ℙ𝕣𝕠𝕞𝕚𝕤𝕖(completed )

By BhashiThisu

34.8K 8.7K 4.4K

සසර පුරාවටම හැම ආත්මයක්ම පාසා දුන් සදාතනික ආදරයේ පොරොන්දුවක්❤️💚 More

චරිත හැදින්වීම
පළමු දිගහැරුම🍁
තුන්වන දිගහැරුම🍁
හතරවන දිගහැරුම🍁
පස්වන දිගහැරුම(බෝනස්)🍁
හයවැනි දිගහැරුම🍁
හත්වැනි දිගහැරුම🍁
අටවැනි දිගහැරුම🍁
නමවැනි දිගහැරුම🍁
දසවැනි දිගහැරුම🍁
එකොළොස්වන දිගහැරුම🍁
දොලොස්වන දිගහැරුම🍁(බෝනස්)
දහතුන්වන දිගහැරුම🍁
දාහතර වන දිගහැරුම🍁
පහළොස්වන දිගහැරුම🍁
දහසයවන දිගහැරුම🍁
දාහත්වන දිගහැරුම🍁
දහඅටවන දිගහැරුම🍁(බෝනස්)
දහනමවන දිගහැරුම🍁
විසිවන දිගහැරුම🍁
විසිඑක්වන දිගහැරුම🍁
විසිදෙවන දිගහැරුම🍁 (බෝනස්)
විසිතුන්වන දිගහැරුම🍁
විසිහතරවන දිගහැරුම🍁
විසිපස්වන දිගහැරුම🍁
විසිහයවන දිගහැරුම🍁
විසිහත්වන දිගහැරුම🍁
විසිඅටවන දිගහැරුම🍁
විසිනමවන දිගහැරුම🍁
තිස්වන දිගහැරුම🍁
තිස් එක්වන දිගහැරුම🍁
තිස් දෙවන දිගහැරුම🍁
තිස් තුන්වන දිගහැරුම🍁
තිස් හතරවන දිගහැරුම🍁
තිස් පස්වන දිගහැරුම🍁
තිස් හයවන දිගහැරුම🍁
තිස් හත්වැනි දිගහැරුම🍁
තිස් අටවන දිගහැරුම🍁 (බෝනස් )
තිස් නමවන දිගහැරුම🍁
හතළිස්වන දිගහැරුම🍁 (බෝනස් )
හතළිස් එක්වන දිගහැරුම🍁
හතළිස් දෙවන දිගහැරුම🍁
හතළිස් තුන්වන දිගහැරුම🍁
හතළිස් හතරවන දිගහැරුම🍁
හතළිස් පස්වන දිගහැරුම🍁
හතළිස් හයවන දිගහැරුම🍁
හතළිස් හත්වන දිගහැරුම🍁 (අවසානයට පෙර)
හතළිස් අටවන දිගහැරුම🍁 (අවසානය )
ආදරණීය සිතුවිලි
new story update

දෙවන දිගහැරුම🍁

1K 218 82
By BhashiThisu

Promise.......

🍁කතාවට vote,comment කරන හැමෝටම ස්තූතී 💚❤️........අතීත කතාව ඉස්සරහට දෙන්නම් බබාලා 😘.....කතාව පට්ට බෝරිං නේද 🥱🥱......
.
.
ජින්ටයි ලින්ටයි කතා කරලා ශාන් chanel එකේ වාහනෙන්ම බීජිං වලට පිටත් වුණා.....ශාන් chanel එකේ  ප්‍රධාන නිවේදකයෙක් වුණාට වැදගත් මාධ්‍ය සාකච්චා ආවරණය කරන්න manager එයාව තමයි යවන්නෙ....මොකද managerට විශ්වාසවන්තම සේවකයා තමයි ශාන්....ශානුත් මේ ආයතනයට ගොඩාක් පක්ෂපාතීව තමන්ගෙ සේවය හරිම පිළිවෙලට පාඩුවෙ කරගෙන යන නිසා අනික් හැමෝගෙමත් ආදරේ ශාන්ට නොඅඩුවම ලැබුණා.....

"ශාන්......"

"ඇයි ජින්...?"

"අද අපිට වැඩ ගොඩක් තියෙයි නේද....?"

"මටත් එහෙම හිතුනා ජින්....අපි ගිහින් බලමුකො....ලින්ට නින්ද ගිහින් නේද...?"

"මේකා කොහොමත් නිදිකුම්බරයෙක් ශාන් college කාලෙ ඉදන්ම ඔහොම්මමයි....."

"ඒකනෙ දැන් ඇහැරවන්න .....තව විනාඩි 10න් විතර අපි බීජිං වල....."

"හරි ශාන්...."

ශාන් කිව්ව නිසාම ජින් නිදාගෙන ඉන්න ලින්ව ඇහැරෙව්වා........

"ඒයි මෝඩ ලින්....නැගිටිනවා කම්මැලියෝ...."

"හෑහ් කවුද කෝ....මොකද්ද.....අපි කොහේද....කවුද මාව ගෙනියන්නෙ🥺........"(මේ යකා නින්දෙන් බය වෙලා කියාම්කො😂😂😂)

"මොකද යකෝව් මේ .....🙄......"(කම්පියුස් උංගා බංගා වෙලා....😂)

"ඈහ් මං මොකද්ද මෙතන කරන්නෙ 🙄......මේ කොහෙද 🥱🥱🥱......?"

"අනේ මෝඩ රිලවෝ ටෝ හීනෙන් බය උනාද😂😂.....අපි මේ බීජිං යන ගමන්...."

"බීජිං🥱.....ඈ ඒ මොකටද එහේ කවුද ඉන්නෙ මගේ 🙄....."(මේකා තාම නිදිමතේ😂.....)

"අනේ ශාන් මට තඩි පොල්ලක් අරන් ඔලුවට ගහන්නකො...මූ නිසා මට පිස්සු හැදෙන්න එනවා 😒......"

ශාන්ටත් හිනා මේ දෙන්නගෙ වැඩ වලට ....දැන් බහින්නත් කිට්ටු නිසා ශාන් ලින්ට කතා කළා...ඔන්න එතකොට තමා ලින් නින්දෙන් හරියටම ඇහැරුණේ.....ජින් නම් ඉදගෙන ලින්ට හොඳටම රවනවා....ලින් ඕවට සැලෙනවද ....නෑනෙ නෑනෙ....කොහොම හරි නිදිමත එනවට කන්න ගෙනාපු චොකලට් බාර් එකක් දීලා ලින්ව යාලු කරගත්තා...කොහොමත් ජින්ට ලින්ව නැතුව බෑ....(අනේ මන්දා ඕවා 🤧).....දෙන්නට දෙන්නා නැතුවම බැරි වුණාට ළඟ හිටියොත් මරාගන්න එක තමා දෙන්නගෙ වැඩේ....කොහොම හරි හැමදාම මේ ඩබලගෙ රණ්ඩු බේරන්න වෙන්නෙ ශාන්ට තමයි....රණ්ඩු වෙලා විනාඩි 5ක් යන්නත් කලින් ආයෙම දෙන්නම යාලුයි😁.....ශාන්ට නම් මේ දෙන්නගෙ යාලුකමට එහා දෙයක් දැනිලා තිබ්බෙ....ඒත් තාම ඒ දෙන්නට ඒ ගැන තේරුමක් නෑ......
.
.
.
කොහොම හරි හැමෝම 11.30 වෙද්දි meeting එක තියන hall එකට ඇතුල් වෙලා එයාලට අදාල ස්ථානයේ අසුන් ගත්තා.....පැය බාගෙකට පස්සෙ හරියටම 12ට meeting එක ආරම්භ වුණා...අලුත් රජයක් විදියට  රටේ  ආර්ථික තත්වෙ එයාලා ගොඩනගන්න හිතන් ඉන්න විදිය ගැන තමා එදා ප්‍රධාන මාතෘකාව වුණේ.....චීන සමූහාණ්ඩුව වශයෙන් ගන්න වැදගත්ම තීරණ කීපයක් එදා සාකච්ඡාවට බඳුන් වුණා.....ජිනුයි ලිනුයි ඔක්කොම note down කරගනිද්දි ශාන් ඒ හැමදේම ගානට කැමරාකරණය කරගත්තා.....ඊටපස්සෙ හැමෝම ආයෙමත් ගුඩුක් යන්න පිටත් වුණේ දවල් කෑමත් restaurant  එකකින් කාලා.....
.
.
.
.
යීබෝ වෙනදා වගේ නැතුව කලින් කෑම මේසෙට ආව නිසා අද යන්තම් බෙල්ට් පාරවල් නොකා බේරිලා වැඩට ගියා....Hotel එකට ගියපු ගමන්ම යීබෝ එයාගෙ office room එකට ගියේ ඊයෙ දවසෙ cctv check කරන්න.....ඕක තමයි හැමදාම යීබෝගෙ පළවෙනි වැඩේ....cctv check කරලා ඉවර වෙලා ඊයෙ දවසෙ බිල් ඔක්කොමත් balance කරලා hotel පුරාම තියන cctv check කරන්න පටන් ගත්තා....ඕවා යීබෝ හැමදාම කරන දේවල්....මොකද එයාට හැමදේම පිළිවෙළකට තියෙන්න ඕන.....මුලු hotel එක වටේම search කරපු යීබෝ බැලුවෙ හැම තැනක්ම පිළිවෙළට තියනවද කියලා......සේවකයොත් එයාගෙ හැටි දන්න නිසාම උදෙන්ම ඇවිල්ලා හැමදේම පිළිවෙළ කරනවා....office room එකේ ඉඳන් හැමදේම check කරන නිසා යීබෝට අත්‍යාවශ්‍ය කරුණකදි ඇරෙන්න සේවකයන්ව හමුවෙන්නෙ නෑ....හැමෝම හිතං ඉන්නෙ යීබෝ හරිම සැර පරුෂ චරිතයක් කියලා.....ඒත් යීබෝ ඇතුලතින් කොච්චර සංවේදී දුර්වල චරිතයක්ද කියලා දන්නෙ ඇනි අම්මා විතරයි ......

කවදාවත් තාත්තගෙ ආදරේ නොලබපු.....අම්මගෙ උණුසුමක් වැඩි කාලයක් නොලබපු යීබෝගෙ ජීවිතේ අම්මයි තාත්තයි දෙන්නම වුණේ ඇනි අම්මා.....එයා යීබෝට පුදුම විදියට ආදරේ කළා....සමහර විට ඒ හේතුව නිසා වෙන්නැති එයා තාත්තා වගේ දරුණු චරිතයක් නොවුණෙ කියලා යීබෝ නිතරම කල්පනා කළා.......කොච්චර සල්ලි තිබුණත් වැඩක් තියනවද අම්මා තාත්තගෙ ආදරේ ලැබෙන්නෙ නැතුව....එහෙම වුණා කියලා යීබෝ කවදාවත් වෙන තැන්වලින් ආදරේ හොයන්න ගියෙත් නෑ.....නරක දේවල් වලට ඇබ්බැහි වුණේ නෑ.....ඒ හැමදේම ඇනි අම්මගෙ ආදරේ නිසා....පොඩි කාලෙ ඉදන්ම ඇනි අම්මා යීබෝට කියලා දුන්නෙ හොද දේවල් විතරමයි.....ඒ නිසා යීබෝ ගොඩාක් හොදින් හැදුනා....College එකේ හොදම management degree එකකුත් එයා ගත්තා....ඒත් තනියම company එකකට join වෙලා වැඩ කරන්න අවස්ථාවක් තාත්තගෙන් නොලැබුණු නිසා අකමැත්තෙන් වුණත් මේ Hotel එකේ manager වෙන්න යීබෝට සිද්ධ වුණා.....ඒත් එක්කම ජීවිතේ යාලුවො එක්ක ගතකරපු ලස්සන කාලෙට යීබෝට තිත තියන්න වුණා...සමාජෙන් ඈත් වෙලා යීබෝ තනිකරම නිහඬ චරිතයක් වුණා...තාත්තා එයාට පුදුම මානසික පීඩනයක් තමයි දුන්නෙ....ඇනි අම්මා තමයි යන්තම් හරි හිත හදලා යීබෝව මේ තත්වෙන් තියාගෙන ඉන්නෙ.....ඇනී අම්මා ළඟ හුරතල් වුණාට පිට ලෝකෙට එයා තනිකරම හැඟීම් දැනීම් නැති රොබෝ කෙනෙක් වුණා....කෙල්ලෙක් එක්ක වත් කිසිම සම්බන්ධයක් ඇති කරගන්න යීබෝට උවමනාවක් තිබ්බෙ නෑ....මෙයාගෙ හැටි දන්න නිසාම කෙල්ලොත් මෙයාගෙ පස්සෙන් ආවෙ නෑ එක්කෙනෙක් හැර 😒.......(එයා ගැන පස්සෙ කියන්නම් 😌)
.
.
.
.
වැඩ ඔක්කොම කරගෙන හවස 4 විතර වෙද්දි ශාන්ලා ගුඩුක් වලට ආවා.....ශාන්ලා ආව ගමන් manager එයාල එක්ක කතා කරලා අද කරපු ටික check කළා....හැමෝම එක්ක එකතු වෙලා රෑට දාන්න ඕන news එක ඒකෙන්ම එයාලා හදාගත්තා....හවස 6 විතර වෙද්දි එයාලට වැඩේ ඉවර කරගන්න පුලුවන් වුණා.....

"Good job Zhan,Jin and Lin...ඔයාලා වැඩේ හොඳටම කරා...."

"ඕක මොකද්ද සර් ....අපි හැමෝගෙම වැඩක්නෙ මේක....."

"ඔව් ශාන් මං දන්නවා....අපි හැමෝම එකට ඉන්නකම් හැමදාමත් අපේ chanel එක තමා best...."

"ඔව් සර් අපි එක පවුලක්නෙ......"

"ඒකනෙ ශාන්.....ආහ් දැන් හැමෝම යන්න .....ගිහින් ටිකක් rest කරන්න ....රෑ 8 වෙද්දි news එක දාමු......."

"හරි සර්......"

"ආහ් ශාන් ටිකක් ඉන්න.....අනික් අය යන්න...."

අනිත් අයව යවලා ශාන්ව සර් නවත්තගත්තා.....(manager ශින් )

To be continued.........

🍁මොකටද ශාන්ව සර් නවත්තගත්තෙ🙄.....can you guess?

🍁මට මේක ලියන්න පස්ට කම්මැලී අෆ්ෆා 🥱🥱🥱.....මොනාහරි කොටන් යන්න ....තුන්වෙනි කොටසෙන් හම්බවෙමු.......

🚫මෙය සම්පූර්ණයෙන්ම මගේ උපකල්පනයක් වන අතර චරිත සදහා කිසිදු සම්බන්ධයක් නොමැත🚫

🚫උපුටා ගැනීම සපුරා තහනම්....🚫

✍️තිසූ✨️✨️✨️

Continue Reading

You'll Also Like

56.9K 9.9K 47
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
72.7K 16.3K 36
නිදුක් හාමු.........දන්නවද....හංසයෙක්ට ඉන්නෙ මුලු ජීවිත කාලෙටම එකම සහකාරයලු........ ම්න්......එතකොට....හංසකට ඉන්නෙ ජීවිත කාලෙටම මං විතරද?
932K 71.4K 46
သစ္စာ ဖောက်တဲ့ ex ကို ကလဲ့စားခြေဖို့ အဖေကို ယူ......... ငါ့ကို သစ္စာဖောက်တဲ့ အတွက် မင်းက ငါလေးကို Mom လို့ခေါ်ဖို့သာ ပြင်ထားတော့ ဝမ်ရီလျှို့ ~~ရှောင်...
163K 25.6K 20
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."