ROGUE | Taekook [ COMPLETED ]

By Venuka_Raveesha

7.2K 1K 233

ROGUE - රෝග් - මැරයා Taekook Completed Categories - Romantic Thriller , Comedy , Mystery & Crime උපතේ සිට... More

ROGUE INTRODUCTION - හැදින්වීම
CHAPTER 02 - Nice To Meet You Stranger
CHAPTER 03 - Date With His Stranger
CHAPTER 04 - Tae Need Some Time Jk
CHAPTER 05 - What A Lustful Night 🔞
CHAPTER 06 - He Got Family Issues
CHAPTER 07 - Best People In Tae's Life
CHAPTER 08 - Betrayed By Love
CHAPTER 09 - Kidnapped By Love
CHAPTER 10 - Does he still love him?
CHAPTER 11 - Did he really love him?
CHAPTER 12 - Back to the seoul
CHAPTER 13 - His Saddest Secret
CHAPTER 14 - Let Us Run Away
CHAPTER 15 - The New Wonderland
CHAPTER 16 - Bad Luck For Love
CHAPTER 17 - THE END - The True Love

CHAPTER 01 - The Beginning Of All

1K 121 84
By Venuka_Raveesha

උපතේ සිට මරණය තෙක් ජීවන ගමනේදි අප හට හමුවන දහසක් හදවත් අතුරින් අපගේ හදවතේ ළැගුම් ගන්නේ ඉතාම හදවත් අතළොස්සකී...

ප්‍රේමයත් ඒ අතළොස්සෙන් එක් හදවතකට උරුම වන්නේ නම් වෛරයත් ඒ අතළොස්සෙන්ම එක් හදවතකට උරුම වේවී...

විටෙක ඒ ආදරණීය හදවත අදුරේ ගිලී යාවී..

තවත් විටෙක ඒ හදවත් ආදරයේ සිසිල විදගනීවී...

එබැවින්
අදුරින් ලියවූ ජීවිතයකට එළිය අරන් පැමිණි ඔවුන්ගේ ආදරය කතාව සදාකාලික වේවී....

ගිම්හාන ඍතුවේ සෝල් නගරය වෙන අන් ඍතුවක දකින්නට නොලැබෙන නොහැගෙන අලංකාරයකින් ගිම්හානයේ උණුසුම පවා අන් අයට අමතක කරවින් දිදුලන්නට විය , මේ මොහොතේ ජීවිතය විදවන පුද්ගලයන් මෙන්ම ජීවිතය රිසිසේ විදින පුද්ගලයන් ඉතා සතුටින් සහ සැහැල්ලුවෙන් තමා හට ජීවත් වීමට නියමිත කාලය නිමා වන තෙක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හුස්ම ගනිමින් තම තමන්ගේ ජීවිතයන් ගෙවා දමන්නට විය.

" ටේහ්‍යන් මේ පොඩ්ඩක් එනවා මෙහෙට " එලෙස SBS නාලිකාවේ අනාගත හිමිකරු හට තමා අසලට පැමිණෙන ලෙස පැවසුවේ ඔහුගෙ කුඩා කළ පටන් හොදම මිතුරිය වන ඒන්ජල් ය.

"මොකද, ඇයි ,මොකො" ටේහ්‍යන් ඇයගේ ආරාධනයට එක්වරම ඇය කරා නොගොස් SBS නාලිකාවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ හතලිස් වන මහලේ සිට එනම් එම ගොඩනැගිල්ලේ අවසන් මහලේ ආරක්ෂිත වැට අසලට වී පහත මාර්ගයේ ඒ මේ අත ධාවනය වන රථවාහන දෙස ඉතා උවමනාවෙන් බලා සිටින්නට විය.

"මෙහෙ එනවකො එන්න කිව්වම ලොකුකම නොදා ටේහ්‍යන් "

"මොකද ඒන්ජල් මොනාටද එන්නේ මම ඔතනට "

"මේ අර එහා බිල්ඩින් එකේ ඉන්න කොල්ලව බලනවකො හම්මේ මාර හැන්ඩ්සම්"

"දැන් තමුසෙට අච්චර ඈත තියෙන බිල්ඩින් එකත් පේනවද ආ "

"උවමනාව තියෙනවනම් දිව්‍යලෝකෙ දෙවියොන්ව උනත් පේනව ටේ කොල්ලො "

"හනේ තමුසෙගෙ ලොජික් මේ ඒක නෙමෙ කෝ අර ඔයා පස්සෙන් ගිය කොල්ලා "

"කවුද තෝමස් ද ? "

"නෑ නෑ තෝමස් නෙමෙ අර අනික් කෙනා "

"කවුද හැරීද ? "

"නෑ නෑ හැරී නෙමෙ අනේ "

"එහෙනම් ජේසන් ද ? "

"ඒ මනුස්සයා ... ම්ම් මොකක් තමුසෙ ජේසන් පස්සෙනුත් ගියාද "

"ආම් මේ මේ නෑ මේ විහිලුවට කිව්වෙ "

"ඒන්ජල් ගොත ගහන්න එපා මම දන්නව තමුසෙ ගැන "

"හරි හරි එහෙම තමා මාත් මනුස්සයෙක්නෙ හැගීම් දැනීම් එනව මටත් "

"ඔය හැගීම් දැනීම් කියන දේ හැම වෙලේම ඔයාගෙ වැඩ එකයි වැරැද්ද "

"ඉතින් ටේ මොකක්ද මම ජේසන් පස්සෙ ගිය එකේ වැරැද්ද "

"ඒන්ජල් ජේසන් කියන්නෙ අපෙ චැනල් එකේ ශෙයාර්ස් තියෙන ඩිරෙක්ටර් බෝඩ් එකේ කෙනෙක් අනික ඒ මනුස්සයා බැදල ළමෙකුත් ඉන්නවනේ "

"ඉතින් මම ඌ පස්සෙන් ගියෙ බදින්න කලින් අනේ "

"මොකක් බදින්න කලින් කිව්වෙ එයා බදිද්දි අපි දහය වසරෙනෙ "

"ඔව් ඊට කලින් ගියෙ "

"ඒන්ජල් හොද වෙලාවට තමුසෙ ජේසන් එක්ක යාලු නොවුනෙ නැත්නම් ඒ මනුස්සයා ඒ කාලෙම බාල අපරාධ වලට හිරේ යනව "

"අපරාදෙ හැබැයි නේද ටේහ්‍යන් "

"මොකක්ද අපරාදෙ ? හිරේ නොගිය එකද "

"නෑ ඉතින් එදා අපි යාලු වුනානම් අද අපිට ළමයි තුනක්වත් ඉන්නවනෙ "

"අනෙ මේ ඒන්ජල් " ටේහ්‍යන් සහ ඔහුගෙ හොදම මිතුරිය එලෙස සෝල් නගරයේ ගිම්හාන සුළං විදගනිමින් මෙම කතාබහේ නිරත විය , ටේහ්‍යන් සහ ඒන්ජල් නිතරම පාහෙ එක්ව ගමන් යෑම සිදුකළ අතර ඔවුනොවුන්ගෙ පවුල් ද්විත්වයත් ඉතා සමගියෙන් අතීතයේ පටන් සබදතා පවත්වන්නට විය.

"අපි යමුද ගෙවල් වලට ඒන්ජල් "

"ඈ ගෙදර මොන ගෙදරද ටේ අපි යමුකො අර අලුතින් ඕපන් කරල තියෙන රෙස්ටුරන්ට් එකට "

"ඒ කොහෙද "

"ඇයි අර ආර්කේඩ් එකේ අනේ අලුත් රෙස්ටුරන්ට් එක අර අර කවුද හංගොල්ලිනී ද මොකීද කියලා අලුත් නිළියක් ඇවිත් ඕපන් කළේ "

"මට මතක නැහැ නේ එහෙම දෙයක්"

"දැන් සති තුනක් විතර ඇති තමුසෙට ඒක මතක නැද්ද "

"නෑ ඉතින් ඔයා ගියාද ඒකට මම නැතුව "

"නැහැ මම ඔයා නැතුව කොහෙවත් යනවද ටේ ඔයා දන්නවනෙ එහෙම නෑ කියලා "

"මම දන්නැතුව ඔයා කොච්චර දේවල් නම් කරලද ඒන්ජල් ශික් ජේසන් පස්සෙනුත් ගිහින් ඊයා ඕයි තමුසෙ, ඒ මනුස්සයා ගාව සුදුළුණු ගදයිත් එක්ක"

"ඉතින් ඒක තමා මම පස්සෙන් ගියෙ "

"මොකක් මට තෙරුනේ නෑ "

"මම ජේසන් පස්සෙන් ගියෙ එයාගෙ ගදට තමා මොකද මම ආසම එළෝලුව සුදුළුණු "

"ඊයා තමුසෙ නම් " ටේහ්‍යන් එලෙස සිය හොදම මිතුරියගෙ හිස් ප්‍රකාශයන් හමුවේ පිළිකුල් සහගත හැගීම් හගවන ප්‍රතිචාර දක්වමින් නාලිකා ගොඩනැගිල්ලේ උඩු මහලින් පිටත් වීම සදහා විදුලි සෝපානය අසලට ඇවිද යන්නට විය.

"ඒයි මේ ඉන්නව මම විහිලුවක් කළේ අනේ කන්න යන්නෙ නැද්ද ටේ පැට්ටො මගෙ හොටු බෝලේ " ටේහ්‍යන් ඇයව දමා යාවි යැයි කලබලයෙන් ඇය ඔහු පසුපස එසේ කියමින් දිව යන්නට විය.

"මම විහිලුවක් කළේ අනේ තමුසෙට විහිලු තේරෙන්නෙ නෑනෙ අනික සුදුළුණු කියන්නෙ කුළුබඩුවක් හම් "

"මට සුදුළුණුත් එපා වුණා තමුසෙගෙ කතා නිසා " ඔවුන් ඒ කතාබහ අතරතුරදීම විදුලි සෝපානයට නැගගත් අතර ටේහ්‍යන් හත්වන මහලට යෑම සදහා විදුලි සෝපානයේ ඇති බොත්තම් රාශිය අතුරින් හතේ බොත්තම එබුවේ එම මහලේ සිය පියා නොහොත් SBS නාලිකාවේ වත්මන් පාලකයාගෙ කාර්යාලය පිහිටි නිසාවෙනි.

"අපි යන්න කලින් තාත්තට කියලා යමු නැත්නම් එයා හිතයි මම තාම උඩ කියලා "

"ආ ඒකියන්නෙ අපි රෙස්ටුරන්ට් එකට යනව කියන එකනේ "

"ඔව් අපි යමු " ටේහ්‍යන් එලෙස සිය හොදම මිතුරිය හට එම ගමන යෑම සදහා කැමැත්ත ප්‍රකාශ කළ අතර ඉන් සුලු මොහොතකට පසුව ඔවුන් දෙදෙනා හත්වන මහල වෙත ළගා වූහ, එම මහලට පැමිණි සැනින් ඔවුන් දෙදෙනාම ටේහ්‍යන්ගෙ පියා රාජකාරී කරනා කාමරය වෙත පියනැගූ අතර ඒවනවිටත් ටේහ්‍යන්ගෙ පියා සමග ඔහුගෙ වැඩිමහල් සොයුරු වන ජින් කතාබහක නිරත වී සිටියහ.

තම පියාගෙ වුවද පෞද්ගලික හෝ සේවා කාමරයට ඇතුල් වීමට පෙර තට්ටු කර අවසර ගැනීමට ටේහ්‍යන් ඉතා විනයානුකූලව කටයුතු කළේ ඔහු ඔහුගෙ මව විසින් ඔහුට කුඩාකල සිටම හුරු කරන්නට වූ හොද පුරුදු නිසාවෙනි.

"එන්න ඇතුලට " ටේහ්‍යන්ගෙ පිය එසේත් නොමැතිනම් SBS නාලිකාවේ අධිපති තුමන් එලෙස පැවසන්නට විය.

"තාත්තේ මේ අපි යන්න හැදුවෙ දැන් " ටේහ්‍යන් සිය පියාගෙ කුටියට ඇතුල්වනවාත් සමගම එලෙස කීවේ සියුම් හඩකිනි.

"ආහ් මම හිතුවා ඔයා ගියා කියලා ආ ඒන්ජල් දුවත් තාම ඉන්නව නේද හරි එහෙනම් යන්න "

"ජින් ඔයා දැන් එළියට යන්නෙ නැද්ද " ඔවුන්ගෙ පියාගෙ මේසය ඉදිරිපිට ඇති පුටුවක අසුන්ගෙන ෆයිල් කවරයක් පරීක්ෂා කරමින් සිටි ජින්ගෙන් ටේහ්‍යන් විසින් එලෙස අසන්නට වූයෙ ඔහුත් සමගින් කෑම ලබාගැනීම සදහා පිටත් වීමට බලාපොරොත්තුවක් හදවතේ රදවාගෙනය.

"ඔයාගෙ අයියට ඔයාට වගේ කාලය නාස්ති කරනවට වඩා වටින වැඩ තියෙනව ටේහ්‍යන් යන තැනක ඔයා යන්න ඔයාගෙ අයියගෙ කාලය විනාශ නොකර " ටේහ්‍යන් ගෙ පියා එසේත් නැතිනම් කිම් සෝගුන් මහතා එලෙස කියූ දෙයින් ටේහ්‍යන් ගෙ යම් ප්‍රබෝධයකින් තිබි මුහුණ එක්වරම අදුරු වූයේ සැබැවින්ම එම ප්‍රකාශය ඔහුගෙ හදවත රිද්දූ නිසාවෙනි.

"තාත්තේ මට සමාවෙන්න ජින් මම ගිහින් එන්නම් " ටේහ්‍යන් දුකින් වෙවුලන්නට වූ සිය කටහඩින් එලෙස පවසමින් එම රාජකාරී කාමරයෙන් පිටත් වන්නට සූදානම් විය.

"ආයෙ කාලය නාස්ති කරන්න තමුන් චැනල් එකට එන්න ඕනෙ නැහැ " කිම් සෝගුන් මහතා ටේහ්‍යන්ගෙ හදවත තව තවත් බිදදමමින් සිය හොදම මිතුරියටවත් මුහුණ දිය නොහැකි වන ලෙස අපහාස ලබන්නට විය එහෙත් ඒන්ජල් විසින් ටේහ්‍යන් ගෙ සියලු දෙයත් ටේහ්‍යන් විසින් ඒන්ජල්ගෙ සියලු දෙයත් කුඩාකල සිටම දැනසිටියේ කිසිදු අඩුවක් නොමැතිවයි.

"හරි මම යන්නම් " කෙතරන් හිත් තැවුලෙන් වුවද ටේහ්‍යන් හට එම වචන සිය පියා හට පවසා ගැනීමට ධෛර්යයක් තිබුණේය පසුව ඔහු සිය හොදම මිතුරියගෙ මුහුණ නොබලාම එතැනින් පිටත් වූවේ විදුලි සෝපානය දෙසටය.

"ඒයි ඉන්නවා අනේ මේ යකා මාව දාලා යනව චීටා වැහිලා වගෙ හැම වෙලේම , ඒයි ටේ "

"කෑගහන්නැතුව එනවකො මෝඩි "

"හම්මො හම්මො මට හති තමුසෙ පස්සෙම දුවන් ඇවිත් "

"යමු දැන් අර රෙස්ටුරන්ට් එකට යනවනම් "

"ඈහ් ඔව් යමු " පසුව ඒන්ජල් සහ ටේහ්‍යන් දෙදෙනාම විදුලි සෝපානය නැග ගත් අතර ඔවුන්ගෙ සැලැස්ම වූයෙ ඒන්ජල් විසින් පෙරදී පැවසූ ස්ථානය වෙත ගොස් ආහාර ලබාගැනීමයි එහෙත් විදුලි සෝපානයට නැගගත් ඔවුන් හට එහිදී ඔවුන්ගෙ දෑස් සහ හැගුමන් පුදුමයට පත් කරමින් දැකගත හැකි වූයේ ඔවුන් පෙරදී සාකච්ඡා කරමින් සිටි ජේසන් නැමැති පුද්ගලයායි.

"හුටා සුදුළුණු ජේසන් මේකේ " ඒන්ජල් එලෙස එකවරම ඔහු දුටු සැනින් ශබ්ද නගා පැවසූවේ ජේසන් සහ ටේහ්‍යන් ගෙ දෑස් පුදුමයට පත්කරමිනි.

"ඕයි මෝඩි මේ එයාට ඇහුනා" ටේහ්‍යන් ඒන්ජල්ව සෙමෙන් කොනිත්තමින් ඇයගෙ කන අසලට ගොස් එසේ ඇය හට පියවි සිහියට පැමිණෙන ලෙස කී අතර පසුව ඇය යම් ලැජ්ජාවකට පත් විය.

"ම් මේ මේ මිස්ටර් ජේසන් මම කිය කිය ආවෙ සුදුළුණු බත් හරි රහයි කියල ඒ ගමන්ම ලිෆ්ට් එක ඕපන් උනා ඔයා ඒක ඇතුළෙ ඉතින් දන්නැද්ද හේ හේ "

"ඔහ් ඒකට මොකද ඉතින් ඔය දෙන්නට කොහොමද ටික කාලෙකින් නේද අපි හම්බවුනේ "

"ඔව් මිස්ටර් ජේසන් ඒකනම් ඇත්ත "

"ඉතින් ටේහ්‍යන් ඔයාලා මොන ෆ්ලොර් එකටද යන්නෙ ඔයාල ලිෆ්ට් එකට ආවත් බට්න් එකක් ප්‍රෙස් කළේ නෑනෙ තාම "

"ආහ් ඔව්මයි අපි ගෙදර යන ගමන් මිස්ටර් ජේසන් පාර්කින් එකට යන්න ඕනෙ " ටේහ්‍යන් එසේ කියමින් ජේසන් විසින් මතක් කරන්න වූ කාර්යය සිදු කරන්නට විය.

"හරි එහෙනම් අපි ආයෙ හම්බ වෙමු " නියමිත මහල වෙත පැමිණි ජේසන් ඉන් එලෙස ඒනජල්ටත් ටේහ්‍යන්ටත් සමුදී ඔහු දෙවෙනි මහලින් බැසගත්තේය පසුව ටේහ්‍යන් සහ ඒන්ජල් රථවාහන ගාල් කරනා පහතම මහලින් බැසගත්හ.

"තමුසෙ නිසා තව පොඩ්ඩෙන් දෙන්නටම බැනුම් අහගන්න වෙනව ඒන්ජල් "

"ඔව් ඉතින් දන්නැද්ද ඒ මනුස්සයා එකපාරටම මහසෝනා වගෙ බලන් ඉද්දී මට කියවුනා "

"හනේ ඉතින් තමුසෙගෙ කට "

"හරි හරි ඒවයින් අරවයින් මේවයින් කිසිදෙයකින් වැඩක් නෑ කෑම තමා වටින්නෙ ඉතින් දැන් අපි යමුද කින් ටේහ්‍යන් මහත්මානනී "

"යමු මටත් බඩගිනි " එලෙස ටේහ්‍යන් සහ ඒන්ජල් ටේහ්‍යන් ගෙ සුඛෝපභෝගී බෙන්ස් මෝටර් රථයෙන් ඒන්ජල් විසින් පැවසූ ස්ථානයට පිටත් වූහ.

"ඒක නෙමෙ අර කලින් කතාවට උත්තරයක් දුන්නෙ නෑනේ "

"මොකක්ද ටේ"

"කෝ තමුසෙ අර අන්තිමට පස්සෙන් ගිය කොල්ලා "

"අනේ ඌ හරියන්නෑ අනේ"

"ඇයි මොකද එහෙම කියන්නෙ හොදයි හොදයි කිය කිය මැරෙන්න ගියෙ ඕනෙමයි කියල "

"ඕනෙ තමා ඒත් අනෙ ඒක අල්ලල දාන්න ටේ "

"කියනවකො ඒන්ජල් මොකක්ද උනේ ඔයා එයාගෙන් කැමැත්ත ඇහුවෙ නැද්ද "

"ඇහුවා "

"බෑ කිව්වද "

"ඔව් බෑ කිව්වා "

"හේතුව මොකක්ද ඔයාට බෑ කියන්නැත්තේ ශුවර් එකටම තමුසෙගෙ කට නිසා වෙන්නැති "

"කටක් නිසා නෙමෙයි හලෝ"

"එහෙනම් මොකද "

"ඌ මට නෙමෙ කැමති ඔයාට "

"ඈ එයා gay ද "

"ඔව් බලනවා තමුසෙ නිසා මට කොල්ලෙක්වත් සෙට් වෙන්නෑ "

"අනෙ මේ ඕයි මන් දන්නෑ ඕවා අනික මන් නිසා කොහොමද එහෙම වෙන්නෙ ඈ "

"ඇයි මතක නැද්ද අට වසරෙ අර බෝලෙ වගෙ හිටිය චෝයිව අන්න ඌත් මම උට රෝස මලක් දුන්නම ඒක ඌ තමුසෙට දුන්නෙ "

"අනෙ මේ මම කියන්නෑ "

"කියන්නෑ නෙමෙ මට කොල්ලෙක් හොයල දෙනවා "

"මට බෑ "

"අනෙ මේ ටේ තමුසෙ නිසා මට මේ ජීවිතේට කොල්ලෙක් සෙට් වෙන්නැ එක්කු උන් ඔහෙට කැමති නැත්නම් බැදලා ළමයි දෙක තුන ඉන්නවා අනේ මගෙ රෙද්දෙ දෛවය "

"හොද වැඩේ "

"තමුසෙනම් කියයි එහෙම මට වෙන්නේ මම පස්සෙන් යන කොල්ලෝ තමුසෙව බැන්දම තමුසෙගෙ ගෙදර වැඩකාරී වෙන්න නාකි වෙනකන්ම "

"අම්මෝ අම්මෝ මම නම් තමුසෙව ජීවිතේට මගෙ ගෙදර වැඩට ගන්නා මොකද අන්තිමට ගෙදරත් නෑ මගෙ මනුස්සයත් නෑ "

"හේ හේ ටේහ්‍යන් යූ නොව් මයි ප්ලෑන්ස් නේ "
එලෙස හොදම යහලුවන් දෙදෙනා ටේහ්‍යන්ගෙ මෝටර් රථයෙන් ඔවුන්ගෙ ගමන යන අතරවාරයේදී කතාබහ කරන්නට වූහ.

ටේහන් සහ ඒන්ජල් ඔවුන්ගේ සුපුරුදු විවිධාකාර කතාවන් මධ්‍යයේ ඔවුන් ‍යමින් සිටි ආපනශාලාව පිහිටි සෝල් හී විශාලතම ආර්කේඩ් එක වෙත පැමිණි අතර ඔවුන් පැමිණි මෝටර් රථය රථ ගාලෙහි නවතා දමා කතාබහක් සමගම ඔවුන් විදුලි සෝපානයට ගොඩ විය , ඔවුන් එහි හතර වන මහළට යාම සදහා බොත්තම එබූවේ ඒන්ජල් පැවසූ ලෙස එම ආපනශාලාව පිහිටා තිබෙන්නේ එහි නිසාය.

"මේ ඇයි තමුසෙ මාස්ක් එක දාගෙන ඉන්නෙ ටේහ්‍යන් "

"කවුරුහරි දැක්කොත් මාව මෙතන "

"ඈ මොකො තමුසේ බයද "

"මම බයක් නෙමෙ තාත්තා කේස් දායි මාව පැපරාසි වල ඉන්නවා දැකලා "

"ඔව් හැබැයි ඒකත් ඇත්ත "
ඔවුන් දෙදෙනා ඉතා ඉක්මනින් සිව්වන මහළට පැමිණි අතර අන් දිනයන්හී මෙන් සෝල් හී විශාලතම ආර්කේඩ් එක තුළ එහි පැමිණි මිනිසුන් විශාල සංඛ්‍යාවක් සිටි අතර ඒන්ජල් හට එවැනි ස්ථාන වලට යෑමට කිසිදු අකමැත්තක් හිතේ නොවුනත් ටේහ්‍යන් නම් එවැනි ස්ථාන වලට කුඩා කල සිටම එතරම් කැමැත්තැක් දැවූයේ නැත.

"කෝ දැන් අර රෙස්ටුරන්ට් එක "

"මොකක්ද මන්දා ඒකෙ නම ටේහ්‍යන් රෝසපාට නියෝන් ලයිට් එකක් ඒකෙ නම ගහල තිබ්බේ "

"ආහ් අරක වෙන්නැති " ටේහ්‍යන් ඔවුන් සිටගෙන සිටි ස්ථානයෙන් දකුණු දෙස පිහිටි ආපනශාලාවක් දෙසට සිය අත දිගු කර ඒන්ජල් හට එය පෙන්වා සිටි අතර එය දෙස බැලූ ඒන්ජල් ඇය කියූ ආපනශාලාව එය බව ටේහ්‍යන් හට තහවුරු කරන්නට විය , දෙදෙනාත් සමගම එම ආපනශාලාව වෙත ගොඩවැදුනු පසු ඔවුන් ඉතා උවමනාවෙන් වටපිට බලන්නට වූයෙ එම ආපනශාලාවෙ ඇති සුන්දරත්වය දෙසය.

"ඒ ටේහ්‍යන් බලනවකො මෙතන ලස්සන "

"ඔව් අපි ආවට පාඩු නෑ වගේ "

"ඔව් තැන වගේම කෑමත් ලස්සන ඇති "

"හරි අර අයිනෙම මේසෙට යමු " ටේහ්‍යන් සුපුරුදු ලෙසම මොනයම් හෝ ජනාකීර්ණ ආපනශාලවක අවසානයේ තිබූ මේසය කරා ඔහුට සුපුරුදු ලෙසම යන්නට විය, ඔවුන් දෙදෙනා එහි අසුන් ගත් වහාම ඔවුන් වෙත පැමිණියේ එහි සේවය කරනා නිළ ඇදුමකින් සැරසුනු වේටර්වරියකි.

"හෙලොව් සර් & මිස් මොනවද ඔයාලා ඕඩර් කරන්නේ ඔයාලට මේ මෙනූ එක බලලා ඩිසයිඩ් කරන්න පුලුවන් " ඇය එලෙස ඉතා සුහදශීලීව එසේ කියමින් ටේහ්‍යන් සහ ඒන්ජල් වෙත ඔවුන්ට මිලදී ගත හැකි විකිණීමට තිබූ කෑම නාමාවලිය ලබා දී මද වේලාවක් ඔවුන් කෑම ඇනවුම් කරන තෙක් බලා සිටින්නට විය.

පසුව ටේහ්‍යන් විසින් තායිලන්ත කෑමක් ඇනවුම් කරන්නට වූ අතර ඒන්ජල්ද එය සහ තවත් චීන කෑම දෙකක් ඇනවුම් කරන්නට විය .

"මේ තමුසෙට ඔච්චර කන්න බඩේ ඉඩ තියෙනවද "

"අනෙ මේ ටේහ්‍යන් කවුද ඕයි දන්නෙ එකක් හරිනැත්නම් එහෙම අනික් එක කනව "

"තුනම හරි නැත්නම් මොකද කරන්නෙ තමුසෙ ? "

"තුනම හරි නැත්නම් තුනම කනව ඕයි නැත්නම් වෙන කෑම එකක් කනව අරන් "

" ආහ් අද තමුසෙද සල්ලි ගෙවන්නෙ මටත් එක්ක "

"අනෙ අනෙ ටේහ්‍යන් අපි බිම් බෝම්බ කෑවත් අපේ බිල් ගෙවෙන්නෙ අපේ තාත්තලගෙ සල්ලි වලින්නේ " ඒන්ජල් එය වැඩි බරපතල හැගීමකින් ටේහ්‍යන් හට පැවසූවත් ටේහ්‍යන් සෑම විටම වෛර කළ සත්‍ය එය නිසා ඔහුගේ මුහුණ සිය පියා අපහාස කළ මොහොතේ මෙන් ශෝකයෙන් අදුරු වන්නට වූයෙ ඒන්ජල් හටද තේරුම්යමිනි.

"අනෙ මේ ටේහ්‍යන් මම ඔයාව අප්සට් කරන්න ඒක කිව්වෙ නෑ "

"නෑ නෑ මම දන්නවා ඒත් ඒකනෙ ඇත්ත ඒන්ජල්"

"හම් ඔව් ඒක ඇත්ත තමා ඒත් මොනා කරන්නද අපි සතුටු වෙන්න ඕනෙ මේ අපේ ජීවිතය ගැන "

"ඇයි ඒ ? "

"දැන් බලන්න අර මෙතනට ආපු වේට්‍රස් එයත් අපේ වයසෙම කෙනෙක් වගේ ඉතින් එයාලා එහෙම රස්සා කරන්නෙ කීය කීය හරි හම්බ කරලා හොදට ජීවත් වෙන්න ඒත් අපිට ඒ හැමදේම තියෙනව "

"ඔව් අපිට හැමදේම තියෙනව හිතේ සතුට ඇරෙන්න "

"වෙන්න පුලුවන් ටේහ්‍යන් ඒත් කොල්ලෙක් ඉන්නවනම් මට ඒකත් හරි " ඒන්ජල් ඔවුන් සිටි ගැඹුරු කතාබහ ඇයගේ එම කතාවෙන් කඩාබිද දැමුවේ ඇයගෙ සුපුරුදු කතා රටාවට නැවත එන අතරතුරය.
_______________________________________________

Hi My Beautiful Readers,

Thank you මේ පරිච්ඡේදය කියෙව්වට ඉතින් ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න ඒවගේම වෝට් කරලා අනිත් අය අතර ශෙයාර් කරන්න ❤

Continue Reading

You'll Also Like

295K 8.8K 100
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
39.7K 9.8K 34
[Taekook Text Au] "ඔයාට මගේ නම්බර් ඒක කොහෙන්ද.. කොහොමද මගේ photo ගත්තේ.." Half text Half normal chapters Taekook✔️ Photography ✔️ Text au✔️ Bl ✔️ Sto...
7K 1.2K 20
අතීතයේ දවසක හමුවි හදින් වෙන් නොවූ බැදීමක හිර වූ අදින් අප වෙන් වූවත් මතක පමණක් සදා රැකේවි කොතැන හෝ මේ ලෝකයේ ══════════════════════ ⨀ Taekook Story...
644K 32.4K 60
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...