💙ඔබ අභියස🖤 (Complete)

By breath_21

34.6K 5.1K 1.4K

මතකය සුන්දරයි.. එක දිගට සිහි වෙන... ආදරය විඩාබරයි... නුඹ මගෙ නොවුන කොට... වේදනාව විතරයි... වර්තමානයේ එක පිට... More

01.
02
03
04
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40

05

954 143 21
By breath_21

දවසම හෙන මූසලයි. මට තේරෙන්නෙ නැත්තෙ අර මනුස්සයා මොකාටද එන්න හදන්නෙ කියලා. විරාජ් ගියා අනියම් කෑල්ලක් එක්ක සවාරි. අනික් ඌන්ට නම් කොහොමත් මම හිටියත් නැතත් වැඩක් නෑනේ. මම කල්පනා කරන ගමන් ෂෝටයි බාටයි දාගෙන එළියට බැස්සෙ කොහෙට යන්නද කියලාවත් නොදැන. හැබැයි මම කල්පනා කර කර යද්දී මගෙ සුට්ටන් මොලේට ෆට්ටම අයිඩියා එකක් ආවේ. බයික් එකක් ගන්න බලන්න. මත් හෙන බයික් පිස්සා බයික් ගැන නොදන්න දෙයක් නෑ. එත් මට මේ ටිකෙම නිවාඩුවක් තිබ්බේ නෑ. එකවුන්ටන් ලා ඔෆිස් අස්සේ සීතලේ ගුලි වෙලා එනවා කියලා හිතුවට ඌන්ගෙ මානසික නිදහස ශුන්‍යයි. වැඩ වැඩ වැඩ balance shit එක බැලන්ස් නොවුන දවසට නොකා නොබි හේතු හොයනවා. A/L කාලෙ නම් උඩ එකම යටට දාන්න පුලුවන් එත් ජොබ් එකක් කරද්දී එම බෑ නේ. අනික අපේ anyway නිතරම කැට තිය තිය මම වරදිනවා කියන එකෙ ඇයි මම ෆ්‍රේල් වෙන්නෙ...

මම ගියා හෝමාගම yamaha බයික් සෙන්ටර් එකට. කලුයි සුදුයි මික්ස් වෙච්ච bajaj pulsar Ns 200 බයික් එකක් මගෙ හිත ගත්තා. ඇත්තටම සුපිරි වණ්ඩිය. කාර් එකක් ගන්නවා ගෙයක් අරන් ගේකුත් නැතුව කාර් එකක් අරන් කන්න කියලද එක අතකට. ලක්ෂ 6.5ක් අරගෙන කෙලින්ම කෑශ් පේමන්ට් කරා. ආයෙ ඉතින් සල්ලි සල්ලි කියලා ලතවෙනවද මේ සස්... ඒත් පොතයි මොනාද වැඩ ටිකකුයි නිසා හෙට තමා බයික් එක මගෙ අතට එන්නෙ. වණ්ඩිය නම් දැක්කාම ෆට්ට ආස හිතෙනවා.


මම ආයෙත් පයින්ම ඔහෙ ඇවිදින්න කල්පනා කරා. මම අවුරුදු 19 A/L out වුන ගමන් කරේ pizza hut එකෙ pizza delivery කරපු එක. ඒ ජෝබ් එකෙ ot ඇදලා ඇදලා මම කොහොම හරි chartet එකට සල්ලි හොයාගත්තා. පස්සෙ මම කැම්පස් සිලේක්ට් වුනත් මට හිතුනා ඕක මහා බොරු වැඩක් කියලා. එත් දෙයියනේ කියලා නිකන් හම්බුන දේනේ මම එකත් ට්‍රයි කරා. දැන් මම එකෙත් ඉන්නෙ 3rd year එකෙ. වැඩිය ලෙක්චර් නැති නිසා මම ජෝබ් එක කරන්න මේකට ඇවිත් අවුරුද්දක් වගෙ. මට 22දී මම චාර්ටට් කොලිෆයිට්.  එකෙන් මේකට දැන්මා දැන් මට 23. දෙයියනෙ කියලා ප්‍රිකටින් නිසා කැම්පස් නම් කල් යනවා. එත් මම ලක්ෂයක් දෙකක් මාසෙකට පඩි ගන්නවා. ඔහොම්මම ඩිග්‍රී එකත් ගහලා ඉන්නකොට කොහොමද ආතල් එක...

මම ඇත්තටම පොඩි කාලෙ හොද පවුලක කොල්ලෙක් වෙන්න ඇති. ඉගෙනීම මට නතින් වුනා. එත් මම නංගි එක්ක මේ ලෝකෙ තනි වෙද්දී මට අවුරුදු 12යි. ඒ වෙද්දීත් මම ලුම්බිණි යනවා. නංගිට අවුරුදු 9යි. අම්මයි තාත්තයි ඇක්සිඩන්ට් වෙලා නැති වුනා. ඇත්තටම වුනේ එයාලා ගියාම අපි නෑදෑයෝ අතරේ එහාට මෙහාට වුනා. ඇත්තටම අපිට ආදරේ අය නෙවේ ලං වුනේ දේපල බේදාගන්න අය. පස්සෙ අපේ බාප්පාට අපිව හම්බුනාම ඌ සුදූ දාලා මගෙ තාත්තා හම්බකරපු රුපියලත් හින්දලා අපිව පාරට නොඇද ඇදලා දැන්මා. මට මතකයි නංගි මායි ඔහෙ පාරේ ඇවිද ඇවිද මට ඕනේ වුනේ දවස් ගානක් නංගිගෙ තිබ්බ උණට බෙහෙත් ගන්න. ඉතින් කොළඹ හොස්පිටල් බස් එකෙ යන්න තරම් වත් මා ගාව සල්ලි තිබ්බේ නෑ. පස්සෙ බාප්පා ගෙන් ඉල්ලුවත් එයා කිව්වේ.

"අනේ මේ හිගන පැටව් දෙන්නා. තොපිට කන්න බොන්නම දීලා මට මහන්සි පලයව් ආවා මෙතන සල්ලි ඉල්ලගෙන. ඕකිට උණ නම් මැරිලා යන්න දීපන්. උඹත් වහ කාලා මැරියන් එක තමයි හොදම දේ..." බප්පා වටේටම ඇහෙන්න කෑ ගැහුවා. එදා මම පාරට බැස්සෙ මගෙ නංගිව කොහොම හරි සනීප කරනවා කියලා හිතලා. එත් මගෙ නංගිට පාර මැදම කලන්තේ දාලා වැටුනා. මගෙ නංගි හොදටම සුදුමැලි වෙලා හිටියෙ... මම එයාව තුරුල් කරගෙන හොදටම ඇඩුවා. පස්සෙ දන්නෙ මගෙ නංගිට නිව්මෝනියාව තිබ්බා කියලා. ඇස් දෙක වගෙ මට ඕනේ වුනා මගෙ නංගිව පරිස්සම් කරන්න. එත් අර කාලකණ්නියා මම අදටත් හිතේ යටම ඕකාගෙ ඉස්සරහට යන විදිය පැලෑන් කරනවා. මට පලි ගන්න ඕනේ නෑ. එත් ඌ මගෙ පවුල විනාශ කරපුවාට ගෙවන්න වෙනවා.

මම හැදුනේ අවුරුදු 13න් පස්සෙ මාර්තා අම්මා එක්ක. එයා තනි මාව බලාගත්තෙ හරි අමාරුවෙන්. මුස්ලිම් කෙනෙක් වුනත් ජාති බේද බලන්නෙ නැතිව එයා මට ආදරේ පෙන්නුවා. එයා බැදලා තිබ්බේ නෑ මොකද එයා ආදරේ කරලා තිබ්බේ සිංහල කොල්ලෙක්ට. ඒ නිසාම ඒ කොල්ලාට මාර්තා අම්මලගෙ පවුලේ අයගෙන් ආව ප්‍රශ්න නිසා එයා මෙයාව අත්තැරලා ගිහින් වෙන කෙනෙක් මැරි කරලාලු. අවුරුදු 25 ඉදන් මාර්තා අම්මා එයාගෙම පවුලෙන් අයින් වෙලා තනියම රස්සාවක් කරගෙන හිටපු කෙනෙක්. එයා කරේ පාරේ පේමන්ට් එකෙ පෙට්ටි කඩයක් තියාගෙන උළුදු වඩේ වගෙ පොඩි පොඩි අයිටම් වික්ක එක. ඇත්තටම ඒවා නම් මාරම රසයි. උදේ 6ට ගිහින් රෑ 8,9 වෙනවා ගෙදර එන්න. එහෙමයි මම හැදුනේ. මමත් ඉස්කෝලේ ඇරුනු ගමන් දුවන්නෙ ඒ පුංචි පෙට්ටි කඩේට. මගෙ බෑග් එකත් පැත්තකින් තියලා එයා මට වඩේ කවනවා. එයා නිතරම කියනවා තනි මට උඹ මහමෙරක් පුතේ කියලා. ඇත්තමයි බාප්පා මුකුත්ම නොකියා මාර්තා අම්මාට මගෙ භාරේ පැවරුව එක පුදුම වෙන්න දේකුත් නෑ. ඒ වෙද්දී අපේ පවුලට මෙහෙමයි කියලා දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නෑ.

මගෙ ජිවිතේ ගොඩාක් කටුකයි. ඒ ඔක්කොමත් එක්ක දැන් මම සමසිරි කියලා මේ රටේ හංවඩු ගැහුනොත් මට වෙන්නෙ බෙල්ලෙ වැල දා ගන්න... මේ රටේ සක්කිලි හැත්ත හැම ජරා වැඩේම හොර කමම තිතට කරනවා මේක දකින්නෙ මානසික ලෙඩක් වගෙ. 'ආයිශ්....' මට එක නම් ටිකක් හයියෙන් කියවුනා. මට පිටිපස්සෙන් හෝන් හඩක් ඇහුනා මම ගනන් ගත්තේ නෑ.. ඇයි ඉතින් මම අයින් වෙලා පයින් යන මිනිහානෙ.

"හේයි සස්වීක.. ඔයා කොහෙද යන්නෙ.." ඒ වනිශ්ගෙ කටහඩ. මම හැරිලා බැලුවා කෙල්ලෙක් වහානෙ ඉන්නවා. දැන් මම මෙතන මගඇරලා ගියොත් මූ මාව සමලිංගික කියලා කිව්ව එක ඇත්තක් වෙනවා හිත හයිය කරගෙන ගට් එක ගත්තා. එයාගෙ ගර්ල්ෆ්‍රේන්ඩ් වෙන්න ඇති මට වැඩක් නෑ ඒත්. මම මේ මනුස්සයාව හිතින් එලියට පයින් ගහලා එලවන්න ඕනේ... එයා කා එකෙ දෝරේ එල්ලිගෙන මත් එක්ක හිනා වුනා..

"කොහෙද මේ යන්නෙ තනියම. කෝ විරාජ්..." අනේ ඉතින් මූට මොකටද මම යන මගුල. එහෙම කතා කරද්දී කාර් එකෙ ඉස්සරහ ඉදන් හිටිය කෙල්ලත් බිමට බැස්සා. ෆට්ටම ගති චුටි සුදු කෙල්ලෙක් හිනාවෙද්දී ඇස් හීනි වෙනවා.

"එයා ඩේට් එකක වනීශ් මම මේ කඩේට ආවා.." මම කෙල්ල දිහා හිනා වෙලා වනිශ්ට කිව්වේ සීතල විදියට.

"ආහ් මේ මගෙ නංගි. ඉස්කෝලේ කාලෙ අර හොටු පෙරාගෙන අපේ ක්ලාස් එකට ආවේ.."

"ඒ හොට්ටිද මේ මෙච්චර ලස්සන වෙලා.." මම කියද්දී කෙල්ල මගෙ මූණ කන්න වගෙ බලන් ඉන්නෙ..

"ඔව් ඔව්... මේ ටිකේම එයාගෙ driver මම. ඔයා හම්බුනා කිව්වාම එයාට ඔයාව බලන්නම ඕනේ කිව්වා. ඉස්සර ක්ලාස් එකට ආවාම ඔයානෙ ඉතින් මෙයාව බලාගන්නෙ මටත් වඩා." වනිශ් කියද්දී කෙල්ල ලැජ්ජාවෙන් කන් රතු කර ගත්තා. අයියා කලුම කලුයි නංගි සුදුම සුදුයි. මගෙ නංගියා ලොකු වෙද්දී කලු වෙයිද දන්නෙ නෑ.

"ආහ් මට නම නම් මතක නෑ..."
"මම රේෂානි අයියා. ඔයා ගොඩාක් ලස්සන වෙලානෙ..."
"ඕහෝ හැම්සම් කියන්න." මම ලාවට හිනා වෙලා එයා ලගට ගියා.

"චුටි කෙල්ල දැන් ලොකුයිනෙ. ඉස්කෝලේ යනවද?"
"නෑ අයියා එක්ෆෑම් ඉවරයි. ගෙදරට වෙලා ඉන්නවා."
"ඇයි අනේ ජොබ් එකක් කරන්න කෝස් එකක්වත් කරන්නෙ නැද්ද?"
"තාත්තාලා යන්න දෙන්නෙ නෑ අයියා. කොහෙ ගියත් යන්න වෙන්නෙ මේ නැට්ට එක්ක විතරයි." වනීශ් දිහාට ඇගිල්ල දිග් කරලා පොඩි එකෙක් අම්මට දුක කියනවා වගෙ නංගි මට දුක කියනවා.

"පින් දෙනවා මෙහෙම අයියෙක් ඉන්න එකට." වනීශ් එහෙම කියද්දී මට බකස් ගාලා හිනා ගියා. ඇයි කියලා මම දන්නෙත් නෑ හැබැයි. එත් මිනිහා ෆුල් නෝන්ඩි වුනා.

"එහෙනම් පැටියෝ මම යනවා. ආයෙ හම්බෙමුකො. පරිස්සමෙන් ඉන්න.. බුදුසරණයි..." මම කෙල්ලගෙ ඔලුව අත ගෑවා. මගෙ නැති වුන දේ නිසා මම ආසයි ඒ හැගීම විදින්න මගෙ නංගි කියලා නිතරම හිතන්නෙ එකයි. නිසංකා වුනත් රේෂානි වුනත් මට මගෙ නංගි ලග ඉන්නවා නම් මම කොහොම වෙයිද කියන හැගීම නිසා මම නිතරම එහෙමයි.

"හේයි යමු මම ගිහින් දාන්නම්..." වනිශ් කියද්දී මම ගැලවෙන්න හේතු හෙව්වා. මම එක පාරට මතකෙන් සාක්කුවට දාන් හිටිය අතට අහු වුන ෆෝන් එක අරගෙන බැලුවා.

"අනේ එපා වනීශ්. තැන්ක්ස්. ඒත් මට ඩේට් එකක් තියෙනවා. මම දැන් කෙලින්ම යන්නෙ එතනට."
"ඔහොම ඇදගෙන..." නංගි මගෙ ෂෝටයි බාටයි පෙන්නුවා.

"එහෙම තමා. මාව දන්න කෙනෙක් මගෙ වුනාම ඇදුම් ප්‍රශ්නයක් නෑ සුදු නංගෝ..." මම කියලා ආයෙත් ගේ පැත්තට නැතුව හෝමාගම පැත්තට හැරුනා. දැන් ඉතින් පලයන්කො අවලමේ. ගෑණියෙක් තියා පිරිමියෙක් වත් නැති මම කොයි මගුලේ රිංගන්නද?

මම හිත හිතා හිටියෙ නෑ තව මෙතන හිටියොත් වැඩේ කෙලවෙන නිසා එත් ඇත්තටම වනීශ් ඊයෙත් නංගිව එක්ක ගිහින් තියෙන්නෙ එයාට ගර්ල්ෆ්‍රේන්ඩ් ලා නෑ.. හිතට සතුටක් ආවා තප්පර ගානකට. එත් කවුරුත් නැති වුනත් එයා පිරිමියෙක් වෙන මා එක්ක ඉන්න එකක් නෑ. දැක්කෙ නැද්ද එදා අප්පිරිය කරපු මූණ.

ආගිය අතක් මතක නැති
සවසක මම ගිය
නුඹේ මතක හිත යට නිදන් කර
මියදෙන්නම් නුඹගේ නාමෙන්........ ලා ලා ලාආආආආආආ

"ඕයි උඹ මෙතන... බල්ලෝ වරෙන් යන්න." හෝමාගම ඔහෙ ඇවිද ඇවිද හිටපු මට තේරුනා මේක මගෙ අවාසනාවන්තම දවස කියලා. ප්‍රිකටින් යන්න හදන කොල්ලො ටිකට අහු වුන නිසා. ශික් දැන් බෝර්ඩ් උස්සන් කෑ ගහලා කදුලු ගෑස් කාපන්කො පුතෝ... .

"අඩෝ මෙහෙම් එන්න බෑ. බලපන් ෂෝට පිටින්..."

"උඹට අපි වෙන මුකුත් ඇදන් ඉන්නවා පෙනවද?" හැමෝම හිටියෙ ෂෝටක් විතරක් ගහගෙන. කොහොමත් දැන් යන්න තැනකුත් නැති නිසා හිත හදාගන්නවා ඇරෙන්න වෙන ඔප්ශන් එකකුත් නෑ...

"මොකටද දැන් අපි ප්‍රිකටින් කරන්නෙ."
"අද ප්‍රිකට් එකක් නෙවේ බං. කැම්පස් එකෙ කොන්සෙට් එකට ස්ටේජ් හදනවා. අනේ මූසලයා තෝ දන්නෙවත් නැද්ද බල්ලෝ එක..."
"කොහෙ බං ජෝබ් එකක් පටලන් අපා දුක් විදිනවා පොඩ්ඩෝ මම.." කැම්පස් id එකෙන් අපි අපි කතා කරන්නෙ. එක කොතන හිටියත් බැජ් එකෙ කතා කරන විදිය. ඔය නීති පොතේ පතෙ නෑ හෙන සාම්ප්‍රදායික විදි ඕවා...

"ඉතින් සුද්දා තෝ අයින් වෙයන්කො..."
"තෝද බල්ලෝ මගෙ අම්මාට සල්ලි යවන්නෙ එයා ඉන්නෙ ලෙඩින්." මම කියද්දී හඩ බිදුනා.
"හේයි අමතක කරාම්. යමන් පොරවල් වගෙ. බට කපලා පොල් ගස් නගින්නත් තියෙනවා දැන්." කුප්පියා කියද්දි කමක් නෑ මට මිස් වුන් මේ ජිවිතේ ආයෙත් මට විදින්න ඕනේ.. 1st year එකෙන් පස්සෙ මම මේවායෙන් මිදිලා වගෙ හිටියෙ. කමක් නෑ දුකක් නෑ.

"අඩෝ කොල්ලො උඹට හෙට නිවාඩු නිසා මෙහෙ වැඩ ටිකක් බලපන්කො පිලිස් මචන්. උඹේ ඩිසයින් හයි කොලිටි බං සිම්පල් වුනත් මාර ගැම්මක් එන්නෙ..."
"දත් බුරුසුවක් ඇති මට. මොකො ඉතින් මට උදේ දත් නොමැද ඉන්න බෑනේ.." මම එක සාමාන්‍ය හඩින් කිව්වේ... එත් කොල්ලො 30 හිටියා ඔක්කොම මගෙ දිහා බැලුවා පුදුමෙන් වගෙ.

"මොකද බං..."

"ඒ මම දවස් 5කින් දත් මැදලා නෑ ඕයි..." පොඩ්ඩා කියද්දී අනික් ඌනුත් දවස් ගාන කියනවා. අනේ මන්දා කැම්පස් ඇවිත් මූන් විදින දුකක්...

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

මම ලියන විදිය බෝරින්ද ලමයි. කමක් නෑ කියවලා හිතුන දේ කියලාම යන්නකො... fighting chingu....

මේ shinee එකෙ jonghynaa lgbqt කියපු දෙයක් එකත් ඔලුවට අරන් යන්න ලමයි.... මම fb දැක්ක එකක්.

ද්විලිංගික සංක්‍රාන්ති ලිංගික වෙනස්කම් නොපිළිගන්නා මේ ලෝකයේ මට විශාල අඩු පාඩුවක් දැනේ. වෙනස වරදක් නොවන බව තරයේ කෑ ගැසීමට මම ඔබට සහාය දෙමි. ඔබ අනුන්ගේ සැනසීම හෝ සැලකිල්ල අවශ්‍ය පුද්ගලයෙකු යැයි මම නොසිතමි. ඔබතරමටම ශක්තිමත්."

Jonghyun 🌸

Happy pride month 🌈
#HappyPrideMonth #sherewithpride 

#copied

Continue Reading

You'll Also Like

139K 4.8K 49
"ငါယဥ့်ကိုဘယ်တော့မှချစ်လာမှာမဟုတ်ဘူး" "ငါလည်း ညီ့ကိုချစ်တယ်လို့မပြောမိပါဘူး " "နင်စိတ်ချပါ နန်းစုယဥ်ဆိုတဲ့ငါက ကိုယ့်လည်ပင်းကိုကိုယ်ကြိုးကွင်းပြန်မစွပ...
14.5K 1.7K 38
ඉපදෙන්නෙ නැවතත් මා වශියෙන් ඔබෙ ආදරේ
11.9K 2.6K 27
අත්වැරදීමකින් රාජකීය පරම්පරාවක මුල් පුරුකෙන් ආරම්භ වූ ශාපයක් අවාසනාවන්ත ලෙස පරපුරේ සියලු සාමාජිකයන් අකාලයේ මරු තුරුලට යැව්වා.......... දශක කිහිපයක්...
ELORA By osi yr

Non-Fiction

5.9K 1K 29
මගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප...