💙ඔබ අභියස🖤 (Complete)

By breath_21

34.4K 5.1K 1.4K

මතකය සුන්දරයි.. එක දිගට සිහි වෙන... ආදරය විඩාබරයි... නුඹ මගෙ නොවුන කොට... වේදනාව විතරයි... වර්තමානයේ එක පිට... More

01.
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40

20

807 134 42
By breath_21

උදේ වෙලා තේරුනේවත් නෑ. අද තමයි මගෙ නිවාඩු අන්තිම දවස. තාමත් මාව බදාගෙන නිදාගෙන ඉන්න වනිශ්ව එහාට දාලා මොනවා හරි බලලා හදන්න කියලා කුස්සියට ගියාට මෙලෝ මගුලක් නෑ.

"එර්‍රර්" බඩත් ගොර ගොර ගානවා. අරූ ගෙම්බා පොළෙ ගැහුවා වගෙ නිදි... "ඕච්... බඩගිනි..." මූණ කට හෝදගෙන මාර්කට් එකට යන්න ලෑස්ති වුනා. මොනවා නැතත් මෙහෙ අවුරුද්දක් විතර ඉන්න තරම් ඇදුම් ගෙනල්ලා.

උදේ 10ය විතර වෙනකල් එළවලු මාලු ගන්න ඇවිද්දා. කඩෙන් කනවා කියලා කන්න බෑනේ එම. අනික අර යකාගෙ ගේ ඇතුලෙ ඔක්කොම බඩු තිබ්බ නිසා උයාගෙනම කනවා කියලා හිතලා බඩුත් කරගහගෙන ගෙදරට එද්දීත් අනේ මූට යමර නින්දක්. තාම නිදි. කුස්සියට ගිහින් උයන්න හැදුවේ දවල්ටම. මොකො ඉතින් අර හැලපයා දැන් දවල්ටමනෙ නැගිටින්නෙ. මම පොලුත් ගාලා එලවලු කපනකොට වනිශ්ගෙ ෆෝන් එක රින්ග් වෙනවා එකදිගටම. මම ගිහින් ෆෝන් එකෙ බලද්දි නමට W😶 කියලා තිබ්බේ. අන්සවර් කරන්න බැරි නිසාම වනිශ්ව නැගිට්ටන්න තට්ටු කරා

"වනිශ් නැගිටින්න..."
"වනිශ්...." නැගිටලා ඇස් අඩවන් කරලා බලලම

"මගෙ වයිෆි... එන්නකො නිදාගන්න.." මගෙ ඉණෙන් අල්ලලා මූ ඇදේ ඉන්දෙව්වා

"අනේ මේ නැගිටපන් ගස් ගොබිලෝ. තෝ හිතුවද මම ගෑනියෙක් කියලා. පලයන් යන්න.. මම යනවා බෝඩිමට"
"ඒයි හබී... සොරි..."
"හබීබි ගගා ඉදාම් තොගෙ w කතා කරනවා... කවුද කියපන් ඒ.."
"අම්මා වෙන්න ඇති. මොකක්ද අනේ ආදරේන් කතා කරන්නකො.."
"ආදරේ ආදරේ පෙන්නන්න තමා මේ හදන්නෙ එහාට වෙනවා."
"බෑ..."
"වනීශ් තෝ මගෙන් බත් කනවද ගුටි කනවද?"
"ඔයාවම කන්නම් ඒයි... බලන්න ඒ ශෝට් ටිකට තියෙන සෙක්සි ලූක් එක.." මේ වලත්තයා එළියට ඇවිත් තිබ්බ කකුල අත ගාලා කිස් එකක් දුන්නා.

"තෝ නම් වලත්තයෙක් බං."
"උඹ ලග ඇයි බං මම රහත් වෙන්න ඕනේ."
"රහත් නොවුනත් සංවර වෙයන්. විරාජ්ගෙන් කාපුවා මතකනෙ.. "
"මටත් දෙන්න පුලුවන් කම තිබ්බා මම වැරදි නිසා පැත්තකට වුනේ..."
"දැන් අත්තරිනවද?"
"සුදු ගුට් මෝර්නින් කිස් එකවත්"
"දත් මැදලා එනවා මම යනවා" වනිශ්ව තල්ලු කරලා එද්දී මේ මිනිහා කෙදිරි ගානවා.

"හේයි... පොඩ්ඩක් ආදරේ කරපන්කො අරාබියන් ඔටුවෝ..."
"මට බෑ ඉතියෝපියන් මී යෝ..."
"මටද මීයා කිව්වේ"
"කණ්නාඩියෙන් බැලුවොත් පෙනෙයි..."

මම ආයෙත් උයන්න ගියා ඔක්කොමත් ඉවර කරලත් වනිශ් එළියට ආවේ නැති නිසා කාමරේට ගියෙ.

"හරි හරි මම තියන්නද දැන්"
"ඕහෝශ් ඔලුව කන්න එපා..."
"තේරුනා..." වනිශ් කතා කරේ අමනාපෙන් වගෙ එකත් මිමිනුවා වොශ් රූම් එක ඇතුලෙ. එක අහන්න ඉන්න ඕනේ වුනත් වතුර එක උණු වුන නිසා කුස්සියට ගියා..

"ම්ම්ම්ම්... සුදු උම්මා එක..." කල්පනාවේ හිටිය මගෙ බෙල්ලට සීතලක් දැනෙද්දී වනිශ් මාව පිටිපස්සෙන් බදාගෙන.

"ම්ම්ම්... රසයි..." නැගිට්ට ගමන්ම මගෙ බෙල්ල කිස් කරන ගමන් වනිශ් කියනවා

"නිකන් ඉන්න වනිශ් ආ තේ එක. තව ටිකකින් කමු..." මම තේ එක පෙන්නද්දී වනිශ් ආයෙ මගෙ මූණට එඹුනා.

"හේයි මොකක්ද අවුල කියන්න. ඔයා මොනවා හරි හිතනවා නේද?"
"වොශ් රූම් එකෙ අර රහසින් කතා කරේ කා එක්කද?"
"අයියෝ සස්... මොකද අනේ මේ..."
"මම අහපු එකට උත්තර දෙන්න වනීශ්.."
"අම්මා..."
"ඇයි හොරෙන්.."
"හොරෙන් නෙවේ එයා මට බනිනවා. ඉතින් එවා ඔයාට අහන්න දෙන්න කියලද කියන්නෙ."
"මොනවද දැන් කිව්වේ."
"වීරසිංහ කියලා සතියෙම මම ආවේ නෑ කියලා."
"ගොන් වැඩනෙ වනීශ් ඔයා කරන්නෙ.. වැඩට යන්න ඕනේ. පවුලෙ ප්‍රශ්න පවුල ඇතුලෙ. ඔෆිස් එක ඔෆිස් එකෙ. පිට ප්‍රශ්න පිට." මම දේශනා දුන්නා.

"ඉතින් මට මගෙ පවුල වැදගත් නිසයි මම සතියෙම නිවාඩු ගත්තෙ."
"ඇයි පවුලට මොනවා වෙලාද?"
"පවුල ගියානෙ අයියෙක් එක්ක ගමේ නොකියම..."
"මම පවුල නෙවේ පිට වනීශ්..."
"තමුසෙගෙ ඔය කට පොඩ්ඩක් හදා ගන්නවා සස්... පිට නම් තියාගන්න මෙච්චර කටු කන්නෙ නෑ.."
"එත් ඔයාට..."

"සුදු.. පිලිස්. අද ඉමුද සතුටෙන්. ඔයාට දේශනා දෙන්න වෙන දවසක නිවාඩුවක් මම දෙන්නම්... එනිවේ මැණික තේ එක ෆට්ට... උම්ම්ම්ම්ම්ම්මාහ්" නලලට කිස් එකක් දීලා එයා ගියා. තව ටිකකින් කනවා කියලා මම කිව්ව නිසාම මමත් ගියා සැටියට.

"සුදු..."
"ම්ම්ම්ම්"
"මට ඊයෙ හොදට නින්ද ගියා." වනිශ් මගෙ උරහිස්ස වටෙන් අත දාලා එයාට ලං කරගත්තා.

"වනීශ් ගිහින් ඇදුමක් ඇද ගන්නවද? තුවාය පිටින් ගෙවල් වල මිනිස්සු tv බලන්නෙ නෑ..."
"හේයි... ඔයාගෙ දේ ඔයාගෙ ඉස්සරහා කොහොම හිටියත් කමක් නෑ.. ඔයා මෙතන ඇදුම් නැතුව හිටියත් මම නම් මුකුත් කියන්නෙ නෑ..." ඇගිලි දෙකෙන් තොල් ශිප් කරා වගෙ කරන ගමන් ආයෙත් මාව ගුලි කරගත්තා.

"ආස ඇති..."

"ම්ම්ම්ම් ගොඩාක්... එකනේ මමම ඇදුම් ගෙනාවේ... බලන්න එවායෙ ලස්සන... තමුසෙගෙ ඇග ගෑණියෙක්ට වඩා ෆට්ට ඕයි."
"ඇයි තමුසෙ ගෑණු එක්කත් නිදාගෙන තියෙනවද?"
"ඔන්න ඔන්න කිව්වා. තමුසෙ එක්ක මම හොදින් ඉන්න ෆුල් ට්‍රයි දෙද්දී බුරු අණ්ඩපාල කතාම කියලා මගෙ ගූ කට අවුස්සගෙන අන්තිමේට දුවලා යනවා බෝඩිම අස්සට.." වනිශ් ආයෙත් කෑ ගහද්දී මම ඒ යාකාට ලං වුනා...

"ෂ්ෂ්ෂ් මහත්තයෝ මෝර්නින් කිස් එක දෙන්න ඕනේද?"
"ම්ම්ම් ඕඕඕ..." වනිශ් තොල් දෙකට ඇගිල්ලෙන් ගැහුවා...

"එක්කෝ ඕනේ නෑ තමුසෙ අර නිදාගත්ත ගෑණුන්ගෙන්ම ඉල්ල ගන්නවා.." මම ආයෙත් වනිශ්ගෙන් එහාට ගිය.

"තමුසෙට මගෙ ඔලුව කන්න හේතුවක් නැත්තම් කොහෙහරි යන ගෑනියෙක් හරි ඇදලා ගන්නවා..."
"ඉතින් ඔලුව කන්නෙ නැති එකක් හොයාගෙන ලව් කරනවා."
"මෙන්න මෙහෙ වරෙන්" මාව ඇදලා අරන් තොල් දෙක එයාගෙ වගෙ කිස් කරා. එයා මාර ආසයි මට පොඩ්ඩක් හරි රිද්දන්න.. තොල හපලා හම කෑල්ලක් අරගෙන හිනා වෙලා ආයෙත් බෙල්ලට ගියා. මූ නම් ශුවර් වැම්පයර් කෙනෙක්...

"ව... වම්..."
"ම්ම්ම්.."
"එපා මාර්ක් තියන්න.. පිලිස්..."
"මගෙ දේවල් මගෙ..."
"එ..ම්ම්..." හැගිම් කියන්නෙ හරි පුදුම දෙයක් එදා බලෙන් කරද්දී මට හිතුනෙ නැති එවා මට අද මේ දැන් හිතෙනවා. එත් එච්චරටම දෙකට නැවෙන්න තරම් අමු ගවයෙක් නෙවේ මම... මම වනිශ් පපුවට යන්න හදනකොටම එයාව නැවැත්තුවේ එකයි.

"කන්න යමු... බඩගිනි..."
"මම කන ගමන් හිටියෙ..."
"මගෙන් සුද්ධ සිංහල අහගන්න ඕනේද?"
"හරි හරි ඉතින් යමු. ඔයා කියනකල් මෙතනින් එහාට යන්නෙ නෑ..." වනිශ් එහෙම කියලා ආයෙ බෙල්ලට කිස් එකක් දුන්නා...

"තමුසෙ වැම්පයර් කෙනෙක් ද?"
"අනේමන්දා ඕයි. තමුසෙගෙ බෙල්ලෙ මේ බර්ත් මාර්ක් එක දැක්කාම උරන්නමයි හිතෙන්නෙ..."
"හරි හරි කමු..." ඇත්තටම මම මේ ජිවිතේට ආසයි. මම ආස කරපු ජිවිතයක් මේ.

අපි දෙන්නම කාලා ඉවර වෙලා වනිශ් කොහෙ හරි යමු කිව්වා. කොහොමත් ගේ ඇතුලෙම ඉදලා මොනවා කරන්නද? එත් මේ සීමාවෙන් එහාට මමයි දනීශුයි යාලුවො විතරයි.

"සුදූ ඉක්මන් කරන්නකො."
"පොඩ්ඩක් ඉන්න"
"මොනාද අනේ කරන්නෙ."
"විරාජ්ට කෝල් එකක් දෙනවා"
"ඒ මොකටද?"
"නිකන්." වනිශ්ට ටිකක් කේන්ති ගියා වගෙ වුනා එත් මට බෑනේ මගෙ අයියණ්ඩි ගැන හොයන්නෙ නැතුව ඉන්න

"හලෝ සුදු මොකො අවුල.."
"අවුලක් නෑ කොහෙද ඉන්නෙ තමුසෙ."
"ස්වාප්නාගෙ බෝඩිමේ."
"අනේමන්දා බං උඹත්. එකක් තෝර ගනින්..."
"හරි හරි තෝ කොහෙද?"
"කැම්පස් එකෙ..."
"අහ් හරි අර වල් නරියා එක්ක ගැවසෙන්න එපා. මොන මොන කුණ්ඩවාලද දන්නෙ නෑනේ."
"මට පිස්සු කියලා හිතුවද?"
"මම නොදන්නවද තෝ ගැන පොඩ්ඩක් ආදරේන් කතා කරපු ගමන් අමු ගවයා වගෙ දී ගෙන යනවා."
"පලයන් යන්න. පරිස්සමෙන් ඉදපිය..."
"හරි හරි බුදුසරණයි පරිස්සමෙන් ඉන්න"

ෆෝන් එකත් තියලා දොරත් වහලා මම ගියෙ බයික් එකට...

"සස් කා එකෙ යමු..."
"ඔයාට ආස නැද්ද බයික් එකෙ යන්න මා එක්ක."
"එත්.."
"කමක් නෑ ඉතින් ඔයාගෙ කා එක සර්විස් එකෙන් ආවාම ඔයාට මගෙ සුටි මැණික ඕනේ නෑනේ."
"එහෙම නෙවේ මම කා එක නැතුව ගිහින් නෑනෙ කොහෙවත්..."
"හා හා යමු." මම එහෙම කියද්දී ආයෙත් මගෙ දිහා බැලුවා.

"යමු නගින්න... හැබැයි මම තදින් බදාගන්නවා." වනිශ් එහෙම කියලා බයික් එකට නගින්න කිව්වා

"ඇයි දැන් කාර් එක."
"එක තිබ්බාවේ. ඔයාව මට වටිනවා. ඔයාට මොනවද ඕනේ ඒ දේ මම දෙන්නම්... මගෙ සතුට හරි"
"ඇයි ඔයාගෙ සතුට මට දෙන්න ඕනේ.."
"මොකද මගෙ සතුට ඔයාගෙ සතුට නිසා."
"ඔයා හින්දි ෆිල්ම් බලනවා නේද වනීශ්... හෙන චීසි..."
"ඕහෝ.... චීසි... බල්ලෝ මම තොට ආදරේ කරන එක චීසිද?"
"ඔයා නිකන් 60 දශලේ ප්‍රේම වෘර්තාන්තයක් වගෙනෙ වල් පල් කියන්නෙ.."
"තොට ආදරේ කරන මට ගහන්න ඕනේ මලකින්."
"අමතක කරන්න එපා මලත් සමගම පෝච්චියද එවිය යුතුයි.."
"අර්ර් තමුසෙ නම් අනේ මන්දා සුදු..."
"යමු යමු කොහෙද සර්ට යන්න ඕනේ.."
"ගල්කිස්සෙ බීච් යම.."
"පන්සල් එපාද?"
"මම කැතලික්..."
"එහෙනම් එදා මාළිගාවට ගියෙ."
"ඔයා ආස නිසා. ඇරත් කැතලික් අයට පන්සල තහනම් නෑනේ..'
"නෑනේ..."

අපි ගල්කිස්සට යන්න පිටත් වුනත් හරි වනිශ්ගෙ අත මගෙ ඇගෙම දුවනවා. දෙපාරක් තුන්පාරක් බැන්නත් ඔන්න් ඔහෙ ඕනෙ මගුලක් කියලා පස්සෙ බලන් හිටියා

"සස්.... ශෝයි අනේ..." බීච් එකට ගිහින් පොඩි එකෙක් වගෙ වැල්ලට දුවනවා.. හෙන කියුට් අප්පා....

"හේයි... පොඩි එකෙක් නොවි ඉන්නවා."
"මේ මේ ෆොටෝ එකක් ගන්නවා.."
"මට බෑ..."
"සස්...." කෑ ගහන කෑ ගැහිල්ලට මිනිස්සු අපි දිහා බලන් ඉන්නෙ කන්න වගෙ.

"හරි හරි... අපෝ කෑ ගහන්න එපා.."

මම ෆොටෝ අරන් දුන්නා. ඇත්තටම මම බීච් එකට වඩා ආස කදු වලට. වනිශ් ආස බීච් එකට. එයා කැතලික් මම බුඩිසම්. මම දුප්පත් එයා පෝසත්. මම සුදුයි එයා කලුයි... බලන් යද්දී අපි දෙන්නා පරස්පර විරෝධී දෙන්නෙක්.

"සස්... ඔයා දන්නවද දෙයක්.."
"මොකක්ද?"
"ඔයාට මතකද අපි ඉස්කූල් ට්‍රිප් එක ගියා ත්‍රින්කෝ"
"9යෙදී නේ.."
"ඔව් එදා මාබල් බීච් එකෙදී ඔයා ලග රශ්මී ඉද්දී මට හරියට කේන්ති ගියා.."
"ඒ රශ්මිට කැමති නිසානෙ."
"නෑ ඔයාට කැමති නිසා. මම එදා ඔයා මාබල් බීච් එකෙ නිදහසෙ හිනා වෙනවා දැක්කා. ඔයා හරිම අහිංසකයි. කවදාවත් කොතනවත් මට සතුටක් නොතිබුන නිසා මම බීච් එකට එන හැමපාරම ඔයාගෙ හිනාව මවාගන්නවා. මම බීච් එකට ආස ඒ හිනාව මතක් වෙන නිසාමයි."
"ඕහෝ... මෙයා හෙන ලව් එකෙන් මට ඉදලා."
"නැතුව. ඔයා නැතිව මේ සතියම මට නිකන් අපායක් වගෙ."
"හොදයි අගේ තේරිච්ච එක."
"තේරිලා ගොඩාක් කල්. එකයි වෙන අතකට යද්දී රිදෙන්නෙ... ඔයා මට ප්‍රෝමිස් වෙන්න මාව දාලා වෙන කෙනෙක් ගාවට යන්නෙ නෑ කියලා.."
"ම්ම්ම්ම් හරි.."
"කෝ ප්‍රොමිස් කියන්න.."
"ප්‍රෝමිස් වෙන කෙනෙක් ගාවට යන්නෙ නෑ ඔයාව දාලා.." මම එහෙම කියද්දී අපි ඉදන් හිටිය ගල උඩට සැර මුහුදු රැල්ලක් ආවා.. අපි දෙන්නම තෙමෙන්නම.

"ඒ බලපන්කො අර කොල්ලා හෙන ගති බං" අපි දෙන්නා ඉන්න තැනට ආව පොඩි කෙල්ලෝ හතර දෙනෙක් කතා වෙනවා. ඌන් නිකන් ක්ලාස් කට් කරලා ඇවිල්ලා වගෙ.

"ඒ දෙන්නා කපල් එකක් වෙන්න බැරිද?" එක කෙල්ලෙක් කියනවා මට ඇහුනාම මම ගොඩාක් බය වුනා. එත් දැන් එහාට ගියොත් අවුල්...

"ඕයි තෝ මේ bl බලලා ආවා කියලා දකින දකින හැම කොල්ලවම ශිප් කරන්න එපා.තව පොඩ්ඩෙන් සූ එකෙ ගුටි කනවා අර කොල්ලො දෙන්නව ෆලෝ කරලා."
"ඉතින් බං මම ආසයි රියල් කපල් එකක් දකින්න."
"අර මොකද?" තව කෙල්ලෙක් ඇහුවා

"මොකද මට එතකොට හිතෙනවා ලංකාවෙත් කොන්ද පණ තියෙන තමන්ගෙ සතුට විතරක් හොයන අය ඉන්නවා කියලා."
"උඹ ලෙස්බිද?"
"මට කෙල්ලොන්ට ෆීලින් ඇවිත් නෑ. ආවොත් තෝ වුනත් කමක් නෑ තෝ කැමති නම් මගෙ එච්චරයි"

මට සතුටු හිතුනා මම බයෙන් හිටියත් මම ඒ ගෑනු ලමයා කිව්ව දේ නිසා මන් ගැනම ආඩම්බර වුනා.

"අපි දෙන්නාගෙම කොන්ද පණ තියෙනවා සස්..."මන් වගෙම එක අහන් හිටිය වනිශ් එහෙම කියද්දී එතන එක කෙල්ලෙක් මට ෆට්ට ලයින්.

"මම අරකිගෙ ඇස් උගුල්ලනවා සස්..."
"වනිශ් දගලන්නෙ නැතුව ඉන්නවද?"
"මැරුම් කන්නෙ ගැනියෙක් නොවුනා න්ම්..."
"ඔයාගෙ වැරැද්ද මන් වගෙ ලස්සන කොල්ලෙක් එක්ක එෆේයා එක් පටන් ගත්ත එක."

"අයියා අපි හතර දෙනාගෙ ෆොටෝ එකක් ගන්නකො... පිලිස්ස්..."

ඒ කෙල්ලො හතර දෙනාගෙම මූණු මම හොදට බැලුවා අර bl girl ගෙ ස්පේශලි.

"කෝ දෙන්න..." මම එයාලගෙන් කැම් එක ගද්දී වනිශ් ගජරාමේට මට රවනවා. අර කෙල්ල ඒකත් මීටර් කරගෙන. එකි නිකන් ශර්ලෝක් හෝම්ස් වගෙ...

"අපි නම් රියල්. කොන්ද පණ තිබ්බට ලංකාවේ ඉන්න මෙහෙම ගොඩාක් අමාරුයි. ඔයාගෙ අර එක යාලුවෙක් හිටියෙ එහෙම මානසිකත්ව තියෙන අයත් ඉන්නවා."

අර ගර්ල් තනියම හිටියෙ ඇයි කියලා මම දන්නෙ නෑ එත් අර අනික් 3නම එකට ෆොටෝ බල බල ඉද්දී එයාට මම කිව්වා

"අයියාට පෙනවද මම එයාලගෙ මට්ටමේ නැති නිසා මම දැනුත් තනියම ඉන්නවා. ඉතින් ඔයා ඔයාගෙ දේ පරිස්සම් කරගන්න. මිනිස්සු එක්ක ඉන්න හරි අමාරුයි. එත් ඔයා ඔයාගෙ චොයිස් එක හරියට කරලා නම් ඔයා වින්.. දැන් මන් වගෙ කොන් වෙන්නෙ නෑ. ඒ වගෙම මිනිස්සුන්ට බයෙ අර අයියගෙ අත අහකට දාන්න එපා එයාට දුක හිතෙයි" ඒ ගර්ල් එක කියද්දි මට දුක හිතුනා. එයා තනි වුනා. එයාට ගැලපෙන අය නෙවේ එතන හිටිය නිසා

"තැන්ක්ස් නංගා..." හැමෝගෙම වගෙ කොණ්ඩේ ටිකක් අවුල් කරලා මම වනිශ්ට ලං වෙද්දී කෙල්ල අතින් සුපිරි කියන්න පෙන්නන්ලා..

" congratulations" කියන දේ කියනවා ලිප්ස් ලයින් වලින් මම දැක්කා.

"මොනවද කුටු කුටු ගෑවේ ඔලුවත් අත ගෑවා.."
"මම එයාට කිව්වා අපි රියල් කියලා. එයා විශ් කරා." මම ආපහු හැරිලා බලද්දි අර ගර්ල් ලගට එක යාලුවෙක් ලගට ගිහින් කතා කරා. ඒ කෙල්ල නිතරම අර කෙල්ල එක්ක ඉන්න් ට්‍රයි කරා කියලා මට දැනුනා.

'හැමකෙනෙක්ම අපිව තේරුම් ගන්නෙ නෑ... අපිට ගැලපෙන්නෙ නෑ... එත් අපි ඉන්න ඕනේ අපිව තේරුම් ගන්න වගෙම අපිව පිලිගන්න අය එක්ක... එතනයි සතුට තියෙන්නෙ. නැත්තම් ඉන්නෙ කවුද? ලිංගෙ මොකක්ද? කාගෙ කවුද?  දුප්පත්ද? පොහොසත්ද? එවා නෙවෙ. නමවත් නොදන්න ඒ කෙල්ලට මම හදවතින්ම සුභපැතුවා....'

වනිශ්ගෙ අත මෙච්චර වෙලා අයින් කරපු මමම ඇගිලි දාලා ඒ අත තදින් අල්ලගත්තා...

❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

1M 51.9K 74
ငယ်ငယ်တည်းကမတော်တဆမူတခုကြောင့်ကွဲကွာခဲ့ရတဲ့ အမြွှာညီအကိုနှစ်ယောက်ပြန်တွေ့ချိန်မှာကြေကွဲစရာအဖြစ် အပျက်တွေနဲ့အကိုဖြစ်သူရဲ့ကလဲ့စားချေမူတွေကိုရေးသား ထားပ...
13.5K 2K 30
❤️❤️❤️❤️❤️❤️ ඩෙස්ටිනේෂන් ❤️❤️❤️❤️❤️❤️ කෙනෙක්ගේ ජීවිතේ ඉස්සරහට යනවා කාලයක් ගෙවෙනවා මැරෙනවා ඉපදෙනවා... ඉතින් ජීවිතේ කියන්නේ ඉපදෙන මැරෙන එක විතරද? නෑ ජ...
20.2K 3.7K 23
සදාකාලික මතකයක මාව හිරකරපු... මගේ පළවෙනිම වගේම එකම ආදරේ... මගෙ අවී... මං ආදරෙයි.... එදත් අදත් හෙටත් හැමදාටමත්.... ___________________________________...
126K 4.4K 48
"ငါယဥ့်ကိုဘယ်တော့မှချစ်လာမှာမဟုတ်ဘူး" "ငါလည်း ညီ့ကိုချစ်တယ်လို့မပြောမိပါဘူး " "နင်စိတ်ချပါ နန်းစုယဥ်ဆိုတဲ့ငါက ကိုယ့်လည်ပင်းကိုကိုယ်ကြိုးကွင်းပြန်မစွပ...