"What the fuck!!! ත-තමුසෙ කෙහෙන්ද ආවේ? නෑ තමුසෙ තමුසෙ ඔය ඇස් ආ.... කොහෙද බලන්නේ... ඇස් වහ ගන්නවා වහ ගන්නවා......." ජන්කුක්ගේ බාගෙට ගැලවිලා තියෙන කලිසම දිහා එක එල්ලේ බලාගෙන කෙල හලන ටේහ්යුංව දැක්ක ජන්කුක් කෑ ගැහුවා... ජන්කුක්ව ලැජ්ජාවට රතුත් වෙලා...
"බබා ඔයා කෑ ගහන්නේ මං ඕව දැකල නෑ වගේනේ... අනික බබා ඔයාමයි මාව මෙහෙට අරන් ආවේ... අමතකද? ඕන්නම් මං මතක් කරන්නම්" ටේහ්යුං හිමින් හිමින් ජන්කුක් ලගට ලං වෙන ගමන් ඇහුවා... ජන්කුක් මේ වෙද්දී ලැජ්ජාවෙන් හේදිලා ගිහින් ඉවරයි... ජන්කුක් කොච්චර චන්ඩි පාට් දැම්මත් හෙන ලැජ්ජකාරයා...
"යනව ලගට එන්න එපා... තමුසෙ ඇයි ඔහොම හිනා වෙන්නේ? මොකද මොකද මගේ ලගට එන්න එපා.... ආ ඔම්මා... නෑ ඇයි මං බය මං තමුසෙට අද...." ජන්කුක්ට කෑ ගහන්න ඕන උනා... නොදැනිම තමන්ගේ ඔම්මව මතක් උනත් ජන්කුක්ට ආපස්සට ටේහ්යුංට බය විය යුතු නැහැයි කියන මතේ ආවා...
"දගලන්න එපා පැටියෝ... දන්නවද ඔයා ගොඩක් වෙනස් වෙලා... ඇත්තටම ඔයාට ඔයාගේ ටේව මතක නැද්ද? හම්" දැන් ටේහ්යුංගේ ටිකක් විතර උස පලල ශරීරයට ජන්කුක්ගේ හීනි ඇග මැදි වෙලා... පිටි පස්සෙන් එයාව බිත්තියකට අහු වෙලා... ටේහ්යුං ගොඩක් කාරුණික විදිහට ජන්කුක්ගේ කනට අරහෙම දෙයක් මිමිණුවත් ජන්කුක් දන්නේ නෑ ටේහ්යුං අහන ප්‍රශ්නය ගැන...
"අතාරිනවා මොකා උනත් කමක් නෑ ජීවත් වෙන්න කැමති නම් අතුරිනවා මාව" ජන්කුක් ටේහ්යුංගේ පපුවට ගහගෙන ගියා හැබැයි රිදෙන්න නම් නෙමෙයි ඔන්න... ටේහ්යුංගේ සුවද ආදුණිකයි උනාට ටේහ්යුංගේ වචන, ටේහ්යුංගේ කතා විලාසය, ටේහ්යුංගේ හැසිරීම වගේ දේවල් ජන්කුක් දන්නවා වගේ... ඒත් ජන්කුක්ට ඕන නෑ ඒ ගැන හිතන්න... ජන්කුක්ගේ ශරීරය නොදැනිම ටේහ්යුංට අවනත වෙලා හරියට ස්වාමියාගේ අණට කීකරු උන සුරතලෙක් වගේ... ඒත් ඒක ජන්කුක් කරන දෙයක් නෙවෙයි...
"එහෙම බෑ බබා... ඔයා මාව ගොඩක් රිද්දුවා දැන් හියුන්ගේ වාරේ..." ටේහ්යුං දගලන ජන්කුක්ව තවත් එයාට මැදි කර ගත්තා... ඒත් ඉවසීමේ අන්තිම ගැට්ටේ උන්න ජන්කුක් එයාගේ විකාරකාර ශරීරයේ පාලනය එයා අතට ගන්න ගමන් ටේහ්යුංගේ කකුල් දෙක මැද තියෙන එයාගේ කකුලෙන් හොද ශොට් එකක් ටේහ්යුංගේ ආරක්ෂිත ප්‍රදේශයකට එල්ල කරා...
"ආහ්... බ-බා" කෑ ගහගෙන ජන්කුක්ගේ ඇග දිගේ රූටලා වැටුන ටේහ්යුං අත් දෙකෙන්ම ජන්කුක් ගැහුව තැන අල්ලගෙන කෙදිරි ගෑවා... ඇත්තටම ජන්කුක්ගේ ශොට් එක හිතන තරම් පුංචි නෑ ඒ වගේම වේදනාවත් පුංචි නෑ... ටේහ්යුංට හිතුනේ එයාගේ අනාගතය අදුරෙන් අදුරටම ගියා වගේ කියලා...
"අනාගතය අදුරු ඕනොත් මට කරන්න දෙයක් නෑ මං කිව්වනේ අයින් වෙන්න කියලා... ආව මෙතන මට පාඩම් කියල දෙන්න" වොශ්රූම් එකේ බිම ටයිල්ස් උඩ වැටිලා කෙදිරිගාන ටේහ්යුං ලගට නැමුන ජන්කුක් කින්ඩියට වගේ ටේහ්යුංට කිව්වා... ටේහ්යුංට තාමත් වේදනාවේ අඩුවක් නෑ... එයා තාමත් කලින් වගේම කෙදිරි ගානවා...
'මං හිතුවෙ නෑ ඒක ඒ තරම් තදින් වැදෙයි කියලා... තාමත් රිදෙනවද දන්නෑ... ඇයි ජන්කුක් උබ අතගාන්නද ගිහින්? ආ... මේ යකා කොහෙන් පාත් උන පිටසක්වලයෙක්ද මංදා... ශිට් දැන් හියුන්ලා එනවත් ඇති... මූ මෙහේ උන්නොත් මං කවුද කියන එක දැනගෙන රටටම ප්‍රචාරය කරයි... එන්න කලින් යවනවා...' විනාඩි ගානකට පස්සේ ටේහ්යුං බොහොම අමාරුවෙන් නැගිටලා වොශ් රූම් එකෙන් කොරවක්කෙක් වගේ යන විදිහ බලාගෙන ජන්කුක් එයාටම හිතා ගත්තා... ටේහ්යුං පව් තමයි ඒත් ජන්කුක් දන්නෙ නෑ ටේහ්යුං කවුද කියලා... අනිත් පැත්තෙන් ටේහ්යුංට ස්තීරයි මේ එයාගේ ගුකී තමයි කියලා ඒත් ඇයි එයා මෙහෙම හැසිරෙන්නේ කියන එකට හේතුවක් නෑ...
ජන්කුක් බය උනා එයාගේ හියුන් එද්දී ටේහ්යුංව ගෙදර තියා ගන්න... මොකද එයාගේ හියුන් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි නිසා... බැරි වෙලාවත් ටේහ්යුංට කරදරයක් කලොත්! ජන්කුක් ඇත්තටම බය උනා ටේහ්යුංට එයාගේ හියුන් අතින් කරදරයක් වෙයි කියලා... ජන්කුක් ටේහ්යුං ගැන හිතනවද? අපෝ නෑ ජන්කුක්ට ඕනා ටේහ්යුංට එයාගේ අතින්ම පාඩමක් කියලා දෙන්නලු... අපිත් එහෙමයි කියලා හිතමු...
"ඔහේ දැන් යන්නෙ නැද්ද?" සෝෆා එකේ ඇල වෙලා ඉන්න ටේහ්යුංගෙන් ජන්කුක් ඇහුවා...
"නෑ..." කෙටියට කිව්ව ටේහ්යුං ආපහු වතාවක් ඇස් පියා ගත්තා... දැන් නම් ටේහ්යුංගේ වේදනාව ටිකක් විතර අඩුයි...
"එහෙනම් තමුන් මෙහේ ඉන්නවා මං යනවා..." ජන්කුක්ට ටේහ්යුංව යවාගන්න විදිහක් මතක නැති උන නිසාත්, ටේහ්යුංව හියුන් ඉස්සරහට යවන්න බැරි නිසාත් ජන්කුක් තීරණය කලා එලියෙදී හියුන්ව හම්බවෙන්න... ඉතින් එයා එලියට යන්න ගියත් ටේහ්යුං ජන්කුක්ට කලින් නැගිටලා ඇවිත් ජන්කුක්ව අල්ලගත්තා...
"කෙහෙද යන්නේ?" ටේහ්යුං ඇහුවාම ටේහ්යුං අල්ලගත්ත අත ගසලා දැම්ම ජන්කුක් වචනයක්වත් නොකියා යන්න ගියා... ජන්කුක් යන දිහා බලාගෙන උන්න ටේහ්යුං එහෙම්මම බිත්තියට හේත්තු උනා...
'ඔයාට මොනාද ඕනේ මැණික? ඇයි මෙහෙම හියුන්ට රිද්දන්නේ? ඔයා ඇමෙරිකාවට ගියේ ඇයි? ඇයි හියුන් එක්ක ඉන්න බැරි උනේ? හියුන් පොරොන්දු උනා මොන දේ උනත් මැණිකව තනි කරන්නේ නෑ කියලා... ඇයි මාව විශ්වාස නොකර ඔයා යන්න ගියේ? මං දන්නවා ඔයා ඔයාගේ ලෙඩේ හැමෝගෙන්ම හැංගුව විත්තිය ඒත් හියුන් ඔයාට මැරෙනකං ආදරෙයි කියලා එදා පොරොන්දු උනා... මගේ ගුකී බබා හියුන් ඔයාට තාමත් එදා වගේම ආදරෙයි රත්තරං... හියුන්ට රිද්දන්න එපා ආපහු මගේ ලගට එන්න හියුන්ට පාලුයි... මං ඉක්මනට ඔයාගේ වෙනසට හේතුව හොයා ගන්නම්...' ටේහ්යුං එයා එක්කම තනියෙන් දොඩවන්නේ මේ තාමත් ජන්කුක් ගියපු දිහා බලාගෙන... ජන්කුක්ගේ වෙනසට හේතුව ටේහ්යුං හොයන්න තීරණය කලා...
ටේහ්යුං ඉක්මනට ගෙදර ඇතුලට ඇවිත් ජන්කුක්ගේ කාමරය හොයන්න පටන් ගත්තා... ඒක තනි කෙනෙක් ඉන්න අපා'ට්මන්ට් එකක් නිසා එක කාමරයයි තිබ්බේ... හැබැයි මොනා උනත් හොද සල්ලිකාරයෙක්ට ඇරුනාම මේ වගේ අපා'ට්මන්ට් එකක් සාමාන්‍ය කෙනෙක්ට ගන්න නම් බැහැ...
කාමරේ දොර අරින්න හැදුවත් ටේහ්යුංගේ අවාසනාවට ඒක ලොක් කරලයි තිබ්බේ... හැම තැනම යතුරක් බැලුවත් ඒක අරින්න විදිහක් නෑ... කඩන්න පුලුවන් එකකුත් නෙවෙයි... කිචන් එකේ කෑම ඇරුනාම වෙන කිසිම දෙයක් අපා'ට්මන්ට් එකේ තිබ්බේ නෑ... තියෙන දෙයක් ජන්කුක්ගේ කාමරේ තමයි කියලා ටේහ්යුං තමන්ටම කියා ගත්තා... ජන්කුක් ගැන හොයන්න එයාගේ බඩු මුට්ටු වලින් පටන් ගන්නවා කියලා හිතුව සිතුවිල්ල ටේහ්යුං හිතින් අතෑරල දැම්මා...
'කමක් නෑ දැනට මං ඔයා ඉන්න තැන හොයා ගත්තනේ... ඒ ඇති' ටේහ්යුං ජන්කුක්ට පොඩි චිට් එකක් ලියලා තියලා ජන්කුක්ගේ ගෙදරින් එලියට ගියේ එයාගේ ගෙදර අය දැනටමත් එයාව හොයනවා කියලා දන්න නිසයි... කා එක පහල නොතිබ්බ නිසා ටේහ්යුං ටැක්සියක නැගලා ගෙදර ආවා...
ඔය අතර ටේහ්යුංට බැන බැනම එලියට ආව ජන්කුක් කෝල් එකක් දීලා හම්බවෙන්න වෙන තැනක් ගැන කිව්වා... ඉක්මනට කා එකත් අරගෙන එයා ඒ තැනට ගියා...
"හියුන් වැඩේ ගානට උනා... උන් දන්නෙ නෑ නැව් පරක්කු කලේ කවුද කියලා අපිට ලාබ වෙන විදිහට වැඩේ සිද්ධ වෙනවා" ජන්කුක් කිව්වේ එයා ඉස්සරහා ඉන්න සුගාට...
"ජන්කුක් කවුද ඔයා ඊයෙ හවස ගෙදර එක්කන් ගියපු කොල්ලා?" සද්ද නැතුව අහගෙන උන්න සුගා අන්තිමට ජන්කුක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා... ජන්කුක් කොහොමද අමතක කරේ සුගා කියන්නේ කවුද කියන එක ගැන...
"යුන්ගි හියුන් එ-යා මගේ යාලු- යුනිවර්සිටි එකේ කෙනෙක්" ජන්කුක් ගොත ගගහා කියනවා...
"කිම් ටේහ්යුං වයස 24 යි කිම් කම්පැනි වල අනාගත සියෝ... එතකොට-" සුගා එහෙමත් නැත්නම් යුන්ගී ටේහ්යුං ගැන විස්තර කලා... ඒත් මගින් නතර කලා...
"එයා මගේ පස්සෙන් එනව හියුන්... දන්නෙ නැහැ හේතුව ඒත් මං හිතන්නේ මිනිහා psycho patient කෙනෙක් නැත්නම් physico patient කෙනෙක්... එයා මාව වෙන කෙනෙක් එක්ක පටලවගෙන වගේ" ජන්කුක් තමයි ටේහ්යුංට හොදම ගෞරවය දුන්නේ...
"ගුකී කියන්නේ කවුද ජන්කුක්?" යුන්ගී ආපහු වතාවක් ජන්කුක්ට ප්‍රශ්නයක් යොමු කලා... ඇත්තටම ජන්කුක්ටත් දැන ගන්න ඕනා කවුද මේ ගුකී කියලා...
"ම-ම දන්නෙ නැහැ හියුන්... අර හාදයා නිසා නේද ඔයා ඔය නම දැන ගත්තේ? ඕක මට හැම වෙලේම ගුකී ගුකී ගානවා... විකාරයක්" ජන්කුක් හිතුවේ යුන්ගී ගුකී කියන නම දැන ගත්තේ ටේහ්යුං ගැන හොයපු නිසා වෙන්න ඇතී කියලා උනත් ඒක එහෙම නෙවෙයි කියලා දැනගෙන උන්නේ යුන්ගිම විතරයි... එයා ටේහ්යුං ගැන දන්නේ ගොඩක් ඉස්සර ඉදලා කියලා ජන්කුක්ට දැන් පැහැදිලි කරන්න බැහැ... ඒ වගේම ගුකී කියන නම එයා ටේහ්යුංගේ කටින්ම ගොඩ සැරයක් අහලා තියෙනවා කියලත්, ටේහ්යුං කියන විදිහට ගුකී කියන්නේ ටේහ්යුංගේ ලව' කියලත් යුන්ගී දන්න විත්තිය ජන්කුක්ට පැහැදිලි කරන්න ඕන වෙලාවක් නෙවෙයි මේක... ඉතින් එයා නිහඩ උනා...
"ඔයාලා මොනවද මේ කියන්නේ? එයා ඇක්සිඩන්ට් වෙලා..." ටේහ්යුං කෑ ගැහුවේ එයාගේ පපයි, ඩැඩයි කියන හරුපේ තේරුම් ගන්න බැරුව...
"නෑ ටේ ඇක්සිඩන්ට් එකකට වඩා ටිකක් ලොකු අනතුරක් ඒක... ඇත්තටම ජන්ගුක්ව ඇමරිකාවෙදී බෝම්බ අනතුරකට අහු වෙලා තියෙනවා..." නම්ජූන් කිව්වේ ගොඩක් බැරෑරුම් විදිහටයි... ටේහ්යුං මේක විශ්වාස කරන්න බැහැ ජන්ගුක් බෝම්බෙකට අහු උනා නම් කවුද මේ ඇවිත් ඉන්න කෙනා?
__________________________________
කැමති නම් ගෙස් කරන්නෝ මොකෝ උනේ කියලා🙂
*ජන්කුක්ලා දෙන්නෙක් කියන අය මේ කොනට😂
*ජන්ගුක්ට මතකේ නැති වෙලා කියන අය මේ කොනට😂
*වෙනත් යමක් අය මැදට😂
*ඕතරීට මොන්ගල් කියලා හිතන අය පොලොව යටට (වලලලා දානවා කියල කිව්වෙ හොදේ💔😒)
Bye
Sarangeo💚💜