THE LAST TRAIN 🚆 🚆 ✅

By DEESHAPONNAMPERUMAGE

57.5K 16.6K 5.2K

ඔව්..හැම දේම වෙනස් වේවි....ඇහිපිල්ලමක් ගහන පමාවට.... හැම දේම වෙනස් වේවි.....හුස්මක් අරන් හුස්මක් පිටකරන පමාවට... More

01වන කොටස 🚆
02වන කොටස🚆
03වන කොටස🚆
04වන කොටස🚆
05වන කොටස🚆
06වන කොටස🚆
07වන කොටස🚆
08වන කොටස🚆
09වන කොටස🚆
10වන කොටස🚆
11වන කොටස🚆
12වන කොටස🚆
13වන කොටස🚆
14වන කොටස🚆
15වන කොටස🚆
-BONUS -
16වන කොටස🚆
17වන කොටස🚆
18වන කොටස🚆
19වන කොටස🚆
20වන කොටස🚆
21වන කොටස🚆
22වන කොටස🚆
23 වන කොටස🚆
24වන කොටස🚆
25වන කොටස🚆
26 වන කොටස🚆
27වන කොටස🚆🚆
28වන කොටස🚆
29වන කොටස🚆
30වන කොටස🚆
31වන කොටස🚆
32වන කොටස🚆
33වන කොටස🚆
34 වන කොටස🚆
35 වන කොටස🚆
36වන කොටස🚆
37වන කොටස🚆
38වන කොටස
39වන කොටස🚆
40වන කොටස🚆
41වනකොටස🚆
42bonus.....🚆
44වන කොටස🚆🚆
4️⃣5️⃣වන කොටස🚆

43 වනකොටස🚆

895 320 145
By DEESHAPONNAMPERUMAGE

ආ..මුතෝ.....උයනවා වගේ......

ඉක්කේ..ඉක්කේ..මේ අඩන්නෙ සෙන්සේ කෙනෙක් නේත....

කියන්න බබා අහන් ඉන්නෙ.....

ලොසිංජරේ ......

නගරබද පියරුවො ...

මගෙ වස්තුව ......

එහෙම කියපු උඹ......කෝ......????

ඉතින්.....උඹ යන්න ගිහින් මට කියපන්..මට කියපන් අකී....මට කියපන්....අදින් පස්සෙ ...මට ගහන්න බනින්න.....මාව අඩවන්න...හිනස්සවන්න....කව්ද ඉන්නෙ මගෙ අකී......මම මුලු ලෝකෙම දැක්කෙ උඹගෙ ඇස් අස්සෙන් වෙනකොට උඹ මාව දාලා යන්න ගියේ මාව අන්ද කරලා..නේද මගෙ අකී..........ඇයි අකී....අනේ..දාලා යන්න නම්...ඇයි රත්තරන් මෙච්චර ආදරයක් දුන්නෙ.....අනේ...ඇයි.......

පියවිලා ගියපු ඇස් දෙක ආයමත් ඇරුනා......එයා ගිහින්...තනි කලු වස්දන්ඩ විතරක් මෙට්ටෙ උඩට වැටිලා තිබුනා......

ඉර පායලා....හොක්කයිඩෝවට අලුත් ඉරක් පායලා......කියෝතෝවට....ටෝකියෝවට....නගෝයා...ශිබුයා....සයිටමා.....
සින්නකොබො .......ඔසාකා......නෑ...මුලු ජපානෙටම ඉර පායලා...ඒත්...මෙ හරූට....????


අනේ මගෙ  මුලු ලෝකෙම අන්දකාර වෙලා ගියා දෙවියනෙ.....එයා මාව දාලා ගියා....

මගෙ...අකී...අනේ...ආයම වරෙන් මගෙ රත්තරන් .....ඉන්න තැනකින් වරෙන් ..මේ මෝඩ ලොසිංජරේ ට උඹ නැති ජීවිතයක් නෑ මගෙ රත්තරන් අකී...අනේ...උඹ ගියහම කව්ද මාව බලාගන්න ඉන්නෙ....උඹ ගියහම කව්ද මට ආයම සුදු නෝනා කියන්න ඉන්නෙ......උඹ ගියහම...මම...කොහොමද ...මගෙ...අකී...ලම..යෙක්...හදන්නෙ........මේ..කතා..කියලා..මාව...තරහා..ගස්සවන්න...කව්ද...ඉන්නෙ....මගෙ....අකී......ඇයි මට මෙහෙම දුකක් දුන්නෙ අකී.......

අනේ...රත්තරනේ ..මට උඹ නැතුව ජීවත් වෙන්න දන්නෙ නෑ........මට උඹ නැතිව ජීවත් වෙන්න දන්නෙ නෑ..මගෙ...අකී.......හ්හ්.....

මං කෑ ගැහුවා.....මගෙ උගුර ලෙ රස වෙනකන් මම කෑ ගහලා ඇඩුවා......මුලු ජපානෙටම ඉර පායාලා මල් පිපිලා......හිනාව පිරුන අලුත් දවසක් පටන් අරන් තියනකොට මගෙ.මුලු ලෝකෙම අන්දකාර වෙලා ගිහින්....

අකීහ්.......අකී.........හ්හ්හ්..මගෙ...රත්තරන් ...අකී....අනේ....වරෙන්...අකී....වරෙන්කො.....ඉන්න....තැනකින්.....වරෙන්....මගෙ...අකී...මේ ලොසින්ජරේ ට....ජීවත් වෙන්න දන්නෙ නෑ....මගෙ...අකී........

ඇදුමක් ඇගට පටලව ගන්නවත් සිහියක් නැති මම විලිලැජ්ජාවෙ කියනදේ සදහටම මරලා දාලා අමු හෙලුවෙන් අර වයසක උන්දා ඉස්සරහා එයාව හොය හොය දිව්වා....අකී.....ඉන්න් තැනකින් එන්න අකී...ගගා උගුර ලේ රස වෙනකන් කෑ ගැහුවා.....

ආයම මට ලොසිංජරේ කියන්නෙ කව්ද රත්තරන් .........ආයම...මට....මගෙ...සෙන්සෙ කියන්නෙ...කව්ද...මගෙ වස්තුව .....

මම කඩා වැටුනා...මම අන්තෙටම කඩා වැටුනා....ආය නැගිටගන්න බැරි වෙන්නම කඩා වැටුනා මිරිගුවක් පස්සෙ දුවන මුවෙක් වගෙ හති වැටෙනකන් මං මගෙ ආදරේ පස්සෙ දිව්වා....

ආදරේ කියන්නෙම වේදනාවක් ...ජීවිතේ කියන්නෙම අමු දුකක්...බැදීම් කියන්නෙම උහුලන්න අමාරුම හැගීමක් වෙනකොට මං අවසානෙදි ඔහේ බිම වැටිලා ඉදගන්නකොට ආය කවදාවත් පන ගහන්නෙ නැතිවෙන්නම මැරිලා ගියපු හැගීම් අර වයසක උන්දා වහලා දැම්මා වගේම  මගෙ ගාවින් ඉදගන මගෙ අත ඒ අතට පටලව ගත්තා ...

ආච්චි අම්මා ....ඇයි...මගෙ අකී....එයාගෙ ලොසිංජරේ ව රැවැට්ටුවෙ ......රේල් පීල්ලක්...කවදාවත් එකතු වෙන්නෙ නෑ.

ඒත් ඒ රේල් පීල්ලෙ කවදාවත් වෙන්වීමකුත් නැති නම්....මේ හිත හදාගන්න ....එයාට තිබුනා...මං ගාව ඉන්න...අමනුස්සයෙක් ...උනත්...ඒ මගෙ ආදරේ  ....අමනුස්සයෙක් උනත්....ඒ මගෙ ජීවිතේ .....ඒ මගෙ...පන.....මගෙ...අකි...ඇයි අකී...මාව රැවැට්ටුවෙ ......හංස පිහාටුවක් දීලා ලිලැක් මල් පොකුරක් එක්ක ආදරේයි කියපු උඹ කොහොමද මගෙ රත්තරන් මට මේ දේ කෙරුවේ .....මට කියන්න...
ඇයි...ආච්චි අම්මෙ.....ඇයි මාව මෙහෙඅසරන කෙරුවේ...මට බැකෝ කාරයෙක් වෙන්න ඕනා කියපු මගෙ කොල්ලා.....

උන්දට මගෙ අදෝනාව අහන් ඉන්න බැරිවද කොහෙද අහක බලා ගත්තා ....පපුවෙන් එන වේදනාව වචන කරන්න අමරු වෙනකොට මං ඇහුවෙ ඇයි මගෙ අකී මට මෙහෙම කෙරුවෙ කියනකොට  මගෙ ප්‍රශ්නවලට උත්තර මේ ලෝකෙ කාගාවවත් නැතිවෙනකොට මගෙ දුයිෂෙන් මේ අල්තිනායිව සදහටම දාලා යන්න ගිහින්  උන්නා......

එයා...කවදාවත් ඔයාට බොරුවක් කෙරුවෙ නෑ......

එයා....යුකී.....එයාගෙ අම්මා.....අර නොදරුවා ......මේ කවුරුත් බැදීම් වලට කවදාවත් බොරු කෙරුවෙ නෑ පුතෙ......මේ හැමෝම බැදීම් නිසා ඇස් පියා ගත්තා.....

ණෑ....ඌ..මේ හැමෝගෙම ඇස් පියෙව්වා.......ඌ මේ හැමෝගෙම ඇස් පියෙව්වා...ඌ මුලු හොක්කයිඩෝවම මලගෙයක් කෙරුවා ...උන් දෙන්නා......උඹගෙ අකී......අර කෙල්ල යුකී......උන්ගෙ මලකදට යුක්තියක් හෙව්වෙ අදක ඊයෙක නෙවෙ දරුවෝ......

මගෙ අහිංසකයා  ....ඇස් පනාපිට උගෙ අප්පා මැරෙනකොට ඌ දරා ගත්තා .....බැකෝ කාරයෙක් වෙනවා කියපු හැමදාම මන් ඌට ගැහුවට....ඌට ඕන උනෙ උගෙ අප්පා වෙන්න.....උගෙ අප්පා වගෙ පවුලට හයියක් වෙන්න......මගෙ නොදරුවා ඉස්සරහම උගෙ අප්පා හුස්ම අරිනකොට  ඌ ගහක් වගේ දරාගත්තා........

උගෙ අප්පා ගියාට....ඌට මන් ඉතුරු උනා....උගෙ අම්මා ඉතුරු උනා ...මං ඉතුරු උනා......ඒත්........ඒත්...
එකම එක මූසල දවසක.....ආයම අපිට වැහි නැති හෙන ගහන්න පටන් ගත්තා .......

අප්පා නැති දුක ඌ හිතේ තදකරන් ඉගන ගත්තා ...ඌ මෝඩ නැ පුතේ...මගෙ කොල්ලා මෝඩ නෑ......ඌ හැමදාම පන්තියෙ පලවෙනියා.......ඌ...හැමදාම පන්තියෙ...පලවෙනියා.......ඌට තිබුනෙම උගෙ අම්මගෙ මූනුවර.......යන්තම් වයස තිස් ගාන පහු උනා විතරයි .....මිනිහා මැරුන ගෑනිට අහක යන මැස්සා පවා වහනවා වහනවා කියන්නෙ බොරුවට නෙවේ.......අපිට හෙන වැදුනා......මගෙ දුප්පත් පවුලට හෙන වැදුනා........

(ආච්චි  අම්මා පපුවට ගහ ගහ දුක කියනකොට මන් හිත පපුව නැති මලකදක් ගානට අහන් උන්නා....ඌ මෝඩයා නෙවෙ...ඌ මෝඩයා නෙවෙ කියනකොට මගෙ අහිංසකයා එදා උගන්නපු හැටි මට මතක් වෙලා ආයම මට ඉකි ගැහුනා ....ඌ පොත වහලා දාලා උගන්නපු හැටි ආසාවෙන් මං අහන් උන්නා.....ඌ මෝඩයා නෙවෙ කියන එක මං එදාම දැනගත්තා .......වැටෙන කදුලු වලට වැටෙන්න දීලා මම එයාගෙ කතාවට අවසිහියෙන් කන් දුන්නා....)

උගෙ අම්මා කරදඩු උසට කොල්ලෙක් උන්නත් ඇහැට කනට පේන්න උන්නා...මිනිහා මැරුන දුක ලෝකෙම්ම හංගන් මගෙ පොඩි එකා වෙනුවෙන්  ඒකි පස් ඇද ඇද ඔට්ටු උනා.....ඒ කොච්චර දුක් වින්දත් ලෝකෙට හිනා උනා දරුවගෙ මූනට හිනාවක් ගේන්න ඒ ගෑනි හිනා උනා  ඒ උනත් රෑ එලිවෙනකොට ඒකිගෙ කොට්ටෙ කදුලුවලින් පෙගිලා තිබුනා ......ඒත්  ...ඒකිගෙ අසරන කම....ඒකිගෙ ලස්සන මගෙ කොල්ලගෙ අප්පා නැති කම කොහෙන්වත් ආපු නරුමයෙක් ගෙ ඇස්වලට අහු උනා.....

ඌ වෙන කවුරුත් නෙවේ.....ඌ වෙන කවුරුත්ම නෙවෙ.......අසාහි......මගෙ පවුලම කාපු....පොඩි එකියෙක්ව නැති කරපු ඌ වෙන කවුරුත් නෙවෙ අසාහී .....

( මගෙ අකීගෙ අම්මගෙ අසරන කමෙන් අසාහි ප්‍රයෝජන අරගන තිබුනා කියනකොට  ඒ ඇස් ගින්දර වගේ රතු පාටවෙලා තිබුනා වගේම  තරහටම කටහඩ වෙව්ලුවා......ආච්චි අම්මා කියවනකොට මම අහන් උන්නා..මට අඩන්න කදුලු මදිවෙන තරමට මගෙ අකීගෙ අම්මා අසරන වෙලා තිබුනා....පිරිමියෙක් නැති ගෑනු හැමදාම මේ ලෝකෙ අසරනවෙනකොට මගෙ අකීගෙ තාත්තගෙ අඩුව පුරවන්න බලෙම්ම අම්මට අයිතිවාසිකම් කියලා තිබුනා.....

ඌ කෙරුවෙ තනිකරම බොරුව.....ඌ දුන්නෙ මගෙ දරුවන්ට දුන්නෙම දුකක්    ඌ ආවදා ඉදන්  මගෙ එකී කදුලු නොබීපු දවසක් නෑ....කසාද සහතියක් නැතිවම ඌ   ඒකිව අයිති කරගන්නකොට උගෙ සල්ලි බල පුලුවම් කාර කම් ඉස්සරහා අපිහැමදාම අසරන උනා....උඩ ඉන්න දෙවියොවත් අපේ දුක නොබලපු එකේ ගම්බාර නඩු කාර හාමුදුරුවො දුක බලයිද.........

(මම අහන් උන්නා.....මගෙ රත්තරන් මට ඉතුරු කරලා ගියපු එකම මතකෙ වෙච්ච කාල වර්න වස්දන්ඩ අතේ හිරකරන් මම අහන් උන්නා.....ඇත්ත....උන්දා කියපු දේ සීයට දාහක් ඇත්ත වෙනකොට සල්ලි නිසා මිනිස්සු හැමදාකම හැම තැනකම තැලුනා කියන එක ලෝකෙ නොදකින අන්දයා පවා පිලි ගත්තා ....මගෙ අකී....එයාගෙ අම්මා....ආච්චි .....මේ අවනඩුව කාට කිව්වා උනත් වැඩක් වෙලා නෑ..... උඩ ඉන්න දෙවියො පවා ඒ අයග් කදුලු ඉස්සරහා අන්ද ගොලු බීරි වෙලා ගිහින් තිබුනා කියන දේ මම අහන් උන්නා....)

හැමදාම හේතුවක් අහේතුවක් නැතිව ගුටි කන ඒකිට දහපාරකට වඩා ඒ හුස්ම අතාරින්න ඕන උනා උනත් අහිංසක කොල්ලට අප්පා නැති උන එකේ අම්මත් නැති කරන්න බැරි කමට ඒකි ඉවසුවා.....ඒත්.....දවසක්....ඒ හැම දේම වෙනස් උනා.....මගෙ පොඩි එකා....අපිට උන්න එකම සැනසීම.....මගෙ කොල්ල එන්න එන්න වෙනස් වෙන්න ගත්තා ......ඌ දවගනන් නොකා නොබී නිදා ගත්තා ....රෑ එලිවෙනකන් අහේතුවකට ගුටි කන අම්මා උගෙන් ඇහුවා...ඒත්....ඌ හැමදාම හිනා උනා..හිනා වෙලා.ඇහුවෙ එක දෙයයි.....අපිට..කවදා මේ සාපෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද කියන එක විතරක්ම වෙනකොට මොන අඩු පාඩු කම් ඉහිලුවත් තුන් වේලම බඩ පුරවලා හදපු කොලුවා වැහැරෙන්න ගත්තා ....මගෙ අසරනයා....අයියෝ....බලාගන ඉන්නකොට ඌ වැහැරෙන්න ගත්තා .....බලාගත්ත අතේ බලාගන ඉන්න පටන් ගත්තා ....ඉස්කෝලේ නොයා අම්මා එක්ක පස් අදින්න යන්න අඩව් ඇල්ලුවා......අයියෝ...අපි දන්නෙ නෑ.....අපි හිතුවෙම මේකා ඉගන ගන්න හොර උනා කියලා වෙනකොට හැමදාම බැන බැන ඉස්කෝලේ යැව්වා.....ඒ උනත්......මගෙ පොඩි එකා.ඉස්කෝලේ දි නොවිදිනා දුක් විදලා......ඌව හැමෝම...පාගලා...ඌව හැමෝම..කොන් කරලා........ඌව අර අසමජ්ජාති යා ඉස්කෝලෙම්ම කොන් කරන තැනට වැඩ කරලා...........මූ මගෙ අසරනයව නාස්ති කරන්න හදලා...අම්මව කෑවා මදිවට මූ මගෙ  නොදරුවවත් කන්න හදලා.........ඌ...පිස්සෙක්....ඌ අදමයෙක්....ඌ උම්මන්තකයෙක් .......

(අකීහ්....අනේ..මගෙ...රත්තරන් ...අකි....පොඩි වයසට මෙච්චර දුකක් උඹ ඉහිලුවෙ කොහොමද මගෙ රත්තරන් අකී.........ඌ උඹවත් නැති කරන්න හැදුවලු....උඹට ඉස්කෝලේ ඉන්න හිටින්න බැරි කෙරුවලු............මගෙ අසරනයා.....උඹට සෙන්සෙ ලාව පේන්න බැරි එක සාදාරනයි අකී...........)

එකම දවසක් ....මගෙ අසරනයා මලකදක් ගානට ගෙදර ආවා......ඌ ඇහුවෙ මෙච්චරයි ......උඩ ඉන්න දෙවියන්ට වත් මේ දුක පේන්නෙ නැතිනම් .....යට ඉන්න යක්කුන්ටවත් මේ දුක දැනෙයිද අම්මෙ කියලා විතරයි ...එදයින් පස්සෙ ..මගෙ කොල්ලා ආයම ඉස්කෝලේ පලාතෙ ගියෙ නෑ.....ඌව පිරිමි පස්සෙ යන එකෙක් හැටියට අර අදමයා හන්වඩු ගස්සවලා...වෙන්න ඕන දේ නොවෙච්ච කොට ඌ මගෙ කොල්ලව කාලම දාලා තිබුනා .....අවසානෙදි  අසාහියා ගෙදර එන එක නැවතුනා උනත් ....සැරින් සැරේ ඇවිත් උගෙ අම්මට දෙතිස් වදේ දෙනකොට  ඉවසලා ඉවසලා බැරිම තැන ඒකිත් ඉරටත් කලින්  ඒකි aokigahara  ගියා....

(එතනින් එහාට උන්දා කියපු දේවල් අහන්න මට හයියක් තිබුන් නෑ..මාව මගෙ අකී අරන් ගිය පන්සල....aokigahara  යක්කු විමානෙන් අරන් ගියපු පන්සල....එයාගෙ අම්මගෙ අවසානම බලාපොරොත්තුව තිබුනෙ එතන වෙන්ස්කොට  හැමදාම පිට මිනිහෙක්ට වඩා කොතනත් මුල වෙන්නෙ කසාද මිනිහා තමන්ගෙ දරුවගෙ තාත්තා වෙනකොට  දෙවියො පවා අතෑරපු මගෙ අකීලට පිහිටක් වෙලා තිබුනෙ අදුරු මායාව වෙනකොට එයාගෙ තාත්තව ආයම ගෙන්නවන්න ඒ අම්මා බලාපොරොත්තු පොදි බැදලා තිබුනා ...මගෙ අකී අහන්න පුලුවන් විදින්න පුලුවන් හැම නින්දාවක්ම විදලා ඉස්කෝලේ ගමනට සදහටම අත වනනකොට උදේ පාන්දර ඉරටත් කලින් ආච්චි අම්මා එක්ක පොලට යන්න පටන් අරන් තිබුනා......මේ හැමදෙයක්ම අතර තුර අකීගෙ අම්මව ටික කාලෙකට අමතක කරපු අර අසමජ්ජාතියා ඉස්කෝලෙටම උන්න ලස්සනම කෙල්ල.....කබුකි නටපු ලස්සනම කෙල්ල......දුප්පත් කමට වඩා ලස්සන පරහකට හිටපු කෙල්ලව නාස්ති කරලා දාලා තිබුනා ........

ඉතින්....කාසි වලට වඩා නෝට්ටු සද්දෙ නොදානකොට ඒ කෙල්ලත් එක්ක ඒ හැමදේම යට යනකොට  ඌ ආයම මගෙඅකීගෙ අම්මව හොයන් ආවා වගේම   අම්මා එන්න එන්න වෙනස් වෙන්න පටන් අරන් තිබුනා.....අදුරු මායාව එක්ක ගනු දෙනුකරපු අම්මා අවසානෙදි පඩි දහතුනෙ පූජාව පටන් ගන්න තැනට හැම දේම කරගන තියනකොට පඩි දහතුනක්  නැති කමට එහා ගෙදර .....ඒ කියන්නෙ මෙච්චර කල් මටත් හෙවන දීපු ගෙදර බිම් ගබඩාව කුලියට ඉල්ලන් තිබුනා ....

දෛවය හැමදාම පෑගුවෙ දුබලයව වෙනකොට  මගෙ අකීගෙ අම්මා වගේම ඒ ගෙදර පුංචි කෙල්ල....එකම දරුවා ....දෛවයෙ සරදම කොච්චරද කියනවා නන් ඒ නොදරුවා පවා අසනීප පිට හිටපු එකෙක් වෙලා තිබුනා......

එදා පායපු ඉරත් එක්ක ඇස් ඇරියට දැනන් ඉදලා නෑ එදා දකින ඉර තමා එයාලා දකින අවසානම ඉර කිටන එක වෙනකොට  අම්මගෙම කරුමෙට එදා ඒ පුංචි එකීගෙ අම්මා තාත්තත් විස්වාස වන්ත කමට පොඩි එකීව එයාගෙ අම්මට භාර කරලා ජීවිතේ ගැට ගහගන්න පස් කූඩා අදින්න ගිහින් තිබුනා.....

ඉතින්........එදා මගෙ අකීගෙ අම්මගෙයි.....ඒ පුංචි කෙල්ලගෙයි ඉරනමේ තිතක් තිබුන දවසක් වෙලා......අම්මව හොයන් ආව මාරයා කටින් කට යනකොට  වැදුන පාරක් එක්ක අම්මා එතනම හුස්ම ඇරියා වගේම මේ හැමදේම දැකපු දරුවගෙ පොඩි මොලේ යකඩ පොල්ලකටඋඩු පට්ටම් කරන්න තරම්  ඌ සහාසික වෙලා......

ඉතින්...මට කියන්න දෛවය නපුරු නැතිද......???? මං ආයම උන්දා දිහා බැලුවා .....)

එදා.......මං දැක්කා පුතෙකුගෙ වේදනාව .......අම්මා අප්පා අහිමි කොලුවෙක්ගෙ වේදනාව ....හැමදාම .....ගෙට ගොඩ වෙනකොට  අම්මේ....කියාගන එන කොල්ලට මොන අමාරු කම් මැද උනත් ඒකී හිනාවක් දෙන්න පුරුදු වෙලා උන්නා...ඒත්.....එදා...අවසානම කෝච්චියෙ හූ සද්දෙ එක්ක..........ඌ දැක්කෙ අම්මගෙ මල කද වෙනකොට ..........

එකම එක හුස්මක් නොගන ඌ ඉහලට අල්ලන් උන්නා......ඈතින් එන කෝච්චියට වඩා එගෙ කකුල් හයිය වෙනකොට .....මෙච්චර කල් රූස්ස ගහක් වගේ දරාගන උන්න ඌ...අවසානෙදි ...මගෙ නොදරුවා ...අප්පා නැති දරුවා .....දහසක් අපවාද අහපු මගෙ නොදරුවා ......මුලු ඉස්කෝලයක්ම අමනයෙක්ට පාවා දුන්න මගෙ නොදරුවා ......අවසානෙදි අම්මගෙ මලකද පවා ඇහෙන් දැකපු නොදරුවා ....ඔලු කටුවෙන් එලියට පැනපු ලේ කැටි එක්ක සදහටම ඇස් පියාගත්තු ඒ කිරිසප්පයගෙ මලකද දැකපු නොදරුවා ..........අවසානෙදි ....අවසානම මොහොතේ දි .  ....අහස පොලවට පවා හෙන ඉල්ල ඉල්ල දිව්ව උඹේ අකී..........කාත් කවුරුත් නැතිව අන්ත අසරේනටම වැටුන උඹ අකී.............

උඹට දරුවෙක්ට වගේ ආදරෙ දුන්න උඹේ අකී......

උඹව ඇස් දෙක වගේ බලාගත්තු උඹේ අකී........

මම විදින වේදනාව.....උගෙ තාත්තා විදපු වේදනාව ...උගෙ අම්මා විදින වේදනාව දරන්න බැරිව පොඩි වයසෙම්ම පවුල් බර කරට  ගන්න  හදපු උඹගෙ අකී......

ලොසිංජරේ ....මගෙ සෙන්සේ ගගා හැම රෑකම උඹව  උගෙ කරගත්තු උඹේ අකී.........

ආයම කවදාවත් උඹේ ඇස් ඉස්සරහට නොඑන උඹේ අකී.......

දරාගන ඉදලා ඉදලා දරාගන්න බැරිම තැන......














හොක්කයිඩෝවට එන අවසානම කෝච්චියට බෙල්ල තිබ්බා.....!!!!!!









නෑ...එහෙම වෙන්න බෑ...එහෙම වෙන්න බෑ......අනේ....මගෙ..රත්තරන් අකී......එහෙම වෙන්න බෑ.....උඹට එහෙම වෙන්න බෑ මගෙ වස්තුවේ.....උඹට එහෙම බ වෙන්න බෑ....රත්තරනේ.....අකීහ්...මාව..මැරෙයි මගෙ...අකී....මාව මැරෙයි.....අනේ...රත්තරන් ...............අකීහ්හ්......මගෙ...අකීහ්....ඇයි...රත්තරන් ....එහෙම කෙරුවෙ...මොන.හිතින්ද මගෙ අකී.....උඹ එහෙම කෙරුවේ...............

මම කෑ ගහලා ඇඩුවා......මගෙ පපුව හත් කඩකට පැලිලා.යනකොට මම.කෑ ගහල ඇඩුවා....සමහර විට මගෙ විලාපෙ අපායෙ දොරකඩටම ඇහෙන්න ඇති.....

මගෙ...අකී....රේල්ල පීල්ලට බෙල්ල තියලා......

දරාගන දරාගන...දරාගන්න බැරිම තැන තමා  දරා ගන්න ඕනම තැන වෙනකොට මගෙ අකී......අවසානෙදි එතන අතෑරලා තිබුනා.............

සෙන්සේ...........

ඉකි ගහලම අඩන....කෑ ගහලම අඩන මට එයා කතා කෙරුවා .....ඒ තොල් සම්පූරනම සුදු මැලි වෙලා ගිහිල්ලා....පිලිවලට පීරලා තිබුන කොන්ඩේ  අවුල් වෙලා ගිහිල්ලා තිබුනා......

අපායට යන දොරටුව ඇරිය.....මොගානා මේගන්.......උඹගෙ අකීගෙ අම්මා.....ඒකිට බැරි උනා ඒ දොර ඇර ගන්න....ඒත්....උඹට පුලුවන් උනා....ඒ දොර අරින්න.......

සෙන්සෙ......මේ ලෝකෙ හැම තැනම දුයිෂෙන් ලා නෑ.........

මගෙ කොල්ලට සමාව දීපන් සෙන්සෙ ......ඌ.අවුරුදු ගානක් .....මේ දවස වෙන කන් බලන් උන්නා.......යුකී....අවුරුදු ගානක්...මේ දවස එනකන් බලන් උන්නා......උගෙ අම්මා...අවුරුදු ගානක් මේ දවස එනකන් බලන් උන්නා.....අර පුංචි එකී අවුරුදු ගානක් මේ දවස එනකන් බලන් උන්නා.......

හරූ.........උඹ...වචනයේ...පරිසමාප්තියෙන්ම දුයිෂෙන් කෙනෙක්....................

ඉතින්.....ස්තූතියි .........අවුරුදු විස්සකට පස්සෙ හරි......අපිට සැනසීමක් දුන්නට...............ඒ වගේම.....සමාවෙන්න......

අපි හැමෝම....උඹව...රිදෙව්වට.......

ආ...ච්චි...අම්මා.......

මගෙ...අකීගෙ....ලොසිංජරේ ............මිනිස්සු මැරුනට....මතකය කවදාවත් මැරෙන්නෙ නෑ....අදරේ කවදාවත් මැරෙන්නෙ නෑ........

ඉතින්.........උඹ ඉදන් ඉන්නෙ....මම මගෙ හුස්ම ඇරපු තැන............උඹගෙ අකී...එහෙන්..පීල්ලට බෙල්ල තියනකොට ......මගෙ හදවත හත්කඩකට පුපුරලා ගියා...........

ඉතින්......හරූ....උඹ.....නිදහස්..............උඹ...හැම දේකිම්ම....නිදොස්කොට නිදහස්......

අකීගෙ ලොසිංජරේ .........දෝමෝ....අරිගතෝ..........!!!

එ..එපා....එපා.....ආච්චි ..අම්මෙ....අනේ....එපා...........හ්හ්හ්හ්හ්.....!!!

බලාගන ඉන්නකොට ඒ මූන සම්පූරනම වැහැරිලා ගියා....ඩම්ප්ලින් දෙකක් වගේ තිබුන කම්මුල් බලන් ඉන්නකොට වැහැරිලා ගියා........

සමාවෙන්න....ස්තූතියි කියපු එයා අවසානෙදි මගෙ ඇස් ඉස්සරහම බොදවෙලා යනකොට කාත් කවුරුත් නැතිව....අවුරුදු ගානකින් ඇරලා නැති ගෙයක් ඇතුලේ..මකුනු දැල් ගොඩක් පිරුන ගෙයක් ඇතුලේ.....එයාගෙන් ඉතුරු උන වස් දන්ඩ එක්ක මම අවසිහියෙන් ඉදන් උන්නා........

ඒ හැමෝම.....මැරිලා......මගෙ...අකී .....යුකී.....එයාගෙ අම්මා....ආච්චි අම්මා....අර් කෙලි පොඩ්ඩ....මේ හැමෝම...මැරිලා.....

මම හිනා උනා......මම කෑ ගගහා හිනා උනා........මෙච්චර වෙලා අඩපු මම උමතුවෙන් වගේ අඩ අඩ හිනා උනා.......

මගෙ...අකීහ්....උඹලා...හැමෝම....මල
මිනිස්සු....ද....මගෙ...අකීහ්........

ලස්සනට පිලිවලට තිබුන ගේ තත්පරෙන් වෙනස් වෙලා ගියා.....ඇදන් කවරෙ ක්දන් හැම දේම පට්ට පරන වෙල යනකොට මම තට්ට තනියම මකුනු දැල් පිරුන එයාගෙ ගෙදර ඉදගන උන්නා......

ඇගිල්ල කැපුන දා බිමට වැටුන ලේ බිංදුව නැති වෙනකොට එක වචනෙකින් පවා යුකී අකීට බය වෙනකොට .........මොන දේ උනත් මගෙ අකී යකෙක්ට වත් බය නොවෙනකොට ...රෝසි කට් කපපු කොන්ඩෙයි කලු පාට ඇස් දෙකයි තිබුන කෙල්ල කබුකි නටනකොට ........මගෙ දරුවා...මගෙ දරුවා ගාන කටහවල් ඇහෙනකොට .......මුල ඉදලම මම ඉදලා තියෙන්නෙ එයාගෙ ආදරෙන් අන්ද වෙලා වගේම එ කිසිම දෙයක් පැහැදිලි දකින්න බැරිව වෙනකොට ඒ හැමෝම අවසානෙදි යන්න යනකොට මම අමු පිස්සෙක් වෙලා උන්නා......

මගෙ...අකීට මුලු ඉස්කෝලෙම නින්දා කරලා......ඒකද මගෙ රත්තරන් උඹට සෙන්සෙලාව පේන්න බැරි උනේ......

ඇස්වලින් කදුලු කඩාගන වැටෙනකොට  මට එදා පරන වෙලා ගියපු ටොයිලට් එක අස්සෙ තිබුන පාට ගියපු කොල ගුලිය මතක් උනා.......ඒ කියන්නෙ...ඒගහපු...කොලේ..මගෙ අකීගෙ...........උන් හැමෝම එකතු වෙලා මගෙ කොල්ලව කාලා......

අකී....මගෙ...රත්තරන් .......අකීහ් ....අනේ.....අකී.......

අතේ තිබුන වස්දන්ඩ තුරුල් කරන් මම ඒ පාලු ගෙදර කෑ ගගහා ඇඩුවා.....වෙලාවකට හිනා උනා.....පලවෙනි ආදරේ අන්තීම ආදරේ කරගන්න හීන දැකපු මට අවසානෙදි හැම දේම හීනයක්ම වෙලා යනකොට අන්තීම කෝච්චියෙදි යුක්තිය හොයන් ගියපු ආත්මෙකට ආදරේ දීපු මට හැම දේම හීනයක් වෙලා යනකොට මගෙ හොද සිහියත් දැන් දැන් මාව දාලා යන්න හදනකොට මම අඩ අඩම වස් දන්ඩ මගෙ  දෙතොල් ගාවට ලන් කෙරුවා .......

අඩලම ඉදිමුන ඇස් දෙක වගේම බුරුල් උන නහය එක්ක හුස්මක් ගන්න බැරි උනත් එයා අවසානම පාරට මං වෙනුවෙන් ගහපු ඒ සිංදුව මම.උමතුවෙන් ගහන්න පටන්.ගත්තා ......


ඇස් වලින් වැක්කෙරෙන කදුලු ඉමක් කොනක් නැතිව කඩාගන වැටෙනකොට මම පන නැතුව ගියපු කකුල් වලට හයිය අරන් නැගිටලා වැනි වැනිම එලියට ආවා.....ඇගේ මෙලෝ අදුමක් නැති වෙනකොට විලි වැහෙන්න තිබුනෙ ඇද රෙද්ද විතරක් වෙනකොට ඊයේ පෙරේදා වෙනකම්ම ලස්සනට තිබුන ගේ කැලෑ වැදිලා තිබුනා.....

වෙලාවකට හිනා වෙන....වෙලාවකට අඩන..මම ආදරේ වේදනාවත් එක්ක උමතු වෙලා උන්නා........තියන අඩියක් ගානෙම කැලෑ වැදුන මිදුලේ තිබුන කටු ඇනෙනකොට මම ඔහේ අනිත් ගෙදරට ගිහින් දොර ඇරියා .......

එදා තිබුන සද්ද බද්ද අද කිසිම දෙයක් නැතිවෙනකොට මකුනු දැල් කඩාගන
ඇතුලට ආවා......

මහ රෑ තනිකර්න්න බෑ කියලා මගෙ තනි රැකපු කොල්ලා........ඌ මාව දාලා ගිහින්......ඌව මගෙන් උදුරන්..........

අකී.....හ්හ්....මගෙ....රත්තරන් ...අකීහ්............

අදරේ කියන්නෙම වේදනාවක් විතරක්ම වෙනකොට මම වැනි වැනි ගිහිම්ම  බිම් ගබඩාවෙ දොර ඇරියා........

පඩි දහතුනේ පඩි පෙල......

මොගානා මේගන්.......මගෙ අකිගෙ අම්මගෙ පොත.........

අවසානෙදි කෑ ගහලා මම හිනා උනා.........

මට මගෙ අකීව ඕනා....

උමතුවෙන් වගේ හිනා  උන මම පහලට බහින්න අඩිය තිබ්බා......

එක්කො ජීවිතේ...නැතිනම්...මරනය..........









🤭පීතිමත් සුභ උජෑසනක් වේවා........


😽කතාව ලියපු එකා හොදටම බුජිලු........

මේ ලමයව ඇහැරවන්නෙ නැතිව වෝට් එකකින් කොමඩ් එකකින් ආදාරයක් කරන් යන්න අයියෝ..............

මම

Ferdeesha ❤️💚😘

Continue Reading

You'll Also Like

104K 4.7K 45
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...
180K 26.7K 62
අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈
5.9K 1.2K 7
❤️ නොපෙනෙන අනාගතයකට බයේ ඔයා පෙනෙන වර්තමානයේ ප්‍රශ්නවලින් පැනල යන්නද හදන්නෙ බබා........ 💚 නොපෙනෙන අනාගතේ ගැන හිතල පෙනෙන වර්තමානයේ වැඩ කලොත් අනාග...
21.2K 4.5K 85
ඔව්.. අග්නි වෙනුවෙන් මගේ අතට ලැබුන හැම නිර්මාණයක්ම... මේකේ දාන්න කියලා බැලුවේ..