𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)

By Dul_Shi

53.6K 8.3K 3.3K

ඩැඩී ... ඩැඩී ...??? ජස්ට් ෆලෝ මී ... ආෂ් මොන කරදරයක්ද මේක ... ______________________________________________... More

INTRO
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
chapter 10
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
👀
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34

Chapter 11

1.6K 273 76
By Dul_Shi


"දැන්ම යනවා ඇතුළට....."

"ක.....කවුද ඒ......."

මැන්ශන් එකේ දොර අසළ සිටින ජන්කුක්ව දුටු පසු ටේහ්‍යුන්ගේ බිය නැති වී ගියත් ජිමින් කතා කරේ ටිකක් බයෙන් වගේ.ඔවුන් අසළට පැමිණි ජන්කුක් බිම වැටිලා ඉන්න ජිමින් දෙස බලමින් ටේහ්‍යුන්ග් පැත්තට හැරුනා......

"ටේහ්‍යුන්ග්.... ඔයාට කාවවත් මෙහෙම හම්බ වෙන්න බෑ...අනික කාමරෙන් එළියට යන්නත් ඔයාට තහනම්...."

ජන්කුක් පෙරට වඩා මදක් සන්සුන් ස්වරයෙන් කියද්දි හෙමිහිට නැගිට්ට ජිමින්....

"ටේ.....කවුද මේ....."

"ජිමිනි.... එයා තමයි ටේටේගේ ඩැ......"

"මමයි...එයාගේ ප්‍රයිවට් බොඩිගාඩ්...."

ටේහ්‍යුන්ග්ගේ කතාවට බාධා කරමින් ජන්කුක් එලෙස පවසද්දි එය අසා දෙදෙනාම මද වේලාවක් විස්මයෙන් සිටි නමුත් දඩිබිඩි ගාලා නැගිට්ට ටේහ්‍යුන්ග්  ජන්කුක්ගේ පිටට නැගලා බෙල්ල වටේ අත් යවාගත්තේ ලොකු සතුටකින්.

"වාව්.... ඩැඩී... ඩැඩීද එතකොට ටේටේව ආලක්සා කරන්නේ...එහෙනම් ඩැඩී හැමවෙලේම ටේටේ එක්ක ඉන්න ඕනේ හලිද..."

ටේහ්‍යුන්ග් එලෙස පවසද්දි ජන්කුක්ට සියුම් සිනාවක් ගිය නමුත් එය ඉක්මනින් අතුරුදහන් කර ගත්තා...ජිමින් හිටියේ ජන්කුක් හා ටේහ්‍යුන්ග් දෙස තක්බීරි වෙලා වගේ බලාගෙනයි... ජිමින් දිහා බලපු ටේහ්‍යුන්ග්.....

"ජිමිනි...මුකෝ....."

ටේහ්‍යුන්ගේ හඩත් සමග පියවි සිහියට ආපු ජිමින්...

"න්....නෑ මු...මුකුත් නෑ...."

ජිමින් වචන පටලවමින් පැවසුවා.මොකද ජිමින් පවා ජේකේ පිළිබඳව පෙරදී අසා තිබෙනවා.

"ටේහ්‍යුන්ග්.... දැන් ඇතුළට යන්න...."

ජන්කුක් නැවතත් එලෙස පවසද්දි ජන්කුක්ගේ කර මතින් බැහැපු ටේහ්‍යුන්ග්......

"හලි එහෙනම් හැමෝම ඇතුළට යමු...ආ තව දෙයක් ඩැඩී.... ටේහ්‍යුන්ග් නෙවෙයි ටේටේ...."

එහෙම කියලා ටේ ඉස්සර වෙලා යද්දි නැවතත් ජන්කුක්...

"අදුරන්නේ නැති අය ඇතුළට නාවට කමක් නෑ......."

ජන්කුක් වැඩි කෙයා එකක් නැතුව කියද්දි ටේත් ගමන නතර කරලා පිටිපස්ස බැලුවා...

"හහ්... ඔයා අදුරන්නෑ කිව්වේ මටද....."

ජිමින් ටිකක් නුරුස්සන ස්වරයකින් එහෙම කියද්දි ජන්කුක්....

"අදාළ අයට...."

"දැනගන්නවා.....ඔයා අදුරන්නේ නැති වුනාට ටේ මගෙ කවුද කියලා ටේ හොදටම දන්නවා..."

"ඉතින් මට මොකෝ....."

"ත...තමුසේ...."

ජිමින් තරහෙන් දබර ඇගිල්ල උස්සලා කතා කරන්න හදද්දි ඒ දිහා එක එල්ලේ බලපු ජන්කුක්ව දැක්ක ජිමින්ගේ දබර ඇගිල්ල වෙවුලන්න ගත්තා.... ඉක්මනට ආපහු පාත දාගෙන තරහ පාලනය කරන ගමන් කතා කරන්න ගත්තු ජිමින්.......

"හ්ම්ම්...හරි මම ආවේ ටේ හොදින්ද කියලා බලන්න විතරයි...මොනාවුනත් මට ඔයාව සත පහකට ශුවර් නෑ...."

"ඔයාට මාව විශ්වාස නැති එක කාටවත් ප්‍රශ්නයක් නෙවෙයි..."

ජන්කුක් ආපිට නැවතත් එහෙම කියද්දි දත්මිටි කන්න ගත්තු ජිමින් අනිත් පැත්තට ආපහු කියන්න ගද්දි එකපාරටම ඇහුනේ මෙතරම් වෙලා නිශ්ශබ්ද සිටි ටේගේ හඩ.....

"යාහ්.....නවත්තන්න අලේ......"

"ආහ්.......ට්.....ටේ බබා.....මොකද මේ...."

ඒත් එක්කම ජන්කුක්ත්.....

"ආයිෂ්.....ටේ......."

ජන්කුක් හා ජිමින් මූණත් අතින් කවර් කර ගන්න ගමන් එහෙට මෙහෙට ඇඹරෙන්න ගත්තේ ටේහ්‍යුන්ග් ඉන්න පැත්තේ ඉදලා එන වතුර පාරක් ජන්කුක්වයි ජිමින්වයි ලාවට තෙමන්න ගත්තු නිසා.මෙතරම් වේලාවක් ජන්කුක්ගෙත් ජිමින්ගෙත් බහින් බස් වීම දෙස මාරුවෙන් මාරුවට ඔලුව හරව හරව බලන් ඉදපු ටේ ගාර්ඩ්න් එකේ තණකොළ උඩ තිබුනු හෝස් එකක් දැකලා තොල් පටලවගෙන ලාවට හිනාවුනේ ආපහු ජන්කුක් දෙසත් ජිමින් දෙසත් බලන අතරේ.කරාමය විවර කර එය අතට ගත් ටේ ජන්කුක්ටත් ජිමින්ටත් ඒකෙන් වතුර විදින්න ගත්තේ මුව පුරා ලස්සන සිනාවක් ඇදෙද්දි.විනෝදකාමීව ටේ සතුටින් උඩ පනින ගමන් හෝස් එක කරකවන ගමන් මුලු ගාර්ඩ්න් එක වටේම ගෙන ගියා....

"ඕක නවත්තන්න ටේ......"

"අනේ ටේ බබා....ජිමිනි ආපහු ගෙදර යන්නේ කොහොමද..."

ජන්කුක් හා ජිමින් වෙත එල්ල වී තිබුනු හෝස් එක පසුව ටේ අහස වෙතට දිගු කරා.අහසේ සිට වැටෙන හෝස් එකේ ජල බින්දු අල්ලන්න උත්සහ දරමින් ඒවා සමග සෙල්ලම් කරන්න ගත්තු ටේගේ කෙලි ලොල් සිනහා හඩ මුලු ගාර්ඩ්න් එක පුරාම පැතිරුනේ ජන්කුක්ගෙත් ජිමින්ගෙත් මුවට සිනහ රැල්ලක් එක් කරමින්. ටික වෙලාවක් ටේ එලෙස විනෝද වෙද්දි දෙදෙනාම තෘප්තිමත් සිනාවකින් ඔහු දෙස බලා සිටියා.ඒත් සියල්ලන්ගේම සුන්දර ලෝක බිදුනේ ගේට්ටුව අසළින් ඇසුණු ශබ්දයත් සමගයි.ගේට්ටුවෙන් ඇතුළට ආපු කෙනාව දැකපු ටේ ඇස් ලොකු කරගෙන හිනාවෙලා අතේ තිබ්බ හෝස් එකත් විසික් කරලා එයා ළගට දුවන්න ගත්තේ අනෙක් දෙදෙනාට පුදුමයක් එක් කරමින්.....

"අලේ.....ලී අන්කල්......"

ගේට්ටුවෙන් ඇතුළට ආපු ගමන් තමන් වෙතට දුවගෙන එන්නේ කවුරුත් නෙවෙයි යක්ස පැටියෙක් කියලා දන්න මිස්ටර් ලීට දුවන්න පාරවල් මදි වුනත් කර කියා ගන්න දෙයක් නැතුව කෙල ගුලියකුත් ගිලලා බලාගෙන හිටියා.ටේ දුවගෙන එන්නේ තමන්ගේ ඇගට කඩාගෙන පනින්න කියලා දන්න මිස්ටර් ලී ක්ෂණිකව ආපු අදහසකට බිම වාඩි වුනේ පනින්න බලාගෙන ආපු ටේව මග නතර වෙද්දි.කලබල වුනු ටේ....

"හයියූ අන්කල්... ලිදුනද..."

"ක්...කොහෙද...."

"වැටුනා නේද... කොහෙද වැදුනේ...."

ටේ එහෙම කියද්දි කටට හොද උත්තරයක් ආපු මිස්ටර් ලී එකපාරටම කකුලක් අල්ලගෙන.....

"ආහ්....ආව්...ස්ස්ස්....ඔව් ඔව්... මගෙ කකුල පෙරලුනාද කොහෙද..."

"අයියූ.....කෝ නැගිටින්න අපි බේත් දාගන්න යමු... ඩැඩී මේ අන්කල්ව උස්සගෙන ඇතුලට ගෙනියමුකෝ....."

ටේ එහෙම කියද්දි ජන්කුක්ගේ ඇස් උඩ ගියත් එක්කම මිස්ටර් ලීට ලොකු කෙල ගුලියකුත් ගිලුනා.

"න්....නෑ නෑ ටේ බබා.... මට අමාරුවක් නෑ... මම ආවේ පොඩි දෙයක් කියලා මගෙ බයික් එක අරන් යන්න...."

එක කකුලක් එල්ලගෙන වගේ නැගිටලා ජන්කුක් දිහා බලපු මිස්ටර් ලී.....

"මේ....සර්ට හදිස්සියෙම ඉන්ග්ලන්ඩ් යන්න වුනා.... කවුද විශේෂ කෙනෙක්ව එක්කගෙන එන්න කියලා... ඉක්මනින්ම ආපහු එනවා කිව්වා... ඒ වගේම මැන්ශන් එකයි ටේ බබාවයි  බලාගන්න වගකීම ඔයාට දුන්නේ.....

"ම්..මුකක්ද අන්කල් කිව්වේ...."

මිස්ටර් ලී එහෙම කියද්දි ටේගේ මුවින් ඉබේම එලෙස පිට වුනේ ඇස්වල කදුලු පිරෙද්දි.

"ඇයි...."

මිස්ටර් ලී පුදුමයෙන් එලෙස පැවසුවා.ඇස්වලින් කදුලු වැටෙන්න ගත්ත ටේ එකපාරටම මැන්ශන් එක ඇතුළට දිව්වේ ජන්කුක් සහ ජිමින් මූණට මූණ බලාගනිද්දි. මිස්ටර් ලී හොද සුසුමක් හෙලලා එතනින් යද්දි අනෙක් දෙදෙනා විගසින් මැන්ශන් එක ඇතුළට ගියාම දැක්කේ සෝෆා එකේ මූණ ඔබාගෙන හොදටම අඩන ටේව.ඉක්මනින්ම සෝෆා එක ළගට දුවගෙන ගිහිල්ලා ටේ ළග දණ ගහපු ජන්කුක්.

"ඇයි ටේ... මොකක්ද වුනේ..."

ජන්කුක් සන්සුන් ස්වරයකින් එහෙම අහද්දි ටේගේ ඇඩිල්ල තවත් වැඩි වුනා.

"අප්පා හලි නලකයි... ටේටේට ආදලේ නෑ...ටේටේ එක්ක හිටියෙම නෑ...."

ටේ ටිකක් ඔලුව උස්සලා එහෙම කියලා ආපහු සෝෆා එකේ මූණ ඔබාගත්තා.ටේ දිහා කණස්සල්ලෙන් වගේ බලාගෙන හිටපු ජිමින් හිතුවේ....

'ජේහ්‍යුන්ග් අන්කල් එයාගේ පුතෙක්ට වගේ ඔයාට කවදාවත් ආදරේ කරේ නෑ ටේ...'

ටේ අඩන විදිහ දැකලා ජන්කුක්ගෙත් හදවත ඇදුම් කෑවේ ටේටේ බබා මවාගෙන ඉන්න මන්ඃකල්පිත ලෝකය ගැන දුක හිතිලා.

ජන්කුක් කණස්සල්ලෙන් හිමීට ටේගෙ හිස පිරිමදින්න ගත්තා.ආපහු එකපාරටම ඔලුව උස්සලා නැගිටලා සෝෆාව උඩ වාඩි වුණු ටේ කදුලු පිහදාගෙන මූණත් දෙක කරන් ඉස්සරහෙන් ඉන්න ජන්කුක් දිහා බලන් ඉදලා ජන්කුක්ට ටේ ඉන්න තැනට එහා පැත්ත පෙන්නුවේ එතනින් වාඩි වෙන්න කියන්න වගේ.අඩලා අඩලා රතු වෙලා පිම්බිලා තියෙන ටේගෙ සිනිදු කම්මුල් දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ජන්කුක් එයාගේ එහාපැත්තෙන් ඉදගත්තා.එකපාරටම ජන්කුක්ගේ අතක් ඇදලා ගත්තු ටේ තමන්ගේ කට ළගට අරගෙන ආවා..... ඒත් එක්කම ජන්කුක්...

"ආආආආව්........."

ජන්කුක් ඉබේටම කෑ ගහන්න ගත්තේ ටේ එකපාරටම එයාගේ අත හයියෙන් හපන්න ගත්තු නිසා... මේ දිහා බලාගෙන හිටපු ජිමින් ජන්කුක්ට....

"ඔහොම්ම ටිකක් ඉවසගෙන ඉන්න... එයා දුක තරහ පිට කරන්නේ ඔය විදිහට..."

ජිමින් පිටට එන්න තියෙන හිනාව තොලුත් හපන් හිරකර ගන්න ගමන් එහෙම කිව්වේ ජන්කුක් ඒක අහලා දත් තොල් සේරම හපාගෙන ටේට තමන්ගේ අත හපන්න ඉඩ දීලා  ඉවසන් ඉදිද්දි...තත්පර හතක් විතර හපාගෙන හිටපු ටේ අත කටින් අහකට අරගෙන මාර්ක් එක දිහා බලලා ජන්කුක්ගේ මූණ දිහා පපී අයිස්වලින් බැලුවා.

"ලිදුනද....."

"න්....නෑ නෑ අවුලක් නෑ..."

"සොලී......"

තොලුත් පෙරලන් එහෙම කියපු ටේ ජන්කුක්ගේ අත එයාගේ චූටි අත්වලින් පිරිමදින ගමන් එයාගේ පපුවේ මූණ හංගගත්තා.ඒත් එක්කම ටේගෙ හිස නැවතත් පිරිමදින ගමන් ජන්කුක් නැවතත් හඩ අවදි කළා.

"අඩන්න එපා... මම ඉන්නවනේ..."

"හ්ම්ම්ම්ම්....."

ටේ ජන්කුක්ගේ පපුවේ හංගගෙන ඉන්න ඔලුව උඩට පහළට කරන ගමන් කිව්වා.ටේහ්‍යුන්ග් කෙතරම් එපා කියද්දිත් ඔහුව මෙහි රැගෙන ඒම පිළිබඳව ජන්කුක්ගේ සිතේ ඇති වී තිබුනේ තමා පිළිබඳවම වරදකාරී හැගීමක්.ජන්කුක් පවා දැන සිටියා මිස්ටර් කිම් ඔහුගේ පවුලේ කිසිවක් පිළිබඳව සොයා බලන්නේ නැති බව.ඉදිරියට මොන දේ වුනත් ඕනම දේකදි තමන් ටේ අසළම සිටින බවත් ඔහුව ආරක්ෂා කරන බවටත් මේ වනවිටත් ජන්කුක් තමාටම අදිටන් කරගෙන සිටියේ ඒ වරද නිවැරදි කරගන්නමයි.ජිමින් ද ඔවුන්ට බාධා නොකර බලාගෙන සිටියේ ජන්කුක් ළග ටේහ්‍යුන්ග් ආරක්ෂිත බව හොදටම අවබෝධ කරගෙනයි.

ටික වෙලාවකින් ටේහ්‍යුන්ගේ දුක නැතිවෙනවත් එක්කම නැවතත් දගකාර ටේටේ අවදි වෙන්න ගත්තා.ජිමිනුත් සිටින නිසා ටේ නිසා සිදුවන කරදරවලට ජන්කුක් මුහුණ දුන්නේ තනිවම නොවේ.මුලින්ම තිදෙනාම එකතු වී ෆිල්ම් බැලුවේ ඒක ටේගෙ ආසම වැඩක් නිසා.


"අජුම්මා යන්නකෝ.... අපි මේක කලන්නම්...."

"අයියෝ ඩැඩී ඔහොම නෙවෙයි කපන්නේ...."

"අලේ අඩන්න එපා...."

"ජිමිනි ඕක හැදි ගාන්න...."

"ඔන්න ඔන්න බලාගෙන වීදුලුව... හයියූ... බිදුනා නේද...."

"බලන්නකෝ අජුම්මා.... මෙයාලා දෙන්නා හලියට ලිත්ල් ස්පේස් බබාලා වගේනේ...."

ටික වෙලාවකින් කුස්සියට ආපු ටේ මේඩ්ස්ලව කුස්සියෙන් අයින් කරලා ජන්කුක්ටත් ජිමින්ටත් ඒප්‍රන් දාලා බලෙන්ම කුස්සියට ඇදගෙන ආවා.ඒ වෙලාවෙදි නම් ඔවුන්ට වැඩ කරන්න වුනේ ටේගේ උපදෙස්වලට. මොනාවුනත් කුස්සියේ වැඩවලදි ජන්කුක් හා ජිමින් දෙදෙනාම ටේටත් වඩා පොඩි ළමයි වගේ වැඩ කරේ.ළූණු කපන්න වුනු ජන්කුක් කපනවට වඩා කරේ අඩන එක.මතක ඇති කාලෙක අඩලා නැති ජන්කුක්ට ඒකත් අලුත් අත්දැකීමක්.ලුණු දාන්න ගිහින් බෝතලේම වැටිලා හොද්දම විනාශ කරගත්තු ජිමින්ට ටේටේගේ දිග දේශනයක් අහන් ඉන්නත් වුනා.කුස්සියට වෙන විනාසය දිහා පැත්තක ඉදන් බලාගෙන හිටපු මේඩ්ස්ලත් කුටු කුටු ගගා අත කටින් වහගෙන හිනාවුනේ එයාලා කවදාවත් ජේකේව මේ විදිහට බලාපොරොත්තු නොවුනු නිසා.ජේකේට හිනාවෙනවා තියා ළගින් යනකොටත් බය වුනු මේඩ්ස්ලා මෙහෙම හිනාවෙනවා කියලා දැක්කත් ජන්කුක් හිටියේ තමන් කර කර හිටපු වැඩේට අවධානය දීලා.අන්තිමට කෑම හදලා ඉවරවුනත් ආපහු මේඩ්ස්ලටත් රෑ කෑම හදන්න වුනේ ඒ කිසිම කෑමක් කටේ තියන්න බැරිවුන නිසා.

එතනින් නැවතුනේ නැති ටේ ලිවින් රූම් එකේ පැත්තක තිබුනු මිල අධික වීදුරු භාණ්ඩ කිහිපයක් දෙස පරීක්ෂාකාරීව බලද්දි අන්තිමට එයින් එකක් බිමත් දාපු ටේ මුකුත් නොවුන ගානට ජන්කුක් ජිමින් ළගට දුවගෙන ආවා.ටේටේගේ වැඩවලට කලින් ඉදන්ම පුරුදු වෙලා හිටපු ජිමින් ටේටේව ටිකක් පාලනය කරගෙන හිටියා.ටේ ජන්කුක්වත් එයාගේ විනෝදකාමී වැඩවලට ඇදලා ගත්තු නිසා මුලින් ජන්කුක් තරහ ගත්තත් අදිමදි කළත් පසුව ජන්කුක්ට තමන් මොන වගේ කෙනෙක් ද කියලත් අමතක වුනේ ටේටේගේ නොයෙකුත් විකාර වැඩවලට ජන්කුක් ද හදවතින් හිනාවෙන්න ගත්තු නිසා.ටේහ්‍යුන්ගේ පමණක් නෙවේ තමා ළගත් දෙදෙනෙක් සිටින බව ජන්කුක් හොදින්ම දැනගත්තේ එදිනයි.ටේ නිසා ජන්කුක් ජිමින් දෙදෙනාම හිටියේ හොදටම හෙම්බත් වෙලා.ඒ අතරේ කැත්තට පොල්ල වගේ හිටපු ජන්කුක් හා ජිමින් දෙදෙනාගේ රණ්ඩු බේරන තැනදි ටේ ඔක්කොටම වඩා ලොකු කෙනා වගේ පෙරමුණ ගත්තා.එදින දවසෙම ඔහු සිටියේ ලිට්ල් ස්පේස් බබා විදිහට.ඔහු සාමාන්‍ය අතට හැරුණොත් තවත් දුක් වෙනවා පමණයි බව දන්නා ජන්කුක් ද ටේ ඒ විදිහට ඉන්නවට ආස කළා.නමුත් සාමාන්‍ය ටේහ්‍යුන්ග් සමග කතා කිරීමට ජන්කුක්ගේ සිත පෙරැත්ත කළේ ඔහුව තවත් හදුනා ගන්නයි.

රාත්‍රිය අවසන් වෙනවත් එක්කම ඒ තිදෙනා පමණක් නොවේ මැන්ශන් එකේ සිටි මේඩ්ස්ලත් හිටපු හිටපු තැන්වල වැටුණේ අන්තිමට සේරම සෙල්ලම් ඉවර වුනේ උදේ වගේ ටේට බෙහෙත් පෙව්වට පස්සේ නිසා.ඒ වගේම ඒ වෙද්දි මේඩ්ස්ලටත් කරන්න වැඩ ගොඩක් ඉතුරු කරලා ටේ මූණත් ඇඹුල් කරගෙන පැත්තකට වෙලා බිම ඉදගෙන අඩ අඩ හිටියේ ආපහු තිත්ත බෙහෙත් බීපු නිසා.

"ඩැඩීත් නලකයි...ජිමිනිත් නලකයි....අජුම්මත් නලකයි....උයාලා ඔක්කොම නලකයි.....හුවෑඈඈ...."



එදින රාත්‍රියේ තිදෙනාම කාමර තුනකට ගියේ මුලු දවසෙම වුනු මහන්සියට හොදට නිදාගන්න කියලා හිතාගෙන. ටේගේ බලකිරීම නිසාම ජිමින්ට එදින එහේ නවතින්න වුනේ ජන්කුක්ගේ නම් වැඩි කැමැත්තකින් නෙවෙයි.නිදාගන්න සූදානම් වෙලා ලයිට් එක නිවපු ජිමින්ට ඇහුනේ දොර ඇරෙන සද්දේ.ආපහු ලයිට් එක දාපු ජිමින් දැක්කේ බෙයා ඇදුමකුත් ඇදගෙන කොට්ටයක් බදාගෙන දොර ඉස්සරහ පපී අයිස් දාගෙන බලන් ඉන්න ටේව.

"ඇයි ටේ........."

"ටේටේට නින්ද යල්ලෑ....."

"එහෙනම් ජිමිනි එක්ක නිදාගන්නවද...."

එහෙම කියනකොට සතුටින් පිනා ගියපු ටේහ්‍යුන්ග් උද්‍යෝගයෙන්...

"කමක් නැද්ද......"

"රෑට ගොරවන්න බෑ හැබැයි....."

ජිමින් විහිලුවට වගේ එහෙම කියද්දි ටේ දුවගෙන ඇවිල්ලා ඇදට පැනලා කොට්ටේ උඩ ඔලුව තියාගෙන ගෙනාපු කොට්ටෙට කකුලක් දාලා බදාගෙන අනිත් පැත්ත හැරිලා නිදාගත්තේ ජිමින් ද ටේබල් ලෑම්ප් එක ආපහු ඕෆ් කරලා නිදාගනිද්දි.ඒත් වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා නින්ද යාගෙන එද්දි ජිමින්ට තමන්ගේ පිටට කවුරුහරි අනිනෝ වගේ තේරුන නිසා ලයිට් එක ආපහු දාලා අනිත් පැත්ත හැරුණේ ඒ ටේ කියලා හොදටම දන්න නිසා.ඇගිල්ලකුත් සූප්පු කරන ගමන් බලාගෙන හිටපු ටේ......

"ටේටේට නින්ද යල්ලෑ......"

ආපහු ටේ එහෙම කියද්දි රෑටවත් ටිකක් රෙස්ට් කරන්න කියලා හිතාගෙන ආපු ජිමින්ට ඉතින් දෙවියන්වත් මතක් වුනා. හුස්මක් පිට කරලා කතා කරපු ජිමින්....

"එහෙනම් දැන් ටේ බබාට කොහොමද නින්ද යන්නේ...."

"එන්නකෝ...."

ටේ එහෙම කියලා ඇදෙන් බැහැලා එක අතකින් කොට්ටෙත් බදාගෙන අනිත් අතෙන් ජිමින්ගේ අත අල්ලගත්තේ එයාට තමන් එක්ක එන්න කියන ගමන්.ජිමිනුත් ටේ යන පස්සෙන් ගිහින් නැවැතුනේ ජන්කුක්ගේ රූම් එක ඉස්සරහ.ජිමින් ටේ දිහා පුදුමෙන් බලලා.......

"ටේ.....මොකක්ද කරන්න යන්නේ...."

"එන්නකෝ...යමු ඇතුලට...."

"ම්.....මට බෑ.....අනික මොකටද මෙයාගේ කාමරේට යන්නේ....."

"එහෙනම් ටේටේ යනවා......"

එහෙම කියපු ටේ ලාවට දොර ඇරලා ඇතුළට ගියේ ජිමින් ටේ කරන්නේ මොනාද කියලා දොරෙන් එළියෙ ඉදන් බලාගෙන ඉදිද්දි.ඇතුලට ගියපු ටේ දැක්කේ ඉණ වටේ ටවල් එකක් ඇදගෙන එක අතක තිබුනු තවත් ටවල් එකකින් කොණ්ඩේ පිහදාන ගමන් බිම බලාගෙන වොශ් රූම් එකෙන් එළියට එන ගමන් හිටපු ජන්කුක්ගේ වතුර බින්දු බේරෙන මූණයි ඇත් දල වගේ සුදු පාටට පෙනෙන open chest area එකයි, ඊටත් ටිකක් පහළින් තියෙන ඇබ්ස්වලින්ද සමන්විත වූ perfect body එක.දොරත් ඇරන් ඇතුළට ගියපු ටේ ඇස් ජිල් බෝල සයිස් කරගෙන හිනාවකින් සැරසුණු කටත් ඇරගෙන මොකක්හරි දෙයක් දිහා බලන් ඉන්නවා කියලා දැක්ක එළියේ හිටපු ජිමින්ට හිත තුළ ඉපදුණේ කුතුහලයක්.ඒත් එක්කම ඇතුළට ගියපු ජිමින් දැකපු view එක එයා කොහොමටවත් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඇති.ටේ කටත් ඇරන් බලන් ඉන්නේ ජන්කුක් දිහා කියලා තේරුම් ගත්ත ජිමින් ඉක්මනට තමන්ගේ අත්වලින් ටේගේ ඇස් වැහුවා.

"ආහ්....ජිමිනි පේන්නේ නෑ..."

ටේගෙ කටහඬත් එක්කම ගැස්සිලා ගිහින් ඉස්සරහ බලපු ජන්කුක් ඒ වෙලාවේ තමයි දැක්කේ දොර ඉස්සරහ හිටගෙන ඉන්න ටේවයි ජිමින්වයි.ටේ ජිමින්ගේ අත්වලින් මිදෙන්න දගලද්දි ජිමින් ඉක්මනටම ටේගෙ ඇස් වහගෙනම කාමරෙන් එළියට ඇදගෙන ගියේ වුනේ මොකක්ද කිසි දෙයක් තාම හිතාගන්න බැරුව ජන්කුක් දෑස් විසල් කරගෙන බලාගෙන ඉදිද්දි.

"අලේ ගලවන්නකෝ....."

"මේ..... විකාරද.....එහාට යනවා..."

"ඔයා අපි බලපු ෆිල්ම් එකේ ඉන්න දුස්ටයා වගේ..."

ඇදේ ඉදන් තමන්ගේ ඇගේ නගින්න එන ටේව එහාට කරන ගමන් ජන්කුක් එහෙම කිව්වේ තමන් ඇදගෙන හිටපු ශර්ට් එක ආපහු තද කරගන්න ගමන්. ඒත් එක්කම ටේට අනිත් පැත්තේ ඇදේ කෙලවරේ ඉදපු ජිමින්....

"ටේ..... දැන් නිදාගන්න....."

ජිමිනුත් එහෙම කියද්දි ඇදේ අනිත් දෙන්නගෙම මැදින් හිටපු ටේ මූණත් ගොරකා කෑල්ල කරගෙන ජන්කුක්ගෙන්  ඈත් වෙලා උඩ සිවිලිම දිහා බලාගත්තා.ටේට ඕන වුනේ ජන්කුක්වත් ජිමින්වත් දෙන්නවම දෙපැත්තෙන් තියාගෙන නිදාගන්න.ඒකයි ටේ ජිමින්වත් අරගෙන  ජන්කුක්ගේ රූම් එකට ආවේ.මුලින් ජන්කුක්ත් ජිමිනුත් ඊට විරුද්ධ වුනත් ටේගේ කෑ ගැහිල්ලත් එක්ක දෙන්නටම පරාද වෙන්න වුනා.ඇදට ආපු ටේට මේ වෙද්දි තිබ්බේ වෙන ආසාවක්.ඒ ජන්කුක්ගේ ශර්ට් එක ගලවලා බලන්න.ටේ ජන්කුක්ගේ ඇගේ නගිද්දි බ්ලැන්කට් එකත් පොරෝගෙන අසරණ ලුක් එකකින් ඉස්සරහ බලාගෙන හිටපු ජිමින් බැරිම තැන ටිකක් තදින් එහෙම කිව්වහම ටේත් වැඩේ අතෑරලා සිවිලිම දිහා බලාගත්තා.

ටිකෙන් ටික රෑ වෙද්දි ටේට නම් හොදටම නින්ද ගිහිල්ලා තිබුනත් ජන්කුක්ගෙත් ජිමින්ගෙත් නින්ද අහලකවත් තිබුනේ නැත්තේ ටේ නින්දෙන්ම අත පය විසි කර කර දගලන නිසා.ඒ අස්සේ දෙපැත්තේ හිටපු ජන්කුක්කත් ජිමිනුත් බ්ලැන්කට් එකට පොරකන්න ගත්තේ එක්කෙනෙක් අදින කොට අනිත් කෙනාට නැතිවුන නිසා.ඔය විදිහට ටික වේලාවක් ඉදිද්දි නින්දෙන් ඉන්න ටේ එකපාරටම ජන්කුක්ට කකුලෙන් ගැහුවේ ඇදේ කෙළවරේ හිටපු ජන්කුක්ව බ්ලැන්කට් එකත් එක්කම බිමට වැටෙද්දි.සම්පූර්ණයෙන්ම බ්ලැන්කට් එක නැතිවුන බව දැනුන ජිමින් තරහෙන් අනිත් පැත්ත හැරෙනවත් එක්කම ටේගෙ තවත් පා ප්‍රහාරයකට ජිමින්ටත් මුහුණ පාන්න වුනේ එයාවත් ඇදෙන් බිමට ඇදගෙන වැටෙද්දි.මුලු ඇදේම ආධිපත්‍යය දරාගෙන ටේ අත පය දිගෑරගෙන නිදාගෙන ඉදිද්දි ඇදට දෙපැත්තේ බිම ඉන්න ජන්කුක්ත් ජිමිනුත් ඇද උඩින් ඔලුව උස්සලා මූණට මූණ බලාගත්තේ දෙන්නම ඉන්නේ දැන් එකම බෝට්ටුවේ කියලා තේරුම් අරගෙන.නැගිටින ගමන් කතා කරපු ජිමින්...

"අද නම් නිදාගන්න වෙන්නේ නෑ..."

"හ්ම්ම්......"

ජන්කුක් ද නැගිටින ගමන් එහෙම කිව්වා.නැවතත් හඩ අවදි කළ ජන්කුක්...

"ඔයා ඕන්නම් ඔයාගේ රූම් එකට යන්න.මම ටේ ළග ඉන්නම්...."

ඇස් පොඩි කරන ගමන් හිටපු ජිමින් එතනින් යන්න හැරෙන ගමන්....

"හ්ම්ම්....ආ...මොකක්!..."

"ඇයි....."

"ම්...මොකද ඔය තරම් හොදට කතා කරන්නේ...."

"ඇයි දැන් කොහොමද කතා කරන්න ඕනේ...."

"න්.....නෑ නෑ මුකුත් නෑ.... ඔයා යන්න... මම මෙතන ඉන්නම්.... ටේ හින්දා ගොඩක් මහන්සි වුනේ ඔයානේ...."

"කමක් නෑ ඔයා යන්න...."

"මොකද ඔච්චර ටේ ගාව ඉන්න කැමැත්ත....."

"මමයි එයාගේ bodyguard... එයාව ආරක්ෂා කරන එක මගෙ වගකීම..."

"ඔයාගෙන් එයාව ආරක්ෂා කරන්නේ කවුද......"

"මොකක්...."

"ඇයි....."

"තමුන් දන්නෑ මම කවුද කියලා...."

"මම තමුන් ගැන හොදටම දන්න නිසා තමයි බය....."

"දැන් ඔයා කියන්නේ ටේහ්‍යුන්ගේ boyfriendව ටේ එක්ක තනියම දාලා මට මෙතනින් යන්න කියලද...."

"ම්..ම්වෝ......."

ජිමින් පුදුමයෙන් ඇහුවේ මේ මොන හතරබීරී කතාවක්ද කියලා අහන්න වගේ බලාගෙන.....

"ඔයා කියන්නේ මම ටේගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලද....."

"ඔව්....."

ජන්කුක් අහක බලාගෙන එහෙම කියද්දි ජිමින් හොදටම හිනා වෙන්න ගත්තා....

"ඔ....ඔයා මේ අපේ ටේ බබා කියපු දෙයක් අල්ලගෙනද ඔය කියන්නේ...."

"ඇයි එහෙම නෙවෙයිද දැන්...."

"එයාට කිසිම boyfriend කෙනෙක් නෑ.ඔය ෆිල්ම් එකක බලපු දෙබසක් කියන්න ඇති...එයා ඔහේ කටට ඇවිල්ලා කියපු දේ අල්ලගෙනද මෙච්චර වෙලා මාත් එක්ක හරහටම ආවේ..."

ජිමින් කියන දේවල් පුදුමයෙන් මෙන්ම ලැජ්ජාවෙන් අසා සිටි ජන්කුක් වචන පටලවන ගමන්....

"න්.....නෑ නෑ... මම මොකටද ඒ නිසා ඔයත් එක්ක තරහ ගන්නේ... මට...මට කොහොමත් කිසිම කෙනෙක්ව ඒ තරම් අල්ලන්නේ නෑ..."

"ටේව ඇරෙන්න?..."

ජිමින් කට කොනින් හිනාවක් දාලා එහෙම කියද්දි ආපහු උත්තරයක් හොයන ගමන් මද වේලාවක් නිශ්ශබ්දව සිටි ජන්කුක්....

"ඇ...ඇයි දැන් එහෙම කියන්නේ?...."

"නෑ මුකුත් නෑ... මම මෙතනින් කොහෙටවත් යන්නේ නෑ..... මොකද මට ඔයාව සත පහකට ශුවර් නෑ....."

එහෙම කියපු ජිමින් ආපහු ඇද ළග බිම ඉදගත්තා.

"ඔය කිව්වට මටත් තමුන්ව ශුවර් නෑ..."

ඇදේ අනිත් පැත්තේ හිටපු ජන්කුක්ත් එතනම බිම වාඩි වුනේ ජන්කුක් සහ ජිමින් එකිනෙකා දිහා බලාගෙන තියුණු ඇස්වලින් සටන් කරන්න ගද්දි.ටික වෙලාවක් එකිනෙකා දිහා නුරුස්සන බැල්මකින් බලාගෙන ඉන්න අතරේ දෙන්නගෙම ඔලු එහෙට මෙහට කඩන් වැටෙන්න ගත්තේ නින්ද යාගෙන ආපු නිසා.ඒත් දෙදෙනාම උපරිමයෙන් උත්සහ කරේ අවදියෙන් සිට එකිනෙකා ගැන විමසිල්ලෙන් ඉන්නයි.මේ කිසි දෙයක් දන්නේ නැති ටේ හිටියේ ලස්සන ලස්සන හීනවල අතරමං වුණු සුව නින්දක.

____________________________________________________________

හත්තික්කේ දිගායි.....

ඉස්සෙල්ලා එකම චැප් එක දෙපාරක් පබ්ලිශ් කරා.ආපහු එහෙම කරන්නේ නෑ හොදේ.publish කරාට චැප් එක draft කියලා වැටිලා තිබ්බා.ඒත් ඒක publish කරලා තිබ්බේ.අනේ මන්දා.කොහොමහරි ආපහු එකම චැප් එක ඩබල් අප්ඩේට් කරන්නේ නෑ.ඔයාලා රැවටෙන්න ඇති☹.

බායි❤️
පරිස්සමින් ඉන්න💜️
ලාවියූ❤️💜

Continue Reading

You'll Also Like

2M 57.3K 95
On the twelfth hour of October 1st, 1989, 43 women gave birth. It was unusual as none of them had been pregnant since the first day they started. Sir...
661K 21.6K 80
Follow the story of Cathy Potter as she and the entire school of Hogwarts sees what their future has in store for them... Best Rankings: #3 - Lily Ev...
1.4M 31.8K 60
In which Daniel Ricciardo accidentally adds a stranger into his F1 group chat instead of Carlos Sainz.
202K 5.4K 67
Zero already has a boyfriend that she loves but finds out that he is cheating but she tries to work it out and stay with him. But then she goes to th...