❤️/💔...I feel you(chapter 02)...❤️/💔

Start from the beginning
                                    

මට තව කිසිදෙයක් කියාගන්න බැරි විදිහට මගෙ කට තදවෙලා.සුගා හියුන්ග් එයාගෙ දැඩි අත මගේ කට වටේ දාලා මගෙ කට තදකරලා.ලාවට ඇරිලා තිබුණු නහයෙන් හුස්ම ගන්න පුලුවන් වුනත් අඩලා වැඩි නිසා නහය හිරවෙනවා.
..........මෙහෙම හිටියොත් මං මැරෙයි.මං හියුන්ගෙ අත හයියෙන් හැපුවා.

"ආඅහ්හ්හ්හ්.........ජන්කුක්......."
සුගා හියුන්ග් කෑගහගෙන එහාට පැන්නා.දත් පාරට හිල්වුනු හියුන්ගෙ අතෙන් ලේ වැක්කෙරෙනවා.සැරින් සැරේට බිංදුව ගානෙ වැටෙන ලේ ටයිල් එකේ වැදිලා විසිරෙනවා.ටීෂර්ට් එක අයිනෙන් අත තදකරගත්තු හියුන්ග් අතට පිඹ පිඹම ළඟ තිබ්බ පුටුවකින් වාඩිවුනා.මං බිම ඉදගෙන හියුන්ගෙ ලේ දිහා බලන් හිටියා.මං ආපහු කෙනෙක්ට රිද්දුවා.හැමදාමත් වගේ මං ආපහු කෙනෙක්ට රිද්දුවා.මට බැහැ මේ විදිහට ජීවත්වෙන්න.මං බිත්තියට හේත්තුවෙලා කකුල් උඩින් ඔලුව තියාගෙන ටයිල් එකේ තිබුනු ලේ පැල්ලමට ඇස් යොමුකලා.ලේ පැල්ලම උඩ කෙස් ගස් දෙක තුනක් තියලා.කවුද එහෙම කළේ.බැරිවෙලාවත් ඒ මමද.
...........හියුන්ග්........හියුන්ග්.........
මං ආයෙම ලැජ්ජාවක් නැතුව සුගා හියුන්ට කතා කළා.
"කියන්න ජන්කුක්.......මොකක්ද ප්‍රශ්නෙ"
වේදනාව හංගන් හියුන්ග් මගෙන් අහනවා.
...........මේ කෙස් මෙතන ඇයි.....¿¿¿¿........
මං සුගා හියුන්ගෙන් එහෙම අහනවත් එක්කම හියුන්ගෙ ඇස් පුදුමෙන් ලොකු වෙනවා මං බලාගෙන.

"කුකී.........ඒ ඔ__යා__ නෙ අනේ ඔතනින්........ආහ්හ්හ්.........පිස්සු වගේ......"

.............ආහ්හ් මං........😮...........
සියුම් දැවිල්ලක් දැනෙන මගෙ නළල අල්ලන් මං කල්පනා කළා.මට මොකක්ද මේ වෙලා තියෙන්නෙ.මට මෙතන හුස්ම ගන්න බැහැ වගේ.මට මෙතනින් නැගිටලා යන්නෝනි.ඔව්.......මට නිදහසේ හුස්ම ගන්නෝනි.එකදිගට වාඩිවෙලාම හිටපු නිසා මට නැගිටින්න බැහැ , කකුල් පන නෑ වගේ,කොන්දට පහළින් වේදනයි.මං කොන්ද අතින් තදකරන් නැගිට්ටා.සුගා හියුන්ග් එයාගෙ අතත් අල්ලන් මං දිහා බලන් හිටියෙ පුදුමෙන්.මං හිමින් හිමින් කකුල් අද්දගෙන කොරිඩෝව දිගේ ඇවිදන් ගියා ඉස්සරහටම.

මං හිමින් හිමින් කකුල් අද්දගෙන කොරිඩෝව දිගේ ඇවිදන් ගියා ඉස්සරහටම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Where stories live. Discover now