💙ඔබ අභියස🖤 (Complete)

By breath_21

35.2K 5.2K 1.4K

මතකය සුන්දරයි.. එක දිගට සිහි වෙන... ආදරය විඩාබරයි... නුඹ මගෙ නොවුන කොට... වේදනාව විතරයි... වර්තමානයේ එක පිට... More

01.
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40

18

787 132 28
By breath_21

අපි ත්‍රින්කෝ ආවේ හවස 4ට විතර. විරාජ්ගෙ අම්මා අපි එනකන් බලන් ඉදලා තිබ්බේ කෑමත් හදාගෙනමයි. මාව දැක්ක ගමන් දුවලා ඇවිල්ලා බදාගත්තෙ ඇස් වල කදුලු පුරවගෙනමයි.

"අනේ මගෙ සුදු පුතා කෙට්ටු වෙලා... කොහෙද මේ මී හරකා එන වේලාවට එක්ක එනවා කියලද?"
"අම්මේ මමයි ඔයාගෙ පුතා..."
"ගිහින් මල්ලිගෙ කාමරේ ලෑස්ති කරනවා පුතාට ඉන්න.."
"අම්මේ... මටත් මහන්සි."
"මගෙ සුදු පුතා ලෙඩින් වගෙ... දෙයියනෙ දරුවට උණද?"
"අනේ නෑ අම්මා ටිකක් තිබ්බා. එත් දැන් හරි.."
"නෑ නෑ... යමු යමු. කාලා කසාය එකක් බොමු. කෝ එන්න"

මාවත් අතින් ඇදගෙන අම්මා ඇතුලට යද්දී මගෙ ඇස් ඇත්තටම ආදරේ කදුලු කරා.

"ඔය හැමදාම මගෙ ඉස්සරහා අඩනවා. එහෙම බෑ මගෙ කොල්ලා එහෙම ඇඩුවොත් මගෙ හිතට හරි නෑ..." මගෙ කදුලු පිහිදන ගමන් අම්මා මාව ආයෙ තුරුල් කර ගද්දි මමත් වේදනාව ඔක්කොම දියවෙන්න ඇඩුවා. තාමත් කොන්දයි බඩයි රිදෙනවා. දවස් දෙකක් ගිහිනුත් ඒවා අඩු වෙලා නෑ.

"කෝ කෝ මෙතන බබ්බු වගෙ නොඅඩා පල රූම් එකට නා ගන්න.." විරාජ් කියද්දී අම්මා ආයෙත් මගෙ නලල ඉම්බේ ලොකු ආදරේකින්

"නෑ නෑ කාලා... මූණ විතරක් දැන් හෝද ගන්න... ඔක්කොම කාලා කසාය පොවලා නා ගමු..."
"ඕහෝ... මට බෑ"
"බැරි පෙන්නනවා අම්මා උදේ ඉදන් ඉව්වේ.." මගෙ කනෙන් අල්ලලා හිමින් මිරිකලා යන්න ගියා.

මූණ පොඩ්ඩක් හෝදගෙන එළියට එද්දී රජ මගුල් වගෙ සුදු සම්බා එකට පොලොස් හදලා වැව් මාළුවක් එක්ක ගොටු කොළයි මැලේ අච්චාරුවකුයි. සූටි  බඩට සූටියට තව දෙල් බැදුම් මාළුවකුයි... කටලට් එකයි රාජ භෝජනනේ...

මම කන්න කෙල හල හල ඉද්දී අම්මා කතා කරා.

"කෝ කෝ කන්න..." ඔක්කොමත් බෙදාගෙන කන්න ගද්දී තේරුනේ කන්න අත ඉස්සුවොත් අර යකා කාපු පාරවල් පේනවා.

"ආහ් මෙයාට අම්මාගෙන් කන්න ඕනේ වෙලාද කොහෙද?"

"ඉන්න ඉන්න මම මගෙ පුතාට කවන්නම්..." අම්මා බත් එක අරගෙන කටවල් දෙකක් කවද්දී විරාජයා බත් එකම වගෙ කාලා...

"අයියෝ මට පපඩම් අමතක වුනානෙ... පොඩ්ඩක් ඉන්න සුදු මම ගිහින් ගෙන්නම්." අම්මා කුස්සියට යද්දී විරාජ්ගෙ මූණ නිකන් කජු ලෙල්ලක් වෙලා.

"මම පිටද බං..."
"උඹව කැළණි පාලම යටින් හදාගන්න අරන් තියෙන්නෙ වද වෙන්න එපා කොල්ලා..." මම කියද්දී පපඩමුත් අරන් ඇවිත් හොදට අනලා කවද්දී මේ සෙනෙහසට මම ලෝභ වුනා ඇත්තටම මෙහෙ කොල්ලෙක් හිටියා නම් මම මෙයාගෙ බෑණා වෙනවා.

"ඉතින් සුදු පුතා මට ලේලියෙක් හරි බෑනෙක් හරි ගෙන්නෙ නැද්ද?" අම්මා මගෙන් අහද්දී හිත කීරි ගැහිලා ගියා. කෙල්ලෙක්...

"අම්මා..."මම රතු වෙද්දී අම්මා මගෙ මූණ වම් අතින් අල්ල ගත්තා.

"මේ කොල්ලා හරියට මගෙ පොඩිගෙ වගෙමයි... ඔයා දන්නවද? ඔයා මගෙ චූටි පුතා ඉතින් සුදු මැණික ඔය ලස්සන මූනෙන් දුකක් දකින්න මේ අම්මට ඉඩ දෙන්න එපා හරිද?"

බඩ පැලෙන්න කාලා කාපු කිරි පැණි එකට බඩේ ඉඩත් නෑ...

"ලොකු..."
"ඕහ් අම්මා..."
"ගිහින් වතුර ටිකක් උණු කරන්න සුදුට නාන්න.. මෙහෙම සීතලෙන් උණ තියෙන කොල්ලව නාවන්න බෑ..."

අම්මා කියද්දී මොන මොනවද මුමුණ මුමුණ විරාජ් යන්න ගියා.

"සුදු පුතා මෙහෙ එන්න මම ඔයාට තෑග්ගක් ගත්තා..." මාවත් ඇදගෙන කාමරේට ගිහින් නිල් සුදු කොටු කොටු සරමකුයි කලු කමිසෙකුයි පෙන්නුවා...

"අම්මා මට සරම් අන්දවන්න ගිහින් වටේ පිටේ කෙල්ලොන්ට ඇපත් නැති කරන්න හදන්නෙ."

"මගෙ පුතා එහෙමනෙ මොක ඇන්දත්... මේක අදින්න හෙට පන්සල් යද්දී හරිද?"

"හරි මගෙ අම්මා..."

මම උණුම උණු වතුරෙන් නාන්න කියලා යන්න හිත හිත හිටියට මෙහෙ බාතෲම් නෑ එළියෙ තියෙන්නෙ.. එත් මම කොහොමද කමිසෙවත් ගලවන්නෙ... මගෙ ඔලුව නිකන් පිස්සුවෙන් වගෙ රිදෙනවා. මම ඇදුමුත් අරගෙන ලිද ගාවට යද්දී දැක්කේ කලු ඉටි කොළ වලින් ලිද ලග කොටු කර කර ඉන්න විරාජ්ව.

"මේ මොකො ඕයි..." මම ඇහුවේ දාඩිය අම්බානෙකට දාගෙන තාමත් කොටු කර කර ඉන්න විරාජ්ගෙන්.

"තමුසෙට නාන්න..."
"මම ගැණියෙක් නෙවේ..."
"එත් අපේ අම්මා ඉස්සරහා අත වත් පෙන්නන්න බැරි තමුසෙට ඇග පෙන්නන්න පුලුවන් කියලා මට හිතෙන් නෑ..." ඒ වචනෙ හිතට ගොඩාක් දරුණුයි වගෙම ආදරණියයි. ඇයි දෙයියනෙ මූ මගෙ සහෝදරයා නොවුනෙ.

"හරි හරි දුක හිතෙන්න නෙවේ කිව්වේ.."
"කවුද කිව්වෙ දුකයි කියලා... යකෝ ඒ පිවිතුරු ප්‍රේමයෙ සළකුණු"
"අම්මගෙ රෙද්ද... එක වෙන්න ඇති අහවල් එකෙ ගාන්න බරටම ක්‍රීම්..."
"පලයන් බල්ලෝ යන්න. තෝත් ලැගා ගහලා නෙවේද එදා ආවේ..."
"මම එකි එක්ක නිදාගත්තට තිරිසනෙක්ට වගෙ තුවාල කරලා උණ ගන්නලා ආවේ නෑ.."
"කටවහපම්..."
"මම ගියා උණු වතුර ටික බේසමේ ටිකක් රස්සෙන් තිබ්බා විෂබීජ යන්න.."
"ඌගෙ බැක්ටීරියා නෑ බල්ලෝ.."
"අනේ මන්දා උඹත් උඹට කෙලවලා ගියත් ලව් එකෙන්. සැක් මටත් තෝ වගෙ ගෑණියෙක් ඕනේ... මොන ලබ්බ කරත් දාලා යන්නෙ නෑනේ..."
"ශියා ඕයි... තෝනෙ ඌන්ට බූට් තියන්නෙ.."
"හරි හරි මේ ඉක්මනින් නාලා එනවා. උණ අඩු වෙලා විතරනෙ... මම උදව්වට එන්න ඕනේද?"
"එපා..."
"ම්ම්ම්... හරි මම යනවා. පිට අතුල්ලන්න කතා කරාම්.."

නාලා ඉවර වෙලා කාමරේට ආව ගමන් මොන මොනවද දාලා ලොකු ජොග්ගුවක් අම්මා අරන් ආවා හකුරුත් එක්ක.

"අම්මා මට හකුරු ගෙනත්..."
"හකුරු... සුදු මේ ඔක්කොම බොනකල් මම අඩියක් හෙල්ලෙන්නෙ නෑ.." අම්මා මට ජග් එක අතට දුන්නා.

"හකුරු."
"මම උගුරෙන් උගුර කවන්නම්. මෙතන බබ්බු වගෙනෙ" ආයිශ් මුකුත් නොකියා බොන්න කටට ගත්තා යකෝ වෙනිවැල් ගැටත් තියෙනවද මන්දා තිත්තම තිත්තයි. මම කටෙන් එළියට දාන්න යද්දී අම්මාගෙ මූණ දැක්කාම බයටම ගිලුනා.. අම්මොහ් කසාය ඔක්කොම පොවලා යද්දී කට කපලා නිදි මත

ඇගේ අමාරුවටම පැය ගානක් නිදාගත්තා. ආයිෂ් නැගිටුනේ රෑ 8ට. අම්මා නිදන් ඉන්න මගෙ දිහා බලන් ඉන්නවා. විරාජ් එක්ක කතා කර කර.

"ඕහෝ මෙන්න මෙයා නැගිටලා."  අම්මා කියද්දී මම ඈලි මෑලි කඩලා නැගිට්ටා.

"ඕහෝ... හොදට නින්ද ගියා."
"එකනේ දැන් ඇගෙ රස්නයක් ඇත්තෙම නෑ.." අම්මා කියලා ආයෙත් නලලට අත තිබ්බා. කොහොමද මන්දා අර ඇගෙ අමාරු ගොඩාක් හොදයි වගෙ දැනෙනවා... ඇගට පණක් ආවා වගෙ මම නැගිටිද්දී ෂෝටට කකුල් වල ලප පෙනවා.

"සුදු මොනවද මේ පැල්ලම්." අම්මා කකුල පෙන්නලා ඇහුවා
"ආ ලගදි ඊයෙ හොටෙල් එකෙ කෑම කෑවාම මෙයාට මෙහෙම වුනා."
"මූන් ජරාව විකුනනවා. මගෙ කොල්ලා ඉන්න මම මොනවා හරි ගාන්න."

අම්මා යන්න ගියාම විරාජ් කතා කරේ.

"ගොඩාක් සුදු වෙන්න එපා කියන්නෙ ඕකට තමයි.."

අද උදේ පාන්දර 5ට පන්සලට දානේ දෙන්න අම්මා හරි හරියට ලෑස්ති කරනවා. මමයි විරාජුයි ඔක්කොම උදව් කරා. හදන හදන එක මට කවන ගමන් ආදරේන් අයියයි අම්මයි මාව බලාගද්දී මට දෙයක් හිතුනා... මෙච්චර කල් විරාජ් වුන කෙනා දැන් ඉදලා මගෙ අයියා...

"අයියෙ..."
"ඕහ් කියාම්..."
"මේ හිරමණේ ගෑවෙන් නෑනේ."

"අනේ ඔව් ලොකු එක හරි අමාරුයි දැන්." අයියා එක අරගෙන මුවහත් කරද්දී අම්මා උඩට ඇදන් හිටිය චිත්තෙන් මගෙ දාඩිය පිහදානවා. වතාවක් දෙකක් මම අයියා දිහා බලද්දී දැක්කෙ ඇස් වල කදුලු පිහදානවා හොරෙන්ම. මේ පවුලට එයාලගෙ පොඩි පුතා නැති වුන අඩුවෙන් ගොඩාක් විදෙව්වා කියලා ඒ ඇස් වලින් මම දැක්කෙ උතුරන ආදරේ විතරයි.

"සුදු පුතා ඉක්මන් කරන්න දරුවෝ. 6ටත් කිට්ටුයි."
"අම්මා මේ සරම..."

"පොඩි එකාට එකවත් ඇදගන්න බෑලූ අම්මා.."
"මෙතන කියෝ කියෝ ඉන්නෙ ගිහින් අන්දවනවා..." අයියා ආවෙ මම සරම ඇදගන්න ට්‍රයි කරන වේලාවේ.

"අපෝ ඕයි. බලපන් තොට ඕකක් වත් කර ගන්න බෑ.. මෙන්න මෙහෙ වරෙන් පොශ් මිනිහා."
"තොට අද කන්න නැති කරනවා වැඩිය කියවන් එන්න එපා.."
"හා කෝ.." දෙපොට හදලා ලස්සනට සරම ඇන්දුවාම අයියා එයාගෙ උඩ සාක්කුවේ තිබිලා ප්ලාස්ටර් එකක් ගත්තා ටිකක් ලොකු.

"මොකටද ඔය.."
"අතේ පාර තාම පේනවා. ඕකෙ අත් කොටයිනෙ.." අතෙ මාර්ක් එක තියෙන තැනට ප්ලාස්ටර් එක ගහලා

"දැන් හරි යමුකො.. මගෙ මල්ලි වගෙමයි..." එහෙම කිව්වාම මම බැලුවේ බිත්තියෙ තියෙන පොටෝ එක අහිංසක සුදුම සුදු කොල්ලෙක් හෙන ගති. ඌ හිටියා නම් මම ඌව බදිනවා.

අපි පන්සලට යද්දි කන්දක් උඩ තිබ්බ ලස්සන පන්සලක්. අඩිය තිබ්බ ගමන් හමන හුළග ඇගෙ වදිනකොට අමුතුම ලෝකෙක වගෙ දැනෙනවා.

" රාජිනි ඇයි මෙච්චර පරක්කු. දානෙට තව පැය කාලයිනෙ."
" ලොකුයි, පොඩියි ඇවිල්ලා ඉතින් දෙන්නා ලෑස්ති කරන්න ගොඩාක් වේලාවක් ගියානෙ"
"ආ මේ පුත්තු දෙන්නාද?"
"ඔව් මේ ලොකු විරාජ් මේ මගෙ පොඩි එකා සස්වීක" එක කිව්වාම මට හෙන ලොකු ආඩම්බරක් ආවේ
"අනේ අහිංසක කොල්ලෙක්.." ඇයි බං මම ඔක්කොටම අහිංසකයෙක් වගෙ පෙන්නෙ...

"මගෙ සුදු අහිංසකයි තමා.." මාවත් තනි අතින් බදා ගෙන අම්මා කියද්දී

"දැන් දානෙ ලෑස්ති කරමු අම්මා පරක්කු වෙලා ඕක පස්සෙ හුරතල් කරන්න." අයියා කෑ ගහද්දී අම්මා බණ මලුවෙන් ආවාසෙ ගෙට අපිත් එක්ක ගියා. අර කිව්ව ඇන්ටිත් එක්කම. ලොකු හාමුදුරුවෝ නමයි තව පොඩි හාමුදුරු නම් 3කුයි තව තරුණ එක හාමුදුරුවෝ නමකුයි හිටියෙ.

අපි පිළිවෙත් කරලා දානෙ ඔක්කොම අස් පස් කරලා ටිකක් පන්සලේ ඉන්න හිතුවා. මල් පහන් පූජ කරලා මම මගෙ හිත සන්සුන් කරගත්තේ තාමත් හිතේ වේදනාව නිවිලා නැති නිසා.

පන්සලෙ බෝ ගහ යට ඉදන් ඔහේ පා වෙන බෝ කොළ දිහා බලන් හිටපු මට ඉස්සරම වනීශ්ගෙ ඒ ආඩම්බර හිනාව මතක් වුනා. අයිති වුනේ නැතත් මගෙ හිතෙන් හොරෙන් කරපු ආදරේදී මම මුකුත් බලාපොරොත්තු වුනේ නෑ. එත් එයා දැන ගත්ත දවසෙ ඉදන් මම මුරණ්ඩු වුනා. මට තාම විශ්වාස නෑ ඒ ආදරේ ඇත්තක්ද නැද්ද කියලා. එත් මට පුලුවන් වෙන්න ඕනේ එයාට මාව එපා වුනොත් ඒ සතුට ගැන හිතලා හිනා වෙලා යන්න දෙන්න. සතුට තියෙන තැනකට.

ජිවිතෙ හැම බැදීමක්ම තාවකාලිකයි. අම්මාටයි අයියාටයි එයාලගෙ පුතාව නැති වුනා. මට අම්මා, තාත්තා, නංගි වගෙම මාර්තා අම්මාත් නැති වුනා. ඉතින් තවත් මොකක් නැති වුනත් මම එකෙන් හොදින් ඉන්නවා.

මම ඉදල ගත්තෙ බෝ මලුව අතු ගාලා දාන්න හුරු පුරුදු විදියට අර තරුණ හාමුදුරු නම එක්ක අයියා කතා කර කර ඇවිත් මා ලග නතර වුනාම මම දෑත එක්කරලා ඒ හාමුදුරු නමට නමස්ථාන කරා.

"මේ ඉන්නෙ අපේ හාමුදුරුවනෙ මගෙ මල්ලී.. ඔමෙත් සස්වීක"
"ආහ්.. මේ එයාද?"
"ඔව් හාමුදුරුවනෙ..."
"අර දග කොල්ලානෙ..."
"මම දග නෑ හාමුදුරුවනෙ..."
"ඉතින් ඔය උපාසක මහත්තයා අහිංසකයිනෙ." තවම තරුණ ඒ කටින් එතරම්ම පිංවත් වචන.

"විරාජ් මම මේ ආරාමෙට ආව දවසෙ ඉදන්ම ම එක්ක හරි හිතවත්. ඔයා එයාගෙ මල්ලි වගෙමයි කියලා හැමදාම කිව්වේ ආයෙත් එක්ක එන්නම් කියලාමයි.."
"මට නිවාඩු ගන්න අමාරුයි හාමුදුරුවනෙ.."
"ඔව් ඔව් ලොකු මහත්තයෙක් නොවැ..."
"පේනවනෙ රතු වෙනවා..." විරාජ් අර තිබ්බ සංසුන් කම කෑවේ ටකරමට ගල් ගහනවා වගෙ මධුර ස්වරයෙන් ආමන්ත්‍රණය කරලායි.

"ලොකු හාමුදුරුවෝ වඩිනවා"

අම්මා එක්ක ආව ලොකු හාමුදුරුවන්ටත් අපි දෙන්නා වැන්දා.

"ඉතින් උපාසක අම්මා ලස්සන ලමයි දෙන්නා එක්කම ආවා නොවැ.."
"එහෙමයි අපේ හාමුදුරුවනෙ"
"පිංවත් දරුවෙක්... සිරියාවන්තයි..." මගෙ මූණ බලලා හාමුදුරුවෝ කිව්වාම එකට් රිඇක්ට් කරන්නෙ කොහොමද කියලා මම දන්නෙ නැති නිසා විරාජ්ගෙ මූණ බැලුවා.

"මේ නගරේ ඈයෝ කියන්නෙ මොනවද කියලාවත් දන්න එකක්යැ හාමුදුරුවනෙ"
"විරාජ් පුතා ඒ දරුවාට විහිලු නොකර ඉන්න.. උපාසක අම්මා මට කොලුවගෙ උපන් වේලාව දැනගන්න පුලුවන් නම්.."

අම්මා මගෙ මූණ දිහා බැලුවම මම මිමිණුවා

"1998.01.18 පාන්දර 1.36ට අපේ හාමුදුරුවනෙ"
"මම වේලාපක්කඩයක් පිලියෙල කරලා උපාසක අම්මාට දන්වන්නම්..." හාමුදුරුවෝ එහෙම කියලා පොඩි හාමුදුරු නමත් එක්ක බණ මලුවට වඩිද්දී විරාජ් බෝ මලුව අතු ගාන්න තව ඉදලක් ගෙනාවා.

"මම කිව්වේ මගෙ කොල්ලා තමා හොදම." අම්මා මට කියද්දී අයියා කෑ ගැහුවා
"අම්මෙ මමත් මෙතන අතු ගානවා."
"කට කට අතුගානවා නෙවේ අමදිනවා... කට නිකන් වක්කඩේ වගෙ..."

❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

13K 1.8K 25
ආසයි අරලිය මලක් වෙන්න , මියගියත් ලගින්ම ඉන්න.........
223K 1.6K 9
အတုယူစရာမရှိပါ။ အသုံးအနှုန်းများမှာ 18+သာဖြစ်သည့်အတွက်အသက်ပြည့်မှဖတ်ရှုပေးပါရန်။
21K 5.5K 67
I'm missing you Waiting for you My heart is headed toward you Again today, I'm waiting for you I have a lot of worries now All day, I only think abo...
15.5K 1.8K 38
ඉපදෙන්නෙ නැවතත් මා වශියෙන් ඔබෙ ආදරේ