ වෙද්දි ඔයාගෙ තාත්තාට Amnesia ආවා. ඉතින් මාර්තා අම්මාගෙ මතකෙ තාවකාලිකව අමතක වුන නිසා සුරේනි අම්මා එක්ක යාලු වුනා. කසාද බැන්දා."
"ඉතින් ඒ කියන්නෙ"
"සූසූ... අහන් ඉන්න..."
"ම්ම්ම්"

"පස්සෙ අපේ අම්මා තාත්තාව බැදලා ඇමරිකා ගියාම ඔයා හම්බෙලා තියෙනවා. ටික කාලයක් යද්දී ඔයාගෙ තාත්තාව ආයෙත් හොයාගත්ත ශිරට් හොයන් ආවා. ඒ වෙද්දී මාර්තා අම්මාව හොයාගන්න නෑලු. ඔක්කොම කුණු බේරේ වැවට වගෙ එදා ඇක්සිඩන්ට් එක වුන දවසෙ ටිකෙන් ටික ඔයාගෙ තාත්තාට මතකේ එන්න පටන් අරන් ශිරාට් නිසා."
"කොහොමද දන්නෙ..."
"ඔයාගෙ මාමාගෙන්..."
"මගෙ මාමා... එයාව කොහොමද හොයාගන්නෙ... වනීශ්..." මම කේන්තියෙන් ඇහුවා මම මෙච්චර දවස් හෙව්ව කෙනා...

"අයියෝ සස්... ඔයාගෙ නංගිගෙ භාරකාරත්වය තිබ්බේ ඔයාගෙ මාමාට. අපිට එයා එක්ක කන්ටැක් නොතිබෙන්නෙ කොහොමද?"

"ඉතින් කියන්න..."

"කට්ටිය කියනවා අර අමතක වුන මතකේ නිසා ඇක්සිඩන්ට් එක වුනා කියලා. එනිවේ එත් එකක් මාර්තා අම්මා මලගෙදරදී ඔයාව දැකලා තියෙනවා. මාමාට කියලා එයා ඔයාව භාරගන්නම් කියලා. එත් ප්‍රෝපටි එකෙ ප්‍රශ්න නිසා කුහකයා ඉඩ දීලා නෑ. අපේ අම්මාට නංගි ගැන ආරංචි වුනාම එයා නඩු දැන්මා ඉතින් එක නිසාම ඔයාව භාරදෙන්න මාමා කැමති වුනා."

"ඔයාගෙ අම්මාට මාව ගන්න ඕනේ වුනේ නෑ නේද?" ඇත්තටම නංගිව ගත්තා නම් ඇයි මාව නොගත්තෙ කියන ප්‍රශ්නෙ මට ආවා. ඇත්තටම මම ඒ තරම් නරකද?

"ඔයා කැමති වුනේ නෑ නේද ජජ්මන්ට් එකෙදි මාර්තා අම්මාව අත්තරින්න"

වනීශ් එහෙම කියද්දී ඇත්තටම මම මාර්තා අම්මා එක්ක මලගේ දවසෙ ඉදන්ම බැදුනා. කමක් නෑ මගෙ නංගි ලස්සනට ඉන්නවනෙ...

"වනීශ් මට නොකිව්ව තව දේවල් ඔයාගෙ හිතේ තියෙනවා නේද?"
"ඕයිෂ් සස්... කියවන්න එපා නිකන් වෙන දෙයක් නෑ. දැන් වත් නිදා ගමුද?"

"අනේ..."
"සස්... හෙට වැඩ..." වනීශ් නිදාගද්දී මම මගෙම ලෝකෙක පා වුනා.

අපි කවුරුත් කැමති නෑ අකමැති අය එක්ක ජිවිතේ ගෙවන්න ඇත්ත එකයිනෙ. එත් මම මගෙ ජිවිතේ කැමති කියලා ලං වෙන්න බැරි වුනා කාටවත්. එදා වනීශ්ගෙ අම්මා මාවත් ගත්තා නම් මට වනිශ් සහෝදරයා කියන එක විතරයි හිතන්න වෙන්නෙ. කොහොම වුනත් කවුද මේ ශිරාට්... මට දවසක හම්බුනොත් මම පලිගන්නවා. මම වෙනුවෙන්, මාර්තා අම්මා වෙනුවෙන්, අම්මා, තාත්තා,නංගි වෙනුවෙන්. මම හිරේ ගියත් මට ප්‍රශ්නයක් නැති වෙයි.

මගෙම මාමා ප්‍රෝපටි නිසා අපිව අසරණ කරා මගෙ ජිවිතේ එක කාලපරිච්ඡේදයක් තියෙනවා මගෙම අය මටම ද්‍රෝහි වුන....

"සුදූ නැගිටින්න පරක්කුයි..." පාන්දරක් වෙලා නිදාගත්ත තාම නිදිමත අත වනන ඇස් ලාවට අරිනකොට ඇහුනේ වනීශ්ගෙ කටහඩ.

"ඒයි... නැගිටිනවා..." වනීශ් මගෙ දණහිස් වලින් අත දාලා උස්ස ගත්තාම තාමත් ඇස් අරින්න නම් හිතුනෙ නැතුව බෙල්ලෙන් අත දාලා මම තුරුල් වෙලා නිදා ගත්තා

"මේ නිකන් හුරතල් නොවි නා ගන්නවා. අර යකා මගෙ ඔලුව කයි අද ඔඩිට් රිපෝර්ට් එක නොදුන්නොත්..." මාව බාත් ටබ් එකට දාලා කරවල කැල්ලක් වගෙ එයා ශවර් එක දාලා යන්න ගියා. වතුර බිංදුව මගෙ ඇගට වැටෙන කොට වනීශ් කියන එකා අද ඉදන් සතියක් යනකල් නින්දක් නැති කිරි බී වැඩෙන වවුලෙක් වගෙ එල්ලිලා නිදාගන්න සලස්වනවා කියන දේ එක හිතින් තරහින් හිතාගත්තා.

"සස්... දැන් ඇයි රවාගෙන යන්නෙ..."
"මුකුත් නෑ..."
"සස් මගෙ ටයි එක..."
"මම දන්නවද තමුසෙගෙ මගුල්. හොයාගන්නවා."
"සස් සොරි මැණික පරක්කු නිසානෙ..."
"කමක් නෑ"
"සස් කමුද?"
"බෑ"
"සස් ඔයා නිදාගන්න එහෙනම් අද ඔෆිස් යන්න ඕනෙ නෑ..."
"බෑ..." තරහින් පුපුර පුපුර මම කියන එවාට වනීශ් කලඹල වෙලා නිතරම හග් කරන්න එනවා. එක පාරයි රවන්නෙ කොල්ලා බලු කුක්කා වගෙ ඔලුව නවා ගන්නවා.

කාර් එකෙදී කිසිම සද්දයක් නෑ. සිංදුවක් දානකොට මම එක වෙනස් කරනවා. Ac එක දානකොට මම නිවනවා. ඇස් දෙක උඩ තියෙන්නෙ දැන්

"මහත්තයෝ සොරි... ඔයාට නින්ද වැදගත් කියලා මම නොදන්නවා නෙවේ එත් මට ඔඩිට්...." මම කියන දේ අහන්නෙ නෑ වගෙ රේඩියෝ එක වැඩි කරලා නිවුස් ඇහුවා.

දෙන්නම සද්ද බද්දයක් නැතුව ඔෆිස් එකට ආවාම මම නොකියාම බැහැලා ආවා.

"සස් මොකො බං ඔය මූණ... ගෑණි තරහා වෙලා වගෙ..."
"නෑ මිනිහා තරහා වුනා."
"ආයිෂ් මට තමා මිනිහෙක් වත් නැත්තේ..." ඇත්තටම මම තරහට කිව්ව දේ මූ සිරා ගත්තා නම් මම ඉවරයි. හොද වේලාවට මූට මොලයක් නොතිබ්බේ...

"හොයාගනින්..."
"වනීශ් වගෙ අය නෑනේ අපිට සෙට් වෙන්නෙ..." මනුජ එහෙම කියලා යන්න ගියාම ඌටද මටද මෝලෙ නැත්තේ කියලා කන්ෆියුස් වුනා කියපන්කො.

"ඕයි.. ඔහොම ඉදපන්..." මම කෑ ගහගෙන ඌගෙ පස්සෙ යද්දී එක පාරටම දඩ බඩාන් ගාලා විදුරු දොර සිප ගත්තා. උදේ ක්ලීන් කරලා නේද තියෙන්න ඇත්තේ...

වැදුන පාරට තොලත් පුපුරද්දි අද දවස නම් අම්මට සිරි අසිරි වෙන දවසක් වෙයි කියලා හිතෙනවා කියපන්කො...

වැඩ අස්සෙ ඔලුව ඔබාගෙන කරනවා කරනවා මැෂින් එකක් වගෙ. මනුජව හම්බවෙන්න කොච්චර කරත් අමාරු වැඩක්. ඌ මේ ඉන්නවා මේ මිසින්.

"සුදු... මහන්සිද?" වනීශ්ගෙ කටහඩ කන ලගින් ඇහෙද්දී අපාය සහායක දැක්කා වගෙ තේරුනා. කරුමේ මූව මනුජ දැක්කොත් සංසාරේ භවේ දුකා වෙනවනෙ ලෙල්ලටම කෙලවෙන්න...

"මොන මගුලක්ද ඕයි කරන්නෙ. ඔඩිට් නම් ඒ පැත්තේ ඉදපන් මොන බම්බුවටද මේකෙ රිංගන්නෙ."
"මොකද මේ... කෝ බලනවා මගෙ දිහා..." පුපුරන ගමන් මම වනීශ් දිහා බැලුවේ මරන් කන්න පුලුවන් නම් කනවා කියන්න වගෙ.

"මොකක්ද තොලට වුනේ." මගෙ කේන්තිය ආයෙත් යටපත් වෙද්දී මගෙ අනුමානෙ හරි නම් දැන් මම වීදුරු දොර නෙවේ කිස් කරලා තියෙන්නෙ කොල්ලෙක්ව. අනිවා මූ හිතන්නෙ ඔහොම.

"කවුද කට කෑවේ. එකද උදේ ඉදන් තමුසෙ මාත් එක්ක ඇරියස් ආ..." වනීශ්ගෙ ඇස් වලින් ගිනි පිට පනිද්දී මම ආයෙත් බය වුනා මොන නාඩගමක් මෙතන නටයිද කියලා.

"වනීශ්, සස් මට ඔයාලාට කතා කරන්න ඕනේ එත් මෙතන කතා කරන්න බෑ..." කොහෙද ඉදන් ආව මනුජ කියලා ලිෆ්ට් එකට නැගලා වහලේ උඩට කවුන්ට් කරා.

ගිනි පුපුරන වනීශ්ගෙ ඇස් දිහා මොකාද වගෙ මම බලන් ඉද්දි මනුජ ඉස්සරහා බලන් හිටියා. අපි තුන් දෙනාම වහලේට ආවාම මනුජ පස්සෙ මම ගියා.

"වාව් මෙතනට ආව කාලයක් මතක නෑ..." මම ඇස් දෙක පියන් ඇගෙ වදින හුලගට ඇස් පියා ගත්තාම මනුජ කතා කරා.

"උඹලා දන්නවා උඹලා දෙන්නා ගැන ඔෆිස් එකෙ ඌන් දැනගත්තොත් වෙන දේ මොකක්ද කියලා"

"අපි ගැන මොකක්ද?" වනීශ් මනුජගෙ ඇගට පනින්න යද්දී මම නැවැත්තුවා.

"ඕක ඔයාට මගෙ කටින්ම අහන්න ඕනෙද වනීශ්.. උඹලා දෙන්නා ලව් කරනවා මට විතරද වෙන ඌන්ටත් නෝට් වුනාද කියන්න මම දන්නෙ නෑ... එත් එක දෙයක් මතක තියාගනින් මට උඹට මොනවා වුනත් ප්‍රශ්නයක් නෑ... ඒත් සස් ගැන මට ප්‍රශ්නයක්"
"කවද්ද දැනගත්තේ."

"උඹ මූ ඉස්සරහා ඉන්න විදියෙන් උඹේ ලගම ඉන්න මට සැක නොහිතුනා වගෙ නෙවේ ඒත් මම එදා හොස්පිටල් ගිය දවසෙ ඒ දේ දකිනකල් මම ශුවර් කරේ නෑ.."

"මොකක්..."
"වනිශ් මම වෙනුවට එතන වෙන එකෙක් හිටියා නම් තමුසෙයි මගෙ යාලුවයි ඉවරයි. හොද වේලාවට සකුන් ඇවිත් සෙටල් නොකරන්න මමත් පිස්සෙක් වගෙ වෙනවා."
"මේ අහන්න..."
"මොනවද අහන්න ඕනේ... ඔෆිස් එකක් මැද්දේ අරම කෑ ගහද්දී හිතුනේ නැද්ද මොකෙක් හරි දැක්කොත් වෙන දේ... මොනම මගුලක් හරි වුනා නම් පිලිස් මේ වගෙ කවුරුත් නැති තැනක් හොයාගන්න... අනික මගෙ යාලුවා ගැන හිතනවා. තමුසෙට උතුරන්න සල්ලි තියෙනවා රටකට පැනලා ඉදි හැමදේම අමතක වෙනකල් මගෙ එකාට මොකද වෙන්නෙ..."

වේලාවකට වනීශ් ගැන දුක හිතෙනවා. හැමෝගෙන්ම එයා බැනුම් අහනවා මම නිසා. මෙතන වැරැද්ද කරේ මම. මනුජ එහෙම කියලා යන්න හැරිලා ආයෙත් නැවතුනා

"අනික ඌ කාව වත් ඉම්බේ නෑ... දෝරේ වැදිලා තොල පැලුනේ.."

මනුජ යන්න ගියාම වනීශ් එතනම ඉද ගත්තා. හුස්ම අල්ලන් ඉදලා මහන්සි වගෙ. මම එයා ගාවින් ඉදගත්තෙ මට කොතනත් එකයි. වනීශ් වැටුන දවසක මට නැගිටින්න බෑ...

"සොරි සස්... මගෙ මගුල් ආශාව ඔක්කොටම වඩා වැඩියි..."
"කමක් නෑ එක හරි... ඔයා මගෙ වෙච්ච කොට දැන් ඔයාට මගෙ ගැන අයිතියක් තියෙනවා. ඔයා මෙතනින් වට්ටලා මාව මරලා දැන්මත් මම හිනා වෙනවා. ඒ ඔයා නිසා.." මම එහෙම කියද්දී වනිශ්ගෙ ඇස් තෙත් වුනා

"ඔයා මගෙන් පොඩ්ඩක් ඈත් වුනත් මගෙ පපුව රිදෙනවා සස්. අද උදේ ඉදන් තරහා වෙලා හිටියාම කොහොමද කියන්න මම දරාගන්නෙ.. ඔයාගෙ ජිවිතේ මම ම විතරක් ඉන්න ඕනේ සස්... මටම විතරයි..." වනීශ් කියද්දී මම එයාව හේත්තු කරගත්තා මගෙ ඇගට.

"මනුජ වැරැද්දක් කිව්වේ නෑ මැණික... අපි පරිස්සම් වෙන්න ඕනේ... ඔයාලාගෙ අම්මලා වුනත් මොන විදියට මේකට රිඇක්ට් කරයිද කියන්න අපි දන්නෙ නෑ..."
"ඒ කියලා මම ඔයාව අයින් කරන්න ඕනේද? මට මගෙ හැගීම් හංගන්න වෙනවද? මට ඕනේ කට්ටියටම කියන්න ඔයා මගෙ විතරයි ලං වෙන්න එපා කියලා."
"මම දන්නවා. සොරි මගෙත් බොරු කේන්තිය නිසා මේක වුනේ."

සමාජ සම්මතෙන් පිට පනින්න වුනාම අපි අසම්මත වෙනවලුනෙ. එත් මොනම හරි හේතුවකට අපි අපිටම බැදිලා ආයෙත් ගලවගන්න බැරි විදියට. වනීශ් කියන්නෙ මනුස්සයෙක් එයා හරියට එයාගෙ දේවල් රකිනවා. එහෙම එකෙ සකුන්ට මගෙ ගැන හැගෙන දේවල් විහාරා ගැන එයාට ඉවසන්න පුලුවන් වෙන්නෙ කොහොමද? හැගීම් දැනීම් කියන්නෙ ආ මෙතනින් එහාට බෑ කියලා ලිමිට් කරන්න පුලුවන් දේවල් වුනා නම් ලෝකෙන් භාගෙට භාගයක් මිනිස්සු අද සතුටින් ඇති. එත් ආදරේ කියන්නෙ ජාති, ආගම්, කුල මල වලින් වෙන් කරන්න පුලුවන් දෙයක් නෙවේ කියලා කියන අයම ලිංගිකත්වය කියන වෙනස් කම ආදරේට අපූරුවට ගලපන්නෙ ඇයි??? අපේ රටේ මිනිස්සු හරි ආසයි එයාලාගෙ වැරදි වෙන මනුස්සයෙක්ට ඇඩ් කරන්න. ඉතින් එහෙම රටකට සංවර්ධනය කියන්නෙ නිකන්ම නිකන් හීනයක්. ආදරේ කියන්නෙ ලිංගිකත්වයෙන් වට වුන ගින්දරක්... ලංකාව හදන්න කලින් මුලින්ම තමන්ම හැදෙන්න ඕනේ කියන අදහස ආව දවසට මම වගෙ අය වනීශ් වගෙ අය වගේම දුප්පත් පෝසත් හැමෝගෙම ජීවිත ලස්සන වෙයි....

කොල්ලො දෙන්නෙක් ඉන්න විඩීයෝ එකක් දැන්මාම කෙල්ලොන්ගෙ කොල්ලොන්ගෙ කමේන්ට් දැක්කාම කියන්න පුලුවන් ඒ මනුස්සයා කොයිතරම් දුරට පරිණතද කියලා...

❤❤❤❤❤❤❤❤❤❤❤❤

ලමායි සොරි මට වැඩ වැඩි ටිකක්... එත් බලන්න ආස කොටසක් නිසා ගොඩාක් පරක්කු කරොත් මගෙ හිතට හිස් කමක් නිසා මම ලියනවා. ඇත්තටම ලගදි ඉදලා ලංකාව ගැන කලකිරීමෙන් ඉන්නෙ. ඒකම හේතුවක් තමයි මේවා පරක්කු වෙන්න... ඉතින් පරිස්සමෙන් ඉන්න ඔක්කොම ආදරේයි  ❤😘

Continue Reading

You'll Also Like

12K 2.6K 27
අත්වැරදීමකින් රාජකීය පරම්පරාවක මුල් පුරුකෙන් ආරම්භ වූ ශාපයක් අවාසනාවන්ත ලෙස පරපුරේ සියලු සාමාජිකයන් අකාලයේ මරු තුරුලට යැව්වා.......... දශක කිහිපයක්...
28.8K 3.9K 43
නුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️
14.8K 1.8K 38
ඉපදෙන්නෙ නැවතත් මා වශියෙන් ඔබෙ ආදරේ
150K 5.1K 50
"ငါယဥ့်ကိုဘယ်တော့မှချစ်လာမှာမဟုတ်ဘူး" "ငါလည်း ညီ့ကိုချစ်တယ်လို့မပြောမိပါဘူး " "နင်စိတ်ချပါ နန်းစုယဥ်ဆိုတဲ့ငါက ကိုယ့်လည်ပင်းကိုကိုယ်ကြိုးကွင်းပြန်မစွပ...