ටේ කාමරේට ඇතුල් වෙලා ටික වෙලාවක් ගියත් කිසිම සද්දයක් නැති තැන ඇස් දෙක පියාගත්තු ජන්කුක් ඕන දෙයක් වෙත්දෙන් කියලා හිමීට එතනින් මාරු වෙන්න හැදුවත්....
"ආව්..ආයිෂ් ටේ බබා...."
"මොකක්ද ඔය කරන්නේ...ඕක නවත්තනවා ටේ..."
"අතාලිනවා...අද මම කියලා දෙල්ලම් මේ ටේටේගේ හැටි..."
"ග..ගහන්න එපා බබා...."
හිතුවට වඩා හාත්පසින්ම වෙනස් වුන විදිහේ සද්ද බද්ද කාමරේ ඇතුලින් ඇහෙන්න ගත්තේ ජන්කුක් එක තැන නතර වෙද්දි.ඇස් පියාගෙනම කාමරේ ඇතුළට ගිය ජන්කුක් එක ඇහැක් ඇරියහම දැක්කේ දාගෙන කොට්ටෙකින් ගහන ටේවයි ටේගේ ප්‍රහාරවලට ලක් වෙන නැම්ජූන්වයි ටේව නවත්තන්න දගලන ජින්වයි.ඉක්මනටම දොරට එහා පැත්තෙන් හැංගුන ජන්කුක් පුදුමයෙන් ඒ දිහා බලාගෙන හිටියා...
"කිම් නැම්ජූන්....මෙතන....."
ටේගෙන් ගුටිකන්නේ ව්‍යාපාර අංශයේ ලොකු තැනක් හිමි කෙනෙක් කියලා දැකපු ජන්කුක් පුදුමයෙන් පුදුමයට පත් වුණා.
"ඔයා මොකක්ද ජින් හියුන්ගිගේ කාමලේ කලන්නේ...ආහ්?...මෙහේ එල්ල එපා කියද්දිත් එල්ලෙ ඔයාට සිංහල තේලෙන්නේ නැද්ද..."
"ප්ලීස් ටේ බබා...ඕක නවත්තන්න...මමයි එයාට එන්න කිව්වේ...ආව්!...මට ගහන්නේ මොකටද....."
"ටේටේ ගෙදල නැතිවුන ගමන් හියුන්ගි ඔයත් මේ කාබාසිනි හියුන්ව ගෙට ගන්නද ප්ලෑන් කලන්නේ....බලන්න අදත් වීදුලුවක් බිදලා...."
"කාබාසිනිකම නම් ඇත්ත හැබැයි....ස්ස්ස්....මගෙ අතත් තුවාල වුණා...."
ජින් තමන්ගේ ලේ ගලන අත අල්ලගෙන කිව්වා.ටේගේ අවධානය ජින්ට යනවත් එක්කම නැම්ජූන් ටේගේ අතේ තිබ්බ කොට්ටේ විසික් කරලා ටේව අල්ලගෙන ගිහිල්ලා පුටුවෙන් ඉන්දෙව්වා.
"මාව අතාලිනවා මෝදයෝ දෙන්නා....."
"සොරි ටේ බබා....ටිකක් ඉවසන්නකෝ...ඉක්මනට ඒක ගන්න ජින්...."
නැම්ජූන් ටේගේ අත් පුටුවට තියලා තදින් අල්ලගත්තේ කරන්න දෙයක් නැතිකමටමයි.නැම්ජූන් ජින්ට එහෙම කියනවත් එක්කම ඇදේ විසිරිලා තිබුන පේපර්ස් ටික එකතු කරගත්තු ජින් ඒ ෆයිල් එක හංගගත්තේ හොරෙන් බලාගෙන හිටපු ජන්කුක්ට සැක සහිත හිතක් පහළ වෙද්දි.එතනත් නලියන ටේව දැකපු නැම්ජූන් ටේව අල්ලගෙන ඉන්න බැරිකමටම කිව්වේ.....
"ජින්...මෙයාගේ ලිට්ල් ස්පේස් කීයටද ඉවර වෙන්නේ...."
"කීයටද කියන්න දන්නෑ....අපි කිව්වට මෙයාගේ ලිට්ල් ස්පේස් මාරු කරන්න බෑ....."
"කවුලුත් ඕන්නෑ මදෙ ස්පේස් මාලු කලන්න...."
"මම කරන්නම්......"
එකපාරටම දොර පැත්තෙන් ඇහුණ කටහඬට හැමෝම ඒ දිහා බැලුවේ ටේත් දගලන එක නවත්තලා ඒ පැත්ත බලද්දි.වීරයා වගේ කිව්වේ කවුරුත් නෙවෙයි ටේහ්‍යුන්ගේ බොඩිගාඩ් කියලා දැකපු ජින් බඩ අල්ලගෙන හිනාවෙන්න ගත්තේ ඒක කොහොමත් කරන්න බැරි දෙයක් කියලා ජින් හොදටම දන්න නිසා.
"හහ්...විහිලු කරනවද......"
ජින් සමච්චලයට වගේ කියද්දි ජන්කුක් ටේ ළගට ආවේ නැම්ජූන් ජන්කුක් දිහා විමසිල්ලෙන් බලන් ඉදිද්දි.
"ඔ.....ඔයා......"
ජන්කුක්ව දැකපු නැම්ජූන් පුදුම වුණත් එයාව ගණන් ගන්නේ නැතුව ටේ ළගට ආපු ජන්කුක් එයා ඉස්සරහ දණ ගැහුවේ නැම්ජූන් එතනින් අයින් වෙද්දි.
"ටේටේ බබා....."
ජන්කුක් ඒ විදිහට කතා කරේ නැම්ජින්ගේ ඇස් ජිල් බෝල සයිස් වෙද්දි.ඇස් දෙක බෝල කරගෙන ජන්කුක් දිහා බලාගෙන හිටපු ටේ......
"අලේ ඩැඩී ටේටේට බබා කිව්වා........."
"ටේටේ ඩැඩී කියන දේවල් කරනවා නේද....."
"ඕ..ඕ....ටේටේ ඩැඩී කියන ඕන දෙයක් කලනවා...ටේටේ ඊෂ් ගුබ්බෝයි...."
"මෙයා ටේගේ බොඩිගාඩ් විතරයි කියලා ශුවර්ද....."
නැම්ජූන් ජින්ගේ කනට කරලා ඇහුවේ තක්බීරී වෙලා වගේ බලාගෙන ඉන්න ජින් ඔව් කියන්න රොබෝ කෙනෙක් වගේ ඔලුව උඩට පහළට කරද්දි.
හොද හුස්මක් පිට කරපු ජන්කුක්.....
"එහෙනම් ඇස් පියාගන්න....."
"හලී......"
එහෙම කියපු ටේ ඇස් පියාගත්තා.ඒත් එක්කම ජන්කුක් මේ කර්න දේ දිහා බලාගෙන කතා කරපු ජින්....
"ඔයා හිතන්නේ ඔයා කිව්වට එයා වෙනස් වෙයි කියලද....."
"අද එයා බිග් ස්පේස්වලින් ලිට්ල් ස්පේස්වලට හැරුණේ මම කියපු නිසා...."
ජන්කුක් හැගීම් විරහිතව ටේ දිහා බලාගෙනම කිව්වා.
"ඈහ්....තමුන් ඒ තරම් ආසද ලිට්ල් ස්පේස් බබාට...."
"ඒක අත්වැරැද්දක් විතරයි......"
"හ්ම්ම්....බලමුකෝ බලමුකෝ...."
"කෝ ඩැඩී....."
ජන්කුක් ආපහු ටේ දිහා බලද්දි ජන්කුක්ගේ ඇස් උඩ ගියේ ටේ තොල් දෙක උලුක් කරගෙන ඉන්න විදිහ දැකලා.
"මොකද මේ...."
"ඇයි ඩැඩී ටේටේට කිශ් දෙල්ල නේද යල්ලේ....ෆිල්ම්වල ඒමයි....කිශ් දෙද්දි ඇස් පියාගල්ල කියනෝ...."
ඇස් පියාගෙන තොලුත් උලුක් කරන් කියන ටේ දිහා බලාගෙන හිටපු ජන්කුක්ට කරන්න ආපු වැඩෙත් අමතක වුනේ නැම්ජූන් ඔලුවේ අත ගහගනිද්දි.අත ඉබේටම කටට ගත්තු ජින්.....
"මූ යකෝ....."
"ජින් ටේ බබා හිතන් ඉන්නේ මෙයා අර වගේ ඩැඩී කෙනෙක් කියලද දන්නෑ....ආව්!...."
ජින් නැම්ජූන්ගේ කකුලක් පෑගුවා.
"මොනාද කියවන්නේ නැම්ජූන්...මේ පොඩි එකා ෆිල්ම් බලලා වැඩීයි....මෙයා දන්න ඩැඩී....."
"හරි කිස් එකක් දෙන්නම්...."
හුස්මක් පිට කරපු ජන්කුක් එකපාරටම එහෙම කියද්දි ටේ සතුටින් බොක්සි ස්මයිල් දාලා හිනාවුනේ නැම්ජින් දෙන්නා මූණට මූණ බලාගනිද්දි.
"මගේ ටේ බබාට මගේ ඉස්සරහම මෙහෙම කියන්න.....අම්මපා මුට දෙතැහැකි...බොඩිගාඩ් කවුරු කියලද හිතන් ඉන්නේ...."
ජින් ළග තිබුන වාස් එකත් උස්සලා ගන්නවා දැකපු නැම්ජූන් ඉක්මනටම එයාව අල්ලගත්තා.රහසින් කතා කරපු නැම්ජූන්.....
"ජින් ටිකක් සන්සුන් වෙන්න....පේන්නේ නැද්ද....එයාට විතරයි ටේව පාලනය කරන්න පුලුවන්....මේ වෙලාවේ එයා කරන දෙයක් බලාගෙන ඉන්න විතරයි අපිට තියෙන්නේ....මෙච්චර දුර ආපු ගමන ටේගේ ලිට්ල් ස්පේස් බබා නිසා නැතිවෙන්න දෙන්න බෑ.....අනික මෙයා මිස්ටර් කිම් ළග වැඩ කරන කෙනෙක් නම් මාව අදුරගනීද දන්නෑ...."
"කූ ඉතින්....."
ටේ තවත් මූණ ඉස්සරහට දික් කරලා ඇහුවා.
"ඊට ඉස්සෙල්ලා මට ටේහ්‍යුන්ග්ව ඕනේ..."
ජන්කුක් කිව්වහම ඇස් පියාගෙන හිටපු ටේ ටික වෙලාවකින් ඇස් ඇරියා.තමන් ඉස්සරහ ඉන්න ජන්කුක් දිහා ටික වෙලාවක් හැගීම් විරහිතව බලාගෙන හිටපු ටේ කිව්වේ......
"මො...මොකක්ද වුනේ...."
ටේහ්‍යුන්ග් බයෙන් වගේ එහෙම කියද්දි හොද හුස්මක් පිට කරපු ජන්කුක් ටේහ්‍යුන්ගේ අත් අත ඇරියා.
"ඔයා කොහොමද ඒක කළේ.....ටේව වෙනස් කරන්න පුලුවන් එයාගේ ඔම්මට විතරයි....ඔයා... ඔයා කොහොමද ඒක කළේ ජේකේ....."
"මම දන්නේ කොහොමද....මම කිව්වා...එයා වෙනස් වුණා...."
තමන් දිහා අහිංසක විදිහට බලාගෙන ඉන්න ටේ දිහා බලාගෙන ජන්කුක් එතනින් නැගිටින ගමන් වැඩි තැකීමක් නැතුව කිව්වා.ජන්කුක් නැම්ජූන් දිහාට සමච්චල් සහගත හිනාවක් දාලා කාමරෙන් එළියට ගියා.
"එයා මාව අදුරගත්තද....හදිස්සියෙවත් අදුරගෙන නම් එයා මිස්ටර් කිම්ට මම මෙහේ එන එක ගැන කිව්වොත් අපේ ප්ලෑන් සේරම ඉවරයි...."
"මම හිතන්නෑ අදුරගත්තා කියලා...ඒත් ඇයි එයා ටේව බිග් ස්පේස් එකට අරන් උදව් කරේ..."
ජින් ජන්කුක් කාමරෙන් එළියට යන දිහා බලාගෙන මිමිණුවේ එයා ගියාට පස්සේ දොර වහලා ලොක් කරන ගමන්.
"එහෙනම් ටේහ්‍යුන්ග් ආපු එක හොදයි....."
ජින් ටේහ්‍යුන්ගේ පැත්තට හැරෙන ගමන් කිව්වා.
"ඇයි මොකක්ද මෙතන වෙන්නේ..
මම කොහොමද මෙතනට ආවේ......"
"ඔයාට දැන් වුන සේරම කියන්න වෙලාවක් නෑ...වුන දේවල් පස්සේ කියන්නම්....ඊට වඩා වැදගත් දෙයක් තියෙනෝ කතා කරන්න...."
"ඇයි....මොකක්ද...."
ටේහ්‍යුන්ග් පුටුවෙන් නැගිටින ගමන් ඇහුවා....
"අන්තිමේ නැම්ජූන් දේපල අපේ නමට හරවලා ඩොකියුමන්ට්ස් ටික හදලා....දැන් තියෙන්නේ මිස්ටර් කිම්ගෙන් සයින් එක ගන්න විතරයි....."
ටේබල් එකේ තිබුන ෆයිල් එක අතට ගන්න ගමන් ජින් කිව්වේ ටේහ්‍යුන්ග් කුතුහලයෙන් බලන් ඉදිද්දි.
"සයින් එක ගන්න?..උකුසු ඇස් තියෙන එයාගෙන් ඕකට සයින් එක ගන්න එක හිතන තරම් ලේසියි කියලා හිතුවද...."
ටේහ්‍යුන්ග් සමච්චලයට වගේ ඇහුවා.
"අන්න ඒකයි කියන්නේ....මේක කරන්න පුලුවන් ටේටේට විතරයි...."
"මගේම පොඩි එක්කෙනා?...අර ටේටේ...? හහ්.... ඔයා විහිලු කරනවද හියුන්...."
"ඔව්...ටේටේ මිස්ටර් කිම්ට විරුද්ධව පොඩි දෙයක්වත් කරන්න කැමති නෑ තමයි....ටේටේ මේක ගැන දැනගත්තොත් පොඩි එකා වගේ ගිහින් නොදැනුවත්කමට හරි මිස්ටර් කිම්ට කියන්නත් බැරි නෑ...ටේටේ හැසිරීමෙන් විතරයි පොඩි...එයාගේ මනසට සමහර දේවල් තේරුම් ගන්න පුලුවන්....ඒක නම් ෆිල්ම් බලලම හදාගත්තු මොලයක් මන් හිතන්නේ....ඒත් මිස්ටර් කිම් දන්නවා ලිට්ල් ටේටේ එයාට විරුද්ධව කිසි දෙයක් කරන්නේ නෑ කියලා......ඒක නිසා මේක මොකක්ද කියන එකවත් ටේටේට නොකියා ටේටේ ලවාම මේ වැඩේ ඉවර කරගන්න එක තමයි කරන්න තියෙන්නේ...."
"ඒත් ටේහ්‍යුන්ගේ බොඩිගාඩ්....එයාගෙන් බේරිලා මේක කරන්නේ කොහොමද...."
නැම්ජූන් එහෙම කියනවත් එක්කම කාමරය පුරාම පැතිරුනේ දැඩි නිශ්ශබ්දතාවයක්.
"එයා මිස්ටර් කිම්ට වැඩ කරන හොදම සහයකයෙක්.....බිස්නස් වර්ල්ඩ් එකේ මිස්ටර් කිම්ට විරුද්ධව යන්න හදපු කී දෙනෙක් නම් එයා ඉවරයක් කරාද දන්නෑ...හදිස්සියෙවත් ඌ දැනගත්තොත් කිම් නැම්ජූන් මිස්ටර් කිම්ගේ බිස්නස් පාර්ට්නර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ බොරුවට කියලා......"
නැම්ජූන් එහෙම කියලා නතර කරද්දි ටික වෙලාවක් බලාගෙන හිටපු ටේහ්‍යුන්ග්....
"නෑ....මම එක දෙයක් දන්නවා....ජන්කුක්....නැත්තන් ජේකේ.... එයත් මිස්ටර් කිම් ළග වැඩ කරන්නේ වෙන මොකක්හරි අරමුණක් ඇතුව...."
"මොකක්!!!....."
ටේහ්‍යුන්ග් එහෙම කියද්දි ජින් හා නැම්ජූන් දෙදෙනාම පුදුම වුණා.
"ඔව්...ජේකේම මාව පැහැරගෙන ගියපු දවසේ මට කිව්වා එයාට දැන්ම මිස්ටර් කිම්ට විරුද්ධව වැඩ කරන්න බෑ කියලා....මන් හිතන්නේ එයාටත් යටි අරමුණක් තියෙනවා..."
ටේහ්‍යුන්ග් එහෙම කියද්දි නැම්ජූන් සැරින් සැරේ සමච්චලයට වගේ හිනාවෙන්න ගත්තා.
"බලාගෙන යද්දි මිස්ටර් කිම් හැම පැත්තෙන්ම හිර වෙලා...."
"අපිට එහෙනම් මේ වැඩේ ඒ තරම් අමාරු වෙන එකක් නෑ....ආව්ස්....තුවාලේ...."
ජින් එහෙම කියද්දි එකපාරටම වැලමිට නවලා පිඹින්න ගත්තේ ජින්ගේ අත දිගේ ගලාගෙන ආපු ලේ දැකලා ටේහ්‍යුන්ගේ ඇස් උඩ යද්දි.
"ලේ!!!......."
නළලත් රැලි කරගෙන හෙන සද්දෙන් කිව්ව ටේහ්‍යුන්ග් ඔලුව කැරකෙනෝ වගේ දැනුන නිසා සිහිය නැතුව ගිහිල්ලා ආපහු පුටුවට වැටුනා.
"ඔය කරේ...."
සිහිය නැතිවෙලා ඉන්න ටේහ්‍යුන්ග් දිහා බලාගෙන නැම්ජූන් කිව්වා.
"මම කිව්වා ඔයාට ඉක්මනින් බෙහෙත් දාන්න කියලා නැම්ජූන්...එවෙලෙ බෙහෙත් දැම්මා නම් ඉවරයිනේ....බලනවා...ලේ ගොඩක් ගිහින්..."
"මොන බෙහෙත්ද...අනේ නැම්ජූන්....රිදෙනවා නැම්ජූන්...එපා නැම්ජූන්....ආහ්...ම්ම්...හිමීට...අරක මේක කියද්දි....හහ්.... කවුරුහරි දකින්නැතුව අහගෙන හිටියා නම් මොනවා හිතයිද දන්නෑ...."
"අමතක කරන්න එපා...තුවාලේ වුනේ ඔයා වාස් එක බින්ද නිසයි නැම්ජූන්...."
"මෙන්න මෙහෙට එනවා...."
ජින්ව ඇදලා අරගෙන ඇදේ වාඩි කරවපු නැම්ජූන් සිහිය නැතුව හිටපු ටේහ්‍යුන්ග්ව ගෙනල්ලා ඇද උඩින් තිබ්බා.ජින්ගේ තුවාලෙට බෙහෙත් දාන්න ගත්තු නැම්ජූන්....
"ඒක නෙවෙයි...ටේහ්‍යුන්ග්...ටේටේ...ඇයි එයාලා දෙන්නට දෙන්නා ගොඩක් වෙනස්..."
නැම්ජූන් එහෙම අහද්දි ජින් හරිම ආදරණිය විදිහට බැලුවේ බෙයා කෙනෙක් වගේ ගුලිවෙලා නිදාගෙන ඉන්න ටේහ්‍යුන්ග් දිහා.අනිත් අතින් ටේහ්‍යුන්ගේ ඔලුව අතගාන්න ගත්තු ජින්.....
"ටේහ්‍යුන්ගේ ලිට්ල් ස්පේස් කෙනයි බිග් ස්පේස් කෙනයි එකිනෙකාට එකිනෙකා ගොඩක් වෙනස් දෙන්නෙක්....ටේහ්‍යුන්ග් ඕන දෙයක් කරයි මිස්ටර් කිම්ගේ විනාශය වෙනුවෙන්....ඒත් ලිට්ල් ස්පේස් ටේ....මිස්ටර් කිම් අපිව රවට්ටලා පවුලම විනාශ කරන්න ඉස්සෙල්ලා ටේහ්‍යුන්ග්ට ගොඩක් ආදරෙන් හිටපු කාලයක් තිබ්බා....ඒ කාලේ මිස්ටර් කිම් එක්ක හුරතල් වුන ටේහ්‍යුන්ග් තමා ටේටේ විදිහට තාමත් එයාගේ ඇතුලෙම ජීවත් වෙන්නේ.....ටික ටික ලොකු වෙන්න මේ දේවල් සේරම ගැන එයාට තේරුනත් තාමත් ඒ නැතිවුන අප්පගෙ ආදරේ එයා හොයනවා...ඒකයි ටේ මිස්ටර් කිම් එයත් එක්ක ආදරයෙන් හිටපු කාලෙට යන්න හදලා ඉබේම ලිට්ල් ස්පේස්වලට හැරෙන්නේ....ඒක නිසාම ටේහ්‍යුන්ග් එයාගෙම ආත්මය ඇතුලේ ජීවත් වෙන අනිත් කෙනාට වෛර කරනවා....ලිට්ල් ටේටේ මිස්ටර් කිම් ගැන ඇත්ත පිලිගන්න අකමැති නිසා ටේහ්‍යුන්ග් ටේටේට වෛර කරගන්නවා...පොඩි කෙනා ටේටේ වුනාට ටේහ්‍යුන්ග්ට වඩා එයා ගොඩක් ශක්තිමත්....ඒහෙම වෙන්නේ එයා කිසිම දෙයක් ගැන ගැඹුරින් නොහිතන වගකීමක් නැති කෙනෙක් නිසාම වෙන්නත් පුලුවන්...ඒත් ටේහ්‍යුන්ග්...එයා ටේටේ එක්ක බලද්දි ගොඩක් දුර්වලයි.....පේන්නැද්ද....ලේ දැකලත් ඔය සිහිය නැතිවුනේ....ආව්....රිදෙනවා!!!..."
"හරි හරි ඉවසන්න.....ඒත් එක්කෙනෙක්ගේ මතක කිසිම දෙයක් අනිත් කෙනාට මතක නැත්තන් එතන ලොකු බලපෑමක් තියෙනවා නේද...එක්කෙනෙක් එක වෙලාවක ජීවත් වෙනෝ...අනිත් කෙනා තවත් වෙලාවක ජීවත් වෙනෝ....ඒක නිකන් දෙන්නටම ලොකු අසාධාරණයක් වගේ......"
"ඔව්...ඒක තමයි අපි එයාව ඉක්මනින් සනීප කරගන්න හදන්නේ...."
ජින් ටේහ්‍යුන්ගේ ඔලුව අතගාන ගමන්ම කිව්වා.
"ආව්!!!....."
ඒ අතරේ කාමරෙන් එළියේ කල්පනා ලෝකයක අතරමං වෙලා හිටපු ජන්කුක් පියවි සිහියට ආවේ ආපහු කාමරෙන් ඇහුන ජින්ගේ සද්දෙට.
"තමුන් මොනවද හිතන්නේ ජේකේ....හිත හිත හිටපු දේ ගැන හිතන්න...ආයිෂ්...මේ පිස්සු ෆැමිලි එකත් එක්ක ඉදලා මට පිස්සු වගේ....."
ජන්කුක් තමාටම කියාගනිද්දි එකපාරටම දොර පැත්තට හැරුණේ දොර ඇරෙන සද්දෙ ඇහිලා.
"ඩැඩී....අයින් වෙන්න....."
ඒත් එක්කම ඇතුලේ ඉදන් දුවගෙන එන ටේහ්‍යුන්ග් දිහා ජන්කුක් බලාගෙන හිටියත් ජන්කුක්වත් පැත්තකට තල්ලු කරපු ටේහ්‍යුන්ග් වේගයෙන් දුවන්න ගත්තා.
"මොකක්ද වුනේ...."
"ඔය ඉන්නේ ටේටේ....එයාව අල්ලගන්න...."
ඊළගට කාමරේ ඇතුලේ ඉදන් ආපු ජින් එහෙම කියනවත් එක්කම ජන්කුක් ටේ දිහාත් ජින් දිහාත් මාරුවෙන් මාරුවට බලන්න ගත්තා.
"දුවන්න ඉස්සෙල්ලා අල්ලගන්නවා මනුස්සයෝ....එයා ෆයිල් එක ඉස්සුවා..."
ජින් ආපහු එහෙම කියනවත් එක්කම ජන්කුක් ටේගේ පස්සෙන් දිව්වේ ජිනුත් පස්සෙන් දුවගෙන යද්දි.
"ටේ....නවතින්න...කිව්වහම අහලා නවතිනවා....."
"බෑ ඩැඩී....මේක ඔම්මට පෙන්නන්න ඕනේ..."
ඒත් එක්කම කතා කරන්න ගත්තු ජින්........
"ඔය ෆයිල් එක කොහොමහරි එයාගෙන් ගන්න......ඔම්මා අතට නම් යන්න තියන්න එපා....."
වේගයෙන් පඩිපෙලේ පල්ලෙහාට ගිය ටේ එකතැන නතර වුනේ බ්‍රේක් නැතුව ආපු ජන්කුක් ටේගේ ඇගේ හැප්පිලා එයත් එක්කම බිම වැටෙද්දි.ඊටත් පිටිපස්සෙන් ආපු ජින් ජන්කුක්ගේ ඇග උඩට වැටෙද්දි ජින්ට පිටිපස්සෙන් ආපු නැම්ජූන් ජින්ගේ ඇග උඩට වැටුණේ අහිංසක ටේටේට තාරකා මණ්ඩල පෙනෙන්න සලස්වලා.
"හුවෑඈඈ.....හුම්ම....හුම්ම ගල්ල බෑ......."
"මොකක්ද මෙතන වෙන්නේ......"
බිම හිටපු සේරම ඉස්සරහෙන් පේන කකුල් දිහා බැලුවේ ඒ කෙනා තමන්ගේ කකුල් ළග වැටිලා තිබුන ෆයිල් එක අතට ගනිද්දි.
_______________________________________________________________
කතාවට ප්ලොට් එකක් තිබ්බා නේද කියලා මතක් වෙද්දි *ස්මයිල් ඉන් පෙයින්* කමක් නෑ...කරකැවිලා ගිහින් හරි ගානට ප්ලොට් එක විදිහටම යන්නම්....
අලුත් එකක්...ඕක නම් දිගටම දෙනවා අනිවාර්යයෙන්ම....මාව විශ්වාස කරන්න....චැප්ටර්ස් දිග නෑ...මේකට වඩා ආසාවෙන් ඒක මම ලියන්නේ...කැමති අය බලන්න...වෝට් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා......♥️