HIDDEN LOVE (Love In The Hear...

By SithuMethsadi85

11K 1.8K 145

අහිමි වූ සිතක් යලි හමුවෙන තුරු පෙරුම් පුරන පෙම්වතෙක්...💚 අහිමි වූ ආදරයේ මතක අමතක කරන්න උත්සහා කරන තවත් පෙම්... More

INTRO
01 💚❤️
02 💚❤️
03 💚❤
04 💚❤
05 💚❤
06 💚❤
07 💚❤
08 💚❤
09 💚❤
10 💚❤
11 💚❤️
12 💚❤️
13 💚❤️
14 💚❤️
15 💚❤️
16 💚❤️
17 💚❤️
18 💚❤️
19 💚❤️
20 💚❤️
22 💚❤️ (last chapter)
23 💚❤️ ( special chapter)

21 💚❤️

349 66 3
By SithuMethsadi85

Zhan's Pov

ස්ටූඩියෝ එකට බඩු ගන්න ආව මම ඕන කරන ලොකු දේවල් කැමරා,ලයිට්ස් එහෙම අරගෙන ඉවර වෙලා ඊට පස්සෙ ස්ටුඩියො එක ලස්සන කරන්න ඕන දේවල් ගන්න යන ගමන් නැවතුනේ ෆෝන් එක රින්ග් වෙන නිසා...

📳

හෙලො බෝ ඔයා ෆ්‍රීද...

.........

ආ එහෙමද...මම දැන් ගොඩක් බඩු අරන් නම් ඉවරයි...තව පොඩි පොඩි දේවල් ටිකක් ගන්න යන ගමන් ඉන්නේ...

............

හරි එහෙනම් මම එතන ඉන්නම් පරිස්සමෙන් එන්නකො...

බෝ එන ගමන් කීව නිසා පාර අයිනෙන් හිටපු මම කරන්න වැඩක් නැති නිසා වාහන ගනන් කරන්න පටන් ගත්තා...පැය භාගයක් ගියත් බෝ ආවෙ නැති නිසා ලග තිබුන බස් හෝල්ට් එකට ගිහින් වාඩි වුන මම වටපිට බැලුවෙ තව පරක්කු ඇයි කියලා...කෝල් කරන්නත් බැනෙ ඩ්‍රයිව් කරන ගමන්ද දන්නෙ නැනේ...
තව විනාඩි දහයක් විතර යද්දී පාරේ එහා පැත්තෙ ඉදන් වාහනයක් හෝන් කරනවා ඇහුන නිසා මම ඔලුව උස්සලා බැලුවා...බෝ කාර් එකේම ඉදන් අත වනද්දී වටපිට නොබලපු මම එක පාරටම පාරට පැන්නේ බෝ දැක්ක සතුටට...
ඒත් එකපාරටම බෝ වගේම අනික් අයත් කෑ ගහද්දී දකුනු පැත්ත බලපු මම වේගෙන් එන ට්‍රක් එකක්...
බයටම මගෙ කකුල් පාර මැදම ලොක් උනා වගේ වෙද්දි ඉස්සරහට එන ට්‍රක් එක දිහා බලපු මම ඊලගට බැලුවේ බෝ දිහා...එයා බය වෙලා...ආයෙමත් ට්‍රක් එක දිහා බලපු මම ඇස් වහගත්තෙ බයටම...ඇයි මටම මෙහෙම වෙන්නේ බෝට ලන් වෙන හැම පාරම ඇයි එයාගෙන් ඈත් වෙන්න සිද්ධ වෙන්නේ...මම එච්චර පවුකාරද...හුලග කපාගෙන වේගෙන් එන් ට්‍රක් දිහා ආයෙම බලපු මම බෝ දිහා බැලුවෙ අවසාන වතාවටත් මට දකින්න ඕන උනේ එයා නිසා....

බ්‍රා....................ස්





















ටික් ටික් ටික් ටික්......





















චටා....ස්

දරදඩු අතකින් මාව ඇදලා ගත්තා වගේම කම්මුලට වැදුන පාරත් එක්ක සිහියට ආව මම වටපිට බැලුවා...
මාව හැප්පිලා නෑ දෙයියනෙ මාව හැප්පිලා නෑ...
කදුලු ගල ගලාම මම මෙච්චර වෙලා මාව අල්ලගෙන හිටපු බෝව බදාගත්තා...

පලයන් පැත්තකට...මොන සිහියෙන්ද ඉන්නේ යකෝ මැරෙන්නද ඕන...විනාඩියක් මම පරක්කු උනානම් මෙතන  මට උබෙ කෑලි අහුලන්න වෙන්නේ සවලකින්...යකෝ පාර පනින්න කලින් දෙපැත්ත බලලා පනින්න දන්නෙ නැද්ද...අඩන එක නවත්තලා කතා කරපන් ඉතින්...

මාව එයාගෙ ලගින් තල්ලු කරපු බෝ මාව හොලව හොලව කෑ ගැහුවා...බයටත් වඩා දැන් නම් මට ඇඩුනේ  බෝගෙ වචන වලට...

"මම ඉතින් ඔයාව දැකපු නිසා...

"කටවහපන් ජාන් කටවහපන්...මාව දැකලා පාරට පනින්න ඇයි උබ මාව අදද දැක්කේ...කට පියාගෙන දැන් කාර් එකට නැගපන් තවත් මෙතන ඩ්‍රාමා පෙන්නන්නෙ නැතුව"

වටේට මිනිස්සු ෆොටෝස් ගන්නවා වීඩියෝ කරනවා කියලත් තේරුනේ වටපිට බල බල මට කාර් එකට නගින්න කියද්දී...ඉක්මනට කාර් එකට නැගපු මම හයියෙන් අඩන්න පටන් ගත්තේ බෝ කවදාවත් මට මෙහෙම කතා කරලා නැති නිසා...
කාර් එකට ආව බෝ කිසිම කතාවක් නැතුව එයාට යන්න පුලුවන් උපරිම වේගෙන් යද්දී මම බිම බලාගෙන හිටියේ එයාට කතා කරොත් ආයම මට බනි කියලා හිතලා...

" බෝ අපි ගෙදර යමු මට දැන් වෙන කොහෙවත් යන්න බෑ"

බෝ ශොපින් මෝල් එක පැත්තට හරවපු නිසා ගෙදර යමු කිවේ ඇත්තටම මට දැන් කොහෙවත් යන්න හිතක් තිබුනෙ නැති නිසා...ඒත් මම කියන මොකුත්ම ගනන් ගත්තෙ නැති බෝ කාර් එක නැවැත්තුවෙ ශොපින් මෝල් එකට ඇවිල්ලා...

"බහිනවා...හැබැයි විනාඩියකටවත් මගෙ අත අතාරින්න බෑ...තේරුනනේ"

ඔලුව වනපු මම කාර් එකෙන් බැහැලා බෝගේ අත අල්ලගත්තෙ ඇස් වල කදුලු පුරවගෙන...

"බොබෝ...තරහා වෙන්නෙපා ප්ලීස්...ආය මම එහෙම හදිස්සි වෙලා වැඩ කරන්නෙ නෑ...අනේ බෝ මාත් එක්ක කතා කරන්නකො ඔහොම තරහෙන් ඉන්නෙපා මට දුකයිනේ"

"කට වහගෙන එනවා ජාන්..."

මගෙ අතින් ඇදගෙන ශොපින් මෝල් එක ඇතුලට ආව බෝ මුලින්ම මල් තියෙන තැනට ආවේ මම මල් වාස් ගන්න ඕන කිව නිසා...

"යීබෝ..."

මල් තෝර තෝර හිටපු අපි පිටිපස්ස බැලුවෙ ගෑනු කෙනෙක් බෝට කතා කරනවා ඇහුන නිසා...

"යැංසි..."

"හායි යීබෝ...මම මෙතනින් යනකොට ඔයාව දැකලා කතා කරන්න හිතුනා...
ඕ ජාන්...ආයෙමත් යීබෝ එක්ක නේද ඉන්නේ...
මේ පාර වෙන කවුරු ලං වෙනකන්ද යිබෝ ඔයා මෙයාව ලගට ගත්තේ..."

යැංසිව දැකපු මට යක්ෂයෙක් ආවේශ උනා වගේ වෙද්දී ඒ  කියපු දේවල් වලට තවත් මට තව තරහා වැඩි වුනා...

"ඔයාට වගේ කාලෙන් කාලෙට එක එක්කෙනා ලගට යන පුරුද්දක් මට නෑ යැංසි"

"😂😂😂 ඇත්තද යීබෝ...ඒකද ඔයා ජාන්ව අතෑරලා මගෙ ලගට ආවේ...
ජාන් තමුන්ටත් අතැරපු දේවල් ලගට ගන්න ලැජ්ජාවක් නැනෙ"

"මේකයි යැංසි...සමහර අයට අනුන්ගෙ දේවල් නැතුව මොනවා තිබුනත් වැඩක් නැනෙ නේද...මෙතනදි මම යීබෝව අත ඇරියේ නෑ...යීබෝට ආස වෙලා ආව ලැජ්ජාවක් නැති ගෑනියෙක්ට මම එයාව දුන්න එකයි එතනදි උනේ...එදා මම හිතාගත්තේ පාර අයිනෙ ඉන්න හිගන මනුස්සයෙක්ට මැනිකක් දුන්නා කියලා...හැබැයි මම පස්සෙ තමා දැනගත්තේ මැනික ගත්තට පස්සෙ එයාට තව තව මැනික් ඕන වෙලා හොරෙන්ම තව තව මැනික් හොයාගෙන ගිහින් කියලා..."

යැංසි එක්ක තිබුන තරහවල් ඔක්කොම වචන වලින් එලියට එද්දී යීබෝ වගේම යැංසිත් මගෙ දිහා බලාගෙන හිටියේ බයවෙලා...මොකද මම කිසිම කෙනෙක්ට මෙහෙම කතා කරන කෙනෙක් නෙමේ...කතා කරන ගමන් යැංසි ලගට අඩියෙන් අඩිය ලං උන මම යැංසිගෙ ලගටම ගිහින් කතා කරා

"තමුන්ට මතකද යැංසි මම අන්තිමට තමුන්ව මීට් උන දවසේ කීව දේවල්...මම තමුන්ට කිවා යීබෝව රැවැට්ටුවොත් හරි යීබෝට දුකක් දුන්නොත් හරි මම ආයෙත් එයාව මගෙ ලගට ගන්න දෙපාරක් හිතන්නෙ නෑ කියලා...ඉතින් තමුන් එයාව රැවැට්ටුවා...ඒක එයාට දුකක් නම් උනේ නෑ මොකද බෝ තමුන්ට ආදරේ කරේ නැති නිසා...තමුන්ට කීවා වගේම මම එයාව මගෙ ලගට ගත්තා...ආයේ මොන ගෑනි ආවත් අතාරින්නෙ නැති වෙන්නම මම බෝව මගෙ ලගට ගත්තා...දැන් තමුන්ට මම කීව දේවල් පැහැදිලිනේ...එහෙනම් මෙතනින් යනවා..."

යැංසි ලගින් අඩියක් පස්සට ආව මම කට කොනින් හිනා වෙලා යැංසිට යන්න කීවා...මගෙ දිහා ගිනි පිටවෙන ඇස් වලින් බලන් හිටපු යැංසි අපි දෙන්නටම රවලා යන්න ගියා...

"ආ මේ යැංසි...ආයවත් අනුන්ගෙ දේවල් ගන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ ඉන්න බලන්න"

"බායි යැංසී...."

යන්න ගියපු යැංසිට ආයෙත් කතා කරපු මම හයියෙන්ම පාඩුවෙ ඉන්න කියද්දී කලින්ටත් වඩා වේගෙන් යන යැංසිව දැකලා මට හයියෙන් හිනා ගියා...ඒ වගේම යීබෝ හරියට ගෑනු කෙනෙක් කතා කරනවා තාලෙට යැංසිට බායි කියද්දි ඒ හිනාව දෙගුන උනා...
හිනා වෙවි හිටපු මගෙ හිනාව එක පාරටම ගිලුනෙ මගෙ දිහා රවාගෙන ඉන්න බෝව දැකලා...

"කියවලා ඉවර නම් බඩු ටික අරන් යමුද"

ඔලුව වනපු මම මල් වාස් ටිකක් අරගෙන තව බිත්තියෙ එල්ලන්න  ෆොටෝස් දෙකකුත් ගත්තා...මම ගහපු අනික් ෆොටොස් එල්ලන්න පුලුවන් නිසයි මම ෆොටෝස් දෙකක් ගත්තේ...ඔක්කොම අරගෙන බෝට යමු කීව මම ආයෙත් නැවතිලා හිටියේ බෝ ශොප් එක ඇතුලට ගිය නිසා...

Yibo's Pov

බනී එලියෙන් ඉන්නකොට මම ආයෙම ශොප් එක ඇතුලට ආවේ ෆ්‍රෙශ් ෆ්ලවර්ස් ගන්න...බනි ආසයි ඒවට...දවස් දෙක තුනක් තියාගන්න පුලුවන් නිසා මම මල් වර්ග තුනකිම් මල් බොකිස් තුනක් ගත්තා...එකක් රෙඩ් රෝසස්...ඒක ඉතින් මගෙ මෝඩ චන්ඩි බනියට...
මල් අරගෙන බනී ඉන්න තැනට ආව මම රවාගෙනම එයාගෙ අතින් අල්ලගෙන කාර් එකට ඇවිල්ලා...දැන් නම් බනිත් තරහෙන් වගේ කිසිම කතාවක් නෑ මාත් එක්ක...
ඉක්මනට ගෙදර ආව මම බඩු ටිකත් අරගෙන ගේ ඇතුලට ආවේ බනී එක්ක කතා කරන්නෙත් නැතුව...

"පුතාලා ආවද...මෙච්චර මල් මොකද"

"ස්ටූඩියො එකට මමා...ඔයාට ඕනනම් එකක් ගන්න"

"එපා ජාන් පුතේ ඒවා ස්ටූඩියෝ එකෙන්ම තියන්න...මම බොන්න මොනා හරි හදන්නම් වොශ් දාලා එන්නකො දෙන්නම"

ජාන් මමාට කතා කරනකන් රූම් එකට ආව මම ඉක්මනට වොශ් දාන්න ගියේ අද ගොඩක් මහන්සි දවසක් නිසා...
විනාඩි 15න් වොශ් දාලා ආව මම ඇදුමක් දාගෙන පහලට යන්න ආවේ පොඩි නෙමේ ලොකු බඩගින්නක් දැනුන නිසා...

" මොකද හිනා වෙන්නේ බෝ...ඇයි ඔයාට මාව ජෝක් එකක්ද ආ...ඔව් ඉතින් කිස් කර කර ඉන්න කෙනෙක් දැන් ඉන්නවනෙ නේද ඒකනේ...කමක්  නෑ හිනා වෙන්නකො...හැබැයි මතක තියාගන්න ඔයා හිනා වෙන්නේ ඔයාගෙ හස්බන්ඩ්ට කියලා..."

බනියව දකිද්දි යැංසිට බැනපු විදිහ මතක් වෙලා හිනා ගිය මට අවසානේ හිනා වෙන්නත් අමතක උනේ මම කාවදෝ කිස් කරා කියද්දී...මම දැනුවත්ව මම කාවවත් කිස් කරේ නෑනේ...

"මොනවද බනී කියවන්නේ...මම කාවද කිස් කරන්නේ...මම මේ හිනා උනේ ඔයා යැංසිට කියපුවා මතක් වෙලා..."

"කිස් කරන්නේ ඔයත් එක්ක රගපාන නිලියව...ඇයි මතක නැද්ද ශුයැන්ග් උදේ කිවා..හුම්"

හරිනේ ඔය පිපිරුවේ බෝම්බේ...උදේ ඒක ගානක් නෑ වගේ ගියාට හිතේ තියාගෙන ඉදලා...කෙල්ලො වගේමයි මේ බනියත්...

"මම ඉතින් මගෙ මේ සුටි මැනිකව ඇරෙන්න වෙන කාවවත් කිස් කරන්නෙ නෑ...ඔය ශූයා ඔයාව අවුස්සන්නනෙ කිවෙ මැනික...ඒක ට්‍රැඩිශනල් ඩ්‍රාමා එකක් බබා ඒකේ කිස් සීන් නෑ...අනික බනී ඒ තිබ්බත් ඒක රගපෑමක් විතරයි කිසිම ෆීලින් එකක් නැතුව එහෙම කරන්නේ...මට මගෙ බනීව විතරයි ෆීල් වෙන්නේ...තේරුනද යක්ශ හාවෝ"

"අනේ මේ ඕන නෑ දැන් බොරුවට හුරතල් වෙන්න...මට බැනලා බැනලා දැන් එනවා හුරතල් වෙන්න...ඒ මදිවට අර යැංසි එතන කියවද්දිත් කටවහන් හිටියේ මොකද...මට බනින්න විතරයි කට ඇරෙන්නේ"

බනියව තුරුල් කරගෙන හිටපු මම තව ටිකක් එයාව මගෙ ඇගට තද කරගත්තා...බනියා කොච්චර තරහා තිබ්බත් මගෙන් චුට්ටක්වත් ඈතට ගියේ නෑ...

"ඉතින් ඔයා එයාට දෙන්න ඕන උත්තරේ දුන්නනෙ...කොහොම හරි බනී ඔයා මාව මැනිකක් කීව නේද...ඒකට නම් මට ආඩම්බරයි හොදේ"

"අනේ මට පිස්සුයෑ ඔයාට මැනිකක් කියන්න...ඒ වෙලාවෙ මම යැංසිට ඇහෙන්න විතරයි එහෙම කීවේ..ඔච්චර හිතට ගන්න එපා..."

"හ හා එහෙනම් මම පහලට යනවා ඕන දෙයක් කරගන්න"

බනියව ඈත් කරපු මම පහලට ආවේ දැන් නම් බඩේ පනුවෝ බොක්සින් ගහන තරමටම බඩගිනි වැඩිවෙලා තිබුන නිසා...
බනිත් මගෙ පස්සෙන්ම කිචන් එකට ඇවිත් පුටුවකින් වාඩි වෙලා මමා හදලා තිබුන සැන්ඩ්විච් කන්න පටන් ගත්තා...

"මමා දන්නවද මමාගෙ බෑනා මෙහෙන් යන දවසෙ යැංසිට සද්දෙකුත් දාලා ගිහින් තියෙන්නෙ"

බනිගේ විස්තර මමා එක්ක කියන්න පටන් ගත්තම බනී මට පයින් ගැහුවෙ මොකුත් කියන්න එපා කියලා...ඒත් එයා දිහා නොබලම මමාව ලගින් වාඩි කරගත්තා...

"මමා අද අපිට යැංසිව මීට් උනානේ...බනී මෙහෙන් යන දවසේ මාව මීට් නොවුනට යැංසිව නම් මීට් වෙලා...බනී කිවලු මාව රැවැට්ටුවොත් හරි මට දුකක් දුන්නොත් හරි බනී ආයම මාව එයාගෙ ලගට ගන්නවා කියලා...අද යැංසි ආවනේ බනීට ඕන නැති කතා වගයක් කියාගෙන...බනී කියවුවා යැංසිට දුවන්න...මමා දන්නවද යැංසි ගියේ නෙලුම් කොලේ යන කොරවක්කෙක් වගේ...

අවසානෙට මමාට හැමදේම කියලා ඇක්සිඩන්ට් වෙන්න ගිය එකත් කියපු මම බනීයට මමාගෙන් ටොක්කකුත් ඉල්ලලා දීලා තමා නැවතුනේ...

"දැන් සතුටුද...එනවකෝ කාමරේට මම අල්ලගන්නම් මෝඩ බෝ ඌරා..."

මටත් ටොක්කක් ඇනලා ගස්සගෙන යන දිහා බලන් හිටපු මම ආයෙම කන්න ගත්තේ ඔය ගැස්සිලි වලට වඩා මට මගෙ බඩගින්න ලොකු නිසා...

======================================

°°°අලුත් කොටසක් ගෙනාවා💙😊😊😊😊😊

°°° තවත් කොටසකින් හෙට එන්නම්
ගුඩ්නයිට් බුදුසරණයි වස්තුලා 💚❤️

🌼සිතූ🌼

Continue Reading

You'll Also Like

3.9K 1K 8
The Lesson of Love 💘💘💘💘
332K 8.3K 78
"ပူတင်းလေးကဘာလဲ" "ကိုကို့အပိုင်" "ကိုကိုတို့ကရောဘာလဲ " "မောင်နှမ" "ဟာ..."
777K 65K 52
ဗိုလ်အောင်ဒင်နှင့်မမြဝင်းကို inspireယူ၍ရေးထားသည့်boy loveဝတ္တုတစ်ပုဒ်ဖြစ်သည်။ ၁၉၄၂ခုနစ်နဲ့၁၉၄၅ခုနစ်ဝန်းကျင် မြန်မာနိုင်ငံကိုဖက်ဆစ်ဂျပန်တို့ရက်စက်ခဲ့သ...
8.4K 1.8K 32
මටත් පුලුවන් උනානම් ගහෙන් ගෙඩි එන්නා වගේ උඹට ආදරෙයි කියන්න...උඹ අදටත් මං ළඟ...... _...යීබො..._