𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)

Por Dul_Shi

51K 8.1K 3.3K

ඩැඩී ... ඩැඩී ...??? ජස්ට් ෆලෝ මී ... ආෂ් මොන කරදරයක්ද මේක ... ______________________________________________... Más

INTRO
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
chapter 10
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
👀
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34

Chapter 12

1.5K 277 78
Por Dul_Shi

උදෑසන අවදි වූ ජන්කුක්ට අදත් හිත සතුටින් නැගිටින්න බැරිවුනේ...

"ආ.....ශිට්....එහාට ගන්නවා...කොටා....."

ඇදේ අනික් පැත්තට නිදා සිටින ජිමින්ගේ එක් කකුලක් ජන්කුක්ගේ මූණ ළග තිබ්බ කේන්තියටම ඔහු කකුල තල්ලු කර නැගිට්ටේ ජිමින් නැවතත් අනිත් පැත්තට හැරිලා කොට්ටේ බදන් නිදාගනිද්දි.පෙර දින බිම සිටියත් තමන් ඇද උඩට පැමිණියේ කීයටද කියා හරියට මතකයක් නොතිබුනු නමුත් හිරි අරිමින් නැගිට්ට ජන්කුක් එකවරම.....

"ටේ........"

ලෙස පවසා ඇද මත බැලුවත් ඔහු දුටුවේ එහි සිටින ජිමින්ව පමණයි.කලබල වූ ජන්කුක්...

"ඒයි.....ඕයි... ඒ කොටා.... නැගිටිනවා....!!!"

මුලින් සෙමින් පවසා පසුව මදක් සැරින් කෑ ගැසූ ජන්කුක්ගේ හඩට ජිමින් නැගිට්ටේ තිගැස්සිලා.

"යාහ්.....උදේ පාන්දර...මොකෙක්ද...."

"ටේ කොහෙද කියනවා..."

"මම කොහොමද දන්නේ ඇයි දැන් නැද්ද....මොකක් ටේ නෑ?...."

ජිමින්ගෙන් ඇසීමෙන් වැඩක් නැති බව වැටුහුණු ජන්කුක් වෙලාව බලනවත් එක්කම.....

"එකොළහයි!....."

"ආයිෂ්....මම මෙච්චර වෙලා නිදාගත්තද....යුනි ගිහිල්ලත් ඉවරයි....ඒත් ටේ.."

"බේබි!..."

ජිමින්ට ඉතිරිය පැවසීම නොහැකි වුනේ පහළින් නිවසේ අජුම්මාගේ භීතියට පත් කටහඩක් ඇහුන නිසයි.මූණට මූණ බලාගත් ජන්කුක් හා ජිමින් දෙදෙනාම.....

"ටේ..........."

ජන්කුක් එකවරම පහලට ගියේ ජිමින් අතේ බදාගෙන හිටපු කොට්ටේ විසික් කරලා ඇද උඩින් පැනලා කාමරෙන් එළියට දුවද්දි.පෙර දින තිබූ තත්වයට වඩා ලිවින් රූම් එක නැවතත් යහපත් තත්වයක පැවතුන අතර ඔවුන් දුටුවේ ආහාර බදුන් රැගෙන එමින් මේසය මත තබන ටේහ්‍යුන්ග්වයි.ටේහ්‍යුන්ගේ පිටුපසින් ආ අජුම්මා....

"පොඩි බේබි....ඔය තුවාලේ...."

"ආහ් අනේ...අජුම්මා...ඒක පොඩි හීරිමක් විතරයි..."

"අනේ බේබි...ඔය ලේත් එනවා...බේබි ඔය වැඩ කරා හොදටම ඇති...ලොකු සර් දැනගත්තොත් මට ඉන්න හම්බවෙන එකක් නෑ..."

"මට කිසි දෙයක් වුනාට එයාට ගානක් නෑ.අජුම්මා බයවෙන්න එපා."

ටේහ්‍යුන්ග්නුත් අජුම්මාත් දෙස බලා සිටි ජිමින්....

"ටේ......."

යැයි පැවසූ විට ටේහ්‍යුන්ග් ජිමින් දෙස බලා මුවගට ලොකු සිනහවක් ආවත් ඔහුට අනෙක් පසින් සිටින ජන්කුක්ව දැක නැවතත් ඔහුගේ සිනහව අතුරුදහන් වෙලා ගියා.

"ජි....ජිමින්....මම කෑම හදලා තියෙන්නේ... ඔ....ඔයාලා ඇවිත් කන්න...."

වෙවුලුම් ස්වරයකින් ටේ ජන්කුක් දිහාත් බල බල එහෙම කියද්දි ටේහ්‍යුන්ග් දුටුවේ තමා කරා වේගයෙන් පැමිණෙන ජන්කුක්වයි.අඩි දෙකට තුනට ටේහ්‍යුන්ග් ළගට ආපු ජන්කුක් ටේගෙ අතේ තිබූ දීසිය මේසෙන් තබා ඔහුගේ අතින් අල්ලන් නැවතත් උඩ තට්ටුවට ඇදගෙන ගියේ ජිමින් හා අජුම්මා ඔවුන් දෙස බලාගෙන ඉදිද්දි.

"අර මොකක්ද අර යකා කරන්නේ..."

ජිමින් සැරෙන් කියද්දි එකවරම අජුම්මා.....

"ජිමින් බේබි බය වෙන්න එපා..."

"අජුම්මා ඔයා දන්නවනේ ජේකේ කියන්නේ කවුද කියලා හොදටම...ටේට මොනා කරයිද දන්නෑ...."

"ඒත් ජිමින් බේබිට ඊයේ තේරෙන්න ඇතිනේ එයාගෙන් ටේ බේබිට කරදරයක් නෑ කියලා.."

අජුම්මා එලෙස පවසද්දි ජිමින් කල්පනා සහගතව ඔවුන් යන දෙස බලන් සිටියා....

"ම්....මො...මොකක්ද මේ....ක්...කරන්නේ...."

ටේහ්‍යුන්ග් විස්මයෙන් එහෙම මිමිණුවේ රූම් එකට ඇදගෙන ගිය ටේහ්‍යුන්ග්ව ජන්කුක් ඇදෙන් වාඩි කරවා පෙට්ටියක් ගෙන ඔහු අසළට පැමිණෙද්දි.....කිසිවක් නොපැවසූ ජන්කුක් ටේහ්‍යුන්ගේ රුධිරය මදක් වැගිරෙමින් තිබූ ඇගිල්ල ගෙන එයට බෙහෙත් දාන්න ගත්තා....

"ආව්....ම්...මොකක්ද මේ...කරන්නේ මට තනියෙ....."

"මුරණ්ඩු වෙන්න එපා...මම කරන්නේ මගෙ රාජකාරිය විතරයි....."

තමා ඉදිරියේ දණ නමා ඔහුගේ අතට බොහෝම විමසිල්ලෙන් බෙහෙත් දාන ජන්කුක් දෙස ටේහ්‍යුන්ග් විස්මයෙන් හා කම්පනයෙන් මෙන් බලාගෙන සිටියා...

"ඒ ටිකට කරගෙන තියෙන්නේ ඔය... ඔයා නොර්මල්වෙලත් ටිකක් සැලකිල්ලෙන් ඉන්න බැරිද...ඒකට තමුන්ගෙම පොඩි එකා...ආයිෂ් ...මට තමුන්ව තේරුම් ගන්නම බෑ...වෙලාවකට යකෙක් වෙනෝ....තවත් වෙලාවකට....."

ජන්කුක් බෙහෙත් දාන අතරතුරේ මදක් සැරෙන් කියාගෙන කියාගෙන යද්දි එකපාරටම නිශ්ශබ්ද වුනේ ටේහ්‍යුන්ගේ කුතුහලය වැඩිවෙනවත් එක්කමයි.තවමත් මදක් බියෙන් සිටියත් කතා කළ ටේහ්‍යුන්ග්....

"ඔ...ඔව්....තවත් වෙලාවකට....?"

ටේහ්‍යුන්ග් කුතුහලයෙන් පවසන විට ටේහ්‍යුන්ගේ අත දෙස බලා සිටි ජන්කුක් ඔහුගේ මුහුණ දෙස බලා නැවතත් අහක බලාගත්තා. 

"ඒ...ඒක නිකන්....සු...සුරදූතයෙක්....නෑ...මම දන්නෑ ඒකට කියන්න නමක්...."

ජන්කුක් අහක බලාගෙන කියද්දි එය කිසිදිනක බලාපොරොත්තු නොවූ දෙයක් වූ නිසා ටේහ්‍යුන්ග් විස්මයෙන් බලා සිටියා....

"මටයි ඔයාව තේරුම් ගන්න බැරි ජන්කුක්..."

ටේ එලෙස කියද්දි අහක බලා සිටි ජන්කුක් එකවරම ටේහ්‍යුන්ගේ මුහුණ දෙස බැලුවේ කියන්නේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකිව මෙනි.

"ඔයාට කිසිම කෙනෙක් ගැන අනුකම්පාවක් නැත්තන් ඇයි මෙහෙම මන් ගැන වදවෙන්නේ..."

මදක් කම්පනයෙන් බලා සිටි ජන්කුක්....

"ම....මම කිව්වනේ...මම කරන්නේ මගෙ රාජකාරිය විතරයි...."

"සල්ලිවලට වැඩ කරන බොඩිගාඩ් කෙනෙක් කවද්ද එයාගේ ස්වාමියගේ ඇගිල්ලක් කැපුනයි කියලා මේ තරම් බයවුනේ..."

ටේහ්‍යුන්ග් එලෙස පවසන විට උත්තරයක් සොයමින් වගේ සිටි ජන්කුක්....

"ක්...කවුද දැන් බයවුනේ...."

ජන්කුක් වචන පටලවමින් එලෙස පැවසුවා.

"ඔයා...ඔයාගේ මේ හැසීරීමෙන් විතරක් නෙවෙයි ඔයාගේ ඇස්වලිනුත් ඒක පේනවා..."

ටේහ්‍යුන්ග් මදක් ජන්කුක්ගේ මූණට එබී දිලිසෙන දෑස්වලින් ඔහු දෙස බලාගෙන එලෙස පවසද්දි විස්මයෙන් සිටි ජන්කුක් මද වේලාවක් ටේහ්‍යුන්ගේ දෑස් තුළ අතරමං වී හිටියේ ඉබේටම ඔහුගේ හඩින් කුමක් හෝ සියුම් ලෙස පිටවෙද්දි....

"ඒන්ජල්...."

මද වේලාවක් එලෙස බලා සිටි ජන්කුක් පියවි සිහියට පැමිණ මෙන් අහක බලාගත්තේ ටේහ්‍යුන්ග්ට සියුම් හිනාවක් උපදිද්දි.ජන්කුක්ගේ සිතේ තිබූ ඒ සුන්දර වචනය නොදැනිම ඔහුගේ මුවින් පිටවුනේ ඇත්තෙන්ම කාලෙකට පසු ඔහු හදවතින්ම සිනාසීමට ටේහ්‍යුන්ග් හේතුවක් වූ බැවිනි.ජන්කුක් කෙලිලොල් සහගත ටේහ්‍යුන්ග් නිසා ඔහුගේ ළමා කාලය සිහි වී සතුටු වුනා වගේම සාමාන්‍ය ටේහ්‍යුන්ගෙන් කිසිවෙක්ගෙන් ඔහුට නොලැබුනු කිසියම් නාමයක් නොමැති ආදරයක් ලැබෙනවා කියා සිත සැක කලේ ඔහුගේ හැටි දැන දැනත් තමාව තේරුම් අරගෙන ඔහුට මෙතරම් හොදින් කතා කළේ ටේහ්‍යුන්ග් පමණක්ම වූ නිසාවෙනි.සිනහවක් තුළින්ම කතා කළ ටේහ්‍යුන්ග්....

"ඒන්ජල්? මම?.."

එකවරම පියවි සිහියට ආ ජන්කුක් අහක බලාගත්තේ ටේහ්‍යුන්ගේ ඒ ආකර්ෂණීය දෑස් මග හැරීමටයි...

"මන් වගේ නරුමයෙක්ට ඔය තරම් හොදට කතා කරන්න එපා...."

අහක බලාගෙනම හැගීම් විරහිතව ජන්කුක් එලෙස පැවසුවේ ඔහුගේ ඇස් අගින් කදුලු බිදක් ගලාගෙන යද්දි.ජන්කුක්ගේ කම්මුල හරහා ගලා ආ මිණි කැටයක් බදු වූ ඒ කදුලු බිදට නිරපරාදේ පොළොවට වැටීමට ඉඩ නොදුන් ටේහ්‍යුන්ග් ඊට අත්ල ඇල්ලුවා.

"මමත් හිතුවේ එහෙම තමයි...ඒත් හිතක් පපුවක් නැති මිනිහෙක් නම් මෙච්චර දවස් ටේටේ එක්ක ඉන්නෝ කියන්නේ හීනයක්..."

ටේහ්‍යුන්ග් තමන්ගේ අත්ලෙහි වූ ජන්කුක්ගේ කදුල දෙස බලාගෙනම එලෙස පැවසුවා.

"සමාවෙන්න...පවුල නැතිවුන දුක ගැන හොදටම දන්න මම වගේ කෙනෙක්ම ඔයාව පවුලෙන් ඈත් කරපු එකට...."

සියුම් ස්වරයෙන් එලෙස කියූ ජන්කුක් මොකක්ද මේ කරන්නේ කියලා ඔහුගේම හිත කෑගැහුව නිසා තමන්ගේ පිට අල්ලෙන් ඇස පිසදා බෙහෙත් දා අවසන් කර එතනින් නැගී සිටියේ ටේහ්‍යුන්ග්ට කිසිවක් පැවසීමට ඉඩ ලබා නොදෙන්මින්ය.

"ලෑස්ති වෙන්න ගමනක් යන්න..."

"කොහෙද....."

ටේහ්‍යුන්ග් ප්‍රශ්නාර්ත බැල්මකින් එහෙම කියද්දි තමා දෙස ඔලුව උස්සා පපී අයිස්වලින් බලාගෙන ඉන්න ටේහ්‍යුන්ග්ව දැකපු ජන්කුක්ට හිනාවෙන්න ඕන වුනත් එයා තොල්හපාගෙන ඒක මැඩපවත්වගෙන හිටියා.එකපාරටම මොකක්ද වුනේ කියලා පුදුම වුනු ටේහ්‍යුන්ග්....

"ම්...මොකද ඔයා හිනාවෙන්නේ...ආහ්...."

"නෑ නිකන් ටේටේව මතක් වුනා..."

"ඇයි එයා...මොකෝ..."

"ඔයාලා දෙන්නම එක්කෙනෙක්මද කියලා කල්පනා කරේ...ඒකෙන් වැඩක් නෑ...යන්න ලෑස්ති වෙන්න..."

ජන්කුක් දිහා ඔරවගෙන ටික වෙලාවක් බලාගෙන හිටපු ටේහ්‍යුන්ග් තොලුත් පෙරලන් කාමරේ වොශ් රූම් එක පැත්තට ගියේ ජන්කුක්ත් එයාගේ පස්සෙන් එද්දි.ජන්කුක් පිටිපස්සේ කියලා ලාවට වගේ තේරුන ටේහ්‍යුන්ග් ගමන නවත්වා එකවරම පිටිපස්ස හැරුණේ ජන්කුක් එකතැන නවතිද්දි.

"බොඩිගාඩ් කියලා ඔයා දැන් වොශ් රූම් එක ඇතුළටත් එන්නද හදන්නේ...."

ටේහ්‍යුන්ග් එලෙස පවසද්දි ජන්කුක් නැවතත් කට කොනින් හිනාවෙන ගමන් අහක බැලුවේ ටේහ්‍යුන්ගේ දෑස් විසල් කරමින්.....

"යාහ්...ඒ සැරේ මොකෝ හිනාවෙන්නේ....."

"ඔයාව හම්බුනු පළවෙනි දවස මතක් වුනා..."

ජන්කුක් වැඩි ගානක් නැතුව එහෙම කියද්දි තරහෙන් හොද හුස්මක් ගත්තු ටේහ්‍යුන්ග්...

"මට ඒ දේවල් මතක නැති එකෙන් ඔයා මාව විහිලුවකට ගත්තද....."

ටේහ්‍යුන්ග් මදක් සැරින් කෑ ගහද්දි ජන්කුක් එකවරම ඔහු අසළට ළං වෙන්න ගත්තේ ටේහ්‍යුන්ග්ව මදක් බිය ගන්නවමින්. අඩි දෙකට තුනට ටේහ්‍යුන්ග් අසළටම ආ ජන්කුක් ඔහුගේ මූණ ළගට එක අතක් ගෙනියන්න ගත්තේ ටේහ්‍යුන්ගේ හදවතේ ස්පන්දනය වැඩි වෙනවත් එක්කමයි.කලබලය නිසාම ටේහ්‍යුන්ග් දෑස් පියා ගත්තත් කිසිම වෙනසක් නොදැනුනු නිසා දෑස් ඇර බලද්දි දුටුවේ ජන්කුක් ටේහ්‍යුන්ග්ට පිටුපසින් තිබූ රැක් එකේ වූ ටවල් එක අතට ගන්නා ආකාරයයි.

"මොකෝ බයවෙලා..."

ටවල් එක අරගෙන ඈත්වුනු ජන්කුක් එහෙම අහද්දි ටේහ්‍යුන්ග් බිම බලාගත්තේ කම්මුල් රත් පැහැගැන්වෙද්දි.නැවතත් කට කොනින් හිනාවක් දාපු ජන්කුක්....

"මම වොශ් රූම් එකට යන්න හැදුවේ...."

"ආ....? මම යන වොශ් රූම් එකටම?.."

ටේහ්‍යුන්ග් ඇස් ජිල් බෝල සයිස් කරගෙන ඇහුවා...

"ඔයා යනවා නම් යන්න....ඔයා මේ වොශ් රූම් එකට යන්න හදන්නේ කියලා මම හිතුවේ නෑ..."

"මොකක්...."

"ඇයි මේ මම ඉන්න කාමරේ වොශ් රූම් එකනේ...."

ජන්කුක් එහෙම කියද්දි ටේහ්‍යුන්ග්ට මතක් වුනේ තමන් ඉන්නේ තමන්ගේ කාමරේ නෙවෙයි කියලා.කෙල ගුලියක් ගිලලා ටේහ්‍යුන්ග් ලැජ්ජාවෙන් ජන්කුක් දිහා බැලුවේ තමන්ම ජන්කුක්ට මුලින් කිව්ව දේ සිහිවෙලයි....

"අහ්....ඔව්නේ...මේක ඔයාගේ රූම් එකේ වොශ් රූම් එකනේ...මම ඉන්න ඕනේ මගෙ රූම් එකේනේ....හ්....හරි හරි ඔයා යන්න...."

"අමතක වෙලාද මේකට යන්න හැදුවේ...මම හිතුවේ ටේටේ වගේ ටේහ්‍යුනුත්........"

ජන්කුක් කුප්ප හිනාවක් දාලා එහෙම කියලා නවත්තද්දි අහන්න ප්‍රශ්න ගොඩක් තිබ්බත් නොසන්සුන් වූ ටේහ්‍යුන්ග් මුකුත්ම නොකියා තොලුත් හප හප ඇහිලිත් පටලවගන්න ගමන් එතනින් ඉක්මනට මාරු වුනේ ටේහ්‍යුන්ග් යන දෙස බලා සිටි ජන්කුක්ගේ කට කොනින් හිනාවක් යද්දි.ටේහ්‍යුන්ග් දොරත් වහගෙන කාමරෙන් එළියට ඇවිල්ලා හිසකෙස් අවුල් කරගන්න ගමන් එතනම එහෙට මෙහෙට ඇවිද්දේ තමන්ටම මොනාදෝ මුමුණ ගන්න ගමන්....

"ආෂ්....මොකක්ද ඒ වුනේ.... මොකක් ගැනද ඒ කිව්වේ.... ශිට් මට මුකුත් මතක නෑනේ... ඔය ටේටේ පිස්සා කරපු ඕන්නැති වැඩක් වෙන්නැති ශුවර් එකටම....ආහ්හ්!!!...."

පිස්සෙක් වගේ කියවන්න ගත්තු ටේහ්‍යුන්ග් එහෙම්මම හිත හිත එයාගේ කාමරේට ගිහින් බැල්කනිය ළගට ගියා.බැල්කනියේ පඩියට අත් දෙක තියලා හොද හුස්මක් අරන් එළියට බරවුනු ටේහ්‍යුන්ග්....

"අයි හේට් යූ ටේටේ!"

කියලා මහ හයියෙන් පිටට කෑ ගැහුවේ තමාටමයි කියාගන්නේ කියන එකත් අමතක වෙලා...














_________________________________________________________

බුහාහාහා දැන් ජන්කුක්ගේ වාරේ...ටේහ්‍යුන්ග් අසරණයි👀

දැන් තමා කතාව පටන් ගන්නේ.ඉස්සරහට ටිකක් හොද හොද සීන් ටිකක් මගේ ඔලුවේ කැරකෙනෝ...ඊළග අප්ඩේට් එක අප්‍රේල්වල දෙන්න වෙම්නේ එක්සෑම් නිසා...

වෝට් 120ක්වත් ඕනේ☹ views ගානත් එක්ක හරියන්නේ නෑ.කුරිරු වෙන්න හිතුවා🙂

පරිස්සමින් ඉන්න💜️
ලාවියූ❤️💜

Seguir leyendo

También te gustarán

1.1M 20.1K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
96.4K 3.2K 52
"𝐓𝐫𝐮𝐭𝐡, 𝐝𝐚𝐫𝐞, 𝐬𝐩𝐢𝐧 𝐛𝐨𝐭𝐭𝐥𝐞𝐬 𝐘𝐨𝐮 𝐤𝐧𝐨𝐰 𝐡𝐨𝐰 𝐭𝐨 𝐛𝐚𝐥𝐥, 𝐈 𝐤𝐧𝐨𝐰 𝐀𝐫𝐢𝐬𝐭𝐨𝐭𝐥𝐞" 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 Caitlin Clark fa...
162K 5.7K 42
❝ if I knew that i'd end up with you then I would've been pretended we were together. ❞ She stares at me, all the air in my lungs stuck in my throat...
275K 17.4K 21
"you might not be my lover, but you still belong to me" "crazy, you don't even love me but you want to claim me as yours? have you lost your mind jeo...