𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)

By Dul_Shi

53.6K 8.3K 3.3K

ඩැඩී ... ඩැඩී ...??? ජස්ට් ෆලෝ මී ... ආෂ් මොන කරදරයක්ද මේක ... ______________________________________________... More

INTRO
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
👀
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34

Chapter 17

1.4K 294 148
By Dul_Shi

කතාව මතකද...තාමත් කට්ටිය ටේගේ ගෙදරලු හොදේ...

Comment goal 50😒



කිම් මැන්ශන් එක ගොඩක් පාලුවට ගිහිල්ලා.කොටින්ම කියනවා නම් මිස්ටර් කිම් මැන්ශන් එකේ නැති නිසා ඔහු මැන්ශන් එකේ සේවකයන්ට තමන් පැමිණෙන තුරු ඕනෙනම් නිවාඩු ගන්න කියලා තිබුන නිසා ගොඩක් මේඩ්ස්ලා කලාතුරකින් ලැබුන මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තා.ඇත්තටම මිස්‍ටර් කිම් නැතිවුනත් එයාගේ පුතාව තනියෙම මැන්ශන් එකේ දාල ගියා කියන එක මිස්ටර් කිම්ට අමතක වුනා නෙවෙයි.එයාට ඇත්තටම ටේහ්‍යුන්ග් ගැන ගානක් නැතිවෙන්න පුලුවන්.ඒත් අන්තිමේ කිම් මැන්ශන් එකේ තනිවුනේ.......

"ජිමින් සර්..."

අමතක වුනාද... අපි ඉක්මනින් එන්නම් කිව්ව ටේයි ජන්කුක්කයි එනකම් බලාගෙන ජිමින් තාමත් කිම් මැන්ශන් එකේ.ගෙදරදි ලැබෙන්නෙ නැති නිදහස කිම් මැන්ශන් එකේ තනියෙම ගෙවපු දවසේ උපරිමයෙන් වින්ද ජිමින්ව දැක්ක මේඩ්ස්ලට ජිමිනුත් ටේටේට දෙවෙනි නෑ වගේ කියලා හිතුනා.මුලු සාලෙම එකේක කෑම ජාතියි කෑමවල පැකට් සෝෆාවල කොට්ට අරවා මේවා තැන තැන විසිරිලා.මුලු දවසෙම එකේක කෑම ජාති කකා ෆිල්ම් බල බල හිටපු ජිමින් සෝෆා එකේ ඔලුව තියන් ඕන පැත්තට කකුල් දෙක උඩ දාගෙන ඉදගන්න තැනින් බිමට ඔලුව දාගෙන යටිකුරු පැත්තට ඉදන් මැන්ශන් එකේ ලොකු ඔරලෝසුවේ දෙපැත්තට වැනෙන බට්ටා දිහා බලන් හිටියේ හිස් බැල්මකින්.

"ජිමින් සර්...අපිට ජේකේගෙන් කෝල් එකක් ආවා..."

"මොකක්...ආහ්!!!"

තරුණ වගේම රූමත් මේඩ් කෙනෙක් එහෙම කියද්දි කෙළින් වෙන්න හදපු ජිමින්ව සෝෆා  එකෙන් බිමට වැටුණත් ඒක ගණන් නොගෙන ආපහු කතා කරා.

"ජේකේ...එයා කතා කරාද...ටේ හොදින් නේද? එයාට කිසිම කරදරයක් නෑනේ....එයාලා තාමත් ආන්ටිලගේ ගෙදරද?"

"ඔව්...ටේහ්‍යුන්ග් බේබිට කිසිම ප්‍රශ්නයක් නෑ සර්...එයාලා හොදින්...එයාලා මෙච්චරයි කිව්වේ....අද එයාලා මැන්ශන් එකට එන්නැල්ලු...මැන්ශන් එකේ කවුරුත් නැති නිසා ජිමින් සර්ට අද තනියෙම මෙහේ ඉන්න කියන්න කියලා ජේකේ කිව්වා..."

"වට් ජෙකේ!..."

ජිමින් ටිකක් සද්දෙන් ඇහුවේ මේඩ්ව ටිකක් ගැස්සිලා යද්දි.

"මේ මනුස්සයා එයා කවුරු කියලද හිතන් ඉන්නේ?...ශිට්...මම කොහොමද මේ හොල්මන් බංගලාව ඇතුලේ තනියෙම ඉන්නේ..."

"බය වෙන්න එපා ජිමින් සර්...මමයි අජුම්මයි ඉන්නවනේ...අනික මෙහේ හොල්මන් නෑ..."

මේඩ් සන්සුන් ස්වරයෙන් කියද්දි තරහෙන් හිටපු ජිමින්ගේ හිනාව ඉබේටම අතුරුදහන් වෙලා ගියේ කුප්ප හිනාවකින් එයා ළග හිටපු මේඩ්ගේ උඩ ඉදන් පහළටම බලද්දි.මේඩ් ළගට හෙමින් හෙමින් අඩි තියන්න ගත්තු ජිමින්...

"ඔව්...හොල්මන් නම් නෑ...බට්...යූ නෝ වට්...අයි ලයික් ප්‍රිටී ගර්ල්ස් අ ලොට්..."

ජිමින්ගේ සරාගී කටහඬට ඒ මේඩ් බය වෙලා ගියේ ජිමින් ඉස්සරහට තියෙන එක අඩියක් අඩියක් පාසා මේඩ් පිටිපස්සට අඩි තියද්දි.

"ස්..ස..සර්..."

"යෙස් බේබි..."

මේඩ්ට යන්න තවත් පාර මදි වුනේ බිත්තිය හරස් කරපු නිසා.හෙමිහිට මේඩ් ළගට ආපු ජිමින්ගේ ඇස්වලට බිම තිබුන ලොකුම ආයුධය මග ඇරුන එක එයාගේ අවාසනාව වෙන්නැති.

"ඔ...ඔන්න සර්...ඔතන..."

"ඕඕඕ.....ආ...ආව්!!!...ආෂ්...කොන්ද..."

එයාම කාපු කෙසෙල් ගෙඩියක කෙසෙල් ලෙල්ලක් අහම්බෙන් වගේ ජිමින්ගේ කකුලට පෑගුනේ ජිමින්ව ලිස්සලා ගිහින් ආපහු බිම වැටෙද්දි.ලැජ්ජාවටම තදින් ඇස් පියාගත්තු ජිමින් තොලුත් හපාගෙන ටික වෙලාවක් ඉදලා ආපහු නැගිට්ටේ මොකුත්ම වුනේ නෑ වගේ.

"මම කැමති ප්‍රිටී ගර්ල්ස්ලට වුනාට පොළොව කැමති මට..."

එහෙම කියාගෙන ඇස් ඇරපු ජිමින්ව බය වෙලා ගියේ එයා ඇස් වහගෙන හිටපු ටික වෙලාවට මුලු මැන්ශන් එකම කළුවර වෙලා තියෙනවා දැකලා.

"මො...මොකක්ද වුනේ...ඔ...ඔයා ඉන්නවද...."

ජිමින් ඉස්සර හිටපු මේඩ්ව හෙව්වත් එයාගෙන් හුම් සද්දයක්වත් ඇහුනේ නෑ.

"හෙලෝ...ප්‍රිටී ගර්ල්....කො...කොහෙද අතුරුදහන් වුනේ...කවුරුත් නැද්ද....ශිට් මගෙ ෆෝන් එක කොහෙද?..."

කට්ට කරුවලේම ජිමින් බිත්ති අත ගගා සාලෙ වටේ කැරකෙන්න ගත්තේ කරගන්න දෙයක් හිතාගන්න බැරුව.ළගම හිටපු මේඩ් පවා අතුරුදහන් වුන එක ගැන ජිමින් හිටියේ පොඩ්ඩක් බය වෙලා.නෑ පොඩ්ඩක් නෙවෙයි.එයාගේ හාට් එක දැන් අසූහාරදාහටම ගැහෙනවා.

"හැලෝව්..."

එකපාරටම කාගෙ හරි අතක් තමන්ගේ උරහිසින් තියෙනවා දැනුන ජිමින් එකතැන නතර වෙලා කෙල ගුලියක් ගිලුවේ හාට් එක දොට්ට පනින්න තරම් වේගයෙන් ගැහෙද්දි.ඒ කටහඬ අමුතු රහස් සරාගී කටහඬක් වුනා.වට  පිටාවම මූසල බවකින් වෙලුණත් කර කියාගන්න දෙයක් නැතුව හෙමිහිට පිටිපස්ස හැරුණ ජිමින් එතන හිටපු කෙනාගේ කකුල්වල ඉදන් උඩට වෙනකන්ම බලාගෙන ආවා.ඉටිපන්දමකුත් මූණ ළගට ළං කරගෙන කොණ්ඩේ කඩලා තොල්වල ලිප්ස්ටික් ගාලා සුදුම සුදු මූණකින් හිටපු එයාව දැකපු ජිමින්.....

"ආආආආ....මෝහිනී!!!...."

ගිරිය පලාගෙන කෑ ගහපු ජිමින් කර කියාගන්න දෙයක් නැති නිසාම සිහිය නැතිවෙලා බිම වැටුණේ ජිමින්ගේ කෑ ගැහිල්ලට ජිමින් ඉස්සරහ හිටපු මෝහීනීත් අන්දුන් කුන්දුන් වෙද්දි.බිම වැටුණු ජිමින් ළගට පාත් වුනු ඒ මෝහිනි....

"සර්...අයියෝ...සර් නැගිටින්න......අපි ඒක කන්ටිනියු  කරමුකෝ...ආයිෂ්...කලබලේට දාපු මේකප් එකට මාව මෝහිනී වගේ පේනවද අයියෝ.... ශිට්...මදැයි රොමෑන්ටික් වෙන්න හැදුවා....."




ඒ අතර ටේගේ ගෙදර තිබුන කලබල ගතිය මේ වෙද්දි පහව ගිහිල්ලා තිබුනා.ජන්කුක්ගේ ඉණ වටේ කකුල් දාගෙන ජන්කුක්ගේ බෙල්ලෙ මූණ හංගන් ජන්කුක්ව බදාගෙන හිටපු ටේහ්‍යුන්ග්ට ඒ වෙද්දිත් නින්ද ගිහින් තිබුනා.ජන්කුක්ගේ ශරීරයට නම් ටේව ඒ තරම් දැනුනෙවත් නැති තරම්.ජන්කුක් ටේහ්‍යුන්ග්වත් වඩාගෙන ඉන්න අතරේ සෝෆා එකේ වාඩි වෙලා හිටපු ටේහ්‍යුන්ගේ ඔම්මා  කර කියාගන්න දෙයක් නැතුව ගල්  ගිලලා වගේ බලන් ඉන්න ජිනුයි නැම්ජුනුයි දිහා බලන් හිටියේ ටිකක් තරවටු පෙනුමකින්.අතේ තිබුන ෆයිල් එක පෙන්නුව ඔම්මා....

"ජින්....මේ දේවල් සේරම ගැන අපි හෙට කතා කරමු....

පුතේ..."

ටේව වඩන් ඉන්න ජන්කුක් පැත්තට හැරුණ ඔම්මා ජන්කුක්ට එහෙම කතා කරද්දි පුදුම වුණේ ජන්කුක් විතරක් නෙවෙයි.නැම්ජූනුයි ජිනුයිත් ගොඩක් පුදුම වුණා.

"ඕ....කි..කියන්න..."

ජන්කුක්ගේ වචන පැටලුනේ ඉබේටමයි.තමන්ගේ මව ඇරෙන්න තවත් මවක් ඔහුට එහෙම කතා කරපු පළවෙනි වතාව ඒක වුණ නිසා ජන්කුක්ගේ දරදඩු හදවතට හදුනා ගන්න බැරි අමුතු හැගීමක් දැනෙන්න ගත්තා.

"දවසෙම ටේ එක්ක ඉදලා පුතාට කොච්චර අමාරු ඇතිද කියලා හිතාගන්න පුලුවන්...ඔයාගෙන් ටේව ගලවගන්න බැරි නිසා එයත් එක්කම එයාගේ කාමරේ නිදාගන්න...අපි හෙට කතා කරමු..."

"ඔම්මා...ඒත්..ජ්කේ කියන්නේ?..."

"ඒත් මේත් නෙවෙයි ජින්...මම දන්නවා ජේකේ කියන්නේ ජන්ග්හ්‍යුන්ට වැඩ කරන එක මිනිමරුවෙක් කියලා...ඒ වගේම මම මේකත් දන්නවා...ඔය තරම් දරුණු මිනීමරුවෙක් නම් ටේ එක්ක ඉදපු ඒ මිනීමරුවා මෙලහකට එක්කෝ ටේව මරලා නැත්තන් ටේව බලාගන්න දුන්න කිම්ව මරලා...ඕනම දරදඩු හිතක් මෙල්ල කරන්න හුරතල් ඇස් දෙකකට පුලුවන් කියවනේ...මම හරි නේද...ජේකේ පුතේ..."

ජන්කුක්ට කියන්න කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටියේ ටේහ්‍යුන්ගේ මව සියුම්ව හිනාවෙද්දි.

"පුතාගේ ඇත්තම නම මොකක්ද...හැමෝම ජේකේ ජ්කේ කිව්වට වෙන ලස්සන නමක් ඇතිනේ නේද?..."

"මගෙ...මගෙ නම ජ...ජන්කුක්...ජියෝන් ජන්කුක්..."

"හරි ජන්කුක් පුතේ...ටේව එක්කගෙන යන්න....ඔයාටත් ඔහොම ඉදලා අමාරු ඇතිනේ..."

ටේහ්‍යුන්ගේ මව එහෙම කියද්දි ටිකක් තුෂ්නිම්භූත වෙලා හිටපු ජන්කුක් පිටිපස්ස බල බලම ටේවත් අරන් එතනින් ගියා.ටේහ්‍යුන්ග් ඒ තරම් අහිංසක වගේම ගොඩක් යහපත් කෙනෙක් වෙන්න හේතුව ඔහුගේ මව බව ජන්කුක්ට ඒ වෙද්දි හොදටම තේරුනා.ඒත් ජන්කුක්ට තාම තවත් ප්‍රශ්නයක් ඉතුරුයි.ඒත් ටේහ්‍යුන්ගේ ලිට්ල් ස්පේස් බබා පොඩි රාක්සයෙක් වුනේ කොහොමද?


ඉන්පසුව මව ජින් දෙසට හැරුණේ උගුර පාදන ගමන්මයි.

"හ්ම්ම්....ඔය දෙන්නා...අපි එහෙනම් මේ ගැන පස්සේ කතා කරමු...තව එක කාමරයයිනේ ඉතුරු...ඒක ඔයාලා දෙන්නට ශෙයා කරගන්න පුලුවන් නේද..."

මව එහෙම කිව්ව සැනින් ජින් හා නැම්ජූන් මූණට මූණ බලාගත්තේ කෙල ගුලියක් ගිලන ගමන්.

"මිස්ටර් නැම්ජූන්...මෙහේ නම් ඔයාලගෙ වගේ ඒ තරම් සැප පහසුකම් නම් නෑ...ඒත් මේ වහින වෙලේ මහ රෑ ගෙදර යන්න දෙන්නත් බෑනේ...ඒත් ඔයාලට එක කාමරයක් ශෙයා කරගන්න පුලුවන් නේද? ඔයාලා යාලුවොනේ..."

"ඒත්...ඒත් ආන්ටි....."

"ඕ...ඕ...ඔව් කමක් නෑ...යාලුවන්ට පුලුවන් ඔම්මා...."

ජින් කලබලයෙන් උත්තර දෙන විට නැම්ජූන් ඇස් ජිල් බෝල කරගෙන ජින් දිහා බැලුවා.මව ලාවට  හිනාවෙලා එතනින් ගියාට පස්සේ ටික වෙලාවක් මුකුත්ම නොකියා මූණු දිහා බලාගෙන හිටපු දෙන්නා එකපාරටම ආපහු අහක බලාගත්තා.






"මෙතනින් එහාට ඔයාට එන්න බෑ නැම්ජූන්...තේරුනාද?..."

ඇද මැද්දෙන් කොට්ට කීපයක් තිබ්බ ජින් ඇද දෙකට වෙන් කරලා එහෙම කිව්වේ ඔලුව කස කස ඉදපු නැම්ජූන් ඔලුව වනද්දි.

"කමක් නෑ ජින්...මම අතන සැටියෙන් නිදාගන්නම්...ඔයා ඇදේ නිදාගන්න..."

"මගෙන් මැරුන් කන්නැතුව ඇවිත් නිදාගන්නවා..."

එහෙම කිව්ව ජින් ඇදේ අනිත් පැත්ත හැරිලා බ්ලැන්කට් එක පොරවගෙන ඇස් පියාගත්තා.ටික වෙලාවකින් නැම්ජූන් අනිත් පැත්තෙන් හාන්සි වුනා කියලා තේරුන ජින්ගේ හද ගැස්ම වැඩි වුණේ ඇස් තවත් තදින් පියාගනිද්දි.ලයිට් එකත් ඕෆ් වුනා.නිදාගෙන ඉන්නවා වගේ අනිත් පැත්ත හැරිලා හිටපු ජින් ගොඩක් කලබලයෙන් හිටියේ මොකක්හරි බලාපොරොත්තුවෙන් වගේ.

ටික වෙලාවක් බලන් ඉදියත් කිසිම වෙනසක් නැතිවුනා.ඒත් එක්කම ඇදේ අනිත් පැත්තෙන් ඇහුනේ....

"ගර්ර්ර්....සූzzz.....ගර්ර්ර්ර්....සූzzzz...."

ඔව් ඒ නැම්ජූන්ගේ ගෙරවිල්ලට ජින්ගේ ඇස් උඩ ගියා.පොරවගෙන හිටපු බ්ලැන්කට් එකත් පැත්තකට දාලා නිදාගෙන ඉන්න නැම්ජූන්ගේ මූණට එබුන ජින් දත්මිටි කන්න ගත්තේ ඒ ආවේගයෙන්ම ආපහු අනිත් පැත්ත හැරිලා බ්ලැන්කට් එක ඔලුවටම පොරෝගනිද්දි...

"ශිට්...මේ වගේ මනුස්සයෙක්ටනේ මම ලව් කරන්නේ..."



එතකොට ටේගේ කාමරේ හරිම සාමකාමීයි.දවසෙම වගේ ගොඩක් මහන්සි වුන නිසා ඒ වෙද්දි දෙන්නටම හොදටම නින්ද ගිහිල්ලා තිබුනා.ජන්කුක්ගේ බඩ උඩින් එක කකුලක් දාලා අතකින් ජන්කුක්ව බදාගෙන හිටපු ටේගේ අනිත් කකුලයි අතයි තිබ්බේ වෙනම පැත්තක.මැරිලා වගේ නිදාගෙන හිටපු ජන්කුක්ත් ටේහ්‍යුන්ගේ එක කරකින් අත දාගෙන තමන්ට තුරුලු කරගෙන හිටියා. ඒත් එයාලා අතර තිබුන සාමකාමී බවත් වැඩි වෙලාවක් තිබුනේ නැත්තේ ටේ රහසින් කතා කරන හඩ ජන්කුක්ට නින්දෙන් වගේ ඇහෙද්දි.

"ඩැඩී....."

ටේගේ පළවෙනි උත්සහය අසාර්ථක වුණා.ඒ සැරේ හෙමිහිට ටේබල් ලෑම්ප් එක ඔන් කරලා ජන්කුක්ගේ ඇග උඩට නැගපු චූටි ටේටේ ජන්කුක්ගේ ඇස් පියවිලා තිබුන මූණ දිහා ටික වෙලාවක් බලන් හිටියේ ඇස් බෝල කරගෙන.

"ඕමෝ...මයි කියුත් ලිට්ල් ඩැඩී...ටේටේ වදේම කියුට් ටේටේගේ ඩැඩීත්..."

ඒක ජන්කුක්ට ඇහුනා නම් ජන්කුක් වහ කනවා.තමන් මෙච්චර කල් මිනිස්සුන්ට පිහියත් පෙන්නලා බය කරේ කියුට් මූණක් තියාගෙනද කියලා.ටික වෙලාවක් බලන් ඉදලා ජන්කුක්ගේ මූණටම ළං වුණු ටේ ආපහු රහසින් හීනී හඩක් අවදි කළා.

"ඩැඩී.....අලේ ඩැඩී නැගිටින්නකූ...ටේටේට සීතයි..."

ජන්කුක් හිටියේ මර නින්දේ.ටේ තමන්ගේ ඇග උඩට නැග්ග බවක්වත් දැනුනේ නැති ජන්කුක් ඔය චූටි කටහඬට නැගිටීද...ටික වෙලාවක් තොලුත් පෙරලන් මූණත් ඇඹුල් කරගෙන බලාගෙන හිටපු ටේ....

"ඩැඩී නැගිටින්නේ නැත්තන් ටේටේ මේක කලන්න කාගෙන්ද පල්මිෂන් ගන්නේ...

ඩැඩී නැගිටින්නේ නෑනේ..එහෙනම් ටේටේට පනිශ් කලන්න බෑ...ඕකේ?...

නෑ...නෑ...ටේටේ නෝටි වැඩක් කලන්නේ නෑ...ගුඩ් බෝයිස්ලා මොනාහලි කලන්න ඉස්සෙල්ලා පල්මිෂන් ගන්න එපැයි...ඒකයි...ඒනම් කමක් නෑනේ...?"

ටේ නින්ද ගියපු ජන්කුක් එක්ක තනියෙම කතා කළා.එහෙම කියලා බොක්සි ස්මයිල් දාපු ටේ හරිම සතුටින්  එයා පර්මිෂන් ගත්තු වැඩේ කරන්න හැදුවේ ජන්කුක්ගේ කිසිම අනුදැනුමකින් තොරව.

කිසිම දෙයක් හරියකට නොතේරෙන අපේ පුංචි ටේටේ එයාගේ කියුට් ඩැඩීගේ ශර්ට් එකේ බොත්තම් උඩ ඉදන් එකින් එක ගලවන්න ගත්තේ හරිම සතුටකින්.

බොත්තම් කිහිපයක් ගලවලා ජන්කුක්ගේ ඕපන් ඒරියා චෙස්ට් එක දිහා බෝල ඇස්වලින් බලපු ටේ ජන්කුක්ගේ පපුව උඩින් ඔලුව තියලා ගුලිවුනේ ජන්කුක්ගේ හදගැස්මට අහුම්කන් දෙන ගමන්.

"හලි...දැන් ටේටේට සීත නෑ...ටේටේට ශනීපයි..."

එක්කෝ ජන්කුක් නිදාගෙනම හිටපු එක හොදයි. ජන්කුක් නැගිටලා හිටියා නම් ඒ වෙලාවේ හිටපු අසරණම මිනිහා තමන් කියලා ජන්කුක්ට හිතෙන්න බැරි නෑ.



ඒ අතර කිම් මැන්ශන් එකේ බ්ලැන්කට් එක ඇතුළටම ගුලිවෙලා සීතලේ වුණත් දාඩිය පෙරාගෙන හිටපු ජිමින්....

"දෙවියනේ මම ආපහු කෙල්ලො පස්සේ යන්නේ නෑ...සත්තයි...දෙවියනේ මම ආපහු කිසිම කෙල්ලෙක් දිහා ඇහැක්වත් ඇරලා බලන්නේ නෑ...සත්තයි...දෙවියනේ...මම ආපහු කිසිම කෙල්ලෙක්ව බය කරන්න හිතන්නෙවත් නෑ....සත්තයි...දෙවියනේ ආපහු නම් මෝහිනීව මගෙ ඇස් ඉස්සරහට ගේන්න එපා...ප්ලීස්...දෙවියනේ...ප්ලීස්...ප්ලීස්..."

මෝහිනීගේ දිෂ්ටිය ගහපු ජිමින් ඇස් පියාගෙන එකම මතුරන්න ගත්තේ අද කළුවරේ දැකපු මෝහිනී නිසා සේරම කෙල්ලො එපා කියලා.

ඒ අතරේ එකපාරටම බැල්කනිය පැත්තෙන් අමුතු අඩි සද්ද කිහිපයක් ඇහුනේ ජිමින්ගේ ඉතුරු හුස්ම ටිකත් හිරකරවලා.පණ බයෙන් හිටපු කෙනෙක්ට තවත් හොල්මන් සද්ද ඇහෙද්දි දැනෙන ෆීලින් එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.

"ඒ...ඒ...ස්...සැ...සැරේ...ක...කවුද...දෙ..වියනේ..."

ජිමින් හිටියේ අනිත් පැත්ත හැරිලා නිදාගෙන වගේ නිසා බැල්කනි එක පැත්ත පෙවුනේ නෑ.ජිමින්ට දැනුනේ ඒ අඩි සද්ද ටික ටික ළගින් ඇහෙනවා වගේ.ඒ වෙලාවේ ජිමින් හිතුවේ බ්ලැන්කට් එක අස්සට වෙලා හෙල්ලෙන්නවත් නැතුව හිටියොත් ඒ හොල්මනත් යයි කියලා.ඔව්.අසරණ ජිමින් තාමත් හිතන් ඉන්නේ ඒ හොල්මනක් කියලා.ඒත් එකපාරටම බ්ලැන්කට් එකත් ඇගෙන් අයින් වුනේ ජිමින්ට එලොව පොල් පෙනෙද්දි.ඒත් ජිමින් ඇස් තදකරගෙන මැරිලා වගේ හිටියා.

"මේ කොල්ලා කියලා ශුවර්ද?...ඔව් එයා පොඩි එකෙක් වගේ තමයි....."

එකපාරටම නාදුනන ඩීප් වොයිස් එකක් ඇහුන ජිමින්ගේ ඇස් ඇරුණේ ඉබේටමයි.කලබලේට අනිත් පැත්ත හැරුණ ජිමින් කළු ඇදුමකින් සැරසිලා කළු මාස්ක් එකකින් මුහුණ ආවරණය කරගෙන ෆෝන් එකෙන් කතා කරන ගමන් හිටපු ඒ පුද්ගලයව දැක්කා.කළු පාට කොණ්ඩෙත් කළු පාට මාස්ක් එකත් අතරින් පෙනුන දරුණු ඇස් ජිමින්ගේ බය තවත් වැඩි කළා.

"හරි මම ති...."

ෆෝන් එකේ කතා කර කර හිටපු ඒ පුද්ගලයා කතාව නතර කරේ ටික වෙලාවකට ඉස්සෙල්ලා ඇද උඩ නිදාගෙන හිටපු කෙනා නැගිටලා හොල්මනක් දැක්ක ගානට තමන් දිහා බලාගෙන ඉන්න විදිහ දැකලා.

"ආආආආ!!!....කළු කුමාරයා....."

එතන හිටපු කෙනාවත් බය කරවලා කෑ ගැහුව ජිමින් අනිත් පැත්තට ආපහු සිහිය නැති වෙලා ඇද උඩටම වැටුනා.වුන දෙයක් හරියටම හිතාගන්න බැරුව හිටපු ඒ පුද්ගලයත් සිහිය නැති කරවන්න කියලා ක්ලෝරෆෝම් දාගෙන ගෙනාපු ලේන්සුව දිහා බලලා ආපහු ඇදේ සිහිය නැතිවුන ජිමින් දිහා බැලුවේ ගැඹුරු හුස්මක් හෙලන ගමන්.










_________________________________________________________________________________

අලුත් කිඩ්නැපර් කවුරු කියලද හිතන්නේ.

අනිත් දවසෙ ජන්කුක් නැගිටිද්දි මොනවා වෙයිද?

හත්තික්කේ මට මේ ටේටේ එක්ක බෑ🙂😂


එහෙනම් ටිකක් සීරියස් කතාවකට යමුද☹️

මෙහෙමයි.ඇත්තටම සොරි අප්ඩේට් පරක්කු වුනාට.ඒත් vote 100ත් පැනලා views 500ත් පැනලා ඒත් කමෙන්ට් හරියට 20ක්වත් නැතිවෙද්දි මොන ඕතර්ට හිත හදාගන්න පුලුවන් තවත් අප්ඩේට් එකක් වෙනුවෙන් කාලෙ වැය කරන්න.ඉන්බොක්ස් එහෙමත් මැසේජ් ආවා.සීක්‍රට් මැසේජ් පවා ආපු නිසා මන් ලින්ක් එකත් අයින් කරා.සමහර ගෘප්වලදි පවා අහම්බෙන් රීඩර්ස්ලා හම්බවෙනෝ.ඒත් ඇයි කමෙන්ට් කරන්න බැරි.සැරයක් ඔයාලා සැටිස් නෑ කියලා හිතලා අන්පබ්ලිෂ් කරත් එක්ක.ඇත්තටම මම මීටත් වඩා මහන්සියෙන් ලියන අනිත් කතාවලට කියවන අය මීට වඩා අඩු වුනත් මට සැටිස් වෙන ගානකට කමෙන්ට් හම්බවෙනෝ.ඉතින් මේකේ අප්ඩේට් නොදී ඉන්න  හිතන එක සාධාරණ නැද්ද? බනිනවා නෙවෙයි.ඇත්තටම දුකයි.මේ කතාවේ ඒ තරම් ගැඹුරු අදහස් නැති නිසා ලොකු ලොකු කමෙන්ට් බලාපොරොත්තු වෙන්න නෑ.ඒත් මොනාමහරි කතාවේ චැප්ටර් එකේ මැදින් මැදින් හරි පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න බැරිද? අප්ඩේට් නොදුන්නේ මම මේ කතාවට ආස නැති නිසා.ඇත්තටම මේ කතාවට මට දැන් කිසිම ආසාවක් නෑ.

500 පැනලා views එන කතාවේ කමෙන්ට් ගෝල් එක දුන්නේ 50ක් විතරයි.ඒකවත් අඩුගානේ ආවේ නැතිවුනොත්  මම කොහොමත් අන්පබ්ලිෂ් කරනවා.බොරුවට ටයිප් කරන්න කාලෙ වැය කරන්න බෑ.

ආ...හැමදාම කමෙන්ට් කරන අයට කතාව ඉල්ලන අයට තැන්ක් යූ ගොඩක්.ඒ වගේම කියවන වෝට් කරන අයටත් තැන්ක් යූ.පුලුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.

පරිස්සමින් ඉන්න💜

ලාවියූ❤️💜

Continue Reading

You'll Also Like

1M 32.7K 78
"𝙾𝚑, 𝚕𝚘𝚘𝚔 𝚊𝚝 𝚝𝚑𝚎𝚖! 𝚃𝚠𝚘 𝚕𝚒𝚝𝚝𝚕𝚎 𝚗𝚞𝚖𝚋𝚎𝚛 𝚏𝚒𝚟𝚎𝚜! 𝙸𝚝'𝚜 𝚕𝚒𝚔𝚎 𝚝𝚑𝚎𝚢'𝚛𝚎...𝚍𝚘𝚙𝚙𝚎𝚕𝚐ä𝚗𝚐𝚎𝚛𝚜 𝚘𝚏 𝚎𝚊𝚌𝚑...
282K 13.5K 92
Riven Dixon, the youngest of the Dixon brothers, the half brother of Merle and Daryl dixon was a troubled young teen with lots of anger in his body...
347K 12.1K 74
𝐛𝐨𝐨𝐤 𝐨𝐧𝐞. gilmore girls universe. 𐙚 | B L U E ˖⁺‧₊˚♡˚₊‧⁺˖ ─── blue eyes like the sea on a cold, rainy day ❝ 𝘉𝘓𝘜𝘌 𝘌𝘠𝘌𝘋 𝘉𝘌𝘈𝘜𝘛�...
161K 4.8K 57
Jungkook looked very angry at something, which Tae failed to recognise. Jk: Do you think you look beautiful today? His words were like swords, pierc...