..𝕋𝕙𝕖 𝕋𝕣𝕦𝕥𝕙 𝕌𝕟𝕥𝕠�...

By Mis_Yang

7.3K 1.4K 52

" ඔයාගේ සතුට වෙනුවෙන් මම ඕනේ දෙයක් කරනවා මැණික.. මට ඔයා තමා මගේ ලොකේම... සතුටින් ඉන්න... ඕනේ වෙලාවක මම ඔයා වෙ... More

📍 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙 📍
🦋 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟚 🦋
🥀 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟛 🥀
🍁 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟜 🍁
🌹 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟝 🌹
🍃 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟞 🍃
💨 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟟 💨
🌹✨ ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟠 ✨🌹
🎯 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟡 🎯
💔 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟘 💔
📍 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟙 📍
🧸 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟚 🧸
💫 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟛 💫

✨🌹 ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟜- 𝔼ℕ𝔻 🌹✨

740 109 23
By Mis_Yang

Day Pass....
Wedding Day....

" යුහී... මම ඇතුලට එන්නද?"
" ජන්කුක්... ඔයාට එන්න බෑ... "

ජන්කුක් ඇතුලට ආවා... කවුරුත් ඇතුලේ නැති නිසා හොදයි...

( මේ suit එක වගේ...)

" ඇයි මේ ජන්කුක්? ඔයා ඇදුම් අදින්නේ නැද්ද? කලු ම ඇදන්? Wedding එකට ඔච්චර කලු ඇයි?"
" අදිනවා... මට ඉක්මනට ඇදගන්න පුලුවන්..."
" යන්න ජන්කුක්... කවුරුහරි එයි..."
" ඉතින්?"
" තව තප්පරා ගාණකින් ඔයාට මං දිහා සදහටම බලන් ඉන්න අවසර ලැබෙනවා..."

" ඔයා අද ගොඩාක් ලස්සනයි මැණික.. "
මගේ ලොකුම ලොකු wedding gown එකේ උඩ ඉදන් යටට යනකම් ජන්කුක් බලලා මගේ ඇස් දෙක දිහා බලන් කියද්දි මට එයාගේ ඇස් වල අමුතු දුකක්ද සතුටක්ද දැක්කා...

" ජන්කුක් ඔයා හොදින්ද?"
ජන්කුක් ඔලුව වැනුවා...

" ඇයි මැණික මේ ඔයාගේ ඇස් වලත් කදුලු?"
" ඒ... ඒ.. නිකන් ජන්කුක්... සතුටු කදුලු වෙන්න ඇති.. ඔයා?"
" ජිමින් wish නොකරපු නිසා නෙමේ නේද?"
" අහ්?"
" නෑ... ඒක පැත්තකින් තියන්න..."
" ජන්කුක් ඔයාගේ ඇස් වල කදුලු ඇයි?"

ජන්කුක් එක සැරේටම මාව බදාගත්තා...

" එකම එක සැරයක්... එකම එක සැරයක් මට ආදරේ හිතෙන විදියට කතා කරන්න... නැත්තම් ආදරෙයි... නෑ එපා... කුකී කියන්න... Please..."
" කුකී... ඇයි පැටියෝ අඩන්නේ?"

ජන්කුක් ඒකට හිනාවුනා...

" Congratulations... හැමදාම සතුටින් ජිවත් වෙන්න හරිද? "
" අහ්?"

ජන්කුක් මගේ නළලට කිස් එකක් දීලා ආපහූ මාව බදාගත්තා...

" ඔයාගේ සතුට වෙනුවෙන් මම ඕනේ දෙයක් කරනවා මැණික.. මට ඔයා තමා මගේ ලොකේම... සතුටින් ඉන්න... ඕනේ වෙලාවක මම ඔයා වෙනුවෙන් ඉන්නවා... "

ජන්කුක් මගේ අත්දෙක අල්ලන් කියලා යන්න හැදුවත් මම එයාව නවත්තගත්තා...

" කුකී.... "
" බය වෙන්න එපා මැණික.. මම මට මොනාත් කරගන්නේ නෑ... ඔයාට දැන් මොනාත් නොතේරෙයි ඒත් තව ටිකකින් ඔක්කෝම පොලිමට තේරෙයි... මගේ පන අද ගොඩාක් ලස්සනයි..."

ජන්කුක් මගේ අත් දෙක හිමින් අත ඇරලා අඩියෙන් අඩිය පස්සට ගිහින් එලියට ගියා....
.
.
.
.

ටික වෙලාවකින් අප්පා ආවා මාව එක්කන් යන්න.... මට ඕනේ වුනේ බදින්න එක මිනිත්තුවකට කලින් ජිමින්ව දකින්න...

මම අප්පා එක්ක hall එකට ගියා... හැමෝම අත්පුඩි ගැහුවා... රොස මල් වලින් Hall එක සරසලා තියෙද්දි මට එදා ජිමින් සරන්ග්හේ කියපු දවස මතක් වුනා... මම ජන්කුක් දිහා නොබලා බිම බලාගෙනම එතනට ගියා....

අප්පා ගිහින් ජන්කුක්ගේ අත උඩින් මගේ අත තියලා එතනින් යද්දි මම ජන්කුක්ගේ අත ඇල්ලුවා ඒත් ඒ අත ජන්කුක්ගේ නෙමේ කියලා හොයාගන්න මට විනාඩියක්වත් ගියේ නෑ... මම ඉක්මනට එයා දිහා බැලුවා...

Pool Party Day Night....
Jungkook And Jimin Pov....

" ජන්කුක් හදිස්සියක් ද මේ රෑ එන්න කිව්වේ?"
" නෑ.. ඉදගන්නකෝ..."
" හ්ම්.. කියන්න..."
" අනිද්දාට wedding එකට ඔයා යුහිව marry කරන්න..."
" මොකක්?"
" ඔයා යුහිට ආදරෙයි නේද? මට බොරු කියන්න එපා... මම හැමදෙයක්ම දන්නවා..."
" යුහි?"
" ඒ කෙල්ල කටක් හොල්ලන්නේ නෑ... ඒත් ඔයාලා දෙන්නාගේ love story එක මුල ඉදන් මම දන්නවා... මට දැනගන්න ඕනේ ඔයා තාමත් යුහිට ආදරෙයිද කියලා විතරයි...."
" but..."
" ඒත් මේත් නෙමේ ජිමින්... ඔයාලා මාව වටේ යවන්නේ නැතුව කියන්න ඔව්ද නැත්ද?"

ජන්කුක් මේසෙට හයියෙන් අත මිටිමොලෝලා ගහලා ඇහුවා...

" ඔව්... මම එයාට ආදරෙයි... ඒත් එයා ඔ.."
" මම? ජිමින් එයා මට දවසක්වත් ආදරේ කරලා නෑ... ඒ තමුසේ නිසා.... එයා මට ආදරේ කරන්න හිත හදාගන්න හදද්දි ඔයා එයාගේ හිතට ඇවිත් හොල්මන් කරනවා... ඔයා දන්නවාද මේ අවුරුදු දෙකට එයා මගේ අතකින් වත් අල්ල තියෙන්නේ එක සැරයයි...සමාවෙන්න මම තමයි ඔයාව waiterට කියලා pool එකට තල්ලු කරේ... එතනින් මට තේරුනා යුහි ඔයාට ආදරෙයි කියලා.... "
" අහ්?"
" මම දන්නේ කොහොමද කියලානේ අහන්නේ? මෙන්න ඔයාගේ ප්‍රශ්නේට හේතුව...."

ජන්කුක් යුහිගේ diary එක මෙසේන් තියන ගමන් කිව්වා...

" ජන්කුක් ?"

ජිමින් නැගිට්ටා... ඒ එක්කම ජන්කුකුකුත් නැගිට්ටා...

" ජිමින් අහන්න... මම ඔයාට මගේ මුලු ලෝකේම දෙනවා... යුහිව... එයාගේ හිත ආපහූ රිද්දලා තිබුනොත් මම එදාම යුහිව marry කරනවා... තේරුනාද?"

ජන්කුක් කදුලු පිහලා හිනාවෙලා ජිමින්ව බදාගත්තා...ජිමිනුත් ජන්කුක්ව බදාගත්තා...

" ජිමින් please.... යුහිට දුකක් දෙන්න එපා... එයාව බලාගන්න.. මලක් වගේ... මම දන්නවා ඔයා එයා වෙනුවෙන් ඕනේ දෙයක් කරයි..."
" promise මම එයාව හොදට බලාගන්නවා... Thanks ඔයාට ජන්කුක්.... "
" ඇති... ඇඩුවා... දැන් මනමාලයට පැය 30ක් විතර තියෙන්නේ wedding එකට ලැස්තිවෙන්න... දැන් ඉදන් ලැස්තිවෙන්න... අපි යුහිව suprice කරමු..."
.
.
.
.
Back to present....

" ජ්..ජි...ජිමින්? ජන්කුක්?"

ජිමින් මට හිනා වෙලා මගේ පිටිපස්ස බලන්න කියලා වගේ ඇහෙන් කියද්දි මම ඉක්මනට පිටිපස්ස බැලුවා...

ජන්කුක් පිටිපස්සේ අපි ලගම තිබුන පුටුව ලග හිටගෙන හිටියා... එයා මාත් එක්ක හිනාවුනාත් එයාගේ ඇස් වල කදුලු මම දැක්කා...

" යන්න...."
ජන්කුක් හිමින් මිමිනුවා.... මගේ ඇස් වලින් කදුලු පොලිමට ගලාගෙන ගියා....

අපි දෙන්නා දෙන්නාට දෙන්නා පොරොන්දු වුනා... ඒ hall එකේ හිටපු හැමෝම අපි දෙන්නාගේ මේ එකතුවීමට සාක්ෂි දැරුවා....

දිවුරුම් දීමට පස්සේ ජන්කුක් අපි දෙන්නා ලගට ආවා...

" ජන්කුක්..."
" ශ්..ශ්...යුහි මේක මගෙන් ඔයාලා දෙන්නාට wedding gift එක... ස්තූති කරලා ලැජ්ජාවට පත් කරන්න එපා..."
" ජන්කුක් ඒත්..."
" අහන්න යූ... මේකා ඔයාට මොනාහරි කිව්වෝත් ඊලග තප්පරේම මගේ ගෙදර එන්න... මගේ ගෙදර දොර ඕන වෙලාවක ඔයා වෙනුවෙන් ඇරලා තියෙන්නේ... "

ජිමින්ටයි මටයි දෙන්නාටම ඒකට හිනා....

ජන්කුක් අපි දෙන්නාවම බදාගත්තේ අපි දෙන්නාගේ මගින් නතර වුන ආදරේ ආපහූ එකතු කරලා... ♥️✨

At Night...

" ජිමින්... "
......
" ජිමින් ඔයා ඉන්නවාද?"

මම අපි නතර වෙලා හිටිය hotel room එකේ werenda එකට මූන දාලා බලන ගමන් jiminට කතා කරා...

එක සැරේටම මට දැනුනා මගේ ඉන වටේ අත් දෙකක් එතෙනවා ඒත් ඒ කවුද කියලා තේරුම්ගන්නත් මට වැඩි වෙලාවක් ගියේ නෑ...

" මම මෙහේ... "

මම ඒ එක්කම jimin පැත්තට හැරුනා... Jimin කරේ මාව තවත් එයා ලගට ඇදලා ගත්තු එක...

" jimin...මියන්හේ.... ජින්ජා... මම.. මම.."
" ශ්... ඔයා සමාවගන්න ඕනේ නෑ මැණික.. අපි දෙන්නා ඉස්සර වුන හැමදෙයක්ම අමතක කරමු... හැම නරක දෙයක්ම... තේරුනාද?"

මම ඔව් කියන්න වගේ ඔලුව වැනුවා විතරයි... එක සැරේටම jimin මාව බදාගත්තා... මමත් එයාව මට තද කරන් බදාගත්තා...

" මාව දාලා යන්න එපා ආපහූ... එහෙම උනොත් මම මැරෙයි..."
" කවදාවත් නෑ chimmy... මම ඔයා එක්ක හැමදාම ඉන්නවා... මොනාවුනාත්... දැන් මම කොහොමත් ඔයාගේ වෙලා ඉවරයි.... "

Jimin මගේ බෙල්ලෙට පොඩි කිස් එකක් දිලා මාව ටිකක් ඈත් කරේ මගේ ඇස් දෙක දිහා බලන ගමන්...

" සරන්ග්හේ.... "

මම ජිමින්ට මගේ හිතේ තිබුන දේ කියපු ගමන් එයාගේ තොල්වලට බර වුනේ එයාට කලින් මම ඉස්සරහා වෙලා... 💋💋💋💋💋💋💋

ටික වෙලාවක් යද්දි jimin කිස් එක එයාගේ පාලනේට ගද්දි මමත් එයා එක්ක ඒ හැගීම් විදින්න ගත්තේ ඇස් වලින් සතුටු කදුලු ගලද්දි... ✨💋


එමා...✍️✨💐🌹
කතාව අදින් ඉවරයි....
ජන්කුක් තනිවුනාට මොකෝ එයා අපේ readers ලාගේ 😉😘
ඊලග story එක කුකී වෙනුවෙන් දෙන්න බලන්නම්... ♥️😁

Continue Reading

You'll Also Like

241K 7K 81
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
24.1K 4.1K 20
ජීවිතේදි දෙන්නෙක් අහම්බෙන් හම්බවෙන්න පුලුවන් .ඒත් ඒ දෙන්න අතර ඇති වන බැදීම අහම්බයක් නෙමේ. මේ කතාව පොඩ්ඩක් විතර වෙනස් එකක් වෙයි.කියවලම බලන්නකෝ.
28K 4.6K 21
"තමුසෙ මහා පාන්දර හතරට මොන ලෝකෙද ඕයි යන්නෙ." "පැනලා යනවා." "මොකක්." "ඇයි මොකද? " "නෑ මුකුත් නෑ.මන් හිතුවටත් වඩා විකාරයක් තමුසෙ." හිතුවක්කාර කෙල්ලක්. ...
1.3M 56.8K 103
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC