උදෑසන හිරු කිරණ ඇස්වලට වදිනවත් එක්කම ඇහැරුණ ජන්කුක් දැක්කේ ඒන්ජල් මූණක්..... ඊට ඉස්සෙල්ලා දවසෙ වාහනේ පිටිපස්සේ නිදාගත්තු ටේ උදේ වෙද්දි හිටියේ සීට් එක දිග ඇරගෙන නිදාගෙන හිටිය ජන්කුක්ගේ ඇග උඩ.... ජන්කුක්ගේ පපුවට මූණ ඔබාගෙන නිදාගෙන ඉන්න ටේ දිහා බලාගෙන ජන්කුක් ටික වෙලාවක් ඉදිද්දි පියවි සිහියට ආවේ තමන්ගේ ෂර්ට් එක තෙමිලා වගේ තේරුන නිසා...... ටේගෙ මූණ හරවලා බලපු ජන්කුක්......
"ඈයිෂ්.....කුණුකෙල.... ඒයි නැගිටිනවා!!!!!!........."
ජන්කුක් කෑ ගහලා ටේව ඇහැරවද්දි ලාවට ඇස් ඇරපු ටේ තමන්ගෙම එක අතකින් කට පිහදාගෙන ටික වෙලාවක් ඇස් හීනි කරගෙන බලන් ඉදලා ආපහු ජන්කුක්ගේ ඇග උඩට වැටුණේ නින්දෙන්මයි.....
"ආආආහ්..... තමුසේ මට පිස්සු හදවන්නද හදන්නේ..... එහාට යනවා...."
"ෂ්.....මට නිදිමතයි...."
ටේ නින්දෙන්ම එහෙම කිව්වේ හීතලට තවත් ජන්කුක්ට තුරුල් වෙන ගමන්....
"පුදුමයි ටේටේයියක් ගාන්නේ නැතුව මට කියලා කිව්වා......"
මුලු ජීවිතේම එපා වෙලා වගේ ටේ දිහා බලාගෙන එහෙම කියපු ජන්කුක් ආපහු ඔලුව සීට් එකේ ගහගත්තා..... එතකොටම ජන්කුක්ගේ ෆෝන් එක රින් වුනත් එයාට ඒක ගන්න බැරිවුනේ කාර් එකේ ඉස්සරහ තිබුන නිසා..... ගන්න උපරිම ට්‍රයි කරලා අන්තිමේ අනුකම්පාව පැත්තකට දාලා ටේව අනිත් සීට් එකටම වැටෙන්න තල්ලු කරේ ටේ එකපාරටම වුන දේට ටිකක් වෙලා ඇස් ඇරන් ඉදලා ආපහු ශටර් එකට ඔලුව තියලා නිදාගනිද්දි......
"මන් තමුන්ව මරනවා මිස්ටර් කිම්...."
තමාටම එහෙම කියන ගමන් ෆෝන් එක අතට ගත්තු ජන්කුක් දැක්කේ කෝල් එක එයාගේ යාලුවා ජැක්සන්ගෙන් කියලා...... අද නම් හොදට අහගන්න වෙනවා කියලා හිතාගෙන කාර් එකෙන් බැහැලා ටිකක් එහාට ගිහින් කෝල් එක ආන්සර් කරලා කනේ තියාගත්තු ජන්කුක්......
"හෙල්........"
"කොහෙද යකෝ තෝ අතුරුදහන් වුනේ.... උබ කිඩ්නැප් කරාද නැත්තන් උබව කවුරුහරි කිඩ්නැප් කරාද...... ඇයි යකෝ..... ඔයා කිඩ්නැප් එක කරාට පස්සේ ඇවිල්ලා ප්ලෑන් එක පටන් ගන්නවයි කිව්වා නේද ආහ්?........"
ජන්කුක් කතා කරන්නත් ඉස්සෙල්ලා කෝල් එක ගත්තු කෙනා එක දිගට කියාගෙන ගියේ ජන්කුක් ආපහු ඊයේ වුන සිද්ධි අතරට ගිහින් වෙනමම ලෝකෙක සැරිසරන්න ගද්දි.... ජන්කුක්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති තැන කෝල් එක ගත්තු කෙනා........
"ජේකේ....... ඒ සැරේ උබ මලාද......"
"තාම පණ පිටින්....."
"මොකක්.... හරියට ඇහුනේ නෑ....."
"මගේ මැර ජීවිතය ඇතුලේ කරපු බයානකම කිඩ්නැප් එක..."
"ඈහ්..... එහෙමද... දැන් අල්ලගත්තේ නැද්ද...."
"එයා මාත් එක්ක ආවා....."
"මොකක්...මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ... හීනෙන් කියෝනෝද....."
"ඔව්.... මට පිස්සු....."
"මොකද යකෝ මේ... උබ කවදාවත් මේ විදිහට කතා කරලා නෑ.... කිඩ්නැප් කරන්න ගිහිල්ලා ඔලුවට පොලු පාරක්වත් කෑවද......"
සිතුවිලි අතර හිර වෙලා හිටපු ජන්කුක් එකපාරටම.....
"යාහ්හ්හ් මොන ලැජ්ජාවක්ද මේක....."
ජන්කුක් ෆෝන් එක කනේ තියාගෙනම එකපාරටම කෑ ගහද්දි ජැක්සන් ෆෝන් එක කනෙන් එහාට කරගත්තේ ඒ තරම්ම සද්දෙ නිසා..... ටිකක් වෙලා ෆෝන් එක දිහා අමුතු විදිහට බලන් ඉදිය ජැක්සන් ජන්කුක්ගේ අසාර්ථක වුණ පළවෙනි කිඩ්නැප් එක නිසා මෙහෙම හැසිරෙන්නේ කියලා තේරුම් අරගෙන ආපහු ෆෝන් එක කනට කරගත්තු ජැක්සන්....
"හරි මට තේරෙනවා... ඒ කිඩ්නැප් එක ගොඩක් දරුණුයි වගේ... උබට මුකුත් වුනේ නෑනේ......"
"මාව මරපාන්......."
"ඔහොම තමයි කොච්චර ලොකු මැර වැඩ කළත් අපිටත් වැරදෙනවා... ඔයාට කවදාවත් එහෙම වෙලා නැති නිසා වෙන්නැති කවදාවත් නැතුව මේ විදිහට හැසිරෙන්නේ... හිත හදාගත්තට පස්සේ වැඩ ටික ගැන කතා කරමු......."
එහෙම කියලා ජැක්සන් ෆෝන් එක තිබ්බේ ජන්කුක් තාමත් ෆෝන් එක කනේ තියාගෙන මනෝ ලෝකේ සැරිසරද්දි..... එකපාරටම පියවි සිහියට ආපු ජන්කුක්....
"හෙලෝ...හෙලෝ...... මේකා තියලනේ...."
එහෙම කියලා ආපහු ෆෝන් එක සාක්කුවේ දාගත්තු ජන්කුක් හැරුණේ එයාගේ කාර් එක දිහාවට..... පැත්තක් හොදටම ඩැමේජ් වෙලා තියෙන එයාගේ පණ වගේ කළු කාර් එක දැකපු ජන්කුක්ට ඇඩෙන්න ගියත් ආපහු ෆෝන් එක අතට ගත්තු ජන්කුක් කෝල් එකක් අරන්........
"මන් ලොකේෂන් එකක් එවන්නම්.... දැන්ම එන්න........... නෑ කාර් එකට පොඩි ඩැමේජ් එකක් වුණා...... ඔව් ඔව් බොස්ට කියන්න කොල්ලව ඉස්සුවා කියලා.... හ්ම්ම්....."
කෝල් එක කට් කරලා ලොකේෂන් එක යවපු ජන්කුක් ආපහු ගියේ කාර් එක ළගට..... දොර ඇරපු ගමන් ජන්කුක්ගේ තිබ්බ හුස්ම ටිකත් ආපහු හිර වුනේ එයා එනකොට සීට් එකේ ටේ හිටියේ නැති නිසා.... මුලු කාර් එකම අස්සක් මුල්ලක් නෑර ටේව හොයපු ජන්කුක්ට ටේටේ නැතත් ටුටූ නම් හම්බුනා.... කාර් එක නවත්තලා තිබ්බේ කවුරුත් නැති පාලු පාරක නිසා ගොඩක් බය වුණ ජන්කුක් දොර වහලා එහා පැත්තෙන් තිබුන කැලෑවට දිව්වේ එහෙට යන්න ඇති කියලා අනුමාන කරගෙන වගේම තමන් ගැනම ලොකු තරහකින්......
"ආෂ්..... මෙච්චර ආසාවෙන් ආපු එකා පැනලා යයි කියලා හිතුවේ කවුද...."
කෑ ගහන ගමන් ටේව හොයපු ජන්කුක් ළග තිබුන ගහකට අත ගහගත්තේ සාමාන්‍ය පැහැරගැනීමක් නොවුන නිසා අත පය නොබැද හිටිය එක ගැන තමා ගැනම කේන්තියකින්...... එතකොටම ළග පාත ඉකි බිදින සද්දයක් ඇහෙද්දි කලබල වුණ ජන්කුක් ඒ හඩ ඇහෙන පැත්තට ගියේ හිතේ දෙගිඩියාවක් උපදිද්දි...... එක් විශාල ගහකට එහා පැත්තෙන් ඇහුන ඒ හඩ නිසා ටික ටික එතනට ගියපු ජන්කුක්ගේ ඇස් විසල් වුණේ ඉබේටමයි........... කට අතින් වහගෙන ඉකිය පාලනය කරගන්න ලොකු උත්සහයක් දරාගෙන අඩන ගමන් හිටියේ කවුරුත් නෙවෙයි ටේහ්‍යුන්ග්....... ජන්කුක් පුදුමයෙන් ඇස් ජිල් බෝල කරගත්තේ එයා හිතුවෙවත් නැති ටේහ්‍යුන්ගේ වෙනස්ම පැතිකඩක් එයා ඒ වෙලාවේ දකින නිසා.......
"ට්....ටේ...ටේහ්‍යුන්ග්........"
ජන්කුක් දෙගිඩියාවකින් ටේහ්‍යුන්ග්ට වචන පටලමින් කතා කරද්දි තිගැස්සුනු ටේහ්‍යුන්ග් ජන්කුක්ව දැකලා ඉබේම පිටිපස්සට ගියේ එයාගේ ඇස් බයෙන් තවත් රතු වෙද්දි.... ජන්කුක් ගොඩක් පුදුමයෙන් ටේහ්‍යුන්ග් දිහා බලන් ඉදිද්දි වෙවුලන කටහඬකින් කතා කරපු ටේහ්‍යුන්ග්...........
"ඔ.....ඔයා...ක්.....කවුද....."
ටේහ්‍යුන්ග් කියපු දේ ඇහුනත් එක්කම ජන්කුක්ට පුදුමයටත් වඩා ඇති වුනේ ලොකු කේන්තියක්..... ඊටත් වඩා ජන්කුක් පුදුම වුනේ ටේහ්‍යුන්ගේ හුරතල් කටහඬ නැතිවෙලා සාමාන්‍ය කටහඬක් ඇහුන නිසා...... ඊයේ කරන්න පුලුවන් තරම් කරපු සේරම නාඩගම් නිසා බාගෙට පිස්සු වැටිලා හිටපු ජන්කුක් ටේහ්‍යුන්ග් දැන් කියන කතා එක්ක තනිකරම පිස්සෙක් වුනා කිව්වොත් හරි.....
"ඔ.....ඔයාගේ කටහඬ.... තමුසේ රගපානවද ආහ්..... මාව පිස්සෙක් කරන්නද හදන්නේ....."
ජන්කුක් කිසිම අනුකම්පාවක් නැති කටහඬකින් ඒ විදිහට කෑ ගහද්දි ඒ ගාම්භීර කටහඬට තවත් බය වුන ටේහ්‍යුන්ගේ දෑස්වල තිබුන කදුලු ආපහු අලුත් වෙන්න ගත්තා......
"හොදටම ඇති තමුන් නිසා මම වෙච්ච රස්තියාදුව දැන්නම් හොදටම ඇති....."
එහෙම කියලා ජන්කුක් තරහෙන්ම ටේහ්‍යුන්ගේ අතින් අල්ලගත්තේ තමන්ගේ අතට දැනුනු වේදනාව නිසා ටේහ්‍යුන්ගේ හැඩීම තවත් වැඩි වෙද්දි.......
"ම..මම කොහෙද ඉන්නේ..... ප්.....ප්ලීස් ම්.....මට ගෙදර යන්න ඕනේ....."
බැගෑපත් ස්වරයකින් ටේහ්‍යුන්ග් කිව්වේ ජන්කුක්ගේ ග්‍රහණයෙන් ගැලවෙන්න ලොකු උත්සහයක් දරණ අතරේ........
"තමුන් මායාකාරයෙක්ද කියන්න මම දන්නෑ..... මෙච්චරයි මට පිස්සු හදවන්න එපා..... තමුන්ම නේද උඩ පැනගෙන ආවේ අප්පලෑ ගෙදර යන්න......."
"ම්.... මොකක්... අප්පා......"
ටේහ්‍යුන්ග් පුදුමයෙන් වගේම ලොකු බයකින් කිව්වා...... ටේහ්‍යුන්ගේ බයෙන් පිරුණු ඇස් දිහා ටික වෙලාවක් බලන් ඉදපු ජන්කුක් හිටියේ මේ වෙන කිසි දෙයක් හිතාගන්න බැරුව...... ඒත් එක්කම ආපහු කතා කරපු ටේහ්‍යුන්ග්.......
"අ.....අනේ ප්.....ප්ලීස් අප්පා ගාවට නම් මාව ගෙ.....ගෙනියන්න එපා... ප්ලීස් ඔයා ක..කවුද කියලා මම දන්නේ නෑ.... ඒත් මම දන්නවා මාව කිඩ්නැප් කරන්න කියලා ඔයාට අ...අප්පා වෙන්නැති කිව්වේ....."
"ඔ...ඔයා මොනාද මේ කියවන්නේ.... ඔයාම නේද අප්පා ගැන මතක් කරපු ගමන් සතුටින් කෑ ගැහුවේ.... මොනාද තමුන්ට වෙලා තියෙන්නේ ආහ්......"
ජන්කුක් පුදුමයෙන් සිහින් ස්වරයෙන් පටන් ගත්තත් ටික ටික ටික ගොරෝසු වුන ඒ වදන් එක්ක ටේහ්‍යුන්ග් තවත් බය වුනේ ආපහු කතා කරන්න ගනිද්දි.......
"ඒ මම නෙවෙයි...... අප්පව ඕනේ ටේටේට විතරයි..... ඔයාට මම කියන මුකුත් තේරෙන්නේ නැතිවෙයි..... ඒත් ප්ලීස් මාව එයා ළගට ගෙනියන්න එපා....."
ටේහ්‍යුන්ග් කියන දේවල් හරි හැටි නොතේරුනත් ශොක් වෙලා වගේ ටේ දිහා බලාගෙන හිටපු ජන්කුක් ගැස්සිලා ගියේ එයාගේ ෆෝන් එක රින්ග් වුන නිසා...... කාගෙන්ද කෝල් එක කියලා බලලා ෆෝන් එක ආන්සර් කරපු ජන්කුක්......
"සර්..... නෑ සර් සර්ගේ පුතා මං ගාව ඉන්නවා..... ඒත් එයා ටිකක් අමුතුයි.... එහෙමද... ආහ් හරි සර්.... මම එක්කන් එන්නම්......"
ෆෝන් එක කට් කරපු ජන්කුක්.....
"තමුන්ගේ අප්පා කෝල් කලේ.... තමුන්ව අරන් ඉක්මනට එන්න කිව්වා...... තවත් විකාර කරන්න බෑ.... ඒක නිසා එන්න......"
"අනේ එපා.... බැහැ..... මට බෑ.... ප්ලීස් මට යන්න දෙන්න..... මට ඔම්මා ළගට යන්න ඕනේ.... හියුන් ඕනේ..... අනේ එපා....."
ටේහ්‍යුන්ග් ගහත් අල්ලගෙන අඩ අඩම කොයිතරම් හයියෙන් කෑ ගැහුවත් ජන්කුක්ට එයාගේ වැඩේට ඒ කිසිම අදෝනාවක් බාධාවක් වුනේ නෑ..... එයාගේ සාමාන්‍ය පැහැරගැනීම්වලට වෙනස් වෙන්න කාලය හරි කියලා තේරුම් ගත්තු ජන්කුක් මුකුත්ම නොකියා තමාගේ සාක්කුවේ තිබුන රෙදි පටියක් එළියට අරන් ටේහ්‍යුන්ගේ කට වැහුවේ.......
"එක විදිහකට ඉන්නවා......."
"එප්....ම්ම්ම්ම්..ම්ම්ම්...."
ටේහ්‍යුන්ග් කොච්චර දැගලුවත් ජන්කුක්ගේ හැඩි දැඩි අත් නිසා එයාගේ උත්සහයෙන් වැඩක් නැතිවුනා..... එහෙම්ම ජන්කුක් ටේහ්‍යුන්ග්ව කරට ගතතේ ටේත් ජන්කුක්ට කකුලෙන් ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කලද්දි... ඒ කිසිම පහරදීමක් තමන්ගේ ඇගටවත් නොතේරුන ජන්කුක් කැලෙන් එළියට ආවා...... එද්දි එයාගේ සහයකයෙක් ඇවිල්ලා හිටපු බව දැකපු ජන්කුක්......
"මගෙ කාර් එක සර්විස් එකට ගිහින් දාන්න.... ඔයා ආපු වාහනේ යතුර මට දෙන්න.... මම මෙයාව සර්ට බාර දීලා කාර් එක ගන්න එන්නම්....."
"හරි බොස්......"
ජන්කුක් එයාගෙ කාර් එකෙන් ගත්තු ලණුවකින් ටේහ්‍යුන්ගේ අත් දෙක බැදලා අනිත් වාහනේට දාගත්තා..... ජන්කුක් වාහනේට නැගලා ටේට එහා පැත්තේ ඩ්‍රයිවින් සීට් එකේ ඉදගන්න අතරේ ටේහ්‍යුන්ග් උපරිම දැගලුවත් එයාගේ කට වගේම අත් බැදලා තිබුන නිසා එයාට කිසිම දෙයක් කරගන්න බැරිවුනා..... කිසිම බුරුලක් නොපෙන්නුව ජන්කුක් වාහනේ ස්ටාර්ට් කරගෙන ගියේ ටේහ්‍යුන්ග් බැදලා තිබුන අත්වලින් ශටර් එකට ගහන ගමන් කෑ ගහද්දි.... ඒත් ඒ කිසිම වචනයක් පැහැදිලිව ඇහුනේ නැති ජන්කුක් තමාට නියම කිඩ්නැපර් වෙන්න ලැබිච්ච එක ගැන සතුටක් තිබුනත් ටේත් එක්ක ගෙවුන කාලෙත් එක්ක ජන්කුක්ගේ හිතේ එයාටවත් හිතාගන්න බැරි අමුතු දුකක් දැනුනා........ ඒත් තාමත් ජන්කුක් හිටියේ ටේහ්‍යුන්ගේ වෙනස්වීම ගැන හරියටම තේරුම් අරන් නෙවෙයි... මොනාවුනත් ජන්කුක් මේ කිසි දෙයක් ගැන වැඩිය ඔලුවට දාගත්තේ නැත්තේ මේ දේවල්වලට වඩා එයාට ලොකු අරමුණක් තිබුන නිසා..........
______________________________________________________
හායි❤
දෙයක් කියන්න ඕනේ.... කතාවේ ටේහ්‍යුන්ගේ ලිට්ල් ස්පේස් වගේම බිග් ස්පේස් එකත් තියෙනවා.... ඒක නිසා මේකේ ෆනී වගේම සීරියස් ඒවත් තියෙනවා හරිද.... අනික ටේහ්‍යුන්ග්ට බිග් ස්පේස්වලට මාරු වුනාම ලිට්ල් ස්පේස් එකේ කරපු සමහර දේවල් මතක නෑ මේ කතාවේ හැටියට... ඒ වගේම ජන්කුක් ගොඩක් නපුරුයි... ප්‍රශ්න ඇති ඒවා ඉස්සරහට විසදන්නම්... අනික ඔයාලා බලාපොරොත්තු වුනාට වඩා කතාව වෙනස් වුනා නම් සමාවෙන්න... මට හිතුන විදිහද දන්නෑ ගොඩක් අය චැප් තුනෙන් පටන් අරන් තිබුනේ... කතාව තේරෙන්න නම් කතාව මුල ඉදන් කියවන්න ඕනි:-(
අනික ටිකක් දුකින් ඉන්නේ. නෑ ගොඩක්. වට්පෑඩ් එන්නේ තියෙන ප්‍රශ්න අමතක වෙන්නත් එක්ක නිදහසේ කතාවක් කියවලා අප්ඩේට් දීලා ටිකක් හිත සැහැල්ලු කරගන්න. කතාවකට එන කමෙන්ට් වෝට් දකිනකොට ලොකු සැහැල්ලුවක් වගේම සතුටක් දැනෙනවා. ඒත් දැන් වට්පෑඩ් ආවොත් තවත් ප්‍රශ්න වැඩි වෙන එක විතරයි වෙන්නේ. ෆේක් ඇක්වලින් ඇවිල්ලා කෙනෙක්ට මඩ ගහලා යන එක වීරකමක්ද. කොන්ද පණ නැති මිනිස්සු කරන වැඩ නිසා දක්ෂ වගේම නිහතමානී ඕතර්ලා නැතිවෙන්නේ. මම කියන්නෙ මොකක් ගැනද කියලා ගොඩක් අයට තේරෙනවා ඇති. කියාගන්න බැරි දුකක් වගේම ඊටත් වඩා තියෙන්නේ ලොකු තරහක්. එපා වෙලා ඉන්නෙ.
සමාවෙන්න කතාව ඇතුලේ මේ දේ ගැන කිව්වට.දුකට කිව්වට ගනන් ගන්න එපා.
බායි❤️
පරිස්සමින් ඉන්න💜️
ලාවියූ❤️💜️