MY JUNG-K HAS CHANGED|TK| ✔

By K_yumi_K

40.6K 7.8K 1K

How come you don't even know Taehyung's name when Taehyung's love who left the country came back to Korea? Is... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26 [END]

12

1.2K 273 25
By K_yumi_K

"බොස් JK එන්න බැහැ කිව්වා" ඩැනියල් කිව්වේ සෝෆා එක උඩ කකුලක් පිට කකුලක් දාගෙන සිගරට් එකක් උරන සුගාට... JK බැහැයි කිව්ව පලවෙනි වතාව මේක නෙවෙයි ඒකත් කොරියාවට ආවට පස්සේ...

සතියක වෙලේ ඉදලා ජන්කුක් ගෙදරින් එලියට බැස්සෙවත්, කාවවත් හම්බුනේවත් නෑ... සුගාගේ කෝල්ස් පවා ගොඩක් වෙලාවට ආන්සර් කලේ නෑ... ආන්සර් කරන වෙලාවට වැඩේට කැමති නෑ කියලා ඉක්මනට පෝන් කෝල් එක කට් කරලා දානවා... ජන්කුක්ගේ වෙනසට හේතුව සුගාට ගැටලුවක් උනත් හොයන්න ගියේ නෑ...

"වෙන කෙනෙක් යවන්න... එයා ආපහු එනකං වැඩ ගැන කියන්න ඕන නෑ" සිගරට් එක විසික් කරලා සෝෆා එකෙන් නැගිටින ගමන් සුගා අන කලා...

"ඒත් බොස් මේක ලොකු වැඩ- ඕකේ බොස් මං එහෙම කරන්නම්" සුගාගේ බැල්ලමට බය උන ඩැනියල් ඉක්මනට එතනින් එලියට ගියා...

කාටවත් පස්සෙන් එන්න එපා කියලා අණ කරපු සුගා එයාගේ වාහනේ කෙලින්ම හැරෙව්වේ පාර්ක්ලගේ ගෙදරට... වේගෙන් ඩ්‍රයිව් කරගෙන ආව යුන්ගී(සුගා) අවසානයේ පාර්ක්ලගේ ගෙදර ලගින් වාහනේ නතර කරලා හෝන් එක ගැහුවාම දුවගෙන ඇවිත් ගේට්ටුව ඇරියේ ජිමින්... එලියට චන්ඩි, මනමාලයෙක් උනත් ජිමින් ගෙදර අයට පුංචි තාරා පැටියෙක්...

"පූස්..." කා එකෙන් බහිනවත් එක්කම දුවගෙන ගිහින් කරට පැන්න ජිමින්වත් උස්සගෙනම යුන්ගී ගේ ඇතුලට ගියා...

"හනේ හනේ හියුන්ට ඉන්න දෙන්න ලමයෝ... බලන්න ඔයා දැන් ලොකු ලමයෙක් ඔය හියුන්ගේ කරෙන් බහින්න" ජිමින්ව උස්සගෙන එන යුන්ගිව දැක්ක මිසිස් පාර්ක් ජිමින්ට සැර කරා... ඒත් ජිමින් එයාගේ පූස්ගේ කරෙන් බහීද? අපෝ නෑ මොකද ජිමින් හිතන විදිහට යුන්ගි කියන්නේ එයාගේ පෞද්ගලික දේපලක් වගේ...

"කමක් නෑ ආන්ටි කෝමත් මෙයා මාව පටලෝන මරාල වලට වඩා කරේ ගෙනියන එක හොදයි" ලාවට හිනා වෙලා එහෙම කිව්ව යුන්ගී ජිමින්වත් උස්සගෙනම ජිමින්ගේ කාමරේට ආවා...

"පූස් මං ඔයාට කිව්වද ඔයා ගාන ප'ෆියුම් එක සැර වැඩී කියලා... මගේ නහය කඩාගෙන ගියා වගේ" කූඩැල්ලෙක් වගේ යුන්ගීගේ ඇගේ එල්ලිලා ඉන්න ජිමින් නෝක්කාඩුවට වගේ ඇහුවා...

"මං මාෆියා ලීඩර් කෙනෙක් ජිමිනී... සාමාන්‍ය ඒව ගැලපෙන්නේ නෑ ලේ ගද යවන්න" යුන්ගී කිව්වේ ජිමින්ගේ කාමරේ දොර අරින ගමන්... ජිමින් නම් තාමත් යුන්ගිගේ බෙල්ල බදාගෙන උන්නා... හැබැයි යුන්ගිගේ ලේ කතාවට ගැස්සුනා...

"ආ යූ සීරියස්ලි පූස්... ඔයා මිනිස්සු මරනවද?" ජිමින් ඇහුවේ පුදුමෙන්... හරි අපි මෙහෙට හිතමු සුගා කියන්නේ කොයි තරම් දරුණු මාෆියා ලීඩර් කෙනෙක් උනත් එයා කවදාවත් කාටවත් නිකරුනේ දඩුවම් දෙන කෙනෙක් නෙවෙයි... වංචාවක් කරත් ඒකත් කරන්නේ වංචාකාරයෙක්ටමයි...

"ඇයි එපාද?" යුන්ගි ජිමින්ගේ ඇදේ වාඩි වෙන ගමන් ඇහුවේ ජිමින් ඇත්තටම කිව්ව කතාවට බය වෙලා කියලා තේරිලා...

"එපා තමයි... ඔයා මොන ලොක්කෙක් උනත් ඔයාට බෑ කාවවත් මරන්න ඕකේ" ජිමින් යුන්ගිගේ බෙල්ල බදාගෙන කිව්වා... සමහරවිට ජිමින් කැමති නැතුව ඇති යුන්ගි මිනීමරුවෙක් වෙනව දකින්න...

"නෑ ජිමිනී මං තවම කාවවත් මරල නෑ... හැබැයි මැරෙන තත්වෙට දඩුවම් න් දීල තියේ ඒ නරක අයට... දැන්වත් බහිනවද?" ජිමින් හෙමීට යුන්ගිගේ බෙල්ල අත ඇරලා ඇදේ ඉද ගත්තා...

ජිමින් ඉද ගත්තාම යුන්ගි ජිමින්ව ඇදලා අරගෙන ජිමින්ගේ ඔඩොක්කුවෙන් එයාගේ ඔලුව තියා ගත්තා... ජිමින් දන්නවා යුන්ගි එහෙම කරන්නේ ඔලුව මසාජ් කර ගන්න ඕන උනාමයි, ප්‍රශ්නෙකදී විතරයි කියලා... ගොඩක් වෙලාවට යුන්ගිගේ ප්‍රශ්න වලට බෙහෙත ජිමින්ගේ උකුල උණා...













ජන්කුක් ඩයරී එක ආපහු වතාවක් කියවන්න පටන් ගත්තා... එයා විශේෂයි කියලා හිතුන කොටස් තමයි හොදටම කියෙව්වේ... වෙලාවකට දෙපාරක් කියවන්නත් ඇති... ජන්කුක් හොදටම අඩ අඩ ඩයරි එක කියෙව්වා...

============================
Dear Diary,

මතකද මං දවසක් කිව්වා කඩවසම් හියුන් කෙනෙක් ගැන... අනේ අද එයා මට ආපහු වතාවක් මුණ ගැහුනනේ... එයා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්ලු... මට යොන්ජුන් තමයි කිව්වේ ඒත් යොන්ජුන්ට නම මතක නෑ කිව්වා එයා කිව්වා හොයල කියන්නම් කියලා... මං බොරුවට එපා කිව්වා... අනේ මට ලැජ්ජයි වගේ හියුන් ගොඩක් හැන්ඩ්සම් අනේ........ හෙටත් එයා කැන්ටිමට ආවොත් හොදයි... මං යනවා අප්පගේ වැඩ වගේකට උදව් කරන්න තියෙනවා...

Bye
============================

============================
Dear Diary,

හියුන්ව අද මට දෙපාරක්ම හම්බුනා... එයා පොත් කියවන්න නම් ආස කෙනෙක් නෙවෙයි වගේ ඒකනේ පුස්තකාලෙට ඇවිත් නිදියන්නේ... ඔයා දන්නවද එයා වාඩි උනේ මගේ ඉස්සරහින්... මගේ පපුව රේස් දුවන්න ගත්තා හම්බෝ මං බය වෙලා උන්නේ එයාට ඒ සද්දෙ ඇහිලා නැගිටීවි කියලා... මට කලින් එයා නැගිටලා ගියා මදැයි ගත්ත පොතේ පිටුවයි කියවන්නත් හම්බුනේ...

දෙවනි වතාවට මට එයාව ගේට් එක ලගදී හම්බුනේ... එයාව එක්කන් යන්න ලොකූ කා එකකින් ඇවිත් තිබ්බා... මං හිතන්නේ මං එයාට කැමතිද කොහෙද?

Bye
============================

============================
Dear Diary,

හියුන්ගේ නම කිම් ටේහ්යුං, බිස්නස්මන් කෙනෙක්ගේ පුතෙක්.. මං හිතන්නේ මගේ හැගීම හිතෙන් අත් අරින්න කාලෙ හරි... මොකද මං නිකංම නිකං දුප්පත් කොල්ලෙක් ඒත් එයා හුගක් ලස්සන, සල්ලිකාර කුමාරයෙක් වගේ කෙනෙක්... මට දුකයි මගේ පලවෙනි ආදරේ එයා...

Bye
============================

============================
Dear Diary,

ටේටේව අදත් කැන්ටිමේදී හම්බුනා... එයාගේ යාලුව නම් දවසින් දවස කෙල්ලො මාරු කරනවද කොහෙද? ආ ඒ හියුන් ජිමින් කියලා යොන්ජුන් මට කියනවා ඇහුනා... එයා ටිකක් විතර සෙල්ලක්කාරයිලු ඒත් හිත හොදයිලු යාලුවට පන ඇරලා... මගේ ටේටේ නම් කෙල්ලෙක් දිහා බලන්නෙවත් නෑ ඒක ගැන මට සතුටුයි ඒත් එහෙමයි කියලා එයා මං දිහා බලන්නෙත් නෑ... කමක් නෑ මට එයාව දුර ඉදන් බලන් ඉන්න තිබ්බොත් ඇති..

Bye
============================

============================
Dear Diary,

ටේටේ අද ආවෙ නෑ... ජිමින් හියුන් එක්ක අද මට කතා කරන්න අවස්ථාවක් හම්බුනා... එයාලයි අපී යුනී එකේ anniversary එකට ග්රූප් සෝන්ග් එකක් කරනවා... ජිමින් හියුන් හරි හොදයි එයාට මගේ නමත් මතකයි දැන්...

Bye
============================

============================
Dear Diary,

ටේටේ මහ නපුරෙක්, ඒත් මං එයාට ආදරෙයි... එයා කරපු දේට සතුටු වෙන්න ඕනා ඒත් මට දුකයි... දවසක මටත් එහෙම දෙයක් එයා කරොත්-

අද කෙල්ලෙක් එයාට ආදරෙයි කිව්වා එයා ගනන් ගත්තේ නෑ. ඒත් ඒ කෙල්ල එකපාරටම ටේටේව කිස් කරන්න හැදුවා ටේටේ ඒ කෙල්ලට කනට ගහලා තල්ලුත් කරල දැම්මා... මහ දුෂ්ටයි... මං ආදරෙයි මගේ දුෂ්ටයට.

Bye
============================

============================
Dear Diary,

වාව් හියුන්ගේ කටහඩ ගොඩක් ගැඹුරුයි... ඒ කටහඩින් සින්දු කියද්දී මාව නිකං ගැස්සිලා යනවා.. එයත් අපිත් එකක ග්රූප් සෝන්ග් එකට ඉන්නවා කියලා ජිමින් හියුන් කිව්වාම එයා ජිමින් හියුන්ට හොදටම එරෙව්වා... මාව නම් පන නැති උනා වගේ එයා හුගක් සැරයි. ඒත් ජිමින් හියුන් හයියෙන් හිනා වෙලා ටේටේගේ පිටට ඩෝං ගාලා එකක් ගැහුවා. හියුන්ට කැත වචනෙකුත් කිය උනා...

Bye
============================

============================
Dear Diary,

හියුන් අද මගෙන් නම ඇහුවා... මට නමත් අමතක වෙලා ජන්කුක් කියලත් කිය උනා. හොද වෙලාවට හියුන්ට ඇහුනෙ නෑ එයා ආපහු ඇහුවාම මං ජන්ගුක් කියලා කිව්වා... හියුන් වෙන කාත් එක්කවත් නැතුව මාත් එක්ක හොදින් කතා කරනවා දැකලා යොන්ජුන් කියනවා ලෝක පුදුමයක්ලු... මං එයාට කිව්වා පිස්සු කියවන්න එපා කියලා... පස්සේ අපි හොදට ප්‍රැක්ටිස් කලා මම නං වැඩියෙනුත් එක්ක... මොකද මට ඕන නෑ හේයුන් ඉස්සරහා චාටර් වෙන්න... මට මහන්සි මං යනවා...

Bye
============================

============================
Dear Diary,

අද අපේ යුනිවර්සිටි එකේ anniversary එක තිබ්බා... අපේ ග්රෑප් සෝන්ග් එකට හොද ප්‍රතිචාර හම්බුනා...

අද මං ටේටේගේ ගෙදර අයව දැක්කා... ටේටේට ඉන්නේ අප්පලම දෙන්නෙක්... ඒ දෙන්නා හරි හොදයි වගේ හරිම මිත්‍රශීලී දෙන්නෙක්... එයාලා මගේ වොයිස් එකත් ලස්සනයි කිව්වා... මට අද ගොඩක් සතුටුයි..

Bye
============================

============================
Dear Diary,

හියුන් අද මට ශොප් එකේදී හම්බුනා හියුන්ට තාමත් මගේ නම මතකයි.. එයා මාව ගෙදරටත් ඇරලුවා අපි දැන් හොද යාලුවෝ... මං එයාට ආදරෙයි කියලා දැනගත්තොත් එයා මාව අතාරීද? මට එහෙම වෙන්න ඕන නෑ... මං අතරමං වෙලා වගේ

Bye
============================

============================
Dear Diary,

ඔමෝ ඔමෝ අද මට සතුටුයි... ඇත්තටම හේතුවක් නැතුව සතූටුයි.. මෙහෙමයි හියුන් අය පොඩි ප්‍රශ්නයක් වෙලා මුලු යුනී එකම මැද කිව්වා එයා කැමති පිරිමි අයට කියලා... ඒත් ඒක එයා කියන වෙලේ මගේ පැත්තට ඒ ඇස් හැරවිලා තිබ්බ එකට නම් මං හේතුවක් දන්නේ නෑ... මට නිකං පිස්සු වගේ

Bye
============================

============================
Dear Diary,

ටේටේ අද එයා මගෙන් කැමැත්ත ඇහුවා... අනේ දෙවියනේ මොනවද වෙන්නේ කියලා හිතාගන්න බැරුව මාව ගල් උනා වගේ... එයාත් මං වගේම හුග දවසක වෙලේ ඉදලා මට කැමැත්තෙන් ඉදලලු එයා මට ගොඩක් ආදරෙයිලු... මං මුකුත් කිව්වෙ නෑ ඇත්තටම මට හිතා ගන්න බෑ මං මොකද කරන්නේ? මමත් එයාට ආදරෙයිනේ නේද?

Bye
============================

එතනින් පස්සේ ජන්කුක් දන්නවා උන දේ... ටේහ්යුං-ජන්ගුක් දෙන්නා ආදරෙන් උන්නා ගොඩක් ආදරෙන් උන්නා... ඒත් ජන්කුක් ටේහ්යුංට රිද්දුවා එයා කොහොමද ඒ වගේ කුරිරු උනේ... ජන්කුක් එයාටම බැන ගත්තා...

පිටු දෙක තුනක් ඇරපු ජන්කුක් ආපහු වතාවක් හිත හදාගෙන ඩයරි එක කියවන්න පටන් ගත්තා...






_________________________________

සොරි මං කතාව හුගක් ලේට් කරල නේද? සොරි සොරි සොරී😢

ඊලග කොටසෙත් ඩයරි පාට්ස් තියෙනවා අතීත කතාව මං ඩයරි එකක ලියල තියෙන විදිහට ලියන්නේ ඔයාලට නොතේරෙන තැනක් එහෙම තියේද?

My new story

දැනටමත් මගේ account එකේ දාලයි තියෙන්නේ...

Taekook ship story
⬆Taehyung
⬇Jungkook
Boy love
Violence
Death
Merder
Cruel
Scary

ටිකක් විතර දරුණු ගනයේ කතාවක් වෙයි හොදේ... rape seen වගේ දේවල් ලොකූවට නෑ... කැමති කෙනෙක් කියවලා බලන්න

Bye
Sarangeo💚💜

Continue Reading

You'll Also Like

61.5K 3.1K 14
(Movie not the books) In the past you had attended the school for Evil, you being Y/n Mills. The only problem was, You had the kindest heart in all o...
6.2K 1.1K 10
Horror | Comedy | Ship Story | BxB
7.4K 2.2K 13
⛄CHRISTMAS DAY SPECIAL⛄ 2021.12.25 MARRY CHRISTMAS
1.2K 166 51
💚💜 Complete ✓✓