ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ ✓

By Miss_Mint_Choco

52.7K 8.1K 1.2K

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ එකමත් එක අඳුරු රාත්‍රියක, පාලු පාරකදී අහම්බෙන් වගේ කිම් යේරින්ට මුණගැහෙනවා ජොන් ජොන්ග්කුක්... More

©️Copyright
💕Teaser💕
💕Episode 01💕
💕Episode 02💕
💕Episode 03💕
💕Episode 04💕
💕Episode 05💕
💕Episode 06💕
💕Episode 07💕
💕Episode 08💕
💕Episode 09💕
💕Episode 10💕
💕Episode 11💕
💕Episode 12💕
💕Episode 13💕
💕Episode 14💕
💕Episode 15💕
💕Episode 16💕
💕sᴘᴇᴄɪᴀʟ: 01💕
💕Episode 17💕
💕Episode 18💕
💕Episode 19💕
💕Episode 20💕
💕Episode 21💕
💕Episode 22💕
💕Episode 23💕
💕Episode 24💕
💕Episode 25💕
💕Episode 26💕
💕Episode 27💕
💕Episode 28💕
💕Episode 29💕
💕Episode 30💕
💕Episode 31💕
💕Episode 32💕
💕Episode 33💕
💕Episode 34💕
💕sᴘᴇᴄɪᴀʟ: 02💕
💕Episode 35💕
💕Episode 36💕
💕sᴘᴇᴄɪᴀʟ: 03 ᴘʀᴇᴠɪᴇᴡ💕
💕Episode 37💕
💕Episode 38💕
💕Episode 39💕
💕sᴘᴇᴄɪᴀʟ: 03💕
💕Episode 40 (Last Episode)💕
💕Invitation💕
💕ᴏⁿᵉ ʏᵉᵃʳ ᴀⁿⁿⁱᵛᵉʳˢᵃʳʸ 💕
💕sᴘᴇᴄɪᴀʟ: 04💕
💕 Posters 💕
Watt_Cafe Editor's Choice: The Best Books

💕sᵉᶜᵒⁿᵈ ʏᵉᵃʳ ᴀⁿⁿⁱᵛᵉʳˢᵃʳʸ 💕

560 62 592
By Miss_Mint_Choco

*මේක විකාර එපියක්. අකමැති අය කියවන්න එපා!*

ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ
sᵉᶜᵒⁿᵈ ʏᵉᵃʳ ᴀⁿⁿⁱᵛᵉʳˢᵃʳʸ


안녕, (Annyeong)

කොහොමද ඔයාලාට?

මම මිස් මින්ට් චොකෝ. එහෙමත් නැත්නම්.. FB ලමයි නම් මාව අදුරන්නේ ස්ප්‍රින්ග් කියලා. ඔයාලා හැමෝම වගේ මාව අදුරන්නේ ලව් බුලට් වලින් කියලා මම හිතනවා. (එහෙම නැත්නම් ඉතිං කොහොමද කියලත් කියාගෙන යන්න) ඉතිං ඔන්න අන්තිමේ... අද තමයි මගේ ලව් බුලට්වල 2nd Year Anniversary එක. හ්ම්ම්.. හ්ම්ම්..... වට්පෑඩ්වල නම් ඉතිං ලව් බුලට් එක්ක තාමත් අලුතින් එකතුවෙන අය ඉන්නවා. ඒත් ඉතිං FBවල නම් හැමෝම වගේ දැනටම ඒක කියවලා ඉවරයි මම හිතන්නේ. ඉතිං අමතක කෙනෙක් ඉන්නවා නම් කතාව.. මේක තමයි ලව් බුලට්! මගේ පලවෙනි 'සිංහල' FF එක. මේ කතාව ගැන පුංචි මතක් කිරීමක් කරන්නම් මොකද අවුරුදු දෙකක් කියන්නේ ලොකු කාලයක් නේ. කතාව මතකද? නැද්ද? කියන කාරණය ගැන මට හිතාගන්නත් බැහැ. ඒත් මම ඔයාලට කතාව එතරම් මතක නැහැ කියන තර්කය එක්ක හිතලා කතාවේ සිද්ධවුණ දේවල් ගැන පුංචිම පුංචි කෙටි සාරාංශයක් කියන්නම්.

කිම් යේරින්, කියලා කියන්නේ සාමාන්‍ය ජීවිතයක් ගත කරපු අපි හැමෝටම වගේම ප්‍රශ්න තිබ්බ, ඒත් ඒ ප්‍රශ්න එක්කම ජීවත්වුණු ගෑණු ලමයෙක්. එයාට කොච්චර ප්‍රශ්න තිබ්බත් එයාට ඒවට විසදුමක් තිබ්බේ නැහැ. මොකද එයා හැඟීම් වලට වහල්වෙලා හිටියේ. ඒ හැඟීම් තමයි එයාගේ ඔම්මා ගැන එයාගේ හිතේ තිබ්බ ආදරය. අන්න ඒ ආදරය නිසයි එයාගේ බාප්පා, ඒ කියන්නේ ඔම්මාගේ දෙවෙනි කසාද මනුස්සයා එයාට කොච්චර ගැහුවත්, බැන්නත් කරදර කලත් එයා ඉවසලා හිටියේ. එයා හිතුවා එයාගේ ජීවිතේ ඔම්මා එක්කම ඉන්න ඕනේ එකක් කියලා. එයා හිතුවා එයාගේ ජීවිතේ දවසක ලස්සන වෙයි කියලා. එයා ජීවත්වුණේ අන්න එහෙම හීන ලෝකෙක කිව්වොත් හරි.

ඒත් ඒක හීනයක්ම වුණේ නැහැ. ඇත්තම කිව්වොත් ඒක හීනයක්ම විතරක් වුණේ නැත්තේ ජොන් ජොන්ග්කුක් නිසා. හ්ම්ම්... මේ තරුණ හාදයව යේරින් දවසක පාළු පාරක හරිම අහම්බෙන් මුණගැහෙනවා. පළමු මුණගැහීම අහම්බයක් වුණත් හිතපු නැති විදිහට ආයේ ආයේ ජොන්ග්කුක් යේරින්ගේ ජීවිතේට ලංවුණේ එයාගේ හිත ඇතුලේ තිබ්බ තුවාලයකුත් එක්කමයි. හරියට හරි... ඒක ලව් බුලට් එකක්! ජොන්ග්කුක්ගේ හදවත තුවාලවෙලා තිබ්බේ වෙන කිසිම දේකින් නෙවේ, ලව් බුලට් එකකින්. එයාගේ පලවෙනි ආදරේ ලී දාහි. එයා සුරංගනාවියක්! අන්න එහෙමයි ජොන්ග්කුක් හිතුවේ. හැබැයි පස්සේ තමයි ජොන්ග්කුක් දැනගත්තේ.. ඒ සුරංගනාවියගේ පිටිපස්සේ හිටිය යක්ෂණියව.

ලී දාහි එයාගේ යක්ෂ මූණ සුරංගනා මූණ පිටිපස්සේ හංගගෙන හිටියේ ජොන්ග්කුක් ගේ සල්ලි නිසා. හ්ම්ම්.. හ්ම්ම්.. ජොන්ග්කුක් කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවේ. එයා තමයි New Asia කම්පැණි එකේ අයිතිකාරයා. ඒත් ඒ එතරම් කාලෙකට නෙවේ. කම්පැණි එක බංකොලොත් වුණේ ජොන්ග්කුක්ට හිතාගන්නවත් බැරි විදිහට. අන්තිමේ ලී දාහී එයාව දාලා ගියා එයාට සල්ලි නැති නිසා. ඔන්න ඔය වෙලාවේ තමයි එයාට අහම්බෙන් කිම් යේරින්ව මුණගැහෙන්නේ. අන්තිමේ බලද්දී කිම් යේරින් එයාගේ හ්‍යොන්ග්ලාගෙනුත් බාගෙට බාගයක් ම අදුරනවා. එයාලාගේ යාළුවෙකුත් එක්ක.

ඔහොම ඉද්දී ජොන් ජොන්ග්කුක් වගේම කිම් යේරින් දෙන්නට දෙන්නා ගොඩක් ආදරේ වෙනවා. ඒත් ඒක කියාගන්න දෙන්නටම හයියක් තිබ්බේ නැහැ. වැඩිපුරම ජොන්ග්කුක්ට. එයාට දැනුනේ ආයෙත් එයා ආදරේ කරන කෙනෙක් එයාව දාලා යයි කියලා. ඒත් එයා හිත හයිය කරන් හැමදේම කියන්න යද්දී තමයි එයාගේ හ්‍යොන්ග්, කිම් ථේහ්‍යොන්ග් මේ කතාවට එන්ටර් වෙන්නේ. ථේහ්‍යොන්ග් කියන්නේ වෙන කවුරුවත් නෙවේ, Blue Mountain කියන ප්‍රසිද්ධ ව්‍යාපාරයේ අයිතිකාරයා. ජොන්ග්කුක් හිතන්නේ ථේයි, යේරිනුයි යාළුයි කියලා. අනේ මන්දා ඉතිං ජොන්ග්කුක් ඊට පස්සේ ලෝකේ නැති පිස්සුවක් නටනවා. ඒවා නම් මෙතන විස්තර කරන්නත් බැහැ මට. හී.... මං අහිංසක ලමයෙක් අනේ....

පස්සේ ජොන්ග්කුක් දැනගන්නවා එයාගේ හ්‍යොන්ග්, ඒ කියන්නේ ථේ ථේ කියන්නේ වෙන කවුරුත් නෙවේ යේරින්ගේ ඔප්පා කියලා. ඒක කොහොමද වුණේ කියලා දන්නවා නේ කතාව කියෙව්වා නම්... හී.... කොහොමහරි අන්තිමේ දී යේරින් සහ ථේහ්‍යොන්ග් කියන්නේ අයියායි,  නංගියි.

ඔය අතරේ ජොන්ග්කුක් එයාගේ හදපත්ලේ තියෙන ආදරේ ගැන ඔක්කොම විස්තරේ යේරින්ට කියලා දානවා. (ඒක වෙනම සීන් එකක් ලමයි. ඔයාලට ඒකට වෙන්න ඕනෙ නම් 30 වෙනි එපියේ ඉදන් ටිකක් කියවන්න... අන්න එහෙමයි ඒ සීන් එක වෙන්නේ) යේරින්ට ඕනේ වෙනවා එයාගේ අප්පාගේ මිනීමරුවා ව හොයාගන්න. හේතුව එයා දන්නවා එයා මෙච්චර කල් තනියම එයාගේ අප්පාගේ මිනීමරුවා ව හොයාගන්න උත්සාහ කලාට වඩා එයාගේ ඔප්පාගේ සල්ලි බලයත් එක්ක ඒක කරන එක පහසුයි කියලා. ඒත් ථේහ්‍යොන්ග් ඒකට කැමතිවෙන්නේ නැහැ. අන්තිමේ අයියායි, නංගියි රණ්ඩුවෙනවා. මේ රණ්ඩුව බේරෙන්න ජොන්ග්කුක්, ජින්, නම්ජුන්, යූන්ගි, හෝසොක් වගේම ජිමින් අඩු සහ වැඩි වශයෙන් දායකවෙනවා.

අන්තිමේ ථේහ්‍යොන්ග් කැමතිවෙනවා යේරින්ට එයාගේ අප්පාගේ මිනීමරුවා ව අල්ලගන්න උදව්කරන්න. ඒ වුණත් එයාගේ හිතේ එයාගේ අප්පා ගැන කිසිම ආදරයක් නැහැ. මොකද එයාට එයාගේ අප්පා කියන්නේ එයාගේ ඔම්මාව අසරණ කරලා තනි කරලා දාලා ගියපු මනුස්සයා විතරක්ම වුණ නිසා. ඒත් ථේහ්‍යොන්ග් එයාගේ නංගිට ගොඩක් ආදරේ කරපු නිසා තමයි උදව් කරන්නේ.

අන්තිමේ ඉතිං කට්ටිය ප්ලෑන් එකක් ගහාආආආලා........... එක එක විකාර කරලාආආ... අපරාදකාරයාව අල්ලගන්නවා. අපරාදකාරයා කවුද කියලා කියන්න ඕනේ නැහැ දන්නවා නේ? එහෙනම් හරි දැන් අපි කෙලින්ම එමු.. ඇයි මම මෙහෙම එපියක් අප්ඩේට් කරන්නේ කියන තැනට.

ඔන්න දැන් මම මේ කියන්න යන්නේ මීට මාස දෙකකට කලින් මට සිද්ධවෙච්ච දෙයක්. හෝව් හෝව්... ඔහොම ඉන්න මට වුණ ඒවා ඔයාලාට මොකටද නේද? නෑ ලමයි මේක වැදගත් දෙයක්. ඇත්තටම මටත් හිතාගන්න බැහැ එහෙම දෙයක් වුණේ කොහොමද කියලා. කෝමහරි හොඳට මතක තියාගන්න මේක මීට මාස දෙකකට කලින් වුණ දෙයක්. ඒ නිසා මම මේකේ කතා කරන දේවල්, ඒවා මාස දෙකකට කලින් හිටිය මම කතා කරන දේවල් හොදේ.

ඔයාලාට මතකද මං දන්නේ නැහැ මීට මාස දෙකකට කලින් මම වට්පෑඩ්වල කිව්වා මම ඩෙන්‍ටල් යනවා කියලා? මතකද? නරකයෝ ටික මට රිප්ලයි කලෙත් නැහැ. තරහයි මං! මොනා කරන්නද ඉතිං මම මේක ලියන්නත් එපැයි. කොහොමහරි එදා ඔන්න ආහ්.. ඒ කියන්නේ 2021 මාර්තු 30 වෙනිදා! මම සාමාන්‍යෙන් වැඩිය එලියට යන කෙනෙක් නෙවේ. ඒක මගේ හැටි. දැන් එක එක ඒවා අහගෙන එන්න එපා... (සමහර අය ඕන්නැති ප්‍රශ්න අහනවා අනේ. ඒකයි කිව්වේ) ඔන්න ඉතිං මම එදාට කලින් දවසේ අදින්න ඇදුමක් එහෙම තෝරලා තිබ්බේ. මම මගේ කලුපාට tight office pant එකයි, අලුපාට top එකයි තෝරගත්තේ. (ඇදුම් විස්තරේ කලේ ඉතිං නිකං.) මම සාමාන්‍යෙන් දිග සායවල්, ගවුම් අදින කෙනෙක්. වෙලාවට එදා දිග සායක් එහෙම ඇන්දේ නැහැ. නැත්නම් වස ලැජ්ජාවක්වෙන්නේ (මම එහෙම කිව්වේ ඇයි කියලා ඉස්සරහට තේරෙයි). ඔන්න දැන් මං මේ කියන ඩෙන්ටල් එක තියෙන්නේ කොළඹ. ඔයාලා දන්න අයත් ඇති. ටවුන් හෝල් එකේ තියෙන ඩෙන්ටල් එක අනේ.. ඔන්න ඉතිං දැන් මම ඩෙන්ටල් කිව්වොත් බයයි. කලන්තේ දාලා වැටෙන්න තරම් බයයි. මාව ගැහුණා එදා බයට. ඒ නිසා තමයි මම මම දන්න මිනිස්සු ටිකකට අනවුන්ස්මන්ට් එකක් දැම්මේ කලින් ගිහින් තියෙන කෙනෙක් හරි මට උදව්වට මොකක් හරි කියයි කියලා. කොහෙද ඉතිං එහෙම එකක් වුණේ නැහැ නේ.

කොහොමහරි මම බයේ ගැහී ගැහී ගියේ ඩෙන්ටල් එකට තාත්තාගෙන් පාරත් අහගෙන. ගියාට පස්සේ කොරෝනා වලට උණත් චෙක් කරනවා. තව ඩිංගෙන් උණ වැඩිවෙලා මාව අරහේ අරන් යනවා නිරෝධායනය කරන්න. ඇයි මට බයටම උණ ගැනිලා. හරි කෙටියෙන් කියන්නම්. දත පිරෙව්වා. මම එලියට ආවා.

ඔන්න දැන් තමයි මේ කතාව පටන්ගත්තේ. මම එතනින් එලියට ඇවිල්ලා බස් එක ගන්න ඕනේ 'Miniso' එක ලගින්. අර ජපන් බඩු තියෙන කඩේ. තව කිව්වොත් විෂන් කෙයා එක ලග තියෙන කහ ඉර ලගින්. ඇත්තම කිව්වොත් මම හිතන්නේ එතන හෝල්ට් එකක් නැහැ. ඇත්තටම මම දන්නේ නැහැ. මොකද හැමවෙලේම වගේ ටවුන්හෝල් ආවාම එතන කහ ඉරට අපේ පාරේ බස් එකක් හිටිනවාමයි. ඉතිං අපි නගින්නෙම එතනින්. (මිනිස්සු කහ ඉර පයිනවා. අපි බස් එකට නගිනවා. මාර්ග නීතී කඩවීමක් වෙන්නේ නැහැ හොඳේ) ඒත් ඔන්න දැන් එදා.. කහ ඉරෙන් බල්ලෙක්වත් ආසාවට පනින්නේ නැහැ. ඉතිං බස් ඔහේ යනවා. නවත්තන්නේ නැහැ එතනින්ම. ඉතිං ඒ නිසා මම විෂන් කෙයා එක හරියට ගිහින් හිටියා බලාගෙන බස් එකක් ඒ හරියෙන් නැවැත්තුවොත් පාර මැදට ගිහින් නගින්න පුලුවන්  නේ කියලා.

බලාගෙන ඉන්නවා, බලාගෙන ඉන්නවා බස් එනවා ඒ හරියෙන් නවත්තන්නේ නැහැ යනවා යන්න. ඉතිං ඔන්න දැන් ඉතිං එක බස් එකක් ආවා අපේ පාරේ. ඒක නැවැත්තුවා ඒකේ මිනිස්සුන්ටත් බහින්න. ඒත් නැවැත්තුවේ පාර මැද කියන්නකෝ ඉතිං. මම ඉතිං අයිනෙන් එන වාහන බලලා හිමින් පාර මැදට පැන්නේ බස් එකට නගින්න. මම සාර්ථක ලෙස එතනට ගියා. ඒත් සිද්ධවුණේ වෙනම දෙයක්. ඒ බස් එකෙන් තාම මිනිස්සු බහිනවා. එතකොට මම පාර මැද හිටගෙන ඉන්න ඕනේ ඒ මිනිස්සු බැහැලා ඉවරවෙනකම්. පාර මැද! මම එහෙම ඉද්දී එහා පැත්තෙන් වාහන හෝ හෝ ගාලා වේගෙන් යනවා. මම පණ බයේ හිටියේ මගේ ඇඟේ වැදීගෙන යයි කියලා. මැරෙන්න බය නැහැ.. ඒත් මැරෙයි ද දන්නේ නැහැ නේ. ඉතුරුවුණොත් මොන දෙයියන්ට කියන්න ද?

ඒත් සිද්ධවුණේ මම හීනෙන්වත් හිතුවේ නැති දෙයක්. එකපාරටම කඩාගෙන බිඳගෙන ආපු බස් එකක් මගේ පැත්තට කැපුවේ මගේ ජීවත්වීමේ ආශාව නැති කරන ගමන්. ඒ ගමන්ම කවුරුහරි මාව විදුලි වේගයෙන් තල්ලු කලා. ඒත් මම දන්නේ නැහැ ඒ කවුද කියලා වගේම එතනින් එහාට මොනාද සිද්ධවුණේ කියලා. මම හිතන්නේ මට සිහිය නැතිවුණා.

මම එහෙම ගොඩක්වෙලා හිටියා. මගේ ඔලුව කරකැවෙනවා වගේ මට දැනුණේ. ඒත් මට ඇස් අරින්න පණක් තිබ්බේ නැහැ. කොච්චර අමාරුවුණත් අන්තිමේ මට ඇස් අරින්න පුලුවන් වෙලාවකුත් ආවා. මම හිමින් හිමින් මගේ ඇස් ඇරියේ අමාරුවෙන්.

මගේ මුළු ඇඟම රත්වෙලා ගියේ මගේ ඇස් දෙක ඉස්සරහා තිබුණ.. අනියා හිටපු කෙනා නිසා.. ඒ දැකපු දේ නිසා මට හුස්ම ගන්නත් බැරිව ගියා. මේ.. මේ.. එයා.. දෙයියනේ.. මම මැරෙයි වගේ.. මට හුස්ම ගන්නත් බැහැ.. මම මැරෙයි වගේ.. ආ..හ්.. ආ..හ්... මම අමාරුවෙන් හුස්ම ගන්න ගමන් ඉටිරූපයක් වගේ හිටිය එයා දිහා බැලුවේ මේ දකින්නේ හීනයක් ද? එහෙමත් නැත්නම් මේක මොකක්ද කියලා හිතාගන්න බැරුව!

මේක නම් කොහොමටවත්ම ඇත්තක් වෙන්න බැහැ!

මොකද මොනම තර්කයකට අනුවවත් බන්ග්ථන් සොන්‍යොන්දන්වල වර්ල්ඩ්වයිඩ් හැන්සම් මගේ ලගින් නිදාගෙන ඉන්න විදිහක් නැහැ!!!

එයාගේ රෝස තොල් සියුම් හිනාවක් එක්කම තදින් පියවෙලා තිබුණේ. ඒ අවුල්වුණ කොන්ඩ ගස්.. ඒවා එයාගේ මූණට වැටිලා හරිම ලස්සන අහිංසකකමක් එකතුකලා. එයා සුරදූතයෙක් වගේ. මම එයා දිහා බලාගෙන හිටිය එක විතරයි කලේ. මේ නම් හීනයක්ම තමයි.

හෑඈඈඈඈඈ!!!!!!!!!!!!!!!!

මට මේ සීන් එක හොඳට මතකයි! හත් දෙයියනේ..... මේ... මේක වෙන්න බැහැ!! අන්ද්වේ..............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මම මේ Wishing On A Star ඇතුලට එහෙම ඇවිල්ලා නෙවේ නේද? මගේ දෙයියනේ..... මොකක් ඇතුලට ගියත් මට ඒක ඇතුලට යන්න බැහැ.... ඊට හොඳයි We Never Know... වලට ගිහින් අර බෙල්ල නැති හොල්මනගේ අතින් මැරෙනවා. මේක ඇතුලට යන්න පුලුවන් ද කියන්නකෝ මේක එරොටික් කතාවක් නේ දෙයියනේ..

පොඩ්ඩක් ඉන්න මගේ ඇඳුම්!!

මම ඉක්මනටම මගේ ඇඟට අත තියලා බැලුවේ මරණ බයේ. ආයිශ්.... ඇති යන්තම් මම ඇඳුම් ඇදගෙන ඉන්නේ. අනික ජිනුත් ඇඳුම් ඇඳගෙන ඉන්නේ. ඇතියන්තම් කිසි අවුලක් නැහැ. ඒ වුණාට එයා මොන එහෙකට මං ලගින් නිදාගෙන ඉන්නේ??????? මම එකපාරටම මම නිදාගෙන හිටිය තැනින් නැගිට්ටේ  ජින් දිහා ඇස් ලොකු කරගෙන බලන ගමන්. මේක නම් හරිම බයානකයි!

"ඔයා හොඳින් ද ස්ප්‍රින්ග්?" එකපාරටම මගේ උරහිසට කෙනෙක් හොල්මනක් වගේ අත තියලා අහද්දී මම උඩ ගිහින් ගිරිය කඩාගෙන කෑ ගැහුවේ හොඳටම බයවුණු නිසා. මම එයා දිහා බැලුවේත් පණ බයේ. එයාගේ අත තාමත් මගේ උරහිසේම රැදිලා තිබ්බේ.

ඉවරයි... මගේ ඇස් අඩවන් වෙලා යද්දී මම එයාගේ දිහාට වැටෙනවා වගෙයි මට දැනුනේ. ආයෙත් ඒ මොහොත උදාවුණා. මොනාද වෙන්නේ කියලා මම දන්නේ නැති මොහොත! ඒත් ඒ මොහොත මේ වෙලාවේ නම් ගොඩක් වෙලා තිබුණේ නැහැ. මම මගේ ඇස් හෙමින් හෙමින් ඇරියේ මගේ මූණට තෙතමනයක් දැනෙද්දී. මගේ බොඳවුණු පෙනීම එක්ක මට අමාරුවෙන් ඇස් පොඩි කරන ගමන් මට පෙනුන දේ පැහැදිලි දර්ශනයක් බලන්නයි උත්සාහ කලේ. කොහොමවුණත් මම වැතිරිලා හිටියේ ගොඩක් සැපපහසු තැනක කිව්වොත් හරි.

"ස්ප්‍රින්ග්, ස්ප්‍රින්ග්, ඔයා හොඳින්ද?" මට ඇහුනේ කෙනෙක් මගෙන් එහෙම අහනවා. ඒ ජින් කියලා මට තේරුම්ගන්න වැඩිවෙලාවක් ගියේ නැහැ. "එයාට කොහොමද සිහි නැතිවුණේ? ඔයා එයාට මොනාහරි කලාද යුන්ගියා?" එයාගේ කටහඩ ආයේ එහෙම ඇහුවේ මං දිහා බලාගෙන හිටිය කෙනාගෙන් කියලා මට තේරුණා. තාමත් මට හරියටම පෙනුනේ නැහැ ඒ දෙන්නාව. "අනියා..... මම මොනාකරන්නද මෙයාට? මාව දැක්ක ගමන්ම එයා එකපාරටම මගේ ඇඟට වැටුණා" යුන්ගි එහෙම කිව්වේ එපා වෙලා වගේ. "යා...... ඒ ලමයා හොඳටම බයවෙන්න ඇති.. මං ඔයාට කියලා තියෙනවා යුන්ගි, මහ රෑට සුදු අදින්න එපා කියලා! ඔයා හොල්මනක් වගේ....!!!" එකපාරටම ජින් එහෙම කියද්දීයි මට හරියටම පේන්න ගත්තේ. "අන්න එයාට සිහිය එනවා.." තවත් ගැඹුරු කටහඩකින් එහෙම කියද්දී මට එයාව අදුරගන්න වැඩිවෙලාවක් ගියේ නැහැ. ථේ ථේ! මට දැන් පැහැදිලියි. මම හිටියේ යුන්ගිගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන!!

හාආආආආහ්!!!! ව්වේ? ව්වේ?

මට පිස්සු හැදිලාද?

මම ඉක්මනටම නැගිටින්න උත්සාහ කලත් මාව ආපහු වැටුනේ තාමත් තිබ්බ කැරකිලි ගතිය නිසා. "හෝව්... හෝව්.. පරිස්සමට! ඔයා හොඳින් ද?" මට නැගිටින්න උදව් කරන ගමන් යුන්ගි එහෙම අහද්දී මම ඉක්මනටම ඔලුව වැනුවේ කාටුන් එකක් වගේ. මම මේ කොහෙද ඉන්නේ? මම දන්නවා මම ඉන්නේ මගේ මොකක් හරි කතාවක් ඇතුලේ කියලා නම්... ඒත් මේ මොකක්වෙන්න පුලුවන් ද? යුන්ගි මට නැගිටින්න උදව් කලාට පස්සේ මම හෙමින් හෙමින් නැගිටලා අනික් අය දිහා බැලුවේ කරගන්න දෙයක් නැතුව. ආයිශ්.... මේක නම් කරන්න බැහැ දෙයියනේ..... මම මේ ඉන්නේ.... ඈහ්! මම හිතුවේ මම ඉන්නේ කාමරයක් ඇතුලේ වෙන්න ඇති කියලා. ඒත් මම හිටියේ කූඩාරමක් ඇතුලේ නේ.. ඒක වෙන්නේ කොහොමද? මම කූඩාරමක් ගැන නම් කතාවක් ලියලාම නැහැ අනේ... ඒත්.. බැරිවෙලාවත්... මේ We Never Know... ද? අනියා.... ඒත් මේ කූඩාරම යුවාගාවල තියෙන්න පුලුවන් එකක් නෙවේ නේ. මේක පෘතුවියේ එකක් නේ...... හැබැයි ඉතිං කවුද දන්නේ...? ඔය කතාවේ වෙන දේවල් මං වත්, ජිවෝල්වත් තාම දන්නේ නැහැ නේ.

"අ.... මම....." ආයිශ් මම කතා කරන්න ගත්තට කතා කරන්නත් බැහැ. මදැයි මම ඉස්සෙල්ලා හිතුවා වී නෙවර් නෝ වලට ගියත් කමක් නෑ කියලා. ඔය කරගත්තේ වැඩක්!

"ඔයා හොඳින් ද කියන්නකෝ ස්ප්‍රින්ග්!" ථේ මං දිහා බලන ගමන් කතා කලේ වදවෙන පෙනුමක් එක්ක. කූඩාරම ඇතුලේ හිටියේ ජින්, මම, යුන්ගි. ථේ හිටියේ කූඩාරම ඇතුලට එලියෙන් ඔලුව දාගෙන. මොකද මේක ඇතුලට එහෙම හැමෝටම එන්න ඉඩ නැහැ!

"නේ.... මම නම් හොඳින්... ඒත් මේ කොහෙද?" මම ඇහුවේ ඔලුව කසන ගමන්. ආ....යිශ්... මිචිගෙත්තා.....!!! "ආ... බයවෙන්න එපා මෙහෙම කිව්වට. ඒත් මේක කැලයක්!" ජින් කිව්වේ එයාගේ ස්ථීර කටහඬින්. කැළයක්? හරි මම ඉවරයි! ඒ කියන්නේ We Neve Know... තමයි! දැන් ඉතිං සටන් කරන්න ඉගෙන ගන්න ඕනේ. ආයුධයක්!! ඕ නේ.. මුලින්ම ආයුධයක් හොයාගන්න ඕනේ. "ඔයාලා ගාව නැද්ද ආයුධයක්! ආ...හ් ඔයාලාටත් එපැයි ආයුධ!" මම කිව්වේ ජින් දිහා බලන ගමන්. පොඩ්ඩක් ඉන්න!

"ආ... නේ යුන්ගි..., ඔයා ලග ආයුධයක් නැද්ද මට ණයට ගන්න? ඔයාට ඉතිං ආයුධ ඕනේ නෑනේ ඔයා වෘකයෙක් නේ" මම ඉක්මනටම කිව්වේ එයාලාට කතා කරන්නවත් ඉඩක් තියන්නේ නැතුව. "මම හිතන්නේ එයා කලන්තේ දැම්ම පාරට එයාගේ ඔලුව හොඳ නැතිවෙලා වගේ...." ජින් එහෙම කියලා මහ සද්දෙන් හිනාවෙද්දී මම මගේ දෙපැත්තේ හිටිය යුන්ගි දිහායි, ජින් දිහායි වගේම මගේ ඉස්සරහා හිටිය ථේ දිහායි බැලුවේ කිසිම දෙයක් හිතාගන්න බැරුව. "එයාට සිහිය ආවද ඔප්පා?" ඒ ගමන්ම එලියෙන් ඇහුවේ ගැහැණු ලමයෙක් ගේ කටහඩක්!

ඒ කවුද?

පැරිස්?

අනියා! ඒ පැරිස්ගේ කටහඩ නෙවේ නේ.. නේ නේ.. මම දන්නවා මම කතා ලියන එක විතරයි කරන්නේ. ඒත් මම දන්නවා එයාලාගේ කටහඬවල්. ඒ නම් හන්සුත් නෙවේ.. මෙරූඩා ද?  ඒත් එයා නම් කතාවේ දිගටම ඉන්නවද කියලත් මම දන්නේ නැහැ නේ. අනික... වෙන කෙල්ලෙක්ට හිටියේ... ඉක්ශු.. ආහ්.. එයා නම් නෙවේ කොහොමටවත්.. වෙන ඉතිං... මින්වා කුමරිය! ඒත් එයාත් නෙවේ මේ.. මේ කවුද?

මම දන්නේ නැති කෙනෙක් කතාවේ ඉන්නවා. නේ වෙන්න පුලුවන්. මොකද ඉතිං ඊලග එපිය ලියන්නේ ජිවෝල්නේ. එයා ලියලා තියෙන කෙනෙක් කතාවේ ඉන්න පුලුවන්... ඒත් ඇයි මම විතරක් කතාව ඇතුලට ආවේ? කෝ ජිවෝල්??????? අනේ... පැටියෝ ඔයා කොහෙද?????? ආයිශ්.... මාව මරලා දාන්න. ඇයි මාව විතරක් මේක ඇතුලට ආවේ?

"ඕහ්හ්හ්........... මේ ඉන්නේ කෙල්ල ගින්දර වගේ~!" එකපාරටම කූඩාරමේ ථේහ්‍යොන්ග් ඔලුව දාගෙන හිටිය තැනින් ඇතුලට ඔලුව දැම්ම ඒ ගෑණු ලමයව අදුරගන්න මට වැඩිවෙලාවක් ගියේ නැහැ.

"කිම් යේරින්!!!" මගේ තොල් අතරින් එහෙම පිටවුණේ පුදුමයෙන්. ඒ කියන්නේ ලව් බුලට්?

Are you serious?

"අනියා එයා දැන් ජොන් යේරින් (Jeon Yerin)" එකපාරටම ආයෙත් කෙනෙක් කූඩාරමෙන් ඇතුලට ඔලුව දැම්මා. ඒ ජොන්ග්කුක්!!

"ඔයාලා මට විහිළු කරනවා නෙවේ නේ?" මම ආයේ ඇහුවේ කට්ටිය දිහාම ස්කෑන් බැල්මක් දාන ගමන්. "අනියා ස්ප්‍රින්ග්, මේ...." යේරින් එයාගේ වමත මට පෙන්නන ගමන් කිව්වේ ටිකක් ලැජ්ජාවෙන් වගේම තරමක ආඩම්බරයකින් කිව්වොත් හරි. එයාගේ මුදු ඇඟිල්ලේ තිබ්බේ හරිම ලස්සන මඟුල් මුද්දක්. ඒ කියන්නේ එයාලා බැඳලා! මම එයාගේ අත අරගෙන බැලුවේ ආසාවෙන්. ව්වා...හ් හරිම ලස්සනයි නේ ඒක. "ව්වා......හ් ඒ කියන්නේ ඔයාලා දෙන්නා ඇත්තටම බැඳලා!?" මම ඇහුවේ ජොන්ග්කුක් දිහාත් බලන ගමන්. "නේ... නේ... දැන් එයා මිසිස් ජොන්ග්කුක්!" ජොන්ග්කුක් කිව්වේ මං දිහා හිනාවෙලා බලන ගමන්. යේරින් ලැජ්ජාවෙන් හිනාවෙන ගමන් බිම බලාගත්තා.

"කෝ? එයාට සිහිය ආවාද? යා.... මටත් ඇහැරවන්න එපැයි! හරි නරකයි.. අහකට වෙනවා ජොන්ග්කුකා....." එලියෙන් ඇහුනේ ජිමින්ගේ කටහඬ. එයා ජොන්ග්කුක්ට කකුලකින් ගහන සද්දේ අපිට කූඩාරම ඇතුලටත් ඇහුණා. "යා.................... ඔක්කොම එලියට යනවා!!! මේක ඇතුලට හැමෝටම එන්න බැහැ!!!! කඩන්න ද යන්නේ කට්ටියම එකතුවෙලා මේක???" ජින්ගේ කෑ ගැහිල්ල එක්ක ඇතුලට ඔලුව දාගෙන හිටිය කට්ටියත් එලියට ගියේ අමනාපෙන් වගේ. මමයි, යුන්ගියි දෙන්නම ජින් දිහා බැලුවේ තරමක නොරිස්සුම් බැල්මකින්. "යා.... ඔහොම බලන්න එපා මං දිහා.. ඇත්තනේ කිව්වේ.. මේක කැඩුනොත්වත් ඔක්කොම ඇතුලට ඇවිත් අපි තුන්දෙනාටම එලියේ සීතල බිමේ තමයි නිදාගන්න වෙන්නේ" ජින් කිව්වේ එයාගේ හේතුව පැහැදිලි කරන ගමන්.

"එහෙනම් එලියට එන්නකෝ ඔය තුන්දෙනා. මටත් බලන්න ඕනේ ස්ප්‍රින්ග්ව.. ආයිශ්... කොයි කාලෙකින් ද හම්බෙන්නේ මේ...? ආයිශ්... සේජින් හ්‍යොන්ග් ගේ වෙඩින් එකට පස්සේ නේද මේ?" ජිමින් ගේ නොඉවසිලිමත් කටහඬ එලියෙන් ඇහෙද්දී මම කල්පනා කලේ මොකද කරන්න ඕනේ කියලා. එලියට යනවද? ආයිශ්.. ගිය අවුරුද්දේ වෙඩින් එකට ගියා වගේ නෙවේ අප්පා.... එදා එයාලා ඇතිවෙන්න බිසී වෙලා හිටියේ. ඒ නිසා මාව ඒ තරම් ම ගාණක් නැහැ. ඒත් අද මට නිකං ලැජ්ජායි ලැජ්ජායි වගේ. එයාලා මට ලොකු අවධානයකුත් දෙනවා වගේ. ආයිශ්...

"යා......... වෙලාව පාන්දර දෙකයි! එලියේ පිනි බානවා... කට්ටියම ගිහින් නිදාගන්නවා!!!! උදේට ස්ප්‍රින්ග් ව බලාගන්න පුලුවන් නේ.....!!!" ආයෙත් ජින් කෑ ගැහුවේ ජින් හිටිය පැත්තේ, ඒ කියන්නේ මගේ වම්කන අඟුල් වට්ටන ගමන්. එලියෙන් අඩි සද්ද ඇහුණා. "මොන වදයක් ද මන්දා... මම පොඩ්ඩක් ස්ප්‍රින්ග් ව දැන් බැලුවා කියලා මොනාවෙනවද? නිකං මේ මහ ලොකු එකක් වෙනවා වගේ කෑ ගහනවා..." ඒ අතර ජිමින් ගේ කුනු කුනුවකුත් ඇහුණත් ටිකවෙලාවකින් එලියෙන් කිසිම සද්දයක් ඇහුණේ නැහැ. එයාලා හැමෝම යන්න ගියා වගේ. "දැන්වත් නිදාගනිමුද?" එහෙම කියපු යුන්ගි මගේ දකුණු පැත්තෙන් හාන්සිවුණේ වෙන කිසිම දෙයක් කියන්නේ නැතුව. එයා හාන්සිවුණ ගමන්ම එයාගේ ඇස් පියවුණේ හරියට එකපාරටම නින්ද ගියා වගේ. මම ඉක්මනටම ජින් දිහාට හැරුණේ මෙතන නිදාගන්නේ කොහොමද අහන්න. "ඒත් මේ... මෙතන ද මම නිදාගන්න ඕනේත්?" මම ඉක්මනටම ඇහුවේ වෙන කරන්න දෙයක් නැතුව. මොකද එයත් මට එහා පැත්තෙන් පෙරළුණේ නිදාගන්න වගේ. "නැතුව ස්ප්‍රින්ග්? මෙතන තමයි. ඔයා හිතුවාද අපි ලග කූඩාරම් ගොඩක් තියෙනවා කියලා?" ජින් එහෙම අහලා ඉක්මනටම සන් කලේ නිදාගන්න කියලා. "ඒත් මේ... යේරින් නිදාගන්නේ කොහෙද?" මම ආයේ ඇහුවේ නිදාගන්න ඇස් පියාගත්ත ජින්ගෙන්.

"එයා නිදාගන්නේ එයාගේ හස්බන්ඩ් එක්ක. ප්‍රශ්න තියෙනව ද ප්‍රශ්න?" මට උත්තර ලැබුණේ යුන්ගිගෙන්. ඒත් එයා මං දිහා බලන්න ඇස් දෙකවත් අරින්නේ නැතුව තමයි උත්තර දුන්නේ. ආයිශ්... මේ මොකක්ද වුණේ?

"එතකොට අනික් හතරදෙනා?" මම ආයේ සිහින් හඬින් ඇහුවේ ජිමින්, ථේහ්‍යොන්ග්, නම්ජුන්, හෝසොක් මතක්වෙලා. "එයාලා දෙන්නා දෙන්නා වෙන වෙන කූඩාරම් වල. අනේ ස්ප්‍රින්ග් ඔයාට කටවහගෙන නිදාගන්න පුලුවන් ද? අපිත් අද මෙහෙට ආවා විතරයි හරි මහන්සියි, නිදිමතයි" ජින්ගේ වෙහෙසකර කටහඬ මට එහෙම කියද්දී මම අන්තිමේ එයාලා දෙන්නා මැදින් හාන්සිවුණේ නිදාගන්න. ආයිශ්... කොහොම නිදාගන්න ද? මේ මොකක්ද වුණේ? ඇයි මෙහෙම වුණේ? ජින්ටයි, යුන්ගිටයි වෙන අනික් කූඩාරම් දෙකට ගිහින් මට මේක තනියෙන් දෙන්න බැරිද? ව්වේ? ව්වේ? මෙහෙම වුණේ ඇයි? ආයිශ්.. මම මේ ලව් බුලට් ලියන කාලේ මේක කොච්චර අහිංසක කතාවක් ද? ඇයි ඉතිං මේකේ මේ තරම් බයානක දේවල්වෙන්නේ? ආයිශ්.. ව්වේ? ව්වේ? ආ....... දැන් නම් ආයේ හිතෙනවා We Never Know... හොදයි කියලා. ආයිශ්..... ඒකනේ මාත් බැලුවේ මම We Never Know වලට ඇවිල්ලා නම් ජිවෝල් නැත්තේ ඇයි කියලා. හරිනේ... මම ඇවිත් තියෙන්නේ හැමදාම වගේ ලව් බුලට් වලටනේ. ආයිශ්.. මේක නම් බයානකයි. මේ කතාව මම හිතුවට වඩා බයානකයි.

එකපාරටම අමුතු සද්දයක් ඇහෙන්න ගත්තේ මාව උඩ යවන ගමන්. ඒත් ඒක ඇහුණේ මේ කූඩාරමෙන් නෙවේ. වෙන එකකින්. ආයිශ්.... ඒ වෙන එකක් නෙවේ... නම්ජුන් ගොරවන සද්දේ!! ආ..... එක්කෝ වෙලාවට මම මේකේ හිටියේ.. නම්ජුන්ගේ ගෙරවිලි සද්දෙට කොහොමද නිදාගන්නේ??? ආයෙත් ඒ වගේම සද්දයක් ඇහෙන්න ගත්තා. ඒ නම් ථේහ්‍යොන්ග්!! ආයිශ්... සීරියස්ලි? නේ... යුන්ගියි, ජිනුයි ඇති යන්තම් කිසි සද්දයක් නැතුව නිදාගන්නවා~! මම මගේ දෙපැත්තේ හිටිය දෙන්නා දිහා හොරෙන් බැලුවේ දෙන්නම නිදි නේද කියලා සැකහැර දැනගන්න. නේ... ඒ දෙන්නා නිදි!!!

ආයිශ්.... මම කොහොමද නිදාගන්න හිතන්නේවත්?

🌤🌤🌤🌤🌤🌤🌤🌤🌤🌤🌤🌤🌤🌤🌤

මම හිමින් ඇස් ඇරියේ මගේ කකුලට තෙත දෙයක් දැනෙන්න ගත්ත නිසා. ඒත් මම උඩ ගියේ මගේ ලගම හිටිය යුන්ගි දැකලා. දෙයියනේ... මොන ලෝකෙන්ද යුන්ගි මෙච්චර මං ලගට වුණේ? ආයිශ්.... මම හිතුවේ මම ආයේ හරි ලෝකෙට ආවා කියලා.. ඒත් නැහැ!! තාමත් ලව් බුලට් වල. ඒත් මොකක්ද මේ මගේ කකුලට දැනෙන තෙත? මම යුන්ගිගෙන් ඈත්වෙලා මගේ කකුල දිහා බැලුවේ ටිකක් ඉස්සිලා.. මේ වෙනකොට කූඩාරමේ සිප් එක ඇරලා තිබ්බේ. ආයිශ්.. කවුරුහරි ඒක ඇරලා දාලා. ඒත් මේ වෙලාවේ මට ඒක නෙවේ ප්‍රශ්නය වුණේ!! ආ..............................................................!!!!!!!!!!!! මගේ කකුල ලග හැකරැල්ලෙක්!! ඌ මගේ කකුලට නගින්න හදනවා!!!!  ඒක තමයි ඒ තෙත ගතියක් දැනුනේ.

"ආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආ...........................................................................................................................................................................................................................................................................................................................................................................................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!" මගේ කටින් ලොකුම ලොකු කෑ ගැහිල්ලක් පිටවුණේ මටවත් හිතාගන්න බැරුව.

"ව්වේ? ව්වේ? මොකද කෑ ගහන්නේ?" එකපාරටම යුන්ගි නැගිටලා මගෙන් ඇහුවේ මගේ උරහිස්වලින් අල්ලලා හොලවන ගමන්. "හැකරැල්ලෙක්!!!!!!" මම ආයෙත් පාරක් මගේ උච්ඡතම ස්වරයෙන් කෑ ගැහුවේ යුන්ගිවත් උඩ යවන ගමන්. ඉක්මනින්ම ක්‍රියාත්මක වුණ යුන්ගි එයාගේ කොට්ටේ ලග තිබ්බ නෝට් බුක් එකෙන් කොලයක් කඩලා අරගෙන මගේ කකුලට නගින ගමන් හිටිය හැකරැල්ලාව අයින් කලා. "මොකද? මොකද? මේ කෑ ගහන්නේ?? ආයිශ්... යුන්ගියා ආයෙත් ඔයා මොනාහරි කලාද ස්ප්‍රින්ග් ට?" එකපාරටම කූඩාරම ලගට දුවගෙන ආව අනික් අය අතරින් ජින් මුලින්ම කතා කරන්න ගත්තා. "ආයිශ්....  මිඡ්‍යොස්සෝ හ්‍යොන්ග්? මං මොනා කරන්න ද මෙයාට?  මේ හැකරැල්ලෙක් ඇවිල්ලා... කවුද මෝඩයෙක් කූඩාරමේ සිපර් එක ඇරලා ගිහින් නේ!!" යුන්ගි කිව්වේ ජින් දිහාම නෝක්කාඩුවට බලන ගමන්.

"අනියා... මම ඇහැරෙද්දී ඔය දෙන්නා හොඳට නිදාගෙන හිටියේ.  ඉතිං මට මේ හදිසි වැඩකට එලියට යන්න ඕනේ නිසා මම ඉක්මනටම ගියා.. ඕවා වහ වහ ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. ස්ප්‍රින්ග් කෑ ගහපු විදිහට මම හිතුවේ නයෙක්වත් ද කියලා. හැකරැල්ලෙක් නම් ඉතිං පොඩ්ඩක් මොනාවෙනවද?" ජින් එහෙම කියද්දී මම එයාට රැව්වා. හැකරැල්ලා තව ඩිංගෙන් මගේ ඇඟෙත් යනවා එයා හින්දා. "ඒකනේ... ස්ප්‍රින්ග් හැකරැල්ලට ඔහොම කෑ ගහනවා නම් නයෙක් ආවොත් මෙතන ගිනි තියයි" හැමෝම හිනාවෙද්දී නම්ජුන් එහෙම කිව්වේ එයාගේ තොල් අතරට හිනාවක් එකතුකරගන්න ගමන්. ආයිශ්... මෙයාලා නම්.. අනේ මන්දා...

"කෝ... කෝ... එලියට එන්න... දැනුයි දැක්කෙත් ඔයාව!" ජිමින් මට කූඩාරමෙන් එලියට එන්න අත දෙද්දී මම එයාගේ අත අල්ලගෙනම එලියට ආවා. ආ....හ් මේක... නම්... ලස්සන තැනක්! ඒත් මේ.... මම හිතුවේ නැහැ කැලේ ඉන්නවා කියද්දී ඇත්තටම කැලේක ඉන්නේ කියලා. ඒ කියන්නේ... මම හිතුවේ In the soop වගේ කියලා. ඒත් මේ බලන්නකෝ මේක ඇත්තටම කැලයක් නේ!! "අම්මෝ.... අවුරුද්දක් ම ගියා නේ? ආයේ හම්බෙන්න ලැබුණ එක නම් ලොකු දෙයක්! ඔයා හැබැයි පොඩ්ඩක්වත් වෙනස්වෙලා නැහැ. අඩු තරමේ අඟලක්වත් උස ගිහින් නැහැ!" ජිමින් එහෙම කිව්වේ මගේ ඔලුවට විහිළුවට ගහන ගමන්. "නේ.... උස යන්නේ නැහැ ආසාවටවත්" මමත් කිව්වේ කටත් ඇදකරගන්න ගමන්. මොනාකරන්නද ඉතිං ඒකනේ පරම සත්‍ය! "යයි යයි! පොඩ්ඩක් දුවලා පැනලා ඉන්න!" ආයෙත් ජිමින් කිව්වේ මගේ කොන්ඩේ අවුල් කරන ගමන්. මම ඉක්මනටම එයාට රවලා කොන්ඩේ හදාගත්තා. එයාට නම් මොකද! මේක පැටලුනාම මට නේ වදේ.

"ඕ.....හ් ගුඩ් මෝනින් ස්ප්‍රින්ග්!!" එකපාරටම ඇවිත් මාව පිටිපස්සෙන් බදාගත්තේ යේරින්! එයා නම් හරිම සතුටින් වගේ. "ගුඩ් මෝනින්!" මමත් එයාට සුභ පැතුවා. "ඉතිං ඔයා මෙහෙට කැමතිද?" එයා ඇහුවේ සතුටින් තාමත් මගේ කරේ එල්ලීගෙනමයි. මම හිමින් හිමින් ඔලුව වැනුවේ මට පෙනුනු කොළපාට පරිසරය දිහා බලන ගමන්. "මේක නම්... වී නෙවර් නෝ වල කැළය වගේමයි.. ඕහ්.. ඒක මම මගේ යාලුවෙක් එක්ක එකතුවෙලා ලියන වෙන කතාවක්" යේරින්ගේ මූණේ වී නෙවර් නෝ කිව්ව ගමන් ඇතිවුණ කුතුහලේ නිසා මම එයාට විස්තර කලා. "ඕහ්හ්.. මම දන්නවා.. මම හිතන්නේ මම මුල ටික කියෙව්වා ඒකේ.. ඒත් පස්සේ මට මගෑරුණා" එයා කිව්වේ පුංචි හිනාවක් දාන ගමන්. "ඒත් මට තියෙන ප්‍රශ්නේ ඇයි ඔයා හිතන්නේ මේක ඒ කැලය කියලා?" එයා ඇහුවේ ඈත කැලයට ඇස් යොමු කරන ගමන්. "ඉතිං මං වෙන කැලයක් ගැන කතාවක් ලියලා නැහැ නේ.." මම කිව්වේ ඉක්මනින්ම. "ආයිශ්... අනේ මන්දා ස්ප්‍රින්ග් ඔයා නම්.. ඒක නෙවේ.. වොෂ් එකක් දාල ෆ්‍රෙෂ් වෙලා එනවද? මගේ ඇඳුමක් දාගමු?" එයා ඇහුවේ එකපාරටම කතාව වෙනස් කරන ගමන්.

"ඒක නම් හොඳයි.. හැබැයි ඉතිං... මට කියන්න එපා.. කැලේ මැද තියෙන ගඟකින් නාන්න ඕනේ කියලා. අනේ මට නම් බැහැ ඔය ගිලිලා මැරෙන වැඩකරන්න" මම ඉක්මනටම කිව්වේ අත් දෙකත් බැදගන්න ගමන්. "යා........... එහෙම එකක් නෙවේ.. අර බලන්න.. අර තියෙන්නේ වොෂ් රූම්ස්" එකපාරටම යේරින් මට පෙන්නුවේ අපි දෙන්නා හිටිය තැනින් පිටිපස්සට හැරිලා. හහ්? මෙතන වොෂ් රූම්ස් තියෙනවා ද?

"මේක මේ වගේ ට්‍රිප් එන අයටම හදලා තියෙන තැනක්. හැබැයි මෙතන නීතිය තමයි , කූඩාරම් ගහන්න ඕනේ එක. වොෂ් රූම් විතරයි මෙහෙම හදලා තියෙන්නේ. අනික් හැමදේම ඉතිං කැලේක අත්දැකීම ම තමයි!" යේරින් ඉක්මනටම විස්තර කලේ හරියට ව්‍යාපාරික නියෝජිතවරියක් වගේ.

"එහෙනම් යන්න වොෂ් එකක් දාලා එන්න!!" එයා එහෙම කියලා මාව ඒ දිහාට තල්ලු කලා. ඒ වොෂ් රූම්ස් තිබ්බේ අපේ කූඩාරම් තිබ්බ තැනට වඩා තරමක් උස බිමක. ඒ කියන්නේ පොඩි කන්දක් වගේ නැගලා තමයි යන්න ඕනේ ඒ වොෂ් රූම්ස් තියෙන තැනට. ඒකට වෙනම පොඩි පාරක් තියෙනවා. මම ඒ තිබ්බ වොෂ් රූම් දිහාට යද්දියි මට ථේහ්‍යොන්ව මුණ ගැහුනේ. එයාගේ බාගෙට තෙත කොන්ඩේ මට කිව්වෙ එයත් හොඳ වොෂ් එකක් දාලා එලියට ආවා විතරයි කියලා. "ආ... ස්ප්‍රින්ග්, ගුඩ් මෝනින්!!" එයා එකපාරටම එහෙම කියද්දී මම හොඳ ඈනුමකුත් ඇර ඇර හිටියේ අප්පා. ඒක ගිලුනත් එක්ක වස ලැජ්ජාවේ බැහැ. වුණොත් වෙන්නේ ඔහොම වැඩ තමයි! "නේ.. ගුඩ් මෝනින්~!" මම එහෙම කියලා එයාට හිමින් ඔලුව වැනුවා. "ස්ප්‍රින්ග්.., මෙන්න ඇඳුම්!" වේගෙන් මං ලගට දුවගෙන ආව යේරින් එයාගේ අතේ තිබ්බ පුංචි කියුට් බෑග් එකක් මගේ අතින් තිබ්බා. "තෑන්ක්ස්!" මම එයාට සැනින් කිව්වා. "ඔප්පා.., ඔයා ඊයේ නැති කරපු මගේ කොන්ඩ කට්ට හොඳ හිතින් හොයලා දෙන්න.. මට ඒක ජොන්ග්කුක් අරගෙන දුන්න එකක්!!" එකපාරටම යේරින් ථේට කෑ ගහන්න ගත්තේ මාවයි, ථේහ්‍යොනාවයි දෙන්නාවම උඩ යවන ගමන්. "අනියා.. මම නැති කලේ නැහැ ඒක.. නම්ජුනි හ්‍යොන්ග් තමයි.. එයා ඒක අරගෙන කූඩාරමේ තැනකට ගැහුවා ඒක හදන්න ගිහින්.. මම හිතන්නේ දැන් ඒක නම් කැඩිලා ඇත්තේ" ථේහ්‍යොන්ග් ඉක්මනින් ඉක්මනින් කරුණු පැහැදිලි කරන්න යද්දී යේරින් එයා කියන කිසිම දෙයක් අහන්නේ නැතුව එයාගේ අතකින් අල්ලගෙන කූඩාරම් තිබ්බ දිහාට වේගෙන් ඇවිදගෙන ගියා. "අනියා.. මට කිසිම දෙයක් අහන්න ඕනේ නැහැ! ඒක මට අරගෙන දුන්නේ ජොන්ග්කුක්!! මට ඒක ආපහු ඕනේ!!!" ආයිශ්.. යේරින්ගේ කට මෙතනට ඇහෙනවා. ඒ දෙන්නා දැන් ටිකෙන් ටික ඈතට ගියත් දෙන්නාගෙම කටේ සද්දේ හොඳටම පැහැදිලිව ඇහෙනවා.

"යා............. ජොන්ග්කුක් ද වැදගත්? ඔප්පා ද වැදගත්?" එකපාරටම ථේ එහෙම අහද්දී මම ඒ දෙන්නා දිහා හිනාවේගෙනම බලාගෙන හිටියේ ඒ දෙන්නාගේ රණ්ඩුව දිහා. ථේහ්‍යොන්ග් ගේ කටහඬේ තිබ්බ ඉරිසියාව ටිකක් තදින්ම දැනුනා ද මන්දා. "කොන්ඩ කට්ට!" යේරින්ගේ තොල් අතරින් පිටවුණේ සැනෙකින්. ආයිශ්.. පව් දෙයියනේ ථේ!

මම ඒ දෙන්නා දිහා බලාගෙන ඉදලා ආයේ යන්න හැරුණේ වොෂ් රූම් එකට. වොෂ් රූම් එක කිව්වට ඒක එකක් නෙවේ. ගොඩක්!! අම්මෝ ඇති යන්තම් වොෂ් රූම්ස් තියෙන්නේ. නැත්නම් මම මැරෙයි! මොනා වුණත් ඉතිං මගේ කතාවනේ.. පොඩ්ඩක් සැප පහසුවට තියෙන්නත් එපැයි. මම හිනාවුණේ මගේ කතාවමනේ මේ කියලා හිතලා.

මම වොෂ් රූම් එකෙ ප්‍රධාන දොර ඇරියා. එතන කණ්ණාඩි එහෙම ගහලා සින්ක් තිබ්බ තැනක්. එතන වම් පැත්තේ කොනේ ගැහැණු කියලත්, දකුණු පැත්තේ කොනේ පිරිමි කියලත් වෙන වෙනම වෙන් කරලා තිබ්බ දොරවල් දෙකක් තිබ්බා. මම ගැහැණු කියලා තිබ්බ පැත්තට යන්න යද්දීමයි දැක්කේ ජොන්ග්කුක් වොෂ් රූම් එකේ ප්‍රධාන දොර පිටිපස්සේ හැංගිලා ඉන්නවා. ආයිශ්... තව ඩිංගෙන් මට හාට් ඇටෑක් හැදෙනවා බයවුණ පාරට. කවුද හිතන්නේ මෙතන හැංගිලා ඉදියි කියලා. හැබැයි එයා නම් ඉතිං මාව දැකලා පුදුමවුණ පාටක් පේන්න තිබ්බේ නැහැ. "ස්ප්‍රින්ග්, යේරින් ගියාද?" එයා ඇහුවේ තරමක් බයවෙලා වගේ. මම හිමින් හිමින් ඔලුව වැනුවේ එයා දිහා සැකෙන් වගේ බලන ගමන්. "ඔයා.. එයාව මගාරිනවා ද?" මම හිමින් ඇහුවේ එයා හැංගි හැංගි ඉද්දී. එයා ඉක්මනින්ම දොර මුල්ලෙන් එලියට ඇවිත් හිටගත්තේ ආයෙත් කතා කරන ගමන්. "මේ මම? ඒ මොකටද? නැහැ එහෙම නැහැ.. අනේ නැහැ ඔව්!!"  අන්තිමේ ජොන්ග්කුක් පිලිගත්තේ ඔලුවත් කස කසා. "ව්වේ? ව්වේ? මොකද වුණේ?" මම ඇහුවේ හිනාවෙන ගමන්. ඇත්තටම හිනාවුණා නෙවේ.. හිනායනවා එයාගේ මූණ තියෙන විදිහ දැක්කාම.

"අනියා.... යේරින් එයාගේ නැතිවුණ කොන්ඩ කට්ටක් හොයනවා.. ඇත්තම කිව්වොත් ඒක මමයි නම්ජුන් හ්‍යොන්ග් ට දුන්නේ එයාගේ කූඩාරමේ පොඩි අවුලක් වෙලා ඒකට ගහගන්න. මම ඉතිං එච්චර හිතුවේ නැහැ ඒක යේරින් ඔච්චර ආස එකක් කියලා. අන්න දැන් එයා ඒක හොයනවා පණ දාගෙන. අනික දකින දකින හැමෝටම කියනවා ඒක අරන් දුන්නේ මම කියලා.. ආයිශ්.... මම ඒක එයාට අරන් දුන්න නිසා තමයි මම ඉතිං මගේ එකක් වගේ නම්ජුන් හ්‍යොන්ග් ට දුන්නේ...." ජොන්ග්කුක් එයාගේ කතාව කියලා ඉවර කරද්දී නම් මගේ තොල් අතර හිරවුණේ පුදුමාකාර හිනාවක්. "ඔයා හිතනවා ද මෙහෙම හැංගිලා ඉදලා බේරෙන්න පුලුවන් වෙයි කියලා?" මම ආයෙත් ඇහුවේ හිනාවෙන ගමන් මයි. එයා ආයෙත් ඔලුව කස කසාම මං දිහා බැලුවේ මේකට තියෙන විසදුම මොකක්ද කියලා මගෙන් අහන ගමන් වගේ. "එයා ථේව අල්ලගෙන අන්න කොන්ඩ කට්ට නිසා. මම නම් කියන්නේ ඔයා එයාට ඇත්ත කිව්වොත් හොඳයි! හැබැයි මතක ඇතුව කවුරුත් නැති තැනකට එක්කගෙන ගිහින් ඇත්ත කියන්න. බැනුම් අහනවත් කියලා ඉතිං හැමෝම ඉස්සරහා අහන්න බැහැ නේ.. නේද?" මම කිව්වේ හිනාවෙන ගමන්. අන්තිමේ ජොන්ග්කුක් හිමින් හිමින් ඔලුව වනලා මං ලගට ආවා.

"ඔයා කියන එකක් තමයි රයිටර්නිම් ඉතිං" එයා එහෙම කියලා විදුලි වේගෙන් එලියට දුවගෙන ගියේ යේරින් හොයාගෙන. මම ඉක්මනටම වොෂ් රූම් එකකට රිංගගත්තේ හොඳ වොෂ් එකක් දාන්න. 'රයිටර්නිම්'! ගොඩකාලෙකට පස්සේ කෙනෙක් මට එහෙම කතා කලේ. අනියා.. මම කියන්නේ.. ලව් බුලට් කාලේ වගේම හරිම උණුසුම් විදිහට කෙනෙක් මට රයිටර්නිම් කිව්වාමයි.

මම හොඳ වොෂ් එකක් දාගෙන එලියට ආවේ කොන්ඩේත් පිහදාගෙනමයි. යේරින් එයාගේ කියුට් බෑග් එකේ දාලා මට ස්වේට් පෑන්ට් එකකුයි, ස්වේටර් එකකුයි දීලා තිබ්බේ හොඳ වෙලාවට. ඒවා හැබැයි මට වඩා ටිකක් ලොකුයි. මොනා කරන්න ද ඉතිං යේරින් මට වඩා උසයි නේ. මම වොෂ් රූම්ස් වලින් එලියට යද්දී පරිසරයේ තිබ්බේ හරිම නොසන්සුන්කාරී තත්ත්වයක්! හරියට මම නැති අතරේ තුන්වෙනි ලෝක යුද්ධය පටන්අරගෙන වගේ. මම වොෂ් රූම්ස් වලට යන පාරේ කන්ද බහින ගමන් කූඩාරම් පැත්තෙන් ඇහුණ සද්දෙට කන් දීගෙන ගියේ. සතෙක්වත් ඇවිත් ද අනේ මෙහෙම කෑ ගහන්නේ? ඒ ගමන්ම මට මඟදී මුණ ගැහුනේ යුන්ගි.

"ඒ පැත්තට දැන්ම යන්න එපා.. එයාලා ඉන්නේ හොඳ සිහියෙන් නෙවේ" එයා මට එහෙම කියද්දී මම තව විස්‍තර අහගන්න එයා දිහා බැලුවත් එයා ආපහු මං දිහා බලන්නෙම නැතුව යන්න ගියා. හොඳ සිහියෙන් නෙවේ කිව්වේ?

ඒ මොනාද ඒ කියලා ගියේ?

මොනා වුණත් මම යුන්ගිගේ අවවාදය පිලිගන්නේ නැතුව කූඩාරම් දිහාට ගියේ එයාලාට කරදරයක් ද කියලා බලන්න. ඒත් ඒ සැනින්ම කවුරුහරි දුවගෙන ආව කෙනෙක් මගේ ඇඟේ හැප්පුණේ අපි දෙන්නම විසික්වෙලා බිමට වට්ටන ගමන්. "ආයිශ්.... ස්ප්‍රින්ග් ඔයා හොඳින් ද?" මදැයි කොලා.. නෑවා විතරයි!! මම ඒ කෙනා දිහා රවලා බැලුවත්, වැටිලා හිටිය මං දිහා එයා බලාගෙන හිටියේ වදවෙන පෙනුමක් එක්ක නිසා මගේ තරහව යන්න ගියා. ඒ ථේහ්‍යොන්ග්! එයාලා අල්ලන සෙල්ලම් කරනවා ද අනේ? "ඔප්පා ඔයා තමයි මේ සේරටම මුල!! ඔයා කූඩාරම කඩාගත්ත නිසයි මගේ කොන්ඩ කට්ට ඒකට ගහන්න වුණේ...!!" යටි ගිරියෙන් කෑ ගහගෙන අපේ දිහාට ආව යේරින්ගේ හඬ අඩුවුණේ මමයි, ථේහ්‍යොන්ග්නුයි වැටිලා ඉන්නවා දැක්ක නිසා වෙන්න ඇති. "ආයිශ්.... ස්ප්‍රින්ග්, ඔයා හොඳින් ද? ඔප්පා... බල බලා ඉන්නේ එයාව නැගිට්ටවන්නකෝ...........!!!" යේරින්ගේ කටත් එක්කම ථේ මට උදව් කරන්න ඉදිරිපත්වුණා. ඇති යන්තම් එහෙම ලොකු ආබාධයක් නැහැ. හැබැයි නිකං දකුණු අත පණ නැහැ වගේ. එයා ඇවිත් වැදුනේ මගේ දකුණු පැත්තේ නේ. "ඔයා හොඳින් නේද? කිසි අවුලක් නැහැ නේ?" මං ලගට ආව යේරින් ඇහුවේ වදවෙන පෙනුමකින්. "නෑ නෑ අවුලක් නැහැ..." මම ඉක්මනින්ම උත්තර දුන්නා. "ආයිශ්.. ඔප්පා.... ඇස් කටේ දාගෙන ද හිටියේ? එයා අපේ අමුත්තා!! එයාට මොනාහරි වුණානම් එහෙම!!" යේරින් ආපහු ථේහ්‍යොන්ග්ට සැර කලා. ආයිශ්.. මේ කෙල්ල කලින් හිටියේ කොහොමද? දැන් හැමෝමවම පාලනය කරනවා. ඔහොම තමයි බැන්දට පස්සේ හැම කෙල්ලම!!

"අනේ.. යේරිනා.., ඔයා මොනාද මේ දොඩවන්නේ? මම ඔයාලාගේ අමුත්තෙක් වෙන්නේ කොහොමද? මම නේ ඔයාලාගේ කතාව ලියපු රයිටර්නිම්!" මම ඉක්මනටම කිව්වේ එයා ථේට බැන්න නිසා. "ඒකනේ.. යේරිනා, ඔන්න ගිය අවුරුද්දේ නම් අපි එයා එක්ක කතා කලෙත් දන්නැති කෙනෙක් එක්ක වගේ. ඒත් ඉතිං මේ අවුරුද්දේ එහෙම නැහැ නේ.. අපි දැන් හොඳට අදුරනවා නේ නේද? ආහ්.. මට දැනුයි මතක්වුණේ.. ඔයා මට නැටුමක් ණයයි!!" ථේ එහෙම කියවගෙන කියවගෙන ගියේ මගේ කරටත් අතක් දාගෙන මාව ඇඳගෙන යන ගමන්. යේරින් අපි දෙන්නා දිහා කටඇරගෙන බලාගෙන හිටියේ වෙන කරන්න දෙයක් නැතුව.

ඒත්.. මේ... ථේහ්‍යොන්ග් ඒ කිව්වේ මම නැටුමක් ණයයි කියලා නේද? ආයිශ්.. ඔව්මනේ.. ගිය අවුරුද්දේ නැටුම වෙලාවේ මම පැනලා ආවානේ.. ආයිශ්.. එයාට ඒකත් මතකයි තාම. මම හිතන්නේ කතාව කියවපු අයටවත් මතක නැතුව ඇති ඔය සිද්ධිය! ආයිශ්... මේවත් මේකේ මතක් කරනවා නේ. අන්තිමේ අපි දෙන්නා ගිහින් නැවතුනේ කෑම හදන තැන. ජින් බරටම වැඩ. "ඕහ්.... ගුඩ් මෝනින්!!" මාව දැකපු ගමන් හෝසොකි එහෙම කිව්වේ සින්දුවක් වගේ තාලෙට. "ගුඩ් මෝනින් හැමෝටම!!" මම කිව්වේ එතන හිටිය හැමෝටම ඔලුව වනලා. ඊට පස්සේ මම ගිහින් රවුමට හදලා තිබුණ ලී කොටයක් උඩ වාඩිවුණා. ඒක නම් හරිම ෂෝක් තැනක්. හරිම නිදහස්. මේ වගේ නිවාඩුවක් නම් නියමයි.

"ඔයාට කෑම හදන්න පුලුවන් ද ස්ප්‍රින්ග්?" ථේහ්‍යොන්ග් මං ලගටම ඇවිත් වාඩිවෙලා මගෙන් ඇහුවේ හිනාවෙලා. ආයිශ්... මේ වගේ ප්‍රශ්න මේ වගේ කතාවල අහනවා ද මං අහන්නේ? මේකේ සිද්ධවෙන හැමදේම වගේ ලියන්න මම බැඳිලා ඉන්නවා නේ..  "මේ.. හැ හැ.. පුරුදු වුණොත් ඉතිං පුලුවන්. අවුලක් නැහැ" අන්තිමේ මම කිව්වේ මගේ සුපුරුදු මෝඩ පහේ හිනාව දාන ගමන්. එයාත් මං දිහා බලලා හිනාවුණේ මම කියපු දේ විහිළුවට අරන් වගේ. "ඒක නෙවේ.. මම කොහොමද මෙහෙට ආවේ?" මම ඇහුවේ අනික් කට්ටිය දිහා බලන ගමන්. යුන්ගි හැර අනික් හැමෝම එතන හිටියා. "ඔයාව හොයාගත්තේ යුන්ගි හ්‍යොන්ග්!" නම්ජූන්  එහෙම කියද්දී මම පුදුමවෙලා එයා දිහා බැලුවේ ඒ කොහොමද කියලා හිතන ගමන්. "ඒත්... එහෙම වෙන්නේ කොහොමද? කලින් පාර මම ආවේ මගේ රහස් දොරකින් නේ..." මම නම්ජුන් දිහා බලලා ඇහුවේ එයා ලග හැමදේටම උත්තර තියෙනවා කියලා හිතුන නිසා.

"මං දන්නේ නැහැ. සමහරවිට හ්‍යොන්ග් දන්නවා ඇති කොහොමද ඔයාව මුණගැහුනේ කියලා" අන්තිමේ නම්ජුන් කිව්වේ මම එයා දිහාම බලාගෙන හිටිය නිසා. දැන් ඉතිං යුන්ගි එනකම් බලාගෙන ඉන්න වෙනවනේ.. ආයිශ්... එයත් පැය ගාණක් නානවා ද මන්දා!!

"ඒක නෙවේ යේරින්! ඇයි ඔයාලා මට ඔයාලාගේ වෙඩින් එකට ඉන්වයිට් කලේ නැත්තේ?" මම ඇහුවේ ජින්ට කපපු ළූණු ටික දෙන්න මගබලාගෙන ඉන්න යේරින් දිහා බලන ගමන්. "ආ... මේකයි.. ඔයා බිසීවෙලා නේද හිටියේ?" යේරින් වෙනුවට උත්තර දුන්නේ ජොන් ජොන්ග්කුක් මහතා!!

"බිසී? මේ මම?  කොයි වෙලාවෙද?" මම ඇහුවේ හරිම සද්දෙන්! මම දන්නේ නැහැ ඇයි මට එච්චර තරහා ගිහින් තිබ්බේ කියලා. ඒත් ඉතිං ඇත්තනේ මේ වෙඩින් එක වෙනකම් මම කොච්චර නම් මඟ බලාගෙන හිටියා ද? අන්තිමේ මට ඒකට යන්නත් බැරිවුණා. ඇයි ඉතිං මේ කට්ටිය මට කතා කලේ නැහැ නේ. "අපි දැක්කානේ ඔයා දාලා තියෙනවා ඔයා බිසී කියලා! ඔයාගේ හීනේ වෙනුවෙන් ඔයා වට්පෑඩ් වල ලියන එකත් නවත්තනවා කියලා නෝටිස් එකක් දාලා තිබ්බේ.." ථේහ්‍යොන්ග්නුත් කතාවට ආයේ එකතුවුණේ මං දිහා බලන ගමන්මයි. ආයිශ්... මිචිගෙත්තා. දැන් මෙයාලා කියන්න යන්නේ ඒ නිසා මට වෙඩින් එකට කතා කලේ නැහැ කියලා නම්... ආයිශ්.. ඒක වෙනම පිස්සුවක්!! මට තරහා ගිහින් පිස්සු හැදෙනවා දැන්!! "නේ.. එහෙම දාලා තිබ්බා තමයි. ඒ වුණාට ඉතිං යේරින්ගෙයි, ජොන්ග්කුක්ගෙයි වෙඩින් එකට එන්නේ නැතුව ඉන්න තරම් බිසී නැහැ නේ මම. ඇයි ඔයාලා මගෙන් ඇහුවේ නැත්තේ?" මම ලගම හිටිය ථේහ්‍යොනාගේ ඇඟට කඩාගෙන පැන්නේ යකා නැගපු පාර. "අපි ඉතිං ඔයාට බාධා කරන්න හිතුවේ නැහැ! අනික ඉතිං මොනාවුණත් ඔයාට තව කතා තියෙනවා, අනික වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඒවා කලේ නැත්නම් ඔයා ඉවරයි කියලා අපි දන්නවා. අනික ඉතිං අපිනේ පරණම කට්ටිය" ජින් කිව්වේ උයන ගමන්මයි. "මොනාද මේ කියවන්නේ? ඔයාලා හිතන්නේ මම ඔයාලාට වඩා අනික් කතා ලොකු කරගත්තා කියලා ද?" මම ඇහුවේ තරමක දුකින්! මම කොයිවෙලාවකවත් එහෙම කරලා නම් නැහැ!

"අනියා.. හ්‍යොන්ග් කිව්වේ එහෙම නෙවේ.. අපි ඉතිං ඔයාට වදයක් වෙන්න ඕනේ නැහැ නේ ඔයාගේ වැඩ එක්ක. ඒකයි කිව්වේ" හෝසොකි ඉක්මනටම ඉදිරිපත්වෙලා මට පැහැදිලි කලේ මම දුකින් වගේ හිටිය නිසා. එයා ඉදගෙන හිටිය තැනින් නැගිටලා මං ලග තිබ්බ අනික් ලී කොටෙන් වාඩිවෙලා මගේ උරහිසට පොඩි තට්ටුවක් දැම්මා. "අනියා.... ඔයාලා වදයක් නෙවේ මට!! ඔයාලා තමයි මගේ පලවෙනි සිංහල ff එක වුණේ. මට ඔයාලා තමයි නම්බර් වන්! අනික් ඒවාට වඩා මම ඔයාලටයි ආදරේ. ඔයාලා හරියට මගේ පලවෙනි බබා වගේ" මම කිව්වේ ජින් දිහා බලාගෙන එයාට දිගටම පැහැදිලි කරන්න උත්සාහ කරන ගමන්. "ඔච්චර සීරියස් වෙන්න එපා ස්ප්‍රින්ග්! හ්‍යොන්ග් ඒක නිකං කිව්වේ" ජිමින් කිව්වේ හිනාවෙන ගමන්. "කොහොමහරි මට මේ කතාවේ ප්‍රධානම වෙඩින් එක මිස් වුණා නේ. ගොඩක් අය බලාගෙන හිටියේ ඊලග ඇනවසරි එකේ දී මම වෙඩින් එකට යයි කියලා. ඇත්තටම මමත් හිතුවේ එහෙමයි. ඒත් බලන්නකෝ මට ඒක මිස්වුණානේ.." මම කිව්වේ කම්මුලට අතකුත් තියාගන්න ගමන්.

"ඒ වුණාට ඉතිං ඒකෙන් හොඳකුත් වුණානේ. දැන් ඔයාට ඔයාගේ රීඩර්ස්ලා බලාපොරොත්තු නොවෙන විදිහේ එපිසෝඩ් එකක් දෙන්න පුලුවන්. අනික මෙයාලාගේ වෙඩින් එක මහ පිස්සුවක්! යේරින්ගේ ඔම්මා ඇවිල්ලා බඳින්න දෙන්න බැහැ කිව්වා නේ" ජිමින් ඉදිරිපත්වුණේ මට කතාව කියන්න. මට මතකයි ගිය අවුරුද්දේ සේජින්ගේ වෙඩින් එකට ගිහිනුත් ජිමින් මගේ කනේ ලොකු ලොකු ඕපාදූප ගොඩක් තිබ්බා. හැබැයි ඒවාගේ සත්‍යාසත්‍යබාවය ගැන අදටත් මම දන්නේ නැහැ. මම කෝකටත් යේරින් දිහාට හැරුණේ ජිමින් බොරුවක් කිව්වොත්වත් කියලා. "යේරිනා මේ ජිමිනා බොරු කියනන්ත් පුලුවන් කලින් පාර වගේ. ඒ නිසා මම කැමතියි ඔයාගෙන්ම කතාව අහගන්න" මම ඉක්මනටම කිව්වේ ජිමින්ව මගාරින ගමන්. "ආයිශ්.. හ්‍යොන්ග් බලන්නකෝ මෙයා මට කතා කරන විදිහ! ජිමිනා! එයා හැමෝටම නම් කියලා කතා කරන්නේ. හ්‍යොන්ග්ලට වුණත්!! ගිය අවුරුද්දේ කොහොමද කතා කලේ? ජිමින්ෂ්ෂී, හෝසොක්ෂ්ෂී" ජිමින් එයාගේ පැමිණිල්ල ඉදිරිපත් කලේ හෝබීට. ඒත් හෝබීගේ තොල් අතර නම් තිබුණේ හීනී හිනාවක්. "ජින්ෂ්ෂී, නම්ජුන්ෂ්ෂී" ජිනුත් ජිමින් එක්ක අත්වැල් බැදගත්තේ මාත් එක්ක රණ්ඩු කරන්න. "ඇයි ජොන්ග්කුක්ෂ්ෂී, යුන්ගිෂ්ෂී, ථේහ්‍යොන්ග්ෂ්ෂී" ජොන්ග්කුකුයි, නම්ජුනුයි දෙන්නම එකටම කියලා හිනාවුණා. "ව්වේ? ව්වේ? මම නම් කියලා තමයි කතා කරන්නේ. ඉතිං ඔයාලාත් දැන් බලන්නකෝ. කලින් පාර ඔයාලා මටත් කතා කලේ රයිටර්නිම්, රයිටර්නිම් කියලා නේ" මමත් ජිමින් එක්ක කට ගහගෙන ගියේ එයාට දෙවෙනි වෙන්නේ නැතුව.

"ඒ ඉතිං අපි දැන් ෆිට් නේ............" ජිමින් ඇද............ලා කිව්වේ අනික් අයගේ තොල් අතරත් හිනාව මවන ගමන්. "මාත් නම් කියලා කතා කරන්නේ ඒක තමයි. අපි ඉතිං ගොඩක් ෆිට්නේ......" මම එහෙම කියද්දී ථේහ්‍යොනාගේ තොල් අතර හිනා මලක් පිපිණා.

"කොහොමහරි කමක් නැහැ දැන් කතාව කියන්නකෝ.. වෙඩින් එකේදී මොකද වුණේ? මම ඇහුවේ කුතුහලයෙන්. "ආ.... මේකයි... මම කියන්නම්" ජොන්ග්කුක් ඉදිරිපත්වුණේ හෝබී මං ලගින් නැගිටලා එයාට ඉඩ දෙද්දී. මම උවමනාවෙන් ජොන්ග්කුක් දිහා බැලුවේ එයාගෙන් කතාව අහගන්න. ඇත්තටම මම කලිනුත් කතාව ලිව්වේ ජොන්ග්කුක්ගෙන් අහගෙන නිසා එයාගෙන් කතා අහන එක මට අලුත් දෙයක් නෙවේ. "මේකයි, යේරින්ගේ ඔම්මා.. හදිසියේම වෙඩින් එකට කඩාගෙන පැන්නා. එයා... අපි දෙන්නා බදිනවට කැමති නැහැ කියලා ලොකු යුද්ධයක් කලා. පස්සේ... වෙඩින් එක නවතින්න ගියේ" ජොන්ග්කුක් කිව්වේ බිම බලාගන්න ගමන්. මම බලාගෙන ඉද්දීම එයාගේ තොල් වෙව්ලනවා වගේ දැනුනේ. ඉතිං ඊට පස්සේ මොකද වුණේ කියලා අහන්නද? එපාද? එයා දුකින් වගේ ඉන්නේ අහන්නේ කොහොමද ඉතිං එතකොට?

"මේකයි යේරින්ගේ ඔම්මායි, අප්පායි වෙන්වෙලා හිටිය නිසා එයාට එහෙම බලපෑම් කරන්න බැහැ එයාගේ ඔම්මාට. අනික ඉතිං එයා අවුරුදු දහ අටට වඩා වැඩි කෙනෙක් නේ. ඒ නිසා එයාව පාලනය කරන්න කොහොමටවත් බැහැ එයාගේ ඔම්මාට. ඒත් ඉතිං.. උත්සවේ වැඩ නැවතුණා. පස්සේ යේරින් කිව්වා එයාගේ ඔම්මා එයාව අතෑරියත් මේ වෙඩින් එක අද වෙනවමයි , එයා මාව බදිනවමයි කියලා. ඉතිං එහෙම ගොඩක් දේවල් වෙලා තමයි වෙඩින් එක වුණේ. ඔයා ආවේ නැති එක හොඳයි. නැත්නම් ඔයාට බෝරින් වෙයි" ජොන්ග්කුක් අන්තිමේ එයාගේ කතාව ඉවරකලා. "අනියා එහෙම නැහැ... මගේ කතාව මට කොහොමද බෝරින්වෙන්නේ ලමයෝ?" මම ඇහුවේ එයාට එකක් ගහන ගමන්.

"කමක් නැහැ ඉතින් ඔයාට වෙඩින් එක මිස් වුණාට හනිමූන් එක මිස්වුණේ නැහැ නේ" ථේ එකපාරටම කිව්වේ මාව උඩයවන ගමන්.

"හනිමූන් එක?!!!!" එකපාරටම මගේ තොල් අතරින් පුදුමයෙන් පිටවුණේ එයා ඒ කිව්වේ ඇත්තම ද කියලා හිතාගන්න බැරුව.

"මොකද ඔච්චර පුදුමවෙන්නේ? ඔයා හරිනම් මේ ඉන්නේ යේරින්ගෙයි, ජොන්ග්කුකාගෙයි හනිමූන් එකේ" ජිමිනුත් කතාවට එකතුවුණේ ජොන්ග්කුකාගේ උරහිස්වටේ අත්දාලා එයාගේ ඇඟ උඩට නගින ගමන්.

"මොනවා කිව්වා??? හනිමූන් එකේ? එතකොට ඔයාලා මොනාද කරන්නේ මෙහේ?" මම ඇහුවේ තවත් සද්දෙන් කෑ ගහන ගමන්. කෑ ගැහෙන්නේ නැද්ද කියන්නකෝ ඉතිං මේ හනිමූන් එකක කොහොමද මේ ඔක්කොම ඉන්නේ? "අපි මේ ට්‍රිප් එකක් ආවා" ජිමින් ආයේ කිව්වේ සෙල්ලක්කාර විදිහට. මොනවා කිව්වා? එයා මොනාද මේ කියවන්නේ? අර දෙන්නා හනිමූන් ආවාලු අනික් කට්ටිය ට්‍රිප් ආවාලු! මොනාද මේ කතාවේ වෙන්නේ?

"ඔයාලා මොනාද මේ කියවන්නේ ආහ්??? ඔයාලා මොකටද එයාලාගේ හනිමූන් එක අස්සෙම ට්‍රිප් එක ආවේ?" මම ඇහුවේ සද්දෙන්.

"මොකද මොකද මෙතන සද්දේ? අරහේ තියෙන වොෂ් රූම්ස් වලටම මේ ස්ප්‍රින්ග් ගේ කට ඇහෙනවා. මම හිතුවේ අහස කඩාගෙන වැටෙනවා කියලා මෙච්චර සද්දෙන් කෑ ගහද්දී!!" එකපාරටම අපි හිටිය තැනට කඩාගෙන පැනගෙන ආව යුන්ගි එහෙම කියද්දී මම එයා දිහා පුදුමවෙලා බැලුවා. හරි පුදුමයි එයා මේ වගේ ගමනක් ආවා කිව්වාමත්.

"කෑ ගැහෙන්නේ නැද්ද? ඔයාලා මොනාද කරන්නේ මේ යේරින්ගෙයි, ජොන්ග්කුක්ගෙයි හනිමූන් එක අස්සේ ඇවිත්?" මම නැගිටලා එයා දිහා කෙලින්ම බලන ගමන් ඇහුවා. "අපි එයාලාගේ හනිමූන් එකේ නෙවේ ඉන්නේ! අපි ඉන්නේ අපේ ට්‍රිප් එකේ!" යුන්ගි ස්ථීර හඬකින් එහෙම කියද්දී මම එයා දිහා බැලුවේ පුදුමයෙන් ලොකුවුණ ඇස් එක්ක.

"මොකක්?? ආයිශ්... ඔයාලා නම්....--" යුන්ගි මම කියන්න ගියපු එක මැද්දෙන් පැනලා කතා කරන්න ගත්තා. "වැඩිය කෑ ගැහුවොත් ඔයාටත් ඉන්න වෙන්නේ එයාලාගේ හනිමූන් එකේ තමයි!!" යුන්ගි එහෙම කියද්දී මම ආයේ බැලුවේ පුදුමවෙලා. "මොකක්??" අනික් අය අපේ රණ්ඩුව රස කර කර බලනවා කියලා දන්නවා වුණත් මගේ කටින් එහෙම පිටවුණේ පුදුමය නිසා. එයා මොනාද මේ කියවන්නේ???

"මොකද කිව්වොත් ඔයා තව කෑ ගැහුවොත් මට ඔයාව අපේ ට්‍රිප් එකෙන් අයින් කරන්න සිද්ධවෙනවා!! ඒ කියන්නේ ඔයාට ඉතුරුවෙන්නේ හනිමූන් එක විතරයි!!" ආයිශ්... මේ මින් යුන්ගි!!! ආයිශ්.. සන්සුන්වෙන්න ස්ප්‍රින්ග්!! එයා එක්ක රණ්ඩු කරලා වැඩක් නැහැ,. ආයිශ් මටත් අද මෙච්චර මොකට තරහා යනවද මන්දන්නෑ. දත පුරෝපු නිසාද කොහෙද! නැත්නම් ඊයේ දවසම මොකුත්ම කාලා නැති නිසාවෙන්න ඇති. "මම දන්නේ නැහැ ඔයාලාට පිස්සු ද? නැත්නම් මට පිස්සු ද කියලා.." අන්තිමේ මගේ තොල්වලින් හිමින් පිටවුණේ ඇස් කරකවන ගමන්.

"මේක නම් පිස්සු දේවල් වෙන කතාවක්!!" මම ආයෙත් කිව්වේ එයාලා මේ හනිමූන්, ට්‍රිප් එකට දාගෙන මොනා කරනවද කියලා හිතාගන්න බැරුව.

"රයිටර්නිම්ගේ හැටියට තමයි ඉතිං කතාවත්!!" අන්තිමේ යුන්ගි කිව්වේ කවදාටවත් වැඩිය ලස්සනට හිනාවෙන ගමන්. මේ මොකද මේ මෙයා මෙහෙම හිනාවෙන්නේ? මම එයා දිහා ඇස් හීනි කරලා බැලුවේ රවන්න බැරි කමට. මම දැක්කා ථේ අපි දෙන්නා දිහා නුරුස්සන අමුතු බැල්මක් එක්ක බලාගෙන ඉන්නවා. "හරි දැන් ඇති ඔය රණ්ඩුව! කන්න එන්න හැමෝම" ජින් කතා කලේ කෑම මේසේ කෑම තියන ගමන්. යේරින් නම් එයාට හරි හරියට උදව් කලා. හෝබීත් යේරින් එක්ක එයාට උදව් කරන ගමන් හිටියේ. "නම්ජුනා... අන්ද්වේ.. ඔයා වාඩිවෙන්න. කිසිම දෙයක අල්ලන්න එපා!!" නම්ජුන් ගිහින් එයාලාට උදව් කරන්න හදද්දීම ජින් එයාට අනතුරු ඇඟෙව්වේ පුද්ගලයාගේ  හැටි දන්න නිසා.

"ස්ප්‍රින්ග් එන්න, ඇවිත් කන්න" යේරින් මට එන්න කිව්වාම මම අර විකාර රණ්ඩුව අතෑරලා යන්න ගියේ. අන්තිමේ හැමෝම එලියේ තිබ්බ ලී මේසේ ලගට ආවා. ඒක තමයි කෑම මේසේවුණේ. ඒ වගේම ඒ ලගම තිබ්බ ලී බංකු තමයි ආසන වුණේ. මම ඉතිං එයාලා පෙන්නපු තැනකින් වාඩිවුණා. මම හිටියේ අයිනක. මගේ එහා පැත්තෙන් වාඩිවුණේ ජිමින්. මගේ ඉස්සරහින් හිටියේ ථේහ්‍යොන්ග්, ඒ වගේම එයාට එහා පැත්තේ යුන්ගි, යුන්ගිට එහා පැත්තෙන් හෝසොක්, හෝසොක් ට එහා පැත්තෙන් ජින්. ජිමින්ට එහා පැත්තේ හිටියේ නම්ජුන්, නම්ජුන්ට එහා පැත්තේ ජොන්ග්කුක්, ජොන්ග්කුක්ට එහා පැත්තෙන් යේරින්! කෑම නම් නිකං හොටෙල් එකක වගේ. මාර ගොඩක් හදලා තියෙන්නේ. එයාලා කන්න නෙවේ නාන්න ද මන්දා යන්නේ.

කලින් පාරට වඩා මේ පාර නම් ඉතිං මට චොප්ස්ටික් හොඳට අල්ලන්න පුලුවන්. ඇතියන්තම්..

මොනාවුණත් ඉතින් මට එක පැත්තකින් නේ කන්න වෙන්නේ කියලා මතක්වුණේ ඒ වෙලාවේ.

"හත්තිලව්වයි... දත පිරෙව්වා නේ.. තව ඩිංගෙන් කාගෙන කාගෙන යනවා..."

"ඔයාගේ දතකුත් පිරෙව්වා ද?" ජොන්ග්කුක් මගෙන් ඇහුවේ හිනාවෙන ගමන්. ආයිශ්.. මම ඒක සද්දෙන් කියලා ද?? සිහියක් නෑනේ ඉතින්..

"හහා.... ඔව් නේ.. ඩෙන්ටල් ගිහින් එද්දී තමයි එකපාරටම මෙහෙට එවුනේ. ඒත් මම කොහොමද මෙහෙට ආවේ??" මම ඇහුවේ යුන්ගි දිහා බලන ගමන්. ඒත් එයා කිසිම දෙයක් කිව්වේ නෑ.

"අපි පලවෙනිපාරට නේ ස්ප්‍රින්ග් එක්ක කෑමක් ගන්නේ?" යේරින් එකපාරටම හැමෝගෙන්ම ඇහුවේ මාව ලැජ්ජාවෙන් උඩ යවන ගමන්.

"අනියා.. කලින් පාර ආවාම මමයි, යුන්ගි හ්‍යොන්ග්නුයි නම් ස්ප්‍රින්ග් එක්ක කෑම කෑවා" හෝබි එහෙම කිව්වේ එයාගේ මලක් වගේ හිනාව දාන ගමන්. යුන්ගි නම් මං දිහා බැලුවේවත් නැහැ මූණ ඇඳකරගෙනම හිටියා. "දැන් ඔයා ඔය මූණ ඇඳකරගෙන ඉන්නේ මං හින්දා ද?" මම කෙලින්ම යුන්ගිගෙන් අහලා දැම්මේ වෙන කරන්න දෙයක් නැතුව. ඒක ඉතිං සීරියස් රණ්ඩුවක් නෙවේ නේ.. නේද? සීරියස් නෙවේ නේ? ආයිශ්.. අහන්නවත් කවුරුත් නැහැනෙ ඒක! යේජින්වත් හිටියා නම් අහන්න තිබ්බා. (ඕ යෙස්.. යේජින් කියන්නේ මයි බෙස්ට් ෆ්‍රෙන්ඩ්. ඔය වගේ ඒවා මං අහන්නේ එයාගෙන් මිසක වෙන කාගෙන් ද?)

"ඔයාට පේන්නේ මම දැන් මූණ ඇඳකරගෙන ඉන්නවා වගේද?" එකපාරටම යුන්ගි ඇහුවේ සාමාන්‍ය සද්දෙන් හරිම නිදහසේ. දැන් නම් ඉතිං එයාගේ පෙනුම එහෙම නැහැ. අනික් අය අපි දෙන්නා දිහා බලාගෙන හිටියේ හිනාවෙවී. "හ්ම්ම්... හරි හරි.." මම අන්තිමේ එහෙම කියලා කෑම කටට ඔබාගත්තේ වෙන ඉතිං කියන්න දෙයක් නැතුව.

ඔබාගත්තා වැඩිද මන්දා. එකපැත්තකින් කන්න අමාරුයි වගේ මෙච්චර ගොඩක් නම්.

"කොහොමහරි.. රයිටර්නිම්ගේ විදිහට තමයි කතාව කියලා කිව්වට මියානේ.." මගේ ඇස් ලොකුවුණේ එයා මගෙන් සමාවගද්දී. මම හිතුවේ නැහැ එයා මගෙන් සමාවගනියි කියලා!! ඒක නම් වෙන්න බැරි දෙයක්!! එකපාරටම මට කැස්සකුත් ආවා කෙළ හිරවෙලා. ජිමින් මගේ පිටට ගැහුවේ මම කහින්න අරන් අමාරුවුණ නිසා. "වතුර ටිකක් බොන්න" ථේ මට වතුර දුන්නේ හරිම ආදරයෙන්. එයාලා හරි හොඳයි අනේ... ටිකකින් මම ආයේ සාමාන්‍ය තත්ත්වයට පත්වුණා.

"ස්ප්‍රින්ග් ඔයා හිමින් කන්න හොඳද? හදිසි නැහැ. කවුරුත් ඔයාගේ කෑම අරගෙන දුවන්නේ නැහැ" ජින් එහෙම කියද්දී හැමෝම වගේ මට හිනාවෙද්දී මම ලැජ්ජාවෙන් රතුවෙලා ගියා.

"ඉතිං දැන් ඔයා තාමත් දුකෙන් ද ඉන්නේ වෙඩින් එකට එන්න බැරිවුණා කියලා?" ථේ මගෙන් ඇහුවේ කෑම කන අතරමැද. ඒ වෙනකම් අපි ජින් ගේ වාහනේ ටයර් එකක හුලං ගියපු කතාවක් අහගෙන හිනාවෙවී හිටියේ. මම හොඳ හුස්මක් ගත්තේ ථේට උත්තර දෙන්න. "දුකයි ඉතිං මොනාකරන්නද? ඒක සුළුපටු මිස් වීමක් නෙවේ. මොකද මම ඉවරකරලා තියෙන එකම කතාව මේක. මේකේ ප්‍රධාන කපල් එකගේ වෙඩින් එකට එන්න වුණේ නැහැ කියන්නේ ඉතිං වැඩක් ද? මම කලින් සේජින්ගේ වෙඩින් එකටත් ආවා!! ඉතිං මේකට එන්න බැරිවුණ එක නම් හරි අවුල්" අන්තිමේ මම ඇත්තම කිව්වා. ඇත්තනේ... මම ඉන්නම ඕනේ එකනේ මේක. "එහෙනම් ඉතිං ඔයාට දැන් කරන්න තියෙන්නේ මේ කතාවේ මේන් කපල් එක මාරු කරලා ආයේ ලියන්න. එතකොට ඔයාටත් වෙඩින් එකට ඉන්න පුලුවන් නේ" යුන්ගි කිව්වේ පේපර් සර්වියට් එකකින් කට පිහදාන ගමන්. අනික් අය යුහුසුළුව ලෑස්තිවුණේ තවත් රණ්ඩුවක් නරඹන්න වුණාට, යුන්ගි කියපු දේ මොකක් හරි වෙන අර්ථයක් තියෙනවා කියලා මට හිතුණා. ඒ නිසා මම එයා කියපු දේට මුකුත් කියන්න ගියේ නැහැ.

අන්තිමේ අපි ගිලලා ඉවරවුණා. "කවුද දැන් භාජන හෝදන්නේ?" නම්ජුන් ඇහුවේ හැමෝගෙන්ම. "කෑම උයන්න උදව්වුණේ නැති හැමෝම" යේරින් ජොන්ග්කුක්ට ඇහැක් ගහන් ගමනුයි එහෙම කිව්වේ. මම කතාව ලියපු නැති ටිකේ ඒ දෙන්නා ගාණට හැදිලා. පව් අහිංසක මං. තාම හිතන් හිටියේ ලව් බුලට් අහිංසකයි කියලා. "අනියා.... ගවි, බවි, බෝ කරලා පැරදෙන දෙන්නා භාජන සෝදන්න" ඒ අලුත් ම යෝජනාව ඉදිරිපත්වුණේ යුන්ගිගෙන්. හේතුව මම දන්නවා. වෙනිදා වගේ නෙවේ නේ එයා අද කෑම හදන්න උදව්වුණේ නැහැ නේ. "කරේ.. එහෙම කරමු!" යෝජනා සම්මතය ජිමින්ෂ්ෂී!!!

"මාත් එනවා~!" මම සැනෙන් එහෙම කියලා වාඩිවෙලා හිටිය තැනින් නැගිටලා එයාලා ලගට ගියා. "අනියා.. ඔයා යන්න.. ඔයා අපේ අමුත්තානේ.. පස්සේ ගිහින් ලියයි අපි ඔයාගෙන් වැඩගත්තා කියලා.." යුන්ගි එහෙම කියලා මගේ නළලට ඇඟිල්ලෙන් ඇනලා මාව තල්ලු කලා. මොකද අනේ මේ රණ්ඩුවට ම එන්නේ? මමත් ආසයි නේ ගවි, බවි, බෝ කරන්න. "හරි හරි මම එහෙම ලියන්නේ නැහැ. අනික ඉතිං මම ම පැරදෙයි ද කියලා කියන්න බැහැ නේ" මම කිව්වේ ආයේ එයාලා හැදිලා හිටිය රවුම ඇතුලට පනින ගමන්. මේක හරියන්නේ නැහැ මමත් අද මේක කරන්නම ඕනේ. ඇරත් ඉතිං කතාව කියෙව්වට මේ ඇනවසරි එපිසෝඩ් ඒ කියන්නේ මම කතාවට යන එපිසෝඩ් කියවන්න බැහැ එයාලට මම දන්න විදිහට! නැත්නම් ඉතිං මම කලින් එකේ කියලා තිබ්බ දේවල්වලට මෙයාලා කටවහගෙන ඉන්නේ නැහැ. අනික ස්පෙෂලි යේරින්! කලින් පාර මම දාහි ගැන අහපු එක ගැන මාත් එක්ක තරහා නොවී ඉන්නේ නැහැ.

"හරි එහෙනම් ඔන්න, අහ්න් නෙම්‍යොන් ජින්ගුහ් ගවි, බවි, බෝ" ජිමින් එහෙම කියලා ඉවරවෙද්දී හැමෝම වගේ එයාලාගේ අත් ඉස්සරහට දික් කලා. මේක නම් විශ්වාස කරන්න බැරි දෙයක්!! ඒත් මේක අසාධාරණයි!! මමයි, ථේයි හැර අනික් හැමෝම කොළේ දාලා තිබ්බේ. මමයි, ථේයි විතරක් ගල!! මේක නම්... හොරයි.. "ඕහ්හ්...... ථේහ්‍යොනා......." හැමෝම ථේ දිහාට හැරිලා එහෙම කිව්වේ අමුතු විදිහක හිනාවක් දාලා.

ඒත් යුන්ගිගේ මූණේ විතරක් ඇදුනේ වෙන බැල්මක් වගේ. එයා ඉක්මනින්ම එතනින් යන්න ගියේ ආයේ අපි දිහා බලන්නෙවත් නැතුව. ඒත් කවුරුත් එයාට ලොකු අවධානයක් දුන්නේ නැත්තේ එයා කොහොමත් එහෙම නිසා.

අන්තිමේ භාජන හෝදන වැඩේ භාරවුණේ මටයි, ථේටයි. එයා මට භාජන හෝදන ග්ලවුස් දෙකකුත් දීලා මං දිහා බැලුවේ හිනාවෙලා. එයාගේ නම් තියෙන්නේ හරියටම අවුරුද්දකට කලින් තිබ්බ ඒ අමුතු බැල්මමයි. "ඉතින් ඔයාලා මේ අවුරුද්දේ මොකද කලේ? මම ඉතින් අවුරුද්දක්ම ඔයාලාව මුණගැහුනේ නෑනේ" මම හිමින් ඇහුවේ භාජනයක් මදින ගමන්.

"අපි ඉතින් ඔයා ගැන හිත හිතාම හිටියා" එයා එහෙම කිව්වේ මම සෝදලා දුන්න භාජනය පිහදාන ගමන්. "මං ගැන හිත හිතා? ඒ මොකටද?" මම ඇහුවේ ආයේ හිනාවෙන ගමන්. එයාලාට මේ කම්පැණිවල කරන්න වැඩ තියෙන අස්සේ මේ මං ගැන හිත හිතා ඉන්නේ මොන එහෙකට ද? "අනී... ඔයා ඉතින් අපේ රයිටර්නිම් නේ.." ථේ කිව්වේ රතු කරගත්ත මූණත් එක්ක. හැ හෑ... එයා නම් ටිකක් අමුතුයි වගේ නේ?

"ඔන්න දැන් ඔයා අවුරුද්දකට පස්සෙත් මට කියන්න එපා අර ගිය අවුරුද්දේ කැමැත්තෙන් ඉන්නවා කිව්ව ගෑණු ලමයාගෙන් තාම ඇහුවේ නෑ කියලා නම් හොදේ" මම ආයෙත් කිව්වේ හිනාවෙවී. කලින් අවුරුද්දේ එයා මුණගැහුණ වෙලාවේ මට කිව්ව දේ මතක්කරලා. එයාගේ මූණ ආයේ ආයේ රතුවුණේ මම අහපු ප්‍රශ්නේ නිසා කියලා මට තේරුණා. ඒත් ඉතින් ඒ ඕපෙත් අහන්න එපැයි. නැත්නම් කොහොමද ලව් බුලට් වල දැන් තියෙන තත්ත්වය ගැන මම දැනගන්නේ??

"අනියා එයාගෙන් තාම අහන්න බැරිවුණා" එයා එහෙම කියද්දී මම පුදුම වෙලා එයා දිහා බැලුවා. කිම් ථේහ්යොන්ග්!! එයා මේ විහිලු කරනව ද?? එයා මේ කියන්නේ අවුරුද්දක්ම එයා ඒ කෙල්ලගෙන් අහන්නේ නැතුව හිටියා කියලා ද??

"ඒත් ඔයා ඇහුවා නම් ඒ කෙල්ල අනිවා හා කියයි නේ.. ඔයාට හා කියන්නේ නැතුව ඉන්න කෙල්ලෙක් ඉදියි කියලා හිතන්න අමාරුයි නේ.." මම කිව්වේ හිනාවෙලා, තව භාජනයක් සෝදන ගමන්. "අනියා එහෙම නැහැ. මට නම් හිතෙන්නේ එයා මට අකැමැති වෙන්නත් පුලුවන්. මොකද එයා මොනා කරයි ද නොකරයි ද කියන එක මටවත් හිතාගන්න බැහැ" එයා එහෙම කියද්දී ආයෙත් මට හිනා ගියා. මොනාවුණත් ථේ ඒ කෙල්ල ගැන කතා කරන්නේ නම් මාර ආසාවෙන්. ඇස් දෙකත් දිලිසෙනවා ඒ කෙල්ල ගැන කියද්දී. මෙයා එයාට නම් ගොඩක් කැමතියි වගේ.

"හරි ඔයා එහෙනම් වෙලාව අරන් හොදට කල්පනා කරලා කැමති දවසක එයාට කියන්නකෝ..." මම අන්තිමේ එහෙම කිව්වේ එයාගේ හිත හදන්න. එයා හිමින් ඔලුව වැනුවේ මම කියපු දේ පිලිගන්න ගමන් වගේ.

"ඉතින්.... අනික් අය..----" මම අහන්න ගියේ අනික් අය මොනාද කරන්නේ කියලා. ඒ කියන්නේ ඉතින් එයාලාගේ රිලේෂන්ෂිප් ගැනම තමයි. ඇයි ඉතින් කථාව කියවන කෙල්ලෝ ටික කැමතිම ඒවා දැනගන්න තමයි. හා නැද්ද?

"-- මං ඔයාගෙන් දෙයක් අහන්න ද ඔයාට තරහා යන්නැත්නම්??" එකපාරටම මගේ කතාව මැද්දෙන් පැනපු ථේ එහෙම අහද්දී මම ටික වෙලාවක් එයා දිහා බලාගෙන හිටියේ පුදුමවෙලා. "හ්ම්ම්... ඕනේ දෙයක් අහන්න... තරහා වෙන නැති එක ඉතින්.... අහන්නකෝ ඔයා.. මම තරහාවෙන්නේ නෑ අනේ..." මම කියන්න ගියේ තරහාවෙන නැති එක ඉතින් කියන දේ අනුව තමයි කියලා. ඒත් මම ඒක කියාගෙන යද්දී එයාගේ මූණට වෙච්ච දේ හින්දා මම කතාව වෙනස් කලේ. "අනී... ආ.... ඔයා ඇයි හැමපාරම ආවාම අපිට කෙල්ලෝ ඉන්නවද කියලම අහන්නේ?" එයා එහෙම ඇහුවේ හරිම අහිංසක විදිහට. ඇත්තට ඇයි මං එහෙම? ඉතිං ඇත්තනේ.. වෙන මොනවා කියලා මං අහන්නද අනේ...? "නැහැ ඉතිං මේ කතාව කියවන අය හරි ආසයි ඒ වගේ ඕපාදූප දැනගන්න.. ඒකයි ඉතිං මාත් අහන්නේ" මම අන්තිමේ කිව්වේ ඒ පරම සත්‍ය. ඇත්තනේ ඉතිං.. මේ කතාව කියවපු කෙල්ලෝ ටිකට ඒවා දැනගන්න එක හැර වෙන සිහියක් නැහැ නේ. "ආ...හ් මම හිතුවා ඔයාගේ උවමනාවකට ඇහුවා කියලා" අන්තිමේ ථේ එහෙම කිව්වේ ටිකවෙලාවක් කල්පනා කරලා. "අනියා.. ඉතිං මටත් දැනගන්න ඕනේ තමයි... ඒකනේ අහන්නේ.." අපි දෙන්නාගේ කතාවෙන් කතාවෙන් භාජන ටික සෝදලා ඉවරවුණා.

අන්තිමේ අර භාජන සෝදන්න දාගත්ත ග්ලවුස් දෙකත් ගලවලා දාපු අපි දෙන්නා, භාජන හෝදන්න ඒ ගෙනත් තිබුණ වතුර බේසම පරිස්සමට බිමට හලලා දැම්මා.

ඊට පස්සේ අපිත් ගියේ අනික් අය හිටිය තැනට. ජිමින් හිටියේ බංකුවක ඇලවෙලා කකුලුත් උඩදාගෙන. ඒත් අපි දෙන්නා එනවා දැක්ක ගමන් එයා දාගෙන හිටිය හාන්සිය ඉවරකරලා අපි දෙන්නටත් වාඩිවෙන්න ඉඩදුන්නා. "ඉතිං දෙන්නා භාජන හෝදලා ඉවරද?" ජිමින් ඇහුවේ ටිකක් මහන්සියෙන් වගේ හිනාවක් දාන ගමන්. "නේ... ඒ වැඩේ ඉවරයි. ඒක එච්චර දෙයක් නෙවේ අනේ.. අනික ථේ නම් ඒ වැඩේට දක්ෂයි ගොඩක්" මම හිනාවෙලා කිව්වේ ථේහ්‍යොන්ග් එක්ක හයිෆයිව් එකක් ගහන ගමන්. "ආයිශ්... මම විතරක් නෙවේ.. ස්ප්‍රින්ග්නුත් ගොඩක් දක්ෂයි ඒ වැඩේට.." ථේ කිව්වේ හරි ආඩම්බරයෙන් වගේ. "අයියෝ එහෙම නැහැ.. අපේ ගෙදර තියෙන දැලි පිරුණු වලං සෙට් එකක් හෝදන මට මේ දීසී, කෝප්ප ඒ හැටි දෙයක් නෙවේ අනේ.. අනික ග්ලවුසුත් තිබ්බා.. තව මොනාද ඕනේ කියන්නකෝ ඉතිං? මෙහෙ භාජන හෝදන එක නිකං දිව්‍ය ලෝකේ ගියා වගේ වැඩක් එහෙම බලද්දී" මම එහෙම කියලා ඉවර කරද්දී ඒ දෙන්නාම හිනාවෙන්න ගත්තේ මහා සද්දෙන්. ජිමින් නම් වැටෙන්නත් ගියා හිනාවෙන්න ගිහින්. "ඔයා නම් අපිටම ගැලපෙනවා.." ජිමින් එහෙම කියලා මගේ උරහිසකට ගැහුවා. එයා ගහපු විදිහට තව ඩිංගෙන් මම විසික්වෙලා යනවා.

"අපි මොනාද දැන් කරන්නේ?" ජොන්ග්කුක් ඇහුවේ අපි ලගට ඇවිත් වාඩිවෙන ගමන්. "මොනා කරන්න ද ඔයා? ඔයා ඉන්නේ හනිමූන් එකේ? ඔයා ඒ වැඩ ටික බලාගන්න. අපි ඉන්නේ අපේ ට්‍රිප් එකේ.. අපි ඒවා ටික බලාගන්නම්" ජිමින් එහෙම කිව්වේ ජොන්ග්කුක්ව කොනිත්තන ගමන්. "ආ...............හ් හ්‍යොන්ග්....... මොනාද කියවන්නේ මේ ස්ප්‍රින්ග් ඉන්න තැන...." ජොන්ග්කුක් මූණත් රතු කරගෙන ජිමින්වත් කොනිත්තන්න ගත්තා. "ඔහොම තමයි ඔය දෙන්නා.. ඔයා ගණන් ගන්න එපා......." ථේ එහෙම කිව්වේ එයාගේ අත්දෙක වැදගත් විදිහට බැදගන්න ගමන්. "ඇයි ඔයා මෙහෙම නැද්ද?" මම ඇහුවේ හිනාවෙන ගමන්. අර දෙන්නා මරාගන්න අතරේ ථේ හැදුවෙ එයා ඒ වගේ කිසිම දෙයක් කරන්නේ නැති 'good boy' කෙනෙක් කියලා පෙන්නන්න. "අනියා... මම නම් ඔහොම නැහැ" ථේහ්‍යොන්ග් ආපහු එහෙම කිව්වේ හරිම පිලිවෙලට මං දිහා බලන ගමන්. ඒත් එයාගේ තොල් හෙමින් සැලෙනවා මම දැක්කා. "අනේ... මෙයා කොහෙද ඔහොම ඉන්නේ? මෙයාත් ඔහොම තමයි කට්ටිය එක්ක එකතුවුණාම.. මම නේ දන්නේ මේ ඔක්කොම කට්ටිය එකතුවුණාම පොඩි ලමයි වෙනවා කියලා...." එකපාරටම අපි දෙන්නාගේ මැද්දෙන් පැනලා කොහෙද ඉදන් ආපු යේරින් කතා කරන්න ගත්තේ අපි දෙන්නවම උඩ යවන ගමන්. "ඔය දෙන්නා ඔය රණ්ඩුව ඉවර කරලා ඉවරවෙලා ගිහින් අර බැඩ්මින්ටන් රැකට් ටික අරගෙන එනවද? ඒවා ඊයේ වාහනේ දාලා ඇවිල්ලා. අපිට පුලුවන් බැඩ්මින්ටන් ගහන්න.. ඔයාලා ඒවා අරගෙන ආවොත්" යේරින් අණ දුන්නේ හරියට ගෙදරක ඔම්මා කෙනෙක් වගේ.

ඉක්මනින්ම අර දෙන්නා පෙරළි පෙරළි කරපු ඒ රණ්ඩුව ඉවරවුණේ දෙන්නාම චූටි ලමයි වගේ යේරින්ට ඔලුව වනලා දුවන්න ගත්තේ එකිනෙකාව උරහිස්වලින් හප්පගන්න ගමන්. "වෝආ............හ්... යේරිනා.., ඔයා දැන් එයාලාගේ ඔම්මා වගේනේ...." මම කිව්වේ එයා දිහා බලලා ඇහැක් ගහන ගමන්. "නැතුව ඉතිං මේ කට්ටිය එක්ක ඉන්න පුලුවන් ද ස්ප්‍රින්ග්? හැමවෙලේම කවුරුහරි මොනාහරිම කරගන්නවා. ඊට පස්සේ ඇතිවෙන්න රණ්ඩු කරගන්නවා.. ගහගන්නවත් එක්ක. ඊට පස්සේ ඔක්කොම ආයේ යාළුවෙනවා... අඬනවා.... සමාවගන්නවා එහෙම කලාට... මේක කෙලින්ම මෙලෝඩ්‍රාමා එකක්වෙනවා.. ටිකක් හරි පිස්සු නටන්නේ නැතුව ඉන්නේ වැඩිමල් කට්ටිය විතරයි. ඒත් එයාලාටත් එකපාරටම ගහනවා පිස්සුවක්.." යේරින් කියවගෙන කියවගෙන ගියේ කට්ටිය එක්ක එකදිගට හිටියට පස්සේ සියල්ල අවබෝධ කරගෙන වගේ. "ඔයාලා තාම ඉන්නේ එකම ගෙදර ද?" මටත් ඉතිං කට තියාගෙන ඉන්න බැහැ නේ.. ඕපේ ඔක්කොම හොයන්න එපැයි. "ආ.....හ් අපි ද? ආ..... අපි ගෙදරක් ගත්තා වෙනම බැන්දට පස්සේ... ඒත් ඉතිං.... වැඩිපුරම ඉන්නේ මේ කට්ටිය එක්ක තමයි.." යේරින් කතා කලේ ථේගේ උරහිසට බරවෙලා අතක් තියාගන්න ගමන්. "හ්ම්ම්..... එහෙමයි වැඩ වෙන්නේ එහෙනම්...." මම මගේ ඔලුව ඇතුලෙන් ඒ කාරණයට ටික් එකක් දාගත්තා. තව හොයන්න තියෙන ඕපාදූප බලන්න ඕනේ.

"ආ.... අන්න අර දෙන්නා එනවා... ස්ප්‍රින්ග් එනවද බැඩ්මින්ටන් ගහන්න" යේරින් ඇහුවේ ජොන්ග්කුක් ලගට ඇවිදගෙන ගිහින් එයාගේ අතේ තිබ්බ රැකට් එකගන්න ගමන්. "අ.... මම?" පොඩ්ඩක් ඉන්න මට මොහොතක් ඕනේ කල්පනා කරන්න. මොකද කරන්නේ? මම නම් වස කම්මැලි ඕවා කරන්න.. අනික බැඩ්මින්ටන් ගහලා තිබ්බට මෙයාලා එක්ක ගහන එක ලේසිවෙන්නේ නැහැ... හෙන කොටයි නේ මම... මොකද කරන්නේ....? හ්ම්ම්.....? යනෝද නැද්ද? ආයිශ්... මේක ජීවිතයත් මරණයත් අතර දෙයක් වගේ කල්පනා කරන්න වෙනවනේ.. "හරි එහෙනම්.. කෝ එනවද? මමයි ජොන්ග්කුකුයි, ඔයා මේ දෙන්නාගෙන් කාවවද තෝරගන්නේ?" එකපාරටම යේරින් ඇහුවේ මගේ කල්පනා ලෝකය සුණුවිසුණු කරලා දාන ගමන්. "මම..... ජිමින්ෂ්ෂී.....?" අන්තිමේ මම ඇහුවේ ඉතිං වෙන කරන්න දෙයක් නැතුව. බැඩ්මින්ටනුත් ගහපන්කෝ දැන්.... "ඕයේ...... ථේහ්‍යොනා එහෙනම් ලකුණු බලන්න...." ජිමින් කිව්වේ එයාගේ රැකට් එක අරගන්න ගමන්. "ව්වේ? නා? ඔයා ඇයි ජිමින්ව තෝරගත්තේ?" එකපාරටම පුදුමවුණ ථේහ්‍යොන්ග් ඇහුවේ මාව උඩ යවන ගමන්.

"නැහැ... ඉතිං..... මේ... මම කොටයි නේ... එතකොට.... ජිමිනුත් කොටයි නේ...... ඉතිං... අපි දෙන්නා....." මම එහෙම හිමින් කුනු කුනු ගාද්දී නම් ථේහ්‍යොන්ග් ගේ මූණ එලිය වැටුනේ ඒ තොල්වල හිනාවක් මවන ගමන්මයි. "ම්වෝ? ඔයා මාව තෝරගත්තේ මම කොටයි කියලා හිතලා ද? ආයිශ්.... ඒ ගිය අවුරුද්දේ!! මම දැන් උසයි!! අනික කොහොමත් මම ඔයාට වැඩිය උසයි නේ!! හරියට බැලුවොත් ඔයා තෝරගන්න ඕනේ යුන්ගි හ්‍යොන්ග්ව! මොකද කිව්වොත් තව ටික දවසකින් මම එයාවත් පාස් කරලා උස යනවා!! අන්තිමේ ඔයාලා හැමෝටම මට කතා කරන්න උඩ බලන්න වෙයි" ජිමින් කිව්වේ එයාගේ ඇස් හීනි කරලා බැඩ්මින්ටන් රැකට් එකත් එහෙ මෙහෙ වනන ගමන්. "ආ... හිතන් ඇති එහෙම දවසක් එනකම්... තාම මේ ඉදිඇට දෙකයි උස... චූටිම චූටියි. හිතන් ඉන්නේ අපිට වඩා උස යන්න" ඇත්තටම ඒක කිව්ව කෙනා නම්... ඒක කිව්වේ ජිමින් ට ඇහෙයි කියලා නෙවේ.. ඇත්තටම ඒක එයා කිව්වේ එයාගේ වයිෆ්ට විතරක් ඇහෙනවා කියලා හිතාගෙන. මොකද එයා හිටියේ එයාගේ රැකට් එක එක්ක වෙනම ලෝකෙක. ඒ නිසා එයාට තේරුණේ නැහැ ඒක අදාල පුද්ගලයාට වගේම අනික් හැමෝටමත් ඇහුනා කියලා.

"චූටිම චූටියි? කවුද මේ මම? ආයිශ්... ජොන්ග්කුකා!!! හොඳට මතකතියාගන්නවා ඔයයි මෙතන මක්නේ......!!" ජිමින් කෑ ගහන්න ගත්තේ එයාගේ බැඩ්මින්ටන් රැකට් එක ජොන්ග්කුක් දිහාට දික් කරන ගමන්. ජොන්ග්කුක් එයාගේ හුරතල් හිනාව දැම්මේ ජිමින්ගෙන් ඉල්ලන් කන්න අදහසක් නැති නිසා කියලා මට තේරුණා. "හරි හරි, රණ්ඩුවෙන්න එපා... මම ඉතිං ඔයාව තෝරගත්තේ ජිමින්ෂ්ෂී.. තව හේතු ගොඩක් නිසා.. බලන්න ඔයාගේ නායකත්වය.. ඒ කැපවීම.... ඒ තැනට සුදුසු නුවණ... ඉතිං... ඔයා ටීම් මේට් වෙන එක මට කොච්චර ගෞරවයක් ද? අන්න ඒ නිසයි ඔයාවම තෝරගත්තේ..." අන්තිමේ මම ඒ ඇතිවෙන්න ගියපු යුධ කලාපය නිරවුල් කලේ ජිමින්ට බටර් ටිකක් ගාලා. "ආ... අන්න එහෙම එන්න ස්ප්‍රින්ග්!! හ්ම්ම්... කෝ දැන් ගහමු මේක.. ඉන්නකෝ මම පෙන්නන්න කට්ටියට මගේ වැඩ!" ජිමින් කිව්වේ උඩ පැන පැන බැට්මින්ටන් තනියම ගහන ගමන්. ඔන්න ඉතිං අපේ ක්‍රීඩාව පටන්ගත්තා. මම නම් ඉතිං.. මේ වගේ ඒවට කැමතිම නැහැ... මොකද ඉතිං... ඔක්කොම මං දිහා බලනවා නේ.. මළ වදේ.... ඒත් අපේ ක්‍රීඩාව හිතුව තරම් හොඳට ගියේ නැහැ. ජොන්ග්කුක් අසාමාන්‍ය විදිහට බැඩ්මින්ටන් වලට දක්ෂවුණ නිසා...  "ආ.... මට නම් මහන්සියි වගේ... මේක අනික හරියන එකකුත් නෙවේ වගේ... ඒ නිසා... ඔයාලා ගහන්න මම බලාගෙන ඉන්නම්..." මම එහෙම කියලා මගේ රැකට් එක ථේහ්‍යොන්ග් ගේ අතට දුන්නේ වෙන කරන්න දෙයක් නැතුව. හම්මේ... හෙන හතිනේ... කොහෙද ඉතිං ඒත් උඩ පැන්නා විතරයි එකකටවත් ගහගන්න බැරිවුණා මේ ජොන්ග්කුක් එක්ක බැහැ නේ... "යා... ඔයාලා අපිට නොකියා බැඩ්මින්ටන් ගහනවා ද?" එකපාරටම අපි හිටිය තැනට කඩාගෙන පැන්නේ ජින්. එතකොටම තමයි මම දැක්කේ වාඩිවෙන්නම හදලා තිබ්බ ගස් කොට තිබ්බ තැන හොල්මනක් වගේ වාඩිවෙලා හිටිය යුන්ගි අපි දිහා බලාගෙන ඉන්නවා. එයා එතන ඉන්නේ කොයිවෙලාවේ ඉදන් ද? එක්කෝ එයා අපේ මේ මැච් එක පටන් ගත්ත වෙලාවේ ඉදන්ම මෙතන හිටියාද? එකපාරටම යුන්ගිගෙයි මගෙයි ඇස් ගැටුනා. වෙන මොනාකරන්නද ඉතිං මම එයා එක්ක ටිකක් හිනාවුණා.

ඇයි එයා හරි අමුතු? අනේ මන්දා.. එක්කෝ එයා වැඩිය මට කැමති නැතුව ඇති.. මම මෙහෙ එනවට. ඒක වෙන්න ඇති එහෙම. හ්ම්ම්.... මට මතකයි කලින් අවුරුද්දෙත් මම හොඳට අහගත්තා. කොහෙද ඉතිං මම වැටෙන්නත් ගියානේ එයාගේ ඇඟට. ආයිශ්... මම ඉතිං කලොත් කරන්නේ ඔහොම වැඩ නේ... "මමත් එනවා.. ජොන්ග්කුකායි, මමයි.. නම්ජුනායි.. ජිමිනායි..? ථේහ්‍යොනාත් එනවද?" ජින් ඇහුවේ යේරින්ගේ අතේ තිබ්බ රැකට් එක උදුරලා ගන්න ගමන්. "අනේ... ජිනී.. ඔප්පා.....!! මමත් ගහන්න ආසයි නේ බැඩ්මින්ටන්.... ඔයා හරි නරකයි.... ආයිශ්...." යේරින් ජින්ගේ අතකට ගහලා මං ලගට ආවේ පරාජය බාරගෙන. "බලන්නකෝ ඉතිං.. මෙයාලා එක්ක බැහැ... නිකං ද කියන්නේ... මෙයාලා එක්ක ඉන්න ඕනේ හරි සැරෙන්. එන්න එන්න ඉතිං.. අපි යුන්ගි ගාවට ගිහිල්ලා වාඩිවෙලා මේක බලාගෙන ඉමු" යේරින් මගේ අතින් ඇඳගෙන ගියේ මට කියන්න කිසිම දෙයක් ඉතුරු කරන්නේ නැතුව. "ඔයා කරපු දේ නම් ඒ තරම් හොඳ නැහැ හ්‍යොන්ග්.. යේරින්ට යකා නැග්ගා ඇති" ජොන්ග්කුක් සිහින් හඬින් එහෙම කියනවා මට ඇහුනේ යේරින් මාව ඇඳගෙන යද්දී. "අනියා........ එහෙම නැහැ... යේරිනා හරි අහිංසකයි... මතකනේ ඉස්සර මං ලෙඩ වුණාම එහෙම මං ගැන කොච්චර නම් වදවුණාද කියලා.... අනික දැන් ස්ප්‍රින්ග් ඉන්න එකේ එයා එයා එක්ක කතා කරන්න එපැයි... මෙතන බැට්මින්ටන් ගගහා ඉදලා හරියන්නේ නැහැ නේ.. කෝ එන්නකෝ.... ජිමිනා ඕකා දාන්න" ජින් එකදිගට කියවගෙන ගියේ මට එයා කතා කරපු දේ තේරුම්ගන්නවත් ඉඩදෙන්නේ නැතුව.

හහා.... ජින් හිතාගෙන ඉන්නේ ඉස්සර හිටිය ඒ අහිංසක යේරින්මයි තාම ඉන්නේ කියලා... එයා නෙවේ දැන් ඉන්නේ කෙලින්ම ඉතිං මෙයාලා එක්ක ඉදලා ගාණට හැඳිලා ඉන්න කෙනෙක්. අන්තිමේ අපි ගිහින් යුන්ගි හිටිය තැනින් වාඩිවුණා. යේරින් යුන්ගිගෙයි, මගෙයි මැදින් වාඩිවුණා. ථේහ්‍යොන්ග්නුත් අපි හිටිය තැනට ඇවිත් මට එහා පැත්තෙන් වාඩිවුණා. අපි අර හතර දෙනා බැට්මින්ටන් ගහන විදිහ බලාගෙන හිටියේ. යේරින් විතරක් කතා කලේ. යුන්ගි නම් කොහොමත් කතා කරන්න වදවුණේ නැහැ. මම නම් පාන් කියාගන්න තියා හාල් කියාගන්නවත් බැරුව හිටියේ. ථේහ්‍යොන්ග් කතා කලේ නැත්තේ ඇයි කියලා නම් මම දන්නේ නැහැ. යේරින් මගේ කන් ගැලවෙනකම් ම එයාගේ හස්බන්ඩ් ට චියර් කලා.. ආයිශ්.. චියර් කරන්න දෙයක් නැහැ කොහොමත්.. ජොන්ග්කුක් නේ ඉතිං එතනින් දක්ෂයා.. ඒ නිසා කොච්චර සෙල්ලම් කලත් එයායි දිනුවේ....

හුලගත් එක්ක කොහොමත් ගහන්න බැහැ.. එහෙන් මෙහෙන් ඇවිත් කරදර කරනවා. "අපි සෙල්කා එකක් ගහමු ද?" එකපාරටම ථේහ්‍යොන්ග් මගෙන් ඇහුවේ යේරින් සද්දෙන් ජොන්ග්කුක්ගේ නම කියලා කෑ ගහද්දී. මම කියන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉද්දී ථේ කිසිම දෙයක් නොකියා එයාගේ ෆෝන් එක ගත්තා. හප්පේ... ඒක....! ඒ ගැන ඉතිං කතා නොකර ඉමු! "ඔයාලා... සෙල්කා ගහන්න ද අනේ යන්නේ අපිට නොකියා? කෝ... කෝ මමත් ඉන්නවා!! යුන්ගිත් ඉන්නවා!! කෝ යුන්ගි එන්න! මේ දෙන්නා අපිට හොරෙන් සෙල්කා ගහන්න!! ඒවා කොහෙද මාත් එක්ක!!" එකපාරටම යේරින් කෑ ගහන්න ගත්තේ යුන්ගිවත් අපි ගගහා හිටිය සෙල්කා එකට අදින ගමන්. අන්තිමේ අපි තුන්දෙනා එක්ක ථේහ්‍යොන්ග් ලස්සන සෙල්කා එකක් ගත්තා. "මටත් එවන්න ඕක ඔප්පා........" යේරින් ආපහු කෑ ගැහුවේ මගේ කන පලන ගමන්. හේතුව දන්නේ නැහැ මට ඉබේම යුන්ගි දිහා බැලුනා. එයා කිසිම දෙයක් නොකියා ආයෙත් අර බැට්මින්ටන් තරඟය බලාගෙන හිටියේ. ඇයි අනේ එයා අමුතු විදිහට ඉන්නවා කියලා හිතෙන්නේ? එයාට මට මොනාහරි කියන්න දෙයක් තියෙනවා ද? එහෙම නැත්නම් වෙන දෙයක්? මොකද මේ?

"කරේ.... මම කොහොමත් ගෲප් දාන්න හිටියේ" ථේහ්‍යොන්ග් අන්තිමේ එහෙම කිව්වේ ආයෙත් අපේ සෙල්කා එක දිහා බලන ගමන්.

"අම්මෝ.... දැන් නම් ඇති... මේක නවත්තමු!! වෙන මොනාහරි කරන්න තියෙනවා ද අපිට?" දාඩිය නාගෙන හිටිය ජින් කිව්වේ කෑම මේසේ ලගට ගිහින් වතුර ටිකක් බොන ගමන්. "ඔව් තියෙනවා!! මේ දැන්ම ගිහින් හැමෝම වොෂ් එකක් දාගෙන එන්න!! ජොන්ග්කුක් මතක තියාගන්න අපි ඇවිදින්න යනවා අද!!" යේරින් ඉක්මනටම කිව්වේ වාඩිවෙලා හිටිය තැනින් නැගිටින ගමන්. මම හිතුවා හරියටම හරි. එයා තමයි දැන් පවුලේ බොස් වෙලා තියෙන්නේ.

"පොඩ්ඩක් ඉන්න. ඔයාලා ඇවිදින්න යනවා නම් ස්ප්‍රින්ග්?" එකපාරටම මෙච්චර වෙලා හාවක් හූවක් නැතුව හිටිය යුන්ගි ඇහුවේ යේරින්ගෙන්. "ඒක ඉතිං.. අ... වැඩිවෙලවක් යන්නේ නැහැ නේ.. අපි දෙන්නා පැය දෙකකින් වගේ එනවා. ඔයාලට තියෙන්නේ එයාව බලාගන්න" යේරින් එහෙම කිව්වේ ජොන්ග්කුක් ව උරහිස් වලින් තල්ලු කරන ගමන්. "හෙලෝ? මේ මොකද මේ? ඔයාලා බයවෙන්නේ හරියට මම පොඩි ලමයෙක් වගේ නේ.. ඔයාලා ඔයාලාගේ වැඩ කරගන්න. මට අවුලක් නැහැ අනේ" මම අන්තිමේ එහෙම කිව්වේ එයාලා මාව කරදරයක් කියලා හිතනවා ද කියලා. "ආයිශ්... නැහැ ඔයා කරදරයක් නෙවේ... ඔයා අපේ අමුත්තා ඔයාට හොඳට සලකන්න එපැයි.. ඒකයි මේ" එකපාරටම මගේ එහා පැත්තේ හිටිය ථේහ්‍යොන්ග් කිව්වේ එයාගේ දත් ටික එලියට දාන ගමන්. "හ්‍යොන්ග් අපි ජෙන්ගා සෙල්ලම් කරමු?" ජිමින් ඇහුවේ සතුටින් ජින්ගේ ඇඟේ එල්ලෙන ගමන්. "කරේ... අරන් එන්න" ජින් සැනින් කිව්වේ හිතන්නේවත් නැතුව. "ආ.... මම නම් පොඩි නින්දක් දාන්න යනවා. ඊයේ අර කූඩාරම හදන වැඩේට පස්සේ මට නිදාගන්නම වුණේ නැහැ" නම්ජුන් අපි හැමෝටම එහෙම කියද්දී අපි හෙමින් ඔලුව වැනුවා. ඒත් ඉතිං නම්ජුන්ගේ ගෙරවිල්ල ඊයේ මුළු රෑම දෙවනත් කලා කියලා නම් මට මතකයි. එයායි, හෝබීයි විතරයි මම ආවා කිව්වාමවත් නැගිටලා ආවේ නැත්තේ.

"ඒක නෙවේ හෝසොක් කෝ? දවල් කෑමට පස්සේ දැක්කේම නැහැ නේ" මම අන්තිමේ ඇහුවේ මෙච්චර වෙලා එයා පේන්න හිටියේ නැති නිසා. "ආ...... හෝබා ටිකක් නගරෙට ගියා. එයා අදුරන කෙනෙක්ව මුණ ගැහෙන්න. ඔයාට කියන්න කිව්වා එයා ඉක්මනට එන්නම් කියලා. ඒක එයාට ගොඩක් වැදගත් වැඩක් නිසයි එයා ගියේ. නැත්නම් ඔයා ආව දවසේ එයා එහෙම යන්නේ නැහැ" ජින් මාව දැනුවත් කලා. එයාගේ කටහඩේ තිබ්බේ හරිම ලස්සන සෞම්‍ය බවක්.

"කෝ.... ජෙන්ගා සෙල්ලම් කරන අය එන්න.....!!!" ජිමින්ගේ කට මුළු පරිසරයම දෙවනත් කලා. මට පුදුම නිදාගන්න ගියපු නම්ජුන් ඇහැරිලා එන්නේ නැතිවෙයිද කියලා. අපි ඔක්කොම වගේ එකතුවුණේ හොඳට අස් කරලා තිබ්බ කෑම මේසෙට. "ඒක නෙවේ හ්‍යොන්ග්, බැට්මින්ටන් ගැහුවට පස්සේ වොෂ් එකක් දාන්න කියලා යේරින් කිව්වා නේද?" හදිසියේම මතක්වුණ දෙයක් වගේ ථේහ්‍යොන්ග් එහෙම කිව්වේ ජින්ට. "ආයිශ්.... ම්වෝ ම්වොන්සොරියා....................ආ........................................!!! එහෙම කලොත් ජෙන්ගා වලට පස්සෙත් වොෂ් එකක් දාන්න කියයි. ඔක්කොම සෙල්ලම් කරලා එකපාරටමයි වොෂ් දාන්නේ..." ජින් කිව්වේ පොඩි ලමයෙක් වගේ එයාගේ කට උල් කරන ගමන්. "හරි හරි... විකාර ඇති අනේ... මේක පටන්ගන්නකෝ......" යුන්ගි කිව්වේ අනික් දෙන්නා දිහාම බලන ගමන්. "යා........... ථේහ්‍යොනා එයාගේ නංගි වගේ වෙනකොට මම කොහොමද හිත හදාගෙන වැඩ කරන්නේ???" ජින් කන් කෙඳිරි ගාද්දී ජිමින් එයාගේ උරහිසට තට්ටු කර කර එයාව සැනසුවා. "මට තේරෙනවා හ්‍යොන්ග්! මට තේරෙනවා ඔය දුක. ථේහ්‍යොනා මොන දේ කරන්න ගියත් දැන් හිතන්නේ යේරින් මොනා කියයි ද? කොහොමද එයා මේකට අකැමැතිවුණොත් කියලා. මට ඔය දුක හොඳට තේරෙනවා. ගෙදරට බඩු ගන්න ගියාම ථේහ්‍යොනාවත්, ජොන්ග්කුකාවත් එක්කගෙන යන්න එපා කියන්නේ ඒකයි මම. දත් බුරුසුවේ පාටේ ඉදන්ම යේරින් කැමැති විදිහට ගමු කියලා හිතන්නේ. කෝමහරි අපි දැන් ජොන්ග්කුකාව බන්දලා දීලා ඉවරයක් කලා. මේක ඉවරයක් වෙන්නේ ථේහ්‍යොනාටත් කෙල්ලෙක් හොයලා දීලා එයාවත් බන්දලා දුන්නට පස්සේ" ජිමින් කිව්වේ බෙරි කරගත්ත මූණත් එක්ක. එයාලා දුක් විදින්නේ හරියට පෙර පවක් පලදීලා වගේ. "මම නම් කියන්නේ ඕකේ ඉවරයක් නැහැ. ථේහ්‍යොන්ග්ට කෙනෙක් හොයලා දුන්නට පස්සේ එයාත් එයා ගැන පිස්සුවෙන්. ඕක ඉවරවෙන්නේ ඔයාලා හැමෝම තම තමන්ගේ කට්ටියව හොයාගෙන එයාලාට පිස්සු වැටුනට පස්සේ.. මේකේ අවසානයක් නැහැ!! මේක සාපයක්!! කොයි ගෙදරත් ඔහොම තමයි!!!" මම අන්තිමේ මගේ කතාව ඉවරකරද්දී එතන තිබ්බේ හොල්මන් චිත්‍රපටියක මූඩ් එකක්. කට්ටියම කටවල් ඇරගෙන, ඇස් ටිකත් ලොකු කරගෙන මං දිහා බලාගෙන හිටියේ අමුතු ජීවියෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ.

"හරි ඉතිං ඔහොම බලන්න එපා..... ඒක හොඳ සුන්දර හැඟීමක් තමයි. ආදරය කියලා කියන්නේ ඉතිං හරිම පූජනීය....--- ඇති ඇති... තේරුණා!" මගේ කතාවේ ප්‍රධාන බාධකය වන යුන්ගි මැද්දෙන් පැන්නා. අනික් කට්ටියම මූණෙන් මූණ බලාගත්තේ අපි දෙන්නා හැමවෙලේම වගේ ඇටෑක්වෙන නිසා. "හරි හරි ජෙන්ගා..., ඔක්කෝටම කලින් කියන්න මේක පැරදෙන කෙනාට මොනාද කරන්න වෙන්නේ කියලා.. ඊට පස්සේ පුලුවන් සෙල්ලම් කරන්න" ජිමින් හරිම උනන්දුයි වගේ මේ සෙල්ලම ගැන. ඇත්තටම මමත් ගොඩක් උනන්දුයි. මොකද මේ මගේ පලවෙනිපාර මේ සෙල්ලම කරන. "මට ෂුවර් මම තමයි පරාදවෙන්නේ.. ඒ නිසා අනේ ලේසි එකක් දෙන්න. මේ මගේ පලවෙනිපාර මේ ගේම් එක කරන" මම කෙලින්ම කිව්වේ පරාජය අත ලගයි යන වග දැනගෙන. "හයියෝඕඕ එහෙම නැහැ ජෙන්ගා වල පලවෙනිපාර කියලා එකක් නැහැ. කවුරුවුණත් දිනන්න පරදින්න පුලුවන්.." ථේහ්‍යොන්ග් කිව්වේ හිනාවක් දාලා. එයා කියයි ඉතිං... මට ඔය වගේ පොඩි කෝටු කෑලි බැලන්ස් කරන වැඩ අමාරුයි කියලා මම නේ දන්නේ.

"හරි මෙහෙම කරමු. පරදින එක්කෙනාට ස්ප්‍රින්ග් එක්ක කතා කරන්න බැහැ. එයා ලගටවත් යන්න බැහැ!" එකපාරටම ථේහ්‍යොන්ග් එහෙම යෝජනා කලේ හරිම ජයග්‍රාහී විදිහට. "මොකක්? ඒ මොකෝ එහෙම එකක්?" මම ඇහුවේ හිනාවෙන ගමන්. ඒක පරදින කෙනාට නෙවේ හරිනම් දිනන කෙනාට දෙන්න ඕනේ තෑග්ගක් නේ. "එහෙම කරමු! ඒක හොඳයි. එතකොට තරඟකාරීත්වය වැඩියි" ජිමින් කිව්වේ හිනාවෙන ගමන්. "මට නම් පරදින්න ඕනේ නැහැ එහෙනම්. මොකද මම රෑ කෑමට හදන්න ඉන්න කෑම ගැන මම ස්ප්‍රින්ග්ට දීර්ග විස්තරයක් කරන්න බලාගෙන ඉන්නේ" ජින් එහෙම කිව්වේ එයාගේ අත් පිරිමදින ගමන්. මේ බලන්නකො අනේ.. මෙයාලා!! "එතකොට මං පැරදුනොත්?" මම ඇහුවේ අන්තිමේ මම පැරදුනොත් කරන්න ඕනේ දේ අහන ගමන්. "ආ..... ඔයාට ජින් හ්‍යොන්ග් හදන ඒ විශේෂ කෑම කන්න ලැබෙන්නේ නැහැ" ජිමින් සැනින් කිව්වේ හිනාවෙන ගමන්. මගෙයි, ජින්ගෙයි මූණවල් දෙකම බෙරිවෙලා ගියේ ඒක අහලා. "හරි.. දැන් මට අනිවා දිනන්න හේතුවක් තියෙනවා.. මේක ජීවිතයත් මරණයත් අතර සටනක් දෙයියනේ...... දැන්නම්..!!" අන්තිමේ මම කිව්වේ ජෙන්ගා එක දිහා බලන ගමන්.

අනික් හතරදෙනාම මට හිනාවුණා. අන්තිමේ ජෙන්ගා වැඩේ පටන්ගත්තා. ඒත් වැඩේ කියන්නේ... ඒක මම හිතුව තරම් ම අමාරු නැහැ. ඔය කිව්වට ඒක ඒ තරම්ම ලේසිත් නැහැ. ඒත් වැඩේ නැගලා ගියා. මේ ජින් සහ ථේහ්‍යොන්ග් අපිව අමාරුවේ දාන්න එක එක තැන්වලින් කෝටු අරගෙන මේ සෙල්ලම අමාරු කලේ නැත්නම් මට මේක ඒ හැටි දෙයක් නෙවේ. කෝමහරි ඔහොම ගිහින් ගිහින් අපි දැන් ඉන්නේ අන්තිම හරියේ. යුන්ගි හරිම ප්‍රවේශමෙන් එයාගේ දිවත් හපාගෙන එක ලී කෝටුවක් පහලින් අරගෙන උඩින් තිබ්බා. "ඕහ්හ්හ්හ් යුන්ගි හ්‍යොන්ග්!!! පුදුම තරඟකාරී බවක්නේ!!" ජිමින් කෑ ගැහුවේ ලගම හිටිය මාව උඩ යවන ගමන්. මම හිටියේ ජිමින්ගෙයි, ථේහ්‍යොන්ගෙයි මැද්දේ. මේසේ ප්‍රධාන පුටුවේ හිටියේ මම. ජිමින්ට එහා පැත්තේ ජින්. ථේහ්‍යොන්ග් ට එහා පැත්තේ හිටියේ යුන්ගි. ඉතිං සෙල්ලම මගෙන් පටන් අරගෙන වටේ ගියේ ජිමින්ගේ පැත්තට ඒ නිසා ථේහ්‍යොන්ග් තමයි අන්තිමයා වුණේ වටේට යද්දී. මම මේ පාර නම් පණ බයේ හිටියේ.. මොකද මේ පාර මට ආවොත් මම නම් අනිවා පරදිනවා. මේ යන්නේ අන්තිම හරිය. ඒත් එකපාරයි ථේහ්‍යොන්ග් එයාගේ වටේදිම හචිමක් ඇරියේ අපි ඔක්කොම උඩ ගියා.. අනික ජෙන්ගා එක විසිවෙලා ගිහින් ජිමින්ගේ ඇඟේ.

"ආයිශ්........ ථේහ්‍යොනාආආආආආ.........................................................!!!!!!!!!!!!!!!!!!!" ජිමින්ගේ කෑ ගැහිල්ල එක්කම ථේහ්‍යොන්ග් ජිමින් දිහා බලාගෙන හිටියේ හොඳටම බයවෙලා වගේ. "යා... මම ඉතිං... හචිමක් නේ......" ථේහ්‍යොන්ග් එයාගේ නිදහසට කරුණු ඔක්කොම ඉදිරිපත් කරන්න ගියාට වැඩක් වුණේ නැහැ. "යා.........හ්!!!! ඔයා තමයි පැරදුණේ!! ඔයයි මේක කැඩුවේ!!!!!!" ජිමින් කිව්වේ ස්ථීර විදිහට ථේහ්‍යොන්ග් දිහා බලන ගමන්. "අනේ..... මාව ඇයි අල්ලන්නේ? මම හිතුවේ යුන්ගි හ්‍යොන්ග් පරදියි කියලා!! ආයිශ්...!!" ථේහ්‍යොන්ග් කිව්වේ හිත හොඳින් නෙවේ.. "ඇයි දැන් ඕවාට මාව අල්ලන්නේ?" යුන්ගි එහෙම ඇහුවේ එයාගේ වියළි කටහඬෙන්. ඊට පස්සේ එයා එතනින් යන්න ගියේ වෙන කිසිම දෙයක් නොකියා. අපි ඔක්කොම මූණෙන් මූණ බලාගත්තේ සිද්ධවුණ දේට. "අපි... වෙන මොනහරි කලා නම් හොඳයි වගේ.. මොනාවුණත් මේ ගේම් එකෙන් පැරදුණේ ථේහ්‍යොනා" අන්තිමේ ජින් එයාගේ තීරණය දෙද්දී මමත් ඔලුව වැනුවා. වෙන මොනා කරන්න ද ඉතිං.

"එහෙනම් ථේහ්‍යොනා... ස්ප්‍රින්ග් එක්ක අද රෑ කෑම ඉවරවෙනකම් ම ඔයාට කතා කරන්න බැහැ!!" ජිමින් කිව්වේ සතුටින්.. එයා ඉක්මනටම ථේහ්‍යොන්ග් ව එතනින් එක්කගෙන ගියේ හිනාවෙවී එයාගේ කරේ එල්ලෙන ගමන්. අන්තිමේ ඉතින් ඉතුරුවුණේ මමයි, ජිනුයි විතරයි. "අනේ මන්දා මේ කට්ටියට මොනාවෙලාද කියලා. මොකද කියන්නේ ස්ප්‍රින්ග්? අපි දෙන්නා Wood Carving කරමුද? ඉන්න මම අරගෙන එන්නම්. අපි මෙහෙට එද්දී ගොඩක් දේවල් අරගෙන ආවා කරන්න කියලා..." අපෝඕඕඕඕඕ ඕක කරන්න එපා කියලා බන්ග්ථන්සොන්‍යොන්දන් යුන්ගි කට කැඩෙනකම් ම කිව්වා නේද? මං ඉවරයි වගේ... මාව මේකට අහුවෙනවා නේ.. ආයිශ්.... ජින් උඩ පැනගෙන ඒක අරගෙන ආවේ හරිම සතුටින්. "මේක එච්චර හොඳ වැඩක් නෙවේ. දන්නවා ද මගේ යාළුවෙක් මේක කරන්න අරගෙන ආයේ කරන්නත් එපා කියලා කිව්වා.... මේක හොඳ වැඩක් නෙවේ..." මම කිව්වේ ජින් හිනාවෙවී ඒක මේසේ උඩින් තියද්දී. "බයවෙන්න එපා.. මේක ලේසියි! මම හිතන්නේ..." ජින් එහෙම කිව්වේ වැඩ පටන්ගන්න ගමන්. අනේ... මේක නම් කරන්නේ නැහැ මම! යුන්ගි කට කැඩෙනකම් මේක කරන්න එපා කියන එක අහන්නේ නැතුව මේක කරලා මට මතකයි යේජින්ටත් අත් රිදෙන්න අරගත්තා. මේ අස්සේ මාත් කරන්න ගියොත් දත් මදිවට මේවත් රිදෙන්න ගනියි.

"ඔයාලා Wood Carving කරන්නද යන්නේ?" ගොඩවෙලාවකට පස්සේ ඇහුණේ ගොඩක් හුරුපුරුදු කටහඬක්. වෙන කවුද ඉතිං හෝබී. එයාගේ දත් තිස්දෙකම දාගෙන එයා ගොඩක් සතුටින් හිටියේ. "අනී.... මම නම් මේක කරන්නේ නැහැ.." මම එහෙම කියද්දීම ජිමිනුත් ආවේ ථේහ්‍යොන්ග් ව කොහේ දාලා ද දන්නේ නැහැ. "එහෙනම් අපි ඇවිදින්න යමු! හෝබී හ්‍යොන්ග්නුත් එනවාද?" හෝබී ඉක්මනින්ම ඔලුව වැනුවේ කිසිම විරුද්ධත්වයක් නැතුව. "කොහෙද කොහෙද යන්නේ?" කොහෙන්ද මන්දා කඩන් පාත්වුණ නම්ජුනුත් ඇහුවේ කුතුහලයෙන්. "ආ.... මෙතන කැලේ... ඒ තරම් දුරට නෙවේ... එහේ මේහේ බලන්න මම යන්න හිටියේ. ඉතිං දැන් ස්ප්‍රින්ග් එක්ක, හෝබී හ්‍යොන්ග්නුත් මා එක්ක එනවා. නම්ජුනී හ්‍යොන්ග්නුත් එනවා ද යන්න මා එක්ක?" ජිමින් ඇහුවේ හුරතල් විදිහට. "අනී..... ඊට වඩා Wood Carving ෂෝක් වගේ. හ්‍යොන්ග් මේක කොහොමද කරන්නේ?" නම්ජුන් කෑම මේසෙන් වාඩිවෙන ගමන් ඇහුවේ කුතුහලයෙන්. "කරේ..., එහෙනම් අපි ඇවිදින්න යනවා...." ජිමින් නම්ජුන්ටයි, ජින්ටයි එහෙම කියලා යං කියල මටයි, හෝබීටයි සන් කලා. "නම්ජුනා...., ඔයාලා මොනා කරත් කමක් නැහැ. ඒත් කෑම මේසේ ජරා කරන්න එහෙම එපා.. ආහ්!" හෝබී කිව්වේ අවධානයෙන්.

අන්තිමේ අපි තුන්දෙනා කැලෑ පාරක් දිගේ හිමින් හිමින් ඇවිදින්න ගත්තා. පාරවල් නම් ටිකක් තෙතබරිතයි. හැබැයි ලස්සනයි. "ඉතිං ස්ප්‍රින්ග්, ඔයා කොච්චර දවස් මෙහෙ ඉන්නවද?" හෝබී ඇහුවේ කයියක් පටන්ගන්න මුල පුරන ගමන්. "හ්ම්ම්... මම දන්නේ නැහැ... මම මේ පාර මෙහෙ ආවෙත් අහම්බෙන්. ඉතිං... මම දන්නේ නැහැ ඒ නිසා මම කොහොමද යන්න ඕනේ කියලා" මම කිව්වේ කල්පනා කරන ගමන්. ඇත්තටම යන්නේ කොහොමද? මම ආවේ කොහොමද කියලා හරියටම දන්නේ නැතුව. "ඒ කියන්නේ.... ඔයාට යන්න විදිහක් නැද්ද? ඔයාට මෙහෙ අපිත් එක්ක ඉන්න පුලුවන් නේ එහෙනම්!!" ජිමින් කිව්වේ සතුටින් හිනාවෙලා. ආ.... ඒකත් ඇත්ත තමයි... ඔක්කොම හොඳයි. මට මෙහෙ ඉන්න පුලුවන්.. ඔය කිව්වට ඉන්න බැහැ.. හේතුව තමයි ඊලග කම්බැක් එකට මම ඉන්න එපැයි. ඒ නිසා මෙහෙ ඉන්න බැහැ මට. මම ඉතිං මොකුත් කිව්වේ නැතුව හිනාවක් දැම්මා.  "යා..... එහෙම කියන්න එපා.. එයාට යන්න ඕනේ ඇති. එයාගේ යාළුවෝ එහෙමත් ඇති.. ඔයා කලින්පාර ගියේ කොහොමද ස්ප්‍රින්ග්?" හෝබී එහෙම අහද්දී මම අමාරුවෙන් කල්පනා කරන්න ගත්තා. අවුරුද්දකට කලින් නේ.. කොහොමද මන්දා ගියේ.. මට හරියට මතකත් නැහැ... "මට හරියට මතක නැහැ නේ.. ඒත් මට මතකයි... මට මතකයි යූන්සන් එක්ක තමයි මම ගියේ... කොහෙන් ගියාද මන්දා අන්තිමට. ඒක නෙවේ.. කෝ යූන්සන්?" මම ඇහුවේ එයාව මතක්වෙලා.

"ආ.... මිනිහා සෝ තැවුලෙන් ඉන්නේ මේ ටිකේ. ඉතිං ථේහ්‍යොනා එයාට වැඩ ටිකක් වැඩියෙන් දීලා තියෙන්නේ හිත හැදෙන්න කියලා" හෝබී කිව්වේ  "ඇයි මොකෝ වුණේ එයාට? එච්චර දෙයක් වෙන්න තරම්?" මම ඇහුවේ පුදුම වෙලා. හොඳට හිටියා නේ එයා. මොකද වෙලා තියෙන්නේ? "ආ........... ඕකට කියන්නේ ලව් සික් කියලා. වෙන මොකුත් නෙවේ..." ජිමින් එහෙම කියලා හිනාවෙද්දී මම ඇස් දෙක ලොකු කරලා එයා දිහා බැලුවේ පුදුමයෙන්. "හරි නම් ඔයත් මේකට වඟ කියන්න ඕනේ ස්ප්‍රින්ග්!" එකපාරටම හෝබී එහෙම කියද්දී මම එයා දිහා බැලුවේ පුදුමවෙලා. මේ මොකද අනේ මාව අල්ලගන්නේ? මම මේ කිසිම දෙයක් දන්නේ නැති මනුස්සයෙක් නේ. මම මොකුත් ම දන්නේ නැහැ. එයාලා කොහොමද කියන්නේ එහෙම මම මේවට වඟකියන්න ඕනේ කියලා? "ව්වේ? මම මොනා කරන්නද? මම දැනුයි දන්නේත් එයා එහෙම අවුලක ඉන්නවා කියලා. ඇයි මේ මාව අල්ලගන්නේ?" මම ඇහුවේ කලබලවෙලා. ඇයි අනේ කිසිම දෙයක් දන්නේ නැති මාව මේ මේවට අල්ලද්දී මේ අහස පොළොව වුණත් කම්පාවෙන්න බැරි නැහැ. "ඇයි ඔයාගේ යාලුවෙක්ට නේ එයා ක්‍රශ්වෙලා හිටියේ. අනික ඔයාට ගිය අවුරුද්දේ ලියුමකුත් දුන්නා කියලා ආරංචියක් ආවා, ඒ කෙල්ලට දෙන්න කියලා. ඒත් එතනින් පස්සේ කිසිම ආරංචියක් නැහැ.. කෙල්ල එයාට කැමතිද? නැද්ද? එහෙම නැත්නම් අඩුතරමේ ඒ කෙල්ල ලියුම කියෙව්වද කියලවත් අපි දන්නේ නැහැ. ඒ නිසා අන්න යූන්සන්ට ලව් සික්වෙලා ඉන්නේ.. පව් ඉතිං අසරණ කොල්ලා... හොඳට හිටියා ඔය කෙල්ල හම්බෙන්න කලින් නම්.." ජිමින් එක දිගටම එහෙම කියෝගෙන ගියේ හුස්මක් කටක් ගන්නේ නැතුව. "ආ.... ලූ... එයා ටිකක් බිසී වෙලා හිටියේ.. හැබැයි මාත් දන්නේ නැහැ එතනින් පස්සේ නම්.. මම ලිව්ව දුන්නා එයාට. එතනින් පස්සේ මොකද වුණේ කියලා මම දන්නේ නැහැ. ඉතිං.... එයාට වෙන කෙල්ලෙක් හොයාගන්න තිබ්බා නේ.." මම අන්තිමේ කිව්වේ වෙන කියන්න දෙයක් නැතුව. අපරාදේ යූන්සන් ට වෙන කෙනෙක්ව සෙට් කරන්න තිබ්බේ.. යා......... ලූ........., මේ මනුස්සයාව මෙහෙම අසරණ කලේ ඇයි?

"කොහොමහරි ඔයාට ඔය දේවල් එයාගෙන්ම අහගන්න පුලුවන් එයාට අපි හවසට කෝල් කරමු එයාට. කොහොමත් ගොඩ කාලෙකින් කතා කරන්නත් බැරිවුණා එයා එක්ක. එයාත් සතුටුවෙයි අපි එයාට කතා කලාම" හෝබී එහෙම කියද්දී මම ඔලුව වැනුවේ එහෙම කරන එක කෝකටත් හොඳ නිසා. කොහොමත් මම කලින්පාර ගෙදර ගියපු විදිහත් දැනගන්නත් එපැයි. "ඒක නෙවේ.. ඔයාලා මොනාද කරන්නේ මේ ටිකේ? මම මේ ගැන ථේහ්‍යොන්ග් එක්කත් කතා කරන්න ගත්තා ඉස්සෙල්ලා භාජන හෝදන ගමන්. ඒත් අන්තිමේ අපි දෙන්නා වල්පල් කියවලා ඒ ගැන අහන්න බැරිවුණානේ" මම අන්තිමේ ඇහුවේ තව හොයන්න ඕපාදූප තියෙනවා නේද කියලා මතක්වෙලා. "ආ...... එහෙම ඉතිං විශේෂයෙන් නම් කිසිම දෙයක් කරන්නේ නැහැ අපි. ආ... නැහැ නේ.. අපි මුණගැහෙන්නේ අවුරුද්දකින් නේ.. ඒ කියන්නේ ඔයාට අපි කියන විස්තර නම් අලුත් ඒවා වෙයි. අපිට ගාණක් නැතිවුණාට. එහෙනම් පටන්ගමු කියන්න" ආයෙත් හෝබීම කතා කලේ ජිමින්ට කතා කරන්න ඉඩක් දෙන්නේ නැතුව. අපි පොඩි කැලෑ පාරක් දිගේ කැලේ බල බලා තවත් අඩි කීපයක් ම ඉස්සරහට ගියත් ඒ දෙන්නාගෙන් කිසිම කෙනෙක් කතා කලේ නැහැ. "අඃ... අඃ.... ඔය දෙන්නා කියන්නේ නැද්ද මට මුකුත්ම?" මම අන්තිමේ ඇහුවේ දෙන්නාගෙන් කවුරුත්ම කතා කරන්නේ නැතිපාර. "ආ...යිශ්.... මම හිතුවේ හෝබී හ්‍යොන්ග් කියයි කියලා..." ජිමින් එහෙම කියද්දී ඒ සැනින්ම හෝබීගේ මූණත් වෙනස්වුණා. "යා..... මම හිතුවේ ඔයා මම පටන්ගන්න කිව්වාම පටන්ගනියි කියලා...!!" හෝබීගේ කටේ සද්දේ මගේ කන හරහා ගමන් කරපු ඒ මොහොතේ මම මගේ කන් දෙක ගැන තිබ්බ ඒ ආසාව අමතක කරලා දැම්මා.

"රණ්ඩුවෙන්න එපා ඉතිං... දෙන්නාගෙන් එක්කෙනෙක් පටන්ගන්නකෝ" අන්තිමේ මම කිව්වේ දෙන්නාව සමාදාන කරන ගමන්. හැබැයි ඒ දෙන්නා කොහොමත් එහෙම ලොකු වලියක නෙවේ හිටියේ කෑ ගැහුවට. දන්නවා නේ ඉතිං කෑ ගහන්න ගියාම. "හරි... මෙහෙමයි.. මම නම් ඉතිං.. මේ ටිකේ.. මගේ ලොකු වැඩක ඉන්නේ... ඒක ගැන මට ඔයාට දැන්ම නොකියා ඉන්නම්.. ඊලග පාර ආවාම ඔයාට ඒක සප්‍රයිස් එකක් වෙයි. අදත් මම ගියේ ඒ වැඩේට ඕනේ කරන දෙයක් කරන්න" හෝබී එහෙම කිව්වම මම කල්පනාකාරීව ඔලුව වැනුවා. මොකක්ද අප්පේ ඒ සප්‍රයිස් එක? ඒ කියන්නේ දැන් ඒක දැනගන්න මට තව අවුරුද්දක්ම ඉන්නවෙනවා කියන එකද? ඒවා නම් කැත වැඩ හැබැයි. ඒත් ඉතිං එයාට කියන්න බැරි නම් බල කරලා අහලා හරියන්නේ නැහැනේ. "ඉතිං ඔයා ජිමින්?" අන්තිමේ මම ඇහුවේ කුතුහලයෙන් ජිමින් මොනාද කරන්නේ කියලා.

"ආ.... මම ද?" ජිමින් ලොකුවට ලැජ්ජාවෙන ගමන් එයාගේ බෙල්ල පිටිපස්ස අතගාද්දී මමයි, හෝබීයි දෙන්නම එයා දිහා බලාගෙන හිටියේ පුදුමවෙලා. "යා....හ් ඕක කියන්න ඔය තරම් ලැජ්ජවෙන්න ඕනේද?" හෝබී එහෙම අහද්දී ජිමින්ව ආයේ පාරක් රතුවෙලා ගියා. "ආ.. හරි හ්‍යොන්ග්.. මෙහෙමයි ස්ප්‍රින්ග්, මම දැන් ඩාන්සින් යුනිවර්සිටි එකක මොඩර්න් ඩාන්සින් ගැන උගන්නනවා" ජිමින් ඒක කිව්වා විතරයි මම උඩ ගියා. යුනිවර්සිටි එකක? ඒ කියන්නේ අපේ ජිමිනි ප්‍රොෆෙසර් කෙනෙක්? "වෝආ......හ්හ්හ්හ්හ්.... ඔයා ප්‍රොෆෙසර් කෙනෙක් නේද ඒ කියන්නේ? වෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්............................... ඒක නම් මාරයි ජිමිනි........  මගෙන් සුභ පැතුම්! අනේ ෂෝක් අනේ................!!!" මම කිව්වේ උඩ පනින ගමන් එයාගේ උරහිසකට ගහන ගමන්. එයා ලැජ්ජාවෙන් රතුවුණේ මම කෑ ගහද්දී. "ආ....... ඒක ඒ තරම් දෙයක් නෙවේ ඉතිං.... මට ලගදී තමයි පත්වීම හම්බුණේ. පහුගිය කාලෙම මම ඉන්ටර්වීව් ගොඩකට වගේම, එක්සෑම් ගොඩකට ඉදලා තමයි මට පුලුවන්වුණේ පාස්වෙන්න... ඉතිං ඒ නිසා මම පහුගිය ටිකේම ඒ වෙනුවෙන් මහන්සිවෙන ගමන් හිටියේ" ජිමින් පැහැදිලිව විස්තර කලා. "වා.....හ් මොනාවුණත් ඒක නම් ගොඩක් හොඳ දෙයක්" මම එහෙම කියද්දී හෝබීත් ඔලුව වැනුවා. "දැන් අපේ ජිමිනා ප්‍රොෆෙසර් කෙනෙක්. ඒක නම් ඇත්තටම හොඳ දෙයක් තමයි" මට පෙනුනා එයාගේ දොන්සෙන්ග් වෙනුවෙන් ආඩම්බරවෙන හෝබී ඇස්. ඒවා හරිම ආදරයෙන් වගේම දීප්තියෙන් පිරිලා තිබ්බේ.

"ආ.... අනියා..... ඒක ඒ තරම් දෙයක් නෙවේ අනේ... මම ජූනියර් ප්‍රොෆෙසර් කෙනෙක්. අනික මාව මුල් මාස දෙක තුනේම ට්‍රේනින් ප්‍රොෆෙසර් කෙනෙක් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ තරම් දෙයක් නෙවේ මේක" ජිමින් කිව්වේ මගෙයි හෝබීගෙයි කතාවලට එකඟවෙන්නේ නැතුව. "එහෙම නැහැ! කෝමහරි ප්‍රොෆෙසර් කෙනෙක් නේ.. ඒක කොච්චර දෙයක් ද?" හෝබී එහෙම කිව්වාම මමත් ඔලුව වැනුවේ දත් ටික එලියට දාලා. "හරි... ඉතිං.. අනික් අය ගැනත් කතා කරමු ද? මං ගැන විතරක් කියෝනවා වැඩියි වගේ අප්පා..."ආයෙත් ජිමින් එහෙම ලැජ්ජාවෙන් කියද්දී මමයි, හෝබියි හිනාවුණේ එයා ලැජ්ජාවෙන නිසා. "ආ..... ජොන්ග්කුකා තාම වැඩ කරන්නේ ඉතිං ථේහ්‍යොනාගේ බ්ලූ මවුන්ටන් එකට. හැබැයි ථේහ්‍යොනා ජොන්ග්කුකාට වෙනම බ්‍රාන්ච් එකක් දීලා තියෙන්නේ බලාගන්න. එතකොට.... ථේහ්‍යොනා ඉතිං කොහොමත් ඒකේ ලොක්කානේ.. එයා ඒකේ වැඩ ටික බලාගන්නවා. එතකොට.. යුන්ගි හ්‍යොන්ග් ගැන කිව්වොත් එහෙම.. එයා තමයි බ්ලූ මවුන්ටන් වල සේල්ස් මැනේජ්මන්ට් පැත්ත බලාගන්නේ. එයා ගොඩක් ජොබ් කරලා තියෙන නිසා අත්දැකීම් වැඩියි නේ.. ඒ නිසා එයා දන්නවා ඒ දේවල් හොඳට බලාගන්න. හරියටම කිව්වොත් ඉතිං එයා තමයි ඩිරෙක්ටර් බෝඩ් එකෙනුත් ඉහලින්ම ඉන්නේ ථේහ්‍යොනාට පස්සේ. ඒ හ්‍යොන්ග් ථේහ්‍යොනා අදුරන නිසා නෙවේ. ඇත්තටම දක්ෂ නිසා" හෝබී ආයේත් කතා කලේ හැමෝම ගැන පුදුමාකාර ආඩම්බරයකින්. එයා ඉතිං හැමෝටම ආදරෙයි නේ ගොඩක්.

"ඒක නෙවේ... අපි දැන් ආපහු යමුද? රෑවෙන්නත් ලගයි. මම නම් කැමති නැහැ මේම කලුවර වෙද්දී මේ වගේ තැනක තවත් ඉන්න.. මොකද කිව්වොත්.." ටිකවෙලාවක් ගිහින් හෝබී ආපහු එහෙම කියද්දීයි මටත් තේරුණේ එයා විතරක් නෙවේ මෙතන එයාටත් වඩා දේවල්වලට බයවෙන තව කෙනෙක් ඉන්නවා කියලා. "නැහැ නැහැ... ඔයා හේතුව කියන්න ඕනේ නැහැ! මොකද මට ඒක දරාගන්න බැරිවෙයි. ඒ නිසා ඉක්මනට යමු" මම ඉක්මනටම ඒ දෙන්නාගේ අත් දෙකෙන් අල්ලගෙන ආයේ යන්න හැරුණේ, අර බයානක හේතුව තව ටිකකින් කොහෙන්හරි මතුවෙයි කියලා හිතුන නිසා. අනික ඉතිං කොහෙන්හරි මතුවුණා කියලා කියන්නේ ඒ බයානක සතා.. මම ඉතිං කෙලින්ම බිම තමයි. ඒ දෙන්නාගේ අත් දෙක අල්ලගන්න අන්න ඒකත් එක හේතුවක්. මොකද ඉතිං මම දාන කලන්තේ හැටියට අල්ලගන්න මේ වගේ පුරුෂයෝ දෙන්නෙක්වත් ඉන්න ඕනේ. එයාලා මගෙන් අර මම බයවෙන දේ ගැන ඇහුවේ නැහැ. එයාලට තේරෙන්න ඇති ඇහුවොත් මම මීට වඩා දරුණු විදිහට හැසිරෙන්න පුලුවන් කියලා.

"ඕ... ඒක නෙවේ මේ ඔක්කොම අස්සේ ජින් තාම වැඩ කරන්නේ ෆාමසියේ නේද?" මම ඇහුවේ අපි යන්න හදද්දී.  ඒත් අනික් දෙන්නම මට දුන්නේ හොඳ බැල්මක් නම් නෙවේ. හරියට මම කිව්ව දේ වැරදියි වගේ බැල්මක්. "ආයිශ්... ජින් හ්‍යොන්ග් දැන් එතනින් අයින්වෙලා නම් ගොඩක් කල්. හරියටම ගිය අවුරුද්දේ මුල වගේ එයා අයින්වුණේ" හෝබී එහෙම කිව්වේ හරිම කල්පනාකාරීව. "මොනවා කිව්වා එයා අයින්වුණා? මිඡ්‍යොස්සෝ?? එහෙම වෙන්නේ කොහොමද? එයා ගිය අවුරුද්දෙත් කිව්වේ එයා එහෙම කරන්නේ නැහැ කියලා නේ. එයා එතන ජොබ් එකට කොච්චර නම් ආස වුණාද? එයා කොහොමද එහෙම කලේ?" මම දන්නේ නැහැ මගේ කටේ සද්දේ කී ගුණයකින් වැඩිවුණාද කියලා නම්, ඒත් මම දන්නවා මම මහ සද්දයකින් කෑ ගැහුවා. "හෝව්! හෝව්! ස්ප්‍රින්ග් කෑ ගහන්න එපා.... මගේ කන් ගැලවෙයි!!!" ජිමින් කිව්වේ එයාගේ කන් දෙක අත්දෙකෙන් ම වහගන්න ගමන්. "ඒත් කෑ නොගහා ඉන්නේ කොහොමද? එයා කිව්වා නේ එහෙම කරන්නේ නැහැ කියලා!!" මම කිව්වේ තවමත් පුදුමයෙන්. එයා මට හොඳටම විශ්වාසයෙන් නේ කිව්වේ එයා එහෙම කරන්නේ නැහැ කියලා. "ඔහොම ඉන්න දෙයියනේ විස්තර කරනකම් ඇයි එයා එහෙම කලේ කියලා....!!!" ජිමින් ආයෙත් කිව්වේ මගේ අතින් ආයෙත් අල්ලගන්න ගමන්. "අනේ... හෝබී හ්‍යොන්ග් කියන්නකෝ මෙයාට...!!" ජිමින් එහෙම කිව්වේ මම ආයේ කෑ ගහයි කියලා. එයාගේ මූණත් බෙරිවෙලා තිබ්බේ හෝබීවයි මාවයි හිනස්සන ගමන්.

"ඉන්න ඉන්න ඔහොම! මං කියන්නම්!" හෝබී හිනාව අතරින්ම එහෙම කියද්දී මම සන්සුන්වුණා. "මෙහෙමයි, ජින් හ්‍යොන්ග් එයා ලග ඉතුරුකරලා තිබ්බ සල්ලියි, තව ථේහ්‍යොනාගෙන් උදව්වකුත් අරගෙන සාත්තු සේවක නිවහනක් පටන්ගත්තා ගොඩක් අඩු මුදලට" හෝබී එහෙම කිව්වේ මාව පුදුමකරවන ගමන්. ඒ වගේ දෙයක් නම් මම බලාපොරොත්තු වුණේ නැහැ. "ඇත්තටම? ව්වාහ්! එයා නියමයි නේ.. ඉතිං ඒක කොහෙද තියෙන්නේ? අනේ මටත් බලන්න ආසයි" මම කිව්වේ පුදුමයෙන් වගේම ආසාවෙන්. ඇත්තටම මාරයි නේ? අනේ... ඒක නම් බලන්නනම වටිනවා. මොකද කිව්වොත් ඒ වගේ තැන් හරිම ලස්සනයි. ඇරත් මට ලොකු උණක් ආවේ එතන බලන්න. "ඕ..... අපි දැන් ඉන්නේ නම් ඒකෙන් ගොඩක් දුර! ඒ නිසා... මේ පාර නම් ඔයාට ඒක බලන්න වෙන්නේ නැහැ! ඔයා ඊලග පාරත් එනවා නේ ස්ප්‍රින්ග් එතකොට එක්කගෙන යන්නම්. ඇත්තටම එතන ගොඩක් ලස්සනයි" ජිමින් කිව්වේ බල්ලෙක්ගේ ඔලුවට තට්ටු කරනවා වගේ මගේ ඔලුවට තට්ටු කරන ගමන්. මමත් ඉතිං බලු පැටියෙක් වගේ ඔලුව වැනුවා.

අපි  ඒ වෙනකොට අපේ බේස් කෑම්ප් එකට ඇවිත් හිටියේ. කයියෙන් කයිය මට නම්ජුන් ගැන අහන්නම බැරිවුණානේ.. අපි කෑම්ප් එකට යද්දී යුන්ගි හිටියේ කෑම උයන්න ලෑස්තිවෙන ගමන් වගේ. අපි එයාට ඉස්සරහින් තිබ්බ ලී කොටන්වල වාඩිවෙලා මහන්සි ඇරියේ ටිකකින් එයාට උදව් කරනවා කියලා හිතාගෙන. "ඉතිං නම්ජුන් මොකද කරන්නේ?" මම ඇහුවේ නම්ජුන් ගැන විතරක් අහන්න බැරිවුණ නිසා. "මම ද?" එකපාරටම මගේ ලගින් ම මතුවුණ නම්ජුන් එහෙම අහද්දී මම උඩගියා. හිතුවේ නැති මොහොතක එකපාරටම එයා ලගින් මතුවුණ නිසා මම හොඳටම බයවුණා. බයවුණ පාර කොච්චරද කියනවා නම් මම ඉදගෙන හිටිය ලී කොටෙන් වැටුණේ කෑ ගහගෙන, පිටිපස්සේ හිටිය යුන්ගි බඩු ගොඩක් පෙරළගෙන. මම හිතුවේ එයාලා හැමෝම මට හිනාවෙයි කියලා. හිනායන්නේ නැතැයි ඉතිං කෑ ගහගෙන අර ඔක්කොම පෙරළගෙන බිමට වැටෙද්දී? ඒත් එයාලා කවුරුත් හිනාවුණේ නැහැ... එයාලා මං ගැන වදවෙන ගමන් මං ලගට ආවේ. මුලින්ම මං ලගට ආවේ ලගම හිටිය යුන්ගි. මම හිතුවේ එයා මාව මරන් කන්න හදයි කියලා එයාගේ බාජන ටික මම පෙරලුවාට. "යා.............. ක්වෙන්චනා?" ඒත් එයා මුලින්ම මගෙන් ඇහුවේ ඒක. මම හෙමින් ඔලුව වැනුවේ මගේ මෝඩ හිනාව දාගන්න උත්සාහ කරන ගමන්. වෙන මොනාකරන්නද? මෙහෙම ඇඳගෙන වැටුනාට පස්සේ ඉතිං ඉක්මනටම මෙතනින් පැනගන්න තිබ්බ නම් තමයි හොඳ. ඒත් කොහොමද ඉතිං ඒක කරන්නේ?

"ඕ............ නම්ජුනා.................................!!!!!!!!!!!!!!!!!!!!!!!!!" යුන්ගි එහෙම කෑ ගහද්දී නම් මට නම්ජුන් ගැන දුක හිතුනා. එයාගේ මූණට වෙච්ච එකට කොහොමත් දුක හිතෙනවා. "මියානේ ස්ප්‍රින්ග්, මම හිතුවේ නැහැ ඔයා මේ තරම් බයවෙයි කියලා... මම.." නම්ජුන්  එහෙම කිව්වේ මං දිහා වදවෙන බැල්මකින් බලන ගමන්.. "අනී.... මමයි අනවශ්‍ය විදිහට බයවුණේ. ඔයාගේ වැරැද්දක් නැහැ නම්ජුන්.. මම තමයි ඉතිං... දන්නවා නේ පිස්සු නේ මට... ඔහොම තමයි ඉතිං.." මම කිව්වේ හිනාවෙන ගමන්. "ස්ප්‍රින්ග් ක්වෙන්චනා? ඔයාට නැගිටින්න පුලුවන් ද?" ජිමින් ඇහුවේ මගේ ගොන් විහිලුව ගාණකට ගන්නේ නැතුව තාමත් වදවෙන ගමන්. එතකොට තමයි මට මතක්වුණෙත් මම තාම හිටියේ ඒ වැටුණ විදිහටමයි කියලා. "ආ...හ්.. නැතුව.. බලන්න මට වැටුණා කියලදවත් ගාණක් නැහැ එහෙම.. මේක මේ ඒ තරම් එකක් නෙවේ...." මම එහෙම කිව්වත් මගේ පශ්චාත්බාගය වගේම කොදු ඇට පද්ධතිය නම් කිව්වේ වෙනම කතාවක්. ඒත් මම ඒවා එතන කියවන්න ගියේ නැහැ. "කෝ එන්න" එහෙම කියලා යුන්ගි මට එයාගේ අතක් දුන්නා. මමත් ඉතිං ආයේ එපා නොකියා කෙලින්ම ඒ අත අල්ලගත්තා. පණ්ඩිතයා වගේ තනියෙන් නැගිටින්න පුලුවන් කිව්වට බෑ කියලා දන්නවා මම. අන්තිමේ එයාගේ එක අතක් අල්ලගෙන නැගිටින්න හැදුවට වැඩේ හරිගියේ නැහැ. අන්න ඒ නිසයි එයා මට එයාගේ අත්දෙකම දුන්නේ. වැඩේ හරි! කෝමහරි නැගිට්ටා.

"ස්ප්‍රින්ග් ඔයාට අතුරු ආබාධයක් නැහැ නේද මොකුත්?" නම්ජුන් ආයේ අහද්දී මම දැක්කා හෝබීත් මං දිහා උවමනාවෙන් බැලුවා. හරියට එයාටත් ඒකම අහන්න ඕනේ වෙලා හිටියා වගේ. "අනී.. එහෙම කිසි අවුලක් නැහැ" මම කිව්වේ මගේ නැහැ කියලා කියන්න දෑතට වනන ගමන්. "එතකොට මේක?" එකපාරටම මගේ අත අල්ලගත්ත යුන්ගි මගේ ඇඳුමේ අත්වහගෙන දිගට තිබ්බ අත තරමක් දුරට උඩට කලා. මේ යේරින්ගේ ඇදුමක් නේ ඉතිං. ආයිශ්.. මට නම් යුන්ගි ඒ පෙන්නපු තැන කිසි අවුලක් දැනුනෙත් නැහැ, පෙනුනෙත් නැහැ. පොඩ්ඩක් සීරිලා විතරයි. ඒක ඒ හැටි දෙයක් ද අනේ? "කෝ මෙතන මොකුත් නැහැ නේ! මට නම් රිදෙන්නෙත් නැහැ" මම එහෙම කිව්වේ හිනාවෙන ගමන්. ඒ ගමන්ම හෝබීත් මගේ අතට එබිලා බැලුවා. "ඕහ්හ්හ්හ්හ්... මේකට නම් බෙහෙත් දාන්න වෙයි... නම්ජුනා ගිහින් ෆස්ට් ඒඩ් බොක්ස් එක අරගෙන එන්න. ඒක ජින් හ්‍යොන්ග්ගේ කූඩාරමේ ඇති.." හෝබී එහෙම කියද්දී මම එයා දිහා වගේම අනික් අය දිහා පුදුමයෙන් බැලුවේ මේ මොන විකාරයක් ද කියලා. "හේයි හේයි!! ඔහොම කලබලවෙන්න එපා.. මේ වගේ පොඩි සීරීමකට බෙහෙත් දාන්න ඕනේ නැහැ. මේවා ඒ තරම් ඒවා නෙවේ නේ.." මම එහෙම කිව්වත් එයාලා කවුරුත් මම කිව්ව දේ අහන්න නම් ලොකු අවධානයක් දුන්නේ නැහැ.

"එන්න අත හෝදමු" යුන්ගි තාමත් මගේ අතින් අල්ලගෙනම එහෙම කියලා මාව ඇදගෙන ගියේ වතුර බේසම තිබ්බ තැනට. ඊට පස්සේ එයාගේ අතින් මගේ අතට වතුර දාද්දී මම කල්පනා කලේ මේ කට්ටියට පිස්සු ද කියලා මේ තරම් පොඩි තුවාලයකට මේ තරම් වදවෙන්නේ. හැබැයි ඉතිං වතුර දාද්දී නම් ටිකක් දනවා.. ඒක වෙනම කතාවක්. ඒත් ඉතිං මේවාද අපිට වෙලා තියෙන ඒවා. "ආ........... ජිනුයි, ථේහ්‍යොන්ග්නුයි කෝ?" අන්තිමේ මම යුන්ගිගෙන් ඇහුවේ ඒ දෙන්නා පේන්න හිටියේ නැති නිසා කුතුහලයෙන්. "ඒ දෙන්නා වාහන නවත්තලා තියෙන තැනට ගියා. ඇතුලේ තියෙන බඩුවගයක් ගේන්න" යුන්ගි එහෙම උත්තර දුන්නාම මම හෙමින් ඔලුව වැනුවේ එයා කියපු දේ පිලිගත්තා කියලා කියන්න. "එතකොට ජොන්ග්කුකුයි, යේරිනුයි? එයාලා පැය දෙකකින් එනවා කිව්වට දැන් කළුවර වැටෙන්නත් ලගයි එයාලා ආවේ නැහැ නේ!" එකපාරටම X-files music එක මගේ ඔලුව පුරා රැව් පිලිරැව්දෙන්න ගත්තේ මාව උඩ යවන ගමන්. ඒත් යුන්ගි අමුතු හිනාවක් දාලා මං දිහා බැලුවේ මගේ අත සෝදන ගමන්මයි. "ඔයා හිතන්නේ හනිමූන් එකේ ඉන්න ඒ දෙන්නා ඔය කියන වෙලාවල්වලටම වැඩ කරයි කියලා ද? එයාලා එයාලා දෙන්නාගේ ලෝකෙක ඉන්නවා ඇත්තේ.." යුන්ගි එහෙම කිව්ව ගමන් මම උඩ ගියා. ආයිශ්... මම ඇයි එහෙම ඇහුවේ? හනිමූන් එකේ නේ ඉන්නේ!! මෝඩයා..... මට දැනුනා මාව රතුවුණා. මොනා කරන්නද ඉතිං.... කතාවල මේ වගේ ගොන් සීන් ලිව්වට ඇත්තටම වෙද්දී තමයි පොළොව පලාගෙන යන්න හිතෙන්නේ. කොහොමෙන් කොහොමහරි මගේ අත සෝදලා ඉවරවුණා. අනේ මන්දා ඒකෙ නම් හෝදන්න දෙයක් නැහැ මේ යුන්ගි පණ දාගෙන මගේ අත දිය කලාට.

"මෙන්න හ්‍යොන්ග්" නම්ජුන් ෆස්ට් ඒඩ් එක දෙද්දී යුන්ගි ඒක අතට ගත්තේ මොකුත්ම නොකියා. "ආ.... අතනට යමු අපි. මම ඔයාගේ අතට බෙහෙත් දාන්නම්" මම යුන්ගි දිහා පුදුමයෙන් බැලුවේ මේ මොකද මේ වගේ. මේකට දැන් මේ හෙන ලොකුවට බෙහෙත් දාන්න ද යන්නේ මෙයා? "හෝබී කෑම එක බලාගන්න. ජිමිනි එයාට උදව් කරන්න. නම්ජුනී... මේ බිම වැටුණ භාජන ආයේ හෝදන්න" යුන්ගි අණ දුන්නේ හරියට හමුදාවෙන් වගේ. මට Seven Detectives & a spring day මතක්වුණා එකපාරටම. මම අනික් අයගේ පැත්තට හැරිලා කියන්න හැදුවේ මේක ඒ තරම් දෙයක් නෙවේ කියලා. ඒත් ඉතිං මට වචනයක්වත් කියන්න බැරිවුණා. යුන්ගි මට ඉඩ දුන්නේ නැහැ නේ.. ඇදගෙන ගියා මාව. එයා මාව ඇදගෙන ගියේ දෙන්නෙක්ට විතරක් වාඩිවෙන්න පුලුවන් විදිහට හදලා තිබ්බ බෙන්ච් එකක් ලගට. මේ මොකද මේ යුන්ගි කේඩ්‍රාමා කරන්නේ මෙතන? මම ඉතිං එයා පස්සෙන් ඇදිලා ගියේ මොකුත් නොකියා. දැන් ඉතිං මොනාහරි කිව්ව ගමන් මා එක්ක රණ්ඩුවක් අල්ලයි. හැමවෙලේම එයා රණ්ඩුවෙන්න එනවා නේ මා එක්ක. හ්ම්ම්... එයා මාව ඇඳගෙන ගිහින් අර බෙන්ච් එකට තල්ලු කරලා එයත් ඒකෙන් වාඩිවුණා. ඊට පස්සේ ෆස්ට් ඒඩ් බොක්ස් එකේ තිබ්බ බෙහෙත් වර්ග අතර එයා හොයන්න ගත්තා මොනාහරි.

ඊට පස්සේ එයා ඉක්මනටම හොයාගත්තේ තුවාල ප්ලාස්ටර් තොගයක් මං හිතන්නේ. එයා මගේ අත අල්ලගෙන ඒවා ගහන්න ගත්තේ සීරිලා තිබ්බ හැම තැනකමයි. එහෙම ප්ලාස්ටර් මේ වගේ පොඩි සීරීමකට ගහන්නේ නැහැ කියලා මට එයාට කියන්න ඕනේ වුණත්.. මම මොකුත් කියන්න ගියේ නැහැ. මොකද එයා ගොඩක් උවමනාවෙන් වගේම අවධනායෙන් ඒක කලේ. මම ඉතිං එයා ඒක කරනවා බලාගෙන හිටියේ. ටිකවෙලාවකට පස්සේ එයා ඒ වැඩේ ඉවරකරලා ආඩම්බරයෙන් වගේ මං දිහා බලලා එයාගේ ඇස්වලින් හිනාවුණා.

"ආ.... තැන්ක් යූ...." මම එහෙම කියලා නැගිටලා යන්න හැදුවේ. වෙන මොනා කරන්නද? අනික මෙතන තියෙන ලයිට් එකට පියාඹන සත්තු ගොඩක් ඇවිත් තියෙන්නේ. ඒ නිසා තවත් මෙතන ඉන්න එක ආරක්ෂාකාරී නැහැ! "ඉන්න ඔහොම ටිකක්!" එයා එහෙම කිව්වේ එකපාරටම මම යන්න හදද්දිමයි. පුදුමයෙන් මත්වුණ ඇස් එක්ක මම එයා දිහා බැලුවේ මේ මොකද කියලා. කොයි වෙලේත් රණ්ඩුවක් ඇදෙන නිසා කෝකටත් යුන්ගිගෙන් ඈත්වෙලා ඉන්න ඕනේ කියලමයි මට හිතෙන්නේ. "ව්වේ?" මම ඇහුවේ ආයෙත් ඒ බෙන්ච් එකේ හරියට වාඩිවෙන ගමන්. "මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනේ..!" ටිකවෙලාවක් කල්පනා කර කර ඉදපු යුන්ගි අන්තිමේ කිව්වේ ස්ථීර හඬකින්. "හ්ම්ම්.... හ්ම්ම්.... කියන්න... මොනාද කතා කරන්න තියෙන්නේ? ආ....හ් අනික මටත් අහන්න ඕනේ නම්ජුන් මොනාද කරන්නේ දැන්? හරි කුතුහලයි! ඒක දැනගන්න ගිහින් තමයි මම මේ වැටුණෙත්" මම කිව්වේ හිනාවෙන ගමන්. ඇත්තම කිව්වොත් වැටෙන කෑල්ල කියද්දී නම් ඉතිං මැරෙන්න හිතුනා. මොනා කරන්නද ඉතිං ඕවාත් වෙනවා නේ.. "ආ.... නම්ජුනා... ද? එයා ඉතිං හිටිය විදිහම තමයි. ලොකු වෙනසක් නැහැ.. එයා ඔය ඉංග්‍රීසි උගන්නනවා.. ඕවා තමයි ඉතිං.. ඒක නෙවේ මම ඔයාගෙන් අහන්න යන්නේ ඊට වඩා ගොඩක් වැදගත් දෙයක්!" යුන්ගි ඕනෑවට එපාවට මගේ ප්‍රශ්නෙට උත්තර දීලා ඉක්මනටම මගේ අවධානය එයාට ගත්තා. වැදගත් දෙයක්? ඒ මොකක්ද අප්පේ ඒ?

"හ්ම්ම්.. අහන්න... ඒත්.. ඒක මොනවගේ දෙයක් ද?" මම ඇහුවේ කුතුහලයෙන් වගේම සැකෙන්. මෙයා මොනා අහන්න යනවද දන්නේ නැහැ නේ ඉතිං. "මේකයි... මම මේ.. අහන්න යන දේ... මේමයි ඔයා ඊලග අවුරුද්දේ මෙහෙ එන එක ෂුවර් ද? ඒත් ඔයාට බැරිද ඊට කලින් මෙහෙට එන්න?" යුන්ගි එහෙම අහද්දී මම එයා දිහා බැලුවේ කල්පනාකාරී මූණකින්. "මම... ඊලග පාර එන එක ගැන නම් ඉතිං මම දන්නේ නැහැ.. මොකද ඉතිං.... ඒක වෙන්නේ ඉබේමනේ.. මම කරන දෙයක් නෙවේ නේ... ඒත් ඇයි එහෙම අහන්නේ? අනික ඊට කලින් මෙහෙට එන්න විදිහක් මම දන්නේ නැහැ" අන්තිමේ මම කිව්වේ මට කිසිම දෙයක් හිතාගන්න බැරි නිසා. "ආ...... මෙහෙමයි... හිතන්න ඔයාට එහෙම මෙහෙට එන්න ක්‍රමයක් මම හොයාගත්තා කියලා... ඔයා එනවද?" මොකක්? මම එයා දිහා බැලුවෙ පුදුමයෙන්. මොනාද මේ කියන්නේ? එහෙම ක්‍රමයක් තිබ්බත්.... පොඩ්ඩක් ඉන්න ඔක්කෝටම කලින් එහෙම ක්‍රමයක් තියෙනවා නම් ඒ මොකක්ද? මට කුතුහලයි. "ක්‍රමයක් කිව්වේ මොන වගේ එකක්ද?" මම ඇහුවේ කුතුහලේ හිත පතුලේ හිරකරගෙන මැරෙන්න වගේ යද්දී.

"මුලින්ම කියන්න ඔයා එනවද? අපිත් එක්ක ඉන්න.." එයා ඇහුවේ මගේ ඇස් දිහා කෙලින් බලන ගමන්. ඒත් ඉතිං.... මම මොකටද මේ කතාව අස්සට එන්නේ? ස්පෙෂල්වලට නම් කමක් නැහැ.. ඒත් මේම එන එක.. ඒ තරම් හොඳ දෙයක් නෙවේ කියලයි මට නම් හිතෙන්නේ. "ඒත්... මම මොකටද කතාවට? මේක ඔයාලාගේ කතාව. මේක ඇතුලේ මම එන එක අනවශ්‍ය දෙයක් කියලයි මට නම් හිතෙන්නේ" මම ටිකක් අමාරුවෙන් ව්‍යාජ හිනාවක් දාගන්න උත්සාහ කරන ගමන් කිව්වේ. ටික වෙලාවක් මං දිහා බලාගෙන හිටිය යුන්ගි අන්තිමේ එයාගේ අතකින් මූණ පිහදාගත්තේ සුසුමක් හෙලන ගමන්. "ආයිශ්...... මම මේක ඔයාට කියන්නේ නැතුව ඉන්න ගොඩක් උත්සාහ කලා.. ඒත් මේක දැන් නම් කියන්නම වෙනවා වගේ.. ඒත් මට පොරොන්දුවෙන්න ස්ප්‍රින්ග් අනික් කට්ටියට කියන්නේ නැහැ කියලා මම මේක ඔයාට කිව්වා කියලා" යුන්ගි එහෙම අහලා මගේ අතකින් අල්ලගනිද්දී, මම උඩ ගියා. එයා කරන්නෙම මම උඩ යන වැඩ අද නම්. "ආ... හරි... මම.. කාටවත් කියන්නේ නැහැ.... ඉතිං... කියන්නකෝ මොකක්ද අවුල?" මම අන්තිමේ ඇහුවේ එයාගේ අත මගේ අතින් අයින් කරන ගමන්. හැ හැ..... එහෙම අත අල්ලගෙන ඉද්දී නිකං මොකක්ද මොකක්ද වගේ...

"මෙහෙමයි.... මම මේක ඔයාට කිව්වා කියලා එයාලා දැනගත්තොත් එයාලා කට්ටිය එකතුවෙලා මාව සමූහව මරලා දාන්න බැරි නැහැ" යුන්ගි එහෙම කිව්වේ අපිට ඈතින් පිස්සු නටන කට්ටිය දිහා බලන ගමන්. මමත් ඒ දිහා හිනාවෙලා බැලුවේ එයාලා ඇත්තටම පිස්සු නටන ගමන් හිටිය නිසා. නම්ජුන් මොනාහරි ජොග්ගුවක් බිමට වැට්ටුවේ හෝබීගෙන් බැනුම් අහගන්න ගමන්. අපි දෙන්නම ඒ දිහා ටිකක්වෙලා හිනාවෙලා බලාගෙන හිටියා. එයා ආයෙත් කතා කරන්න ගත්තේ ඊටපස්සේ. "මෙහෙමයි ස්ප්‍රින්ග්, මෙයාලා හැමෝම ඔයා ඉස්සරහා ජොලියේ ඉන්නවා වගේ පෙන්නන්න හැදුවට.. ඒ තරම් නම් මෙහෙ කාලේ හොඳ නැහැ.. මෙහෙ පිස්සුවක් වෙන්න යන්නේ ආයෙමත්" යුන්ගි එහෙම කියද්දී මම එයා දිහා බැලුවේ පුදුමවෙලා. "ඔයා මොනාද මේ කියවන්නේ? හැමෝම ගාණට සෙටල්වෙලා නේ ඉන්නේ. හැමෝගෙම වැඩ ගොඩක් හොඳයි.. මට හෝසොකුයි, ජිමිනියි කිව්වා.. ගොඩක් හොඳට වැඩ කරනවා කියලා හැමෝම" මම කතා කලේ පුදුමයෙන්. මේ මොනාද මේ යුන්ගි කියන්නේ? ලව් බුලට් එක ආයේ පිස්සුවක් කියන එකෙන් එයා අදහස් කරන්නේ මොකක්ද?

"හරි හරි.... කලබලවෙන්න එපා.... හොඳට අහගන්න.. මට හැමෝගෙම ප්‍රශ්න කියන්න බැහැ.. ඒත් දැනට තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා. මේවා අහලා ඔයාට මොනා හිතෙයිද දන්නේ නැහැ.. ඒත් මම නම් කියන්නේ ඔයාට ඔයාගේ උදව් මට ඕනේ මේ ප්‍රශ්න විසදගන්න. අපි මේ ට්‍රිප් එක ආවෙත් මේ ප්‍රශ්න නිසා ටිකක් හිත සැහැල්ලු කරගන්න" යුන්ගි මොනාද මේ කියවන්නේ? මගේ උදව් ඕනේ? මේ ප්‍රශ්න විසදගන්න? එයාලාගේ ප්‍රශ්න මම කොහොමද විසදන්නේ අනේ මට මේ මගේ ප්‍රශ්නත් විසදගන්න බැරුව ඉද්දී? "හ්ම්ම්... හරි කියන්නකෝ..... මට හිතාගන්න බැහැ ඒ තරමට මගේ උදව් ඕනේ වෙන්න තරම් මොනාද තියෙන ප්‍රශ්න කියලා" මම කිව්වේ යුන්ගි දිහා සැකෙන් බලන ගමන්. එයා මාව බයිට් කරනවද මන්දා අප්පා....

"මෙහෙමයි... මෙහෙ දැනට අපේ ඔලුව විකාර කරවන ප්‍රශ්නයක් තමයි ජින් හ්‍යොන්ග් ගේ අර වැඩිහිටි අය වෙනුවෙන් හදපු ඒ සාත්තු නිවාසේ ප්‍රශ්නේ තියෙනවා. ඒකට ප්‍රශ්න ගොඩයි.. ඒත් හ්‍යොන්ග් ඒක කියලා තියෙන්නේ මටයි හෝබීටයි විතරයි. මොකද පොඩි කට්ටිය දැනගත්තොත් අවුල් යයි කියලා" මට මේ යුන්ගි කියවන කෙහෙල්මල් තේරෙන්නේ නැහැ අප්පා... මම කොහොමද ඕවට උදව් කරන්නේ? ඒත් මම බොරු හිනාව දාලා හිටියා ඉතිං. එයා අවුල් යන මොකුත් කියන්නත් බැහැ නේ අප්පා. "ඒත්... ඊලගට තියෙන්නේ අපි හැමෝම මේ ටිකේ රත්වෙලා ඉන්න දේ.... ඔයා... ආ... කලබලවෙන්න එපා හොඳද මම මෙහෙම කිව්වට?" එයා එහෙම කියද්දී මම ඇස් හීනි කරලා එයා දිහා බැලුවා. මොකද මේ තරම් මෙයා මේක කියන්න පැකිළෙන්නේ? මොකද ඉතිං යුන්ගි කියන්නේ ඕනේ දෙයක් කියලා දාන කෙනෙක් නේ. උදෙත් මතකනේ රණ්ඩුව.

"මේකයි ඔයා දන්නවා නේ දාහී?" එයා  එහෙම අහලා බලාගෙන හිටියේ මගේ උත්තරයක් ලැබෙනකම්. "හ්ම්ම්.. දැකලා නම් නැහැ.. ඒත් දන්නවා..." මම උත්තර දුන්නත් ඇත්තටම මම එයා ගැන කතා කරන්න නම් වැඩිය කැමති නැහැ ඉතිං.

"එයා ආපහු ඇවිත්! එයා නැවතිලා ඉන්නෙත් යේරින්ගේ ගෙදරමයි!"

"මොකාආආආආආආආආආආආආආආආඅක්???????" මගේ කටේ බ්‍රේක් නැතිවුණේ ඒ වෙලාවේ. හයියෙන් එහෙම කෑ ගැහුණේ ඈත් ඉන්න අර කට්ටියට අපි දිහා බලන්න සලස්වන ගමන්. හැ හැ.. ඉවරයි.. ඒ කට්ටිය දැනගනියි ද දන්නේ නැහැ යුන්ගි මට කිව්වා කියලා. "හහ් හහ් හාආආආආආආආආඅ..... ඉතිංං.........................??" මම බොරුවට මහාආආ සද්දෙන් හිනාවෙලා යුන්ගිගේ උරහිසකට ගැහුවාම අනික් කට්ටිය එයාලාගේ වැඩ සාමාන්‍ය විදිහට කරන්න පටන්ගත්තා. මම දැක්කා දැන් නම් ථේහ්‍යොන්ග්නුයි, ජින්නුයිත් ඇවිත් ඉන්නවා.. ඒත් ථේහ්‍යොන්ග් මමයි, යුන්ගියි දිහා බැලුවේ නම් ඒ තරම් හොඳ බැල්මකින් නෙවේ. ඒත් මේ වෙලාවේ මට ඒක නෙවේ අවුල!!!! "දෙයියනේ... දාහි?? මේ ලී දාහි? එහෙම වෙන්නේ කොහොමද?" මම හිමින් වේගෙන් මුමුණලා යුන්ගිගෙන් එහෙම ඇහුවේ කියන්න ඕනේ මොනාද කියලා හිතාගන්න බැරුව. "මේකයි.. ඒක.. දාහි හිටියේ මෙන්ටල් හොස්පිටල් එකක නේ දෙගුවල. එයා ආයේ හොඳ සිහියට ආවට පස්සේ එයාව එයාලා නිදහස් කරලා. එයා එතනින් කෙලින්ම ආවේ අපේ ගෙදර. ඊට පස්සේ අපි හැමෝගෙන්ම සමාවගත්තා. එයා කරපු දේවල්වලට. එයාට දැන් යන්න තැනක් නැහැ. සල්ලි නැහැ.. ඒවා මේවා කිව්වාම අර යේරින් මෝඩි එයාට කිව්වා එයාට අපිත් එක්ක ඉන්න පුලුවන් කියලා. ඉතිං... ඒත් ථේහ්‍යොන්ග් ඒකට ලොකු කැමැත්තක් දැක්වුවේ නැති නිසා යේරින් කිව්වා දාහිට එයාලාගෙ ගෙදර ඉන්න පුලුවන් කියලා. ඒ කියන්නේ ජොන්ග්කුකායි, යේරිනායි බැන්දට පස්සේ ජීවත්වෙන ගෙදර. ඉතිං එහෙම තමයි වුණේ. ජොන්ග්කුකා ඉතිං යේරින්ට විරුද්ධව කටක් හොල්ලන්නේ නැහැනේ" යුන්ගි එයාගේ විස්තරේ කියලා ඉවරකරද්දී මම හිටියේ පුදුමවෙලා. මොනාද මේ ලව් බුලට් වල වෙලා තියෙන්නේ කියලා. මට හිතාගන්න බැහැ මෙහෙම වෙන්නේ කොහොමද කියලා! හරි! මට දැනුයි තේරෙන්නේ. අපි කතාවක් හැපි එන්ඩින්, සෑඩ් එන්ඩින් කියලා ඉවරකලත් ඒ කතාව සමහරවිට තව තියෙන්න පුලුවන්. අපි ලියන එක නතර කරන තැන නෙවේ අවසානය. ලව් බුලට් වලට මට අවුරුද්දකට වතාවක් එන්න පුලුවන් නිසා තමයි මට දැනෙන්නේ මෙහෙත් කාලය ගෙවෙනවා.. ඒ වගේම මෙහෙත් අලුත් දේවල් වෙනවා කියලා. මොන දේ වුණත්.. ඇයි මේ දාහි ආයේ ආවේ? ඇයි? මම ඒකට නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. ඇත්තමයි! යුන්ගි කියපු දේ ඇත්ත වගේ. මේ දාහීව අතුගාලා දාන්න නම් මම කතාව ඇතුලට යන්න ඕනේ වගේ.

"මේ අහන්න!! ඔය කියන ලී දාහි ඉන්නවා නම්... මමම ඇවිත් හරි එයාව ඉවරයක් කරනවා! මට කියන්න කතාව ඇතුලට මට එන්න පුලුවන් කියලා ඔයා හිතන විදිහ. එහෙම නැත්නම් ලබන අවුරුද්ද වෙනකම්ම ඉන්න වෙනවා" මම ඉක්මනටම යුන්ගිගෙන් ඇහුවේ දාහි නිසා යකා නැගලා හිටිය මගේ රාක්ෂ කටහඩෙන්. "ලබන අවුරුද්දේ එනවා කියන එක ඔයාට ෂුවර් ද?" එයා එහෙම අහද්දී මම පුදුමවෙලා එයා දිහා බැලුවා. ඇයි එහෙම අහන්නේ? මම දැන් දෙපාරක්ම ආවේ. මම පුදුමවෙලා වගේ බලන් ඉද්දී එයා ආයෙත් කතා කරන්න ගත්තා. "මේකයි.. මේ තමයි ඔයා මේ කතාවට ආව තුන්වෙනි පාර. ඉතිං ආයේ ඔයාට මෙහෙ එන්න පුලුවන්ම වෙයිද කියලා ඔය තරම් අපි කොහොමද ෂුවර් කරන්නේ?" යුන්ගි එහෙම අහද්දී මම ආයෙත් එයා දිහා පුදුමයෙන් බැලුවා. "මිස්ටර් මින් යුන්ගි! ඔයාට වැරදිලා! මම මේ මෙහෙ ආව දෙවෙනිපාර! ගිය අවුරුද්දේ සේජින්ගේ වෙඩින් එකට ආවා! දැන් ආයේ ආවා" මම කිව්වේ මගේ අත්දෙක බැඳගන්න ගමන්. බලන්නකෝ ගණන් වරද්දනවා නේ. "ආ... එහෙනම් ඔය මැඩම්ගේ හල්මොනි වෙන්න ඇති මුලින්ම ලව් බුලට් ජොන්ග්කුකාගෙන් අහගන්න මෙහෙ ආවේ" යුන්ගි එහෙම කියද්දීයි මට වැඩේ මතක්වුණෙ. ඔව්නේ.. කිව්වත් වගෙ මේ කාවවත් මුණගැහෙන්න කලින් මම ජොන්ග්කුක්ව මුණ ගැහිලා කතාව අහගත්තා නේ. එයා හරි. අනික මේක මගේ තුන්වෙනි පාර නම්.. ඊලග පාරක් ගැන හිතන්න අමාරුයි. මොකද මමත් අහලා තියෙනවා අපිට අවස්ථා තුනයි ලැබෙන්නේ කියලා. ඒවා හැබැයි ඉතිං ඇත්තද දන්නේ නැහැ.. කෝමහරි.. එහෙම පොඩි මෙව්වා එකක් තියෙනවා කියන්නේ.... මම ඉවරයි!! ආයේ ලව් බුලට්වලට එන්න වෙන්නේ නැහැ!

මගේ ඇස්වලට ඉබේම කදුලු පිරුණා. මෙහේ... මේ ලව් බුලට්.. මම ගොඩක් ආදරේ කරන තැනක්. අනික මෙහෙ කට්ටිය මගේම පවුලක් වගේ මට දැනෙන්නේ. ආයේ මට එන්න වෙන්නේ නැහැ කියන්නේ.. හයියෝ....... "හෝව් හෝව්ව්.... අඩන්න එපා ඉතිං දැන් එහෙම කිව්වා කියලා.." යුන්ගි එහෙම කියලා මගේ උරහිසට පොඩි තට්ටුවක් දැම්මා. "මිඡ්‍යොස්සෝ? මම අඬන්නේ නැහැ!! දැන් මොකක්ද ඔයා මට කරන්න කියන්නේ? ඔයා කිව්වෙ මට ආයේ එන්න පුලුවන් ක්‍රමයක් ඔයා දන්නවා කියලා?" මම අන්තිමේ ඇහුවේ වෙන කරන්න දෙයක් නැතුව. ටිකක්වෙලා කල්පනා කරපු එයා කතා කරන්න ගත්තා.

"ඔක්කෝටම කලින් මට කියන්න ස්ප්‍රින්ග, ලව් බුලට් කතාව ලිව්වට පස්සේ ඔයා ගොඩක්ම සතුටුවුණේ කවදද?" ඔන්න ඔහොම තමයි යුන්ගි මගෙන් ලෝකේ තියෙන අමාරුම ප්‍රශ්නේ ඇහුවේ. මම ගොඩක් කල්පනා කරා එයා ඒ අහපු දේ.. ඇත්තම කිව්වොත් ලව් බුලට් වෙනුවෙන් ලැබුණ ඒ හැම කමෙන්ට් එකක්ම මගේ ජීවිතේට පුදුම සතුටක් ගෙනාවේ. "හ්ම්ම්.. මම මට තව උත්සාහ කරන්න පුලුවන් කියලා ඉගෙනගත්ත ඒ මොහොත" මම එහෙම කියද්දී එයා බලාගෙන හිටියේ මම තව කතා කරයි කියලා. ඒ නිසා මම ආයෙත් කතා කරන්න ගත්තා. "හ්ම්ම්... මේ කතාව මම ලියපු ස්ටයිල් එක.. ඒ කාලේ වෙන කවුරුත් ලියලා තිබුණේ නැහැ. ඒ වගේම  ලව් බුලට් ලියපු කාලේ මේක තමයි තිබ්බ දිගම කතාව.. ඉතිං... හොඳවලට වඩා නරක ගොඩක් ලැබුණ කතාවක් ඒ කාලේ ලව් බුලට් කියන්නේ.. ඒත් ඒ හැම මොහොතකම මම ඊට වඩා හොඳට ලියන්න උත්සාහ කලා. ඊටත් වඩා හොඳට... ඉතිං... මං දැනට ලියලා තියෙන හැම කතාවක්ම මේ තරම් හොඳට නිර්මාණයවෙලා තියෙන්නේ ලව් බුලට් නිසා.. ඒ නිසා ලව් බුලට් ගැන මම ගොඩක්ම සතුටුවෙන්නේ මගේ බෙස්ට්ම සයිඩ් එක මට හොයාගෙන යන්න පාර පෙන්නුවට. ඒ වගේම තමයි මගේ හොඳම යාලුවා මුණගැස්සුවට" මම අන්තිමේ එහෙම කියලා මගේ උත්තරේ ඉවරකලා. තව කතා කලොත් ඇඬෙනවා. මට කවුරුත් ඉස්සරහා අඬන්න බැහැ!! ඒ කෙනා යුන්ගි වුණත්!!!!!

එයා මම කතා කරලා ඉවරවුණාම ඔලුව වැනුවා. "හ්ම්ම්.. මට තේරෙනවා.. ඒක නෙවේ.. ඕක අර මාක් ගේ ඇප් එකේ නෙවේ.. අර අනික් ඒකේ කීයක් විතර කියෝලා ද?" එයා එහෙම ඇහුවෙ හදිසි ඕපාදූප මූඩ් එකකින්. "ආ... මොන? වට්පෑඩ් ද?" මම එහෙම අහද්දිම එයා කතා කලා. "ආ.. අන්න ඒ මොකක්ද එකේ තමයි" එයා එහෙම කියද්දී මට හිනත් ගියා. ඒත් ඉතිං හිනාවුණේ නැහැ. "හ්ම්ම්... රීඩ්ස් 25K වගේ තිබ්බා.." මම මගේ මතකය දුවවන ගමන් කිව්වා. "ආ... ඔයා සතුටුවෙන්නේ ඔය ගාණ කීයක් වුණ දවසට ද?" එයා මොනාද අනේ මේ අහන්නේ? මම මේවා දැන් කිව්වාම මේක අනිවා කතාවේ ස්පෙෂල් එපියේ ලියන්න ඕනේ. කියෝන අය හිතයි මම රීඩ්ස් පස්සේ යනවා කියලා!!! "මේ.. විකාර අහන්න එපා.. එහෙම නැහැ මම ඕනේ එකක් මට කට්ටිය කතාව කියෝනවා නම් එච්චරයි!" මම එහෙම කියද්දී එයා හිනාවෙලා කතා කරන්න ගත්තා ආයේ. "හරි මම නිකං ඇහුවේ.. ඕක කියන්න බැරි මොකද?" යුන්ගි ආයෙත් එහෙම ඇහුවේ එයාට මේ ඕපේ දැනගන්නම ඕනේවෙලා වගේ. "100K!! ව්වේ?????? ව්වේ??????? මොකද??? මොනා කරන්නද ඔයා?" මම එහෙම අහද්දී අපි දෙන්නම හිනාවුණා. "ඕඔ.... තව අවුරුදු ගාණක් එහෙනම් ඔයාට එහෙනම් ඒකට බලාගෙන ඉන්න වෙයි" එයා එහෙම කියද්දී මටත් ඉබේටම හිනාගියා.

"දැන් කියනවද? මම කොහොමද මෙහෙ එන්නේ? ඇවිත් අර දාහිට පාඩමක් උගන්නන්නේ?" මම ඇහුවෙ මගේ අත් මිට මොලවන ගමන්. එයා හිනාවුණා. එයා මේ මට හිනාවුණා!! එයා විහිලුවක් ද ඒ කරලා තියෙන්නේ??? මම ආයේ එයාට රවන්න ගද්දී එයා මාව සන්සුන් කලා. "හරි හරී.. කියන්නම්.. මෙහෙමයි.. ඔයාට පුලුවන් නේ කතාව ලියන්න පටන්ගන්න... එතකොට ඔයාට මෙහෙ එන්න පුලුවන් නේ..." හ්ම්ම්... නරකමත් නැහැ අදහස නම් ඉතිං.. "ඒත්.. මේ.. මට වැඩ වැඩියිනේ.. අනික කියෝන අය ආස වුණේ ලව් බුලට්වලට යේරින්ටයි, ජොන්ග්කුක්ටයි ඔයාලා කට්ටියටයි. මම මේක අස්සට එනවට එයාලා කැමතිවෙන එකක් නැහැ" මම කිව්වේ ආයේ ඉතිං ඒකේ කියන්න දෙයක් නැති නිසා. මම ඉන්න කතා කාටද අනේ කියවන්න පුලුවන්?

"ඔයා කොහොමද ඒක තීරණය කරන්නේ?" යුන්ගි ඇහුවේ ටිකක් තද කටහඬකින්. අනේ මන්දා.. එයාට යකා නැගලා ද කියලා. මම සද්ද නැතුව හිටියා ඉතිං. "මේකයි.. එයාලාගෙන් අහන්නේ නැතුව ඔයා කොහොමද එහෙම තීරණය කරන්නේ? ඒක එයාලාගෙන් අහන්න.. ආයිශ්.. ඔහොම ඉන්න මම ම අහන්නම්.. මේ අහන්න.... ඔයාලා... මේ කතාව කියෝනවා කියලා මම දන්නවා.. මොකද ස්ප්‍රින්ග් මෙහෙන් ගිහින් මේ කතාව ලියලා ස්පෙෂල් එපියක් විදිහට අප්ඩේට් කරනවා නේ අනිවා. ඉතිං.. මට අහන්න ඕනේ... මේ දාහිගේ කරදරෙන් අපි බේරෙනවට ඔයාලා කැමතියි නෙද කියලා? මොකද කිව්වොත්.. ඒකට ස්ප්‍රින්ග්ට අලුත් පොතක් පටන්ගන්න වෙනවා.. ඒකට ඔයාලා කැමති ද? නැද්ද? ප්ලීස් මට කියන්න" යුන්ගි කියපු දේවල් නම් හරි කියමුකෝ.. ඒත් එයා අහස දිහා බලාගෙන එහෙම කතා කලේ ඇයි කියලා කවුරුහරි මට පැහැදිලි කරනවද? හිනාත් යනෝ දෙයියනේ.... මම අමාරුවෙන් මගේ හිනාව දත් සෙට් එක අතරම තියාගත්තා.

"හරි.. දැන් එයාලා කියයි එතකොට හරිනෙ.." එයා එහෙම කියලා ඇහැක් ගැහුවේ අමුතු විදිහට. මේ මොකෝ මේ?  මෙයා ගානට වැඩියි. "එයාලා... හ්ම්ම්.... සීයක්වත් කිව්වොත් තමයි මම ඒක කරන්නේ!!" අන්තිමේ මම එහෙම කිව්වාම යුන්ගි ඇස් හීනී කරලා මං දිහා බැලුවත් එයාට මොකුත් කියන්න බැරිවුණා. ථේහ්‍යොන්ග් ගේ කටහඬ අපිට ලොකූඌ බාධාවක් කලා. "හ්‍යොන්ග් කන්න එන්න... කෑම හරි!!!!!!!!!" එයා කෑ ගැහුවේ අපිට තවත් කතා කරන්න නොදී. අන්තිමේ අපි දෙන්නා එතනින් නැගිටලා ගියේ තවත් එතන ඉන්න එක සැකසහිතවෙන නිසා. යුන්ගි මට දාහි ගැන කිව්වා කියන රහස අපි දෙන්නා අතරම තියාගන්න අපි එකඟවුණානේ.

කෑම මේසේ අපි යද්දීත් සූදානම් වෙලා තිබුණේ. ලොකු අවුලක් වෙලා තිබ්බේ නැහැ. නම්ජුන් ලොකු වතුර ජොග්ගුවකුයි, පිගන් දෙකයි, කෝප්පෙක අන්ඩකුයි කඩලා තිබ්බා. අනික තව චොප්ස්ටික් එකක එක ස්ටික් එකක් නැති කරලා තිබ්බා. හෝබීයි, ජිමිනියි අල දාලා හදන්න තිබ්බ කෑම එකක අල ඔක්කොම පෑන් එකේ ලස්සනට අලවලා තිබ්බා. ඕවා තමයි වෙලා තිබ්බේ. ඒ හැමදේම එක්ක ජින්ගේ රසම රස කෑම එක මේසේ උඩ බැබලි බැබලි තිබ්බා. ඒ තමයි ලොබ්ස්ටර්!! එයා ඒක හදලා තියෙන්නේම මං වෙනුවෙන්. අන්තිමේ අපි වැඩි කතාවක් නැතුව කන්න ගත්තා. මම ඉතිං ආයේ එකම පැත්තකින් තමයි කෑවේ. දත පුරවලා තියෙද්දී ලොබ්ස්ටර් නෙවේ මොකා හිටියත් පරිස්සම්වෙනවා මම. දත් සෙට් එක නැතිකරගන්න බැහැ මෙව්වා කාලා. "ඒක නෙවේ.. හැමෝම මොනාද කරන්නේ කියලා දැනගත්තා ඒත් යේරින් මොනාද කරන්නේ කියලා අහන්න බැරිවුණානේ" මම කිව්වේ ජින් මට පරිස්සමට ලොබ්ස්ටර් මෙව්ව කරලා දෙද්දී ඒක කටට ඔබාගන්න ගමන්. "ආ... මම ද? මම ඉතිං.. එහෙම විශේෂ දෙයක් නැහැ.. මම මගේ ෆැෂන් ඩිසයින් ඩිග්‍රි එක ඉවරකලා. දැන් ඉන්ටර්න් කෙනෙක් විදිහට වැඩකරනවා ෂොප් එකක"  එයා කිව්වේ හරිම සැහැල්ලුවෙන් හිනාවෙලා ජොන්ග්කුක්ට ඉස්සෙක් කවන ගමන්. ව්වා......හ් මොනා වුණත් කට්ටිය එයාලාට ඕනේ දේවල් ඔක්කොම වගේ කරගෙන. අන්න එහෙම තමයි ඉන්න ඕනේ. මමත් මේ එකනේ මහන්සිවෙන්නේ මට ඕනේ දෙ කරගන්න.

"ඒක නෙවේ.. කාලා ඉවරවෙලා අපි යූන්සන්ට කෝල් කරමු!" ජිමින් කිව්වේ මමයි , හෝබී දිහයි බලන ගමන්.  අනික් හැමෝමත් ඔලුව වැනුවා. කෑම ටික නම් රසයි.. අර කරවෙලා එහෙම තිබ්බ ඒවත් ෂේප් අනේ මට නම් අවුලක් නැහැ. යුන්ගියි, නම්ජුනියි කෑ ගහන්න ගත්තට ඒවා මට නම් රසයි. මොකද මට ඔය තරම්වත් හදන්න බැහැනේ කෑම. අන්තිමේ හැමෝම බඩගෙඩි පුරෝගත්තට පස්සේ අපි ඔක්කොම අර ලී කොටන්වල වාඩිවුණා. ඒ අතර තමයි යේජින් හැමෝටම වගේ බීම වීදුරු බෙදන එක ජොන්ග්කුක්ට බාරකලේ. "ආයිශ්... මේ නිකං බීම නේ.. යාහ්!!" ජිමින් කන් කෙදිරි ගාද්දී යේරින් හිනාවෙලා එයා ලගට ඇවිත් එයාගේ උරහිසට පාරක් ගැහුවා. "ඇයි අද විතරක් නිකං බීම බිව්වාම මොනා වෙන්නද? ස්ප්‍රින්ග්ට බොන්න බැහැ! ඒ නිසා අපේ කවුරුත් අද ඩ්‍රින්ක්ස් ගන්නෙත් නැහැ!!" යේරින්ගේ තීරණය අවසන් තීරණය වේ!

"හරි හරි.. ඉන්න මම යූන්සන්ට කෝල් එකක් ගන්න" ජිමින් කට ඇඳකරගන්න ගමන් එයාගේ ෆෝන් එක අරගෙන මං ලගට ආවා. ඊට පස්සේ එයා මගේ ලග දණගහගෙන යූන්සන්ට කෝල් කලා. ෆෝන් එක රින්ග් වෙද්දීම ජිමින් ඒකේ ස්පීකර් ඔන් කලා. "නේ.... ව්වේ?" යූන්සන් කතා කරේ නිදිමරගාතේ වගේ. "බීලාද මනුස්සයෝ ඉන්නේ??" එකපාරටම ඔක්කෝටම කලින් කෑ ගැහුවේ ථේහ්‍යොන්ග්. "ඕහ්... ඕ.. නේ ටිකක් නම්ජුන්" එයා ටිකක් බීලා කියලා ෂුවර්ද?  ථේව නම්ජුන් කියලා හිතන්නේ? "මේ.. මේකයි.. හදිසියේ ගත්තේ. ස්ප්‍රින්ග්ව මතකද?" ජිමින් ආයෙත් කතා කරන්න ගත්තේ යූන්සන්ට. "කවුද? මොනාද? ස්ප්‍රින්ග්? ඒ මොනාද? මෙට්ටද?" යූන්සන් ඔහේ කියවන්න ගත්තා විතරයි මගේ වටේ හිටිය ඔක්කොම කෑ ගහන්න ගත්තා. "යූන්සන්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!" හැමෝම කෑ ගැහුවේ යූන්සන්ගේ නම කියලා. "මොකද ඉතිං? ආ.... අර පොත ලියපු කෙනා... හරි හරි.. තේරුණා... ඉතිං මොකද? එයා ආයේ ආවද?" යූන්සන් ඇහුවේ දුකින් වගේ. "ඕ.. එයා ඉන්නවා... ටිකක් හොඳට කතා කරනවා මනුස්සයෝ ගෑණු ලමයෙක් එක්ක" ජිමින් යූන්සන්ට සැර කරලා කිව්වා.

"ඕහ්... ස්ප්‍රින්ග් මම ඔයාට දුන්න ලියුම ඔයා එයාට දුන්නේ නැද්ද? ඇයි ඔයා එහෙම කලේ? ඇයි? ඇයි මට මෙහෙම කලේ?" යූන්සන් කියෝගෙන යන්න ගත්තේ කෝච්චිය වගේ. ඒත් ඉතිං මම මොනාද අනේ කලේ? "මම මොකුත් කොලේ නැහැ අනේ... මම ඉතිං ඒ ලියුම ඒ ලූ කියන ලමයට දුන්නා.. ඊට පස්සේ මොකද වුණේ කියලා මම දන්නේ නැහැ.." මම එහෙම කියන ගමන් මගේ බීම එක කටට හලාගත්තේ ඒකේ වීදුරුවේ ඉතුරුවෙලා තිබ්බ අන්තිම ටිකත් ගිලින්න. "ආයිශ්.. ඒ කියන්නේ එයා මට කැමති නැතුව ඇති. ඕකනේ ඉතිං.. කවුරුත් මට කැමතිවෙන්නේ නැහැ..! ස්ප්‍රින්ග් ඔයා මොකද මං ගැන හිතන්නේ? ඔයා මට කැමතිද?" එකපාරටම එයා එහෙම ඇහුවා විතරයි මගේ කටේ තිබ්බ බීම ටික ඔක්කොම එලියට පැන්නේ හිතාගන්න වෙලාවක් දෙන්නෙ නැතුව. මට ඒක පිට උගුරේ ගියේ නහයෙනුත් බීම එලියට දාන ගමන්. ලගම හිටිය ජොන්ග්කුක් ඉක්මනටම මගේ පිටට තට්ටු කලේ මම අමාරුවෙන් කහින්න ගත්තාම. මම ආපහු ප්‍රකෘ ති තත්ත්වයට පත්වුණා විතරයි මම දැක්කේ මගේ ඉස්සරහා හිටිය ජිමින්ව. දෙයියනේ... "ආයිශ්.. මියානේ ජිමින්... මම මේ.. හිතලා නෙවේ කලේ ඒක" මම කිව්වේ ඉක්මනටම එයාගේ මූණ මගේ අත්වලින් පිහදාන ගමන්. "යූන්සන්!! ඔහේ නම්.....!!! තියනවා ඔය ෆෝන් එක" ජිමින් යකා නැගලා ඉක්මනටම ෆෝන් එක කට් කලා. මම බයේ හිටියේ මටත් බනියි කියලා. "ඔයා හොඳින් නේද?" ඒත් එයා මගෙන් එහෙම අහද්දී මම හෙමින් ඔලුව වැනුවා. යේරින් මට ටිෂූ ටිකක් දුන්නේ මගෙත් ඇඟේ ඉහිරිලා තිබ්බ බීම පිහදගන්න. ඒත් මගේ ඇඟේ නම් ඒ තරම් තිබ්බේ නැහැ.. ජිමින් තමයි නාලා හිටියේ. අනික එයා මං ලග දණ ගහගෙන නේ හිටියේ.. එයාට නම් නාන්නවත් වෙයි.

ජිමිනුත් ටිෂුවලින් දැනට එයාගෙ මූණ පිහදගත්තා. "ඒක නෙවේ... දැන් ඔයා කොහොමද ආයේ යන්නේ කොහොමද කියලා හොයාගන්නේ?" ඒ වෙලාවේ තමයි හෝබී ජාතික ප්‍රශ්නය ඇහුවේ. මම මගේ විකාර මතකය අස්සේ අතීතයට ගිහින් මතක් කරගන්න හැදුවේ මම එදා කොහොමද එලියට ගියේ කියලා. "හරිනේ.. මම රහස් දොරෙන් ලව් බුලට් වලට ආවා. ඒකෙන් ම ආයේ ගියා! එතකොට.. මම ඊයේ මෙහෙට ආවේ කොහොමද? ඒ විදිහටමයි මට යන්නත් පුලුවන්!" මම එහෙම කිව්ව ගමන් හැමෝම වගේ බැලුවේ යුන්ගි දිහා. එයා තාම කිව්වේ නැහැ නේ මාව කොහොමද මුණගැහුනේ කියලා ඊයේ. "මොකද මං දිහා ඔහොම බලන්නේ?" අපි හැමෝගෙම අවධානය එයාට ලැබුණට පස්සේ යුන්ගි කතා කලේ එයාගේ ඇස් හීනී කරන ගමන්.

"ඔයාට කොහෙන්ද ඊයේ මාව හම්බුනේ යුන්ගි?" මම අන්තිමේ ඇහුවේ තවත් කුතුහලේ ඉන්න එකේ තේරුමක් නැති නිසා. ටිකවෙලාවක් ගහක්, ගලක් වගේ බලාගෙන හිටිය යුන්ගි කතා කරන්න ගත්තා. "මෙහෙමයි... මම හිටියේ බඩු ගන්න ගිහින්. මෙහෙට ආවට පස්සේ ගන්න ඕනේ පොඩි පොඩි බඩු වගයක් ගන්න මම විතරක් තනියම ගිහින් හිටියේ. මම බඩු එහෙම අරගෙන ඉවරවෙලා කා එකට නගින්න හැදුවේ සුපර්මාකට් එකෙන් එලියට ඇවිත්. ඉතිං එතකොට එකපාරටම හේතුව දන්නේ නැහැ එක බස් එකක් දිහා මම අවධානයෙන් බැලුවා ගොඩක්. බැලුවා කියන්නේ ඉතිං බැලුනා. අන්න එතකොටයි දැක්කේ ඒ බස් එකට නගින්න ස්ප්‍රින්ග් ඉන්නවා. මම පුදුමවෙලා ඒ එයාම ද කියලා බලන්න ඒ දිහාවට යද්දීම කොහෙන්ද මන්දා කඩාගෙන බිඳගෙන ආව තව බස් එකක් ස්ප්‍රින්ග්ව තව ඩිංගෙන් යට කරනවා. මම එයාගේ අතින් ඇදලා එයාව එතනින් ගත්තා. ඒක තමයි සිද්ධවුණේ. ඒත් ඉතිං එයා එකපාරටම කලන්තේ දැම්මා මාවත් පුදුම කරවන ගමන්. ඊට පස්සේ එයාව හොස්පිටල් එකට එක්කගෙන ගියාට පස්සේ එයාලා කිව්වා ප්‍රශ්නයක් නැහැ එයාට පොඩි කම්පනයක් ඇවිත් ඒකයි මේ කියලා. ඉතිං... ඊට පස්සේ ඩොක්ටර් කිව්වා ඔයාව ගෙදර එක්කන් යන්න පුලුවන් කියලා ස්ප්‍රින්ග්. ඉතිං අපි ඉන්නෙ මෙහෙනේ මම ඔයාව මෙහෙට එක්කගෙන ආවා" යුන්ගි එයාගේ කතාව කියලා ඉවරවුණා. ඒත් මගේ හිත තිබ්බේ එකතැනක. හයියෝ... මං ඉවරයි!! එච්චර දේවල් ගොඩක්වෙනකම් මට සිහිනැතිවෙලා හිටියා කියන්නේ... එයා ඒ හැමතැනම මාව එක්කගෙන ගියේ උස්සගෙන ද? ආයිශ්!!! හරිම ෂෝක්!! මම ඉවරයි අප්පා!! වතුර ටිකක් ගහලා සිහිය ගන්න එපැයි දෙයියනේ....!! මම හිතින් යුන්ගිට බැන්නා වෙන ඉතිං කරන්න දෙයක් නැහැ නේ..

"හ්ම්ම්.. ඒ කියන්නේ අපි හෙට උදේ ස්ප්‍රින්ග් ව එතනට එක්කගෙන ගියොත් එයාට යන්න පුලුවන්!? එහෙම නේද?" හෝබී පොයින්ට් එක ඉදිරිපත් කරද්දී මමත් හිමින් ඔලුව වැනුවා. ඒත් මගේ ඇස් ඉබේම යුන්ගි දිහාවට ගියේ මට ආයේ එන්න වෙන්නේ නැති කතාවක් එයා කිව්ව නිසා.

"එහෙනම් දැන්වත් නිදාගමුද? මට මාර මහන්සියි..." ජොන්ග්කුක් කිව්වේ එයාගේ අතපයවල හිරි අරින ගමන්. මම දැක්කා කට්ටියගේ ඇස් අතර අමුතු අමුතු හිනා හුවමාරුවෙනවා ජොන්ග්කුක් එහෙම කිව්වට පස්සේ. ඒත් මම ඒ ගැන වැඩිය හිතන්න ගියේ නැහැ. මොකද කිව්වොත්.. මේ වෙලාවේ මගේ ඔලුවේ තියෙන්නේ මට ආයේ එන්න බැහැ කියලා යුන්ගි කිව්ව එක. ඒක එයාගේ අනුමානයක් විතරයි අනේ!! එයා හිතන දේවල් වෙන්නේ නැති වෙන්නත් පුලුවන්. ඒත් ඉතිං හදිසියේවත් වුණොත් තමයි වැඩේ.. "හේයි ඔහොම ඉන්න!! ස්ප්‍රින්ග් ඔයාගේ අතේ ඔය මොනාද තියෙන්නේ?" එකපාරටම ජින් මං ලගට වේගෙන් ඇවිත් මගේ අත චෙක් කලේ අර බීම හැලුන නිසා මගේ අත ටිකක් උස්සලා තිබ්බ නිසා යුන්ගි ගහපු ප්ලාස්ටර් එලියට පේන්න තිබ්බ නිසා. "ආ..... මේකද? මගේ මේ අත පොඩ්ඩක් සීරුණා.. ඒක ලොකු දෙයක් නෙවේ" මම ඉක්මනටම මගේ හූඩියේ දිග අත පහලට දාගන්න ගමන් එහෙම කිව්වත් ජින් මගේ අත ආයෙත් අවධානයෙන් බැලුවා. "යා.......... කවුද මේකට බෙහෙත් දැම්මේ? කෙලින්ම කලා නිර්මාණයක් වගේ හැමතැනම ප්ලාස්ටර් ගහලා නේ.. මෙහෙමද තුවාලෙකට බෙහෙත් දාන්නේ? මේකට බැන්ඩේජ් එකක් දාන්න ඕනේ.. මම එනකම් ඉන්න බැරිවෙලා තියෙන හැටියක් ඇත්තට!" ජින් හිනාවෙන ගමන් කතා කරන්න ගත්තේ අපේ කට්ටිය දිහා බලන ගමන්. මේ කට්ටියගෙන් කෙනෙක්නෙ මේක කරලා තියෙන්නේ කියලා එයා දන්නවා නේ. යුන්ගි මං දිහායි අත දිහායි ජින් දිහායි මාරුවෙන් මාරුවට බලන ගමන් මොන මොනාද කල්පනා කරනවා. "යුන්ගි හ්‍යොන්ග් තමයි බෙහෙත් දැම්මේ" ජිමින් කිව්වේ ඇස් දෙක චූටි කරලා ලොකු හිනාවක් දාන ගමන්. "ආයිශ්.... යුන්ගියා................!!" ජින් විහිලුවට වගේ කෑ ගහලා එයාගේ මෘ දු හිනාවෙන් නිහඩව ටික වෙලාවක් හිනාවුණා. "අනී... මේක හොඳයි අනේ.. අවුලක් නැහැ.. මේ තියෙන්නේ හොඳට.. අනික මට රිදෙන්නේත් නැහැ. අලුත් ෆැෂන් එකක් වගේ" මම එහෙම කිව්වේ ආයේ ජින් මට බැන්ඩේජ් දාන්න හදයි කියලා මේ පොඩි තුවාලෙට.

"මේ අපි දැන්වත් නිදාගන්න යමුද?" ඈනුමක් අරින ගමන් යේරින් එහෙම අහද්දී ජොන්ග්කුකුත් ඔලුව වනලා එයාගේ කරවටේ අතදාගත්තා. මේ දෙන්නා නම් අල්ලනවා බොරු කතා කරන්න. කෝමහරි කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි මටත් වොෂ් එකක් දාලා ජින්ලාගේ කූඩාරමෙන් නිදාගන්න යන්න වුණේ අනික් අය ඔක්කොම නිදාගන්න නිසා. ඇත්තම කිව්වොත් මම සාමාන්‍යෙන් රෑට නිදාගන්න මනුස්සයෙක් නෙවේ නේ.. ඒ අස්සේ මෙහෙ ඇවිත් එකපාරටම රෑට නිදාගන්න වුණාම පිස්සු වගේ. ඒකත් මේ දෙන්නාගේ මැද්දෙ? ආයිශ්..

"ඇහුවට තරහාවෙන්න එපා!! ඔය දෙන්නාගෙන් කාටහරි වෙන කූඩාරමකට මාරුවෙන්න බැරිද? අපි තුන්දෙනාට මේකේ ඉන්න බැහැ වගේනේ?" අන්තිමේ මම නින්ද යන්නේ නැතිම පාර ඇහුවා. කොහොමද දෙයියනේ නිදාගන්නේ මේ දෙන්නා මැද? ඊයේ නිදාගත්ත එක වෙනම දෙයක්. අද ඉතිං වෙනස් නේ. ඊයේ වගේ නෙවේනේ. "යා.......... විකාර කියවන්න එපා. අනික් කූඩාරම් වල කට්ටිය නිදාගන්නේ සැමන් ටින් වගේ. මේක විතරයි ඉඩ තියෙන එක. ඒක අපිට දෙන්න එයාලා තීරණය කලේ අපි වැඩිමල් දෙන්නා හින්දා.. ඔයාට ඕන්නම් යන්න ඒ හිරවෙලා නිදාගන්න පුලුවන් එකකට. මට නම් බැහැ මේ වගේ චාන්ස් එකක් නැති කරගන්න. මේවගේ ඒවා ලැබෙන්නෙත් අඩුවෙන්" ජින් කිව්වේ එයාගේ බ්ලැන්කට් එක ඇඟේ ඔතාගන්න ගමන්. එහෙනම් ඉතිං... මොනාකරන්න ද මේකෙම ඉන්නවා ඔන්න ඔහේ එක්කෝ... මම ඉතිං එහෙට හැරෙන්නත් බැරුව, මෙහෙට හැරෙන්නත් බැරුව අමාරුවෙන් උඩ බලන් තමයි නිදාගත්තේ. ඒකටත් නිදාගත්තා කියන්න බැහැ. ඇස් පියන් හිටියා කියලා තමයි කියන්න වෙන්නේ.

🌤🌤🌤🌤🌤🌤🌤🌤🌤🌤🌤🌤

"ස්ප්‍රින්ග්!!!! නැගිටින්න දෙයියනේඒඒඒඒඒඒඒඒඒඒඒඒඑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!" මගේ කන් ගලවගෙන යන සද්දයක් ඇහුණ නිසා මම එකපාරටම ඇහැරුණේ උඩ ගිහින්. "මොකද? මොකද? මොකක්ද අවුල? ව්වේ? ව්වේ? ව්වේ?" මම එකපාරටම අසිහියෙන් ඇහැරිලා අහගෙන ගියේ අඩු තරමේ කවුරු මගේ ලග ඉන්නවද කියලාවත් බලන්නේ නැතුව. "අම්මෝ.... ඇති යන්තම් ඔයා ජීවතුන් අතර! ඔහොමත් නිදාගන්නවා ද දෙයියනේ...?" ජින් කතා කලේ හරිම වේගෙන් මට බනින ගමන්. හත්දෙයියනේ.. අනික් හැමෝමත් මං දිහාට එබිලා බලාගෙන හිටියේ හරියට මගේ මූණේ පෙරහැරක් යනවා වගේ. ආයිශ්....... උදේ පාන්දර ඇහැරුණා විතරයි මූණ කොහොම තියෙනවා ද මන්දා.. මෙහෙම බලන් ඉන්නේ මොකද? කෙළ පෙරන් නිදන් ඉන්න ඇත්තේ. මම ඉක්මනටම අත් දෙකෙන් මූණ වහගත්තේ තවත් එයාලාට බලන්න දෙන්නේ නැතුව. "මං දිහා බලන්න එපා දෙයියනේ ඔහොම!!" මම ඉක්මනටම කෑ ගහගෙන නැගිටලා වොෂ් රූම්ස් තිබ්බ පැත්තට දිව්වේ පිස්සුවෙන් වගේ. මොන ලැජ්ජාවක් ද? ආයිශ්.... හොඳ වෙලාවට යේරින් ඊයේ දීපු දත් බුරුසුව මෙතන තියලා ගියේ. මම මූණ සෝදගත්තේ ක්ෂණිකයෙන්. ඊට පස්සේ තමයි දැක්කේ මගේ ටවල් එකයි, මම මෙහෙට එද්දී ඇදපු ඇඳුම් ටිකයි තියෙනවා. ආ.............හ් යේරින් වෙන්න ඇති මේවා තියන්න ඇත්තේ. ඉතිං ආයේ ක්ෂණිකයෙන් නෑවා. ක්ෂණිකයෙන් කියලා කිව්වේ බොරුවට. මට සාමාන්‍යෙන් නාන්න වෙලා යනවා. විවිධ ප්‍රසංග එක්ක නෑවොත් පැය දෙකයි. විවිධ ප්‍රසංග නැතුව නෝමල් නෑවොත් පැයයි. හදිසියේම නෑවොත් පැය බාගයයි. ඉතිං ඔය කිව්වට මම එලියට ආවේ විනාඩි හතලිස් පහක් විතර නාලා. ඊට පස්සේ කොන්ඩේ පිහදාන ගමන් මම අර පල්ලම බැහැලා කූඩාරම් තිබ්බ හරියට යද්දී අනික් කට්ටිය මං දිහා බලාගෙන හිටියේ කන්න වගේ. යුන්ගියි, ජිමිනියි හැර. යුන්ගි නම් නිකන් නිදාගෙන හිටියේ අර කොටයක් උඩ පෙරලිලා. ඒත් ජිමිනි.. අනේ.. කියෝ... එයා වාඩිවෙලා බෙල්ල කඩාගෙන නිදාගෙන හිටියේ. ඒත් ඉතිං මෙච්චර උදෙන් ඇහැරුණේ මොකටද ඔච්චර අමාරුයි නම්?

"ඔහොම බලන්න එපා මං දිහා... ඔයාලා මෙච්චර උදෙන් ඇහැරුණේ නැත්නම් ඔය තරම් අමාරුවෙන්නේ නැහැනේ" මම අන්තිමේ කිව්වේ ඔලුව ගසලා කොන්ඩෙට ඒකට ඕනේ විදිහකට වැටෙන්න දෙන ගමන්. මම එහෙමයි. නෑවට පස්සේ කොන්ඩෙට ඕනේ විදිහට වැටෙන්න දෙන්න ඕනේ. එහෙම වැටිලා මාව පිස්සෙක් වගේ පෙනුනත් මට අවුලක් නැහැ. "හරි.. එහෙනම් දැන්වත් යමු!" ජින් එහෙම කියලා මේසේ උඩ තිබ්බ කා එකේ යතුර ගත්තා. "යන්න? කොහෙද?" මම විතරයි වගේ පුදුමවෙලා හිටියේ. අනික් හැමෝම මාව පාස් කරලා යන ගමන් හිටියේ. "ඇයි ඔයා ගෙවල් දොරවල් වල යන්නේ නැද්ද? මෙහෙ නතරවෙන්න ද කල්පනාව ස්ප්‍රින්ග්?" ජොන්ග්කුක් එහෙම අහලා හිනාවෙද්දියි මතක්වුණේ ඊයේ අපි කතා වුණා කියලා යුන්ගි මාව හොයාගත්ත තැනට යන්න. මට නිදාගත්තට පස්සේ ඉතිං ඔව්වා මතක හිටින්නේ නැහැනේ. ඒත් මේ කට්ටිය මොකද මේ උදේ පාන්දරම යන්නේ? මාව එලවන්න මෙච්චර ආසද?

ජින් එක කා එකක ඩ්‍රයිවින් සීට් එකට නගිද්දී ජොන්ග්කුක් තව එකකට නැග්ගා. ථේහ්‍යොන්ග් මට ජින් හිටිය කා එකේ දොර අරිද්දී මමත් ඉතිං නැග්ගා. ඩ්‍රයිවින් සීට් එක ලග ඉස්සරහා සීට් එකේ හිටියේ යුන්ගි. මම පිටිපස්සේ සීට් එකේ මැද. මගේ දෙපැත්තෙන් ජිමින් ඇන්ඩ් ථේහ්‍යොන්ග්. එහා වාහනේ ගියේ අනික් කට්ටිය. ඒ කියන්නේ ජොන්ග්කුක්, යේරින්, නම්ජුන්, හෝබී.

"මට තාම හිතාගන්න බැහැ ඇයි අපි මෙච්චර උදෙන් යන්නේ කියලා" මම කිව්වේ වාහනේ තිබ්බ වෙලාව බලන ගමන්. වෙලාව අටයි අනේ. මෙච්චර උදෙන් මොකද මේ? අනික මාව ඇහැරුවෙත් මාර උදෙන් නේ. "මොකද කිව්වොත් අපිට හිතුනා ඔයාව ඊයේ යුන්ගි හ්‍යොන්ග්ට මුණ ගැහුන වෙලාවෙම ඔයාව ආපහු එක්කගෙන ගියොත් හොඳයි කියලා" ජිමින් කිව්වේ එයාගේ පැහැපත් හිනාව එක්කමයි. ඕ....හ් මාර පොයින්ට් නේ.. හරි හරි තේරුණා. මම මගේ ඔලුව පිහදාන ගමන්ම ජිමින්ට හිනාවක් දැම්මා. පොඩ්ඩක් ඉන්න කොන්ඩේ පිහදාන ගමන්? මට පිස්සු හැදිලාද?  මගේ උරහිසේ තාම රැදිලා තිබ්බේ ටවල් එක. මම ඒක අරගෙන ඇවිත්. පිස්සුනේ. මම ගෙදරදිවත් මෙච්චර කොන්ඩේ පිහදාන්නේ නැහැ ටවල් එක බැදගෙන නේ ඉන්නේ. මෙහෙ කයිය පිටින් කොන්ඩේ පිහදාන්නත් අරගෙන. "ආ.........හ් මම ඔයාට සැන්විච් එකක් පැක් කලා. ඔයා නාන්න ගිහින් ආවේ නැති පාර අපි හැමෝම කෑවා. යුන්ගියා ඒක අරගෙන දෙන්න" ජින් එහෙම කිව්වේ සුමටව වාහනේ හරවන ගමන්. යුන්ගි මට එතන ඉස්සරහා තිබ්බ සැන්විච් පැක් එක අරගෙන දුන්නා. රස පාටයි.. කෙලත් උනනවා... කන්නත් ඕනේ වගේ.. ඒත් හැමෝම බලාගෙන ඉන්නවා නේ දැන් කද්දී.

ඕනේ එකක් අනේ.. ඔන්න ඔහේ කනවා! කනවා කියලා කියන්නේ වෙනම මෙව්වා එකක්! ඒකයි මායි අතර තියෙන ඒ පූජනීය හැඟීම නැති කරන්න කාටවත් බැහැ. අනික ජින් මට හදපු සැන්විච් එකක් කියන්නේ ආයේ ඉතිං නොකා කොහොමද? මම ආයේ හිතන්නේ පතන්නේ නැතුව කන්න ගත්තා. "ඔයා ඇත්තටම යනවා නේද?" ඒ අතර තමයි ථේහ්‍යොන්ග් හෙමින් මගේ එහා පැත්තේ ඉදන් මුමුණන්න ගත්තේ. මම හෙමින් එයා දිහා බැලුවේ මොනා කියන්න ද කියලා හිතාගන්න බැරුව. යුන්ගි කියන විදිහට මේක නම් ඇත්තටම මගේ අන්තිම පාර මම එයාලාට කියලා සමුගන්න ඕනේ නැද්ද?  ඒත් කතාව ආයේ අවුල් ජාලයක් වෙලා තියෙද්දී මම කොහොමද බලාගෙන ඉන්නේ?

අනේ මන්දා... මම මොකුත් කිව්වේ නැහැ. එයා ගොඩක් දුකින් වගේ හිටියේ. අනික කියන්න ඕනේ මොකක්ද කියලා මටත් හිතාගන්න බැහැ. අන්තිමේ අපි ඒ අදාල තැනට ගියා. කා එකෙන් බැස්සට පස්සේ මගේ ඔලුවේ තිබ්බ ටවල් එක මම කා එකේ සීට් එකට දැම්මේ ඕවා අරගෙන යන්න බැරි නිසා. මම ඉතිං දැන් ආයේ මගේ ලෝකෙට ගියොත් කෙලින්ම යන්නේ අරගේ ටවුන් හෝල් එකේ බස් එක ලගට. එතන ටවල් එකක් ඔලුවේ දාන් යන්න බැහැ නේ. මම හෙමින් වටපිට බලන ගමන් කල්පනා කලේ යුන්ගි කොහොමද ටවුන් හෝල් එකේ බස් එකෙන් මාව ගත්තේ කියලා. බැරිවෙලාවත් මෙහෙ එතනින් ඇරෙන දොරක්වත් තියෙනවා ද කියලා මම බැලුවේ. ඒත් එහෙම නැහැ. මේ ලව් බුලට් වල කොරියාවම තමයි. වෙන කිසිම අවුලක් නැහැ. "ඔයා කොහෙදිද මාව හොයාගත්තේ?" හිමින් යුන්ගි ගාවට ගියපු මම එයාගෙන් ඇහුවේ වටපිට බලන ගමන්. "අර.. අතන.. මම දන්නේ නැහැ හේතුව ඒ බස් එක පාර මැද නවත්තලා තිබුණ නම්.. එහෙම නවත්තන එක කොහොමත් අනාරක්ෂිතයි නේ" යුන්ගි මට අත දික්කරලා මගේ අවධානය අරගත්තේ කහ ඉරක් තිබ්බ පාරකට.  හ්ම්ම්.. බස් ඉතිං පාර මැද නවත්තන එක මට නම් අලුත් දෙයක් නෙවේ.. මොකද ඉතිං සිරිලන්කන් බස් ඩ්‍රයිවර්ස් ලා ඔහොම තමයි. ඒත් මෙහෙ එහෙම වුණ එක නම් පුදුමයක් තමයි. මං හිතන්නේ මම එන්න ඕනේ නිසා වෙන්න ඇති. පොඩ්ඩක් ඉන්න!! මේ බලන්නකෝ...!! අපි ඒ පාර දිහාට ඇවිදගෙන යද්දී මට දැනුනේ අමුතුම හුරු බවක්. මෙහෙ තියෙන දේවල් වෙනස් වුණාට... මෙහෙ එහෙ වගේ... ව්වා.............හ් විෂන් කෙයා එක වෙනුවට තිබ්බේ ලොකු ෆාමසියක්. එතකොට අර Miniso එක වෙනුවට තිබ්බේ යුන්ගි බඩු ගත්තා කියපු සුපර් මාකට් එකක්. ඕ...හ් හෝ.... අමුතුයි!

"දැන් එහෙනම් ඔයා යනවා නේ?" යේරින් ඇහුවෙ දුකින් වගේ. ඇත්තටම මට එයායි, ජොන්ග්කුක් එක්ක නම් කතා කලා මදි වගෙ අප්පා.. මොනා කරන්නද ඉතිං එයාලාගේ හනිමූන් එකට බාධා කරන්න බැහැනේ. "හ්ම්ම්.. ඒකනේ.. තෑන්ක්ස් ඔයාලාට මාව ගොඩක් හොඳට බලාගත්තට" මම එහෙම කිව්ව ගමන් යේරින් මාව ගොඩක් උණුසුම් විදිහට බදාගත්තා. ඒක තමයි මොහොත! අපි දෙන්නම කෙලින්ම අඬන්න ගත්තේ එකම වෙලාවේ. මම ඉතිං අඬන්නේ නැහැ කියලා හිතාගෙනමයි හිටියේ. ඒත් මේක අන්තිමපාර කියලා යුන්ගි කට කැඩිච්ච කතාවක් කිව්ව නිසා මම හිටියේ අවුලෙන්. අන්තිමේ ජොන්ග්කුකුයි, නම්ජුනුයි එකතුවෙලා තමයි මාවයි යේරින්වයි වෙන්කලේ. "එහෙනම් ස්ප්‍රින්ග් පරිස්සමට යන්න. ආයෙත් එන්න අපිව බලන්න" නම්ජුන් එහෙම කියලා මාව උණුසුම් විදිහට බදාගත්තා. එයා ආයෙත් එන්නලු.. ඒත් මේක නම් අන්තිම පාර?" මම නවත්තගන්න හදපු කඳුලු ආයෙත් ආවා. "හ්ම්ම්... හරි" මම හෙමින් කිව්වා. "ආයෙත් එන්න, මම මීට වඩා රස කෑමක් හදලා දෙන්නම්" ජිනුත් එහෙම කියලා මගේ උරහිසට තට්ටුවකුත් දාලා බදාගන්න ගමන්. මම ඔලුව වැනුවේ මුකුත් කියාගන්න බැරුව. "කෝ අඩන්න එපා ඉතිං අපි ලබන අවුරුද්දෙත් හම්බවෙනවා නේ අනේ.. ඔහොම අඩන්න ඕනේවැයි?" ජිමින් මට එහෙම කියද්දී මම ආයේ ගොනා වගේ ඇඩුවා. කවුද දන්නේ ලබන අවුරුද්දේ අනිවා හම්බෙයි ද කියලා?

මගේ ඔලුව දැන් වැඩ කරන්නෙම එහෙමයි. මේ යුන්ගි මගේ ඔලුවට වෛරස් එක දැම්ම වෙලාවේ ඉදලා මට හිතෙන්නෙම මේ අන්තිම පාර කියලා. "හ්ම්ම්...." මම එච්චරමයි කිව්වේ. ජිමින් හිනාවෙලා පුරුදු විදිහටම මගේ කොන්ඩේ අවුල්කලා. "අර හීනෙට යන්න මහන්සිවෙන්න.. හොදද? ඊලග පාර එද්දී ඒක හැබෑ කරගෙන එන්න" හෝබී එහෙම කියලා මට සුබ පතද්දී මම උඩ ගියා. ඒකේ වැඩ තාම එහෙම්මමයි. ඊලග පාර ඇත්තටම එන්න පුලුවන් වුණත්, ඒක හැබෑ කරගෙන එන්න පුලුවන් වෙයිද මන්දා අප්පා. මම ඒකටත් පොඩි "හ්ම්ම්.." එකක් කිව්වා.

"ඉතිං ථේහ්‍යොන්ග් ඔයා මා එක්ක කතා කරන්නේ නැද්ද?" පැත්තකට වෙලා වගේ හිටිය ථේහ්‍යොන්ග් දිහා බලලා මම ඇහුවෙ එයා මා එක්ක කතා කරන්න වැඩි කැමැත්තක් නැහැ වගේ පෙනුන නිසා. "එහෙම නැහැ.. ඔයා ඉතිං යනවනේ.." එයා හිමින් එහෙම කිව්වේ මං දිහා බලන්නෙවත් නැතුව. "හයියෝ.. යන්න එපැයි ඉතිං..." මම කිව්වේ මට ඊලග කම්බැක් එකට ඉන්න ඕනේ කියන එක මතක්වුණ නිසා. නැත්නම් ඉතිං මම ලව් බුලට් වල ඇඳක් දාන් ගෙදරක් හදන් පදිංචිවෙනවා. හහහා.........................

"හ්ම්ම්.. හරි එහෙනම් යන්න.. බායි.. ඒත් ඔයා මට තාම නැටුමක් ණයයි" ථේහ්‍යොන්ග් කිව්වේ තාමත් බිම බලාගෙන. ආ.. මට එයා එක්ක මේ පාරත් නටන්න බැරිවුණා නේ. එයාට තාම ඒක මතකයිත් එක්ක. "හ්ම්ම්... ඊලග පාර.. අනිවා.. එහෙනම් බායි!" මම හිමින් කිව්වා.. වෙන මොකුත් කියන්න ගියෙ නැහැ. එයා දුකින් නේ ඉන්නේ. මම ඊට පස්සේ ජොන්ග්කුක් ලගට ගියේ එයා එක්ක කතා කරන්න. "ඉතිං ස්ප්‍රින්ග්...., හ්ම්ම්... සතුටුයි ඔයා ආව එකට! තෑන්ක්ස් මගේ විකාර කතාව ලිව්වට. මම හිතුවේ නැහැ මගේ කතාව ගොඩක් අය කියවයි කියලාවත්.. ඒකට කට්ටිය මෙහෙම කැමති වෙයි කියලාවත්" ජොන්ග්කුක් එහෙම කිව්වේ එයාගේ ඇස්වලත් කඳුලු පිරෙද්දී. "මමත්.. තෑන්ක්ස් මට කතාව ලියන්න දුන්නට.." එච්චරයි! මම ආයේ මගේ ටැප් එක ඇරියා. මේ පාර නම් ජොන්ග්කුකුත් මා එක්ක එකතුවුණා අඩන්න. "මෙන්න ජොන්ග්කුකාත් අඩනවා.. යා.... මේ පාරේ ඔහොම අඩනවා ද මං අහන්නේ?" නම්ජුන් එහෙම විහිලු කරන්න පටන්ගද්දී ජිමින්, ජින්, හෝබීත් අත්වැල් බැන්දා. යේරින් නම් කදුලු පිරුණු ඇස් එක්ක විහිලු වලට හිනාවෙන ගමන් හිටියේ. ථේහ්‍යොන්ග් නම් මං දිහා බැලුවේවත් නැහැ. යුන්ගි බලාගෙන හිටියේ මේ මොන විකාරයක් ද කියලා වගේ මූඩ් එකකින්. ඒත් මමයි ජොන්ග්කුකුයි එහෙම්මම හිටියේ තවත් ටිකවෙලාවක් අඬන ගමන්. මට මතක්වුණා එයාව මුලින්ම මුණ ගැහුන දවස.. ආ...හ් ඒක මෙතන කියලා හරියන්නේ නැහැ.. දැන් මම යන්න ඕනේ නේ.. "දැන් මම යන්නම්... හැමෝම පරිස්සමට ඉන්න.. යුන්ගි මොන බස් එකටද මම නගින්න ගියේ?" මම ඉක්මනටම හැමෝටම එහෙම කියලා යුන්ගි දිහාට හැරුණේ තවත් අනික් කට්ටිය දිහා බැලුවොත් අඩන්න වෙන නිසා.

"මෙතන.. අර එන්නේ.. අර බලන්න.. ඒක තමයි මම ඊයේ දැකපු බස් එක" යුන්ගි එහෙම කියද්දීම මොන පුදුමයක් ද මන්දා ඒ බස් එක ඇවිත් ආයෙත් පාර මැද්දෙන් නැවැත්තුවා. යුන්ගි මං දිහා බැලුවේ මොන මූඩ් එකකින් ද කියලා මට නම් තේරුණේ නැහැ. කොහොමහරි එයා මට අත දුන්නා. මමත් එයාට අත දුන්නා. කොහොමත් ඉතිං පාර පැනලා යන්න එපැයි පාර මැදට. එයා මාව එක්කගෙන යද්දී මම අන්තිම පාරට අනික් අය දිහා බැලුවා. එයාලා මට බායි කියලා අත වැනුවා. ථේ නම් තාම මං දිහා බැලුවෙම නැහැ ඉතිං. අන්තිමේ අපි දෙන්නා ගිහින් බස් එක ලග නැවතුනා. ඒක ලස්සන මීඩියම් සයිස් එකෙ කහපාට කොරියන් බස් එකක්. ඒත් ඉතිං මම මේ එදා නගින්න ගියේ ටවුන් හෝල් එකේදී දූවිලි පිරුණ ටාටා බස් එහෙකට අප්පා. ඒත් මේක වෙන්න ඇති මේ පාර රහස් දොර! මොනාකරන්නද ඉතිං?

යුන්ගි මගේ අතින් අතෑරියේ අපි බස් එක ලගට ආවට පස්සේ. "එහෙනම්.. මම යන්නම්.." එයාටත් හිනාවක් දාලා එහෙම කියලා මම බස් එකට නගින්න හැදුවේ. "ඒත්.. අනිවා ඔයා මං කියපු එක අහනවා නේද ඔයාගේ කතාව කියවන අයගෙන්?" එයා එහෙම ඇහුවේ මාව නවත්තන ගමන්. "ආ... කොහොමත් ඔයා කතාව ඇතුලෙදි ඒක ඇහුව නිසා.. ඒක කතාවේ තියෙනව. ඔයාට ඕනේ නම් මම රයිටර් නෝට් එකේදීත් අහන්නම්" මම කිව්වේ එයාට මාව ෂුවර් නැහැ වගේ නිසා. "හ්ම්ම්.. එහෙම හොඳයි.. මම හිතනවා එයාලා හැමෝම වගේ මට උත්තර දෙයි කියලා" එයා එහෙම කිව්වේ එයාගේ ලස්සන හිනාව එක්ක. "හ්ම්... දෙයි දෙයි.. එයාලා කොහොමත් මේ කතාවේ කට්ටියට වහ වැටිලා ඉන්නේ" මම කිව්වේ හැමෝගෙම වගේ කමෙන්ට් මතක්වෙලා. මේ කතාවේ හැම චරිතයකටම වගේ හැමෝම කැමතිවෙන එකට නම් මම ගොඩක් කැමතියි. "ඒ වුණාට ඔයා මාව ටිකක් ප්‍රධාන කරනවා නේද?" එයා එහෙම ඇහුවේ ඇස් හීනී කරලා බලන ගමන්. "ආයිශ්.. හරි දෙයියනේ.. ගිය අවුරුද්දෙ වෙඩින් එකේදිත් ඔයා කිව්වේ ඕකමයි" මම කිව්වේ හිනාවෙන ගමන්. එයාත් හිනාවුණා. "යා..................... ඔතන මොනාද වෙන්නේ?????" ජින්ගේ කට දෝංකාර දුන්නේ එකපාරටම අපේ කතාවට බාදා කරන ගමන්. "මම යන්නම් එහෙනම්.. නැත්නම් දැන් නම් ජින් ඇවිත් මාව එලවයි.." මම එහෙම කියලා හිනාවෙද්දී යුන්ගිත් හිනාවුණා. අන්තිමේ මම බස් එකේ පලවෙනි පඩියට අඩිය තිබ්බේ නගින්න. "මතක ඇතුව මම කිව්ව එක අහන්න හොදද?" අන්තිම පාරටත් එයා වද දෙද්දී මම ඔලුව වැනුවා. ආයෙත් පිටිපස්ස බලලා කට්ටියටම අතවනපු මම, යුන්ගිටත් අත වැනුවා. ඊට පස්සේ බස් ඒකේ පඩි ඔක්කොම නැග්ගා විතරයි!!

අපෝඔ............... ටාටා බස් එකේ හිටියේ අප්පා මම.. ඒකේ සෙනඟ හිටියේ නැහැ කොරෝනානේ. ඒ නිසා මම ගිහින් තනි සීට් එකක වාඩිවෙලා ජනේලෙන් ඈත බැලුවා. හ්ම්ම්..... ආයෙත් මම මේ දුම් පිරුණ පරිසරයේ හිරවුණා.. ලව් බුලට් දාලා ඇවිල්ලා. මම දන්නේ නැහැ ආයේ මට එහෙ යන්න පුලුවන් වෙයිද කියලා. මේ යුන්ගි මගේ ඔලුවට ඒක දැම්මානේ ඉතිං.. මලවදේ.. දැන් මට ඒකමයි කල්පනා වෙන්නේ.

මොනාවුණත් අර යුන්ගි කිව්ව එක රයිටර් නෝට් එකේ අනිවා අහන්න වෙයි. මම දන්නවා මම කතාව ඇතුලට යන එපිසෝඩ්ස් එයාලාට කියවන්න බැහැ කියලා. ඒත් ඉතිං මම ඕක ඇහුවේ නැහැ කියලා දැනගත්තොත් මාව මරන් කන්න හදයි!

හ්ම්ම්... අන්න එහෙමයි ලව් බුලට් වලට ගියපු මගේ තුන්වෙනි චාරිකාව ඉවරවුණේ. ඒත් මේ පාර මට ගොඩක් දුකයි ආයේ පාරක් යන්න බැරිවෙයි කියලා. ඒත් ගොඩක් සතුටුයි.. ගොඩක් ලස්සන මතක ගොඩක් තියෙන නිසා. තෑන්ක්ස් මේ කතාව කියවන ඔයාලා හැමෝටම!

✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄╌ ╌ ╌✄

(වචන 18,848)

Writer Note:-

හෙලෝ.................. කොහොමද හැමෝටම? ඉතිං අද තමයි ලව් බුලට්වල දෙවෙනි ඇනිවසරි එක. ගොඩක් ස්තූතියි ඒක වෙනුවෙන් බලාගෙන හිටියට. කතාව තේරෙන්නේ නැහැ වගේ නම් මට කියන්න තියෙන්නේ. BTS ලා සහ ලව් බුලට් ලෝකෙට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ ලෝකේ BTSලා නැහැ. ඒත් එයාලා එයාලා වගේ හොදේ. ඉතිං මම සහ ඔයාලා දෙගොල්ලොන්වම දන්න නිසා තමයි පැටලෙනවා නම් පැටලෙන්නේ. ඒ වගේම මේකෙ කියලා තියෙන අනික් කතා ඔක්කොම වගේ මගේ ඒවා. ඒවා කියෝලා තියෙන ඒවා නම් ඒ ටික තේරෙයි. නැත්නම්.. අනේ මන්දා 😅 අනික අක්ෂර වින්‍යාසයේ වැරදි ඇති. මට ආයි කියවන්න බැරිවුණා එකම එකපාරක්වත්

ඉතිං මම දන්නවා මේ විශේෂ එපිසෝඩ් එකට ගොඩක් අය අකැමැති ඇති. මේකේ තියෙන්නේ මගේ විකාරනේ. 😅😅😅

ඉතිං.. යුන්ගි අනිවා අහන්න කියපු දේ අහන්නේ නැතුව බැහැ නේ.. එයා කිව්වා වගේ මං එහෙට යන්න ද? මොකද කියන්නේ? ඔයාලා හිතන දේ අනිවා කමෙන්ට් කරන්න. අර කිව්වත් වගේ සිය දෙනෙක් කිව්වොත් තමයි මම යන්නේ.. ✋🏻😂 ඒක අපේ ඩීල් එක.

ආ.... ඉතිං.. හැමෝටම තෑන්ක්ස් මේ කතාව කියෙව්වට. අද වට්පෑඩ් වල 30k වුණා රීඩ්ස්. ඒකට ගොඩක් ස්තූතියි. හරියට තෑග්ගක් වගේ ඒක මට ලැබුණ. මම කතාවෙදී 100k reads ගැන කිව්වේ විහිලුවට හොදද? එයා එක්ක කතා කරද්දී කටට ආවට කිව්වේ. තව කතාවේ යන දේවල් මාස දෙකකට කලින් සිද්ධවුණේ.. ඉතිං මම කියවන දේවල් ඔක්කොම මාස දෙකක් පරණයි!

ඉතිං ගොඩක් ස්තූතියි හැමෝටම මෙච්චර කල් මේ කතාව මතක තියාගෙන හිටියට වගේම මා එක්ක එකතුවෙලා මේ කතාවේ ඇනිවසරි සමරනවට. මම අද මේක අප්ඩේට් කරන්න පරක්කුවුණා සොරි. රෑ 12ටම අප්ඩේට් කරන්න හිටියේ. ඒත් අන්තිමේ බැරිවුණා. ඒත් දවස ඉවරවෙන්න කලින් කෝමහරි කරන්න හිතාගත්තා. ඉතිං අන්තිමට කියන්න තියෙන්නේ.. මේ කතාව කියවපු, තාම කියවන, ඉස්සරහට කියවන්න ඉන්න ඔයාලා හැමෝටම තෑන්ක්ස් මේ සහයෝගයට.

ස්තූතියි ගොඩක්! මට වචන නැහැ කියන්න!

ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

_🐞මිස් මින්ට චොකෝ🦄_

Continue Reading

You'll Also Like

21.6K 3.4K 32
What is the answer ? Is it love or jail ? 🥂💥 One violent criminal falls in love with a woman police officer. She is the person in charge of findin...
2.2M 115K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
2.3K 694 12
" අපිට උණු කෝපි කෝප්ප දෙකක් දාන්න... " " මාත් එක්ක කෝපි බොන්න.. " " ඔව්.. ඔයත් එක්ක.. " එයාට හිනා ඉතින්.. මගෙ හුස්ම හිරවෙනවා.. ...
307K 6.8K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc