❤️/💔...I feel you(chapter 05)...❤️/💔

243 44 28
                                    

📌️ This chapter contains a few mature sections...🔞...Not read in an obscene manner 🤫

Not read in an obscene manner 🤫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Min haezel p.o.v.

                අහම්බයන් ජීවිතේට අරන් එන්නේ හරි අපූරු සුළි කුණාටු. අපේ ශක්තිය මත පදනම් වේවි ඔරොත්තු දෙනවද නැද්ද කියන එක . කවුරු කොහොම කිව්වත් ජීවිතේ ගලාගෙන යද්දි කාලෙකට කලින් අපිට මග ඇරුණු අතපසු වුනු තැන් ආපහු කැරකිලා තිබුණු විදියටම අපේ ළඟට එනවා , මගහැරුන හිස්තැන් ටික පුරවගන්න. හැම කෙනාටම හොඳ ආරම්භයක් නෑ , ඒත් හොද අවසානයක් ළඟා කරගන්න පුළුවන්.එහෙම වෙන්නනම් අනිවාරෙන්ම අර මගහැරුනු අසම්පූර්ණ හිස් කොටු ටික ජීවිතේ ඇතුලෙදි මැකිලම යන්න ඕනි.මැකිලා යනවා කියන්නේ එක්කො සම්පූර්ණ වෙන්න ඕනි , නැත්නම් සම්පූර්න නැති ඒ හිස්තැන් අතුරුදහන් වෙන්න ඕනි......එහෙමත් නැත්නම් නැති කරල දාන්න ඕනි.
               රතුවෙලා ගිනිගන්න ඒ ඇස් දෙක මගෙ මතකෙ ගෙනිච්චෙ අවුරුදු ගානක් ආපස්සට.උගුර කැඩෙන්න වගේ වේදනාවක් දැනුනත් ඇස් අගිස්සෙන් කදුළු බේරුනත් මං දිගටම ඒ ඇස් දිහා බලාගෙන හිටියේ ඒ නිසයි.තාමත් මගේ උගුර ඇතුළෙන් දැවිල්ලයි.නැගිටගන්න බැහැ කකුළ් දෙක වෙව්ලනව.පණ නෑ වගේ.එච්චරටම කේන්තියක් ඒ ඇස් වල දැකල නැහැ මං.ඒ බෝල ඇස් එහෙම කේන්තියකින් දිළිසෙනව බලන්න මට කවදාවත් ඕනි වෙලා තිබුනෙ නෑ.මට ඕනි වුනේ සතුටින් දිළිසෙන ඇස් දකින්නයි ඔයාගෙන්.ඒත් මං ප්‍රාර්ථනා කරනව මේ ඔයා නොවෙන්න කියලා.ඔයා මෙහෙම කෙනෙක් වෙන්න බැහැ.මේ ඔයා වෙන්න බෑ කීයටවත්.😖ඒත් ඇයි මගෙ හිත කියන්නෙ මේ ඔයයි කියලා.මන් බලාපොරොත්තු වුනේ නැහැ මෙහෙම දෙයක් ඒ අවුරුදු ගානටම.මගෙ හිත කියන දේ හරිනම් මේ ඔයානම් , මේ දේවල් මෙහෙම වෙන්න ඉඩ දුන්නොත් මොනව වෙයිද.

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now