I Bite You In My Eyes ✔️✔️

By Madhu_96

79.9K 15.6K 8.1K

🍁 Yizhan Fanfiction ආකාර්ෂණය මතම පමණක් ඇති වූ සබදතාවක්... සෑම විටම මගේ යැයි හැගුන එක් තරුණයෙක්... ලොවට වසන... More

Short & Sweet Introduction 😁
🔞 1st Bite 😜
🔞 2nd Bite 😳
🔞 3rd Bite 😊
🔞 4th Bite 😱
🔞 5th Bite ❤️
🔞 6th Bite 😜
🔞 7th Bite 😜
🔞 8th Bite 😁
🔞 9th Bite 🔞
🔞 10th Bite 😊
🔞 11th Bite ❤️
🔞 12th Bite 🔞
🔞 13th Bite 🔞
🔞 14th Bite ❤️
🔞 15th Bite 😊
🔞 16th Bite ❤️
🔞 17th Bite 😊
🔞 18th Bite ❤️
🔞 19th Bite ❤️
🔞 20th Bite ❤️
2nd Character Introduction
🔞 21st Bite 😊
🔞 22nd Bite ❤️
🔞 23rd Bite 😭
🔞 24th Bite 🥺
🔞 25th Bite 🥺
🔞 26th Bite ❤️
🔞 27th Bite 🔞
🔞 28th Bite 😊
🔞 29th Bite ❤️
🔞 30th Bite 😊
🔞 31st Bite ❤️
🔞 32nd Bite 😡
🔞 33rd Bite 😊
🔞 34th Bite ❤️
🔞 35th Bite 😊
🔞 36th Bite 🥺
🔞 37th Bite ❤️
🔞 38th Bite ❤️
🔞 39th Bite ❤️
🔞 40th Bite 😳
🔞 41st Bite ❤️
🔞 42nd Bite 🔞
🔞 43rd Bite 😊
🔞 44th Bite ❤️
🔞 45th Bite ❤️
🔞 47th Bite 😊
🔞 48th Bite ❤️
🔞 49th Bite ❤️
🔞 50th Bite ❤️
🔞 51st Bite 🥺
🔞 52nd Bite 😊
🔞 53th Bite ❤️
🔞 54th Bite ❤️
🔞 55th Bite ❤️💚
💚 Special Bits ❤️
🔞 Bite Special - 01 💍💍
🔞 Bite Special - 02 💙

🔞 46th Bite ❤️

867 226 77
By Madhu_96

I Bite You In My Eyes ❤️

ගෙල මත දිව යන දෙතොල් පහසක් නිසාවෙන් යීබෝ දෑස් හරිද්දි ඇස් වලින් පවා හිනාවෙමින් ජාන් අවදි වෙලා වැඩ පටන් අරන්...

❤️ 8යි වෙලාව... අවදි වෙමූ.. මට ලෑස්ති කරගන්න documents වගයක් තියෙනවා ඩැඩී..

💚 ම්ම්... මගෙ පණ අඩන්නෙ නෑ නේද අද..

❤️ නෑ... ගෙදර ගිහින් වෙන දේවල් වලට නම් මන් අඩන්නෙ නෑ ඩැඩී...

💚 මන් ශුවාන්ට කෝල් කරලා කාර් එක ඊයෙ වගෙ ගෙන්න ගන්නම්.. දොර ගාව ඉන්න ඔෆිසර්ලා දෙන්නා එක්ක මාරු වෙයි දැන්.. අනිත් දෙන්නා එක්ක අපි යමු.. මන් වොශ් දාන් මොනවා හරි හදන්නම් බබා ඕන දේවල් ගන්නකෝ...

යීබෝ ජාන්ගේ හිසත් පිරිමැදලා වොශ් රූම් යද්දි ජාන් ඇදෙන් පැනලා හෙව්වෙ එයාගෙ ෆයිල් එක.. උප්පැන්නේ.. bank documents වගේම ශියාඕ නිවසේදී දිනක් සීයා පපා දුන්න documents  වගයක් ජාන් බෑග් එකේ දාගත්තා...

දෙන්නත් එක්කම හොස්ටල් පිටිපස්ස ගේට්ටුවෙන්  පිටත් උනේ ශාන්ගෙ නිවසට...  පොලිස් නිලධාරීන් සුවිසල් මහා මන්දිරයේ ඉදිරියේ දොර ළග හිට ගද්දී යීබෝ උන්නේ ඇස් දෙක ලොකු කරගෙන.. මොකද මේක ගෙයක් නෙවෙයි මාලිගාවක්...

❤️ ඩැඩී අහන්න...ගේ දැකලා බය වෙන්න එපා.. මේ මහ විසාල ගේ අස්සේ ඔයාගෙ බබා ගොඩාක් දුක් වින්දා කියලා විතරක් හිතන්න.. ඒ වගේම අද මෙතනදි අහන්න දකින්න වෙන දේවල් නිසා මේ පපුව රිද්ද ගන්න එපා රත්තරන්.. මන් ඉන්නවනේ.. අද මට ගුටි කන්නත් වෙයි සමහරවිට.. ඒත් ඔයා අනිවාර්යයෙන්ම ඉවසන්න ඕනේ..

💚 අනේ සුදූ මැණික

❤️ ඉවසන්න...එච්චරයි මට කියන්න තියෙන්නේ..

ජාන් යීබෝගේ අතත් අල්ලන් මහ විසාල ගේ මැද සාලෙට ගිහින් වටපිටාව හොදින් බැලුවා.. දැන් ජාන්ගෙ එක ෆොටෝ එකක් මේ ගෙදර නෑ.. හැරිස් එක්ක එයාගේ අලුත් නෝනා වගේ පොඩි පුතෙක්ගෙ ෆොටෝ මෙහි තිබ්බා.. ජාන්ට දුකක් දැනුනෙ නෑ කිව්වොත් ඒක බොරුවක්..

❤️ දන්නවද ඩැඩී.. ඉස්සර අර බිත්තියේ තිබ්බේ ඔයාගේ බබාගේ ෆොටෝස්..  අද ඔයාගෙ බබා ඒ බිත්තියක ගෑවිලා වත් නෑ ඩැඩී...

💚 ඒ ෆොටෝ ටික උස්සන් ගිහින් අපේ ගෙදර එල්ලමුද...

ජාන්ගේ දුක හිතෙන මූඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් උනේ තමන්ගේ ආදරවන්තයගෙ කතාවට... හැම දුකක්ම නසන ජාන්ගේ ඔසුව තමයි යීබෝ කියන්නේ...

" දෙයියනේ ජාන් බේබී.. මේ ඔයාද පුතේ... "

❤️ ආයාම්මා...

ජාන් දුවලා ගිහින් එක කාන්තාවකගෙ ඇගේ එල්ලුනා.. ජාන්ව යැංසී දාලා ගියාම කොල්ලව මාස ගානක් බලාගත්ත ආයාම්මා තමයි මේ...

❤️ ඔයා වයසට ගිහින් ආයම්මා... 🥺🥺

" මගෙ ඇහැ පියවෙන්න කලින් මගෙ පුංචි බේබීව දකින්න පිං කෙරුවා දෙයියනේ.. එන්න වාඩිවෙන්න රත්තරන්.. හොදින්ද දරුවෝ.. කියන්න මට.."

❤️ මම හොදින් අනේ.. මෙන්න මෙයා ඉන්නවා නේද.. මාව ගොඩාක් හොදට බලාගන්නවා...

" අනේ මහත්තයෝ.. "

ආයාම්මා යීබෝගේ අතකින් අල්ලගත්තේ කදුළු පුරවගෙන.. යීබෝ ඒ ඇස් පිසදා ජාන්ගේ අතකින් අල්ල ගත්තා...

" අනේ මේ ලොකු අපායේ මගේ පොඩි දරුවා ගොඩාක් දුක් වින්දා.. රෑ පානේ මමා ඕනා කියලා ඇඩුවා.. බය උනා...ඒත් එයාව බලාගන්න කවුරුත් හිටියේ නෑ මහත්තයෝ.. දැන්වත් එයාට සැනසීමක් දෙන්න මහත්තයෝ.. "

💚 අනේ අඩන්න එපා ආන්ටී... එයා මගේ පණනේ.. මන් එයාව බලාගන්නම්...

යීබෝ ආයාම්මගෙ අතකින් අල්ලන් කියද්දි බොන්න දෙයක් ගෙන්න ආයාම්මා කුස්සියට යද්දි උඩ තට්ටුවෙ ඉදන් කාන්තාවක් පහල ආවේ.. කවුද ගෙදරට ආවෙ කියලා අහන ගමන් මයි...

" ජාන්... නේද මේ... "

❤️ ඔව්.. ඔයාගෙ හස්බන්ඩ් ට කියන්න එයාගේ කලින් වයිෆ්ගෙ පුතා ඇවිත් කියලා...

පොල්ලෙන් ගහන්න වගේ ජාන් කතා කරන දිහා යීබෝ වගේම ශියාඕගේ අලුත් බිරිදත් බලන් උන්නේ පුදුමෙන්.. තවත් මොකක්දෝ කියන්න ගියත් ඇය උඩට ගියේ ශියාඕ එක්ක එක්ක.. මේ අතරේ ආයම්මගේ බීම එකත් බීලා ජාන්..

❤️ ආයාම්මා

" බේබී... "

❤️ අතන තිබ්බ ෆොටෝ කෝ...

" බේබීගේ කාමරේ තියෙනවා බේබී... පුංචි කාලෙ ෆොටෝ විතරනෙ තිබ්බේ.. බේබී ලොකු උනාම ගෙදර ආවේම නෑනේ.. "

❤️ ආවේ නෑ නෙවෙයි ආයම්මා.. මාව ගෙන්නුවේ නෑ.. සල්ලි දිදි පැත්තකින් තිබ්බා...

*

*

*

" ජාන් "

හැරිස් වේගයෙන් පහළට බැස්සේ පුදුමෙන් උනත් ජාන් කිසිම විදියකට හැරිස්ව ගනන් ගත්තේ නෑ.. කොල්ලා බිත්තිය දිහා බල බල හිටියා...

❤️ කාලය කොච්චර වෙනස් වෙලාද නේද.. කාලෙකට කලින් මෙතන මන් හිටියා.. අද වෙන කොල්ලෙක් ඉන්නවා..  කාලෙකට කලින් මගෙ මමා මෙතන හිටියා.. අද වෙන ගෑනියෙක් ඉන්නවා.. නේද මිස්ටර් හැරිස්...

"  ජාන්.. ඇයි ආවෙ.. "

❤️ මිස්ටර් ශියාඕ හැරිස්ව හම්බෙන්න.. කියන්න දේවල් බොහෝමයී..

" ෆෝන් එකෙන් කියන්න තිබ්බා ජාන්.. "

❤️ එහෙම බෑනේ.. අන්තිම පාරට පපා කියන මනුස්සයා දකින්න ඕන උනා මට..

" ජාන්...😡😡 "

❤️ හා හා.. රවන්න එපා.. තාම මන් ආව කාරණය වත් කිව්වේ නෑනේ.. කිව්වට පස්සේ රවන්න පුළුවන්.. නැත්තම් අර පොඩි කාලේ හොස්ටල් එකේ ඉන්න බෑ කියලා අඩලා ඔයාව මැඩම් ලගට ගෙන්නුව නිසා ගෙදර ගෙනත් කකුල් දෙක පැලෙනකල් ගැහුවා වගේ ගහන්නත් පුළුවන්..

ජාන් කියද්දි අතේ තිබ්බ හිස් බීම වීදුරුව පුපුරන්න තරම් තදින් අල්ලගත්ත යීබෝ ජාන් දිහා බලන් උන්නේ තව නොකී කතා කොච්චර ඇතිද කියලා සිතමින්...

" ආවේ ඇයි කියලා කියපන්.. මට උබ එක්ක නාස්ති කරන්න කාලයක් නෑ.. "

❤️ මගෙ මමාගේ බඩට මාව දෙන්න තමුන්ට වෙලාවක් තිබ්බා නේද හැරිස්...😡😡

චටාස්....

යීබෝ ඉද්ද ගැහුවා වගේ නැගිටිද්දි ජාන් අතින් කිව්වේ වාඩිවෙන්න කියලා වෙද්දි ජාන් මේක බලාපොරොත්තු උනා.. කොල්ලා පොඩ්ඩක් වත් දුක් නොවුනට කොල්ලට ගොඩාක් රිදුනා...

❤️ ගහලා මේ කට වහන්න තමුන්ට අද බෑ හැරිස්...

චටාස්...

" යකෝ.. ඕන කමින් ඒ ගෑනී ගාවට ගියේ නෑ.. බීලා හිටපු නිසා ආතල් එක වැඩි වෙලා ගියා මිසක්... "

❤️ හැරිස්.....😡😡

ලගම තිබ්බ මල් වාස් එකෙන් හැරිස්ගෙ පවුලේ ෆොටෝ එක කුඩු පට්ටම් වෙන්න ජාන් ගැහුවේ හිත යටින් කඩා වැටෙද්දී...

❤️ තමුන් මිනිහෙක්ද.. මගෙ මමා...🥺 ඇයි එහෙම කරේ.. පව් එයා...

" හඃ.. සල්ලි දීලා ගෙදර තිබ්බට පස්සේ තව මොනවද ජාන්.. ඒකිට සල්ලි දුන්නා.. ගොන් ගෑනී ලුවිස් එක්ක ගියානේ.. අන්තිමට ඒකී අටුවෙන් ලිපටම වැටුනා.. මන් මගේ ජීවිතේ හදාගත්තා.. ඔයාට ඕන සල්ලී මන් දැම්මනේ.. ඉස්සරහටත් එහෙම්ම කරන්නන් මන්.. මාසෙට සල්ලි දාන්නම්.. කරුණාකරලා මෙතනින් යනවා.. මගෙ දරුවෙක් නෙවෙයි උබ... "

හැරිස් හරි ලේසියෙන් කියද්දී ඇඩුවේ ජාන් නෙවෙයි යීබෝ.. මොකද මෙහෙම කතා කරන දෙමව්පියන්ව යීබෝ දැකලා නෑ.. දුවලා ගිහින් ජාන්ව බදාගන්න ඕන උනත් කොල්ලා ඉවසුවේ ජාන්‍ට පොරොන්දු උන නිසයි...

❤️ ඉන්න ආවේ නෑ හලෝ.. මාසෙට ගානක් දීලා නම් මට මදි... කැම්පස් එක කිට්ටුව තියෙන එපාට්මන්ට් එකක් මට අරන් ඕනේ... ඒක මෙහේ තියන සුපිරිම එකක් වෙන්න ඕනා...

" මාව පිස්සෙක් වගේ පේනවද උබට.. අරන් දෙන්නම් මන් කට ඇරන් හිටපන්.. "

❤️ මට නොදුන්නොත් තමයි ඔහේට කට ඇරන් ඉන්න වෙන්නෙ හැරිස්...

ඉදිරියේ ඉන්නේ තමාගේ පියා කියලත් අමතක වෙද්දි ජාන් ගිගුරුවේ ජනෙල් පවා හෙල්ලෙන්න..

❤️ මේ දැන්ම කෝටී 100ක් මට ලැබෙන්න ඕනා..

" උබට පිස්සුද යකෝ.. "

❤️ ඉවසලා වාඩි වෙන්න... ඔයා පුදුම වෙන්නයි යන්නෙ හැරිස්...

ජාන් යීබෝ ලගට ගිහින් වාඩි වෙන්න යද්දි ජාන්ව ඇදලා ගත්ත හැරිස් කොල්ලගේ කම්මුල් වලට පහර පිට පහර එල්ල කරන්න ගත්තේ යකෙක් වගේ.. කොහෙන්ද ජාන්ට මෙච්චර හයියක්.. ඔහු කල්පනා කරා...

💚 නවත්තපන් මිනිහෝ ඕක.. බබා.. අනේ වස්තුව අපි යමු.. මේවා ඕන්නෑ අපිට...😭😭

❤️ මට ඕනා...

💚 මුරණ්ඩුයී මැණික උබ...

❤️ අපි වෙනුවෙන්...

යීබෝ ජාන්ව වත්තම් කරන් වාඩි වෙද්දි හැරිස් දෙන්නම දිහා බලන් උන්නා.. මහා උපහාසාත්මක හිනාවක් ඒ මුහුණේ තියෙද්දි ගෙදරට ආවේ ලෝයර් ශිං

" ජාන් පුතා මම පරක්කුයි ද.. "

❤️ ආ එන්න ලෝයර් ශිං අංකල්.. පරක්කු නෑ කියන්නත් බෑ.. කලින් ආවා නම් ගුටි පූජාවක් බලාගන්න තිබ්බා...

තම මුහුණ පෙන්වමින් ජාන් කියද්දී ලෝයර් ශිං කෝපාවිශ්ට මුහුණෙන් බැලුවේ ශියාඕ හැරිස් දිහා.. ඉක්මනින් තම බෑග් එකෙන් අවශ්‍ය සියල්ල ගත් ලෝයර් ශිං මෙසේ උඩින් ඒ සියල්ල තිබ්බා...

" මිස්ටර් හැරිස්.. ඔයා ඔය ගැහුවේ ඔයා පැත්තකට කරපු පුතාට විතරක් නෙවෙයි... මෙ ශියාඕ සමූහ ව්‍යාපාරයේ සීයයට 50කගෙ අයිතිකාරයට... "

" වට්..  මොන පිස්සුවක්ද... මොලේ හොද නැද්ද ඕයී..  "

❤️ ඊයේ වෙනකල් මාත් දන්නේ නෑ.. සීයා පපා දීපූ කොලයක් තිබ්බා මන් ලග.. මෝඩ පපා එයා හැමදේම ලිව්වේ මුනුබුරන්‍ට මිසක් පුත්තුන්ට නෙවෙයි.. 50ක් ඔයාගේ පුතා වෙච්ච මට.. අනිත් 50 ලුවිස් කියන පාහරයාගෙ පුතෙක් ඉන්නවා නම් අන්න ඌට.. ඌට ලමයි නැත්තම් ඒ ඔක්කොම උබෙයි උබේ මල්ලිගෙයි වෙයි.. හැබැයි මේ ගෙදර ඉන්න උබේ පුතාට මුකුත්ම නෑ.. මොකද තාමත් තමුන්ගෙ කසාද ගෑනි මගෙ මමා නිසා...

" ජාන් උබට මම... ".

නැවතත් පහර දෙන්න සූදානම් වෙද්දී ජාන් කෑ ගහගෙනම නැගිට්ටා.. කොල්ලාට දැන් මේක කොහොමත් එපා වෙලා... එතකොටම ආවේ පොලිස් ඉන්ස්පැක්ටර් කෙනෙක් වෙද්දි හැරිස් කලබල වෙන්න ගත්තා...

" ලෝයර් මන් ආවා.. "

" හරි.. පුතා ඔයාට වෙන්න ඕන දේ ඔයා කියන්න.. ඇන්ට්‍රි එකක් එක්කම මේ සේරම ලියවෙයි.. ඔයා ජීවත් වෙනකල්ම.. "

මෙතන වෙන කිසිම දෙයක් යීබෝට පැහැදිලි නැති වෙද්දි කොල්ලා ජාන්ගෙ අතකින් අලන් බිම බලන් උන්නා...

❤️ මෙහෙමයි.. මුලින්ම කිව්වා වගේ ශියාඕ හැරිස්ගෙ දැන් සල්ලී වලින්.. මේ දැන් මගේ නමට එපාට්මන්ට් එකක් අරන් දෙන්න ඕනා.. 
ඊටපස්සෙ කෝටී 100න් 50ක් මේ දැන්ම මගේ වෙන්න ඕනා...
ඊටපස්සෙ මේ තියෙන මගේ ශෙයාස් තමුන්ටම මම දෙනවා.. කොහොමත් මේවට මන් පෙරේත නෑ.. මේ දැන්ම ඒවා අරන් මේ දවස් වලට යන මිලට ශිං අංකල් ගාන හදන්න.. ඒ සල්ලී මට ලැබෙන්න ඕනා..
අන්තිමට.. උබේ ශියාඕ කියන වාසගම මගෙන් අයින් වෙන්න ඕනා.. අද ඉදන් ශියාඕ ජාන් වෙච්ච මම නිකන්ම නිකන් ජාන් වෙන්න ලෑස්තියී..
ඒ වගේම මේ සල්ලි ඔක්කොම මගේ උනාම මගේ ජීවිතේට මේ ශියාඕ හැරිස්ගෙන් මරණ තර්ජන එන්න පුළුවන්.. ශියාඕ හැරිස් වගේම එයාගෙ අනියම් බිරිදගෙනුත්... ඒ නිසා ජීවිත කාලෙටමයි මේ ඇන්ට්‍රි එක්..

ජාන් පැහැදිලිව නමුත් ස්තීරවම පවසද්දි ශියාඕ හැරිස් හිස වැනුවේ වෙන කරන්න දෙයක් නැති නිසා... කොහොමත් මේ ගනන් එයාට ලොකූ දේවල් නෙවෙයි.. කොටස් සීයයට පනහක් අඩු වූවානම් ඔහුට එය ගැටලුවක් වන්නට තිබුනා.. අවසානෙදි ජාන් ඒ ඔක්කොම සල්ලි වලට හරි දුන්න නිසා හැරිස් හිස වනා ඒ සියල්ල පිලිගත්තා...

" එපාට්මන්ට් එක හරි.. තව ටිකෙන් යතුර ගෙනත් දෙයි.. සල්ලී ඔයාගේ එකවුන්ට් 5ටම හරියටම දැම්මා.. මැසේජ් එකක් එන්න ඇති බලන්න... "

❤️ ඕකේ.. එහෙනම් බොහොම ස්තුතියි හැරිස් මහත්තයා.. අංකල් මගෙ නමේ වැඩේ කවදට වගේ කරන්න පුළුවන්ද..

" ඉතා ඉක්මනින් පුතා.. මන් දන්වන්නම්.. "

❤️ හරි.. මගේ කාමරේට යන්න පුළුවන්ද ටිකකට.. යතුර ගේනකල්...

ජාන් අහද්දි හැරිස් ඒකටත් හිස වැනුවා.. ජාන් යීබෝගේ අතින් අල්ලන් ගියේ එයාගේ කාමරේට... කාමරේ ඉස්සර වගේමයි...

❤️ ආයාම්මා සුද්ද කරනවද කොහෙද ඩැඩී හැමදාම.. 

💚 උබ හොදින්ද රත්තරන්..

❤️ බබා හොදින් නෑ ඩැඩී.. බබාගේ පපුව ගොඩාක් රිදෙනවා.. අද මන් මුකුත්ම නැති එකෙක් උනා නේද ඩැඩී...

💚 ඒ උනාට ඔයාට වන්ග් යීබෝ කියන කෙනා ඉන්නවා.. ලගුන්ම.. හැමදාම.. හෙවනැල්ල වගේ.. ඒ ඇති නේද මගෙ රත්තරන්ට...

❤️ ඇති මගෙ ඩැඩී.  හොදටම ඇති.. ඔයා තමයි මගෙ ජීවිතේ...

💚 හාන්සි වෙන්න.. මුළු මූණම ඉදිමිලා දෙයියනේ.. ඊයේ මමත් ගැහුවා.. අනේ මට සමාවෙන්න බබා...

❤️ අයියෝ මට රිදෙන්නෑ අප්පා... මන් හොදීන්.. ඔන්න අපි පෝසත් උනා ඩැඩී.. අම්මිලා ආවාම අර එපාට්මන්ට් එකේ තමයි ඔන්න ඉන්නේ.. ඒත් ඒකේ ඉදන් අපිට දැන්ම තාත්ති හොද කරන්න බෑනෙ ඩැඩී.. අරු නිසා...

ජාන් යීබෝට තුරුල් වෙලා කියද්දි යීබෝ ඒ කම්මුලක් අතගෑවා.. ජාන් හා පැටියෙක් වගේ හැංගිලා ඉද්දී...

💚 ඒවා පස්සේ.. මුලින්ම මගෙ බබා බේරිලා ඉමුකෝ.. ම්.. ඉක්මනින් යමු බබා.. මට ඔයාව එලියට අරන් එන්න බයයි...

අවසානෙදි දෙන්නාම පොලිස් නිලධාරීන් එක්ක ආයෙමත් හොස්ටල් එකට ආවේ එපාට්මන්ට් එකේ යතුර වගේම ජාන්ගේ කුඩා කල ෆොටෝ ගොඩාක් උස්සගෙන.. යීබෝට නම් ඒවා රත්තරන් වගේ.. කාමරේ පුරාම හිනාවෙවි එල්ලනවා..

💚 අනාව්.. හාවෙක් වගේ අප්පා...

❤️ ආයීශ් කී පාරක් කිව්වද අනේ..

💚 සිය පාරක් කිව්වත් හාවා වෙනස් වෙන්නෙ නෑනේ මැණික.

..

..

..

..

ඊලග කොටසින් හමුවෙමු

..

..

..

..

අම්මෝ අත ලෙෆ්‍ට්.. රිදෙනෝ අප්පා...

ඔන්න සල්ලි ප්‍රශ්නේ විසදගත්තා.. අම්බානකට ගුටිත් කාලා.. ගුටි කාලා හරි අපේ ආදරණීය මිනිස්සු වගේ අරගලය ජය ගන්න ජාන්ට මාගේ හදපිරි මෙව්වා එක..

අද දවසට ගැලපෙන චැපියක් වගේ කියලා හිතෙනවා මට...

හැරිස් ඔතනින් නවතියි කියලා හිතන අය අත උස්සන්න....

✍️ මම මධු🤓

Continue Reading

You'll Also Like

9.1K 1.8K 12
නරක තාත්තලා 😳😳 තාත්තලා කවද්ද නේද නරක උනේ 🥰 Yizhan Zhanyi ඕන එකක්
27.7K 6.3K 37
tk sinhala
50.3K 3.1K 52
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။