💙ඔබ අභියස🖤 (Complete)

By breath_21

34.3K 5.1K 1.4K

මතකය සුන්දරයි.. එක දිගට සිහි වෙන... ආදරය විඩාබරයි... නුඹ මගෙ නොවුන කොට... වේදනාව විතරයි... වර්තමානයේ එක පිට... More

01.
02
03
04
05
06
07
08
09
10
11
12
13
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40

14

804 138 43
By breath_21

අපි හොටෙල් එකට එනකොට හවස 6ත් වෙලා. අද අපි අනිවා කොළඹ යන්න ඕනේ.. අද නොගියොත් හෙට එනිවේ කාරයා මගෙ ඔලුව කනවා. මම දන්නෙ නැද්ද?

"සුදු අපි අදත් මෙහෙ ඉමුකො..."
"තෝ මගුලක් කියවනවා එනිවේ මගෙනෙ ඔලුව කන්නෙ..."
"කවුද එනිවේ..."
"සාලිය සාලිය. අර වයසක තනිකඩයා..."
"ඌත් තමුසෙට ලයින් දානවද?"
"මගෙන් හෝඩිය ඉගෙන ගන්න ඕනෙද බොට... ඔන්න ඔහෙ පලයන් හොටෙල් එකට ෆෝන් එකක්වත් නෑ..."
"මම ඉද්දී ෆෝන් එකක් මොකටද?"
"ආ බොල බූරු හිකනලෝ තෝ හිතුවද මට ෆෝන් එකක් ඕනේ ලව් කරන්න කියලා. නෑ මගෙ කැම්පස් මැසෙජ් කම්පැණි මැසෙජ් ඔක්කොම එන්නෙ එකට.."
"හරි හරි යමු ගන්න දැන්..."
"මට කාගෙන්වත් යැපෙන්න ඕනේ නෑ. ගහක වෙලෙන වැලක් වගෙ. ඉස්සර අනුකම්පා කරන්න හේතු තිබ්බට දැන් මම තමුන්ට වඩා හොද තැනක ඉන්නවා..."
"මට වඩා... ජෝක් කරන්න එපා සස්... ඔය ලොකු කම අඩු කරගන්න ඇති මගුලකුත් නෑ..."
"හේයි... මට නැත්තේ පවුලක් විතරයි දැන්. මගෙ නංගිව මට තනියම හරි හදාගන්න මට පුලුවන්.."
"කටපියන් ඉන්නවා පුලුවන් මගුලක්. අර ගදගහන බෝඩිම අස්සෙ ඉන්නෙ මොන මගුලක්ද කරන්නෙ..."
"ඔයාට වැඩක් නෑ. දැන් යමුද?"

මට අවුල් ගියා ෆට්ටම ඇත්තමයි. මේයා මට ආදරේයි ලු ඒත් බලන්න මාව පහත් කරන විදිය. මම කිව්වේ ඒ කාලෙ ඉදන් ලොකු කම උතුරන්න තිබ්බා. මම කොච්චර දුප්පත් වුනත් මම කවමදාවත් අපිලිවෙලට හිටියෙ නෑ.

"සුදු මොකද දැන් ඔය ආ.." වනිශ් කිහිප පාරක්ම කතා කරනවා. මම ඇහුනෙ නෑ වගෙ හිටියා. ආයෙ ආයෙ හිත රිද්දන එක මෙයාගෙ පුරිද්දනෙ..

"මේ අහන්න ඇයි මම කියන හැමදේම වැරදියට හිතන්නෙ.."
"මොකද ඔයා කියන්නෙ වැරදි දේවල් නිසා.." මට කේන්ති ගිහින් ඉන්නෙ.
"හරි මම වැරදි. තමුසෙට ඕනේ එකනෙ.."
"බලෙන් කාටවත් වැරැද්දක් පෙන්නලා මට වැඩක් නෑ නේද මිස්ට..."
"සස්.. යකා අවුස්සන්න එපා. තමුසෙගෙ ඔය හුරතල් මූණ අස්සෙ ඉන්නෙ යකෙක්ද ඕයි.."
"අපෝ නෑ... අපි ආවා... මම යනවා ඇදුම් පැක් කරගන්න... බායි..."

හොටෙල් එකට කා එක දාපු ගමන් මම බැහැලා යන්න ගියා. කෙලින්ම රූම් එකට ඇවිත් මම ඇදෙන් ඉදගෙන නිදාගත්තෙ ඔලුවත් අල්ලන්.

'මම මෙච්චර ආදරේ කරන්නෙ මොන වගෙ මිනිහෙක්ටද? මට වැරදි කරන කරන පාරට මගෙ හිත රිදෙන රිදෙන පාරට ඇවිත් බටර් ගෑවාම අහුවෙන්න තරම් මම ලේසි මිනිහෙක් වෙලා. සමසිරි වුනත් නැතත් වනිශ්ට මම කවුද? මුලින්ම තිබ්බේ අනුකම්පාවක්ලු. ඇයි දෙයියනෙ මම වැස්සට තෙමන අව්වට වේලෙන හොරිකඩ බල්ලෙක් වගෙද පේන්නෙ ඌට.'

"යාආආ" මම කොණ්ඩෙත් අල්ලන් කෑ ගැහුවේ අලුත ඉපදුන පොඩි එකෙක් වගෙ. දොරට කවුද තට්ටු කරපු නිසා මම බැලුවා

"සස් වරෙන් කාල යමු..." සදරුවා ඇවිත් තිබ්බේ. අර අලි ඔලුවා නෑ. බලු කුක්කට කන්න දෙන්න සර්වන්ට් කෙනෙක් එවලා...

"යමන් යමන්... මම මූණ හෝදන් එන්නම්.." මම වොශ් රූම් ගියාට පස්සෙයි බෙල්ලෙ මාක්ස් ටික දැක්කෙ. හොද වේලාවට අරූ ඔක දැක්කෙ නෑ නැත්තම් සායම හේදෙනවා.

"මොකො බං උඹයි අරුයි වෝනයි ධනායි වගෙ..."
"මොක්කද?"
"වනීශයයි උඹයි... නිතරම ඇරියස් එකටනෙ.."
"ඉතින් ඌ උඹ එක්ක මහේලයි සන්ගායි වගෙද?"
"නෑ හැබැයි..."
"එනම් කටයි පුකයි වහන් ඉදපන්"
"ඔය ආදරේට අහපු මට ඔහොම කතා කරන්නෙ.." සදරුවා මූණත් දෙක කරගෙන අහනවා.

"ආදරේට කන්න අරන් දීපන් ලේ රත් වෙන එවුන් ගැන නොකියා..."

මම කොච්චර කරත් වට පිටේ වනිශ්ව හෙව්වා. පස්සෙ ස්විමින් පූල් එකට වෙලා කෝල් එකක. අමුතු ඇක්ෂන් දාදා. මොකක් හරි අවුලක් තියෙන බව දන්නවා වුනත් මම හිතන්න ගියෙ නෑ.

අද නම් සෙට් එකම ඉන්නවා. ශාමන් කාරයට නෝණ්ඩි වෙන්නත් බෑ. ඇගට ඇල්ලුවේ නැතත් නිකන් හෙන පොශ් පොර වගෙ ගෑරුප්පුවෙන් කෑවා. මට මේවා නතින් එත් අතින් කනවා වගෙ නෑ අප්පා. අරූ ආව මූණේ කිසිම හොද මූණකින් නෙවේ මමත් ඉක්මනින් ඉක්මනින් කාලා නැගිට්ටේ ආයෙ ඕකා ඔරෝනො බලන්නෙ මොකටද කියලා හිතලා.

මම ලෑස්ති වෙලා බඩුත් අරන් පහලට එද්දී දැක්කෙ විදලා පිඹලා යන වනිශ් ව. මම ඌ එක්ක ආවේ නැති ගානට ඌ යනවා. වල් පරයා.

"අඩෝ සස්.. වරෙන් ඉක්මනින් යමු.." අනික් ඌන් එක්ක වෑන් එකට නැග්ග මම ජනේල්ලෙ ලගම ඉද ගත්තා. දැන් 8ටටත් ලගයි. මගෙ හිතේ උඩ දිව්වේ එකම දෙයයි...

'වනි පරිස්සමින් යයි නේද?"

ඔලුවත් සීට් එකට හේත්තු කරගෙන ඉද්දී මතක් වෙන්නෙම අද උදේ ඉදන් වනිශ් එක්ක හිනා වුන විදිය, එයාගෙ වල් බැල්ම, කිස් ඕහෝ මට සික් එකද මන්දා....

කොහොමින් කොහොම හරි සිංදු කිය කියා ආතල් එකෙ කොළඹට ආවත් අර වනිශ් ලගදි තිබ්බ හැගීම නෑ හිස් වගෙ. මොනවා කරන්නද?

මාව බෝඩිම ලගින් දාද්දී මහා පාන්දර. ඉතින් කාටවත් ඇහැරවන්නෙ නැති වෙන්න මම බෝඩිමට ආවට හොල්මනක් වගෙ මගෙ ඉස්සරහා හිට ගෙන විරාජ් ඉන්නවා.

"උඹ නිදි නැද්ද?"
"නින්ද අහගන්න එපා බල්ලා මගෙන්..."
"විරාජ් හෙට කතා කරමු..."
"මට කියපන් අරූ මුකුත් කරාද මොකක්ද උඹට වුනේ කෝ ෆෝන් එක..."

"මුකුත් වුනේ නෑ බල්ලෝ නිදාගනින් හෙට වැඩ..."
"ශුවර් නේද?"
"ඕඕඕඕ..."
"එහෙනම් කමක් නෑ... නිදාගන්න එහෙනම්... මමත් යනවා."
"ගූට් නයිට්..."
"ම්ම්ම්ම්" විරාජ් මගෙන් අයින් වෙද්දි මම ස්කාෆ් එක ගලවලා බැලුවා. ඇත්තටයි මේ පාර නම් ගොඩ දවසක් යන කල් යන එකක් නෑ...

********

නැගිටුනේ ඈලි මෑලි විදියට වුනත් මම ගියෙ දඩුමෝණරේ නැගලා ෆ්‍රී එකෙ... අද මම එනිවේ ගාවට කෙලින්ම ගියා. වංගුයි පඩි පෙලයි නැගලා.

"සර් මේ අයි කමින්..."
"අනේහ් මගෙ කොල්ලා ආවා..." සාලිය කොටා කෑ ගහලා මගෙ ලගට එන්න ආවා. පොඩ්ඩක් ඉන්න මූ මේ කොහෙද යන්නෙ.. මම මෙහෙනෙ...

"වනිශ් ඉතින් කොහොමද ඔඩිට් එක"
"හොදයි සර් හොදට ගියා..."

අම්මගෙ රෙද්ද ඌ මොනවද කරේ මම නෙවේද ඔක්කොම කරේ. මම දෙන්නගෙ දොඩමළු වීම් ඉවර වෙනකල් ඔහෙ හිටන් හිටියා මොකො එනිවේ ට වටින්නෙ මාව නෙවෙනෙ හරි වේදනයි. ඒ මදිවට අර පුස් ඌරා මගෙ දිහා බැලුවේවත් නෑ. මහ ලොකු මාස 3 ඕනේ නෑ අදම ඉවරයි ආයෙ ඕකා ගැන මම හිතන් නෑ සත්තයි

"එයා හැම්සම් නේද?" අපේ ඩිපාට්මන්ට් එකෙ ඌන්ට ඉතින් කලිසමක් තියා අමුඩයක් වැනෙන්න බෑ පැණි හලනවා.

"ඉතින් සස්වීක ඔයාට එකවුන්ට් ඩිපාට්මන්ට් එකට එන්න ඕනේද?" සාලිය සර් ආයෙත් අමුතු හිනාවකින් ඇහුවේ වනීශ් ඉස්සරහා

"සර්ට මාව මෙතනට ඕනේ නැත්තම් කියන්න. මට මෙතනින් අස් වෙලා යන්න පුලුවන්..."
"සස්වීක..." එනිවේ ට කෑ ගැහුනා.. මූ මාව අයින් කරයිද?

"සොරි මිස්ට සාලිය. මම බලෙන් ඉන්න කොලිෆිකේශන් හදාගත්ත කොල්ලෙක්වත් කරන දේ බාගෙට කරන එකෙක්වත් නෙවේ. සර් නිකන් ඕනේද අහන්නෙ වැරැද්දක් කරපු නිසා එතනට ගියා. සර්ට ගන්න බැරි නම් මම අයින් වෙන්නම් මට ප්‍රශ්නයක් ඇත්තෙම නෑ" මම ඇස් දෙක දිහාම බලන් සාලියට කියද්දී මිනිහා දන්නවා කිසිම පැකිලීමක් නෑ මම යන්න තමා හදන්නෙ කියලා.

"තමුසෙ aat කරන කාලෙ ඉදන් මම ලගින් තියාගත්තේ තමුසෙව එපා නිසාද මනුස්සයෝ...."
"සර් එක මමත් දන්නවා එත් මට මගෙ තැන දෙන්නෙ නැති තැනක මම ඉදලා වැඩක් නෑ..."
"මොනා වෙලාද අද මූට... එනිවේ ඔන්න ඕක අමතක කරලා අර එකවුන්ට් ෆයිල් වගයක් ඇති මගෙ ටේබල් එක උඩ එක ෆැක්ස් කරලා අද හාෆ් ඩේ ගන්නවා. මහන්සි පාටයි.."
"ඔකේ සර්..." මම වෙනදා තියෙන හිතවත් කමත් අයින් කරලා එනිවේට කතා කරද්දී මිනිහා වුනත් අමුතු වුනා. අහම්බෙන් දැක්කෙ මම එනකල් නිසාංකා මුකුලු කරනවා මගෙ දිහා බලාගෙන එක නම් හෙන මනමාල බැල්මට් එකක්... යකෝ මේකිගෙ අයියා මම....

වනීශ් ආවේ මොකටද කියලා දන්නෙ නැතත් මම එනිවේට දුන්න ටෝක්ස් වලින් මෑන්ස් වුනත් පොඩ්ඩක් ගැස්සුනා. මට මොකො... මම වැඩ ටිකත් කරලා ෆෝන් ශොප් එකකට ගියෙ ෆෝන් එකක් ගන්න සැම්සුන් A12 එකක් අරගෙන සීම් එකත් කලින් නම්බර් එකටම හදා ගත්තා. පස්සෙ වට්සැප් යද්දී විහාරා මැසෙජ්ම එවලා 67ක්. කෝල්ස් 23යි.  මැසෙජ් බලන්න කම්මැලි නිසාම කෝල් එකක් ගත්තාම පලවෙනි තප්පරෙන්ම කෝල් එක අන්සවර් වුනා.

"හලෝ අයියා.. අනේ ඔයා හොදින් නේද?"
"හේයි හේයි මම හොදින් මොකද මේ..."
"මම බය වුනා ඔයා ඔන්ලයින් නෑ මම නොර්මල් කෝල්ස් ගත්තාම ෆෝන් ඕෆ්..."
"ෆෝන් එක වැටුනා පැටියෝ මේ අලුත් එකක් හදාගත්තේ.."
"ආහ් එහෙනම් කමක් නෑ අර කවුද ඔයාට බැන්නද කියලා මට බය හිතුනා."
"අනේමන්දා මේ කෙල්ලෝ පොඩි දේ ලොකු කරගන්නවා."
"පොඩි තමයි හුම්ම් දැන් කාලද ඉන්නෙ..."
"නෑ නංගා අද වේලාසන ගෙදර යන්න බැලුවේ.."
"ඉතින් එහෙනම් අයියා කැම්පස් එකට එන්නකො..."
"ඇයි ඒ..."
"නිකන්.. මම අද ඉව්වේ බෝඩිමේ මම ඔයාටත් එක්ක කෑම එකක් ගෙන්නම්... හාද?" කෙල්ල අහිංසක විදියට කියද්දී මගෙ මගුල් හිත කිව්වේම පලයන් පලයන් කියලා. සමහර වේලාවට මම සමසිරි නෙවේද කියලාත් හිතෙනවා... අයි මීන් මේ වගෙ වේලාවට...

"හා ඉතින් ඔච්චරම කියනවා නම්.."
"මම බලන් ඉන්නවා... බුදුසරණයි"
'බුදුසරණයි පරිස්සමෙන් ඉන්න..."

මම ෆෝන් එක කට් කරලා ආයෙ ෆෝන් එක බැලුවා. Apple ෆෝන් වලට ආස නෑ මම කොහොමත්. ඒ නිසා සුප්පා ෆෝන් එක මේ හරි හරි මම අමු ගොඩයා...

මම කැම්පස් එකට යන්න බයික් එකෙ නැගලා හයිලෙවල් රෝඩ් එකට දැන්මා... කිරි ටොයියෝ වගෙ බයික් එකක ලෑන්ඩ් කරද්දී කැම්පස් කෑලි ඔක්කොම පැණි පෙරනවා. නෙදකින් මෙහෙම ඌන්. කැම්පස් එකෙ ලයිබ්‍රි එකෙ ඉදන් මම බැස්ස ගමන් දුවගෙන ආවේ විහාරා.

"වාව් අයියා බයික් එකක් අරන්..."
"ඕහ් ලස්සනද?"
"ඔයා වගෙමයි..."
"ඒ කිව්වේ.."
"ලස්සනයි කියලා..." කෙල්ල රතු වෙවී කියද්දී පොඩ්ඩා එහායින් ආවා.

"ආව් ආව් කපල් එක.. මැචින් ආ..." පොඩ්ඩා එහෙම කියද්දී විහාරා මුකුත්ම කිව්වේ නෑ... කොච්චර වුනත් දැන් මුන්ට අපි කපල් එකක්.. ඕවා හදන්න බෑ..

"ඔයාට වදයක් නේද? මට වෙන කියන්න දෙයක් තිබ්බෙ නෑ..."
"කමක් නෑ අයියා.. අපි කමූ..."

මාව ඇදන් ගිහින් බත් මුල් දෙකක් දිග ඇරන් කන්න ගත්තා. එත් කන්න බෑ බෑ වගෙ කපල් එකක් කන වේලාවට කොල්ලො ටික එන්නෙ නෑ හොට දාන්න..

"කන්නෙ නැද්ද?" මම බලන් ඉන්නවා දැක්ක විහාරා මගෙන් ඇහුවා
"බෑ වගෙ..."
"අනේ මෙන්න මෙහෙ එනවා. බොරු සෝබනේ..." විහාරා ලොකු ලොකු බත් කටවල් වලින් මගෙ කට පුරවද්දී මට නිකන් හෙනම ලැජ්ජයි.. එත් හිතුනා මගෙ අම්මත් මගෙ ලග හිටියා නම්............

අරුන් අරහෙ ජෝක් කර කර යද්දී විහාරා එක බැල්මට් එකයි ඌන්ට රවන්නෙ ඌන් මිසින්.. ගෑනුනේ...

අපි දෙන්නා කාලා බීලා අන්තිමේට කෙල්ලව මම විජේරාමේ තියෙන බෝඩිමටත් දාලා තමයි ගෙදර ආවේ..

"ආව් ආව් මල් කුමාරයා එනවා... ඒයි ලයිට් දාපන් කොල්ලා එනවා..." සෙට් එකම මට ජෝක් කරනවා.

"හුක්... අඩෝ බලපන් මූගෙ බෙල්ල.. ලව් බිට් තියලා බල්ලෝ..."
"උඹලා මොනවද ඔය කියවන්නෙ.."
"තෝ අපිට කොලේ වැහුවට උඹේ fb එක පුරාම හොට් හොට් නිව්ස්.. ඒ මදිවට බෙල්ලෙ හිකිස්... කොහොමද මූ හිටියෙ 10යට ගනින්න බෑ වගෙ..."

මොන හුත්තක් කියවනවද මන්දා. App එකත් දාගෙන fb ගියාම පොඩියලා ගම කාලා කියපන්කො විහාරා මට කවන ෆොටෝ දාලා කැප්ෂන් එකට

"අපිට නෑ නේ මෙහෙම සුදු නෝනලා ටොකු ඇන ඇන කවන්න... සැක්... වේදනයි... congratulations මා බොක්ක... වෙඩින් එක කියාම්.."

හැමිනෙනවා දාලා. ඔෆිස් එකෙ ඌනුත් දැකලා එනිවේ කමේන්ට් කරලා 'මහන්සි නිසා ලීව් එක දුන්නෙ ලව් කරන්න නෙවේ බොට එනිවේ congratulations කොල්ලා' කියලා.

දැන් ඉතින් හැමතැනටම නෝන්ඩි. කියන්න දෙයක් නෑ පොඩියා තමා වන් මෑන් ෂෝ එක කරේ... මම ගැන නෙවේ ඒ කෙල්ල ගැන.. වෙන කොල්ලෙක් කැමැත්තක් අහයිද දැන්.. විරාජ්ගෙන් මට කෝල් එකක් ආවේ සිද්දිය අහලා පස්සේ ඌ අද වෙන ගෑණියෙක්ගෙ ගෙදර යනවා එන්න වෙන්නෙ නෑ කිව්වා ගෙදර... ඉතින් ඌත් නැතුව මේ කුණු කතා අහගෙනෙ ඉදපන්කො...

❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

33.1K 7.7K 75
අපි අපේම වෙමු, ලෝකෙටම හොරෙන්!
18.2K 2.7K 36
ජීවිතේ සතුට හොයන රෑනේ පියාඹන කුරුල්ලෝ
27.1K 3.6K 20
" ඔව් ඉතින් තොට මං මොකක් හරි කිව්වම තමයි දහසක් හේතු මතක් වෙන්නෙ..!! " " දැන් මොකක්ද කියන්නෙ !? " " අන්න දැක්කනෙ..! මේ ටිකකට කලින් කිව්ව දේ දැන් මතක න...
5.2K 935 16
ආදරේ වෙනුවෙන් ලංසු තියලා තියෙනවද කවදා හරි ??? ආදරේ වෙනුවෙන් ලංසු තියපු ජීවිතේකට අවසානෙදි හම්බුන ආදරණීයම ලංසුව ගැන බලන්න... කියවන්න.. මගෙ ආදර ලංසුව