𝐄𝐕𝐈𝐋 𝐀𝐍𝐆𝐄𝐋(𝖳𝖪)

By Dul_Shi

51K 8.1K 3.3K

ඩැඩී ... ඩැඩී ...??? ජස්ට් ෆලෝ මී ... ආෂ් මොන කරදරයක්ද මේක ... ______________________________________________... More

INTRO
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 9
chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
👀
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34

Chapter 8

1.5K 295 95
By Dul_Shi

"ඩැඩී................."

"හත් දෙයියනේ........"

ටේ ඉන්න තැන දිහා උඩ බලාගෙන බලපු ජන්කුක්ට එහෙම කියවුණේ ඉබේටමයි.... සැණකෙලියේ තිබුන Roller coaster එකේ උඩ ඉදගෙන බොක්සි ස්මයිල් දාගෙන ටේ අතත් වනන ගමන් ජන්කුක්ට ඒ විදිහට කතා කරේ උද්‍යානේ හිටපු අනිත් මිනිස්සුත් ටේ ඩැඩී කියලා කතා කරන ජන්කුක් දිහා බලද්දි... ඒ ගැන වැඩි අවධානයක් නොදුන්න ජන්කුක්ගේ හාට් එක අසූ හාරදාහට ගැහෙන්න ගත්තේ ටේහ්‍යුන්ග් කිසි ගානක් නැතුව හිටියට ඒකේ යන කොට දැනෙන ෆීලින් එක මොනවගේද කියලා ජන්කුක් හොදටම දන්න නිසා..... ජන්කුක් Roller coaster එක ළගට දිව්වේ ජැක්සනුත් ඒ පස්සෙන් යද්දි..... අත් දෙක කට දෙපැත්තෙන් තියාගෙන කෑ ගහන්න ගත්තු ජන්කුක්.....

"කොහොමද ඔතනට ගියේ....."

උඩ ඉදපු ටේහ්‍යුන්ග්....

"ඈ........"

"මම කිව්වේ කොහොමද."

"ඕ..."

"ඔතනට ගියේ...."

"ටේටේ....... ඩැඩීගේ.....පර්ස් එකෙන්.... සල්ලි අලගෙන..... ටිකට් එකක්.... ගත්තා.... ඩැඩීත් එන්නකෝ......."

"මගෙ පර්ස් එක....."

ටේ අතේ තියෙන පර්ස් එක පෙන්නලා වචනෙන් වචනේ එහෙම කියද්දි ජන්කුක් තමන්ගේ සාක්කුව අත පත ගාලා බැලුවම තමයි තේරුනේ පර්ස් එක නෑ කියලා.ජන්කුක් වෙවුලනවා වගේ දැක්ක ජැක්සන්.....

"මොකද උබ බයවෙලා...."

"ටේ ඒකේ යද්දි බයවෙයි මනුස්සයෝ..."

ජන්කුක් නියපොතු හප හප Roller coaster එක දිහා බලාගෙන එහෙම කියද්දි හොදට හිනාවෙවී ඉන්න ටේ දිහා බලලා ආපහු ජන්කුක් දිහා බලපු ජැක්සන්.......

"ඒ ළමයටවත් නැති රුදාවක්නේ උබට තියෙන්නේ......"

"ඔයා මුලින් ඔහොම එකක ගිහින් තියෙනවද..."

ජන්කුක් ආපහු කෑ ගහලා ටේගෙන් එහෙම අහද්දි.....

"මොකක්......"

"ඔයා....."

"ඕ....."

"මුලින්...."

"ඕ......."

"ඕකේ....."

"ඕ....."

"ගිහින් තියෙනවද...."

"ඕ..... ආ නෑ.....මේ පස්ට් ටයිම්....."

ටේ එහෙම කියද්දි ඇස් ලොකු කරගෙන කෙල ගුලියක් ගිලපු ජන්කුක්....

"කවුරු හරි අරක නවත්තපිය....."

"බෑ ඕයි දැන් යන්න හදන්නේ....."

ජැක්සන් එහෙම කියද්දි ආපහු කලබලයෙන් ටේ පැත්තට හැරුණ ජන්කුක්...

"දැන් ඉතින් හයියෙන් අල්ලගන්නවා..."

"ඩැඩී එන්නකෝ......"

"යන්න ඉස්සෙල්ලා තමුන්ට ඩැඩීව මතක් වුනේ නැද්ද..."

ජන්කුක් එහෙම කියනවත් එක්කම නිකන්ම ඉස්මොල්ලේ ගිය ජැක්සන් කහින්න ගත්තේ තමන්ට ඇහුණ දේ හරිද කියලා හිතලා ගමන්....

"කැහ්....කැහ් අහෙම්...උබ කවද්ද මිනිහෝ අප්පෙක් වුනේ..."

"ආයිෂ්.... මට තව පිස්සු හදවන්නේ නැතුව ඉන්නවා...."

"යකෝ මිනිස්සුත් බලනවා....ඔන්න ඒ ළමයා වටයක් ගිහින් එයි...."

එහෙම කියලා ජැක්සන් ටිකක් ජන්කුක්ගෙන් එහාට ගියේ මේ ඩැඩීයි බබායි දිහා සැරින් සැරේ බලන් ඉන්න මිනිස්සුන්ට තමන් එයාලාගෙ කෙනෙක් නෙවෙයි කියලා පෙන්නන්න. මොනාවුනත් ජන්කුක් ඒ කිසි දෙයක් ගනන් ගන්නේ නැතුව ටේ ගැන බයෙන් හිටියේ...ආපහු Roller coaster එකේ හිටපු ටේ......

"අනේ ඩැඩී එන්නේ නැද්ද.... ටේටේ බයයි වගේ...."

"මොකක්......"

පුදුමෙන් පුදුමෙට පත් වෙලා එහෙම කිව්ව ජන්කුක්ගේ කකුල් පණ නැතිවෙලා වැටෙන්න ගියේ ජැක්සන් ඉක්මනටම ඇවිල්ලා ජන්කුක්ව අල්ලගනිද්දි...... ජන්කුක්ගේ නොපෙනුනු පැතිකඩක් දකින කන්ෆියුස් ජැක්සන්...

"මොකද මනුස්සයෝ තමුසෙට වුනේ...ඔච්චරටම නටන්නේ මොකද කවදාවත් නැතුව..... අනික ඒ උබ කිඩ්නැප් කරගෙන ආපු එකෙක් නම් ඌ මැරුණත් උබට මොකෝ... අනේ මන්දා උබ අද උදේ ඉදන්ම හරි අමුතුයි... ඒ කොල්ලා තවුසෙට මොනාහරි කරාද...ඕකා වටයක් ගිහින්.... ආව්......ආව්....."

කියාගෙන කියාගෙන ගියපු ජැක්සන්ට අතරමගදි ඒ විදිහට කෑ ගහන්න වුනේ ජැක්සන් කියන කිසිම දෙයක් කනකට නොගෙන හිටපු ජන්කුක් ටේ දිහා බලාගෙනම ජැක්සන්ගේ අත මිරිකද්දි... මොකද එකපාරටම Roller coaster එක ඇද්දුවේ ජන්කුක්ගේ බය තවත් වැඩි කරලා.ඒත් එක්කම කතා කරන්න ගත්තු ජන්කුක්....

"බයවෙන්න එපා... හයියෙන් අල්ලගෙන ඉන්න....."

"මොකක්.....ආආආආහ්.........."

ජන්කුක් කිව්ව දේ හරියට ඇහුනේ නැති ටේ එකපාරටම කෑ ගැහුවේ Roller coaster එක යන්න ගත්තු නිසා.... ටේ හයියෙන් කෑ ගහගෙන හරිම විනෝදෙන් ගියත් මේ දිහා බලාගෙන හිටපු ජන්කුක්ට පෙනුනේ වෙනම විදිහකට...... වෙවුලන ගමන් හිටපු ජන්කුක් ජැක්සන්ට.....

"අර ළමයා බය වෙලා කෑ ගහනවා...."

"ඉතින් මට මොකද කියන්නේ...."

"මොකක් හරි කරපන්......"

එහෙම කියපු ජන්කුක් එතන කැරකි කැරකි මොකක්හරි හොයන්න ගත්තේ පිස්සෙක් වගේ හැසිරෙන ජන්කුක් දිහා ජැක්සන් මොන්ගල්ද ඕයි වගේ බලාගෙන ඉදිද්දි.... එකපාරටම ජැක්සන් ළගට ඇවිල්ලා අත දික් කරපු ජන්කුක්...

"ගන් එක...."

"මොකක්..."

"ගන් එක දීපන් මිනිහෝ....."

"තමුසෙට පිස්සුද ගන් එකක් ඉල්ලන්නේ මේ සෙනග අස්සේ....."

"පිස්සු හැදිලා ගොඩක් වෙලා...."

එහෙම කියපු ජන්කුක් ජැක්සන්ගේ ඉනේ ගහලා තිබුන ගන් එක බලෙන් ඇදලා අරගෙන එකපාරටම......

ඩෝන්......

අහසට වෙඩිල්ලක් පත්තු කරේ මුලු සැණකෙලියම එකපාරටම මීයට පිම්බා වගේ වෙනවත් එක්කමයි.... ජන්කුක් කරන දේ දිහා කෙල ගිල ගිල බලාගෙන හිටපු ජැක්සන් හිමීට අඩි පිටිපස්සට තියෙනවත් එක්කම ජන්කුක්....

"එක්කෙනෙක් හෙල්ලෙන්නේ නෑ....."

තුවක්කුව අතේ තියාගෙන කෑ ගැහුවේ මිනිස්සු ඉන්න තැන්වලම ඉදන් අත් දෙක උස්සලා බයෙන් වෙවුලන්න ගනිද්දි.... ඒ වෙද්දි ටිකක් ගියපු රෝලර් කෝස්ටර් එකත් වෙඩි සද්දෙත් එක්ක නැවතිලා තිබුනේ ජන්කුක්ට ඕන දේ වෙලා...... ඒත් එක්කම ආපහු කතා කරන්න ගත්තු ජන්කුක්...

"ඔය Roller coaster එක ආපස්සට ගෙන්නනවා......"

ජැක්සනුත් අත් දෙක උස්සන් ජන්කුක්ව මරන් කන්න සයිස් එකෙන් බලන් ඉද්දි එයාගේ ඩැඩී කරන දේ දිහා පුදුමෙන් බලාගෙන හිටපු ටේ උඩ ඉදන්......

"ඩැඩී මුකද්ද කලන්න හදන්නේ..."

"බය වෙන්න එපා ඩැඩී එනවා බේරගන්න...."

ජන්කුක් එහෙම කියලා රෝලර් කෝස්ටර් එකට නැගලා ටේවත් අතින් ඇදගෙන ආපහු බිමට බැස්සේ ෆිල්ම් එකක හීරෝ වගේ.ඒත් එක්කම මෙච්චර වෙලා මීයට පිම්බා වගේ තිබ්බ සැණකෙලියේ හිටපු මිනිස්සු දෙබරෙට ගල් ගැහුවා වගේ එකපාරටම කෑ ගහන ගමන් උද්‍යාන වටේ දුවන්න ගත්තා.ටේවත් ඇදගෙන එන ගමන් ජන්කුක්....

"තමුන්ට අද මම... කාගෙන් අහලද ඒකට ගියේ ආහ්.... බයයි කියලා දැන දැනම ඕකේ ගියේ මැරෙන්නද.... බලනවා මට තමුසේ නිසා ප්‍රසිද්ධියේ ගන් එකත් ගන්න වුනා... ආෂ්... මට එන කේන්තිය නම්......"

"ඩැ....ඩැ....."

"වචනයක් කියන්නේ නෑ......"

ටේට කිසිම දෙයක් කියන්න නොදුන්න ජන්කුක් බැන බැනම ටේව එතනින් ඇදගෙන ගිහිල්ලා බංකුවේ තිබුන ටුටූව ටේගෙ අතින් තිබ්බේ ඒක නැතිවුනොත් තව නාඩගමක් වෙනවා කියලා හොදටම දන්න නිසා... එහෙ මෙහෙ යන මිනිස්සු අතරින් ජන්කුක් ටේවත් වත්තම් කරගෙන උද්‍යානේ පිටවෙන තැනට එන ගමන් ජන්කුක්....

"ඇත්තමයි... තමුන්ගේ අප්පාවත් මරලා මම තමුන්වත් මරනවා...හහ්....ජේකේ මම.... නැතුව මේ පොඩි එවුන්ව බලාගන්න දාපු නැනී කෙනෙක් නෙවෙයි...."

ජන්කුක් කියෝ කියෝ යනකොට හරි අමාරුවෙන් දුවලා ඇවිල්ලා වෙඩිල්ල වගේ යන ජන්කුක්ව අල්ලගත්ත ජැක්සන් ජන්කුක්ගේ.....

චටාස්...........

කම්මුලට පාරක් ගහලා ජන්කුක්ගේ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලගත්තේ ජන්කුක් කම්මුලට අත තියාගෙන මොකක්ද ඒ වුනේ වගේ බලන් ඉදිද්දි......

"මනුස්පයෝ.... තමුසේ මොකක්ද ඒ කරේ.... තමුසෙට මෝල් නිසාද තමුන් මරන්න ඉන්න එකෙක් නම් මූව බේරගන්න මෙතන තොයිලයක් නැටුවේ....."

"හික්.....හික්......"

ජැක්සන් රතු කට්ට පන්නගෙන එහෙම කෑ ගහන අතරේ ටේ ඉක්කා ගහන්න ගද්දි ඉබේම ඒ පැත්ත බලපු ජන්කුක් ටේගේ මූණ දිහා බලන් හිටියේ තමන් ටිකකට ඉස්සෙල්ලා කරපු දේවල් එකින් එක සිහි කරන ගමන්.....ඒත් එක්කම බඩ අල්ලගෙන හිටපු ටේ.....

"හික්....ඩැ.....හික්.....ඩැඩී......."

රතු කට්ට හොදටම පැනලා හිටපු ජන්කුක්ට ටේගේ වචනයක් ඇහෙන සැරේට මරන්න තරම් ලොකු කේන්තියක් තිබ්බේ තමන් කරපු දේවල් ගැන පියවි සිහියට ඇවිල්ලා හිතන්න ගත්තු නිසා...

"ඒ කියන්නේ මම මෙතන ගන් එක.....නෑ......"

"ඩැ....ඩී.....හික්....බඩ..."

ඒත් ටේ මොනාද කියවන්න යනවා කියලා තේරුන ජන්කුක් ටේගෙ කට උලුක් කරලා අල්ලගන්න හදද්දි එකපාරටම ටේ........

බ්වෑ....ක්........

"ආහ්......ඔම්මා......."

Roller coaster එකේ යන්න ඉස්සෙල්ලා කාපු රාමෙන් ටික Roller coaster එකේ වේගෙට පින් සිද්ධ වෙන්න ටේගෙන් ඒ විදිහට පිටවුනේ ජන්කුක්ගේ ඇදුමටමයි... මෙච්චර වෙලා ටේ වමනේ එන්න වගේ කියලා කියන්න ගොඩක් ට්‍රයි කරා.... අන්තිමට ඒ ඊතලෙත් ජන්කුක්ගේ පැත්තටම හැරුණේ ජන්කුක්ගේ මූණ කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ලට වඩා අන්ත තත්වයකට පත් වෙද්දි...... ඒ හා සමාන මූණකින් ජන්කුක් දිහා බලාගෙන හිටපු ජැක්සන්....

"ඔහ් නෝ.... වෙරි ඩේන්ජරස්...."

ඒත් එක්කම සැණකෙලියේ පැත්තකින්....

"අර අර ඉන්නේ ඒ මනුස්සයා... එයා ගාව තමා ගන් එකක් තිබ්බේ....."

කවුද මන්දා මනුස්සයෙක් සිකියුරිටි ගාඩ් එකකුත් අරගෙන ඇවිල්ලා ජන්කුක්ව පෙන්නද්දි ජැක්සන්ට දවල් තරු පෙනුනත් ජන්කුක් හිටියේ මේ ලෝකේ සිහියෙන් නෙවෙයි.....

"යාහ්.... ඉවරයි.... එහෙනම් බ්‍රෝ මම කැපුනා.... මේ කොල්ලා එක්ක ඉන්න උබට දෙයියන්ගෙම පිහිටයි...."

ජැක්සන් එහෙම කියලා යද්දි තමන්ගේ ශර්ට් එක දිහා ජන්කුක් තාමත් මූණ නොරොක් කරගෙන බලන් ඉදියා.... ගාඩ් එක තමන්ලව අල්ලගන්න එන්නේ කියලා තේරුම් ගත්ත ටේ අති සාර්ථක විදිහට දවසේ තුන්වෙනි වතාවටත් වෙන ලෝකෙකට ගිහින් වගේ ඔහේ බලාගෙන ඉන්න ජන්කුක්ගේ අතින් අල්ලගෙන බයික් එක ළගට දුවලා.....

"ඩැඩී පැනගමූඌඌඌ........."

ඒ අතර උදේ දහයට විතර මැන්ශන් එකෙන් ගියපු කට්ටිය හවස් වෙලත් තාම නැති නිසා මිස්ටර් කිම් හිටියේ ලිවින් රූම් එකේ එහෙට මෙහෙට ඇවිදින ගමන්.තමන්ගේ බයික් එක නැති නිසා යන්න විදිහක් නැතුව මෙච්චර වෙලා මැනේජර්වරයාත් ලිවින් රූම් එකේ වාඩි වෙලා හිටියේ බර කල්පනාවක ගිලිලා වගේ.ඒත් එක්කම කතා කරපු මිස්ටර් කිම්.......

"ආපහු කෝල් එකක් අරන් බලනවා...."

"වැඩක් නෑ සර්... ෆෝන් එක ආවරණ කලාපෙන් බැහැරවලු තියෙන්නේ...."

මැන්ශන් එකේ හිටපු මේඩ් කෙනෙක් එහෙම කියනවත් එක්කම මැනේජර්...

"සර් බය වෙන්න එපා පුතා ගැන.සර්ගේ විශ්වාසවන්තම කෙනත් එක්කනේ ගියේ...."

"තමුන් ඒක මට කිණ්ඩියටද කිව්වේ..."

මිස්ටර් කිම් ටිකක් තදින් එහෙම අහද්දි මැනේජර්වරයා...

"අපෝ දෙයියොම මේවා බලාගන්න ඕනේ.සර්ට මම විහිලු කරේ කවද්ද..... ඇත්තනේ කිව්වේ...."

"ඔව් ඒකව මට විශ්වාසයි තමයි... ඒක නෙවෙයි ප්‍රශ්නෙ...ලිට්ල් ස්පේස් එකෙන් ඉන්න ටේ එක්ක ඉදලා ඕකට මාවත් එපා වෙයිද දන්නෑ....."

මිස්ටර් කිම් එහෙම කියද්දි මැනේජර් තමන්ට වගේ රහසින්......

"මොකට කියනවද ඒ ගැන... හරි නම් බය වෙන්න ඕනේ අර මැර කොල්ලා ගැන....."

"මොකක් හරි කිව්වද තමුන්....."

"ආහ් නෑ සර්... ඇයි සර් එහෙම එපා වෙයිද දන්නෑ කියන්නේ......"

මැනේජර් ලී යනු වගකීම් සහගතව වැඩ කරන පුද්ගලයෙක් වුනත් ඔහු වගකීම් සහගත බවින් ඔබ්බට ගොස් අත් විදපු මදක් අදුරු අත්දැකීම් පිළිබද දැනගෙන හිටියේ ඔහුගේ එක් රහස් යහලුවෙක් පමණයි. ඒ ලිට්ල් ටේටේ. ටේටේ මැන්ශන් එකට ආපු දවස්වලට දිනක් මැන්ශන් එකේ ලොකු ඇල්ටේෂන් බල්ලා සමග සෙල්ලම් කර කර ඉදිද්දි මැනේජර් ලීවත් එයට හවුල් කරගෙන අන්තිමේ බල්ලා කාලා කලිසමේ බාගයක්ම ඉරාගෙන ගෙදර යන්න වුන හැටියි, මැන්ශන් එකේ තිබෙන විශාල ක්‍රීඩා පිටියේ ටේටේ ටෙනිස් සෙල්ලම් කර කර ඉදිද්දි එකවරම බෝලේ වෙනුවට ටෙනිස් පිත්ත විසික් වෙලා ගිහිල්ලා කීප වතාවක්ම අහක හිටපු තමන්ගේ ඔලුවට,සංවේදී ස්ථානයට වැනි සිරුරේ බොහෝ ප්‍රදේශවලට වැදුන හැටියි, ආසාවට ඩ්‍රයිවින් පුරුදු වෙන්න කියලා බල කරලා බල කරලා මැනේජර්ගේ කාර් එක අරන් ගිහිල්ලා අන්තිමට ඒක ප්‍රපාතයකින් පහළට දම්මලා පස්සේ බයික් එකකට සීමා වෙන්න වුණ විදිහයි වැනි තවත් බොහෝ සුන්දර අත්දැකීම් එකින් එක මතක් වෙන්න ගත්තු මැනේජර්ට ටේටේ දිගටම මැන්ශන් එකේ කියන එක නම් ලොකු ප්‍රශ්නයක් වුනා.කෙසේ වෙතත් ලිට්ල් ටේටේ සමග මැනේජර් ලී සාම ගිවිසුමක් ගැහුවේ ඒ සියල්ල අනෙක් අයගෙන් සගවා තබාගන්නා ලෙසයි. ඒ නිසා ලිට්ල් ටේටේටත් මැනේජර් ලී ඔහුගේ සීක්‍රට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වුනා.ඒ වගේම ජන්කුක් යනු මැනේජර් ලීට එතරම් හිතට ඇල්ලුව පුද්ගලයෙක් නෙවෙයි. මැනේජර් ලී කල්පනා සාගරයේ කිමිදෙද්දි මිස්ටර් කිම්.....

"තමුන් ටේටේ ගැන හොදටම දන්නේ නෑ වගේ....."

"දෙයියොම මේවා බලාගන්න ඕනේ. තමුන් දෙන වද දාස් ගුණේකින් හොදයි ඒකගෙ උදව්වකටත් වඩා....."

"මොකක් හරි කිව්වද....."

"ආහ් නෑ සර්.... ඔව් සර්...මම දන්නවා ටේහ්‍යුන්ග් කොල්ලා ගොඩක් ගුණ යහපත් කොල්ලෙක්නේ....."

මැනේජර් එහෙම කියද්දි සමච්චලයට හිනාවුන මිස්ටර් කිම් මුකුත්ම නොකියා සෝෆා එකෙන් වාඩි වුණා...

"ඔව් ගුණ යහපත් පැත්තකුත් තියෙනවා... දැන් තියෙන ප්‍රශ්නෙ එයා ඒ පැත්තට වෙනස් වෙන සැරේට එයාව පාලනය කරගන්නේ කොහොමද කියලා...."

At Hospital

"මේ මුකද... ඩැඩී ඇත්තම ගෝනිබිල්ලෙක් වගේනේ..."

"කටවහගෙන ඉන්නවා.මට තමුන් නිසාම තමයි මෙහෙම ඉන්න වෙලා තියෙන්නේ..."

ටේ පුදුමෙන් අහනකොට ජන්කුක් ඒ විදිහට උත්තර දුන්නේ මොකද ජන්කුක් හිටියේ ස්කාෆ් එකකුත් දාලා මාස්ක් එකකුත් දාගෙන කණ්නාඩි දෙකකුත් දාගෙන සැරින් සැරේ වටපිට බලන ගමන් හොස්පිට්ල් එකේ ටේගේ එහා පැත්තෙන් වාඩිවෙලා නිසා... ඒත් එක්කම එතනට ආපු ඩොක්ටර් කෙනෙක් තමන්ගේ උපැස් යුවල ටිකක් පාත් කරලා ටේ දිහා බලාගෙන ඉදලා....

"මේ අපේ ටේ බබා නේද...."

කටහඬට එයා දිහා බලපු ටේ එකපාරටම එයාගේ ඇගට පැනලා කෝලා බෙයා කෙනෙක් වගේ එල්ලුනේ ජන්කුක් කටත් ඇරන් බලන් ඉදිද්දි. ඒත් පේන්නේ නෑ.මාස්ක් එක නිසා වැහිලා. ඩොක්ටර්ගේ කර උඩට පැනපු ටේ....

"හෝස් හියුන්ගි..."

"අයියෝ ටේ බබා හෝස් නෙවෙයි හෝසෝක්...."

"ආහ් සොලි හෝසෝක් හියුන්ගි...."

ටේ එහෙම කියද්දි ටේගෙ කොණ්ඩෙ අවුල් කරලා පිරිමැදපු හෝසෝක් ඉදගෙන ඉන්න ජන්කුක් දිහා ඇහි බැමක් උස්සලා බලලා....

"මේ කවුද ටේ බබා......."

"ආහ් ඒ ටේටේගේ ඩැඩී........"

"කැහ්....කැහ්........."

ටේ එහෙම කියනවත් එක්කම ජන්කුක් පපුවට අත ගහන ගමන් කහින්න ගත්තා.ජන්කුක් දිහා සන්ශයින් ස්මයිල් එකකින් හිනාවෙලා බලන් හිටපු හෝසෝක් ජන්කුක්ට අතක් දික් කරලා....

"ඕහ්...අදුරගන්න ලැබීම සතුටක්.ටේ එයාගේ ඩැඩී විදිහට තෝරගෙන තියෙන්නේ ඔයාව එහෙනම්......."

හෝසෝක් එහෙම කියද්දි මේ මොන අපබ්‍රන්සයක්ද වගේ හෝසෝක් දිහා බලාගෙන හිටපු ජන්කුක් වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා හෝසෝක්ට අතට අතත් දීලා එයාව විතරක් ටිකක් එහාට අරගෙන ගිහින්.......

"ඩොක්ටර්ට පැහැදිලි කරන්න පුලුවන්ද මොකක්ද ඒ කිව්වේ කියලා..."

"මෙහෙමයි.ටේටේට තියෙන්නේ ඇත්තටම ලෙඩක්.ඔයා ඒක දන්නවා ඇතිනේ..."

"ඕ ඕ මොකක්ද ලිට්ල් ස්පේස් ද මොකක්ද එකක්ලුනේ..."

"ඔව්.එතකොට එයාට ට්‍රීට්මන්ට් කරන්නේ මම.ඒක ඒ තරම් බරපතල රෝගයක් නෙවෙයි.ඒ වගේම ඒ ලෙඩේ තියෙන කෙනා තමන් ගොඩක් කැමති හිතට අල්ලපු කෙනෙක්ව තෝරගන්නවා.එතකොට ඒ බේබි එයාට කතා කරන්නේ ඩැඩී කියලා.ටේට මෙච්චර කාලෙකට නම් එහෙම කෙනෙක් ඉදලා නෑ.සුභ පැතුම්.එයා අන්තිමේදී ඔයාව තෝරගෙන."

හෝසෝක් එහෙම කියනවත් එක්කම ඉබේටම අඩි පිටිපස්සට ගිහිල්ලා ඔලුව කැරකෙනෝ වගේ දැනුණ ජන්කුක් ඔලුව අල්ලගෙන ආපහු....

"සු....සු....සුභ පැතුම්? එතකොට... එතකොට දැන් මම මොකක්ද කරන්න ඕනේ..."

"හැමවෙලේම එයා ළගින්ම ඉන්න....."

"මාව මරන්න..."

ජන්කුක් එකපාරටම හෝසෝක්ගේ කොලර් එකෙන් අල්ලගෙන කෑ ගහද්දි බයෙන් වගේම පුදුමෙන් බලාගෙන හිටපු හෝසෝක්....

"මි...මිස්ටර්... ඇයි ඇයි එහෙම කි..කියන්නේ...."

"මේ පිස්සු කොල්ලා නිසා මම දැනටමත් පිස්සෙක් වෙලා ඉන්නේ මනුස්සයෝ......"

________________________________________________________

මුන් දෙන්නා යන යන තැන විනාසයක් කරලා පැන ගන්න එකමයි කරන්නේ...

ඔන්න ඉක්මනින් දුන්නා
මොනාහරි කියන්නකෝ☹️

බායි❤
පරිස්සමින් ඉන්න💜️
ලාවියූ❤️💜

Continue Reading

You'll Also Like

944K 21.6K 49
In wich a one night stand turns out to be a lot more than that.
159K 5.7K 42
❝ if I knew that i'd end up with you then I would've been pretended we were together. ❞ She stares at me, all the air in my lungs stuck in my throat...
465K 31.5K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
794K 29.6K 105
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...