❤️/💔...I feel you(chapter 01)...❤️/💔

Beginne am Anfang
                                    

"මොකද.......හිනාවෙන්නේ😒......."

   මූනත් ඇදකරගෙන එහෙම අහපු ටේ මං දිහාට බැල්මක් දැම්මේ උත්තරයක් බලාපොරොත්තුවෙන්.
........ම්හ්.....මුකුත් නෑ.........මං එහෙම කියන ගමන්ම ටේගෙ උකුලෙන් නැගිට්ටේ ආපහු ශීට් එකට යාගන්නයි.ඒත් ආපහු මගෙ අතින් ඇදලා අරගෙන ළගට ගත්තු ටේ එයාගෙ අත් දෙකම මගේ ඇග වටේ පටලවලා තදින්ම මාව වැළදගත්තේ ඒ උණුහුම මට හොදටම දැනෙන්න ඉඩ දීලයි.

"දැන් කරන්න ආපු දේ කරන්නෙ නැද්ද 😉"

.......මොකක්........

"ඇයි දැන් ඔය ආවේ හෙයා බෑන්ඩ් එහෙකුත් අරන් මගෙ කොන්ඩෙ ගැටගහන්නනේ......."

........ආහ්හ්......ඔව්....ඉතින්.....ඒක කරන්න බැරි වුනානෙ.ඔයාගෙ ගොන් වැඩ නිසා😑.......

"හරි හරි ඉතින් දැන් කරන්නකෝ"

........ම්ම්ම්.....හා......කෝ.....මට හැරෙන්න දෙන්න ඒනම්.......

මං එහෙම කියනවත් එක්කම ටේ එයාගෙ අත්වල ග්‍රහණය බුරුල් කලත් ඒක කළේ කැමැත්තකින්නම් නෙමේ කියලා මූන දකින ඕනි කෙනෙක්ට පේනවා.ටේගෙ කොන්ඩෙට අත ගෙනිච්ච මං එයාගෙ කොට කොන්ඩ කෑලි ඔක්කොම අරහෙන් මෙහෙන් එකතු කරන්න ගත්තේ ඒ කොන්ඩ කෑලි මගෙ ඇගිලි වලින් ගිලිහෙන එක නවත්තන්නත් අසාර්ථක උත්සහයක යෙදෙන ගමන්මයි.
.........දිගයි කිව්වට දිගමත් නෑ මේ කොන්ඩෙ😑........

Kim Taehyung p.o.v.

            කාර් එකේ එනකන්ම ඉන්හා භාවනා කරනව වගේ මගෙ දිහා බලාගෙන.මගෙ කොන්ඩෙ නිසා මටනම් හරියට එයාව පේන්නෙත් නෑ.මේ කොන්ඩෙ මට පුදුම වදයක් කියලත් හිතෙනවා වෙලාවකට.මොනා කරන්නනද  නම්ජුන් හියුන්ගෙන් බැනුම් අහන්න බෑනේ මේක කපලා දාලා.මං ඉන්හා දිහා බැලුවෙ මේ කොන්ඩෙට මොකක් හරි කරලා දෙන්න කියලා හිතින් ඉල්ලන ගමන්.එයාට දිග කොන්ඩයක්නෙ තියෙන්නෙ.ඉතින් අත්දැකීම් ඇතිනෙ.කොහෙද මේ කෙල්ලට මං හිතන මෙලෝ දේක ගානක් නෑ , එයාගෙ ශීට් එකට හොදට හේත්තුවෙලා මගෙ දිහාම බලාගෙන ඉන්නවා. කොන්ඩෙ ඉස්සරහින් කපලා තිබුනු කෙස් රොදවල් හුලං පාර නිසා සැරින් සැරේට එයාගෙ දිළිසෙන කම්මුල් වල වැදෙනකොට පුදුම ලස්සනක් තියෙන්නෙ කියලා මට හිතුනා.මිනිත්තු දහයක් තිස්සෙ ඉන්හා මගෙ දිහා බලාගෙන ඉන්නවා.මට පාර දිහා බලාගෙන ඩ්‍රයිව් කරන්නත් බෑ බෑ වගේ.මේ කෙල්ල මාව අවුස්සනවා.
                ඒත් එක්කම එකපාරටම ශීට් බෙල්ට් එක ගලවපු ඉන්හා මගෙ දිහාවට නැමුනා.
.....ආහ්හ්.....මේ කෙල්ල මොකටද මේ එන්නේ....😋.....මං දිහා බලන් ඉදලා කිස් එකක්වත් ඕනි වෙලාද😊.......
            ඒත් ඉන්හගෙ අතේ තිබ්බ හෙයාර් බෑන්ඩ් එක දැක්කම , මං හිතුව ඒවා ගැන ලැජ්ජත් හිතුනා.
........ආයිෂ් කිම් ටේහියුන්ග් ඔයා නරක් වෙලා.......
මං හිතින් හිතන ගමන්ම හයියෙන් බ්‍රේක් කරලා පාර අයිනෙන් වාහනේ නතර කළේ කෙල්ල මං ගාවට ගන්න ඕනි නිසාමයි.හිතුව විදිහටම බැලන්ස් එක නැතිවුනු ඉන්හා නතරවුනේ මගෙ උකුලෙ ඉන්දවෙලයි.
       ඇස් දෙකත් ජිල් බෝල ගානට ලොකු කරගෙන කටත් බාගෙට ඇරගෙන මගෙ උකුලෙ වාඩිවෙලා ඉන්න ඉන්හව දැක්කම මට කිස් එකක් දෙන්නමයි හිතුනේ. ඇත්තටම ඉන්හා ගොඩක් ලස්සන කෙල්ලෙක්.ඒත් ඒ ලස්සන වෙන කෙල්ලන්ගෙන් මං කවදාවත් නොදැකපු විදිහෙ ලස්සනක්.හිතා ගන්න බැහැ මට මං කොහොමද එයාට මෙච්චරම ආදරේ කරන්නෙ කියලා.මං කැමති නැහැ මගෙ කෙල්ලට කවුරුත් ළංවෙනවට.අඩුම බලනවටවත්.එයාගෙ ලස්සන දකින්න ඕනි මන්ම විතරයි.මං ආත්මාර්තකාමී ඇති.ඒත් මං වැරදි නෑ.වෙන මොන දේ බෙදාගත්තත් ඉන්හවයි, ඒ ආදරෙයි බෙදාගන්න මං කැමති නෑ.😑
                මගෙ සිතුවිලි වලට තිත තියන්න වුනේ ඉන්හගෙ හිනාවෙ සද්දෙ නිසායි.මෙච්චර වෙලා කටත් ඇරගෙන ඇසුත් ලොකුකරගෙන බලා ඉදපු කෙල්ල මෙන්න දැන් බක බක ගාලා  හිනාවෙනවා.මං ඒක කළේ වුවමනාවෙන් කියලා තේරිලාවත්ද.මගෙ කන පිටිපස්සෙන් රස්නයක් දැනීගෙන ආවේ ලැජ්ජාවට වෙන්න ඕනි.විළි ලැජ්ජාවයි,අනේ මාව රතු වෙන්නනම් එපා😑
.........මොකද හිනාවෙන්නේ😒 ..........

❤️💔....𝙒𝙞𝙩𝙝 𝙮𝙤𝙪 𝙒𝙞𝙩𝙝𝙤𝙪𝙩 𝙮𝙤𝙪....❤️💔  (𝗼𝗻 𝗵𝗼𝗹𝗱)Wo Geschichten leben. Entdecke jetzt