❤️/💔...I feel you(chapter 05)...❤️/💔

Start from the beginning
                                    

..........ආහ්.........😖

              මං පපුවත් අල්ලගෙනම එතනින් නැගිට්ටෙ හොස්පිටල් එකේ හිටපු හැම මනුස්සයම මාව වටකරගෙන මගෙ දිහා බලාගෙන හිටපු නිසයි.මිස්ට ජන්ග් වුනත් ගල් ගැහිලා මගෙ දිහා බලං හිටිය මිසක් මට උදව් කරන්නවත් සිහියක් නෑ එයාට.හීල්ස් දෙක ගලවලා අතට ගත්තු මං දූවිලි ගෑවිලා කිලිටු වෙලා තිබුනු ඇදුමත් අතින් පිහිදන ගමන් බැලුවෙ අර ගෑනු ළමය දිහායි.තරුණ ලස්සන මගෙ වයසෙම වගේ පෙනුමක් තිබුණු එයා භයවෙලා වගේ ඉස්සරහම බලාගෙන බිම වාඩිවෙලා හිටියා.
              ඇත්තටම එතන මොකක්ද සිද්ද වුනේ.ඇයි අර විදිහට එයා මට රිද්දුවෙ.....මගෙ බෙල්ල....ආහ්......😖.......එතකොට මේ කෙල්ල කවුද......ඊයෙ මගෙ අතින් ඇක්සිඩන්ට් වුනු කෙනා එක්ක තියෙන්නෙ මොකක්ද මෙයාට.....මොකක්ද මේ කට්ටියගෙ සම්බන්ධෙ. ඔළුව වටේ ප්‍රශ්න දාහක් කැරකෙද්දි මං ඒ කිසිම එකකට උත්තර හොයන් නැතුවම ඉන්න තීරණය කළේ මේ වෙලාව එහෙම දේකට සුදුසු නෑ කියල හොදටම පෙනුනු නිසයි.

           
               ".......මිස්ට ජන්ග් දැන් අපි මෙතන හිටිය ඇති හොදටම......මට ලේට් වෙන්න බෑ......ඩ්‍රයිවර්ට කියන්න කාර් එක ගන්න කියලා........"

               මිස්ට ජන්ග්ට එහෙම කිව්වත් මට ඕනි වුනේ තව ටිකක් මෙතන ඉන්නයි.මට තිබ්බ ප්‍රශ්න හැම එකකටම උත්තර මේ කෙල්ලගෙන් විතරයි හොයාගන්න පුළුවන්.වෙන කාටවත් බැහැ මට මේවට උත්තර හොයල දෙන්න.මට කාලයත් නෑ පුළුවන් කමකුත් නෑ.ඒත් මට විශ්වාසයි මේක නෙමෙයි හරිම වෙලාව.
එතකොට මේ කොල්ලා මං හිතන කෙනානම්.........ඒක එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න විතරයි පුළුවන් මට.බැරිවෙලාහරි මේ දේවල් මං හිතන විදිහටම සිද්ද වුනොත් ........... එහෙම වුනොත් මේ හැමදේම තියෙනවට වඩා වෙනස් වෙයි.....මට ඉක්මනට මේ දේ විසදගන්න වෙනවා.

                ආයිෂ්.....මොකක්ද මේ සිද්ද වුනේ...
මගෙ ජීවිතේ මාත් එක්කම සෙල්ලන් කරනවද දැන්.මෙච්චර කාලයක් මං දුක් විදලා නිදහස් කරගත්තු මගෙ ජීවිතේ ආපහු කවදාවත්ම ඒ තත්වෙට වැටෙන්න ඉඩ තියන්නෙ නෑ මං.......ඒක මගෙ පොරොන්දුවක්............

No one's p.o.v.

.......හේසල්.......

                   කාටහරි ජීවිතේ ඕනිකරන හැමදේම තියෙනව කියල පේන්න තිබුනොත් හැම මනුස්සයම කියයි ඒ ජීවිතේ ගොඩක් වාසනාවන්තයි කියලා.ලොකු පිනක් නිසා ලැබුනු ජීවිතයක් කියලත් කියයි.ඒත් කවුරුත් හිතන්නෙ නැහැ ඒ ජීවිත වලත් හැංගුනු අදුරක් කොහෙන් හරි තැවරිලා ඇතියි කියලා.පෝයට හද ලස්සනට පායනවා....හැබැයි අමාවක කියලත් හද පායන් නැතුව තියෙන්නෙ නැහැනෙ....හද පෑව්වත් ලස්සන එළියක් ආකර්ෂණයක් නැති වෙන එක විතරයි වෙන්නෙ.
මින් හේසල් , කෙල්ලව දකින කිසිම කෙනෙක්ට නිකමටවත් හිතෙන් නැති වේවි කෙල්ලත් ජීවත් වෙන්නෙ අදුරු ආගාධයක කියලා.කවදාවත් ගොඩ ඒමක් නැති මූසල පාළු තැනක කියලා.හැමදාම රෑට හිතින් ඉකිගගහ ඇස් දෙක පියාගන්න මහන්සි වෙන වේදනාකාරි ජීවිතයක් ඒ කෙල්ලටත් තියෙනව කියලා.ලස්සන දිග ඇස් දෙක කම්මුල් වල ගැවෙන්නම දිග ඇහි පිහාටු රෝසමලක් වගේ මූනක් එක්ක කාටවත් දෙවෙනි වෙන් නැති සරාගි ඇගකුත් තිබ්බා කෙල්ලට. ඒ වගේම ඒ හිත අස්සෙ කාටවත් දෙවෙනි වෙන් නැති වේදනාවකුත් තිබ්බා.ඒ ඇයි , ඒකට හේතුව , කවුද වගකියන්න ඕනි , ඒ දේවල් දැනගෙන හිටියෙ කෙල්ලම විතරයි.
ජීවිත තුනක් එක්ක සෙල්ලන් කරන එකම ඉරණමකින් බැදුණු ජන්කුක්ගෙ, ඉන්හගෙ , ටේහියුන්ගෙ ජීවිත වලට හේසල් මොන විදිහකින් ලංවේවිද.කෙල්ලගෙ ජීවිතේට මොන විදිහෙ දේවල් වලට මුහුණ දෙන්න වේවිද.සමහරවිට තුන් දෙනෙක්ගෙ හැගීම් වලින් ලියවෙන්න තිබුණු ජීවිත කතාව හේසල්ගෙ අතින් ලියවේවි.සිද්දවෙන කිසිම දෙයක් ඔහේ කිසිම හේතුවක් නැතුව සිද්දවෙන් නෑ.....ජීවිතේ ගතවෙද්දි පහුවෙන හැම තත්පරේකම සිද්දවෙන දෙවල් සමහරවිට කාලෙකට පස්සෙ මතු වෙන්න පුළුවන්.වර්තමානෙදි අගයක් නැතුව වැළලිලා ගියත් , කවදහරි දවසක ඒ වර්තමානෙත් අතීතයක් විදිහට එකතු වුනහම ඒ දේටත් වටිනාකමක් ලියවේවි....අනාගතේ තීරණය වෙන මොකක් හරි ඉගියක් ඒ අස්සෙන් දකින්න ලැබේවි.හරියට අවුරුදු ගානකට කලින් හේසල්ගෙ ජීවිතේ සිද්ද වුනු දේවල් වගේම.අමතක කරලා හුස්ම ගන්න බැරි ඒ අදුරු අතීතෙ වගේම.හෙවනැල්ලක්වත් දකින්න අකමැති වෙලා හිටපු ඒ මතකය ආපහු කෙල්ල ඉස්සරහම මැවෙන්න පටන් අරන්.....

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now