💙ඔබ අභියස🖤 (Complete)

By breath_21

36K 5.2K 1.4K

මතකය සුන්දරයි.. එක දිගට සිහි වෙන... ආදරය විඩාබරයි... නුඹ මගෙ නොවුන කොට... වේදනාව විතරයි... වර්තමානයේ එක පිට... More

01.
02
03
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40

04

996 159 20
By breath_21

දවස ගෙවුනා ඊයෙ මම අයිස් ගහනවා කිව්ව කොල්ලො කෙල්ලෝ අද පව් කියලා හිතෙනවා. ඔලුව ඉස්සුවෙත් ෆයිල් එකක් ගෙන්න විතරයි කෑවේවත් නෑ අම්මොහ් හොද ගනන් ගියා සම්පුර්ණයෙන්ම නැතත් බාගයක් ඉවර කරගන්න පුලුවන් වුනා. එත් ඊයෙ මාව බලෙන්ම එක්ක ගිය එකා අද එක්ක ආව එකා හොයාගන්නවත් නෑ. මම හතර වටේට බැලුවා.

"සිල්වා කෝ වනීශ් සර්.. මගෙ ෆයිල් ටිකක් පෙන්න ගන්න." මම ඇයි නිදහසට දෙයක් කිව්වේ කියන්න මම දන්නෙ නෑ. එත් මම කිව්වා.

"සර් ගියා." මට එක ඇහුනාම නිකන් හරි නෑ නෑ වගෙ. එත් ඊයෙ වගෙ හදිස්සියක් වෙලාද දන්නෙ නෑනේ. කෝල් එකක් දීලා බලනවද? එත් එහෙම කරන්නත් එක අතකට මම කවුද? මෙන්න මේ වේලාවට තමයි මට දාර්ශනික විරාජ් කිව්ව දේ මතක් වෙන්නෙ.

"ෆියුචර් පෑලෑන් කියලා එකතු කර කර පොදි ගහන්න එපා ගොනෝ අපි අද ඉදලා හෙට නැති වෙයි. මේ වගෙ රෑට රෑට කොහොමද කියපන් බස් නොතිබ්බොත් එන්නෙ. බයික් එකක්වත් ගනින්."

හැම මාර්තු මාසෙම විරාජ්ගෙ කටේම තියෙන්නෙ ඕක. ඇයි ඉතින් 31/3 කියන්නෙ අපේ ෆිල්ඩ් එකෙ අයගෙ නහය හිර වෙන්නම වැඩ එක ෆීලියඩ් එකක්නෙ. එදාටත් මෙහෙමයි සමහර දවසට මහා පාන්දර ගෙදර යන්නෙ. අපේ එදාට හෝමාගමට transport දෙනවා එකත් හෝමාගමට. මම ඉන්නෙ හොස්පිටල් එක ගාව නිසා පයින් අදින්න ඕනේ එතන ඉදන්.

"සස්....." කෑ ගැහිල්ලක් ඇහෙනවා කන් හිරිවැටිලා යන සද්දයක් ආවා. ආපෝ මේකි.

"සස් එන්න මම ඩ්‍රෝප් කරන්නම්..." මේකි එක්ක යන එක විතරද එකම සොලුශන් එක දැන්. 9.40ට ආයෙත් train තියෙන්නෙත්. කමක් නෑ ඔන්න ඔහෙ යනවා.

"සස් ඔයා එනකල් මම හිටියා. බලන්න ඔයාට ගොඩාක් වැඩ තිබිලා මහන්සි පාටයි." මම එනකල්ම ඉදලා කියලා ඇදුමයි මේකප් එකයි දැක්කාම පෙනවා. කරගන්න ඕනේ එවා ඔෆිස් එක ඇතුලෙම එවුන් ලවා කරගන්නවා කියන්නෙ හෙනම ගොන් වැඩක්. එකිගෙ පපුවේ භාගයක් තාම බ්‍රා එකෙන් එලියෙ වගෙ. මම ඉතින් ඔය මොකාද එකා වගෙ මිනිහනෙ. හැම ලබ්බම පේනවා මොකාටද වගෙ. ගෑණි අදින්නෙත් ඇගටම ඇලෙන ඇදුම් නිසා පිට පැන්න ඒවා ලස්සනට පේනවා.

"මට පේනවා ඔයා බලන් ඉදලා කියලා." මම ගෑණිගෙ සර්වාන්ගෙම ස්කෑන් කරා.

"ඉතින් සස් ඔයාගෙ ගේ කොහෙද මම ගෙනිහින් දාන්නම්.."
"ආ කමක් නෑ ශේහානි මාව කොට්ටාවෙන් දාන්න..."
"බෑ බෑ... මේ රෑ වෙලා.."
"මේ රෑ ඔයායි අනේ ඇවිදින්න හොද නැත්තේ. මම නෙවේ. ඔයා අතුරුගිරියටනෙ යන්නෙ. ඔයා මාව කොට්ටාවේන් දාලා යන්න." 
"ඒත්.."
"නැත්තම් කමක් නෑ මම මෙතනින් බහින්නම්.."
"ඒයි සස් ඔයා මන් ගැන හිතලා ඉක්මනින් යන්න කියලා කියනවා කියලා මම දන්නවා. එත් අනේමන්දා හරි එනම්.." ගෑණි යන අතරමගදී අමාරුවෙන් වගෙ කෙදිරි ගෑවිලි එක එක මගුල් මට ඇහෙන්න කරනවා. ඕවාට නගිනවා නම් තෝව බඩ කරලා අවුරුදු 2ක දරුවෙකුත් තොට ඉන්නවා බං.

ශේහානි මාව කොට්ටාවෙන් දාලා ගියාට පස්සෙ මම දෙපැත්ත බැලුවා. බස් එකක් එහෙන් මෙහෙන් යනවා. 128 බස් හොයාගන්නවත් නෑ. වනිශ් ට කතා කරනවා කියලා මගෙ ෆෝන් එකෙ එයාගෙ නම්බර් එක ගාවට අත ගියත් ආයෙ හිතුවා ඇයි ඒ මනුස්සයාට වදයක් වෙන්නෙ කියලා. ඉතින් මම කල්පනා කර කර ඉදලා විරාජ්ගෙ නම්බර් එක ලගට අත ගෙනිච්චෙ...

"ඕහ් කියපන්..."
"ඕයි... මේ මම අමාරුවක වැටුනා."
"අරු මොකක් හරි කරාද තමුසෙට..."
"නෑ බං ඌ මුකුත් කරන්න මම ගෑණියෙක්ද?"
"උඹ ගෑණියෙක් නෙවේ. ඒත් උඹේ ෆීලින් ඕකා ජෝක් එකට අරන් උඹව පිස්සෙක් කරොත්."
"අනේ නිකා පලයන් ඩෝ යන්න."
"හාකො යන්නද? ඉස්සල්ලා ආව කනට වඩා පස්සෙ ආව අග ලොකු වෙනවා කියලා කියන්නෙ ඕකට තමයි.."
"ඌ මන් ඉස්කෝලේ කාලෙ ඉදන් දන්නවා බල්ලෝ එම බැලුවොත්."
"හරි හරි මොකද අවුල."
"මාව ගන්න වරෙන්කො කොට්ටාවට. බස් නෑ ඕයි.."
"තෝ තනියෙන්ද? ඉදපන් සැනින් එනවා. කන්න අරන් දීපන් ඒත්..."
"නෙදකින් මෙහෙම යාලුවෝ..."
"බඩගිනි ඕයි.. තොපි වගෙ ලක්ෂ ගනන් වල පඩි හම්බෙන්නෙ නෑ අපිට රිම් එකෙන්"
"වරෙන් වරෙන් පොල්අතු බත් කඩේන් කමු..."
"එන ගමන් බල්ලෝ... " මම ෆෝන් එක තිබ්බා. අනේ මන්දා

තුන් මන් හංදියෙ මම තනිවූවා
මතකද සොදුරේ අපේ කුලුදුල් හාදුව
උඹේ සිනාහා රැලි හදේ මැවේ
වෙනවද මිතුරේ මගෙ ආදරේ.........

විනාඩි 5ක් වත් ගියෙ නෑ විරාජයා බයික් එකෙ මන් ගාව.

"අඩෝ උඹ පියෑඹුවාද?"
"තොපි වගෙ ගස් රිලව් මේ වේලාවට ගෙදර ගියාට අනික් මිනිස්සු දැන් නාලා කාලා බීලා නිදි බල්ලෝ..."
"අපි ඉතින් පව් කාරයෝනෙ ඒයි..."
"පව් නම් මෙහෙම පිම්බිච්ච කම්මුල් තියෙනවද මැණික..." විරාජ් මගෙ කම්මුල් මිරිකද්දි මම හෙල්මට් එක ගත්තේ ගහන්න වගෙ. ඒත් මම දැක්කෙ වෙනමම දර්ශනයක්. ඒ වනීශ් ගෙ වාහනෙ පැහැදිලි නැති කෙල්ලෙක්ගෙ රූපයක් දැක්කා. එකෙ පාර්ටි ඩ්‍රස් එකක් ඇදන් හිටියෙ. මම වනිව දැක්ක දවසෙ ඉදන් කිව්වා තමයි හිතේ බලාපොරොත්තු තියාගන්නෙ නෑ කියලා. එත් හරියාකාරව කවුද ඒ කියලාවත් දන්නෙ නැතුව රිදුනා ගොඩාක්.

"ඕයි... මොකක්ද උඹේ තොලට වුනේ.." විරාජ් ඇහුවේ යටි තොල අල්ලලා තුවාලෙ පෙන්නලා..

"කොහෙ හරි වැදුනා..." මම ගානක් ගන්නෙ නැතුව කිව්වා.
"කියපන් කවුද මේක කරේ කියලා. උඹ දන්නවා උඹ මගෙ මල්ලි වගෙ කියලා. මේ මම හිතන එකා කරපු දෙයක් නම් අනේ මට උඹ ගැන හරි බයයි මල්ලි.."
"නැ නෑ බං මාව කොට්ටාවට ගෙනත් දැන්මේ ශේහානි බං."
"ඒ වල් වේ&ද?"
"ම්ම්ම්..." මම බොරුවක් කිව්වේ නෑ මම එයාට හැංගුවා විතරයි. මම ඇත්තටම ශොක් වෙලා වගෙ දැන් නම්...

"අඩෝ අඩියක් ගහලම කොත්තුවක්  කමුද විරාජ්..." මම පොල්අතු බත් කඩේ එහා පැත්තේ වයින් ශොප් එක පෙන්නලා අරූට කිව්වා.

"අඩෝ මේ වැසි සමයෙ උඹටත් පිනක් කරගන්න හිතෙද්දී ඒ පින ඩබල් කරලා ගන්න හිතනවනෙ..."
"උඹ එවා ගනින් මම මේවා ගන්නම්. හෙට ටොයිලට් ෆුල් සුද්ද වෙයි හැබැයි."
"කමක් නෑ සුදා. අරුන් ටික නිදි හොරෙන් ගහමු දෙන්නා."
"අඩෝ අඩෝ බෝතල් 2ක් ගෙනෙන්. හොරෙන් කන එක බලු වැඩක්.."

මම එහෙම කියලා අයියා කොත්තුව ගහනකල් බලන් හිටියා. ඌගෙ සරම දැක්කාම බඩ පපුව දාලා යනවා. මොනා නැතත් කොත්තු නිසා මම හිත හදාගන්නවා. කොත්තුවත් අරන් අරූ බෝතල් දෙක ගේනකල් එළියට වෙලා බලන් හිටියා කමක් නෑ දුකක් නෑ...

"ඕයි ඉක්මනින් නැගපන්..."  විරාජ් හදිස්සියෙන් කිව්ව නිසා මමත් නැග්ගා ටිකක් එහායින් kfc  එක ගාවින් මූ බයික් එක නැවැත්තුවා...

"තෝ මට ඕකෙන් කන්න අරන් දෙන්න කියලා නෙවේනෙ කියන්නෙ..." මම විරාජ් ගෙන් එහෙම අහනකොට ඌ මට කාර් එකක් පෙන්නුවා. අර කලින් දැක්ක වනිශ්ගෙ කාර් එක. එකෙන් කෙල්ලෙක් බැස්සා පොශ් පාර්ට් එකෙ කෙල්ලෙක්. මූ එකිගෙ ඉණ වටේට අත දාගෙන kfc එක ඇතුලට ගියාම මම දැක්කා වනීශ්ගෙ මූණ ඒ එයාම තමයි.. හුස්ම නිකන් මට කින්ඩි දානවා වගෙ. එත් ඇයි එයයි මායි යාලු වෙලා හිටියා වගෙ නෙවේ..

' ඒත් ඌ උඹව කිස් කරා සස්...' මගෙ යටි හිත වෙන වෙනම හේතු කියනවා. ඔලුව අවුල්. එත් මම ආයෙ බයික් එකට නැග්ගා.

"ඉතින් ඌ ඌගෙ ගෑණි එක්ක ඕවා අස්සෙ ගියා කියලා මට තෝ මොකක්ද කියන්නෙ.."
"උඹ ඌ ට ලව්. මට උඹේ ඇස් වලින් එක පෙනවා."
"හරි හරි කරා. ඒ ඉස්කෝලේ කාලෙ. තාම ඉතින් දන්නෙ නැද්ද? ඩාම් වෙනවා ඩූම් වෙනවා.." මම ගානක් නැතුව එහෙම කිව්වට පපුව ඇවිලුන තරම දන්නෙ මම විතරයි.

අපි බෝඩිමට ඇවිත් බලද්දී අරුන් නිදි ෆුල් කොත්තු දෙකයි බෝතල් දෙකයි...

"කමු බොමු ඕයි ඌන්ට පින නෑ..."
"අපි වැඩිය බොන්න ඕනේ නෑ 1 1/2 ක් තියමු ඌන්ට අපි භාගයක් බොමු..." මම නිකන් දාර්ශනික බක බක වගෙ කිව්වා.

අපි කෑවා මොක්කුද වගෙ කොත්තු දෙකම... වගෙම බලන් යද්දී බෝතල් දෙකම අපි හිස් කරලා...

"බලපන් අරූ හිටියෙ මට ලව් වගෙ ඕයි.. දැන් වෙන එකෙක් එක්ක යනවා... මම මැරෙන්නද බං..."
"ඔව්වා ඔහොම තමයි බං. උඹට කියන්න මගෙ කලින් කෑල්ලත් මට බූට් තිබ්බාම මම ඔය වගෙ හිටියෙ.."
"මොන කැල්ල ගැනද ඔය කියවන්නෙ"
"අප්‍රේල් එක බං. එකිනෙ මට බූට් තිබ්බෙ මම තියන්න ඔන්න මෙන්න තියෙද්දි."
"අනේ උට්ටෝ. මම මේක අවුරුදු කීයක් හිතින් කරපු එකක්ද කියපන්..." මම ආයෙත් මයික් එක ගත්තා.

යන්නම් මග ඇරලා තනිවෙන්න ඉඩ දෙන්න ඕනා...
යලී නෑ එන්නෙ හීනෙන් පවා...
අතින් වත් අත නොඅල්ලා අපි කොහොම බැදුනාද මන්දා...
අත්තරින්නෙම නෑ ඒ නිසා...

"හෝව් හෝව් සස් ඕම හිටපන්. උඹේ උරහිස්ස ඌ ඇල්ලුව නිසා ඕක ඔට්ටු නෑ නේද බං..."
"ඔව් නේද බං... එතකොට...." මගෙ ඇස් බර වුනා...

ශීයා... මොක්කු ඇගේ ඇතිල්ලෙනවද මන්දා.... මට දැන්ම නැගිටින්න බෑ....

"ඕයි.. සස්... විරාජ් නැගිටපල්ලා... මුන් කණමදයෝ වගෙ තනියම ගහලා බලපන්..."
"සස් නැගිටපන් උඹේ යාලුවෙක් ඇවිත්..." මම ඇස් අරිද්දී මගෙ මූණ ලගම විරාජ් හිටියෙ...

"මේ විරාජ්නෙ මගෙ කොල්ලා... උම්මා..." හීනෙන් වගෙ වෙරි මතේ මම විරාජ්ගෙ නලල කිස් කරා විතරයි මාව කුණු මාළු කෑල්ලක් වගෙ එකෙක් හෙල්ලුවා... අමාරුවෙන් ඇස් ඇරලා බලද්දී අර ප්‍රේම දඩයම එකෙ වගෙ මමයි විරාජුයි වෙලිලා නිදාගෙන හිටියෙ. අතෙන් ඇස් පොඩි කරන ගමන් ඔලුව උස්සන්න හැදුවත් බෑ..

"අනේ බං මම හෙටම නැගිටින්නම්..."

"සස්වීක... තමුසේට කිසි වගකීමක් නැද්ද?" මට ඇහුන කටහඩ හරි නම් ඒ වනීශ් ගෙ කට හඩ... මම ඉක්මනින් ඔලුවත් එක තැන් කරලා විරාජ්ගෙ අත පයත් එහෙට කරලා බැලුවේ වනිශ් දිහා. කැෂුවල් සූට් එකකින් මගෙ ඇද ඉස්සරහා එයා.

"මිස්ට වනීශ් මොකද මෙහෙ..."
"අද සෙනසුරාදා ඔයාට වැඩ කියලා ඔයා දන්නෙ නැද්ද?"
"එත් නිවාඩු නේද?" මම ඔලුවත් කස කස අරුව එහාට දාලා රෙද්ද පොරවලා මගෙ ෂර්ට් එකත් ඇදගත්තා.

"බල්ලෝ දෙන්නා තොපි තනියම බීලා..."
"උඹලා නිදි බං අපි එද්දී උඹලටත් එක්ක තමා ගෙනාවේ. කොහෙද උඹලට කතා කරත් නැගිට්ටෙ නැති නිසා අපි දෙන්නා ගැහුවා.." මම එහෙම කියද්දී අරුන් කියව කියව එළියට ගියා. මම මුකුත් නොවුන ගානට කාපු බීපුවා අස් කරන්න ගත්තා..

"විරාජ් ගෙ කාමරේ මොකක්ද?"
"එහා කාමරෙ එයාගෙ.." මම ඇගිල්ලෙන් ඌගෙ කාමරේ පෙන්නුවා විතරයි මතක මගෙ මැණික් කටුවෙන් තදට අල්ලගෙන වනීශ් මාව ඒ කාමරේට ඇදන් ගිහින් අත්තැරලා දැන්මා. හොදටම වෙරි වෙලා නැගිටගන්නවත් බැරිව හිටපු මම ගිහින් කබඩ් එකෙ ඩෝන් ගාලා වැදුනා.

"මොන මගුලක්ද වනීශ් වෙලා තියෙන්නෙ..."
"තෝ මෙතන මගුල් කරද්දී මගෙන් අහන එකෙ තේරුම මොකක්ද?"
"පිස්සෙක් වගෙ හැසිරෙන්න එපා."
"මොකක්ද කියපන් ඌ එක්ක ඊයෙ රෑ කරේ."
"බිව්වා එච්චරයි... අනික ඔයා මගෙ බොස් වෙන්න පුලුවන් මාස 3කට. එත් මගෙ private life එක මේ..." මම කෑ ගහද්දී කබඩ් එකට හේත්තු වෙලා හිටියා.

"හරි ඇත්ත එහෙනම් කතා කරන්නම් professional life එක ගැන. අද වැඩ ගැන මොකක්ද කියන්නෙ."
"සොරි... ඊයෙ බිව්වා වැඩි වුනා."
"මම මෙතනට ආවේ 12ට. ඒ කියන්නෙ තමුසෙ ආවේ නැති නිසා බලන්න ආවේ... කවුද දන්නෙ තුරුල් වෙලා මිනිහෙක් එක්ක ලව් කරනවා බලන්න වෙයි කියලා. වැරදිලාවත් තමුසෙ සමසිරිද?" මූණත් පුලුටු කර ගෙන වනීශ් අහද්දී එයා මාව අප්පිරිය කරන හැගීමක් මට ආවේ.

"නෑ නෑ එයා හොද කෙල්ලෝ ගහන පොරක්. ඊයෙ මූ කැමති කෙල්ල වෙන එකෙක් එක්ක ඉන්නවා දැකලා අවුල් වෙලා බිව්වේ..."  විරාජ් දොර ඇරගෙන එන ගමන් කිව්වා.

"ඒයි උඹ මට පොරොන්දු වුනා සිත්මිට ගිෆ්ට් එකක් තෝරන්න එනවා කියලා. අනික වනීශ් මට කෙල්ලෙක් ඉන්නවා වගෙම තනිකඩ වුනත් මූ කෙල්ලෙක්ට කැමැත්තෙන් ඉන්නවා." ඒ වචන මට හයියක් වුනා. මට ඕනේ නෑ වනීශ් මාව අප්පිරිය කරන්න. තව මුකුත්ම නොකියා වනීශ් ගෙදරින් එලියට බැස්සා. වනිශ් යද්දී ඒ මූණේ තිබ්බ හැගීම් මම මගෙ පැත්තෙන් කියෙව්වොත් ඒවා දුකත් තරහත් මික්ස් වෙච්ච එකක්...

"මට ඌ ගැන අවුල්. ඌ උඹට කැමති වගෙ ඉරිසියාවක් පෙන්නනවා. එත් ඌ සමසිරි ඌන්ව අප්පිරිය කරනවා. ඌට කෙල්ලෙක් ඉද්දිත් උඹට බලපෑම් කරනවා." විරාජ් ට තිබ්බ ඒ ප්‍රශ්න මටත් එහෙන්මම තිබ්බා.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Continue Reading

You'll Also Like

4.8K 528 15
දෙනෙත් පුරා බලා හිදි ආදරයේ කතාව
8.6K 1K 34
පළිගැනීමකට ආදරය බාධාවක් කියල හිතනවද ? එහෙම නෑ නේද ? හැබැයි ,පළිගන්නෙ ආදරේ කරන එකාගෙන් නෙවෙයි නං ඔව් පළිගැනීමට ආදරේ බාධාවක් ....!!!
30.9K 5.4K 22
ස්ටේජ් එක මැද්දෙ ගිටාර් එක ප්ලේ කරන ගමන් සිංදුව කියන එයාගෙ ඇස් කෙලින්ම තිබ්බෙ මගෙ දිහාවට....ඒ ඇස් දිළිසෙනවා....එයා ඇස් වලින් හිනා වෙනව....මොකද්දෝ කතා...
235K 8.7K 65
"ငါယဥ့်ကိုဘယ်တော့မှချစ်လာမှာမဟုတ်ဘူး" "ငါလည်း ညီ့ကိုချစ်တယ်လို့မပြောမိပါဘူး " "နင်စိတ်ချပါ နန်းစုယဥ်ဆိုတဲ့ငါက ကိုယ့်လည်ပင်းကိုကိုယ်ကြိုးကွင်းပြန်မစွပ...